➖➖➖➖⭕
විජේරාමේ පැලස් එක නැති වුනාටත් වඩා.... නෙවිල් වැලිකඩ යැව්ව එකේ හිතේ අමාරුවෙන් ඉන්නා මහින්ද මහත්තයා..... කාල්ටන් දේවාලයේ උදෑසන දිව්‍ය පූජාව අහවර වීමෙන් පසු.... කෑම මේසයේ ඉඳගත්තේ දහවල් මුරුතැන් පූජාව අනුහව කිරීමටය.....
2015 මැදමුලන ජනේලේ එල්ලී ප්රාතිහාර්ය පෑමෙන් පසූ.... මරලා හෝ ඉන්න නේ තිබ්බේ සෑර් කියූ බයි බැතිමතුන්ගෙන්.... තංගල්ලේ කාල්ටන් දේවාලය පිරී ඉතිරී ගියාක් මෙන්.... වත්මනේද, අතරමග නැවති නැවතී කතරගම සුමන් සමන් වඳින්න යනවාක් මෙන්ම.... ඇඹුල් තියාල් රෝඩ්ඩෙකේ කොහෝ හෝ ඇති ඇක්සිට්ටෙකකින් වාහනේ ඕල්ඩ් කතරගම රෝඩ් එකට දමා.... කාල්ටන් දේවාලයද වැඳ නමස්කාර කරගෙන යන්නේ.... බයියන්ම ඉතරක් නොවේ....
ඒ අතරේ vvip ලා... සැලබරිටිලා මෙන්ම.... ඇම්බැසිඩර්ලාද හයි කොමිසනර්ලාද ඉන්නේය....
මේ වන්දනාව..... හිටපු චන්ද කොමසාරිස්ලාට.... බ්‍රයිබරි එකේ අමාරිස්ලාට මෙන්ම.... ජේවීපී පචෝරිස්ලාගේ පුපේ ඉත්තෑවෝ දුවනා කෙස්සෙකක් වුවද.... වන්දනාවේ යන උන් මැදමුලනේ දෙයියා වඳින්න යන එක නවත්තන්න නම්.... පොලිස් කොමිසම අහෝසි කරනවා වගේ.... කැසට් එකක් ගහන්නටම වෙනවාමය......
ඉදින් නෙවිල් නැති උනත්.... සිරන්ති මැඩම් විසින්... මහින්ද දෙයියා.... දේවාභරනයෙන් සරසා.... සුවඳ පැනින් නාවා... මේකප් පුයර දමා..... පඬුපුල් ආසනේට වැඩම කරවීමේ තේවාවන් නොපිරිහෙලා ඉටුකරනාතරේ.... වඳින්න එන උන්ටත් අවුලක් නැතිව වන්දනා මාන කරගන්නට ඉඩකඩ සලසා තිබෙනවාය.....
ඒක නෙමේ ඕයි.... හෙට ගවර්මන්ට් ඔඩිට් එකෙන් එනවය කියන්නේ..... කියා.... මහින්ද මහත්තයා විසින් සිරන්ති නෝනාට කීවේ ඒ අතරේය.....
එහෙනම් නෙවිල්ගෙ වත්කන් බැරකන් ගැන ඔහේගෙනුත් කට උත්තරයක් ගන්ට වෙන්නෑ එනෝ ඇත්තේ එකත් එකෙටම.... හා නැතෙයි මං අහන්නේ....
ඒකට වෙන්නත් පුලුවන්..... නැහ්නන් කජ්ජද අපේ නෑයෝ වෙන්නේ කජ්ජගෙ වයිපරේද අපේ නෑයෝ වෙන්නේ කියලා අහන්නත් පුලුවන්.... මොකෝ ඒ මේසාවා අර චමුදිතයක් එක්ක එහෙම කිව්වය කියන්නේ.....
එහෙමත් නැත්නම් තජුඩින් විනාඩි 5 ක් ඇතුලත වදහිංසා දීලා මරලා.... කාරේකේ දාගෙන ගිහින් තාප්පේ වැද්දුවේ කෝමද.... තාජුඩින්ගේ කාරෙක එලෙව්ව එකා මැරෙන්නේ නැතිව ඒ වගේ ඇක්සිඩන්ට් එකක් කළේ කෝමද කියලා සොයාගෙන නොබෙල් තෑග්ග ගන්නත් වෙන්න පුලුවන්...... ඇත්තටම ඇයි ඕයි එහෙම....
හැබයි තාත්තේ අපි අයිස් හදන්නේ කොහොමද.... කොහේද තව ෆැක්ටරීස් තියෙන්නේ කියලා අහගෙන.... උඩුගමසූරිය කාරයට කියලා අපනයනය සඳහා අයිස් හදන හැටි අහගන්න කියලයි මට නම් හිතෙන්නේ.... එහෙම කිව්වේ සුවඳ හමන නාමල් පුතාය...
ලිමිනි මූණ එල්ලා ගනිමින් කීවේ ... ෂුවර් එකටම ඔය එන්නේ රත්තරන් අස්සයයි.... ලැම්බෝගිනි 19 යි.... උගන්ඩාවේ සල්ලි ගැනයි අහන්න වෙන්නැති.... හොඳ වැඩේ.... ඔහේලට ඔහොම වෙලා මඳි.... අපරාදේ ඕවට රැවටිලා මමත් මේ ගොඩේ වලව්වකට ආවේ.... අපේ අම්මිලත් කිව්වා ... අපරාදේ දුවේ උඹට වෙච්චි දේ... උඹ ඉපදිච්ච වෙලේ කාණුවකට විසික්කා කොලා නම් උඹට මෙහෙම දුකක් විදින්න වෙන්නේ නෑ නේ දුවේ කියලා.....
ඒකට තදවුන සිරන්ති කිව්වේ....
ආ ඒ පාර මෙයා මේ රැවුල ගිනි අරගෙන ඉන්න වෙලේ..... සුරුට්ටු පත්තු කරන්න එනවා කියපු ගමන්..... යෝෂිත බිබි උන්න වතුර එකෙන් මහින්දට ගැහුවේ ගිනි ගන්නා රැවුල නිවෙන්නය....
ඒකට තදවූ මහින්ද මහත්තයා.... මේ උද්දික පුතත් අර මේස ජෙප්පෝ වගේ ආත්තෝපදේසයක්කත් නොදන්න ඩේසිගෙ පුතෙක් නේ කිව්වාම..... මල් වාස් එකෙන් මලක් අරගෙන පැන්න සිරන්ති කිව්වේ.... තමුසේ යෝසිතටද බැන්නේ මටද බැන්නේ කියලාය.....
මේ ඒවා වැඩක් නෑ මොන රෙද්දක් ඇහුවත් වැඩක් නෑ.... තමුසෙ කියනවා අපිට උගන්ඩාවේ.... ඩොලර්..... බිලියන 18 ක්ම තියෙනවා.... හැබයි එහේ එකවුන්ට්ස් වලින් ගන්න නම් අපිව එහේ එක්ක යන්නම වෙන්වැයි කියනවා.....
තමුසෙට පිස්සුය වාහේ....එහේ ඇති රෙද්දක් නැතෙයි කියලා.... එහේ ඩොලර් තියෙනවය කියලා කියපු ඩේසිම කිව්ව එකේ.... ඒකත් නැති වුනොත්... අපි අහවල් එකෙන්ද ඕයි කන්නේ බොන්නේ.... මේ කැම්රි අල්ලෝ සෙට්ටෙක හෙට අනිද්දා පැන්සොන් එකටත් කෙලියාම.....
තමුසෙට තේරෙන්නේ නෑ ඕයි.... එහෙම තේරෙනවා නම් මෙහෙම චාටර් වෙයිය..... කව්ද ඕයි දෙන්නම් කිව්වට ඒවා දෙන්නේ.... අපි එහෙට ගියයින් පස්සේ අර බංගලිදේසේ ෂෙයික් හසීනා වගේ... පෝක්දල ජයන්තයා වගේ.... දේශපාලන රැකවරණ ඉල්ලමු.....
ඉල්ලලා.....
ඉල්ලලා.... 2029 නාමල් ජනාධිපති වුනාම ආයේ එමු.....
පැත්තකින් උන්න කුරුණෑගල ජොනී කිව්වේ... ඕන් හැබයි මමයි අගමැති කියලාය.....
ඒක අහපු පවුම් 29 යේ මාලයක් දාගෙන ඉන්න ච්චීගේ බල්ලට පුපෙන් හිනාවක් ගියාතර.....
මහින්ද මහත්තයා කෑ ගැහුවේ.... මේන් මේකා මෙතනින් එලවනවා ඕයි... තව ටිකක් උන්නොත් මුන් මෙතන රෙනවා කියාය.....
⭕ සත්‍ය සිඳුවීමක් ඇසුරෙන් ඔබ වෙත වාර්තා කළේ මිහිඳු වන්දනාවේ ගිය #මාතලන් වන මා විසිනි.........
.
මේක මරු
ReplyDeleteපවුම් 29 නෙමේ බන් පවුම් අනූවේ මාලයක් කියලා අර වසන්ත සමරසිංහ පල්හොරා විලාප දෙන වීඩියෝ වල තියෙන්නේ චිචීගෙ බල්ලාගේ කරේ පවුම් අනූවක් 😀😅😂
ටිල්වින් සිල්වා ලොකු අයියගේ පඩේ මාර සුවඳයි මට
ReplyDeleteනෙක නෙක තතු තියෙයි නෙක මීඩියාවල
ReplyDeleteසේරම බලන්නට නෑ ඉඩ ඒවාවල
කව්රුත් තලති - වටපිට ඇති පඳුරු කැල
අල්ලන්නට බයයි වාගේ නියම 'නිල'
නිමල් සමලිංගික පාදඩයෙක් නේද
Deleteමයිනාගේ කාලේ 2014 දී ජනාධිපතිවරයාට වෙන් කරපු වැය ශීර්ෂය කෝටි 2000 ක් කියලා ලප රිලවා රෙදි කරේ තියාගෙන තප්පු ලෑවා, 2024 ට කජු මුත්තා කෝටි 2900 යි, 2025 ට ලප වානරයා කෝටි 2500 යි දැන් 2026 මොංගල් කෙබර ලප හනුමාන්ට කෝටි එකොළොස්දාස් පන්සීයක් වෙන් කරලා නොදකින් මුන්ට හෙන හතම ගහලා අකුලෝලාම පලයව් කාලකණ්නිම හැතිකරේ
ReplyDeleteඅපේ ජනතාවාදී ජනාධිපති අතිගරු අනුර කුමාර සහෝදරයාගේ වර්තමාන පූනරුද ආණ්ඩුව පීඩිත පන්තියේ ජනතාවගේ යහපත වෙනුවෙන් මහත් කැපවීමෙන් මහත් පරිශ්‍රමයක් දරා සියලුම විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සියලුම වරප්‍රසාද දීමනා වියදම් අතිශය නිර්භීත ලෙස කපා හැරීම දමමින් සෑම පුද්ගලයකුටම ශත 0.40 බැගින් වත්කම් වැඩිකරමින් රටට අතිවිශාල සේවයක් සිදුකර තිබෙනවා !
ReplyDeleteඒ ගැනත් ලියපන් මාතලන් සහෝදරයා!
මාතලන්,
ReplyDeleteකියුබානු විප්ලවය නිසා ලෝක ප්‍රකට වු අර්නෙස්තෝ චේ ගුවාරා වෙනුවෙන් කවි ලියන තරගයක් ලංකාවේ ආණ්ඩුවේ ප්‍රබලම ඇමති බිමල් රත්නායක විසින් ප්‍රසිද්ධ කර තිබෙනු දුටුවෙමි. එයට හිනා මූණු දහස් ගණනක් වැටී තිබිණි. ඒවා කීර්ති ශ්‍රී අබේසිංහගේ ෆේස්බුක් බලකායේ මෙන් ඩොලර්වලට වැටෙන හාහා විය නොහැකි බව පැහැදිලිවම පෙනෙන්නට ඇත.
ඒවා කෙසේ වෙතත් මෙය අතිශය උත්ප්රාසජනක කාරණයකි. එයට හේතුව නම් මේ මොහොතේ මාලිමාව විසින් ලංකාවේ කරමින් සිටින සමලිංගික ප්‍රවර්ධනය සමග චේ ගුවාරා ගැන කවි නිසඳැස් ලිවීම හෙනම ගොබ්බ විහිළුවක් වීම ය. චේ ගුවාරා යනු කියුබාවේ සමලිංගිකයන්ට එරෙහිව ක්‍රියා කළ සාහසික මිනීමරුවෙකි.
චේ ගුවාරා කීවේ 21 වන සියවසට ගැලපෙන ‘නව මිනිසා’ (nuevo hombre) නිර්මාණය කළ යුතු ය කියා ය. එහිදී සමලිංගිකයන්, ගණිකාවන්, කලාකරුවන්, පූජකයන් සහ උගතුන් යනු විප්ලවයට අභව්‍ය, නුසුදුසු, දුර්වල මිනිසුන් ලෙස වර්ග කර ඔවුන්ව විනාශ කිරීමට නොපසුබට වූවෙකි. සමලිංගිකත්වය යනු බටහිර (ඇමරිකානු) පරිභෝජනවාදී සංස්කෘතියේ බූර්ෂුවා පන්ති ලක්ෂණයක් ලෙස වර නැගිණි. චේ ට අවශ්‍ය වූයේ සදාචාරාත්මකව දැඩි, හමුදාමය විනයකින් හෙබි, පරාර්ථකාමී, ප්‍රබල පෞරුෂයක් සහිත මිනිසෙකි. එම අර්ථනය තුළ ලිංගික සාපේක්ෂතාවයන්ට කිසිදු ඉඩක් තිබුණේ නැත. ඔහු සිය දිනපොතේ සමලිංගිකයන් අපහාසයට උපහාසයට ලක් කර තිබේ. ‘ලා කබානා’ නමැති ඔහුගේ හමුදා බලකොටුව තුළ නඩු නොඅසා වෙඩි තබා ඝාතනය කළවුන් අතර සමලිංගිකයන් සහ ගණිකාවන් ද විය. චේ යනු හිම්ලර්ට නොදෙවෙනි සදාචාර පවිත්රකාරක පිස්සෙකි.
ස්ටැලින්ගේ සෝවියට් ගුලාග් උත්කර්ෂයට නැංවූ චේ ගේ ප්‍රතිපත්ති මත ෆිදෙල් කැස්ත්‍රෝ විසින් කියුබාවේ ශ්‍රම ‘වධකාගාර’ තනනු ලැබුවේ ය. සමලිංගිකයන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්, ප්‍රතිවිප්ලවකරුවන් දහස් ගණනින් අල්ලා ගෙනවිත් එම ශ්‍රම කඳවුරු තුළට ගාල් කෙරිණි. අරමුණ වූයේ ඔවුන්ට ‘ප්‍රති-අධ්‍යාපනය’ (Re-Education) දීම ය. එනම් ඔවුන්ගේ වැරදි මතවාද සහ ජීවන විලාසයන් දැඩි දඬුවම් තුළින් වෙනස් කර චේ ගුවාරාගේ ‘නව මිනිසා’ ඇඹීම ය. දඬුවම් දීම ගැන සමාජයට ශාන්තිවාදී උපදෙස් දෙන බිමල් රත්නායක චේ ගුවාරා ගැන කවි ලියන්නට ඇරයුම් කිරීම නපුරු සරදමකි.
ජවිපෙ ආත්මය වන්නේ චේ ය. එක්කෝ ටිල්වින් මේ කරන්නේ කූඨ මෙහෙයුමකි. සමාජයේ සිටින සමලිංගිකයන් නිරාවරණය කිරීමකි. මෙහි අවසානයේ එන්නේ මර්දනය විය හැකි ය. බිමල් රත්නායකලා මේ කොමියුනිස්ට් ඉතිහාසය ගැන නොදන්නා ගොබිලන් විය නොහැකිය. හරිනිලා තරම් මෝඩයන් තවත් නැත. සමලිංගිකත්වයට ඉඳුරා ම විරුද්ධ විප්ලවවාදී ජවිපෙ සමග එක ගෙයි කෑම තරම් දේශපාලන විහිළුවක් තවත් නැත. මර්දනය එන විට මුලින් ම එන්නේ ළඟම අයට බව ඔවුන් මතක තබා ගත යුතු ය. අනුන්ට ලිංගික අධ්‍යාපනය දීමට විශාල ගායක් තිබුණත් තමන්ගේ ලිංගිකත්වය එළි පිට ප්‍රකාශ කිරීමට මාලිමාවේ ලොකු තැන් බිය වන්නේ ඒ බව දන්නා නිසා ද?
මෙහි වඩාත් ම උත්ප්රාසය වන්නේ කියුබානු විප්ලවයේ සදාචාරාත්මක න්‍යායාචාර්ය චේ ගුවාරා සැබෑ ජීවිතයේ අන්තිම සවුත්තු මිනිසෙකු වීම ය. ඔහු ස්ත්‍රීත්වයට අපහාස කළේ ය. ‘ඉන්දියානු කාන්තාව කෙතරම් අවලස්සන ද යත් ඇය කාන්තාවක් යැයි සැලකීමටත් අපහසු ය’ කියා චේ සිය මෝටර් සයිකල් චාරිකා දිනපොතේ ලියා තිබේ. ස්ත්‍රිය යනු පිරිමින්ගේ වැඩපළ කිරීමට සිටින, පිරිමින්ගේ අවශ්‍යතාවයන් සැපිරීමට සිටින දුර්වල කොට්ඨාසයක් මිස විප්ලවකාරී සටන්කරුවන් ලෙස ඔහු සැලකුවේ නැත. චේ ගුවාරා සල්ලාලයෙකු බව ඔහුගේ ළඟම මිතුරන් පවා කියා තිබේ. ඔහුගේ කඩවසම් පෙනුම සහ පුරුෂාධිපත්‍ය භාවිතා කර ඔහු බොහෝ ගැහැණුන් රැවට්ටූ බවත් ඒ සෙල්ලක්කාරකම් ගැන ඔහු පුරසාරම් දෙඩවූ බවත් ඔවුන් කියා තිබේ. කාන්තා විමුක්තිය වෙනුවෙන් චේ ගුවාරා එක වචනයක් ලියා නැත. එහෙව් මැන්ටලයකට කවි නිසඳැස් ලියන නංගිලා සහ අක්කලා පව්…
චේ ගුවාරා බියගුළු නිවටයෙකි. ඔහු අල්ලා ගත් අවස්ථාවේ ‘මාව පණපිටින් තැබීම ඔබලාට වැදගත්’ කියා බැගැපත් වූ දුර්වලයෙකි. දිස් ඉස් පොලිටික්ස් මාතලන්.
මාතලන්
ReplyDeleteහිට්ලර් වාස්තු විද්‍යා උපාධි පාඨමාලාවකට නොතේරීම නිසා ඕස්ට්රෝ හංගේරියන් (ජර්මන්) අධිරාජ්‍යය හමුදාවට බැඳිලා පස්සේ යුධ හමුදා අත්දැකීම් සහ ජාතිවාදය එක්ක දේශපාලනයට ඇවිල්ල යුරෝපයම විනාශ කරපු ආකාරය ගැන හැමෝම දන්නවානේ ඒ වගේම ලංකාව තුලත් ඉතා ළාබාල වයසේදී දර්ශන විශාරද ආචාර්ය පට්ටම් දෙකක් ම ලබා ගත් එන් එ.ම් පෙරේරා මුලින්ම බලපොරොත්තු වූයේ ලංකා සිවිල් සේවයට බැඳීමට යි. එහෙත් ඔහු එක් ලකුණකින් එම විභාගයෙන් අසමත් වෙලා තියෙනවා
මෙම පරාජය සමහර විට තරුණ බුද්ධිමතා තුළ අධිරාජ්‍ය විරෝධී හැගීම් උත්සන්න වීමට හේතුවක් වන්නට ඇත. පැරණි මන්ත්‍රණ සභාවේ දී සර් බාරොන් ජයතිලක සමග තරුණ මන්ත්‍රී එන්.ඒම්. සමග වාදයක පැටලුනේය . කෝපයට පත් සර් බාරෝන් " මේ මිනිහට සුද්දෝ තව ලකුණක් දී සිවිල් සර්විස් එකට පාස් කළා නම් මේ කිසිම කරදරයකට අපට මුහුණ දෙන්න වෙන්නේ නෑ" යැයි සදහන් කළ බව මා අසා ඇත.එන්.ඒම් හැම විටම සිවිල් නිලධාරීන් ගැන අවඤාවෙන් කතා කළේය
උපුටනය සරත් අමුණුගම විසින් රචිත"දේශපාලන මතවාද " නම් ග්රන්ථයෙනි
මෙය දුටු විට අපටත් හිතෙනවා රුසියාව රෝහණ විජේවීර ට රුසියාවේ වෛද්‍ය විද්‍යාව හැදැරීම සඳහා නැවතත් යාම සඳහා වීසා ලබා දුන්නා නම් ලංකාවේ ඉරණම මීට වඩා වෙනස් වෙන්න තිබුණා කියා දැන් ඔහු නිර්මාණය කරපු පක්ෂයේ අය කෙළින පිස්සු වැඩ දිහා බලාගෙන ඉන්න කොට
සමහර අයගේ ego නිසා රටවල් වල ඉතිහාසය සම්පූර්ණයෙන් වෙනස් විය හැකියි නේද?
තඹුත්තේගම ගජබින්න අබරං මහදැනමුත්තයි උගේ රිලා රංචුවේ ගංකබර මී ගවයෝ රොත්තයි පිට රටකට ගිහාම ඒ රටේ රාජ්‍ය යාන්ත්‍රණය, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව, ඒ රටේ විදේශ ආයෝජන කරන ව්‍යවසායක ප්‍රජාව වගේ වැදගත් කණ්ඩායම් අතර ලංකාව ගැන සහ ලංකාවේ ඒ අයගේ විදේශ ආයෝජන ප්‍රවර්ධන කළහැකි විදියට ලංකාවේ ආයතන සහ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව විශ්වාසය තහවුරු වෙන විදිහට කතාබහ කරලා එන්න නොදන්නාකම නිසා ඔහේ මීහරක් රැලක් වැවට බැහැලා වගේ මඩ නාන එක විතරයි කරන්නේ
ReplyDeleteවැදගත්ම දේ....
තමන්ගේ දේශපාලන ව්‍යාපාරයට පමණක් සල්ලි එකතු කරනවිට ඒ සල්ලි දාපු ඒ රටවලට කලකට ඉස්සර බෝට්ටුවලින් ගිහිල්ල දැන් ඔය එක එකාගේ යටතේ වැඩ කරගෙන යන්තම් ජාමේ බේරාගෙන ඒ රටවල සාමාන්‍ය විදියට ජීවිත ගතකරන ශ්‍රී ලාංකිකයො හමුවෙලා වල්පල් දොඩවලා වෛරය,ක්‍රෝධය වපුරලා, ඕපාදූප ටිකක් කියලා, පහත් විහිළු කරලා ඒ ගෙවල් වලින් කාලා බීලා ආව කියලා හරිහමන් ජාත්‍යන්තර සබඳතාවන් ඇති වෙන්නෙ නෑ.... ඒක වත් ඔය ගොබ්බ තඹුත්තේගම අබරං පින් ගොනාට කියලා දීපන් බන් ළමාතං
ඇත්තටම මාතේ මේ කෙහෙල්මල් මාලිමා විගඩමට චන්දෙ දුන්නයින් අපි හැමෝටම වුනේ ආතක් පාතක් නැතිවෙලා නන්නත්තාර වෙන්න, ඉස්සර ලන්කාවෙ සුපිරි පොරක් වෙච්චි ධම්මික පෙරේරත් පැලවත්තට සල්ලි දීලා මාට්ටු වෙලා බලුවුණා කියහන්කෝ.
ReplyDeleteමට මතක්වෙනව මගෙ පරණ අත්දැකීමක්, ඇත්තටම මේක උනේ මීට දශක දෙකකට විතර ඉස්සර මම අවුරුදු 21 දී වගේ, මම ඉගෙනගන්න කාලේ බෝඩිමක ඉද්දි. බෝඩිමක් කිව්වට මේක ගෙයක්. ගෙදර මිනිහා කඩයක් කරේ, උදේ පාන්දර ඉඳන් මහ රෑ වෙනකන් කඩේ වැඩ, සල්ලිත් තියෙනවා උන්ට. තට්ටු තුනේ ගෙදරක උඩම තට්ටුවේ කාමරයක් මට දුන්නේ. මම විතරයි ඒ තට්ටුවේ ඉන්නේ. ගෙදර මිනිහා, ගෑනි, ළමයි ටික පහල තට්ටු දෙකේ. තව ලග පාත බැංකුවක වැඩ කරපු සිරා කෑල්ලකුත් දෙවෙනි තට්ටුවේ හිටියා.
ගෙදර ගෑනිට අවුරුදු 38 ක් වුණත් නිරෝගී හොඳින් වැඩුණු සිරුරක් තිබ්බා, සුපිරිම පෙනුමක් නෑ. ඒත් සුදුයි, මටත් හොදට සලකනවා. ඔහොම ඉද්දි මේකි දවස් දෙක තුනකට සැරයක් විතර තුන් වෙනි තට්ටුවට එනවා අතු පතු ගාලා යන්න. හැමදාම එන්නේ නෑ, මොකද මම විතරක් ඉන්න නිසා එහෙම කිලිටු වෙන්නේ අනං මනං නෑ නෙව.
ඔන්න ඉතින් මුලදී මුලදී නං මෙකි මම නැති අතරේ දවල්ට හෙමත් ඇවිත් මගේ කාමරේ එහෙමත් අතු පතු ගාලා යනවා. මම කියවන්න ගෙනාපු පොත් පත්තර උනත් ඔහේ දාලා තියෙනවා නං ඒවා පිළිවෙලකට අස් කරලා තියලා යනවා.
ඔය කාලේ අපේ යාළුවෙක් දුන්නා උන්ගේ අයියා කෙනෙක් ගෙනාපු වැඩිහිටි ස්ටෝරීස් තිබ්බ පට්ට ආතල් ආතල් මැගසින් වගයක්; පින්තූර නෑ හැබැයි කතා විතරයි ඒත් පට්ට. මම දවසක් අමතක වෙලා ඕවත් අර පත්තර අස්සේ දාලා තිබ්බේ. කොහොම හරි අර ගෑනි මගේ කාමරේ අස් කරන ගමන් ඒවත් කියවලා මෝල තදවෙලා ඉදලා තියෙන්නේ.
මෙහෙම ටික දවසක් යද්දී මෙකි මම නිවාඩු දවස් වල කාමරේ පොඩි ශෝටක් විතරක් ගහගෙන මම ඉන්න වෙලාවටත් එන්න පටන් ගත්තා. මුලදී නං එහෙම දවස් වල ඒකි කාමරේ අතු ගානකන් මං එලියට වේලා හිටියා. කොහොම හරි ඉඟි බිඟි වලින් පස්සේ ඔයි සු යන්නක් කියලා මං ඇදට වේලා ඔහේ හිටියා. පස්සේ ඒකිට පේන්න අදාළ භාන්ඩේ නංගගෙන හිටියා. ඒකි හොරෙන් හොරෙන් ඒ දිහා බල බල ඉදලා, මාව ෆෝම් කරා, ඇඟේ වැදුන-දැවටුන සීන් කීපයකට පස්සෙ මං දවසක් ඒකිව ඇදට පෙරලගෙන දිව යොදාගෙන සුව ලබා දුන්නා, ඇතිවෙනකම්.
ට සිරි ඊට පස්සේ මං බෝඩිමෙන් යනකං සැහෙන කාලයක් ඒකි මගෙන් එන්ජෝයි වුණා. බෝඩිමට ඒ දවස් වල ගත්තේ රුපියල් 6,000 යි කෑමත් එක්ක. සිරාම වැඩේ කියන්නේ මම මිනිහට බෝඩිමේ ගාස්තුව දුන්නම පස්සේ, ගෑනි මිනිහගෙන් උස්සලා ඒක මටම ආයේ දෙනවා.
ඔහොම යද්දි මගේ මෝල් එක ඕවර් ගිහින් ඒ අස්සේ මම එහෙ හිටපු බැංකුවේ කෑල්ලට ලයින් එක දෙන්න ගිහිං වැඩේ චොර වෙලා ගෑනිට තද වෙලා මාව එලෙව්ව බෝඩිමෙන්. බැංකුවේ එකීටත් කිව්වා යන්න කියලා, අන්තිමට මට ඒකත් නෑ මේකත් නෑ. හැබෑටම මාලිමාවට ඡන්දෙ දීපු අපිටත් අන්තිමට වුනේ ඒ වගේ දෙයක් නේද?
මාතා ලංකාවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති ආනන්ද විජයපාලගේ මුල් නම කුමාරවේළු වඩිවේල් සහ ඔහු දමිළ ජාතිකයෙක්වීම දකුණේ සිංහලයන්ට ප්‍රශ්නයක් නොවෙයි. ජනතාව ඒ තරම් ජාතිවාදය කරපින්නා ගත්තා නම් අනිත් ඡන්ද අපේක්ෂකයන්ට වඩා විශාල මනාපයකින් සාවිත්‍රි පෝල්රාජ්ව දකුණින් පාර්ලිමේන්තු යවන්නේ නෑ මාතර දිස්ත්‍රික්කයේ බහුතර සිංහල බෞද්ධ ජනතාව
ReplyDeleteනමුත් මේ ජාතිවාදය ආනන්ද විජේපාලලාගේ සිතේ සදහටම තියනවා..ඒක රහසිගත කාරණයක් කරගත්ත නිසා තමයි කුමාරවේළු වඩිවේල් ආනන්ද විජේපාල නමින් වෙස්වලා ගෙන තියෙන්නේ. ඒක ඔහුගේ හිතේ තියන අනාගත කුමන්ත්‍රණයක් වෙන්න බැරි කමකුත් නෑ.මොකද ඔහුට ලැබී තියෙන්නේ රටේ අතිශය වැදගත් මර්මස්ථානයක් වන ආරක්ෂක අමාත්‍යාංශයේ බලතලයි. මේ ගැන විස්තර ලියන්න පුළුවන්ද?
@ Ano
Deleteකුරු කුළ සූරිය මුදියන්සේලාගේ කුමාරවෙිලු වඩිවෙිල් ප්රභාකරන්..ඉතිං තමන්ගේ ජාතියේ එකාට අදින්නෙ නැතිව ඉදීවිද.
එල්ටීටීඊ කොටි ත්‍රස්ථවාදී නායක වෙිලුපිල්ලෙ ප්රභාකරන් තමන්ගේ පරපුරේ සමීපතම නෑදෑයෝ ඝාතනය කරවපු එවුන්ගෙන් සිංහළ ජාතියෙන් බෞද්ධ ආගමෙන් තමන්ට බලය ආවහම පළිගන්නෙ නැතිව ඉඳීවිද.
මෙිවා මෙි රටෙි මහා ඛෙිදවාචකයක් වෙචිච ජෙවීපී මහා භීෂණය එල්ටීටීඊ මහා දරුණු අපරාධ 30 අවුරුද්දක් එල්ටීටීඊ යුද්ධය ඇදී යන්න හේතුවක් වුන බව දැන් පැහැදිළි නේද.
එතකොට කවුද මෙි රටෙි ආර්ථික දියුණුව රටෙි සංවර්ධනය ජනතාවගේ දියුණුව විනාශ කරන්න යටින් වැඩ කලේ කවුද කියලා මෙි තොරුතුරු සමග හෙළිවෙනවා නේද.
මෙි රටෙි ජාතික සමගිය ආගමික සංහිඳියාව විනාශ කලේ කවුද කියලා දැන් පැහැදිළි නේද.
මෙි රටෙි හිටපු රටට අතිශය වැදගත් උගත් රාජ්‍යතාන්ත්‍රිකයන් ජාතික නායකයින් මැති ඇමැතිවරු රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමා ලලිත් ඇතුලත් මුදලි මැතිතුමා ගාමිණී දිසානායක මැති තුමා සමග සිටි විශාල ජාතික දේශපාලනයේ නායකයින් රංජන් විරේරත්න හර්ෂ අබෙිවර්ධන නන්දලාල් ප්‍රනාන්දු ලයනල් ජයතිලක ලක්ෂ්මන් කදීර්ගාමර් මැතිතුමා ඇතුළු කොතෙක් නමි මෙි රටට ජාතියට වැඩ කරපු වැඩ කරන්න හිටිය හොඳ උගත්කමක් ලෝක නායකයින්ගෙ බුහුමනට පාත්‍ර වුන ගරු සම්මානයට පාත්‍ර වුන මෙි රටෙි ජනතාව වෙනුවෙන් වැඩ කරපු ඒ නායකයින් මරා දැමිමෙ කාගේ වුවමනාවටද කාගේ දේශපාලන අවශ්‍යතාවයටද ඒ ඝාතනවලට වග කිව යුත්තො කවුද කියලා දැන් මෙි හංඟාගෙන හිටපු තමන්ගේ රහස් එළියෙට එනකොට තමන්ගේ සැබෑ කොට් මූණ එළියෙට එනකොට ජෙවීපී මාළිමාවෙි මෙවුන් භුමිතෙල් ගහපු ගැරඬි වගේ දඟලන එක අහන්න දෙයක්ය...මුන් දන්නවා මේ බලය මුන්ගෙන් ගිළිහුන දාට ජෙවීපී මාළිමාවෙි මෙි හොර හැත්තට මැරෙන්න වෙන්නෙ එක්කො වහ කාලා එහෙම නැතිනමි කරපු අපරාධ වලට හිර ගෙවල් තුල.
කාගෙ කාගෙත් යටගියාව එළිවෙනකොට කාට කාටත් තේරෙයි.අතිශය රහස්යලෙස සඟවාගෙන මෙි රටෙි ජනතාවට බොරුව කියාගෙන හිටපු දේවල් ජෙවීපී මුන්ගෙ සිංහ හම දැන් ගැළවෙලා නරිහම පේනවා
එල්ටීටීඊ ඒ කුරිරු යුද්ධය 30 වසරක් පුරාවට මෙි රටෙි සිව්කොනම ගිණිගෙන ඇවිලුනත් පැති රුනත් රට වටෙිටම අහිංසක මිනිස්සු අපේ ගරුතර මහා සංඝරත්නය මෙි රටෙි හෑම දේශපාලන පක්ෂයකම එජාප ශ්‍රී ලංකා සම සමාජ කොමිනිස්ටි ද්‍රවිඩ පක්ෂ හා මුස්ලිමි පක්ෂ මෙි හෑම පක්ෂයකම නායකයින් සාමාජිකයින් එල්ටීටීඊ කොටි ත්‍රස්ථවාදීන් ඝාතනය කලත්..( ජෙවීපී ) පක්ෂයේ එකෙක් හෝ මායිමිගමිමාන යක දී හෝ සමාජිකයෙක් වත් ඝාතනය කරලා තියෙනවාද....ජෙවීපී එකෙක් වත් ඝාතනය වෙලා නෑ...කොහොමද එල්ටීටීඊ සමිබන්ධකමි ...රටෙි ජනතාව මෙිවා අවබෝධ කරගන්න ඔිනි නැතිද...ජෙවීපී මාළිමාවෙි මුන් තමයි මෙි රටෙි ජාතියේ සැබෑ සතුරන්.
මාතලන් මම අද බොට කැට තියල කියන්නම්...රාජපක්ශල වගේ පලපුරුදු මිනීමරුවෝ ඝාතන සිද්දියකට මාට්ටුකරල හිරේ යවන්න හිතනවනම් ඒක හිනයක් විතරයි..ඒ උන් මිනීමරන්න උපදෙස් දීල නැති නිසා නෙවෙයි..උන් ඒව කෙලින්ම කරපු නැති නිසයි උන් අල්ලන්න බැරි...ඊට වඩා ලෙසියි උන්ගෙ මූල්‍ය අක්‍රමිකතාවයක් හොයල හිරේ දැමිල්ල...වර්තමාන ගොන් තකතීරු ආන්ඩුව උත්තර හොයන්නෙ අතුරු ආභාදවලට මිසක් රෝග නිධානෙට නෙවෙයි...වටේ පිටේ උන් සිය ගානක් හිරේ දමලත් අන්තිමට රාජපක්ශල නිදැල්ලෙ හිටියොත් අවසානෙ ලංකාවට වෙන්නෙ පිලිපීනෙට ගිය කල තමයි...මීටවඩා දූශිත මාකෝස් පවුල මිනිස්සු එලෙවුව..ඒත් අවසානෙ ටික කලකින් මාකෝස්ගෙ පුතාම පිලිපීනෙ ජනාදිපති උනා...අනුරලත් නොදැන හෝ මේ කරමින් ඉන්නෙ ඒ තත්වෙ නාමල්ට හදා දීම..😥පේනවනෙ පාරක බැහැල ඇවිදගන්න බැරුව හිටපු නාමල් ලස්සනට එළි බැහැල 2029 ජනාදිපති කියන මාතෘකාව අපිටත් නොදැනි සමාජගතකරන හැටි... ගොන් ආණ්ඩුව තාම රාජපක්ෂ පවුල මාකට් කරනවා ආණ්ඩුව කරන හොඳ වැඩ තුත් නෑ එහෙම කරලා ඒවා මාකට් කරන්න අදහසුත් නෑ නිකම්ම එකතැන පල්වෙනවා විතරයි
ReplyDeleteආයුබෝවන් හැමෝටම!
ReplyDeleteඇත්තටම මගේ බ්ලොග් එකට මම අවසානෙටම කතාවක් ලිව්වේ 2014 ජනවාරි 22 වැනිදා. හිතාගන්න පුළුවන්ද, හරියටම දශකයකටත් වැඩි කාලයක්!
ඉතින් මේ දිගු නිහැඬියාවෙන් පස්සේ ආයෙත් පුළුවන් වෙලාවට ලියන්න හිතුවා. ඉස්සර වගේම සත්‍ය කතා, හාස්‍යය සහ නොයෙකුත් අත්දැකීම් ගැන ඉදිරියේදීත් ලියන්න බලාපොරොත්තු වෙනවා.
මාව මතක අය ඉන්නවනම් බ්ලොග් එකට නැවත එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම ස්තුතියි.
එළකිරි එකේ නයි අරින්නේ නැද්ද දැන්
Deletemama elakiri kiyala ekaka naha.
Delete@ චමී
Deleteමරදානේ මස්කඩේ යූසුෆ් හිටියේ නැතිනම් කේමදාස කෙනෙක් නෑ.
ප්‍රේමසිරි කේමදාස, නැත්නම් බොහෝ දෙනා විසින් හඳුන්වන විදියට "කේමදාස මාස්ටර්" කියලා කියන්නේ ජීවිතයේ දැඩි දුක් කම්කටොලු මැද සංගීතයෙන් ඉහළට ආපු දැවැන්තයෙක්.
සිනමා සංගීතඥයෙකු වෙන්න කලින්, "බැරිසිල්" නමැති ගීතමය නාටකය නිර්මාණය කරනකොට කේමදාස හිටියේ ආර්ථික වශයෙන් පතුලේ. ඒ නිසා ඔහු "බැරිසිල්" කරන්න මුදල් හොයාගත්තේ ණයට අරගෙන. එවකට මරදානේ පංචිකාවත්තේ තිබුණු, කේමදාසගේ 'සංගීත මංජරිය' අසල මස්කඩයක් කරපු යූසුෆ් නමැති musලිම් මුදලාලි කෙනෙක් හිටියා. ඔහුගෙන් 10% මාසික පොලියට ඉල්ලාගත්තු රුපියල් 300 එවකට ලොකු මුදලක්. තවත් කිහිපදෙනෙකු කේමදාසට ණය දුන්නා.
"බැරිසිල්" ගීත නාටකය ඒතරම් ජනතාව අතරට ගියේ නෑ. ඒ නිසා කේමදාස මාස්ටර් විශාල ණය කන්දරාවක් හිසමත තබාගෙන අසරණ වුණා. අනික් ණයකරුවෝ දිගින් දිගටම කේමදාසට කරදර කළත් යූසුෆ්, මාස්ටර්ට ඔවුන් තරම් කරදරයක් වුණේ නෑ. ඒත් එක් දවසක යූසුෆ් මුදලාලි ඇවිත් කිව්වා ඔහුට හදිසියකට මුදල් නැවත අවශ්‍ය නිසා වහාම ණය ගෙවන්න කියලා.
ඒ වෙනකොටත් යූසුෆ්ගේ ණය ගෙවන්නට සෑහෙන ප්‍රමාදයි. ඒත් අනික් ණය ටිකවත් ගෙවාගන්න බැරිව හිරවෙලා හිටපු මාස්ටර් මුළු දවසක්ම නොකා නොබී කොළඹ වටේ ඇවිද්දා. ඒත් යූසුෆ්ට දෙන්න මුදල් හොයාගන්න බැරිවුණා. මාස්ටර් අපේක්ෂා භංගත්වයෙන්, බඩගින්නෙන් 'සංගීත මංජරියට' එනකොට යූසුෆ් ඉන්නවා එතන. මාස්ටර් ඔහුට කිව්වා සල්ලි නැති බව.
ඒත් යූසුෆ් කිව්වේ ඔහුට මුදල් අවශ්‍යම බවයි. මාස්ටර් "නෑ" කියනවා-යූසුෆ් "ගෙවන්න" කියනවා. ටිකෙන් ටික උත්සන්න වුණු දෙන්නගේ කතාව වාදයක් බවට පත්වුණා. මාස්ටරුත් යූසුෆ් මුදලාලිත් සැරට කතා කරන්න පටන් ගත්තා. "තමුසෙට ණය ගෙවන්න ඕන වෙන්නෙ මම ජීවත්වෙලා හිටියොත්නේ!", උදේ ඉඳලා නොකා නොබී ණය බරිනුත් පීඩනයට පත්වෙලා හිටපු මාස්ටර් තරහින් එහෙම කියාගෙන, ගොඩනැගිල්ලේ දෙවැනි තට්ටුවේ බැල්කනියට දිව්වේ දිවිතොර කරගන්න හිතාගෙන.
යූසුෆ් මුදලාලි ආබාධිතයෙක්. ඒත් ඔහු නොන්ඩි ගහමින්ම මාස්ටර්ගේ පිටිපස්සෙන් දිව්වා. දුවලා ගිහින් මාස්ටර් බැල්කනියෙන් බිමට පනින්න ළංවෙද්දීම මාස්ටර්ව බේරගත්තා. මිනිත්තු කිහිපයක් ඉදිරියට ඇදුණු ඒ පොරය අවසන් වුණාට පස්සේ යූසුෆ් කිව්වේ, "මහත්තයො, මට මහත්තයගෙ සල්ලි එපා", කියලා. එහෙම කියලා නොන්ඩි ගගහ පහළට බැහැපු යූසුෆ් දිහා බලාගෙන කේමදාස ඇඬුවා.
එදා යූසුෆ් නොහිටියා නම් පසුකාලීනව චිත්‍රපට, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය, ඔපෙරා, ගීත නාට්‍ය රාශියකට සංගීතය සපයපු කේමදාස කෙනෙක් අපට ඉතිරිවෙන්නේ නෑ. එක්කෝ ඉතිරිවෙයි අතපය කැඩුණු මිනිහෙක්. කිව්වා වගේම යූසුෆ් නැවත සල්ලි ඉල්ලන්න ආවේ නැතත්, මාස 06ක් විතර දඟලලා මුදල් හොයාගත්තු කේමදාස මාස්ටර් යූසුෆ්ව හමුවෙන්න ගියා. යූසුෆ් මොනවා කියයිද කියලා මාස්ටර්ට කුකුසක් තිබුණා. ඒත් යූසුෆ් කිව්වේ, "ආ මහත්තයා, කොහොමද? හුඟ කාලෙකින් ආපු නිසා තේ එකක් බීලම යං", කියලා.
සල්ලි ගැන කිව්වහම යූසුෆ් මුදලාලි කිව්වා ඔහු ඒක අමතක කළ බව. ඒත් කේමදාස මාස්ටර්ගේ පෙරැත්තය මත මුදල් නැවත ගන්න යූසුෆ් එකඟ වුණා. ඔහු පොලිය එපා කිව්වා. ඒ වුණත්, "ආයෙත් කලාකාරයන්ට නම් ණය දෙන්නේ නෑ", කියලා කියපු යූසුෆ්ගෙන් මාස්ටර් ඇහුවා "ඇයි?" කියලා. මස්කඩේ යූසුෆ් මෙහෙම කිව්වා.
"කලාකාරයො කියන්නේ සල්ලි පස්සේ දුවන මිනිස්සු නෙමෙයි මහත්තයෝ. මහත්තයාම තමයි මට ඒක කියලා දුන්නේ"
මේ කතාව තියෙනවා 'අහස' ප්රකාශනයක් වුණු, අසංක සායක්කාරගේ "කේමදාස සිංහාවලෝකනය", කියන පොතේ.
මේ වගේ ලස්සන සිදුවීම් අල්ලාගෙන ඔයාගේ බ්ලොග් එකේ ලස්සනට පෝස්ට් ලියන්න පුළුවන් නම් අපි බලන්නම්
මාතා, ෆන්සේකා කියන කථාව ඇත්ත නම් එය රාජපක්ෂලාට මහත් වාසියක්. ඔහු කියන ආකාරයට යුද්ධය අවසාන මොහොතේ කොටි නායකයාට පැන යාම පිණිස මහින්ද අවස්ථාවක් දී තිබේ. එය සැබෑවක් නම් කොටි ඩයස්පොරාව සහ කොටි හිතවාදී සංවිධාන මහින්දට වෛර කිරීම මෝඩ වැඩකි. ඔවුන් සැබැවින් ම මහින්දට ගෞරව කළ යුතුවා පමණක් නොව ආදරය කළ යුතු ය. මන්ද අර්චූනා කියන ආකාරයෙන් ඔවුන්ගේ ‘දෙයියප්පාගේ’ ජීවිතය බේරීමට මහින්ද ම උත්සාහ දරා ඇත. ෆන්සේකා සැබැවින් ම අපට කරන්නේ මහත් උදව්වකි.
ReplyDeleteසටනකදී පරාජයට පත් වන ප්‍රතිවාදියාට බේරී යාමට කුඩා හෝ මගක් ලබා දීම වනාහි උතුම් පිළිවෙතකි. එය ගෞරවාන්විත යුද්ධයක පිළිගත් ක්රමවේදයකි. විවාදයකදී වුවත් සිය ප්‍රතිවාදියාට ලැජ්ජාවකින් තොරව ගැලවී යාමට අවස්ථාවක් දීම සදාචාරයයි. එයින් පෙන්වන්නේ ඔබේ මහා මානුෂීය කරුණා ගුණයයි. දරුණුතම සතුරාට පවා සිය ජීවිතය බේරා ගැනීමට අවස්ථාවක් දීමට හැක්කේ බෝධිසත්ත්ව නායකයෙකුට ම පමණී.
ෆන්සේකා සැබැවින්ම කර තිබෙන්නේ මහින්දව තවත් ඉහළට නැංවීමකි.
අනෙක් පැත්තෙන් ගත් කල එවැනි අවස්ථාවක් දී තිබියදීත් කොටි නායකයා පැන නොගොස් මරණය තෙක් සටන් කිරීම ෆන්සේකා හඳුන්වන්නේ ‘මෝඩකමක්’ ලෙසට ය. දෙමළුන්ගේ දෙයියප්පාට මෝඩයෙකු කියා ෆන්සේකා අවමන් කළත් මට නම් එය පෙනෙන්නේ කොටි නායකයාගේ වීරත්වය ලෙසට ය. පැන යාමට අවස්ථාව දී තිබියදීත් මරණය තෙක් සටන් කිරීම සැබැවින් ම වීරකමකි. ෆන්සේකා එය මෝඩකමක් ලෙස දැකීමෙන් ගම්‍ය වන්නේ එවැනි අවස්ථාවක් ඔහුට ලැබුණහොත් ඔහු නම් පණ කෙන්ද බේරාගෙන පැන යනු ඇත කියා ය. එය වීරත්වය නොවේ. ඒ අතින් ගත් කල ප්‍රභා යනු ෆන්සේකාට වඩා වීරයෙකි.
මා නම් යෝජනා කරන්නේ ෆන්සේකාගේ ප්‍රකාශය අප හැකිතරම් ප්‍රචාරය කළ යුතු ය කියා ය. එය ප්‍රතික්ෂේප කිරීම මෝඩකමකි. මෙය අපට කියලාවත් කර ගන්න බැරි වැඩකි. එයට අනුව කොටි නායකයාගේ මරණයට මහින්ද වග කිව යුතු නැත. මරණය තෝරා ගෙන ඇත්තේ ප්රභාමයි. මෙය අපට ගජ වාසියකි. අනෙක කොටි ත්‍රස්තවාදය පරාජය කළා කියා සිංහලයන් කොහොමත් මහින්දට කෘතගුණ සලකන්නේ නැත. අප වැනි සුළු පිරිසක් එසේ කළාට බහුතරය ඔහුට ‘හොරා’ කියා නින්දා අපහාස කර ගෙදර යවා සිරිසේනව පත් කර ගත්තේ ය. ඔහු ඝාතනය කිරීමට අරගලකරුවන් රොතු පිටින් පැමිණියේ ය. අර්චුනා කියන්නාක් මෙන් වත්මන් සිංහලයා ගුණමකු අධමයෙකි. එබැවින් නිස්කාරණේ දෙමළුන්ගේ වෛරයට මහින්ද තව දුරටත් පාත්‍ර විය යුතු නැත. අඩුම තරමින් දෙමළුන් සිය නායකයා මළ පසුත් ඔහු වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටී. ෆන්සේකාගේ කථාවෙන් පසු දෙමළුන් මහින්ද කෙරෙහි ඇති වෛරය අත් හරිනු නිසැක නේද?
2015 දී යහපාලන කැඳ හැලිය
ReplyDeleteබලයට ගේන්න
කුලියට වැඩ කරපු අයට
මේක පෙන්වන්න..
එදා අදට වඩා භාණ්ඩ මිල තුන් හතර ගුණයක් අඩුයි..
රටේ ආර්ථිකය ස්ථාවරයි.
රට බොහොම සාමකාමීව දිනෙන් දිනම
දියුණුවෙන් දියුණුවට ආවා........
හැබැයි 2015 දී හැදුවා වෙනසක්..
භාණ්ඩ හා සේවා මිල තුනට හතරට වැඩිවුණා...
ඊට පස්සේ පරම්පරාව ගෙයක් හදාගත්තේ, වාහනයක් ගත්තේ කලින්ට වඩා තුන් හතර ගුනයක් වියදම් කරලා....
අපේ බලයට එන්න බලාගෙන හිටපු හැත්ත රටට හෙන ගහලා ගියත් කමක් නැහැ කියලා ගහපු ගේම් එකේ ප්‍රතිපල....
අද මහ ලොකුවට ගොඩනඟාගෙන විකුණාගෙන කන සියලුම ප්‍රශ්නද ඉන් පසුව හටගත් දේවල් පමණයි.
මේකපාට කණ්නාඩි ගලවා බැලූවිට මොලයක් තියෙන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට අවභෝධ වනු ඇත.
දැන් මොකුත්ම එපා.....
රට, ආර්ථිකය, සංස්කෘතිය
2015 තිබුන තත්ත්වයට හදපියව්....
ඒ හොඳටෝම ඇති...
No Rajapaksha
No Ranil
No Anura
No politics
I❤️SRILANKA
ඔය මොන කතන්දර කිව්වත් ඇත්ත කතාව තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ ලංකාවේ වසර තිහකට අධික කාලයක් ලක්ෂයකට වැඩි ජීවිත ගණනක් බිලිගත්ත වර්ගවාදී යුද්ධය අවසන් කල නායකයා.ඔහු උතුරේ සහ දකුණේ ජනතාවට සාමය ලබා දුන්නා.රට එක්සේසත් කලා.වෙහෙර විහාර අලුත් වැඩියා කලා.බෞද්ධ ප්රබෝධයක් රට තුල ඇති කලා.ඔහුට සලකපු විදිය රටක් විදියට අපි සහ මුලු ලෝකයම දැක්කා.තව මොන කතාද?ජනතාවට සලකයිද?
ReplyDeleteඅනුරගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන වැඩ එකක්වත් නොකර ජනතාව රවටමින් මහින්දව මර්දනය කරන්න හදන එකේ තේරුම අපිට නම් සිතා ගන්න බෑ.දෙමල ඩයස්පෝරාවට ඕන කොන්ත්‍රාත් කරන්නද අනුර බලයට ආවේ? අපිට තියෙන ප්රශ්නය ඒකයි.පාසල් අධ්‍යාපනය විනාශ කරන්න දගලනවා
වෘත්තිකයන්ට තග දානවා. කන්ටේනර් පන්නනවා.බිලියන 11 ක් අය වැයෙන් ජනාධිපතිට වෙන් කරගෙන. හිටපු අයගේ වරප්‍රසාද කපලා තමන්ට තුන් ගුණයක් වැඩි කරගෙන? මේක නායකයෝ සැප විදින ඒකාධිපති රටක් නෙමේනේ?රණවිරුවන් හිරේ දානවා.මන්නාරමේ ඉඩම් ප්රශ්නය විසදන්න නෑ.ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් ජනතාව දන්නේ නෑ.දේශපාලන නායකයින් හිරේ දානවා.උසාවි වල විනිසුරුවන් මාරු කරනවා.නීතියේ ආධිපත්‍යයට අත දානවා.UN ගිහිල්ලා අනුන්ගේ කතාවක් කියනවා.ජීනීවා මානව හිමිකම් කොමිසම ට සාක්ෂි සහිතව සන්නද්ධ ව පිලිතුරු දීමට සූදානම් නැතුව ගිහින් පැරදෙනවා. පොලිස් කොමිසම නැති කරනවා.විරුද්ධ පක්ෂයේ ඉද්දී කොමිසම් ඉල්ලනවා.කොමිසමේ වටිනාකම නම් අපි දන්නවා.විශ්ව විද්‍යාල වලට ඇතුලත් කිරීමට ප්‍රතිපාදන කොමිසමක් නොතිබුණා නම් ඇති වන තත්වය කල්පනා කර බලන්න.දරුවන්ට සාධාරණයක් වේද?පොලිස් කොමිසම නැතී කරන්න එපා.ප්රජාතාන්ත්රවාදය ශක්තිමත් කිරීමයි අවශ්‍ය. කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්
@ මාතලන්
ReplyDeleteඅද මාධ්‍ය වල අනාවරණය කරලා තියෙන විදියට කෝටිපති වසන්ත සමරසිංහ ඇමතිතුමා කැමරූනයෙ පැවැත්වෙන WTO සමුළුවට රැගෙන යාමිට නියමිත 09 දෙනාගෙ කණ්ඩායමෙ 06 දෙනෙක්ම ඔහුගේ අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධ රජයේ ආයතන වල සේවය කරන තරුණ කාන්තාවන් වීම හොඳ දෙයක්...
Appreciate කළ යුතු දෙයක්...
මොකද අනිවාර්යෙන්ම කාන්තාවන්ට රාජ්‍ය තාන්ත්‍රික වැඩ වලදී නිසි තැන දිය යුතු නිසා...
හැබැයි මාධ්‍ය වල හැමතැනම දාල තියෙන මේ ලැයිස්තුවේ 8 සහ 9 දෙදෙනාම රජයේ සේවකයින් නොවේ. ඔවුන් දේශපාලන පත්වීම්. මහජන බදු මුදලින් දේශපාලන පත්වීම් ලැබූවන් විදේශ සංචාරවල කැඳවාගෙන යාම රාජ්‍ය මුදල් අවභාවිතාවක්. දිලීප පීරිස් මහතාට දැං පුළුවන් වේවි අල්ලස් කොමිසම ලවා ඇමතිවරයා සහ අනෙක් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඔහුගේ නීති තර්ක නිවැරදි බව රටට පෙන්වන්න.
වර්තමාන ආණ්ඩුව ගැන කතා කරද්දී ආණ්ඩුව මෙහෙයවන ප්‍රධානම පක්ෂය වෙච්ච ජවිපෙ ගැන හොයල බැලුවම මට පෙනුනේ කවදාවත් රටේ කිසිම නීති සම්පදනයකට ජවිපෙ හෝ අනුර හෝ සම්බන්ද වෙලා නෑ
ReplyDeleteපාර්ලිමේන්තුවට යන ඕනෑම මන්ත්‍රී කෙනෙක් යන්නේ නීති සම්පදකයෙක් විදියට.
ඔවුන් නියෝජනය කරන ජන කොටස්වල අයිතිය උවමනා එපාකම් සදහා පාර්ලිමේන්තු වේ මුදල් කළමනාකරණය කරන්න නීති සම්පාදනය කරන්න.
නමුත් අවුරුදු 31ක් මන්ත්‍රීවරු හැටකට වඩා කලින් කලට හිටියත් දැන් 159ක් හිටියත් කිසිම දුෂණ මර්ධනය පනතක් ගෙනල්ලා නෑ
වගේම ගෙනාපු කිසිමපනතකට ජවිපෙ සහය දීලත් නෑ.
අනික් එක ඔය ජවිපෙ න් ඉන්න හැමෝම පාතාලයෝ වගේම අන්වර්ත නාමවලින් තමයි ජිවත් උනේ.
තවමත් මහ එකාගේ ඉදන්ම ඉන්නේ උපන් උප්පැන්නේ නමින් නොවේ.
කුල වහන්න,
ජාතිය වහන්න
පියා හංගන්න වාසගම් නම් වෙනස් කරගෙන.
මුන් එකෙක්ව ත් ව්‍යවස්ථාව මොකක්ද කියලා වත් දන්නේ නෑ.
දැනුමකුත් නෑ
උදේ ඉදන් පාර්ලිමේන්තු කාලේ කනවා රටට කිසිම හරයක් නැති දේවල් කියව.
මේ දවස්වල තජුඩින්
ඇත්තටම තජ්දින්ලා ගැන
අල්ලන පතලයන්ගේ විස්තර
අත්අඩංගුවට ගන්න උන්ගේ විස්තර හෑලි කියවන්න නෙමෙයි පාර්ලිමේන්තු ව තියෙන්නේ.
පැය ගණන් කාල් කකා හරයක් නැති දේවල් කියව කියව ගැලරිය නඩත්තු කරන්න උත්සහ කරනවා ..
මේ අයත් මේ කතා කරන්නේ කිසිම අවබෝදයක් නැතුව කටපාඩම් කරගෙන පත්තියන් කරගත්ත ටිකක් විතරයි.
ඒවා ඇත්තටම අපට අදාලම නෑ
ඒවා විසදන්න රාජ්‍ය ආයතන තියෙනවා.
නිලධාරී පුහුණු කරලා ගොඩනැගිලි හදලා සේවකයෝ එක්ක තියෙනවා.
ඒ අය ඒවා කරාවි.
ජනාධිපති යා කතාවක් කලත් කතා කරන්නේ හරයක් නැති ගොන් අපහාස.
අනික් උන් කතා කලත් එහෙමයි.
මාතා මේකේ අපි ජීවත් වෙන්නේ සෑහෙන ටික කාලයයි. ඒ කාලේ ඇතුලේ තව කෙනෙක්වත් සතුටු කරලා තමන්ටත් සතුටුවෙන දේවල් කලාට කමක්නෑ..වියදම් කරලා වෙඩින් එකක් ගන්න පුලුවන් වත්කමක් තියෙනවනං ඒක කරපල්ලා බං. මොනවාහරි කන්න විනෝද වෙන්න කොහෙහරි යන්න ඕනේ කියලා හිතෙනවනං ඒකට අවුලක් නැතුව වියදම් කරගෙන යන්න පුලුවන්නම් පලයල්ලා බං. මොකද මේ ජීවිතේ ඉවරවෙන වෙලාව ආවහම ලස්සන මතක ටිකක් ඉතුරු වෙයි. කාටවත් ඉරිසියා නොකර මැරෙන්න පුලුවන්. මැරෙන දවස අපි දන්නේ නෑනේ සල්ලි මොනවට හරි invest කරන කරන එක ඇත්තටම හොදයී. හැබැයි සල්ලි invest කරලා පහුවෙනිදට අපි මැරුනොත් එහෙම මොකද වෙන්නේ. හෙට මැරුනත් මේ ජීවිතේ සතුටින් අතාරින්න පුලුවන් විදිහට ජීවත් වෙන්නයි ඕනේ.
ReplyDeleteඛෙත්තාරාම පිට්ටනිය හැදුවේ කවුද?
ReplyDeleteඛෙත්තාරාම පිට්ටනිය හැදුවේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව කියලා අතිශෝක්තියෙන් ලියපු කතාවක් වයිරල් වෙනවා. ඒක බොරුවක්. ඛෙත්තාරාමය හැදුවේ කොළඹ මහ නගර සභාව මිසක් ඉංජිනේරු සංස්ථාව නෙවෙයි. ලෝකයම දන්න, ලොව විශිෂ්ඨතම නිර්මාණයක්වන ඛෙත්තාරමයේ කතාව එක ගොඩ නගපු මිනිස්සුන්ගේ නම් ගම් ටික සමඟ ලියමි.
කොළඹ කුණු ගොඩ ගහපු පිට්ටනියක්, මාස 6 යි දින 10 ක් තුල පිට්ටනියක් කිරීමේ ගෞරවය ආර්.ප්‍රේමදාස මහතාට හිමිවිය යුතුයි. උදේ හවස ප්‍රේමදාස මේක බලන්න ආපු බවත්, නැත්තම් හෙලිකොප්ටරයේ යන ගමන් පිට්ටනිය හදන හැටි බැලුව බව ඇත්තක්.
ඔය වැඩේ කළේ පිටුපස සිටි මිනිසා කොළඹ නගරාධිපති සිරිසේන කුරේ තමයි. රු. මිලියන 110 කට නගර සභාවේ සේවකයෝ 800 කගේ සෘජු ශ්‍රම දායකත්වය එතන තිබුණා. වියදම නගර සභාවෙන්. විදුලි ආලෝක කුළුණු සඳහා අගමැති අරමුදල් සපයා තිබුණා. ආලෝක කුලුණු පිහිටුවිය යුතු තැන් නිවැරදිව ගණනය කර දුන්නේ මහාචාර්ය නලීන් ද සිල්වා ය.
ක්‍රීඩාංගනය හැදුවේ පළාත් පාලන ආයතනයක් වුණ කොළඹ මහ නගර සභාවේ ඉංජිනේරුවන්, සේවකයින් මිසක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව නෙවෙයි. වැඩේ සැලසුම, තාක්ෂණය, තනිකරම කො.ම.න.ස. ඉංජිනේරු දෙපාර්තමේන්තුව! ඒ දවස්වල එහෙම වැඩ කරන්න පුළුවන් අය පලාත් පාලනයේත් හිටියා.
පළාත් පාලන ආයතනයක් විසින් සැලසුම් කරලා, වැඩ අවසන් කරපු එකම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඛෙත්තාරාමය යි.
ක්‍රිකට් පිච් එක හදන්න බාරවුණේ ස්ටැන්ලි ජයසිංහට, නමුත් ඒක කරගන්න බැරි වුණා. ඔහුට එය කර ගන්නට බැරි වුණාම තමයි අනුරුද්ධ පොලොන්නෝවිට (පොලොන්ස්) වැඩේ පැවරුණේ. ඔස්ට්‍රෙිලියාවේ පර්ත් ගිහින් බලලා ඇවිත් තමයි, හැදුවා කියන්නේ. එන්සීසී එකේ ග්‍රවුන්ඩ් බෝයි අලගසාමි තමයි ඒකට උපකාර වුණේ. ටොප් ලේයර් එකේ පස් මොරටුවේ තෙලවල කියන තැනින් තමයි ගෙනත් තියෙන්නේ. ඔස්ට්‍රෙිලියාවෙන් ගෙනාපු බ්ලු ග්‍රාස් ඇට තවන් දාලා පැලවෙනකල් බලාගෙන හිටියට, තනකොළ හැදිලා නෑ. හොයලා බැලූවාම ඒ තණකොළ ඇට, කුබී කාලා තිබිලා තියෙනවා.
නාගරික ඉංජිනේරු මාරසිංහ පෙරේරා. වැඩේ බාරව හිටියේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු වාස් ගුණවර්ධන යි. ජල සහ මළ ප්‍රවාහන පද්ධතිය අධ්යක්ෂ එස්.ජී.වී.ගුණසේකර යි. එස්.ජයසුන්දර, කනගසිංහම්, සුසන්ත පෙරේරා වැඩේට කර ගහපු ලොක්කෝ. ඉඩම් බාරවෙලා තිබ්බේ, ලක්ෂ්මන් පෙරේරා ටයි. ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වුනේ ලෙස්ටර් !
එදා, නාගරික කොමසාරිස් කේ.ටී.ඩී. තිසේරා යි. ඛෙත්තාරාමේ විවෘත කරපු දවසේ, එයට දායක වුණ වෙච්ච ඉංජිනේරුවෝ එක්ක ගත්ත ලොකු පින්තූරයක් ඔය ගොඩනැගිල්ලේ තිබුණා. එහි ඡායාරූපයක් කමෙන්ට් තීරුවේ බහාලමි.
පිච් එක හැදුවේ නගර සභාවේ ක්‍රීඩා අධ්යක්ෂ අනුරුද්ධ පොළොන්නෝවිට යි. ඔහු තවම ජීවතුන් අතර ඉන්නවා ඇති. පිච් එක හදන්න පුහුණුව ඕස්ට්‍රෙිලියාවෙන්, තණකොළත් එහෙන්.
ඔය ශෙයා වන පෝස්ට් එකේ කරුණු දොරඩලාවට ආපු ඉංජිනේරුවෙක් කිව්ව දෙයකින් ලියු බව සටහන්වෙලා තියෙනවා.
ඛෙත්තාරාවේ හැදුවේ, ඉංජිනේරු සංස්ථාව නෙවෙයි. ඒක පට්ටපල් බොරුවක්. සිරිසේන කුරේ ගේ පුස්තකාලයේ ඛෙත්තාරාමේ ගැන ඇල්බමයක් තිබුණා. ඔහු මේ වැඩේ කරපු මිනිස්සුන්ගේ නම් ගම් පවා කට පාඩමින් කිව්වා. ඕමාර් කාමිල් හිටපු නගරාධිපතිතුමා මේවා දන්නවා. පිට්ටනිය හදන කාලයේ ඔහු නාගරික මන්ත්‍රීවරයෙක්. පිට්ටනිය හදන්න සේවකයෙකු ලෙස ගිහින්, 99% න් ජීවිතය බේරාගන්ත කෙනෙක් තමයි ලලිත්. ඔහුත් තවම ජීවත් වෙනවා.
ඛෙත්තාරාමය සුවිශේෂ වැඩක්. ක්‍රිකට් නිසා ලෝකයම මේ පිට්ටනිය දන්නවා. කුණු ගොඩක්, ලංකාවේ අනන්‍යතාව තියෙන ස්මාරකයක් වුණා. ඒක කරපු හැමට ස්තුති වේවා!
From former Governor Rajitha keerthi Thennakoon's fb wall
මචං ගෝතලං බොලාගේ ලොක්කා කයිතං කෙබර කොටා කියන මොංගල් සක්කිලි බල්ලයි උගේ මොංගල් රිලා රංචුවයි ගෙදර යවන වැඩේ උඩුනුවර සම්පකාරෙන් පටන් අරගෙන නේද?
ReplyDeleteකෙබර කොට රිලා මෝලා කියන carry http ඒ දවස්වල කිව්වේ සම්පකාරෙන් පටන් ගන්නවා කියලා දැන් ඕන්න සම්පකාරෙන්ම උගේ බහින කලාව පටන් අරගෙන මේ සැරේ නම් 3% ඉතුරු වෙන්නෙත් නෑ සම්පූර්ණයෙන්ම අනාත වෙලා නවතින්නේ 🤣😂😅
ජෙප්පනේ තෙපිලා බෙදුම්වාදයට රෙදි නැතුව කඩේ යන එක නවත්තලා, කරනව නම් රෙදි ඇඳගෙන කරහල්ලා මෙන්න මේ වගේ වැඩක්.
ReplyDeleteයාපනයේදී බණ්ඩාරනායක මැතිනිය මුහුණ දුන් අනපේක්ෂිත සිදුවීමක්...
යාපනය චුන්නාකම්හි ගොවිපලක් විවෘත කිරීමේ උත්සවයකට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහභාගි වෙමින් තිබිණ.
♥️.උත්සව භූමිය අතුරු සිදුකරු නොමැතිව ජනතාවගෙන් පිරී ගොසිනි. එහි වේදිකාවක් ද තනා තිබුණි. එම වේදිකාවට යන මග දෙපස දිගු වරලස් තියෙන දමිළ තරුණියන් 200ක් පමණ සාරි හැඳ පෙළ ගැසී සිටියහ. මඳ වේලාවකින් හින්දු සංස්කෘතික අංග අනුව බෙර හා නළා වාදනය කරමින් මැතිනිය වේදිකාව වෙත කැඳවාගෙන යාමේ පෙරහර ආරම්භ කළේය.
♥️.මැතිනියගේ දෙපසින් එවක යාපනය නගරාධිපතිවරයාට සිටි ඇල්ෆ්රඞ් දොරේ අප්පා සහ තැපැල් ඇමැතිවරයාට සිටි කුමාර් සූරියර් යන මහත්වරු ගමන් කළහ.
♥️.බණ්ඩාරනායක මැතිනිය කාන්තාවන් හා තරුණියන් පෙළගැසී සිටි ස්ථානයට ළඟා වෙනවාත් එක්කම ඒ සියලු දෙනා මාර්ගයේ මැදට මුහුණලා මුනින් අතට වැතිරී සිය දිගු වරලස් මාර්ගය මැදට මුදාහැර මැතිනිය වෙනුවෙන් හිස කෙස් පාවඩයක් තැනූහ.. ❤️.මෙවැන්නක් කිසිසේත් බලාපොරොත්තු නොවූ මැතිනිය මහත් පුදුමයට පත් විය. ඇය ඉදිරියට ගමන් කිරීම නැවතුවාය. එවිට තැපැල් ඇමැතිවරයා මැතිනියගේ කණට යමක් කෙඳිරුවේය. එය ඇසූ මැතිනියගේ ඇස් දෙකෙන් කඳුළු වැටෙන්නට විය. ඈ ලේන්සුව රැගෙන දෑස පිසදා ගත්තාය.
♥️.එසේ පාරට වරලස මුදාහැර මුනින්තලාවට වැටී සිටි කාන්තාවන් හා තරුණියන් සියලු දෙනා නැගිටුවා මැතිනිය වේදිකාවට ගොඩ විය.
♥️.සිරිමාවෝ මැතිනියගේ රජය මගින් පිටරටින් අල ලූණු හා මිරිස් ගෙන ඒම නැවැත්වීම නිසා යාපනයේ ගොවි ජනතාවගේ අතමිට යහමින් සරු වූ බැවින් එයට ගෞරව කිරීමක් වශයෙන් හින්දු චාරිත්‍රවලට අනුව දියහැකි උත්තමාචාරයක් ලෙස ඔවුන් තම වරලස් මතින් මැතිනියව ගමන් කරවීමට උත්සාහ කළ බව පසුව සඳහන් විය.
♥️.මැතිනිය උත්සවයට පැමිණ සිටි මහජනකාය අමතා පැවසුවේ පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා මුළු රටම එකම ගොවි බිමක් කිරීම ඇගේ රජයේ අරමුණ බවත් අවශ්‍ය උපදෙස් හා සහාය ඉන්දිරා ගාන්ධි මැතිනිය ප්රමුඛ එරට රජයෙන් ලැබෙන බවත්ය. එය ඇසූ ජනතාව එක දිගට ඔල්වරසන් හඬ දුන් බවත් එකල වාර්තා වල සඳහන් වේ.
🙏ප්‍රසාද් වර්ණකුලසූරිය වෙතින් උපුටා පළකිරීමකි..
ස්තූතියි ඔබට.🙏
ලමාතන් ජැක්සං ඇන්තනී සහ උගේ පවුලට බොහෝ විට එල්ල වෙන සමාජ ප්රතිවිරෝධය හුදෙක් ජැක්සන් කාලයක් රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටීම නිසාම වූවක් නොවෙයි. එම ප්රතිරෝධයට මූලික හේතුව වන්නේ එම පවුලේ සාමාජිකයන් තමන් පිළිබඳව ඇති ආන්තික මමංකාරය හෙවත් ඊගෝව යි. රාජපක්ෂ පවුල කෙරෙහි වුවත් බොහෝ දෙනා විරෝධයක් දැක්වූයේ ඔවුන්ගෙන් සමහරු බොහෝ විට සමාජය ඉදිරියේ පෙනී සිටියේ ආකර්ෂණයේ කේන්ද්‍රය තමන් ලෙස පෙන්වමින් නිසයි. එය පමණ ඉක්මවා යන විට සමාජයේ මිනිස්සු එය ඉවසන්නේ නැහැ. හිනා වෙන්න පටන් ගන්නවා. ප්‍රසිද්ධ චරිතයකට මෙම සීමාව පවත්වා ගැනීම ඉතාම වැදගත්.
ReplyDeleteමෙය එක්තරා ආකාරයකට විසම චක්‍රයක්. ඔබගේ කිසියම් හැකියාවක් නිසා ඔබ ප්‍රසිද්ධ වෙනවා. ඔබ හිතනවා මිනිස්සු ඔබට ආදරෙයි කියා. එයින් ඔබ උද්දාමයට පත් වෙනවා. ඔබ හිතන්න පටන් ගන්නවා විශ්වය කැරකෙන්නේ ඔබ වටේ ය කියා. ඔබ ඔබ ගැන අලි වන්සෙන් හිතන්න පටන් ගන්නවා. ඔබ ඔබ ගැන ම කියවන්න පටන් ගන්නවා. ළහිරු මුදලිගේ ගේ කාමරේට ගිහිල්ලා සමාජයේ අනෙක් මිනිස්සුන්ට මෙලෝ අදාළත්වයක් නැති ඔබගේ පුද්ගලික කෙරුවාවල් කියවන්න පටන් ගන්නවා. අන්න එතැනදී සමාජය ඔබට හිනා වෙන්න පටන් ගන්නවා. ඔබගේ සැබෑ හැකියාව පැත්තකට වෙලා ඔබ බයිට් එකක් වෙනවා. ගොඩාක් ම වැඩි වුණොත් ගුටි කන්නත් වෙනවා.
හැම මිනිහාටම තිබෙනවා ඊගෝවක්. කිසිවෙක් කැමති නැහැ තමන්ට වඩා අනෙකෙකු හෙන පොරක් වගේ රඟනවාට. මා කියන්නේ සාපේක්ෂ සාර්ථක වීම් ගැන නොවෙයි. සාර්ථක වීමට එරෙහිව නැඟෙන්නේ ඊර්ෂ්‍යාව. මෙතන ඉරිසියාවට වඩා වෙන්නේ අනෙකා පමණට වඩා self-centered වීම නිසා ඇති වන හැඟීමක්. එයට සුදුසු ම සිංහල වචනයක් නැහැ මා හිතන්නේ. මොකද බෞද්ධ සිංහල සමාජය තුළ ඔය හැසිරීම තිබෙන්නේ නැතුව ඇති. ඉංග්‍රීසියෙන් cringe කියන හැඟීම.
නූතන ලෝකයේ මානව සමාජ දියුණුවත් සමග මෙම තත්ත්වය වඩාත් තීව්ර වෙනවා. අද කාලයේ මිනිස්සු අතීතයට වඩා සම තලයක ඉන්නේ. අඩුම තරමින් සමාජ මාධ්‍යය විසින් එහෙම සමානත්වයක් මවා හෝ තිබෙනවා. අද ඕනෑම අයෙකුට එක රැයින් ප්‍රසිද්ධ වීමේ විභවය තිබෙනවා. එවැනි සමාජයක ප්‍රසිද්ධ චරිතයක් වීම ඉතාම අපහසු කාර්යයක්. තමා වෙත එන ආකර්ෂණය කළමනාකරණය කිරීම අද සමාජයේ වෙනම ම විද්‍යාවක්. ජැක්සන්ගේ පවුලේ උදවියට මේ අලුත් යථාර්ථය තේරුම් ගන්න බැහැ.
මෙයට තිබෙන සරල ම විසඳුම තමයි නිහතමානී වීම. හැම තැනක ම තමන් ම center-of-attraction වෙන්නේ නැතුව අනුන්ටත් එය හැරවීම. තමන් ගැන කියවීම අඩු කිරීම. තමන්ගේ පවුලේ ප්‍රශ්න විසඳ ගත් හැටි, තමන්ගේ දික්කසාදය විඳ ගත් හැටි, අරක මේක… Nobody gives a damn! ඒවා බැලුවත් බලන්නේ අර ASP ලියනගේ ගේ හෝ රංගනගේ හෝ ෂෝ බලන පිරිස පමණයි. නමුත් මහා සමාජයට ඒවා දිරවන්නේ නැහැ. තමන් කළ දෙයක් ගැන කථා කරන්න හොඳම විදිහ තමයි අනුන් කළ දේ ගැන කථා කිරීම, අනුන්ගේ දෙය අගය කිරීම වගේ දේවල් වලට වැඩි අවධානය යොමු කරන්න වෙනවා
ඉකොනො මැට්ටා බ්ලොග් අඩවියට පිවිසීම වාරණය කර ඇත්ද
ReplyDeleteඉකොනෝගේ ගෑනි ලංකාවට ආවා දැන් මාස කීපයකට කලින්.
Deleteගෑනි තනියම ආවෙ. පොඩි කොල්ලෙක් එක්ක ඇල්ලේ රවුම් ගහලා තිබ්බා