කාළයක් සිරසේ පුංචි පහේ මං කියලා සෝ එකක් පෙන්නුවේය. වැඩේ නැගලාම ගියේය. ඉස්සෙල්ලම පස්ස විපස්ස පොලිටීසියොන්ලා ගෙන්නුවේය. පහේ පන්තියේ ඒවාට වත් උත්තර දීගන්න බැරු,ව කස්ටිය නෑවේය. පස්සේ, ලොක්කා, නාන්න ඕන නම් අරලිය ගහ මන්දිරේට ඇවිත් නාගෙන යන්නයි කීවෙය. ඊට පස්සේ ඒ කස්ටිය එන එක නැවතුනාය. ඒ උනාට ලොකු ලොක්කෝ ඇවිත් නාගෙන ගියේය. දැන් ඒ සෝ එක නැතිය. ඒ උනාට සිරසේ කට්ටිය නානවාය. නිකන් නෙවෙය. එකසිය ගානටය.
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
Nov 26, 2011
සිරස - පිස්සු - කෙලී - m(ad) entertainment
කාළයක් සිරසේ පුංචි පහේ මං කියලා සෝ එකක් පෙන්නුවේය. වැඩේ නැගලාම ගියේය. ඉස්සෙල්ලම පස්ස විපස්ස පොලිටීසියොන්ලා ගෙන්නුවේය. පහේ පන්තියේ ඒවාට වත් උත්තර දීගන්න බැරු,ව කස්ටිය නෑවේය. පස්සේ, ලොක්කා, නාන්න ඕන නම් අරලිය ගහ මන්දිරේට ඇවිත් නාගෙන යන්නයි කීවෙය. ඊට පස්සේ ඒ කස්ටිය එන එක නැවතුනාය. ඒ උනාට ලොකු ලොක්කෝ ඇවිත් නාගෙන ගියේය. දැන් ඒ සෝ එක නැතිය. ඒ උනාට සිරසේ කට්ටිය නානවාය. නිකන් නෙවෙය. එකසිය ගානටය.
Nov 24, 2011
සාරිය සෙක්සි වැඩිද..? - WOW u look sexy in that dress...!!!
සයිමන් නවගත්තේගම ලියපු කෙටි කතාවක් වගේ එකක් බූන්දියේ තිබිලා කියෙව්වේය. ඒක කියවපු ගමන් කාලයක් මගේ හිතේ තියෙන සිතුවිලි ටිකක් එලියට දාලා දානවා කියා සිතුනේය. සයිමන්ට සිතුන දේ මටත් ඒ විදියටම සිතෙන්නේය. ඒ කියන්නේ සයිමන් උන්නැහේගේ ලියුම දකින්නට බොහෝ කාලෙකට පෙරය. එහෙම ලියන්නට හිතෙන කොටම එක්කෙනෙක් ඒ ගැන ලියලාය. පෝස්ට් එකේ නම "සාරිය" ය. ලියල තියෙන්නේ ඩීප්ස් ගේ ළොකයේ ඩීප්ස්ය. එයාටනම් මේක මල වදයක් වෙලාය. එයා කැමති ඩෙනිම්, රබර් සෙරෙප්පු හා තේ (Tea) ෂර්ට් වලටය. දැන් කෙල්ලෝ හොඩක් එහෙමය. කලසන් වලට මනාපය. ඒකත් සෙක්සිය. වයිට් කලසම දැන් ඉට්ටයිල් එකය.
Nov 23, 2011
අය වැය 2012 - Budget 2012
ගවේෂණශීලී මාධ්‍යවේදියකු වන මා විසින් මෙවර අයවැය පිළිබඳ, අර්ථ සාශ්ත්‍රඥ්ඥයින්, බුද්ධිමතුන්, විද්වතුන් හා එළඹුන බුද්ධිමය සංවාද මගින් සකස් කරන ලද විශ්ලේශනාත්මක ආර්ථික විග්‍රහය, පුවත් පත් වලට යොමු කළ අතර, පහත පළවන්නේ එම ළිපියට කිසිසේත්ම අදාල නොවන ඥාතී-හිතමිත්‍රාදීන් හා අසල්වැසියන් විසින් දක්වන ලද ඔවුන්ගේ අදහස් බව කරුණාවෙන් සළකන්න. මෙහි ඇති අදහස් සඳහා මා කිසිම වගකීමක් නොදරන අතර. අදාල පුද්ගලයන් ඒ සඳහා වෙන වෙනම වග කියනු ඇත.
Nov 21, 2011
කතා, ආප්ප කඩේට ගිනි තියයි - LGBT (lesbian, gay, bisexual, and transgender)
කස්ටිය කියන්නේ කතා බට කැලේකට ගිනි තියලා කියාය. ගිනි තබා ඇත්තේ බට කැලේකට නොවේය. ආප්ප කඩේටය. "ගේ" කතා ලියා අත ගත්තා පමණය. දැන් ලැස්බියොන් ගැන ලියන්න වෙලාය. මේ ගැන කතා කොරනවා අඩුය. නමුත් වැඩේ නැගලාම යනවාය. අපේ සටේ හැටි එහෙමය. මතට තිතය. නමුත් තිතට මතය. පොඩි උන් බිව්වොත් මැරෙනවාය, ලෙඩ හැදෙනවාය. රජ ගෙදර බිව්වාට පුරස්නොයක් නැත්තේය. කියන්නේ මාතලන් නෙමේය. චක්කොරවර්ති වහන්සේය. කොයි වැඩෙත් සද්දම නැතුව යනවාය. නොදන්න උන්ට මෙව්වා මැජික්ය.
Nov 20, 2011
Nov 18, 2011
කෙසර ගීතය - Lion Song
හඬා පල නැත
දරන මේ තැත
කැනහිලුන් කැල
නගනු රාවය
කෙසරු විලසින...
රැදෙන තෙක් කූඩූවේ
අපිම වෙමු සිංහයෝ
ගයති රණ ගී මුවින්
දරා සව්දිය අතින්
නෝන්ජල් කැනහිලුන්....
නොරුස්නා සුවදක්ය
බිය නිසා වෙව්ලමින්
මුව සිනා රඳවමින්
නොදැනීම පිටවේවී
අධෝවාතය සෙමින්....
දිනෙක එයි
සත් මුහුද කලඹමින්
මහ පොලොව දෙදරමින්
මහා හඬ නංවමින්
මුරගසං වරුසාව
හෙන ගෙඩිද විහිදමින්...
අගුල් දියවී යාවී
සෑම සිර කුටියකම..
සිංහයෝ අපි වම්හ
කෙසර නද නැගුවාවූ
නෝන්ජල් කැනහිලුන්...
එකෙක් වත් ඕනෑය
පිරිතකට, තොවිලයට...
නියෝජිතයෙක් ලෙසින....
කැනහිලුනි බියවන්න
නොමැත කාරන මෙතන
සියළු සත ළොව වෙසෙන
දනී..
කැනහිලා....කැනහිලාමයි
සිංහයා... සිංහයාමයි...
.o0o.
පොඩි උන් පිනවීම සඳහා සර්කස් පෙන්නන, හීලෑ කරන ලද..... දෙන දෙයක් කා, කියන විදියට නටන සිංහයන් ගැන නොවේ.......
Nov 17, 2011
සිදුනයි ඩාලිං...? - - R u hurt my Darling..?
Nov 15, 2011
පෙරේත රටක් - Untidy Country
අපේ දෙමව්පියන් අහිංසක මිනිස්සුන්ය. යාළුවෝ කියන්නේ මූ අරන් හදා ගත්ත එකෙක්ද කොහෙද කියාය. නමුත් සීයා එසේ නොවේය. මරුමූස් පොරය. සීයා ගැන එකම එක කතාවක්ද කොහෙද කිව්වා වගේ මතකය. නාවර පෙරන් ඉන්න කොට උන්දෑ කියන්නේ මළ පෙරේතයෙක් වගේ ඉන්නේ නැතුව නාගෙන වරෙන් කියාය. ඒ කතාව මතක් උනේ අද ලියන්න යන්නේ මළ පෙරේතයන් ගැන නිසාය. ලංකාවේ ජනගහනය තිස් තුන් කෝටී දෙසීය ලක්සොයක්ය. ඒ දෙවිවරුත් එක්කය. දෙයියො නැතුව මිලියොන් විස්සය. ඒ මිනිස්සුය. මමනම් හිතන්නේ මෙයින් වැඩි පිරිසක් පෙරේතයෝ කියාය.
Nov 14, 2011
සම රිසි - Gay
මළහත්තිලව්වක්ම උනේය. නාන එකක් ගැන ලියන්න ගිහින් අන්තිමට මට නාගන්නට උනේය. බලාගෙන ගියාම ඇදගෙනම නාගත්තේය. වැඩේ පටන් ගත්තේ ඕනයාය. ඌට ඕනා නැති එකක් නැතිය. අනිත් එකා ඔබා මාමාය. නෝටීයා හා පිස්සාද මගේ චරිතය කෙලෙසා තිබුනේය. ඒ මා කොලු කාරයෙක්ද කියලා අහලාය. මෙව්වා චරිත ඝාතනය. ගව ඝාතනයටත් වඩා භයානකය. තොපි ඔක්කොම උසාවී ගෙනියනවාය. සිතාසී ගෙදරට එනකම් බලාගෙන හිටපන්ය. පෙරකදෝරුවෙක් දැන් සිටම සොයා ගත්තොත් ඇඟට හොඳය.
Nov 13, 2011
නෝනා නානෝනන් නාන්න නෝනා - Difference Between Man and Woman Showering
නාන කතා ඕනතරම් බ්ලොග් වල තියෙනවාය. නාන ක්‍රම කීපයක් තියෙනවාය. සමහර අය වතුර නැතුවත් නානවාය. ලිඳක් නැතත් ඇදගෙනම නානවාය. කස්ටියක් මේ ඊයේ පෙරේදා බටහිර ඉන්දීය කොදෙව් දූපතකදීද ඇදගෙනම නෑවේය. ඇලේ, දොලේ, ගඟේ, මුහුදේ, වෙලේ, ළිඳේ පමණක් නොව වැස්සේත් නානවාය. සමහර අය වැස්සට ගොඩ වෙන තැන්වලත් නානවාය. මාට්ටු උනොත් ඒත් නානවාය. නන්දා නැන්දා "න" යන්න විතරක් තිබෙන සින්දුවක් කිය කිය නානවාය. හරිම සුන්දර වැඩක්ය. කෙල්ලො නාන හැටි බලන්න කොල්ලෝ කැමතිය. ආස උනත් දැන්නම් බලන්න යන්න එපාය. ග්‍රීස් යක්කු කියා අම්බානක නෙලනවාය. මේක මට ඊයකින් ලැබුන එකක්ය. ඔහෙලාට බලා ගන්නත් එක්ක දානවාය. කියවලා අහක්ක වෙලා නාන එක හොඳය. හැමදාම නාන තරමට රෝගත් අඩුය. ගඳත් අඩුය.
Nov 12, 2011
Nov 10, 2011
චූ බර - Pee Stories
චූ කතා පටන් ගත්තේ කතන්දර මහතාය. ඒ මහතා චූ කතා, ජොක්කුන්ගේ කතා, කයි කතාවලට පොරොසිද්ද කෙනෙක්ය. මමත් ඉස්සර චූ කතාවක් ලියුවේය. ඒ කාලේ බොග්වල කවුරු කවුරුත් චූ කළේය. චූ ගලා ගියේය. කොල්ලො කොහොමත් චූ වැඩ වලට පොරොසිද්දය. කොල්ලන්ට ඒක වටින්නේ ඒකට වෙනම් ගැජට් එකකුත් තියෙන නිසාය. අත දරුවා කාලේ ඉඳන් මැරෙනකම් කොරන්නේ ඕක අල්ල අල්ල ඉන්න එකය. පොඩි කාලේ ජොලියට ඇල්ලුවාට. ලොකු වෙනකොට අල්ලන්නේ වල් කොමටය. තව තව කතාය. ඉස්සර "සිනා" කියා පත්තරයක් තිබුනේය. ඒකේ තේරවිලි වලට මේ ගැන ගැන ලස්සන කතා කියා තෝරන්නට තිබුනේය. මේ චූ කොරන ගැජට් එකට මීයා කියාද කියන්නේය. කොල්ලෝ කියන්නේ වයසට ගියාම සීයා බුලත් කොටන විට සීයාගේ මීයා පස් කනවා කියාය.
Nov 5, 2011
Nov 4, 2011
රේඩියෝවේ "කිරුළ" - Kirula Radio
56 යේ දරුවෝ කියලා කට්ටියක් ඉන්නවාය. එයින් 56 ම ඉපදිච්ච එකෙක් මිලේනියම් පැංචෙක් අතින් මේ ලඟදි වල්පොල හන්දියෙන් අවසන් ගමනේ යියේය. මිලේනියම් පැංචා රට ගියේය. මේ පරපුරට බැනලා වැඩක් නැතිය. මේවා බිහිකෙරු එකාගේ වලට අදත් හෙන ගහනවාය. මාතලන්ට පෙන්නන්නම බැරිය. බයියෝ පාර්ලිමෙන්තු ගෙනාවේ මුන්දෑය. උන්ගෙන්ම කෑවේය. කොරේ පිටට මරේය පප්පා මදාවියොත් ගෙනාවෙය. අද එහි උච්චම අවස්ථාවට පැමිණ ඇත්තේය.
Nov 3, 2011
බාල අපරාධ - Child Abuse
බාල පැස්ටෝල් ගෙනාවාම සැඩ් ඔල ටැන්කිවල වතුර තිබෙනවායි කියපු මහත්තයා කාළයක් ඇඩුකේසන් එක කෑවෝය. බාලා පැස්ටොල් ගසා අන්ජින් ඔලට කෙලියා වගේම, ජාතියේ ඇන්ජින් ඔලටත් කෙලියේය. රෙපයාර් කොරන්න දුන්නේ ඊට හපන් පොරක්ටය. ජාතීයේ අධ්‍යාපනය, කඩේ අධ්‍යාපනය කොරන එකෙක්ට දුන්නෝය. ආර්ථික විසේසග්නයෙක්ය. විපස්සේ ඉන්න කොට විවෘත ආර්තිකේ හොඳයිය. ලොක්කා ගාවට ගියාම ඒ ආර්තිකේ හොඳයිය. විසේසග්න නිසා ආර්තිකේ දුන්නේය. විපස්සේ ඉන්න කොට කිව්වේ බඩු වැඩි කොරන්න ආන්ඩු ඕනැද කියාය. පස්සේ කිව්වේ බඩු අඩු කොරන්න වයිමටත් බැරිය කියාය. පස්සේ ලොක්කා ඒක වයිමට දුන්නේය.
Nov 2, 2011
Nov 1, 2011
අලව්වේ ඉලව් වාර්ථාව - Alawwa Commission Report
සටහන - මම මේක ලියල ටිකක් කල්.. මම හිතුවා වගේම මැරුණු උන් දෙන්න වැරදි කාරයෝ කරලා කොමිසමෙන්.. උන් මැරුණ නිසා කොමිසන් වාර්ථාව එලියට ආවා.. මම හිතන්නේ ප්‍රසිද්ධ කල එකම කොමිසන් වාර්ථාව...
------------------------------------
අලව්වේ මල ඉලව්වක් සිඳුවූ බව ඔබට මතක ඇතයි සිතමි. (ඔව් යකෝ. අලව්වේ තමයි. අර S11 එක නැරඹුම් මැදිරිය නරඹන්න ගියේ.) ඒ පිළිබඳව එක එක හාල් පාරුවන් එක එක මත ප්‍රකාශ කරන බැවින්. ඒ සඳහාද කොමිසමක් පත් කරන ලදි. සාමාන්‍යයෙන් කොමිසන් වාර්තා ප්‍රකාශයට පත් කරන්නේ නැත. එයට හේතුව නම්, තවත් විශාල වියදමක් දරා කොමිසම පිළිබඳ කොමිසමක් පත් කරන්නට සිඳුවන බැවිනි. එබැවින් විශය පිළිබඳව විශේෂඥ්ඥයන් සකස් කරන්නාවූ එම වාර්ථා බුද්ධිමතුන් අතට පමනක් පත්කිරීම සම්ප්‍රදායක් කොට ගෙන ඇත. ඉතින් එලෙස් මා වෙත ලද කොමිසන් වාර්තාවෙන් උපුටා ගන්නා ලද කොටස් කිහිපයක් පමණක් ඔබ වෙත ඉදිරිපත් කරන අතර. මුළු වාර්ථාවම ඉදිරිපත් නොකිරීමට් අප බැඳී සිටිමු.