Jun 13, 2024

කිරි තේ එකත් අධි සුඛෝපභෝගි භාන්ඩයක් වන.. ඉටිකොල ජෙප්පන්ගේ... අනාගත කොමියුනිස්ට් රාජ්‍යය.



 


කිරි තේ එකත් අධි සුඛෝපභෝගි භාන්ඩයක් වන..
ඉටිකොල ජෙප්පන්ගේ...
අනාගත කොමියුනිස්ට් රාජ්‍යය.
➖➖➖➖➖➖➖➖➖➖➖⭕

70-77 යුගයේ සිරිමාගේ මැයි පෙලපාලියේ ගිය බයි කම්කරුවන්ගේ සටන් පාඨය වූයේ....

සීනී නැතිව තේ බොන්නම්
මිරිස් නැතිව හොදි කන්නම්
මැතිනි අපේ කියනවා නම්
පිඳුරු වුනත් අපි කන්නම්

කියලාය..... ඒ කාළයේ නොව... මේ කාළයේද ඒ විදියට ගියා නම් රට ගොඩ යනවා කියන අමන අම්බරු බයියෝ ඕනෑ තරම් තවමත් ඉන්නවාය.

ගොබ්බ ගෝටා ගෙනෙගිය වැඩ පිලිවල වර්ණනා කරන්නේ එහෙව් ඔල්මොරොන්දම් මොරි මාඩ අම්බරු වහලුන්‍ ය. ඒ වහලුන් අති බහුතරය දැන් පෙරුම් පුරමින් ඉන්නේ... අනුර කුමාරයා රජ කරවා ඒ පරිප්පුව නැවතත් ඉල්ලාගෙනම කන්නටය.

මේ බව දන්නා ජෙප්පෝ... මේ මොහොතේ කිරි තේ එකක් බොන ජනතාවට අනතුරු අඟවමින් කියා සිටින්නේ... උන් ආ දා පටන්... නෝ කිරි තේ කියලාය.. ප්ලේන්ටිය බොන්න වෙන්නේත් සීනී නැතිවය. මන්ද උන්ගේ ප්‍රතිපත්තිය අනුව කිරි තේ එක අධි සුඛෝපභෝගී භාන්ඩයක්‍ ය.

බලය ලබා ගැන්ම බඩේ බත් වගේ විශ්වාසයෙන් උන් ජෙප්පෝ... දැන් බහුතරය 90% විතර යැයි කියූ ජෙප්පෝ... දැන් බලය ගත්තාට තොපිට සුර සැප දෙන්න වෙන්නේ නෑ... පරිප්පු කන්න රෙඩි වෙලා හිටපියව් කියා කිසිඳු පැකිලීමකින් තොරක කෙලින්ම කියන්නේය. ඒ උනට චන්දය දෙන්නේ අමු ගොබ්බ අම්බරුවෝ බව උන් අවබෝධ කොටගෙන අවසාන නිසාය.

උන්ගෙන් 2019 මිළට ගෑස් ගන්න බලාගෙන ඉන්නා උන්ට සම්මා සම්බුදු සරණය. පුප නමාගෙන ලිපට පිඹ පිඹ දර ළිපේ උයන කොට රනිල් ගෙදර යැවූ එක කෙතරම් අපරාධයක්දැයි කියා... එදාට උන්ට තේරෙනු ඇතිය.

ධනපති පන්තියට හා ප්‍රභූන්ට වෛර කිරීමේ පාපය මේ පරිප්පු කන දිනට උන්ට අවබෝධ වනු ඇත්තේය.

එහෙත් උන්ට තියා කිසිවෙකුටත්... ජේවීපි කොමියුනිස්ට් රාජ්‍යයට එරෙහිව කටක් හොල්ලන්න වෙන්නේ නැති බව ලාල් අයියා කියා අවසානය.

දේශපාලන බලය සමඟ රාජ්‍ය බලයද ලැබුන පසු ඒවා ක්‍රියාවේ යොදවන ආකාරය ඔවුන් දන්නා බවත්... ෂොට් එක දෙන්න ඕන සෙට් එක දැනටමත් මාක් කරලා ඇති බවත්... ෂොට් එක දීම සඳහා කණ්ඩායමක් ඉන්නා බවත්..  ලාල් මෙන්ම හඳුන්ද දැන් කෙලින්ම කියන්නේය.

අධි සුඛෝපභෝගි ජීවිත ගත කරනා රටේ බදු ගෙවනා ව්‍යවසායකයින් හා පෞද්ගලික බැංකු පද්දතියට මෙන්ම.... සුපර් මාකට් සංස්කෘතියේද අවසානය ඔවුන්ගේ පැමිණීම බව.... හඳුන්ගේ කතා තුල මෙන්ම චතුරංග අබේසිංහගේ සටහන් තුලද ඉතා නිරවුල්ව විග්‍රහ කර අවසානය.

උන්ට මේ රට දියුණු කිරීමේ කිසිඳු වැඩපිලිවලක් හෝ ප්‍රතිපත්තියක් ඇත්තේ නැතිය. උන් එවෙලෙට කටින් කියන දේ උන්ගේ ප්‍රතිපත්තිය බව කීවේ නලින්ද ජයතිස්සය.

ජනතාවට සිඳුවන්නේ... උන්ගේ පන්තියේම පිරිසක් අධි සුඛෝපභෝගි ජීවිත ගතකරනාකරය දෙස බලාගෙන.... සදාකාලිකව කියුබාවේ හා වැනිසියුලාවේ ජනතාව මෙන් ජීවත් වන්නටය.

නමුත් උන් එක දෙයක් කරනා බව විශ්වාසය. එනම් උන්ගේ ආර්ථික උස්තාද්ලා අනාවැකි පලකල ආකාරයට ඩොලර් එක රුපියල් 600 ට ගොස් සමස්ත ජනතාවම.. සම්පාකාර පෝලිමේ සිට පාන් ගෙඩියක් ගන්නා හිඟන්නන් පිරිසක් බවට පත් කරනා බවය.

ඇති නැති පරතරයක් නැති සමාජවාදී රටක 1970 - 77 දක්වා අප ඒ ජීවිතය අත්විඳ තිබුනද... සිස්ටම් චේන්ජ් ඉල්ල්න Z පරම්පරාවට ළඟදීම ඒ වාසනාව ජවිපේ විසින් ලබාදෙන බවත් දැන් ඔවුන් ප්‍රකාෂ කොට අහවරය....

දීලා බලන්න
ආස හිතෙයි......

10 comments:

  1. කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත බන් මාතේ අනේ මන්ද අපට නිවාඩුවට යන්න වත් රටක් ඉතිරි වෙන එකක් නෑ නේද මෙහෙම ගියොත් 😢

    ReplyDelete
  2. අහ්හ්..එක්කට අව්ලක් නෑ..මම ජෙප්පට.

    ReplyDelete
  3. ඇයි බං උඹත් රෙදි නැතුව කඩේ ගිහින් පුටිං කෙනෙක් ව බලේට ගෙනාවේ මොකද වුනේ? ගෙනාපු උඹලා අර මොනවද කාපු රිලව් වගේ ඉන්නකොට අරගල කාරයන්ට පින්සිද්ද වෙන්න යන්තං එලෝ ගත්ත. ඉතින් ඒ වගේම ජෙප්පන් ටත් අවස්ථාවක් දීලා බලමු. උඹලට බැරියැ එපා නම් පාරට බැහැලා එලවන්න.😀

    ReplyDelete
  4. මාලිමාව කියලා බොරුවට අටෝගෙන ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ කටින් බතල හිටවන බොරු කයිවාරු කැටයම් සේරම හරියාකාරව බලයක් ලැබෙනකම් විතරයි ඔය ආටෝප සේරම. ඊට පස්සේ හතර අතේ ගහන්නේ රාජපක්ශලා රනිල්ලා ප්‍රේමදාසලා කැලේ යන්න, ලප රිලවා එතෙක් මෙතෙක් රටේ දැකපු ලොකුම විහිළුව වෙලා රට නැත්තටම නැතිවෙලා තමයි නවතින්නේ ඒත් වාසනාවකට මාලිමාවට කයිය ගහන තරමට ඡන්ද නැති නිසා හොඳයි ඉතින්

    ReplyDelete
  5. මාලිමාවට ලිඛිත ආර්ථික ප්‍රතිපත්තියක් නෑලු! නායකයො වේදිකාවල සැරින් සැරේට කියන කතා තමයිලු ආර්ථික ප්‍රතිපත්තිය! ජවිපෙ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදන මණ්ඩලය භාරව ඉන්න හිටපු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ප්‍රධාන මාධ්‍ය වලට ප්‍රකාශ‌ කරන මේ වගේ බහුබූත කතා හරිම භයානකයි! රජයේ විදේශ ණය ගෙවන්නේ නෑලු! අපි ගෙවන්නේ නෑ කියුවාම විදේශ ණය හිමි සමාගම් හා කමන් නෑ මචන් ඕන නෑ කියනවාලු! මෙහෙම කියුවේ මාලිමාවේ අනාගත මුදල් ඇමති සුනිල් හඳුන්නෙත්ති ප්‍රධාන මාධ්‍ය වල සාකච්ඡාවලට ඇවිත්!

    පිටරට ලාංකිකයන්ගෙන් ඩොලර් ටිකටික එකතු කරලා ඩොලර් බිලියන ගණනක විදේශ විනිමය හිඟය නැතිකරලා ඩොලර් ප්‍රශ්නය විසදනවලු! ඉලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක්ලු! මෙහෙම මැටි කතා කියන සුනිල් හදුන්නෙත්ති වගේ පොල් බූරුවෙක්ව මුදල් ඇමතිකමට පත් කරලා පුලුවන්ද රටක් ගොඩගන්න! තවම මේ අය ඉන්නේ ළිද ඇතුළේ! මේ මාලිමාවේ නායකයන් වී සිටින ලින් මැඩි මීගවයින්ට රෙදිනැතුව කඩේ යන උන් ඊටත් වැඩිය මීහරක් හැත්තක්!

    ReplyDelete
    Replies
    1. Yes bro, I agree with you 100%

      Delete
  6. මාතා සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය පාලනය කරපු කාලය ගැන කියපු නිසා ලංකාවේ පරණ මතක අලුත් වුණා, මාලිමාවේ අය කියන දේශපාලන නායකත්වය මත නිෂ්පාදන ආර්ථිකයක් හදන්න පුළුවන්ද කියන කතාව ඕක ඇත්තටම විහිලු සහගත කතාවක්, ලංකාවෙ කරපු නව නිෂ්පාදනයකට කවුරු හරි දේශපාලනය නිසා ප්‍රශ්ණ ඇතිකරපු අවස්ථාවකට උදාහරණයක් දෙන්නකො.

    කරුණු අංක 1
    ඔය කිසිම නිෂ්පාදනයකට දේසපාලකයින්ගෙ අවසර ඕන නෑ.
    එහෙම අවසර ගන්න ඕන කියලා , කිසිම නිළ හෝ නොනිළ ක්‍රමවේදයක් ඇත්තෙත් නෑ.

    ලංකාවේ වාහන හැදුවත් මෝටර් රථවාහන නීතියෙන් හෝ වෙනත් සිවිල් නීතියකින් හෝ ආවරණය නොවන ක්ෂේත්‍රයකට අදාළ උපකරණයක් නම් කාගෙන්වත් අහන්නවත් ඕන නෑ. හදල විකුණන්න පුළුවන්, අදාල ආයතනය ව්‍යාපාරයක් හැටියට ලියාපදිංචි වෙලා තියෙනවද, විකුණන භාණ්ඩ වලින් ලැබෙන ආදායමෙන් නියමාකාරයෙන් බදු ගෙවනවාද කියන එක විතරයි ආණ්ඩුවට අදාළ වෙන්නේ.

    දැන් ඔය කියන පෝර මැෂින් එකට ඇතිවුණාය කියන ගැටලුව මොකක්ද කියලා මාතා දන්නවද.

    මටනම් හිතෙන්නෙ , ෂුවර් එකටම බැංකුවෙන් ලෝන් එකක් දෙන්න බෑ කියන්න ඇති. ලංකාවේ මූල්‍ය රෙගුලාසි වලට අනුව බැංකු ණයක් ගන්න නම් තමන්ගේ වත්කම් සහ ගෙවීමේ හැකියාවන් බැංකුවට ඉදිරිපත් කරන්න ඕන.
    අපි සිල්ලර කඩයක් දාන්න ණයක් ඉල්ලුවත් ඒක එහෙමයි. ...

    ව්‍යාපෘති ණයක් නම් ඒකට අදාළ වන නිෂ්පාදනය කරන තැන ඉඳලා, වෙළඳපලේදි අලවියෙන් පසු සේවාව සපයන ආකාරය දක්වා සකසනු ලබන ව්‍යාපෘති වාර්තාවේ ඇතුළත් වෙන්න ඕන.

    ලංකාවෙ බහුතරයක් නව නිෂ්පාදන යැයි කියා ගන්නා , ඉවතලන ද්‍රව්‍ය සහ යකඩ බට වලින් සාදන ලද ඇටවුම් , යම් තරමකට හරි ආසන්න වෙන්නේ මූලාකෘති එහෙම නැත්නම් prototype වලට, වෙළඳපළේ අලෙවි වන උපකරණයක් දක්වා යාමට ඒවා තව බොහෝ දුරක් සංවර්ධනය විය යුතුයි.
    අපේ නව නිපැයුම් කරුවෝ යැයි කියාගන්නා අය කවදාවත් තමන්ගේ නිෂ්පාදනය එතෙන්ට ගෙන යන්නේ නෑ, මූලාකෘතිය හදලා, tv හෝ youtube channel එකකට ඒක පෙන්නලා, ප්‍රසිද්ද වෙලා,
    ඊට පස්සේ බැංකු ණයක් ඉල්ලලා ඒක නොලැබුණාම, ආණ්ඩුව කොමිස් ගන්න ඕන නිසා මගේ නිෂ්පාදනයට අත දෙන්නෙ නෑ කිය කිය වැලැලෙනවා..

    මාතලන්ම කල්පනාකරලා බලන්න ඕක නෙවේද හැමතැනම.වෙන්නෙ.

    ලංකාවේ නිෂ්පාදන කරන අය ඕන තරම් ඉන්නවා,
    ඒගොල්ලෝ අමුද්‍රව්‍ය, තාක්ෂණය, සේවක ශ්‍රමය,වෙළඳපළ, අලවියෙන් පසු සේවාව, මේ සේරම නිසියාකාරව කළමනාකරණය කරගෙන, බැංකුවලින් මූල්‍ය සහය ඕනනම් ඒවත් අරගෙන , ලස්සනට තමන්ගේ නිෂ්පාදන කරගෙන යනවා.

    එහෙම නැතිව අපේ නිෂ්පාදන වලට අත දෙන්නෑ කිය කිය ටීවී හෝ යූටියුබ් චැනල් ගානේ ඇවිත් අඬන්නේ නෑ..
    ඕක තමා ඇත්ත.

    අනික මම දන්න විදිහට ආචාර්ය කුළසිංහ මහතා ඔය පෙරසවි pre-cast කොන්ක්‍රීට් තාක්ෂණය ලංකාවට හඳුන්වාදෙන කාලෙ ලංකාවෙ දුම්රිය මාර්ගවල භාවිතා කලේ ලී සිල්පර කොට, එම සිල්පර කොට නිෂ්පාදනය සඳහා දැව ලබාගැනීමට හැටන් සිට බදුල්ල දක්වා දුම්රිය රක්ෂිතවල මහා පරිමාණයෙන් යුකලිප්ටස් වගාවන් පවා කර තිබුණ කාලයක් ඒක.
    පසු කාලීනව කුළසිංහ මහතා NERD ආයතනය බිහිකර, නව නිෂ්පාදන හා පර්යේෂණ සඳහා එම ආයතනය සමග මූලිකත්වය ගෙන වැඩ කටයුතු කළා.

    පසුව දුම්රිය දෙපාර්තමේන්තුව කොන්ක්‍රීට් සිල්පර භාවිතය ආරම්භ කිරීමට සූදානම් වන විට, ලංකාව තුළ මහා පරිමාණයෙන් එම නිෂ්පාදන සිදුකිරීමට හැකියාව තිබූ එකම ආයතනයක්වත් තිබුණේ නෑ, එහිදී ඒ ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වුණේ , කුලසිංහ මහතාගේ පෙර සවි කොන්ක්‍රීට් තාක්ෂණයම භාවිතා කළ මැලේසියානු සමාගමක්. දුම්රිය දෙපාර්තමේන්තුවේ එම ටෙන්ඩරය සඳහා ශ්‍රී ලාංකික සමාගමක් හෝ NERD ආයතනය ඉදිරිපත් උනාදැයි මා දන්නේ නෑ. ඔබ ඒ සම්බන්ධව දන්නේ නම් මා දැනුවත් කරන්න.මෙහෙම දේකුත් තියනවා, ඔය කාලෙ බන්ඩාරනායක මැතිණියගෙන් පස්සෙ , ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය ගෙනත් රාජ්‍ය ව්‍යවසායන් නැත්‍තටම නැතිවෙමින් ගිය කාලයක්, ඒ නිසා හිතාමතාම කුලසිංහයන්ගේ තාක්ෂණය මගහැරියා වෙන්නත් පුළුවන්, ඇත්තටම ලංකාවෙ නිෂ්පාදන ආර්ථිකය නැත්තටම නැති උනෙත්, අද වෙනකොට බොරුකාරයින්ට පරණ යකඩ වලින් මොකක් හරි අටවගෙන , ,Tv youtube චැනල් වලට ඇවිත් සංදර්ශන දාන්නත් පදනම වැටුනෙත් JR කරපු දේ නිසා, තමයි

    ReplyDelete
  7. මේ පාර කාටවත් නොදී බලමු!
    මේ හැමෝම කිව්ව දේවල් අපි අවුරුදු 76ක් තිස්සේ කරලා බැලුවනේ. මුන් සියල්ලන්වම (රනිල් , සජිත් නඩය, අනුර ජවිපෙ නඩය, රාජපක්ෂලා, චම්පික-ගම්මන්පිල-වීරවංශ චින්තනය, සුමන්තිරන්ලා හකීම්ලා සම්බන්ධන්ලා, තොන්ඩමන්ලා වඩිවේල් සුරේෂ් දිගම්බරන්ලා..) ඔවුන්ගේ අනුග්‍රාහකයන් වන කොල්ලකාරී ජාවාරම්කාර ධනපතියන් (කුණු ධම්මික, අරක්කු හැරී, ගංජා දිලිත්, මහා රාජා ආදීන්..) සමගම ලංකාවේ දේශපාලන වේදිකාවෙන් අතුගා දැමිය යුතු නොවේද.. එසේ නම් ජනතාව කලයුත්තේ කුමක්ද? මිලියන ගනනින් කටුගා 50% අභිබවන ප්‍රතික්ෂේපයකින් මුන් සියල්ලන්වම එක මිටට පරාජය කිරීමයි. ඓතිහාසික ප්‍රතිඵලයත් සමගම මුන්ගෙන් තොර සුන්දර පිවිතුරු පාලන ක්‍රමයක් සකසා ගැනීමේ අවකාශය රටට උදා වේ.
    ලිබෙර්තේ ඉගැලිතේ ෆ්‍රතර්නිතෙ – Liberty Equality Fraternity.. නිදහස සමානත්වය සහ සහෝදරත්වය. ප්‍රංශ විප්ලවයෙන් උපුටා ගැනීමකි.

    ReplyDelete
  8. ගණන් බැරි වුණ හින්දයි
    දීප්ත
    ඕලෙවල් ෆේල් වෙලා,
    ඉස්කෝලෙන් එළියට විසි වුණේ.
    මිනිහා චිත්‍රකාරයා වුණත්
    වැඩක් වුණේ නැහැ ඉස්කෝලෙට.
    “කලාව කන්න ද?”
    අහපු රටක් මේක.

    යශෝධරා නො හිටින්න,
    දීප්තත්
    ගමට ම කොටු වෙනවා.

    කැලුම්සිරිගේ අම්මා මැරුණේ
    ජීවත් වෙන්න ක්‍රමයක් හොයන්න ගිහින්
    පිටරට.
    මිනියවත් ගේන්න බැරි වුණා
    ගෙදරට.

    කිතුලගේ තාත්තා මළේ
    අලියා ගහලා
    පව්!
    “දොට්ට පිලට වත් යන්න බැරිව හිටි මනුස්සයා”

    කැලුම්සිරිගෙ මස්සිනා,
    ඊළඟට කිතුලා,
    තව ගොඩක් කොල්ලෝ
    ආමි එකට ගියේ
    රට රකින්න විතරක් නෙවෙයි,
    පවුල රකින්න විදියක් හොයා ගන්න.
    ජීවිතේ පටන් ගන්නත් කලින්
    උනුත් මැරුණා.

    කැලුම්සිරි මහණ වුණේ,
    සසර කෙටි කර ගන්න ම නෙවෙයි
    ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා.
    කැලුම්සිරි සිරිරතන හාමුදුරුවෝ වෙලා
    කවිබණ කිව්වා.
    පන්සල හැදුවා.
    අවසානෙට,
    පන්සලෙන් යන්න වුණා.

    අහිංසක ජගා
    අකාලයේ මැරුණා.
    බලවතුන්ගේ පිහි පාරෙන්.
    නඩුවත් පරාදයි,
    දුන්න සාක්කි පිළිගත්තෙ නැති නිසා.
    සුලෝ ගමෙන් ගියා
    ජගා මැරුණා ම.
    ඇයි?
    ආදරේ නැති වුණ නිසා,
    ජීවත් වෙන්න හරි පාරක් හොයාගන්න.

    දම්මිත් ගමෙන් ගියා
    කිසි දෙයක් හරි නො ගිය නිසා.
    දම්මිගේ ආදරේ දීප්තට තේරුණේ නැද්ද?
    නො කියා පෙන්නුවා ඈ සෑහෙන කල්
    අවසානෙට වෙන කෙනෙක් බැන්දා.

    හීන් අයියත් මළා
    වකුගඩු අමාරුවෙන්.
    මැරුණමයි දන්නෙ
    එහෙම ලෙඩක් තිබුණා කියලා.

    දීප්ත ඔලුව උස්සන කොට
    යශෝධරා නෑ.
    ජීවිතේ කියා දීලා
    එයා යන්න ගියා.
    දිනනකම් නො ඉඳ ම.

    “මට අක්කගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා”
    “අහන්න”
    “උගත් අය ජීවිතේ හුදෙකලා වෙනව ද?”

    ජීවිතේ පාර කියා දෙන්න
    හැමෝටම කොහෙන් ද,
    යශෝධරාලා?

    පතෝලයා හිත හොඳ එකා.
    “ඕන යටිබඩක්” කියලා,
    ජීවත් වෙන්න
    නො කරපු දෙයක් නෑ.
    අවසානෙට,
    කූරා එක්ක කොහොම හරි
    පටන් ගත්තා
    මිනී කපන්න.

    අවසානෙට,
    ගමේ පරණ යාළුවො ටික
    ඔක්කොම එකතු වුණේ
    කනත්තේ දී.

    තණමල්විල විතරක් නෙවෙයි.
    හැම ගමක ම
    ජීවිත මේ වගේ ම යි.
    ගමේ ගොඩක් උන් මැරුණේ
    ජීවිත් වෙන්න ගිහින් ම තමයි.

    සේකර,
    ඇත්තට ම මාත් ඔයාගෙන් අහන්නෙ
    “ජීවත් වෙන්න අපට නැද්ද අයිතියක්?”

    යාළු,
    අපිත් කවදාක හරි එකට එකතු වෙමු.
    කනත්තෙදි හරි!
    එදාට කතා වෙමු අපි
    අපේ කතාවත්.

    ✍️ ඉත්තකන්දේ චන්දානන්ද

    චරිත හා සිදුවීම් 'තණමල්විල කොල්ලෙක්' ටෙලිසිත්තමෙන්.

    ReplyDelete
  9. මාලිමාවේ ඉන්නේ අසාර්ථක ලෝකල් ඩිග්රිකාරයෝ ටිකක්, රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් විසින්ම හදාගත්ත ඇටවුමක් තමයි ජවිපෙ මාලිමාව කියලා කියන්නේ අපි කැම්පස් ගිහින් අවුට් වෙද්දි අපිට වඩා හොද ආර්ථික මට්ටමක් අනිත් අය හදාගෙන ඉන්නෙ.කැම්පස් යන් නැතුව අවු 25න් වාහන පදිනව ගෙවල් හදනව.තමන්ට කියල දෙයකුත් හදාගෙන.ඒ කාලෙ තමා කොල්ලෙක්ට වාහනයක් තියෙන්න ඕනේ.අවු 30න් පස්සෙ බැදල ඒ දේවල් එක්ක අර අවු 25න් වාහනයක් ඇරන් ගෙවන life එක ගන්න බෑ.අවු 30න් පස්සෙ වගකීම් වැඩියි.පුලුවන්නම් කැම්පස් එකේ ඉද්දිම අමතර දෙයක් කරගන්න ඕනෙ.ඒත් හරියට කරගන්න අමාරුයි ඒවට කාලය ගොඩක් වැය කරන්න අමාරු නිසා.degree එකෙන්ම ගොඩයන්න හිටියොත් නම් වෙන්නෙ නාකි වෙලා ජීවිතේ විදින්න.(කැම්පස් යන්නෙ නැතුව නිකන් ඉන්න අය ගැන නෙමෙයි කිවුවෙ)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න