.

.

Sep 23, 2024

අන්‍රයියා වෙත ලියමි....

 


2024 - 09 - 24


අන්‍රයියා වෙත ලියමි

➖➖➖➖➖➖❤️➖


තෙරුවන් සරණයි !


මුලින්ම අන්‍රයියාට ස්තූතීවන්ත වන්නේ.... ඔහේ හා එක්වීමට පැමිණි ඩලස් කොටා, රිලාසිරි හා පාඨලී වැනි දේශපාලනික වශයෙන් අනාත.. වදකහ ගොබ්බයන් පැලවත්ත පැත්ත පලාතේ වැද්දා ගන්නේ නැතිව... තනිවම ගහපු ගේමටය. එය එදා මෙදා තුර ලංකාවේ කිසිම වාමාංශිකයකුට හෝ ලබාගැන්මට නොහැකි වූ සුවිශේෂී ජයග්‍රහණයක්මය.


අනික් ඉල්ලාගෙනම කෑ හාල්පාරුවෝ... මේ මූසල කොඩිවින හැත්ත ඔඩොක්කුවේ දාගත්තේ උත්සව තියලා ඇග්‍රීමන්ටුත් ගසලාය. ඒ ඇග්‍රීමන්ට් ගහන්නේ මක්කටෙයි කියා ඔහෙයි මායි දැනගත්තාම හොදටෝම ඇතිය. ඕකුන්ට ඕනා රට ගොඩගැනිම නොව ඕකුන්ගේ බෑන්ක් එකවුන්ට් ගොඩගැනීමය.


ඒ නිසා සංධාන අරදාන මේදාන මළදාන නැති ඒ ජය.... මාවර්ලැස්මය, ඇක්සලන්ට්‍මය, ග්‍රේටස්ට්ය.


ආදරේට අන්‍රයියා කිව්වාට ඔහේ මට වඩා බාලය.. හැම පක්ෂයේ වගේම ජෙප්පෝ අතරේත් මගේ ප්‍රියතමයෝ සිටියේය...  ලාල්, සමන්ත විජ්ජාරතන හා අන්‍රයියා ඒ අතර හෙටත් ඉන්නේය.. ජනපතිවරණය හැර අනෙක් චන්ද වලදි ඔහේලාට චන්දෙත් දී තිබුනාට.... ඔහේලා අපට එපාම කරලා දැම්මේ ඔහේගේ බුකි බලකායය. 


ඔහේට ඔවුන්ගේ Coprophagia රෝගයට පිළියම් කළ හැකියාවක් තිබුනේ වී නම්..... ඔහේගේ චන්ද පෙතිසතේ මීට වඩා වැඩි කර ගන්නටද හැකියාවක් තිබුනේය.


කෙසේ හෝ ඔබ ජනා වේ යැයි කියා මා කිසි දිනක සිතුවේ නැතිය. අවංකවම මා හිතුවේ ලක්ෂ 25 ක උපරිමයක් ලැබේය කියලාය. එහෙත් ඔහේට වගේම අපටද ගණිතය බැරි බව අද ඔප්පු වී අවසානය. වැඩේ හරියටම කළේ යූ ටියුබ් සුදා විතරය. හැමෝම ඌට බැන්නාට මම ඌට මක්කත්ම නොකීවේ එනිසාය. ඌ පෙන්නුවේ මහපොලොවේ පැවති යතාර්තයය.


එහෙත් ඔහේ මේ ඔක්කෝටම වඩා.... මේ රටේ කුහකයන්ගේ සිත් දිනාගැනීමේ රහස දැන හුන්නේය. ඒක අර සත්තු එක්ක කතා කොරනා සාස්තරේ දැන හුන් දොස්තර හොඳ හිතගේ දක්ෂතාවයටත් එහා ගිය දස්කමක් බව මා කිහිප විටක්ම ලියා තැබුවේය.


එය ඔබ තනිව අධ්‍යයනට කොට ලබාගත් හැකියාවක්ද, දේශපාලන බල මණ්ඩලේ හැකියාවක්ද, එසේත් නැතිනම් දේශීය හෝ විදේශීය මනෝ විශ්ලේෂකයින් ඔබට ලබා දුන් දෙයක්ද යන්න මා දන්නේ නැති මුත්, වැඩේ 100% ක්ම සාර්ථක බව ඔප්පු වී අවසානය.


එහෙත්, ලංකාවේ චන්ද දායකයින්ගෙන් 39% ක කුහකයින් පිරිසක් ඔබ වෙත චන්දය දී ඇත්තේ මේ රට ගොඩගැන්මට නොව... තමාට ඉහළින් ඉන්නා තම අසල්වැසියා, හිතවතා, මිත්‍රයා, ඥාතියා, සහෝදරයා, සහෝදරිය තමා සිටිනා තත්වයටත් වඩා පහළට ඇද දැමීමේ.... පරම වූත් පවිත්‍ර වූත් චේතනාවෙන්ම පමණක් බව ඔවුන් ඉතාමත් හොඳින් කියවා ගත් ඔහේත් දන්නවා ඇතිය.


ඒ නිසා ඔබ වඩාත් පරෙස්සම් විය යුත්තේ අප වැනි ඔබගේ පසමිතුරු පාර්ෂවයෙන් නොව... ඔය කුහක හැත්තගෙන් බව ඔබේ යහපතට ලියා තබනවාය.


විරුද්ධ මතධාරීන්ට හා ඔවුන්ගේ අදහස්වලට ඔහේගේ පාලනය තුල ඉඩක් තිබෙනවාය කියා ඔහේ කිව්වාට... බුකියේ නම් එහෙම තත්වයක් ඇති බවක් පෙනෙන්නට නැත්තේ දාන දාන පෝස්ට් එකට කෙලවෙන නිසාය.


කෙසේ හෝ මේකටත් එම ඉරණමම අත්වේදැයි කියා දන්නේ ඔහේගේ මඩ බලකාය හා Coprophagia රෝගීන් පිරිස පමණමය.


ඔහේ පොඩ්ඩක් බය වෙලා වගේ පේනවාය. එහෙම වෙන්නට ඕනේ නැතිය. දැන් ඔහේ මේ රටේ විධායක ජනාධිපතිය. සියල්ලෝ ඔහේට යටත්ය. රනිල් ලොක්කා කළ දේම ඉදිරියටම කරගෙන යන්නේ නම් කිසිඳු අවුලක් වන්නේ නැතිය. ඒවාට ඉතිහාසයේ පාඩම් තියෙනවාය.


ඔහේට සුපැතුම් එක්කල සැටලයිට් නෝනා හොඳම උදාහරණයය. උන්දෑ වමට සිග්නල් දමා දකුණට හරවා ගෙදර ගියේ ඉනින්ග්ස් දෙකම ගහලාය. අනික ඕනාවට වඩා සිම්පල් වෙන්නත් යන්න එපාය. ගෝටා පරිප්පු කෑවේ අහක යන නයි ජනාධිපති ලේකම් කාර්‍යාලය අසලටම ගෙනත් දමාගෙනය. ඒ නිසා තනතුරේ වරප්‍රසාද මෙන්ම ගෞරවයද පාච්චල් නොකළ යුතුමය.


කුහකයන්ගෙන් මිදී.... නිවිසැනසිල්ලේ... මේ රට මේ තත්වයෙන් ඉහළට ඔසවා තැබීමට.... කැම්පස් එකේදී අරවින්දයක් වූ ඔහේට.... රාජ්‍ය පාලනයේදී ඉන්ද්‍රජිත් කෙනෙක් වේවායි ඉත සිතින් පතන්නේ.... 


රාජ්‍යයට, ප්‍රජාතන්ත්‍රවාදයට, ධනවාදයට, ලිබරල්වාදයට මෙන්ම... ඔහේටත් කවදත් හිතැති....


මහාචාර්‍ය මාතලන්


.

28 comments:

  1. ලප කොටාට ඊයේ ඉදන් බඩ යනවලු හෝ ගාලා කරන්න තියෙන වැඩ මතක් වෙලා.

    PSD එකේ උන්ට වාහනේ හෝදලා එපා වෙලා.

    සුළුතර බොකපති කියලා උන් නමකුත් දාලා ලපයාට

    ReplyDelete
  2. මාතලන් යූ ටර්න් එකක් ගහලා ජාජබ මාලිමාවට හතරෙන් තුනක් කියන කැම්පේන් එකට එකතු වුණ බව අපටත් දැනගන්නට ලැබුණා

    හේතුව මේක ද?

    //

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් ඉවතට !

    අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය පවසයි.

    ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පැමිණීමට වික‍්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුවක් නැති බව පවසා ඇතැයිද ඔහු මෙහිදී මාධ්‍ය වලට ප්‍රකාශකර සිටියේය.//

    වේස සජබයියන්ට කෙල වුනේ, නූගත් බූරු පුතා කලින් ඡන්දෙන් පැරදිලා ඩිප්‍රෙශන් හැදිලා යාල කැලේ වනගත වෙලා ඉන්නකොට ඌව පක්ශෙට ගත්තු ෆොන්සේකා වගේ මිනිහෙක්ට පුකට පයින් ගහලා රාජපක්ශ කම්බ හොරුන්ගේ, ගුපි කම්බ හොරුන්ගේ එවුන් ලං කරගෙන ඩීල් දදා රමනයේ යෙදුන නිසා කියල ඔය නූගත් මෝඩ මූසල සදා ලෝක කුජීත උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි නෝ කැපෑසිටි වාචාල රදා පෑඩ් සජිත් බූරු පුතානෝ යටිපතුල් කොටළුවාගේ නූගත් වචාල අඩුකුලේ උද්දච්ච පොල් බූරුවෙක් ගේ කුඩා මොලේට තේරෙන්නේ නෑ.. උගේ පුකට පයින් ගහලා ඌත් එක්ක ආර්යා හු**ත්තිවත් එලවලා සුද්ද කරලා කුමාර් සංගක්කාර වගේ අලුත් දේශපාලන නායකයකු ලෙස උගත් වැදගත් මිනිහෙක් දාගෙන කැම්පේන් කලා නම් සජබයියෝ දිනනවා… නැතුව නූගත් අඩුකුලේ පිංගුත්තර නාකි ගෑනුයි, බේබදු නකියොයි චුන් කරලා අරක්කු කාලටයි, බත් පැකට් එකටයි බස් වලින් සෙනග අදින, පිනට කන්න බොන දෙනවා කියලා කියන නූගත් මෝඩ මූසල ඩීල් පොන්න ඩ්‍රෙකෝනියන් ඔටොක්‍රැටික් අරිගතෝ හරක් මස්…, හීනමාන මරි මෝඩ ගොඩේ ගන්කබර නූගත් පොන්න සජිත් ජොකර් ගොන් කොටළුවාගේ ඩීල් දේශපාලනේ තව දුරටත් වලංගු නෑ… ලංකාවේ පලාත් වෙන රටවල් වල පලාත් පාලන ආයතන එක්ක සම්බන්ද කරනවා ලු. ලංකාවේ රටපුරා ඉස්කොල 10,000ට ලෝකේම කෝටි පතියෝ 10,000 සෙට් කරලා දෙනවලු පිනට කරන්න. නොදකින් සජිත් පොන්නයා වගේ නූගත් ගොන් කොටළුවෙක්…

    ReplyDelete
  3. ඇයි මම අනුර වෙනුවට සීයා ගැන විශ්වාසය තැබුවේ.
    1. සමාජවාදය, මාක්ස්වාදය වැනි ප්‍රයෝ‍ගික උදාහරණ සහිතව බංකොලොත් වූ දර්ශණයක් විශ්වාස කරන්නන් පිළිබඳ වූ අවිශ්වාසය.
    2. වැල් පාලමේ ගමන් කරමින් රාජ්‍ය පාලනය ගැන කිසිම පළපුරුද්දක් නැති විවේචන පමණක් කිරීමට පුරුදු වූ කණ්ඩායමකට රට බාර දීම අවධානම් බව වැටහීම.
    3. ජවිපෙ අතීත සහ වර්තමාන (මැයි 9) ත්‍රස්තවාදී හැසිරීම.
    4. මාලිමා පහත ස්ථරය අතිශය ග්‍රාම්‍ය, ප්‍රචණ්ඩකාරී පිරිසක් වීම සහ ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිතාව.
    5. ආර්ථිකය හැසිරවීම පිළිබඳ, විශේෂයෙන්ම මේ විශේෂ අවස්තාවේ ඔවුන් සතු මද දැණුම.
    6. වැඩ වර්ජන කරමින් රටවල් විනාශ කරණ උන් පිළිබඳ ඇති නොකැමැත්ත.
    7. විශ්ව විද්‍යල පද්ධතිය තුල දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් කරණ විනාශය.
    8. තවත් මේ වේලාවේ මතකයට නොඑන කරුණු

    මගේ ගණනය කිරිම් නිවැරැදිදැයි කීමට තවම වේලාසන වැඩිය. රටේ යහපත වෙනුවෙන් මා සර්ව සම්පූර්ණයෙන්ම වැරදි වේවායි මම පතන ගමන් අන්‍රයියාට පොරොන්දු වූ දේශය අනාගත පරපුර වෙනුවෙන් ගොඩ නැගීමට හැකි වේවායි පතමි. ඔහුට ලංකාාව් ලී කුවාන් යූ විමේ විශල විභවයක් ඇති අතර එසේ වේවායි පතමි !

    පලි. ජන්දයෙන් පසු මාතලන්ගේ කෝපි කඩය වසා දැමීම පිළිබඳ අපගේ බලවත් මෙව්වා එක.

    ReplyDelete
  4. මුලින්ම මාතලන්ගේ නව පක්‍ෂ මාරුව ගැනත් අලුතින් පත්වූ නව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා වෙනුවෙන් මහමැතිවරණය ජයග්‍රහණය කිරීමට පාර්ලිමේන්තුවට බහුතර ජවිපෙ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පත්කර දීම වෙනුවෙන් කැම්පේන් එකට නිර්මාණශීලීව ප්‍රචාරක කටයුතුවල යෙදීමට හැකිවේවායි අපගේ සුභාශිංසන මාතලන් හෙවත් අප හිතවත් ජනක ප්‍රියන්ත හේවගේ සොයුරාට පිරිනමන්න කැමතියි.

    ඔබේ නව පක්‍ෂ මාරුව හුදෙක්ම දේශපාලන වාසි ලබාගැනීමට නොව ජාතික ජන බලවේගයේ නව ප්‍රතිපත්ති පිළිබඳව ඇතිවු පැහැදීම මත සහ ඔවුන්ට ලැබුණ ජනවරමට ගරුකරන නීසා සහ රනිල් වික්‍රමසිංහ දේශපාලන කටයුතු වලින් සමුගැනීම නිල වශයෙන්ම නිවේදනය කරන නිසාත් වන්නට ඇති බව මම විශ්වාස කරමි.

    ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පත්ව සිටින නව ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාට අපිත් සුභාශිංසන එකතු කරන්න කැමතියි සාර්ථක ලෙස ඉදිරියට රට ගෙනයෑමට. කෙසේ හෝ අපිනම් ගරු ජනාධිපතිතුමා කියනවා මිස අනුර කුමාර සහෝදරයා කියන්නැත. අගෞරව කරන්නෙ නැත. මොකද ජනපති වරයා කියන්නෙ මොනවගේ කෙනෙක් ද කියලා දන්න නිසා. දැනට රට දියුණු කරන්න ඉන්න එකම එක පුද්ගලයා ඔහු නිසා. නමුත් ඔහු විශ්ව විද්‍යලයක අධ්‍යපනය ලැබු උගතෙක් වෙලත් හිටපු ජනපති වරුන් දැඩි ලෙස විවේචනය කල පුද්ගලයෙක් නිසා ඔහු කියපු විදියට වැඩ කරනවනම් තමයි ජනතා විශ්වාසය ලැබෙන්නෙ. ඔහු ආමග සම්පූර්ණයෙන්ම සකසා ගත්තේ ලැජ්ජාවක් හෝ බයක්නැතිව හැරෙන හැරෙන පැත්තට ගල්පැලෙන බොරු කීම මගින් බව නොදන්නා කෙනෙක් ලංකාවේ නැත. දැන් ඔබ රටේ ඉහළම පුරවැසියා නිසා දැන්වත් ඉතින් බොරු කීම නතර කල යුතු බවත් කාරුණිකව අපි එතුමාගෙන් ඉල්ලා සිටිමු.

    ReplyDelete
  5. සේපාල්, උඔට ස්වභාවධර්මෙන් දඬුවම් ලැබුනා කියන්නේ ඇයි.

    ReplyDelete
  6. වෙනසක් විය යුතුය යනුවෙන් ඇදහුවෙමි
    එය ඉක්මනින් සිදු වෙන විත්තිය දුටිමි
    හැකි පමණකින් ඒකට දායක වුණෙමි
    ඔබත් වෙනස් වී ඇති බව අද දුටිමි

    ReplyDelete
    Replies
    1. නිමල්

      ඔයාට පුළුවන්ද දාර මාලිමා වහල්ලුන්ට පොඩි පණිවිඩයක් හරියට තේරුම් කරලා දෙන්න? ඇත්තටම දාර මීහරක් මාලිමා ජෙප්පන්ට මේ ආණ්ඩුව වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ පොඩ්ඩක් කටයි පුකයි වහගෙන බුකියේ පණ්ඩිතකම් දොඩවන්නේ නැතුව අඩුම ගානේ තව මාසයක් දෙකක් ඉවසන් ඉන්න එක.. අනුරට ජනාධිපති වෙලා හුස්ම ගන්න නෑ මේ වේස හැත්ත puca දෙන්න දඟලනවා. යකෝ අපේ අනුර ලොක්කා යංතන්, සංතන් ජනාධිපති කියල තේරුම් ගනින් . තොපි වගෙ අමු මී හරක් දාර ජෙපි පඩංගු නිසා වෙන්නෙ ආසන හැටක් වත් දිනාගන්න ඡන්ද නැති වෙන එක. යකෝ අනුරට ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න ඡන්ද ටිකක් ගන්න තොපේ ගූ ගඳ ගහන කටවල් ටික දවසකට වත් වහගෙන හිකපියව් කාලකණ්නි හැත්ත තොපි ඒ මනුස්සයටත් කෙළවන්නනේ ඔය හදන්නේ?

      Delete
    2. Ano, ඔයාගේ comment එක මං ලියන post එකකටත් ගත්තා. ස්තුතියි.
      https://nidigepanchathanthare.blogspot.com/2024/09/blog-post_26.html

      Delete
  7. මාතේ,

    මුලින්ම අපි සජිත් ප්‍රේමදාස බූරුවාගේ දේශපාලනය නැත්තටම නැති කරලා දාන්න ඕනේ හරිද? මොකද ඌට වඩා නම් නාමල් රාජපක්ෂ උනත් හොඳයි.

    මේ වෙලාවේ මාලිමාවට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් උපරිම ලෙස පත්කර ගැනීමට මෙන්න මේ දේවල් ගැන ටිකක් බරට කතන්දර ගොතලා මාකට් කරමු.

    01. පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 51 ක ණය පැහැර හැරිය ආකාරය පිළිබඳව හැකි ඉක්මනින් පියවර ගත යුතු බවත් මාලිමාවට පාර්ලිමේන්තුවට වැඩිපිරිසක් බලයට පත් කරගත්තොත් එය අනිවාර්යයෙන්ම කරන බව. (විශේෂයෙන්ම කතෝලික ජනතාව වැඩිපුර සිටින පලාත්වල පාස්කුව හොඳම එකෙන් මාකට් කරන්න ඕන).

    02. ඊළඟට චතුරංග අබේසිංහ විසින් සමාජ ගත කරපු අර ශ්‍රී ලංකාවට අයත් අපනයන ආදායම් ඩොලර් බිලියන 53ක් ශ්‍රී ලංකාවෙන් පිටත ගාල් කළ ආකාරය ද තක්සේරු කළ යුතුය. මේක ටිකක් මධ්‍යම පාන්තික පවුල්වල අයට නිතර අසන්නට දකින්නට ලැබෙන විදියට මාකට් කරන්න ඕන.

    Action should be taken as soon as possible on the Easter Sunday attack and how Sri Lanka debt defaulted on $51 billion. Also, must assess how Sri Lanka Parked $53 billion outside Sri Lanka.

    03. ඊළඟට රාජපක්ෂ පවුලට එරෙහිව යහපාලන රජය කාලේ කරා වගේ කොමිසමක් දාගෙන පරීක්ෂණ කරන බවටත් පොරොන්දු වීම මගින් උග්‍ර රාජපක්ෂ විරෝධී මුස්ලිම්වරුන් සහ දමිල අයගේ වගේම සජබ සහ එජාප පාක්ෂික ජනයාගේ විස්වාසය මාලිමාවට ලබාගැනීමට කටයුතු කරන්න ඕන.

    04. ලංකාව බංකොලොත්බාවයට පත්වීමට හේතුව හොරකම කියා විශ්වාස කරන ආර්ථික අර්බුදය ගැන හෝ ආර්ථිකය ගැන හෝ කිසිම ආකාරයක අවබෝධයක් නැති අයටත් හොරකම නැතිකිරීම වගේ දෙයක් අපිට මාකට් කරන්න වෙනවා

    මේවා තමා පිට තියෙන 58% ගන්න තියෙන plus point මේවා හොඳට මාකට් කරන්න ඕන මේ දවස්වල

    හැබැයි තව දෙයක් මැතිවරණය ඉවර වුණාම විපක්ෂ බලවේග සහ ඡන්දේ දීපු අය කෝ මේවා කලාද කියල අහනකොට ඒවට උත්තරත් දැන්මම ලෑස්ති කරගෙන ඉන්න ඕනේ මතකනේ යහපාලන ආණ්ඩුවට වෙච්ච දේවල්.

    මාලිමාවේ මීලග රජයෙන් කොමිසම්/ කමිටු කීපයක් පත් කරලා ඔය උඩ කියපු දේවල් ගැන පරීක්ෂණ කරනවා කියලා වසර දෙක තුනකට ඕක ඇදගෙන යන්න පුළුවන් වෙයි, යහපාලන ආණ්ඩුවේ හිටපු ගෝත මීගවයන්ට වඩා හොඳට මාලිමාවේ කණ්ඩායමට කතාකරන්න පුළුවන් නිසා එච්චරම චාටර් නොවී තව ටික කාලයක් ඇදගෙන යන්න පුළුවන් වෙයි ඒ අතරේ වෙන වෙන ප්‍රශ්න එනකොට ඒවාට මිනිසුන්ගේ අවධානය යොමුකර ඔය දේවල් අමතක කරන්න පුළුවන් වෙයි ඒකටත් මාතලන්ලාට හොඳට වැඩ තියේවි. සුබ පැතුම් !

    ReplyDelete
  8. අයිසේ මාතලන්,

    කුප්‍රකට පාස්කු ප්‍රහාරය එල්ල වන සමයේ ආරක්ශාව භාරව සිටි අධිකරණයෙන් වරදකරුවකු වූ රවී සෙනවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයට.
    මිලියන 33ක වංචාවකට චෝදනා ලැබ සිටින දුෂණ මර්දන ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ආනන්ද විජේපාල ජනාධිපති පුද්ගලික ලේකම් ලෙස පත් කරයි. පුනරුද යුගයක්. 🫠

    ReplyDelete
    Replies
    1. රවී සෙනෙවිරත්නට බීලා වාහන එලවලා හප්පපු කේස් එකකුත් තියනවා....

      Delete
    2. අඩෝ ඇනෝ,

      එහෙම තමයි බන්, වැරදි නොකරන මිනිස්සු නෑනේ, මාලිමාවේ උනත් ඕන තරම් හොරු තක්කඩි අපරාධකාරයෝ ඉන්නවා, රහසින් වත් පවු නොකරන ශුද්ධ පවිත්‍ර මිනිසුන් හොයාගන්න නෑනේ, ඒ නිස් මාලිමාවට මඩ ගහන්න එපා, ඒ මිනිස්සුත් අනික් පක්‍ෂ වල ඉන්න අය වගේම මිනිස්සු තමයි.

      Delete
  9. අනේ, මේ මාතලං, දැන් උඹත් මාලිමාවට රෙදි නැතුව කඩේ යන එකෙක්නේ, යකෝ බොලාගේ අනුර හාමු සහෝදරයාට කියපං ඕවගෙන් වැඩක් නෑ දැන් චොපර් එකේ ගිහින් හරි කමක් නෑ කියපු දේවල් ටික කරන්න කියලා, යකෝ නැත්නම් ඇත්තම කයිය නායක විදියට යන්න වෙයි ආවට වඩා ඉක්මනට.

    ඉක්මනින්ම හොරු අල්ල ඒ සල්ලි ටික රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙන්න කියන්න අර ෆයිල් ට්ක කැබ් එකේ ඩිකියෙන් අරගෙන එකින් එක නඩු දාල වැරදි කරපු අය හිරේ දාන්න කියපිය, නැත්නම් ඔය පයිල් ටික කාවෝ කයි, මොකද ලක්ෂ 54 න් 50ක්ම ගෝඨාභයට දීපු ඡ්න්ද හරි ආණ්ඩුවක් හදාගන්න නම් කියපු ටික කරන්න වෙයි එහෙම නැත්නම් අර විපක්ෂ කට්ටිය එකතුවෙලා ආණ්ඩුවක් හැදුවම තොපිට ආයෙත් නාහෙන් අඩ අඩ බැන බැන ඉන්න වෙයි, මළ ඇඬියාව දැන් වත් නවත්තලා වැඩ කරපියව් අපට පවු නොදී.

    ReplyDelete
  10. අනුර කුමාර සහෝදරයාගේ ඇට දෙක

    ReplyDelete
  11. මාතලන් මොකද අර ගෝල්පේස් එකේ රජයේ නිලධාරීන්ට අයත් වාහන ගාල් කරපු සීන් එක ගැන හිතන්නේ? ඒ ගැන තව විස්තර හොයල බලල සම්පූර්ණ විස්තර සහිතව පෝස්ට් එකක් දාන්න පුළුවන්ද?

    මොකද රජයේ සේවයේදී භාවිතා කරන භාණ්ඩ භාරගත් බවට ඉන්වෙන්ටරි සටහන් දාල හරි සංකීර්ණ වාත procedure එකකට තමයි සියලු දෙනාටම වැඩ කරන්න සිදු වෙන්නේ, ඒ අනුව සරල උදාහරණ ගත්තොත් ඇත්තටම සාමාන්‍යයෙන් පාසලක ගුරුවරයෙක් මරුවෙලා ගියත් විධිමත්ව බඩු බාර දීමේ ලිපියක් නිකුත් කරනවා... ඒක අනිවාර්යයි... විදුහල්පති කෙනෙක් විශ්‍රාම ගියොත් විධිමත් ක්‍රමවේදයකට පාසලේ සියලුම බඩු බාහිරාදිය බාරදෙන්න ඕන... ඒවා සම්පුර්ණ වෙනකල් පෙන්ෂන් එකත් අනුමත වෙන්නේ නෑ... සමහර විදුහල්පතිවරු පුස්තකාලයේ පොත් තමන්ගේ සල්ලි වලින් අරන්දිලා... ගෙවිච්ච උදලු කෑලි... පරණ computer කැල්ලේ ඉදලා පෙන්නලා යන්නේ...
    සමහර මිනිස්සු පෙන්ෂන් එක හදාගන්න බැරුව අවුරුදු ගණන් දුක් විදිනවා... එහෙම මැරිලා ගිය අයත් ඉන්නවා.... එහෙම රටේ...

    👉මේ විදියට වාහන විධිමත්ව බාර නොදි තැන තැන නවත්තලා යන්න පුළුවන් ද?

    👉නැත්නම් ඇත්තටම මේවා විධිමත්ව කාට හරි බාර දිලද මේ නවත්තලා තියෙන්නේ?
    එහෙම බාර දුන්නා නම් මේක මාලිමාවේ බොරු දේශපාලන රංගනයක් ද?
    (Video කරලා මාධ්‍යයට දෙන එක)

    👉එහෙම නැත්නම් විධිමත්ව නිකුත් කල වාහන නෙමෙයිද මේ ? එහෙමනම් බාර දෙන්න ක්‍රමවේදයක් ඕන නෑ...ඔහොම නවත්තලා යන එක තමා සුදුසුම.... මොකද වැඩේ මාට්ටු වෙනවනේ...

    👉 පස්සේ ඇවිත් විධිමත්ව බාර දෙනකල් නවත්තලා ගියපුවා වෙන්නත් පුළුවන්

    👉 ඇත්තටම බොරු මාධ්‍ය සංදර්ශන ඕන නෑ... මේකේ ඇත්ත කතාව එලියට එන්න ඕන...මොකද මිනිස්සු ගොඩක් බුද්ධිමත් දැන්...

    🔴 අනික ආණ්ඩුවක් කරන්න පුද්ගලික වාහන වල ගිහින් බෑ....වාහන යම් ප්‍රමාණයක් ඕන...ඒක අපිට එළියේ ඉදන් මෙච්චරයි කියන්න බෑ...
    අනික pickme ගිහින් නිළදාරීන්ට රාජකාරී කරන බෑ....
    රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට සැලකිය යුතු වාහන ප්‍රමාණයක් අනිවාර්යෙන්ම ඕන....ඒකේ ප්‍රමාණය ඒ විෂය ගැන දන්නේ නැති අපිට අදහස් දක්වන්න අමාරුයි ...
    ඒ නිසා ජනප්‍රිය මාතෘකා පස්සේ යන්නැතුව ප්‍රායෝගික තත්ත්වයට මුහුණ දෙන්න ඕන...
    ජනාධිපති කෙනෙකුට අනිවාර්යයෙන්ම හොඳ ආරක්ෂාවක් ඕන...
    වත්මන් ජනාධිපතිතුමාටත් ඒ වෙනුවෙන් සැලකිය යුතු වාහන ප්‍රමාණයක් තියාගන්න වෙනවා අනිවාර්යෙන්ම.... ඒ නිසාම මේ ගැන පැහැදිලිව විස්තර කරලා කියන්නකො මාතේ මේ මාධ්‍ය කාරයෝ තනිකරම කෙබරනේ ගහන්නේ

    ReplyDelete
  12. Nation Building Force 🔴 ජනපති අනුර, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එම තනතුරෙහි දිගටම තබාගනිමින් කටයුතු කිරීමට තීරණය කොට ඇතැයි වාර්තා වේ. 🔴

    රනිල් වික්‍රමසිංහ ජනපතිතුමන් සමග ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් රට ගළවාගැනීමට එක්ව ක්‍රියාකරද්දී, ආචාර්ය නන්දලාල් ගත් පළමු තීරණයේ සිටම ඔබත් ඔබගේ පාක්ෂිකයනුත් ඔහුට එල්ලකළේ අවලාද, අපහාස, ගැරහුම්ම පමණි.

    - අපේ මුළු ආර්ථිකයම IMF සහ ඔවුන්ගේ න්‍යායපත්‍රය සමග ගැටගැසුවේ ඔහු බවට අවලාද නැගුවේ ඔබයි

    - මහබැංකු අධිපතිවරයෙක් අර්බුදය හමුවේ ආර්ථිකය ඇකිළීමට තීරණ ගන්නේ නම් අප රටට කුමක්ද ඉතිරිවන්නේ යැයි ඔහුගෙන් ඇසුවේ ඔබයි

    - EPF ප්‍රතිව්‍යුහගතකිරීමේදී ඇතුළු බොහෝ තීරණ වලදී ඔහුට ගැරහුම් කළේ ඔබයි

    ඒ සියලු අවස්ථාවල ඔබත් ඔබගේ පක්ෂයේ ගමන්මග වැරදි බවත්, ජනපති රනිල් සහ ආචාර්ය නන්දලාල්ගේ ගමන් මග නිවැරදි බවත් අපි දැඩි ලෙස කියා සිටියෙමු.

    එදා රතු පැහැ දෑකත්තයි මිටියයි බිම තබා, දම්පැහැ මාලිමාවක් ඔසවා ගත් සේම;
    අද ඔබ පසුගිය අවුරුදු දෙක පුරා වේදිකා දෙවනත් කරමින් පතුරුගැසූ අප කඳවුරේ ප්‍රතිපත්ති වැළඳගනිමින් සිටිනු දැකීම සතුටකි.

    අනුර වික්‍රමසිංහට සුබ පතන අතරේ, වසර දෙකක් පුරා ඔබගේ කියුම් කෙරුම් විශ්වාස කරමින් ඡන්දය දුන් ඔබේ අන්ධභක්තිකයන්ගේ පහන් සංවේගය උදෙසා මේ ඔබේ ප්‍රකාශ පෙළ ඇතුළත් වීඩියෝව පළ කෙරේ.

    Welcome to the Club !
    #AnuraWickremesinghe

    ReplyDelete
  13. මාතේ,

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දෙවන වරට ඉදිරිපත් වූ ජනාධිපතිවරණයෙන් ද මෙරට මහජනතාව විසින් තීරණාත්මක ලෙස පරාජයට පත් කර ඇත. ඒ අනුව සජිත් ප්‍රේමදාස තමා ඉදිරිපත් වූ ජනාධිපතිවරණ දෙකම පරාජයට පත් වී ඒ අනුව තම දේශපාලන ගුරුවරයා මෙන්ම පසු කාලීනව සිය අංක එකේ දේශපාලන සතුරා වන රනිල් වික්‍රමසිංහ හා එකම එක ආකාරයකින් සමාන වීමට මහඟු අවස්ථාවක් ඔහුට විවර වී ඇත. ඒ සඳහා ඔහු කළ යුතු වන්නේ කෙසේ හෝ ඉදිරි ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වීම පමණකි. එවිට ඉදිරිපත් වූ ජනාධිපතිවරණ 3ම පරාජය වූ රනිල් වික්‍රමසිංහගේ වාර්තාව සම කිරීමට ඔහුට හැකිවනු ඇත.

    මම මේක ජනාධිපතිවරණයට පෙරත් කිව්වා. අදත් කියනවා.

    සජිත් ප්‍රේමදාස කියන්නෙ මේ රටේ කිසිම දවසක ජනාධිපතිධූරය වැනි අතිශය බරපතල වගකීමක් සහ සුවිසල් බලයක් සහිත තනතුරක් වැරදීමකින් හෝ ලබා දිය යුතු පුද්ගලයෙක් නොවන බව සාමාන්‍ය සිහිබුද්ධියකින් ඡන්දය දෙන ඕනෑම මනුස්සයෙක්ටම මේ වෙනකොට අවබෝධ වී අවසන්ය. ඔහු තව ජනාධිපතිවරණ 100කට ඉල්ලුවත් ජනතාවගේ ලේ වලටම කිඳා බැස ඇති මේ අදහස වෙනස් කරන්නට ඔහුට කිසිදු හැකියාවක් නැත.

    වැඩ කිඩ කෙසේවෙතත් ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් සහිත අය කියලා සමාජය තුළ පොදුවේ පිළිගැනීමක් තියෙන කිහිප දෙනෙක් තමන්ගෙ ආර්ථික කණ්ඩායම කියලා පෙන්නලා නෙවෙයි මුළු ලෝකයේම ඉන්න අංක එකේ ආර්ථික විශේෂඥ කණ්ඩායමක් ගෙනල්ලා තමන්ගෙ වටේ තියාගත්තත් මෙලෝ ගැඹුරක් බරපතලකමක් නැති සජිත්ගේ හිස් කම වහන්න එය ප්‍රමාණවත් නොවේ.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නික්ම යාම එක්ක ලංකාව තුල ඇති වූ අතිවිශාල දේශපාලනය රික්තය විපක්ෂ නායකයා වශයෙන් පිරවීමට සජිත් ප්‍රේමදාස සම්පූර්ණයෙන්ම පාහේ අසමත් විය.

    ඔහුගේ ඒ නොහැකියාව අවසන් වූයේ දේශපාලනිකව 3% මට්ටමේ සිටි අනුර දිසානායක මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වී ලෝක මැතිවරණ ඉතිහාසය පවා වෙනස් කරමින්.

    මෙවර ජනාධිපතිවරණයේදී මේ රටේ දක්ෂිණාංශික දේශපාලන කඳවුර පරාජය කරවීමේ අංක එකේ වගකිව යුත්තා ද සජිත් ප්‍රේමදාසමය.

    අදින් පසුවත් මෙරට දක්ෂිණාංශික කඳවුර ශක්තිමත්ව, බුද්ධිමය වශයෙන් සහ සංකල්පීයමය වශයෙන් ගොඩ නැංවීමට ඇති ලොකුම දේශපාලන බාධකයද සජිත් ප්‍රේමදාසය.

    මෑත කාලීනව සහ අනාගතයේද මේ රටේ මැතිවරණ ප්‍රථිඵල තීරණය කිරීමට තීරණාත්මක බලපෑමක් කරන තමන් උගත් බුද්ධිමත් පිරිසක් යැයි තමන් විසින්ම විශ්වාස කිරීමට කැමති, ඒ හේතුව නිසාම අසාමාන්‍ය තරමේ බරපතල මෝඩයෙක් ලෙස සමාජය ඉදිරියේ තහවුරු වූ පුද්ගලයෙක්ට කිසිදු තත්වයක් යටතේ ඡන්දය දීමට නොපෙළඹෙන මෙරට සුවිශාල මධ්‍යම පංතියට සහ ඕනෑම සාමාන්‍ය සිහි බුද්ධියක් සහිතව තමන්ගේ ඡන්දය දෙන මිනිසුන් වෙනුවෙන් ආකර්ෂණීය වන දේශපාලන කඳවුරක් ගොඩ නැඟීම කරා යන ගමන් මඟ මුළුමනින්ම අහුරාගෙන සුවිසල් ගොම්බෙට්ටක් ලෙස විරාජමානව සිටින මහා බාධකය සජිත් ප්‍රේමදාසය. (අවංකම සමාව ඉල්ලනවා ඒ වචනය භාවිතා කිරීම ගැන.)

    දක්ෂිණාංශික කඳවුර නියෝජනය කරන අයකුට මේ මොහොතේ විකල්ප දෙකක් ඇත.

    එක්කෝ හර්ෂලා, එරාන් ලා, කබීර් ලා වැනි අවස්ථාවාදී තකතීරුවන් මෙන්ම මෙය නම් නිසැකවම තඩි ගොම්බෙට්ටක් බව දැන දැනත් ඒ ගොම්බෙට්ට සතු Block Vote එකේ පිහිටෙන් තමන් කෙසේ හෝ පාර්ලිමේන්තුවට පැනගැනිමේ පරම දැක්ම වෙනුවෙන් ගොම කුරුමිණියන් මෙන් ඒ ගොම ගොඩ තුළ නාසය වසාගෙන හෝ ලැගීමට හිත හදාගත යුතුය.

    එසේ නොමැති නම් ඒ සුවිසල් ගොම්බෙට්ට ඉවත් කර ලංකාවේ බහුතර උගත් මධ්‍යම පන්තිය ආකර්ෂණීය කරගත හැකි, රෙද්දක් ඇඳගෙන ලැජ්ජාවට පත් නොවී තැනක කටක් ඇරලා අපි නම් ඡන්දෙ දෙන්නෙ මෙන්න මොහුට ය, ඒ මෙන්න මේ නිසා යැයි කිව හැකි නායකයෙක් සොයා ගත යුතුය.

    ප්‍රේමදාස වාසගම හැරුණු විට වෙන කිසිවක්ම, වෙන කිසිවක්ම නොමැති සජිත් ප්‍රේමදාස වැනි ජෝකරයකුට මේ භද්‍ර කල්පය තුරාවට ඒ නායකයා විය නොහැකි බව පමණක් ලියා තබමි..!!! 🇱🇰

    ReplyDelete
  14. අනුර කුමාර රනිල් ගේ ලොල්ලා

    ReplyDelete
  15. මාතා උඩ මාලිමාවට අනුරලාට කඩේ ගියාට කමක් නෑ ඒත් කරන දෙයක් පරිස්සමට කරපන්, දැක්කනේ මාලිමාවට රෙදි කරේ තියාගෙන හෙලුවෙන් කඩේ ගියා සුදාට වෙච්ච දේවල්? ඌට නම් ඉතින් දිගටම වුණේ ඔහොම හබක් තමයි, මතකද මීට අවුරුදු ගාණකට කලින් ගලි සුදා ITN සභාපතිකම ගන්න බලං එකඑකාට කඩේ ගියා. මූ හෙන සතා නිසා උනුත් මූට දුන්නෙ නැති නිසා මේකා පරල වෙලා පහුගිය කාලේ උන්ට බැණ බැණ මාලිමාවට රෙදි නැතුව කඩේ ගියා. ඕන්න අද මාලිමාවෙනුත් ඒ තනතුර මූට නොදී වෙන එකෙකුට දුන්නා. ඒ කියන්නේ හෙට ඉඳං ගලි සුදා මේ මාලිමා ආණ්ඩුවටත් බණිනවා. 😂😂😂 හරි සන්තෝසයි නේද?

    ReplyDelete
  16. මාතලනා දැන් මාලිමා ජෙප්පෙක්නේ, ඒ නිසාම මාලිමාවේ ආණ්ඩුව ණය ගන්නවාට පිළියමක් යෝජනා කරන්නේ නැත්තේ ඇයි?

    ඔන්න නිව්ස් එකක් ඇවිල්ල තියෙනව සුළුතර ජනවරමේ ජනාධිපති යටතේ රුපියල් බිලියන 120ක් හොයන්න භාන්ඩාගාර බිල්පත් නිකුත් කරන්න යනබව කියනවා. ඉතාම පැහැදිලිව ඒ කියන්නේ එයා යටතේත් ණය ගන්න ආරම්භ කරනවා කියන එකනේ

    ඒත් ඒ වෙනුවට කරන්න පුළුවන් දෙයක් තියනවා

    සුළුතර ජනවරමේ ජනාධිපති අනුර කුමාර දිසානායක පත්වුනාට පස්සේ නාස්තිකාර වියදම් කියලා වාහන සංදර්ශණයක් මේ දවස්වල කොළඔදී පවත්වනවා.

    එයට සමගාමීව එයාගේ ජන්ද දායකයෝ 216 කට වාහන 6,000යි හෙන ගහනවා කිය කිය පෝස්ට් ෂෙයා කරනවා. 😀😀

    ජනාධිපතිට පුළුවන් ඔය වාහන 6,000 රජයේ නිසා වෙන්දේසි කරන්න.‼️

    මේ වෙනවිට රටේ ලක්ෂරි වාහන වලටම (කෝටි 3ක් හතරක් වෙන ) 8000-10000 අතර ඉල්ලුමක් පවතින බව වාහන වෙන්දේසිකරුවන් කියනවා.

    මේවනවිට ලක්ෂරි වාහන ගෙින එකත් තහනම් කරලා නිසා ඔය වාහන 6,000 සතියක්,ඇතුලේ පෞද්ගලික ඉල්ලුම්කරුවන්ට වෙන්දේසි,වෙනවා

    ඉතිං ඔය වාහන මාළිමාවේ අයම කියන විදිහට කෝටි 3ක් 4 වටින වාහන නම්වා ඒ වාහන 6000ම මධ්‍යස්ථ අගයකට ගනන් බලලා කොටි දෙක ගානේ විකිනුවත්

    අද බැදුම්කර විකුණලා,ණයට ලන්න හදන බිලියන 120 හොයාගන්න පුළුවන්.

    ජනතාවට රජයේ,දේපල ජනතාවට අත්පත් කරලා දෙනවා කියන්නේ,ආන්න ඒවා.

    එහෙම නැතුව ඔය වගේ ගොන් වාහන සංදර්ශණ දාලා ඒවා පස්සේ සුළුතර ජනවරමේ ජනාධිපතිගේ ආන්ඩුවේ අය අතරේ,බෙදලා දෙන එක නෙවෙයි.

    ඒ වගේම රට ණය කරලා ණය කරලා කියලා එයාලත් ඇවිත් අළුතින් ණය අරං එදා වේල රෝල ගහන එකත් නෙවෙයි..📍

    සුළුතර,ජනවරමේ,ජනාධිපති පොරක් නම් ජනාධිපති මංදිරේ සහ ඒ අවට වාහන 6000 ක් ගාල් කරලනම් ඒවා ජනතාවට ප්‍රසිද්ධියේ,වෙන්දේසි කරනවා පෙන්නලා

    එකතු වුන මුදල රාජ්‍ය භාන්ඩාගාරයට යවනවා පෙන්වන්න. ‼️

    ආය ඕවට නීතී රෙගුලාසි හරස්,වෙන්න විදිහක් නෑ ජනාධිපතිට පුළුවන් එක පෑන් පාරකින් ඒ තීන්දුව දෙන්න

    ඒවා වැරදියට පාවිච්චි කරා කියන අයට දඩුවම් දෙන්න වාහනය තියෙන්නම ඔින නෑ

    සරළයි අපි කීවේ බැදුම්කර විකුණලා බිලියන 120ක් හොයන්න යන අනුර තුමාට සල්ලිත් හොයාගෙන ජනතාවටත් විශ්වාසය තහවුරු,කරන්න පුළුවන් දෙයක්.

    ඒකට කේන්ති ගන්නවනම් ඒ අයට දේශපාලන මෙන්ටිසෝරි ගමන ගිහිං එන්නම කියන්න වෙනවා.

    ReplyDelete
  17. අඩේ ගෝතලන්, කෝ බොලාගේ පක්‍ෂයේ දෙවෙනියා සහ මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් බ්‍රදර් කාරයා දිව්රුම් දෙන උත්සවේට ආපු නාකි මයිනාගේ අත අල්ලගෙන මයිනාගේ අත ඉඹගෙන අර නටන නාඩගම මොකක්ද බං?මමනම් ආසම කයි විජිතයා මහින්ද ඉස්සරහ දෙකට නැවිලා ඉන්න විදිහට 🤣🤣🤣 කෝ මේවට ගෝතලන්ට උත්තර නෑ නේද?

    ReplyDelete
  18. මාතලන් රෙදි ඇඳගෙන ද මාලිමාව ට කඩේ යන්නේ?😀😀

    ReplyDelete
  19. මාතලන් කියන විදියට හරිනි ගාල්ල අමරසූරිය පරම්පරාවේ යනු මිත්‍යාවකි. ඇයගේ ආචාර උපාධි කතාවද තවත් අසත්‍ය ව්‍යාජ ඔසවා තැබීමක් පමණි. නාවල විවෘත විශ්ව විද්‍යාලයේ වැඩ සටහන් හැදීමට පැමිණි කලා අංශයේ උපාධිධාරිනියක වූ ඉතාම සාමාන්‍ය කෙනෙකු වූ ඇය පසුව විවිධ රාජ්‍ය නොවන සංවිධාන වල සේවය කරන අතර තුල කලා අංශයේ මානව විද්‍යාව (Anthropology) අංශයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබමින් කලකට පසුව කතිකාචාර්‍ය දක්වා ගොස් ඇත. වෙනත් කිසිදු විශ්ව විද්‍යාලයක ඇය සේවය කොට නැත. මැය සේවය කල Care Internationl ආයතනය යුද්ධය කාලයේ LTTE සංවිධානයට යටින් උදව් කළ NGO එකකි. අද ජවිපය තුළ ඇමරිකා න්‍යාය පත්‍රයට බටහිර උවමනා වෙනුවෙන් පෙනී සිටින මැයගේ සැබෑ ස්වරූපය ඉදිරියේදී ජනතාවට බලා ගැනීමට හැකි වේ. ව්‍යවස්ථාව මගින් රාජ්‍ය නිරාගමික කිරීමට පෙනී සිටි හරිනි දැන් සමහරුන්ට සුගලා දේවි ලෙස පෙනීමේ විපාක ද අනාගතයේ බලාගත හැකි වනු නොඅනුමානය. 😃

    ReplyDelete
  20. මාතා, අනුර සහෝදරයාගේ ජයග්‍රහණය අප මීට වැඩිය හොඳට ජනගත කිරීම ආරම්භ කරන්නට අත්‍යවශ්‍ය බව මම අවධාරණය කරනවා විශේෂයෙන්ම හැමොටම අනිවාර්යයෙන්ම මතක ඇති ගෝල්ෆේස් එක අසල ගාල් කර ඇති රජයේ නිලධාරීන් පාවිච්චි කර නැවත බාර දුන් වාහන නැරඹීමට බොහෝ ජනතාවක් එන බව දුටුවා..ඇත්තටම එය සිදු විය යුතුයි..මගේ අදහස නම් අරගලයෙන් මන්දිර අල්ලාගත් පසු ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණියා හා සමානව මේ වාහන බැලීමටත් රටේ හතර දිග්බාගයේම වෙසෙන ජනතාව පැමිණිය යුතුයි කියන එක..

    ඇත්තටම පහුගිය මැතිවරණ සමයේ බස්රථ වලින් මාලිමාවේ රැළිවලට ⁣පැමිණීමට ප්‍රවාහන පහසුකම් සැපයූ ආකාරයටම මේ "සොරුන්ගෙන් මුදා ගත් වාහන" නැරඹීමට කොළඹ පැමිණෙන මිලියන ගණනක ජනතාවට රජයේ ලංගම ඇතුලු බස්රථ වලින් ප්‍රවාහන පහසුකම් සැපයිය යුතුයි..

    එය ජාතික වගකීමක්..වෙනසක් පුනරුදයක් ප්‍රාර්ථනා කරන රටවැසියන්ට අස්වැසිල්ලක්...🙏❤️

    ReplyDelete
  21. ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ local කූඹියෝ නෙවෙයි බන් international කූඹියෝ.අනුර කුමාර දිසානායක උන්නැහේ ජනාධිපති හැටියට දිවුරුම් දෙද්දී සතුටින් සිනාසිසී හිටිය විදේශීය තානාපතිවරිය එක්සත් ජනපදයේ ජූ ලී චං ගේ බොඩි ලැංග්වේජ් බලපන්, දැනට ඉතුරු වී පවතින මාලිමාවටත් කෙළියාම ඇයගේ ටාගට් කවර්, මොකද අනුර කුමාර මාලිමා පාලනයත් ඉතාම ඉක්මනින්ම ජනතාව අතර අප්‍රසාදයට පත් කර එම රජය පෙරළා දැමුවහොත් ජාත්‍යන්තර උවමනාවන් කිසිදු විරෝධතාවයකින් තොරව ඕනෑම ආකාරයකට ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි බව තේරුම්ගත හැකියි නේද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න