රෝස නෝනා ඇදගෙනම නෑවාය
අලි තාමත් නාන්නේය
➖➖➖➖➖➖🐘🐘🐘
පොඩි උන් රුන්නාම හත් පොලේ ගාගෙන නානවාය. රෝසිත් දේශපාලනයේදී චූටී බේබී කෙනෙක්ය. ඇත්තටම මෙයාලා දේශපාලනය දන්නේම නැතිය. මෙයාලා මෙච්චර කල් දේශපාලනයේ උන්නේ පෙර පිනටය. ඒත් ඒ යුගය අවසන් වීගෙන යන බවක් පෙනෙන්නට තිබෙනවාය.
ඇය රූප රාජිනියක්ය, නිලියක්ය. ඊට පස්සේ මෝටීවේසොන් කල්ට් එකක් ලංකාවේ මුලින්ම හැදුවේ රෝසිය. ඒ ෆිනිෂින්ග් ඉස්කූල් කියලා එකක්ය. තා තා කතන්දර ගොඩාක් තිබ්බත් ඒවා අපට අදාලම නැතිය.
රටේ කරුමෙට එයා දේශපාලනයටත් ආවේය. එයා ඉතරක් නොව පබාත් ආවේය. එයා කන කෑම ජාති දියවන්නා ගවගාලේ නැතෙයි කියා... කතානායකට පැමිණිලි කොට.... ඒ කෑම කැන්ටිමට ගෙන්වා ගැනීමේ සටනකින් ඇය ජයගත්තේය.
ඒ හැර... උන්දෑ දේසපාලනයට ඇවිත් කළ කී දෙයක් වේ නම් ඔහේලා මතක් කර දෙන්නේ නම් බෝ අගේය.
කොළඹ නගර සභාවේ අය වැය විස්තර ටක්කෙටම නිවැරදිව කියා.... ඇය ලෝක වාර්තාවක් තැබුවේය. මම පක්ෂ නායකයා නම්.... ඇය දේශපාලනයෙන් එලවන්නේ එදාය.
ආර්ථික අර්බුදයක් හා අරගලයක් මැද්දේ පෝට්ටුවේ උන්ගේ පිහිටෙන් ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ උන්නැහේ කළේ.... එවන් පිස්සු විකාරයක් උපදේශිකාවක් ලෙසින් පත්කොට ආන්ඩුවෙන් නඩත්තු කරන්නට පටන් ගැන්මය.
උන්දෑ පමණක් නොව.... ඇපත් නැතිව කෙලවෙලාම ගොස් පින්නවල දමා උන් සාගල, වජිර, අඛිල, ආශූ, රවී වැනි පිරිස්ද දාගැනීමෙන් සිඳු වුනේ.... පෝට්ටුවේ උන් තරහා කොරගන්නා එකය.
ඇත්තටම මෙයාලා ගත්තා කියා.... තඹ සතේක වැඩක් වුනේ නැතිය. තිබ්බ ලක්ෂ 2.5 අමතරව ඉතිරි ලක්ෂ 20 ම එකතු කර දුන්නේ නිමල් ලංසා හා ප්‍රසන්න රණතුංගය.
ඒ වෙනුවට ඔය වියදම් වලින් බැසිල් කීප සැරයක්ම එවූ ලැයිස්තුවේ කීප දෙනෙක්ට ඇමතිකම් හෝ නියෝජ්‍ය හෝ දුන්නා නම්..... දේශපාලනයේ මීට වඩා දෙයක් වෙන්නට තිබුනේය.
දැන් හදන්නට යන සංධානයකට වුවත්. මේ වගේ අලි ජෝක් එකතු කර ගත්තොත් වෙන්නේ.... ලැබිච්ච චන්ද ලක්ෂ 22 කටත් හොඳ එකෙන්ම කෙලවා ගැන්මය.
කොරන්න තියෙන හොදම වැඩේ.... මේ අනාථ අලි ටික නැවතත් පින්නවලටම ගාල් කරනා එකය...
රට ආර්ථික වශයෙන් ගොඩ දැමූ රනිල්ට කෙල වෙන්නට එක ප්‍රධාන හේතුවක් වූයේ..... මේ බහුබූත මරගාත ජනාධිපති ලේකම් කාර්යාලය අස්සේ දා ගත්තු එකය.
ඒකෙන් සිඳු වුනේ.... අලී සබ්රී, කංචන, ෂෙහාන්, ප්‍රමිත හා දිලුම් වැනි පැහැදිලි අනාගතයක් තිබූ තරුණ දේශපාලඥයන්ටද කෙලවෙලා යන එකය.
තා පොඩ්ඩෙන් වේයෝ කාලා මහ විනාශයක් සිඳු වෙන්නට ගිය රෝස නෝනාට අපට කියන්නට තියෙන්නේ මෙච්චරය....
ඔයා ඔය බොරු මරිසි දාන්න එපා...
ඔයා දාන මරිසි අපිට තේරේනවා සුදු නෝනේ...
වොයිස් කට් නොදී...
කට පුප වසාගෙන උන්නා නම් මීට වඩා නම්බුයි කියලාය......
ඒ වගත් මෙසේය.........
.
මේ කතාව ඇත්ත ඒත් මේ කියන කතාව ගැන මාතලන් මොකද ඇත්තටම හිතන්නේ?
ReplyDeletehttps://youtu.be/di-5C0sMQ_w?si=mtiNIHH61ovHsM-5
රෝසි වගේද නිලන්ති කොට්ටච්චි?
ReplyDeleteමේක අහල බලන්න.
"ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් කොළඹ වරායෙන් ගොඩබානකොට රුපියල් 212 යි.
ගමේ විකුණන්නෙ 348 යි
එක ලීටරයකට රුපියල් 102 ක බද්දක් ගහනවා." (22 mins)
(මේ බොරතෙල් බැරලය ඩොලර් 85-90 ට විතර තිබුන කාලෙ. අද බොරතෙල් බැරලය ඩොලර් 70-75 යි )
මේ කතාව අහල බලන්න
https://www.facebook.com/watch/?v=313939247836082
මාතේ,
ReplyDeleteඅනුර කුමාර දිසානායක ජනපතිවරයා යටතේ, නව ජාජබ ආණ්ඩුව ශ්‍රීලංකන් ගුවන් සේවය රාජ්‍ය අයිතිය යටතේ තව දුරටත් තියා ගන්න බව ප්‍රකාශ කරලා. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ගුවන් සේවය රාජ්‍ය පාලනය යටතේ තියා ගන්න අවශ්‍ය බව ජාජබ ආර්ථික ප්‍රධානියා පවසනවා. සමාගම පාඩු නොලබන, වඩා කාර්යක්ෂම තත්වයකට ගෙනෙන බවත් ඔහු පවසනවා.
යම් මාර්ගයක මගී ගමනාගමනය සඳහා ඉල්ලුමක් තියනවා නම් ඉතා ඉක්මනින් එයට සරිලන සැපයුමක් තරගකාරී ගුවන් සමාගම් වලින් සපයන බව කොවිඩ් සහ ආර්ථික අර්බුද වලින් පසු පෙනුනා. අහෝසි කර තිබුණු ගුවන් ගමන් වාර වේගයෙන් වැඩි කල බවත් පෙනුනා. සංචාරකයන් එනවා නම් ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන සැපයුම වෙළෙඳපොළ විසින් සපයනු ඇත. එයට රාජ්‍ය සතු ගුවන් සේවයක් අනවශ්‍යයි.
ප්‍රමාණවත් ඉල්ලුමක් නැති, එනිසා පාඩු ලබන ගුවන් මාර්ග වල සේවා පවත්වා ගෙනයෑමට නම් දේශපාලන හේතු මත තීරණ ගන්නාවූ ගුවන් සේවයක් අවශ්‍යයි.
මේකට හොඳම උදාහරණය ලංකාවේ කතෝලික කාදිනල් තුමාගේ ඉල්ලීම මත කොළඹ සහ ඉතාලියේ ගමනාන්ත වෙත ශ්‍රී ලංකන් ගුවන්සේවය මගින් අධික ලෙස පාඩු ලබමින් කතෝලික වන්දනාමාන කිරීම සඳහා ඉතාලියට යන වන්දනාකරුවන්ට සුබසාධනය පිණිස කොළඹ සිට ඉතාලියේ කතෝලික සිද්ධස්ථාන පවතින නගර කීපයක් දක්වා ඍජු ගුවන් ගමන් සේවා සැපයීම සිදුකිරීම.
දැනටමත් අධික ලෙස පාඩු ලබන ඩොලර් බිලියන දෙකකට අධික පාඩුවක් සහිත ශ්‍රී ලංකන් ගුවන්සේවා ඉතාලියට මෙසේ සෘජු ගුවන් සේවා පවත්වා ගෙන යෑමේ බර දරන්නේ අසරණ දිළිඳු ජනතාවයි. ඒවගේ තීරණ ගන්නේ දේශපාලන අධිකාරිය. පාඩුව දරන්නේ කාදිනල් තුමා නොවෙයි, බදු ගෙවන අපි. ප්‍රමාණවත් ඉල්ලුමක් නැති මාර්ග වල සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් සේවා පවත්වා ගෙන යෑමේ පාඩුව දරන්න වෙන්නෙත් බදු ගෙවන අපටයි. එන සංචාරකයන්ගෙන් ජනනය වන ආදායම ලබාගන්නේ ගුවන් සේවය හෝ එහි අයිතිකරු වන රජය නොවෙයි, හෝටල් කරන සමාගම්. නමුත් ඔවුන් රටේ ආර්ථිකය වෙනුවෙන් සිතා බලා රජයට පරිත්‍යාග හෝ අඩුම තරමේ හරියට බදු වත් ගෙවනවා ද?
මේ තර්කය යටතේ ගුවන් සේවය රාජ්‍ය අයිතිය යටතේ තබා ගත්තොත් එය කාර්යක්ෂම කිරීමේ සහ පාඩු නොලබන තත්වයකට ගෙන ඒමට බැරි වෙනවා. රජය යටතේ තබා ගෙන ආයතනය ප්‍රතිව්‍යුහගත කර පෞද්ගලික කළමණාකරණ සමාගමකට පවරා එම ආයතනය මගින් පත් කරන දක්ෂ කළමනාකරුවන්ට වාණිජ තීරණ ගැනීමට පූර්ණ නිදහස දුන්නොත් බොහෝවිට ඔය කාර්යක්ෂම කිරීමේ අරමුණ වෙත යන්න පුළුවන්. නමුත් එවිට ඔය සංචාරක ප්‍රවර්ධන කියන පාඩු ලබන අරමුණ අතහරින්න වෙනවා.
සත්‍ය වශයෙන් ගුවන් සේවය කාර්යක්ෂම කිරීමට නම් තව තවත් ආයෝජන අවශ්‍යයි. උදාහරණයකට පරණ ගුවන් යානා තියා ගෙන කාර්යක්ෂම සේවයක් සපයන්න බැහැ. අයිතිය සියයට සීයක් රජයේ නම් ඒ ආයෝජන කරන්න වෙන්නේ රජයට.
රජයට මුදල් ප්‍රභව දෙකක් තියෙනවා. එකක් මහා භාණ්ඩාගාරය. ඒ කියන්නේ ඔබේ මගේ බදු මුදල්. දෙවැන්න රජය ඇපවී ලබාගන්නා දේශීය සහ විදේශීය ණය.
මේ දෙකටම IMF එකඟතාවය මගින් වැට බැඳලා තියෙන්නේ. ඉතින් එම ගිවිසුම බලාත්මක කාලය තුල ආයෝජන රහිතව බැරි ගානට තමයි දුවන්න වෙන්නෙ. ඒ කියන්නේ කෙටි කාලීනව කාර්යක්ෂමතා අරමුණ ඉෂ්ට කරන්න බැරි බවයි.
හිතමු කොහොම හරි මේක ඇදගෙන යනවා කියල IMF ගිවිසුම ඉවර වෙන තුරු. ඒ වෙනකොට ගුවන් යානා තවත් පරණයි. ආයෝජන අවශ්‍යතාවය තවත් වැඩියි හදිසියි. නමුත් මුලික ප්‍රශ්නෙ තවමත් එහෙමමයි.: භාණ්ඩාගාරයද, රජය ඇපවු ණයද? කොයි විකල්පය තේරුවත් බිල ගෙවන්නේ අපි. වැඩි බදුද? මුදල් අච්චු ගහල උද්ධමනයද? සත්‍ය තේරීම කරන්න වෙනනේ ඔය විකල්ප දෙක අතරින් තමයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය නිරන්තරයෙන් පාඩු ලැබීමට හේතු සහ ලාභය වැඩි කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග:
Deleteපාඩු ලැබීමට හේතු
අධික ණය බර: ගුවන් සේවය වසර ගණනාවක් තිස්සේ සැලකිය යුතු ණය ප්‍රමාණයක් රැස්කර ඇති අතර, එය ලාභයට බලපාන ඉහළ පොලී ගෙවීම්වලට හේතු වී ඇත.
මුදල් අනුපාත උච්චාවචනය: ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආදායම් සහ වියදම් බොහෝ දුරට විදේශ මුදල්වලින් සිදු වන බැවින්, දේශීය මුදල් අවප්‍රමාණය වීමට එය ඉතා සංවේදී වේ.
මෙහෙයුම් අකාර්යක්ෂමතා: ගුවන් යානා බිම තබා තිබීම සහ අධික අවලංගු කිරීම් අනුපාත වැනි ගැටලුවලට ගුවන් සේවය මුහුණ දී ඇති අතර, එය එහි විශ්වසනීයත්වයට සහ ආදායමට බලපා ඇත.
දේශපාලන මැදිහත්වීම: නුසුදුසු පුද්ගලයන් බඳවා ගැනීමට තුඩු දෙන දේශපාලන මැදිහත්වීම් පිළිබඳ වාර්තා ඇති අතර, එය සේවා ගුණාත්මකභාවයට සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවයට බලපෑම් ඇති කර ඇත.
ආර්ථික අභියෝග: ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික දුෂ්කරතා ගුවන් සේවයේ කාර්ය සාධනයට සහ වැඩිදියුණු කිරීම් සඳහා ආයෝජනය කිරීමේ හැකියාවට බලපා ඇත.
වැඩිදියුණු කිරීම සඳහා විභව උපාය මාර්ග
ණය ප්‍රතිව්‍යුහගත කිරීම: ගුවන් සේවයේ ශේෂ පත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රමුඛත්වය දීම තුළින් ණය සේවා කිරීමේ පිරිවැය අඩු කිරීම.
ගුවන් යානා ඵලදායී කිරීම: බිම තබා ඇති ගුවන් යානා පිළිබඳ ගැටලුව විසඳීම සහ මෙහෙයුම් විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම සඳහා අතිරේක ගුවන් යානා සුරක්ෂිත කර ගැනීම.
ගමන් මාර්ග ප්‍රශස්තකරණය: ලාභදායී මාර්ග කෙරෙහි අවධානය යොමු කිරීම සහ දුර්වල කාර්ය සාධනයක් ඇති මාර්ගවල පාඩු අවම කිරීම සඳහා ගමන් මාර්ග ජාල විශ්ලේෂණය කිරීම සහ ප්රශස්ත කිරීම.
පිරිවැය පාලනය: ආරක්ෂාව හෝ අත්‍යවශ්‍ය සේවා හානි නොකර සියලුම මෙහෙයුම් සඳහා දැඩි පිරිවැය කප්පාදු කිරීමේ පියවර ක්‍රියාත්මක කිරීම.
සේවා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම: ගුවන් සේවයේ කීර්තිනාමය වැඩිදියුණු කිරීම සහ වැඩි මගී සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීම සඳහා කාර්ය මණ්ඩල පුහුණුව සහ පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීම් සඳහා ආයෝජනය කිරීම.
උපායමාර්ගික හවුල්කාරිත්ව: ළඟා වීමේ හැකියාව පුළුල් කිරීම සහ ජාල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා වෙනත් ගුවන් සේවා සමඟ කේත හවුල් ගිවිසුම් හෝ සන්ධාන ගවේෂණය කිරීම.
ආදායම් කළමනාකරණය: ගුවන් ගමනක් සඳහා උපරිම ඵලදාව ලබා ගැනීම සඳහා සංකීර්ණ මිල නියම කිරීමේ සහ ආදායම් කළමනාකරණ පද්ධති ක්‍රියාත්මක කිරීම.
පෞද්ගලීකරණය: රජය දැනට ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට කටයුතු කරමින් සිටින අතර, එමඟින් නව ප්රාග්ධනය සහ කළමනාකරණ විශේෂඥතාව ගෙන ඒමට හැකි වනු ඇත.
ඩිජිටල් පරිවර්තනය: මෙහෙයුම් සරල කිරීම, පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම සහ පිරිවැය අඩු කිරීම සඳහා තාක්ෂණයට ආයෝජනය කිරීම.
කාර්ගෝ කේන්ද්‍රීය වීම: ආදායම් ප්‍රවාහ විවිධාංගීකරණය කිරීම සඳහා කාර්ගෝ මෙහෙයුම් පුළුල් කිරීම, විශේෂයෙන් වත්මන් ගෝලීය සැපයුම් ඉල්ලුම සැලකිල්ලට ගනිමින්.
මෙම උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට එහි මූල්‍ය අභියෝගවලට මුහුණ දීමට සහ ලාභදායීත්වය කරා ගමන් කිරීමට උපකාර විය හැකිය. කෙසේ වෙතත්, ගුවන් සේවයක වාසනාව වෙනස් කිරීම අඛණ්ඩ උත්සාහයක් සහ උපායමාර්ගික තීරණ ගැනීම අවශ්‍ය වන සංකීර්ණ සහ කාලය ගත වන ක්‍රියාවලියක් බව සැලකිල්ලට ගැනීම වැදගත් ය.
කට වහගෙන ඉන්නව නං ඕනි ගොනෙක්
ReplyDeleteටික දොහකට හරි වෙනවලු පණ්ඩිතයෙක්
නිල් සායම්වලින් නාගත් එක නරියෙක්
මුනිවත රකිනකල් වුණේලු ලොකු නිරිඳෙක්
නිදී අනුර කුමාර දිසානායක සහෝදරයාට ඔයා ඡන්දය නොදුන්න එක වෙනම කතාවක් ඒත් ජනාධිපති තුමාට නරියෙක් කියල බනින එක හරිම වැරදියි දැන් අනුර කුමාර දිසානායක සහෝදරයා අපි හැමෝගෙම ජනාධිපති අනික ඔහු ඉතාම ජනතාවාදී කෙනෙක් කියලා පෙන්වලා තියෙනවා ඉතින් ඔහොම අපහාස කරන එක නවත්තන්න නැත්නං අපට ඔයාට විරුද්ධව දැඩිව ක්‍රියාත්මක වෙන්න සිදුවෙයි හොඳද? අපිව ඒ තත්ත්වයට පත්කර ගන්න එපා හරිද?
Deleteමගේ බ්ලොගයට ගොඩවී බලන්නකෝ. මා දරන දේශපාලන මතවාද එහිදී තේරම් ගත හැකියි.
Deletehttps://nidigepanchathanthare.blogspot.com/2024/10/blog-post.html
රෝසි වගේද බන් මේ හට්ටි කොච්චි කොට්ට හච්චි
ReplyDeleteමේ මාලිමාවේ තිස්ස කුට්ටි වෙච්ච නීතිවේදි නිලන්ති කොට්ට හචී
https://www.facebook.com/haraspara/videos/1908575919655314/?mibextid=rS40aB7S9Ucbxw6v
මේ කතාව අහල බලල මේ ගැන පෝස්ට් එකක් දාපන් බන් ලමාතන් බොලාගේ පක්ෂයනේ ඉතින් දැන්..
රෝසි ගේ Porsche වාහනේ ගැන කට්ටිය කිණ්ඩිය දැම්මට ඇත්තටම ලංකාවේ වාහන තාක්ෂණය සම්බන්ධ විශේෂ අවධානය යොමු වෙන්න ඕන දේවල් ගොඩක්ම තියෙනවා මොකද ලංකාවෙ නවීන වාහන සම්බන්ධව තාක්ශණයෙන් සන්නද්ධ වු නිසි නියාමන අධිකාරියක් නෑ. නවීන වාහන වල බාවිතාවන තාක්ශනයෙන් වැඩි ප්‍රතිශතයක් අයත් වෙන්නෙ motor mechanics වලට වඩා electrical, electronics සහ embeded systems කියන ක්ශේත්‍ර වලට.
ReplyDeleteවිශේෂයෙන් දෙමුහුන් (හයිබ්‍රිඩ්) සහ විදුලි වාහන සම්බන්ධව විශේෂඥ දැනුම තියෙන ඉංජිනේරුවන් ලංකාවෙ නැති තරම්. පේන විදියට එම ක්ශේත්රද අත්පත් කරගෙන ඉන්නේ motor mechanics වෘත්තිකයින් සහ ව්‍යාපාරිකයින්.
දෙමුහුන් සහ විදුලි වාහන ඉන්ජිනේරුවන් ගේ විශාල අවශ්‍යතාවයක් ලංකාවට තියෙනවා. ලංකාවේ විශ්ව විද්‍යාලවල එම විෂය ඉගැන්වීමට තරම් ප්‍රායෝගික දැනුමක් සහිත ආචාර්ය වරු ද නැතිතරම්.
මගේ පුද්ගලික අත්දැකීමෙන් යමක් කියන්නම්.
මේ රටේ ඉහල තලයේ යැයි පිලිගන්නා විශ්ව විද්‍යාලයක විද්‍යාර්ථයෙක් නොවන මා මේ වන විට Embeded Systems Engineering පස්චාත් උපාධිධාරියකු වෙමි. අපට දේශන පැවත්වූ බොහෝ ආචාර්ය මහාචාර්ය වරුන් මේ රටේ ඉහලම විශ්ව විද්‍යාල වලින් බිහිව විදේශ රටවලින් ආචාර්ය උපාධි සම්පූර්ණ කල දේශක වරුය. කණගාටුවට කරුණ නම් ඔවුන්ගේ දැනුම කාලාන්තරයක් තිස්සේ පර්යේශන නිබන්ධන මතම පමනක් රදාපැවතුන ඒවා වන බැවින්. සමහර න්‍යායික කාරණා අතිශයින් සාවද්‍ය අන්තයටම ගොස් තිබිනි.
උදා; Electronics Design Engineer කෙනෙකුට Analog to digital conversion methods කියන්නෙ හරියට පෙදරේරුවකුට ගඩොල් කැට වගේ. Successive Approximation Method දේශන පැවත් වූ නමුත් එය සැබවින්ම නොදන්නා මහාචාර්ය වරයා ද මෙන්ම ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල වලින් ඉන්ජිනේරු උපාධිය ලබා ගත් විද්‍යාර්ථයෝ ද දේශනයට සම්බන්ධ ව සිටියා. කිසිවකුත් දේශනයේ වරදක් නොදුටු අතර බුදු බණක් සේ ශ්‍රද්ධාවෙන් අසා සිටියා විනා කිසිවකුත් ප්‍රශ්ණ කලේ නෑ.
ඒ වන විටත් උපාධියකට හිමිකම් නොකීවද මා ඒ වන විට ලබාගෙන තිබූ උසස් තාක්ශණික ඩිප්ලොමාව ද අවබෝධ කොටගෙන තිබූ විශයානුබද්ද දැනුම සහ විසිවසරක පමණ එම දැනුම ප්‍රායෝගිකව ක්රියාවේ යෙදවීමෙන් ලද පන්නරය හේතුවෙන් "දේශකතුමානෝ" ට දේශනයක් කොට එම සිද්ධාන්ත කාරණාව සහ ඔහුගේ නිබන්ධනය නිවැරදි කලා. (දේශනයේ video recordings මා සතුව ඇත). මෙය සරල සිද්දියක් වුවත් මෙහි පිටුපස ඇති පනිවිඩය බරපතලයි. ආචාර්ය වරයෙක් තමන්ගෙ lecture content එක precentation එක ආවාට ගියාට හදන්නෙ නෑ.ඒ වගේම ඔහු ඒ ක්ශේත්‍රයේ ආචාර්ය උපාධි දාරියෙක්.ඔය එකක් විතරයි ඕන තරම් හොයාගත හැකි. ගුරු කුලයෙන් සිසු කුලයට දැනුම සම්ප්‍රේශනය වීමෙන් උපාධි ලෝගුවට බැස එලියට එන බහුතරයක් උගතුන් සැබෑ උගතුන් බුද්ධිමතුන් නොවීම අපේ රටේ කාර්මික දියුනුව මන්දගාමී වීමටත් ඉන්ජිනේරු ක්ශේත්‍රය ඉන්ජිනේරුවෝ නොවන ප්‍රජාව අතේ පැවතීමටත් එක හේතුවක්.
"ලූලා නැති වලට කනයා පන්ඩිතයා" කියන්නෙ ඒකනෙ.මේ රටෙන් නවෝත්පාදන නැත්තෙත් ඒකයි.
අපි දන්නේ "නිශ්පාදකයාගේ පිරිවිතරයන්ට අනුව කටයුතු කිරීමට" පමණයි.
අපි ඉතින් Global Statics, Marketting forums, Business strategies, Global innovative achevements, Global eco chains දිහා බලාගෙන ටෝක්ස් දිදී ඉන්නවා.
කරුමෙම කියන්නෙ මේ රටේ මොකක් හරි නවත්පාදනයක් තියෙනවානම් අර ටෝක්ස් දෙන මුදලාලිලා එක්කෝ ඒකට අකුල් හෙලනවා. නැත්නම් ඒක අයිති කරගන්න බලනවා. ඉන්ජිනේරුවන්ට ලැබෙන්න තියෙන අවස්ථා මුදලාලිලා අරගෙන ඉන්ජිනේරුවන්ට හුලං.🤣
දැන් ඉතිං "යන්නෙ කොහෙද මල්ලෙ පොල්" කියන්න එපා ප්ලීස් 🤭🤭🤣🤣🙏
මාතලන්, ඇත්තටම බස් ගාස්තුව සංශෝධනය කිරීමට මාලිමාවේ නව ආණ්ඩුව දැඩි ලෙස අසාර්ථක වීම පිළිබඳව වැඩිදුර විස්තර කරලා පෝස්ට් එකක් දාන්න බැරිද? මොකද ලංකාවේ බස් කාරයෝ කියන්නේ තනිකරම ගසා කන්නො... ලංකාවේ පෞද්ගලික බස් රථ නියාමනය කරන්න ඕන..
ReplyDeleteඒ කියන්නේ ලංකාවේ වර්තමානයේ වෙන්නෙ පළාත් අනුව නම් මධ්‍යගත වෙන්න ඕන... අතින් කඩලා ටිකට් දීම..ප්‍රශ්න ඉතුරු සල්ලි වංගු ගැහැම...කොහොමද මේ ක්‍රමය නවත්වන්නෙ කියලා අදහසක් නැහැ.
( ඒකට උදාහරණයක් දෙන්නම් මීට දශක දෙහෙකට එහා ඩුබායි වල ටැක්සි සමාගම් 5 ක් තිබ්බා..ඔවුන්ගේ මීටර් සමාන නැහැ ..පැමිනිලි ගොඩයි..ආණ්ඩුව කලේ සමාගම් හිමියන් කැදවලා ඔවුන්ගේ ටැක්සි ආදිපත්‍ය රජයේ නියාමනය වෙනුවෙන් යොමු කලා..උදාහරණයක් එක් ටැක්සියක අවම දුර දිරාම් 12 යි..මෙයින් 50% ක් රජයට ..50% ක් සමාගමට..මොකො රජය විසින් ටැක්සි පාලනය කරනවා ජී.පි.එස් තාක්ෂණය හරහා..සි.සි.ටි.වි කැමරා අනුගත...බොරු බැහැ ...සමාගමට අවුලක් නැහැ ශ්‍රමය කාලය ඉතිරිය කොමිෂන් එක එකවුන්ට් එකට..ලංකාවේ දුර්වල තාක්ෂණය නිසා ඕක කරන්න බැහැ ...තාක්ෂණය දියුණු මැදපෙරදිග ඩුබායි ඉන්න නිසා දන්නවා ඒක..ලංකාව ගැන තියෙන්නේ දුකක්..)
ඒ නිසා දැන්වත් recharge card system එක අනිවාර්ය කලා නම් හරි... ඉන්දියාව වගේ රටවල් පාරෙ තැඹිලි විකුණන මිනිහගෙ ඉඳල cashless payment options පාවිච්චි කරන්නෙ...
මේව නියාමනය කලානම් වක්රාකාර දේවල් නිකන්ම හැදෙනව... මාරු සල්ලි මාටිය ගහන්න බෑ... ආදායම් පැහැදිලියි...
Three wheeler meter අනිවාර්ය කිරීම තවත් ඒ වගේ දෙයක්... පාරදෘශ්‍ය භාවයක් හැම system එකකටම ගේන්න ඕනෙ... මේක ඔයාලගේ අලුත් ආණ්ඩුවට කියල ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න.
අඩෝ මාතා ප්‍රවීන් ජයවික්‍රම සිදුවීම පිළිබඳව විචාරාත්මක පෝස්ට් එකක් දාන්න බැරිද? මොකද ඒ කොල්ලා වරදක් කරලා නෑ, Praveen Jayawickrama ලංකාවටත් ගහන්න කලින් LPL තරගාවලියක match එකක් fix කරන්න කියලා කලුතර ඔහුගේ පාසලේම වැදගත් කියන මහත්මයෙක් කියා ගන්නා එකෙක් යෝජනාවක් කරලා තියෙනවා. ( ඔහුත් අපේ ස්කොලේම එකෙක්) ඉතින් ප්‍රවීන් එයට ප්‍රතික්ෂේප කරත් ඔහු ඒ පිලිබදව බලධාරීන් දැනුවත් කලේ නැති නිසයි මේ suspend එක කරලා තියෙන්නේ.
ReplyDeleteඉතින් ප්‍රවීන් ජයවික්‍රම එයට සමාව අයදීමෙන් පසුවයි මේ දේ ඔවුන් තීරණය කර තිබෙන්නේ..
කෙසේ වෙතත් කියන්න තියෙන්නේ තමා වටේ වැදගත් කියා සිතමින් ඇදුමට ,වාහනයට වැදගත් ආකාරයට සමාජයට ප්‍රතිරූපය පෙන්නමින් ඇතුලාන්තය ගොම ගොඩක් මෙන් අසික්කිත මිනිසුන් අප කොයි අතරෙත් ඉන්නවා. මට උගේ නම මේකෙ දාලම මේ කමෙන්ට් එක
දාන්න පුලුවන් හැබැයි ඌ වගේ අසික්කිත මිනිහෙක් නොවන නිසා එය නොකරමි. එයට හේතුව ඔහුගේ මව දවසකට හෝ අපිට පාසලේදී සිනහවක් තුලින් ආශිර්වාදයක් කරලා තියෙන නිසා
(මිනිස්සුන්ව මනින්න ඕනේ ඇතුලතින් මිසක් පිටතින් ඒ කාලයට ඇසිරෙන ආකරයෙන් නොවේ 🙂) පාඩම ඔබටත් මටත් ගත හැකි
සිරාවටම කිව්වොත්...
ReplyDeleteමම හිතං හිටියා ජවිපේ බලයට ආවොත් පට පට ගාලා රාජ්‍ය සේවයත්... රාජ්‍ය යාන්ත්‍රණයත් වෙනස් කරන්න ගත යුතු සෙටප් එකක් හදං ඇති කියලා...
අඩුම ගානේ ඉහල ඉදලා පහලට ජනාධිපතිවරයාට කෙලින්ම කල හැකි පත්වීම් ටිකවත් දවසක් ඇතුලත කරලා දාන්න තරං ඒ ඒ අංශවලට සම්බන්ධ අත්දැකීම් ඇති... චෝදනා නැති මොක්කුම හරි ලයිස්තුවක් මුං අතේ තියං ඇත්තේ කියලා...
ඒත් රනිල් මැදිහත් වෙලා ඉල්ලා අස්වීමේ ලිපි බාර දෙන්න බලං හිටිය බරගානක් ඒ තීරණයෙන් නවත්තගත්තේ නැත්තං මෙලහකට අනුරලා බරපතල අර්බුධයකට ගිහින්...
රැල්ලට යන ජෙබයියෝ අගමුල නොදැන රනිල්ට තාමත් බැන බැන හිටියට අනුර පලවෙනි සතියෙන්ම හාන්සි නොකර තියාගන ඉන්නෙත් රනිල්...
අමාරුවෙන් දීගත්ත පත්වීම්වලත් කුණු කේස් එක දිගට ඇදෙමින් පවතිනවා...
විපක්ෂයේ ආධාරකරුවන් බහුතරයක් දැන්ම ගහන්න හොඳ නැහැ කියලා අකුලං බලං ඉන්න වෙලාවක් වෙලත් මේ කරලා තියෙන පත්වීම් ටික පවා අනුරලව හිරකරං යන යාම වේගවත් වැඩියි...
ඇයි එහෙම උනේ...?
අනුරලා දෙන පත්වීම් ගන්න තරං වැඩ්ඩෝ නැද්ද... නැත්තං වැඩ්ඩන්ට අනුරගෙ ආණ්ඩු කෙරුවාවේ ඉදිරිය ගැන විශ්වාසයක් නැතිකමද...
එහෙමත් නැත්තං අනුරලට ඒ ඒ ආයතනවල කුණු හොය හොය දිදී ස්ට්රයික්වලට මුල් තැන දිදී හිටියා මිස ඇත්තටම ජවිපේ හිතවාදීන්ට තම තමන් ස්ථානගතව ඉන්න ආයතනවල කෙරෙන කටයුතු ගැන දක්ෂතාවයන් නැති නිකංම නිකං කඩාකප්පල්කාරීන් විනා ආයතන මෙහෙයවන්න තරං හැකියාවක් නැතිකමද...?
අවසානයට පේන දේ තමා තාම රනිල් දුවපු වේගෙට පීල්ල දීගේ රට යනවා විනා ඒ පීල්ලෙන් අනුරලගෙම පීල්ලකට පන්නවගන්න පාටක් පේන්නෙත් නැති... රනිල්ගේ පීල්ලේ වේගය අඩු වෙච්ච දාට මොකක් වෙයිද කියලා අනුරලවත් දන්නැති තත්වයක මේක තියෙනවා කියන එක...
මෙහෙම පෝස්ට් එකක් දැකපු ගමන් කුලප්පු වෙන අය තමන්ගෙන්ම අහගන්න ඕන...
ඇත්තටම කෝ අනුරලගේ ආණ්ඩුව දුවවන්න දක්ෂතා ඇති මිනිස්සු කියන එක...
එහෙම අය ඉන්නවනං දුන්න පත්වීම් ටික අතරෙම කලින් හිටිය උන්ම වැඩි ඇයි කියන එක...
ඇත්තටම ඉම්රාන් ඛාන් ඇමරිකා එක්සත් ජනපදයට කොකා පෙන්වලා චීනයත් එක්ක එකතු වෙන්නේ නැතුව දිගටම ඇමෙරිකාවත් එක්ක හිටියා නම් තාමත් ඉන්නවා. ඒ පැත්තෙන් බැලුවොත් අනුර කුමාරත් තමන්ට ජනපතිධුරය අත්පත් කර දුන්නු ඇමරිකා ඉන්දියා කණ්ඩායම සමග දිගටම ඉන්න ඕනේ, චීනය ඔහුව 2018 දී මෛත්‍රීපාල සිරිසේන මුදලට ගත්තා වගේ මුදලට ගැනීමට උත්සාහ කරාවි ඒත් ඒකට අහු නොවී දිගටම ඇමරිකානු ඒජන්ත විදියට චීනය අතේ දුරින් තබාගෙන ඉන්දියාවත් එක්ක කිට්ටු සබදතාවයක් තියාගෙන ඉන්නවා නම් ඉදිරියෙදි එන්න තියෙන ප්‍රශ්න ගොඩක් අඩුවෙයි නේද?
ReplyDeleteඅඩේ මාතලන් බිත්තර වසන්තය ඉවරයි නේ දැන් බිත්තර මිල රුපියල් 40 - 45 අතර තව ටික දවසකින් පණහකටත් වඩා ඉහළට යාවි එතකොට පසුගිය දවස්වල මෝඩ ජෙප්පෝ උඩ පැන්න බිත්තර වලින් ඇමති ට ගිය රු .10 කොමිස් එක නැති වුන නිසා බිත්තර මිල අඩු වුණා කියලා…. ඒක හරි නං…… දැන් අලුත් ඇමති ට කොමිස් රුපියල් 10 දෙන්න පටන් අරගෙන ඇති….ඒ නිසයි නැවත බිත්තර මිල වැඩි වුනේ…. එහෙම?
ReplyDeleteමාතා, ඉන්දියාව ඔන්න ඉංදියාව electric trainsවලට මාරු වෙනව. Diesel engines ටික නිකං දුන්නට spare parts අපිට සල්ලි දීල ගන්න වෙන්නෙ. කුණු ගොඩකින් හරි ආදායමක් ගන්න බලන්නෙ, එයාල ඒ අතින් රටට ආදරෙයි. Km ලක්ෂ ගණන් දුවපු ලෙලි ගහපු එන්ජින් ටිකක් නිකන් දෙන්න හදනවා. ඊටපස්සේ ඒවට spare parts ගන්න තියෙන්නෙත් උන් ගාව. ගෙවිච්ච එන්ජින් වලින් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවය ක් බලාපොරොත්තු වෙන්නත් බෑ.China උන්ගේ locomotive එක ගත්තත් උන්ගේ එන්ජින් එක තියෙන්නේ ගොඩක් වෙලාවට ජර්මන් තාක්ෂණයෙන් හදපු එකක්. අදටත් ලෙඩ අඩුවෙන් දුවන්නේ china ගෙනපු සෙට් , වෙස්ටර්න් රටවලින් ගෙනාපු ඒවා යින් පස්සේ. මෙච්චර පැහැදිලිව fact vise තියෙද්දී නිකන් දෙන එක ගන්න එක හොඳයි කියන වුන්ගේ මොලේ අයින්ස්ටයින් ටත් වඩා හොඳ එකක් වෙන්න ඕන. කරන්න ඕන හදලා වියදම් අවම ව දුවන්න පුළුවන් ටික ගොඩ දාන එක. පෙට්ටිත් ඇතුළත්. එහෙම ත් නැත්තං චීනයේ න් කොමිස් නැතිව අවශ්‍යම ප්‍රමාණය ගන්න ඒක. දැන් මාලිමා ආණ්ඩුවක් තියෙන හන්ද කොමිස් ගන්න කාක්කෝ ටික අයින් කරලා දාන්න පුලුවන්නේ ...............................එහෙම නේද? 🫠
ReplyDeleteලංගම සභාපති පත්කරන්න මාතලනාලගේ අලුත් පක්ෂයට කෙනෙක් හිටියෙම බං? රමල්ලා චන්ද්‍රිකා මහින්ද my3 තුන් දෙනාගෙම ලංගම සබාපති. නිමල් සිරිපාලයගෙ දාර චක් ගෝලයෙක්. මුගෙන් බේරන්න බැරුව ඔය 3න් දෙනාම බුවා ලංගමෙන් එලෙව්වා. හැබැයි නන්දෙගෙ කාලෙ මූව ගත්තේම නෑ. නන්දෙයා මූව එලෙව්වාට පස්සේ ඕකා මාලිමාවට සෙට් වෙලා ආණ්ඩුව විවේචනය කරා මාලිමා රැස්වීම වල දැන් මාලිමාවෙ ගම්පහ දිස්තික් සංවිදායක කමක් තියාගෙන ඉන්නව ඒ අස්සේ ඔන්න අනුර කුමාර දිසානායක මේ පල් හොරා දැන් ආයේ ලංගම සබාපති කරලා. නමේ හැටියටම හැට පැන්නත් රම..ට මයි මෑන් ගෙ හිත.ලිංගි%ක අල්ලස් චෝදනා තියන කෙනෙක්. එච්චරයි එයාගෙ පැටිකිරිය .
ReplyDeleteජෙපි සාහිත්‍යයෙ මහ බැංකුවට, තාජුඩීන්ට, උගන්ඩාවට තිබුන තැන ඒ වෙනුවට ජනාධිපති අනුර සහෝදරයගෙ අසහාය රෑපකායට සහ ඩබල් පොකට් ෂර්ට් එකට ලැබෙමින් පවතින බව පේනවා. මහා පුරුස කොට ලප අනුර සහෝදරයා හෙන හැන්ඩියා කියලා ජෙපි වහල් හැතිකරය වැලලෙන හැටි දැක්කම අපිට හිකෙන් පුනා 😅🤣😂
ReplyDeleteමාතලන් මාලිමාවට බැඳුනේ රනිල් කියපු නිසාද නැත්නම් මාලිමාව රනිල් වික්‍රමසිංහ අනුව යන නිසා ද? ඇත්තටම මේක මාර revelation එකක් මට. එතකොට අනුරාධ කියන්නේ අනු + රාධ ඒ කියන්නේ රාධා අනුව යන. අනුරාධ තමයි අනුර වෙන්නේ. අනුර= අනු+ර. ර කියන්නේ ඇත්තටම රාධ හි shortened form එකක් වුනත්. අපි ඒක ටිකක් වෙනස් කරමු. ර යන්නෙන් රාධ යන්න නිරූපනය නොවී රනිල් යන්න නිරූපණය වේ යැයි සිතමු. එවිට අනුර කියන්නේ රනිල් අනුව යන තේරුම එන්නේ. අනුර= රනිල් අනුව යන. හෝ රනිල් පසු පස යන. OMG කොච්චර උචිත etymology එකක් ද . නියම/සත්‍ය/original etymology එක "රාධා අනුව යන" වුනත් යම් කිසි කාලයකට, යම් කිසි තැනක පවතින සමාජ දේශපාලන සංස්කෘතික තත්ත්ව වලට ගැල පෙන්න මිනිස්සු වචන වල established etymology වෙනස් කර ගන්න එකට කියන්නේ folk etymology හෙවත් er (සිංහල වචනේ දන්නෙ නෑ )
ReplyDeleteකිසිදු ජනාධිපතිවරයෙකුට IMF ව්‍යාපෘතියට පත්කළ මහ බැංකු අධිපති පාළනය කරන්න බෑ. .ඔහු 2028 වනතුරු ඔහුට පැවරී ඇති IMF නිර්දේශ මත විදේශ සංචිතය වර්ධනය කරගන්න ඩොලර් රාජ්‍ය අවශ්‍යතාවයන්ට නිදහස් නොකරන්න කටයුතු කරන අතර අනුර දිසානායකට ඉතුරුව ඇත්තේ මුල්‍ය වෙලද පලෙන් එදිනෙදා වියදමට ණය ගැනීම පමණි. මොකද දැනට ආන්ඩුවට වඩා IMF එකේ ව්‍යාපෘතිය සහ එයට අදාලව ස්වාධීන කරන ලද මහ බැංකු අධිපතිවරයා බලවත්ය.
ReplyDeleteමුල්‍ය වෙලදපලෙන් රජයට ණය ගැනීම වැඩිවන විට රටේ ආර්ථික ක්රියායලිය ඇකිලෙන අතර රජයට රටේ ව්‍යවසායකයන් අතට යන්නට නියමිත ණය මත දුවන්නට සිදුව තිබේ.
මේ මාසයට දෙවනි වරට මුදල්,ඇමති ලෙස ජනාධිපතිවරයාට කෝටි 4000 ක ණය සපයා ගැනීමට සිදුවන්නේ පරණ පුරුදු ගමනටම රට යන්නට සිදුව ඇති නිසා, ඒක වහන්න වසන්ත සමරසිංහ මාධ්‍ය සාකච්ඡා වක් තියල කියනව අපි හොරු අල්ලන්න වැඩ පටන් ගත්තලු.. රාජපක්ෂ ලට රනිල්ට ගැලවීමක් නෑ ලු.. ඔක්කොම හොයාගෙන ඉවරයිලු..
ඇත්තටම පව් කියලත් හිතෙනව මුන්
රට ගොඩගන්න කරන්න තියෙන ප්‍රදානම වැඩේ තමයි 90% ක් විතර ඉන්න පින්බත් ගිල ගිල මෙච්චරකල් රට කාපු රාජ්‍ය සේවක පින් බතාලව අඩුම තරමේ ආයෝජන කලාප වල රැකියා වලට අනුයුක්ත කරලා ඒ සමාගම් වලට ඒ වෙනුවෙන් බදු සහනයක් ලබා දෙන එකයි. එතකොට රජයට දැනෙන අනවශ්‍ය බර අඩු වෙලා සන්වර්දිත රටවල වගේ මුලු රාජ්‍ය බදු ආදයමම රටේ සන්වර්දනයට පමනක් යෙදවිය හැකියි. රෑ දවල් දෙකේ දුක් මහන්සිවෙලා ප්‍රයිවෙට් සෙක්ටර් එකේ වැඩ කරන මිනිහගේ පඩියෙන් බාගයක් විතර ටැක්ස් කපලා රාජ්‍ය සේවක පින් බතෙකුට ගෙවනවා කියන එක තරම් සාපයක් රටට තවත් නෑ. රටට හම්බ කරලා දෙන්න ඉන්න එකම ප්‍රයිවෙට් සෙක්ටර් එක බාගෙට බාගයක් දැනටමත් වැහිලා ටැක්ස් නිසා. මාලිමාවේ අය සහ ජනාධිපති අනුර මැතිවරණයට කලින් සහතික කොට ප්‍රතිඥාවක් දුන්නා බදු සහන ලබාදීම අනිවාර්යයෙන්ම කරනවා කියලා, කෝ දැන් ඇත්තටම ඒ බදු සහන?
ReplyDeleteදෙවනුව සැමට පොදු නීතියක් ක්‍රියාත්මක කල යුතුයි. රාජ්‍ය දේපල අවභාවිතා කල උන්ට සාදාරණ නඩු විභාගයකින් පසුව තරාතිරම නොබලා මරණ දඩුවම ලබාදිය යුතුයි. මාලිමාව රාජ්‍ය සේවයේ පින්බතාලා හුරතල් නොකර උන්ගෙන් වැඩ අරගෙන රටටම ජාතික ධනය නිර්මාණය කරන ජනතාවට සහන සැලසීම අවශ්‍යයි එයයි කළ යුතු වෙන්නේ.
පාස්පෝට් පෝළිමේ අමිහිරි මතක...
ReplyDeleteගරු අනුර දිසානායක ජනාධිපතිතුමා හෝ ගරු හරිනි අමරසූරිය අගමැතිතුමිය හෝ වගකිවයුතු කිසියම් නිළධාරියෙකුගේ අවධානයට...
මම කවදාවත් සමාජ මාධ්‍ය වල කිසිම දෙයක් මේ විදියට ලියලා නෑ... ඒත් මේක ලියන්නම හිතුණා...
බ්‍රසීල රජයේ විශ්ව විද්‍යාලයකින් හිමිවුණ පූර්ණ ශිෂ්‍යත්වයක් මත පුහුණු වැඩමුලුවකට බ්‍රසීලයට යන්න මට අවස්ථාවක් හම්බවෙලා තියෙන නිසා 04/10/2024 දින සුහුරුපාය බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ගියේ මගේ පාස්පෝට් එක අලුත් කරගන්න. ඒත් ගියේ රටේ තියෙන පාස්පෝට් අර්බුධය ගැන නොදැනගෙනම නෙවෙයි. වීසා එක ගන්න මාස හයක් පාස්පෝට් එක වලංගු වෙන්න ඕනනේ. ඒත් මගේ පාස්පෝට් එකේ වලංගු කාලය තිබුණේ මාස 5 ක් වගේ. පුහුණු වැඩමුලු, සම්මන්ත්රණ ආදියට රජයෙන් කියලා රුපියලක්වත් නොදෙන කාලයක ලෝකය පුරාම රටවල් වලින් 30 දෙනෙක් පමණක් තොරගෙන, යන්න එන්න ගුවන් ටිකට්පත්, කෑම, නවාතැන් හැමදේම දීලා ලෝකය පුරා ප්‍රසිද්ධ පර්යේෂකයන්ගෙන් දැනුම ගන්න ලැබෙන මේ පුහුණු වැඩමුලුව කොහොම අතාරින්නද? එහෙම හිතලා තමයි වැඩේට අතගැහුවේ.
ඉතින් 04 වෙනිදා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට යද්දි උදේ 7.25 යි. පෝළිමේ සෙනග 1000 ට වැඩියි. එක්දින සේවයට එන්න එදා දින දෙන්නේ 25/10/2024 කියලා කීපදෙනෙක්ගෙන් විස්තර අහලා දැනගත්තා.මට යන්න තියෙන්නෙ 26 වෙනිදා. ඉතින් පෝළිමේ ගිහින් වැඩක් නෑ කියලා හිතුන නිසාම ඉහළම නිළධාරීන් කිහිපදෙනෙක් සම්බන්ධ කරගෙන මගේ අවශ්‍යතාවය කියන්න බැලුවා. කියන්න සන්තෝෂයි. එයාලට ඒවා අදාළම නෑ. “පෝළිමේ ඉන්න ඕන…කඩුවෙල පොලිසියෙන් ගහන සීල් එක ඕන… අංකයක් ගන්න ඕන. එහෙම නැතුව කිසිම දෙයක් කරන්නෙ නෑ… කාටවත් කතාකරන්නත් බෑ…” කියලා තමයි හැමතැනින්ම කිව්වේ. වැඩ රාජකාරි ඉහටත් උඩින් තියෙන අතරේ නිවාඩු අරගෙන ගියපු පළවෙනි දවස ඉවර උනේ ඔහොමයි. හිත හදාගෙන ආපහු හැරිලා මාතරට ආවා.
දැන් තමයි හොදම ටික...
මොන රාජකාරි තිබුණත් කලින් කියපු ඉලක්ක තුනට යන්නම වෙනවනේ කියලා 06/10/2024 ඉරිදා සවස 03.40 වෙනකොට ආපහු ගියා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට. 07/10/2024 සදුදා පෝළිමට ඒ වෙනකොටත් 23ක් ඇවිත්. මම 24 වෙනියා. අංකයක් ගන්න තව පෝළිමේ ඉන්න තියෙන කාලය ආසන්නව පැය 15ක්... පිච්චෙන්න ගිනි අව්ව ඒ වෙලාවෙ. මොනවා කරන්නද...ඉවසීම ප්‍රගුණ කලා උපරිමේටම...යන්න තියෙන පුහුණුවෙන් ලැබෙන අත්දැකීම් එක්ක අපේ විශ්ව විද්‍යාලයේ ළමයින්ට රට වෙනුවෙන් අලුත් දෙයක් උගන්නන්න ලැබෙයි, ලොකෙ පුරා ඉන්න පර්යේෂකයන් එක්ක අලුත් සබධතා ඇතිකරගන්න පුලුවන් වෙයි කියන හැගීමෙන් හිත හදාගන්න උත්සහ කලා කරන්න දෙයක් නැතිම තැන.
ඉතිරි...
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පරිශ්‍රයේ හට් සහ පුටු කොපමණ තිබුණත් පෝළිම හදන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සිට 200m පමණ දුරින් ඉදලා. ඒකත් කුණු ඇලක් ගලාගෙන යන ලයිට් එකක් වත් නැති පාරක පදික වේදිකාව මත ..රෑ වෙනකොට මදුරුවන්ගෙනුත් අඩුවක් නෑ ඒ නිසාම..රු.20,000 ක් ගෙවලා පාස්පෝට් ගන්න ආව මිනිස්සුන්ට නිකන් පාස්පෝට් ගන්න ආවා වගේ තමයි සලකන්නෙ නම්.. ඉටි රෙදි කෑල්ලක් අරන් ඒකත් එලාගෙන හැමෝම ගැන හිතලා මදුරු කොයිල් පෙට්ටියකුත් ගෙනත් දීලා ඒවත් තැනින් තැන පත්තු කරගෙන කලුවරේම රෑ 12.20 වෙනකල් කාලෙ කෑවා ඉදලා හිටලා මදුරුවොත් තල තල.. විශ්ව විද්‍යාලයේ කරන්න තිබුණ වැඩ මතක් වෙනකොට නම් පුදුම දුකක් ආවේ ඒ නිකන්ම යන කාලෙ ගැන.අවාසනාවට 12.20 ට පටන්ගත්තා මහ වැස්සක්… ඒක පායනකොට උදේ 8.30 ත් පහුවෙලා. ඉතින් එළි වෙනකල් තත්පරයක් වත් නිදි නැතුව පුදුම සැපක් ලබාගත්තා. කුඩ වලින් බේරෙන්න පුලුවන් වැස්සක් නෙවෙයි වැස්සෙ නම්... මේ අව්වට කරවෙන්නෙ වැස්සට තෙමෙන්නෙ රු. 20,000 ක් ගෙවලා පාස්පෝට් ගන්න ආව මිනිස්සු. ඒ මිනිස්සු පාරවල් වල මෙහෙම දුක් විදින්න ඕනද?... මිනිස්සු පුදුම දුකකින් කළකිරීමකින් කතාකලේ රට ගැන. ඇත්තටම දරාගන්න අමාරුයි තමයි කාට වුණත්…
Deleteඉතින් වැස්සට තෙමිලා තෙමිලා උදේ 6.00 ට මහ වැස්සෙම සීල් එකයි දිනෙයි දාගත්තා. පෝළිමේ සෙනග 1500 ට වැඩියි එදාත්. 28/10/2024 තමයි පැය 15 ටත් වඩා පෝළිමේ ඉදලා මට හම්බ වුණේ. ඒ කියන්නෙ තව දවස් 22 කින්. මේ දවස් වල එක්දින සේවය යන්නෙ ඔන්න ඔහොමයි. එදාට අවොත් වැඩේ කරගන්න පුලුවන් කියලා තමයි කිව්වේ. මට යන්න තියෙන්නෙම 26 වෙනිදා නිසා එදාම වැඩේ කරගන්න ඕන කියලා අරන් ගියපු දේවල් ඔක්කොම පෙන්නලා පොලීසියේ උසස් නිළධාරී මහතෙකුගේ අනුමැතියෙන් යන්තම් පාස්පෝට් වැඩේ කරගත්තා මම නම්. ඒකත් වැස්සේ තෙමිච්ච තෙත ඇදුම් එක්ක පැය එක හමාරක් වගේ තවත් පෝළිමක ගිහින් අවසර අරගෙන දවල් දෙක විතර වෙනකොට. එතකොට මම නොනිදා ගතකරපු කාලය පැය 22 ක් වගේ. සිද්ධවුණ සමහර දේවල් කියන්නත් අමාරුයි.
ඉතුරු ටික ලියන්නෙ රටේ හැමෝම වෙනුවෙන්...
• මේ පාස්පෝට් පෝළිම නම් වහාම අවසන් කළ යුතුමයි. ඒක මිනිස්සුන්ව ගොඩාක් අපහසුතාවයට පත් කරනවා. මිනිස්සුන්ගේ කාලය අපතේ යවනවා.මිනිස්සු ගොඩාක් දුක් විදිනවා දැන් තියෙන ක්‍රමය නිසා. යන විදියට ඩෙංගු වගේ නැති ලෙඩත් හැදිලා නවතින්නෙ.
• පරිගණක දැනුම සහිත පිරිස් බහුල රටක අංකයක් ගන්න අව්වට පිච්චි පිච්චි වැස්සට තෙමි තෙමි කලුවරේ ලයිට් එකක් වත් නැති පාරක පදික වේදිකාව මත පැය 15-20ක් පෝළිමේ ඉන්න ඕනද? ඒකත් නමට විතරක් “එක් දින” වෙච්ච සති 3-4 කින් එන්න ඕන අංකයක් ගන්නද?
• අවශ්‍ය තොරතුරු පෙන්නලා එන පිළිවෙලකට අංකයක් දෙන්න දවසේ ඕන වෙලාවක ඇවිත් අංකයක් ගන්න ක්‍රමවේදයක් හදලා දවසට දෙන්න පුලුවන් ගාන අංක දීලා ඊළගට එන අයට ඊළග දවසට දින දුන්න නම් නිදි මරාගෙන කාලෙ කාගෙන මිනිස්සු දුක් විදින්න ඕන නෑ නේද?
• පාස්පෝට් වලට රු.10,000-20,000 අය කරන තැනක පෝළිම් වල ඉන්න මිනිස්සුන්ගෙ ආරක්ෂාව, සෞඛ්‍ය, සුව පහසුව ගැන මීට වඩා හිතන්න ඕන නේද?
• මේ තැන් වල සිද්ධවෙන දේවලුත් මිනිස්සුන්ට මේ රට එපා කරවනවා කියලා අමතක නොකළ යුතුයි නේද?
ආචාර්ය දිලාන් චතුරංග
රුහුණ විශ්ව විද්‍යාලය
(08/10/2024: 11.30 p.m.)
https://www.facebook.com/share/p/UFMyXfeHEzY8ag7T/
සෑම පුද්ගලයෙකුටම විශ්‍රාම වැටුපක් දෙනවා...!
ReplyDelete- අගමැතිනි හරිනි අමරසූරිය
දීල අවුරුද්දක් විතර ගියාට පස්සෙ කියන්නම් දුන්නා කියල. නැත්නම් මේකත් “අනුර බිත්තර දුන්න වගේ” වුණොත් එහෙම. ඔය එන්ජීඕ වල ඉන්න හොරාචාරියෝ බහුතරයකට ප්‍රායෝගික දැනුමක් නෑ. කවදහරි ජෙප්පො අමාරුවෙ දාන්නෙත් වියත්මගට සෙට්වෙලා ගෝඨාභය උන්නැහේ අමාරුවෙ දාපු මුං සෙට්එකම තමයි.