Aug 26, 2011

නීතිය රජවීම - The day of Justice


ඊයේ දවස අප කාටත් සැනසුම් සුසුම් හෙලීමට හැකිවූ දිනයක් විය. දිනපතා අසන්නට දකින්නට ලැබෙන අප්‍රසන්න හා කාළකන්නි සිඳුවීම් රාශියක් මධ්‍යයේ එවැනි ප්‍රවෘත්තියක් සිතට ප්‍රීතියක් මෙන්ම නැවුම් බලාපොරොත්තුවක්ද ඇතිකරයි. අඟුලාන ද්විතව ඝාතනයේ සැක කරුවන් සියළුම දේනාට මරණ දඬුවම නියම වීම එක් කාරණයක් වන අතර අනෙක නම් 2005 දී නැවත බල පිහිටවූ හදිසි නීතිය ඉවත් කිරීමයි.


එහෙත් මෙවන් සතුට දනවන කාරණා මැද වූවද අඟුලාන සිද්දියේ සැක කරුවන් දඬුවම ලැබීමෙන් පසුව පිටත්ව ගිය ආකාරය දැකීමෙන් ඇත්තටම ඔවුනට දඬුවම් පැමිණවූවාද යන සැකයක් ඕනෑම කෙනකු තුල ඇතිවීම පුදුමයට කාරණයක් නොවන්නේමය. සරත් ෆෝන්සේකා මෙන් සිනහ මුසු මුහුනින් අත ඔසවා ආචාර කරමින් ගිය ආකාරය දුටු විට මතකයට නැගෙනුයේ රජ කාළයේ මරන්නට දංගෙඩිය වෙත ගෙන යන චූදිතයෙක් සිනහ වෙමින් හිය ආකාරයයි. (ඒ කතාවේ සෑහෙන ගත යුත්තක් මේ තීන්දුවට අදාල කතාවේත් ඇත.)

මෙයට හේතුව මරණ දඬුවම නියම කළද එය ක්‍රියාත්මක නොකිරීමයි, මේ සිනහවට තවත් හේතූ ඇත. සමහර විට කළක් ගත වන විටදී නීතීපති මේ තීන්දුවට එරෙහිව උසාවි යා හැක. හොඳ කළ් ක්‍රියාවෙන් සිටි නිසා මරණ දඬුවම අහෝසි විය හැක. මේ කිසිත් නැතත් ජනාධිපති සමාව යටතේ ගෙදර යා හැකිය. වගකිවයුත්තන්ගේ කාර්යය වන්නේ මේ කිසිම ආකාරයකින් මොවුනට සමාවක ලබා නොදිය යුතු අතර, බරපතල වැඩ ඒ ආකාරයෙන්ම ලබා දීමයි. මේ කිසිත් නැතත්, බම්බලපිටියේ අහිංසකයා මරාදැමූ කාළකන්නියාට අත්වූ ඉරණම ස්වභාවධර්මයෙන්ම් මොවුන්ටද ලැබෙනු ඇත.

අනෙක් කාරනයද ප්‍රිතියට කාරනයක් වුවද ඒ ප්‍රිතිය මැකි යන්නට ආන්ඩුව ගත් තවත් පියවරක් හේතු විය. එනම් රටට බරක් වී ඇති ජේෂ්ඨ අමාත්‍යවරුන්ට කෙනෙක්ට 10 දෙනා බැගින් සියළුම දෙනාට ලබා දීමයි. මෙය ජාතික අපරාධයක් බව කිව යුතුමය. මේ සඳහා යන වියදම සුළු පටු වියදමක් නොවේ. මොවුනට කාර්යාල, වාහන, සේවකයන් හා තවත් නොයෙක් වියදම් මීට අයත්වේ.

මෙතරම් බලයක් තිබියදීත් ජනාධිපති තුමා මේ කිසිම කාර්යයක් නොකරන සහ කිසිම දෙයක් කොට නැති පිරිසකට මෙතරම් බියක් දක්වන්නේ මන්දැයි මා හට තේරුම් ගත නොහැක. මගේ තර්කය නම් ජනාධිපති තුමාට මේ රට ආශ්චර්යයක් කිරීමට නම් මේ සිටින සම්පූර්ණ ඇමති මණ්ඩලයම ඉවත් කොට නව පරපුරට එම අවස්ථාව ලබා දිය යුතු බවයි. අවුරුදු 20 කට ආසන්න කාළයක් තිස්සේ අස්මත් වූ නිළධාරින් පිරිසක් හා ඇමති මණ්ඩළයක් තබාගෙන ආසියාවේ ආශ්චර්යය කෙසේ වෙතත්. ආසියාවේ සෝමාලියාව බිහි වීම නම් අනිවාර්යය.

8 comments:

  1. සහතික ඇත්ත. ඒ කෙසේ වෙතත් අපිට තව වසර ගනනාවකට ගොඩ එන්නට බැරි බව හොඳින්ම පැහැදිලිය. එකෙක් දෙන්නෙක් හැරුනු විට නව පරපුරේද ගන්නට එකෙක් සිටීද? ඉන්නා උන්ද තවත් හදාගත යුතු නේද? මුන් එක්කම ඉඳ උන්ගේද ටික ටික හරි හඩු ගද දැනේ. පමා නැත හදා ගන්න පුළුවන. හැබැයි පරලොව වීසා පෙනි පෙනී, අත පය වාරු නැතුවත් (අංශභාගේ) තවම කවින්සිලේට ගාටන උන්ම කීයක්ද? මට නම් ඔය 225න් අඩු ගානේ 10 විතර තමයි වැඩක් ඇති කියලා හිතන්න පුළුවන්, අනික් උන් වැඩිම ගනනක් ඉන්න ඕනෙ කොහේද?
    මොන ආශ්චර්යද?

    ReplyDelete
  2. මරණ දඩුවම ගැන නම් කතා කරල වැඩක් නෑ... මරණ දඩුවම ලැබුන උන්ට තියෙන්නෙ හිරේට වෙලා ඔහේ ඉන්න විතරයිලුනෙ... අනිත් හිරකාරයින්ට වගේ වැඩක් පලක් කරන්න ඕන නෑලු.. අනිත් අතට මරන්නෙත් නෑනෙ....

    ඇමතියො ගැන නම් ඉතිං මම කතා කොරන්නෙ නෑ ඕං... මොනා වුනත් වැඩක් කරන්න පුළුවන් එවුන්ට තැනක් දුන්නොත් නම් ආශ්චර්යක් කොරගන්න පුළුවන් වෙයි...

    ReplyDelete
  3. @ වෙද ගෙදර මහ වෙදනා

    මෙච්චර පවර්ස් තීලත් ඔච්චර බය මොකෑ දන්නේ නෑ.. මෙයා කී පාරක ඇන්දුවද.. උදා : වරායට නැව් එනව කිව්ව මාර්තුවල 2011. අඩු ගානේ අවුරුද්ද නොකිව්වනම් හරි චන්ද්‍රිකා වගේ. දැන් ගල් කපන්න තව සල්ලි ඉල්ලනව. ප්‍රේමදාස මහත්තයට මේව කරානම්. රටේ ඉන්න වෙන්නේත් නෑ. (සජිත් නෙමේ රණසිංහ වෙද මහත්තයලයි නෑයා.. හෙහ් හෙහ්...)

    ReplyDelete
  4. @ සාතන්

    මේ යන ක්‍රමේට. වැඩි හිටි නිවාස වලට දෙන දාන දෙන්න කෂ්ඨිය දියවන්නා පැත්තේ යන දිනේ වැඩි ඈතක නෑ...

    ReplyDelete
  5. ලකාවේ අලිගෝසුවා තවම පඩි ගන්නවාද දන්නෑ නේද ? ඉස්සර පත්තරේක දැක්කා අලුගෝසුවා නිකම් පඩි ගන්නවා කියලා ..

    අඩේ මරලා හිරේ ගියාම වැඩක් නොකර නිකම් ඉන්නද තියෙන්නේ ?

    ReplyDelete
  6. @ හිස් අහස

    ඒ ගැන නම් අදහසක් නෑ.. නමුත් වෙනම ෂෙල් එකක දාන බව නම් දන්නවා..

    ReplyDelete
  7. මාතලන් අයියේ මරණ දඩුවම දුන්නට ඉතින් ඔව්ව ක්‍රියාත්මක වෙන්නත් ඕන නේද...එහෙම වෙයිද

    ReplyDelete
  8. @ ChammA

    ඕකම තමයි බන් මටත් තියෙන පුරස්නේ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න