කාන්තාවන්ගේ අවංකත්වය ගැනත්, ලොකු කම් කියවීම ගැනත්, බොරු සෝභන ගැනත් මේ ටිකේම අපේ බොහෝ දෙනෙක් පොස්ට් දැම්මා. ඇත්තටම මේ දේවල කාන්තවන්ට ආදේශ කර තිබුනත්, මගේ පිලිගැනීම නම්, මෙවන් දේ වලට, ලිංග බේදයක් අදාල වන්නේ නැති බවයි. පොදුවේ මනුෂ්‍යයන්ගේ දුර්වල සිරිතක් ලෙසත්, හදා ගත හැකි දෙයක් ලෙසත්, සඳහන් කළ හැකියි. එහෙත් ඉතින් එහෙම කරන්න ගියොත් සමහර විට, කතානොකරන මිනිසුන් පිරි ළෝකයක් බිහි වෙන්නත් පුළුවන්. අනිත් අයගේ වැරදි ඔවුන් නැති තැන කියන එකට මම අකමැති උනත්, බොරු සෝභන කතා අහන්න නම් බොහෝම ආසයි. නයි අරිනවා කියන්නෙත් මේකටම තමයි.
අපේ ඉස්කෝලේ කොල්ලෝ සෙට් එක, (වයස 80ක් උනත් සෙට් එක කොල්ලෝනේ) බිග් මැච් එකට සෙට් උනාම. දෙවියන්ගේ පානයෙන් සප්පායම් උනාම, මැච් බැලිල්ල කෙසේ වෙතත්, පරණ ගේම් දීපුවයි (බොහෝ වෙලාවට එකම කතා සෙට් එක.), නසරානී වැඩයි කතා කරාලා ඉවර උනාම, දෙවනි දවසෙයි තුන්වෙනි දවසෙයි කතා කොරන්නේ ඕප දූප තමයි. නිලියෝ ගැනයි, පොලිටික්ස් ගැනයි ගොසිප් කතා කරලා ඉවරවෙලා, ඊට පස්සෙ යන්නේ ඉතින් නයි අරින එක තමයි. මට හොඳට මතකයි, අවුරුදු ගානකට උඩදි ඇමරිකාවේ ඉන්න එකෙක් ඇවිත් ඇරපු නයි ටික. ඌ හරියට කතා කරේ, බිල් ක්ලින්ටන්ගේ හොඳම යාළුවෙක් වගේ. සුපිරි නිවසක ඉන්නවා වගේ, කොටින්ම කියනවා නම්, මොන්ටිකාලෝ වල ප්‍රින්ස් ඇල්බට් ඉන්නවා වගේ තමයි කතා කළේ. හැබයි ඊළඟ අවුරුද්දේ ඌ අම්බානක කිච උනා. හේතුව, අපේ නසරානියෙක් ඇමරිකාවේ ටුවර් එකක් ගිහින්, මූව හොයාගෙන ගිහිල්ලා.
අනේ මූ ඉන්නවලු, තව කොල්ලොයි කෙල්ලොයි 10 ක් එක්ක විතර, නිව්යෝක් වල ජරා එපාට්මන්ට් එකක, බතුයි, කරවල හොදියි, පරිප්පුයි කකා. අපේ එකා ඒවත් කාළා ඇවිත්, ඊළඟ අවුරුද්දේ අරු නැති කළා. අපි ඉතින් ඕවා දන්න හින්දා අවුලක් උනේ නෑ. ඌ අදත් බිග් මැච් එනවා. හැබයි අද නම් ඌ ඇරපු නයි ඇත්ත වෙලා. නොම්බර එකේ සල්ලි කාරයෙක්. බලාගෙන ගියාම, මේ නයි විදියට අරින්නේ තමන්ගේ හිතේ තියෙන සිහින නේ. තමන්ගේ ආශාවන්, ඉතින් ඒක සැබෑ කරගන්න කොහොම හරි මාර ගේමක් දෙනවා. එහෙම බලාගෙන ගියාම නයි අරින එකේ වැරද්දක් නෑ. ඒකයි මම කිව්වේ මේ නයි ඇරිල්ලට, මම බොහෝම ආසයි කියලා. (මාර දාර්ශනික අදහස් නේ මටත් තියෙන්නේ)
අර පෝස්ට් ටික කියවන කොටම, මට මතක් උනේ, මම දන්න ඩර්ටි ජෝක් එකක්, ඉතින් ඒක ලියලා දාන්න හිතුනා. ඔන්න එක ප්‍රසිද්ධ කාන්තා ඉස්කෝලෙක, ඕල්ඩ් ගර්ස්ලගේ ගෙට් ටු ගෙදර් එකක්, එහෙම නැත්නම් සුහඳ හමුවක් තිබුනලු. ඉතින් මේකට රට රටවල ඉන්න අයයි, මෙහේ ඉන්න අයයි, ලොකු ලොක්කියොයි, සාමාන්‍ය අයයි ඔක්කෝම වගේ ඇවිත් හිටියලු. එතනදි එකම පන්තියේ හිටපු හොඳම යාලුවෝ තුන් දෙනෙක් සෙට් උනාලු, එක්කෙනෙක් ඔස්ට්රේලියාවෙලු, අනිකා කැනඩාවෙලු, ඉතුරු කෙනා ළොකෙන් උතුම් රටේලු. (එයා මේකට ඇවිල්ලා උන්නේ ණය වෙලාලු, බාල කෙල්ල ඉස්කෝලෙට දාගන්න ඕන හින්දා)
පළවෙනියා : ඔයාලට කියන්න, මගේ බර්ත් ඩේ එකට, අපේ හබී, මට බ්‍රැන්ඩ් නිව් මර්සඩීස් එකක් ගෙනත් දුන්නනේ... දැන් මම ෂොපින් යන්නෙත් ඒකේ අනේ.
දෙවනියා : ඇත්තද ආ, ලොකු ගානක් වෙන්න ඇතිනේ... අපි නම්, මගේ බර්ත් ඩේ එකට මේ සැරේ කෲ ෂිප් එකක ඇලස්කා වල හිම කඳු බලන්න ගියානේ. ලොකු ගානක් ගියා. ඒ උනත් වර්ත් අනේ, මාරම ලස්සනයි. දිවිය ළෝකේ වගේ.
තුන්වෙනියා : අපිට හොහෙද අනේ, එච්චර වාසනාවක්, එයා ගාව සල්ලි නෑ කියලා, පොඩි කේක් එකක් ගෙනත් අපි හතර දෙනා කාලා, එයා පොඩි ඩ්‍රින්ක් එකක් දාලා නිදාගන්න ගියා. ඒ උනාට මට දුකක් නෑ මෙයා. මොකෝ මොනවා නැතත්, අපේ මහත්තයගේ මල්ලි ලොකු උනාම ගේ කුරුල්ලෝ 6 දෙනෙකුට කිසි කරදරයක් නැතුව ලැගලා ඉන්න පුළුවන්නේ. (උඩ පින්තූරේ ඉන්නවා වගේ එකිනෙකාට තුරුල් වෙලා....)
පළවෙනියගෙයි දෙවනියගෙයි මූණූ රතු වෙලා, දාඩිය දාලා, දෙන්නට දෙන්නා බලාගත්තා......
පළවෙනියා : ඇනේ ඇත්තටම මට මං ගැනම ලැජ්ජ හිතුනා අනේ. ඔයා කොච්චර අවංකද, මට හම්බ වෙච්ච මර්සඩීස් එකක් නෑ අනේ. පරණ ලදරමක් ගෙනත් දුන්නා, ගෙනාපූ දවසේ ඉඳන් පාරේ අයිනේ දාලා තියෙනවා.
දෙවනියා : මටත් ලැජ්ජයි අනේ, අපි ගියපු කෲ ෂිප් එකක් නෑ. ඇලස්කා ගියෙත් නෑ. හැමදාම යන නයගරා එක ගාවට ගිහින් එතන කඩේකින් තෝසේ කාලා ආවා. ඔයා කොච්චර අවංක කෙනෙක්ද.
තුන්වෙනියා : ඔයාලා ඇපොලජයිස් කරන්න ඕන නෑ අනේ මමත් කිව්වේ බොරු.... 6 වෙනි කුරුල්ලා පොඩ්ඩක් අමාරුවෙන් ඉන්නේ..... මොකෝ, ඌගේ එක කකුලක් එලියේ නිසා..........
බලාගෙන ගියාම එකෙක්වත් අවංක නෑනේ...
පරිවර්ථනයකි, එය මෙතරම් රසවත් නැත, ලුණු ඇඹුල් එකතු කොට අපේ කතාවක් කලේ සාහිත්‍යශූරී මාතලන් වන මා විසිනි.
මටත් නිකං මොකද්ද වගේ පහළ තියෙන කතාව ඇහුවම. මවිල් සිරස් වෙනවා වගේ. නයි ඇරිල්ල ගැන ඔබගේ අදහස හරි. කෙනෙක් ලොකු බොරුවක් නෙමෙයි සාමාන්‍ය නයි ඇරිල්ලක් ඇරියොත් ඒකට ඒ නයා ආයිත් අරින්න පුලුවන් වෙන විදිය මමත් දැකල තියෙනවා. මාතලෝ.. ඔය පොඩි පොඩි රස කතා ටිකක් මාත් දාන්න හිටියට තාම ඒක හරියට කරගන්න බැරිඋනා. ජය
ReplyDeleteඇත්තටම නයෙක් විදිහට එලියට එන්නේ තමන්ගේ හීන එහෙම නැත්තං ඉශ්ඨකරගන්න බැරිවුන ආශාවන් තමයි .... කථාව නම් මරු කළින් අහපු නැති එකක් ....
Delete@ දේශකයා - ලියලා දාන්න ඉඳලා හිටලා
Delete@ දිනෙල්ක - බොහොම ප්‍රසිද්ධ කතාවක්
මාතලන්, මම මේක කලින් දන්නවා. ඒත් ඔබ ඒ තුලින් අපේ සමාජයේ තිබෙන අඩු පාඩු කම්, බොරු සෝබන සියුම් ලෙස හාස්‍යයට ලක්කරනවා. එයයි ඔබේ වෙනස. ඔබේ පරිවර්ථනයේ වටිනාකම. මෙය කියවූ පසු අර කතාව අමතක් වී. මතු වන්නේ ඔබේ කතාවයි. ඒ අපේකම නිසා. අදත් ගෙඩිය පිටින් ඉංග්‍රීසී ජෝක් එක එහෙමම කොපි ඇන්ඩ් පේස්ට් කරපු එකක් බැලුවා. ඔහුගේ මහන්සිය අපරාදේ ලින්ක් එකක් දැම්මනම්, ඔක්කෝම කතා ටික බලන්න තිබුනා. සෑම දෙයක් ගැනම ලිවීම අගය කල යුතුමයි.
ReplyDeleteබොහොම ස්තූතියි ඇනෝ.. හෙන්රී බ්ලොග් වෝකර් ගේ ඒවා මීට රහයි..
Deleteඅනිත් නෝනා මහත්වරු දෙදෙනාගේ නැව් බොරු හමුවේ තුන් වන නෝනාගේ බොරුව අඟලක බොරුවක් එහෙම නේද මහත්මයා.
ReplyDeleteඒකනේ ලොක්කෝ මේක චූච්චං බොරුවක්...
Deleteඑළ. සිරා කතාව.
ReplyDeleteමරු සිරා නෙමෙයිනේ...
Deleteමාතලන්ව මම අගය කරන්නේ මේ නිසයි. ටැබූට පසු බ්ලොග් ලෝකෙ ඉහළම උපහාසය මතු කරන්නා මාතලන් බව මගේ පෞද්ගලික මතයයි.
ReplyDeleteඅර උඩින් ඇනෝ කියන කතාව මමත් අනුමත කරනවා.
බොහොම ස්තූතියි වෙද මහත්තයෝ.. කොලර් එක උස්ස ගත්තා...
Deleteඔන්න සුද්දෙකුයි අපේ මිනිහෙකුයි නයි ඇර ගන්නවාලු.
ReplyDeleteසුද්දා කිව්වාලු.
අපේ රටේ තියෙන්නෙ කොච්චර විශාල නැව්ද! හැතැප්ම පහක් දිගයි. හැතැප්මක් පළලයි කියලා.
අපේ මිනිහා කිව්වාලු.
ඕවා මොන නැව්ද හලෝ! අපේ රටේනෙ නැව් තියෙන්නෙ. හැතැප්ම දහයක් දිගයි.....අඟල් දහයක් පළලයි කියලා.
මට මතක ඕක වෙන විදියකට..
Deleteපළවැනි නෝනා බැඳලා ඉන්නෙ ප්‍රසිද්ධ බ්ලොග්කරුවෙක්ද?
ReplyDeleteදෙවැනි නෝනා බැඳලා ඉන්නෙ සුදු අප්පුහාමි කෙනෙක්ද?
තුන්වැනි නෝනා බැඳලා ඉන්නෙ ඇදුරුතුමෙක්ද?
තුන්වැනි නෝනාගේ මහත්තයාගේ සයිස් එක වගේ කතාවක් මෙතැනින් බලන්න. (ආතල්)
Deleteඒකත් දක්ෂතාවයක් තමයි... ආදේශ කිරීම..
Deleteඉඳලා හිටලා වත් නයෙක් නැත්තම් ඇති වැඩේ මොකද්ද මාතලන්.. හි හි... නයි නැති ලෝකේ හරියට පරිප්පු නැති බත් එක වගේ.... හි හි...
ReplyDeleteඒකනේ අනේ මමත් කිව්වේ. කතාකොරන්න දෙයක් නැති වෙනවා...
Deleteනයි කතාව ඇත්ත මෙහෙම දේවල් ඕන තරම් වෙනවා . ඔබ එය අපූරුවට ඉදිරිපත් කොට ඇත
ReplyDeleteස්තූතියි නලීන්
Delete//කාන්තාවන්ගේ අවංකත්වය ගැනත්, ලොකු කම් කියවීම ගැනත්, බොරු සෝභන ගැනත් මේ ටිකේම අපේ බොහෝ දෙනෙක් පොස්ට් දැම්මා. //
ReplyDeleteකොහෙද අනේ? මම දැක්කේ නෑනේ...:)
කොහේ දකින්ටද? ෆිලිපීනේ රවුමක් ගැහැව්වනේ...හැමදාම රෑට ඩිනර් ඩාන්ස් ...උදේ නැගිට්ට හැතියේ ඒ දෙන බ්‍රෙක්ෆස්ට් එක කන්ටම මාර වෙලාවක් යනවනේ. දන්නේ නැද්ද බේකන්, එග්ස්, හැම් ඔය සුපුරුදු කෑම ජාති. නැති දවස්වල හවසට ෂොපින්...එහේ තියනවා හොඳම මුතු. කලු මුතුත් තියනවා...ඉතින් ඒවා ගත්තා අඳුනන අයට තෑගි දෙන්ට. මාර ගණන්. ගානක් නෑ ඉතින්. මේ කමකට නැති වැඩ කරන්ට ගිහින් වටිනා පෝස්ට් ටිකක් කියවන්ට බැරි උනු එකයි මට දුක.
අනේ මාතලන් just kidding අප්පා ...හී හී...
අර පෝස්ට් මොනවද කියලා ලින්ක් දාන්ටකෝ...:)
අනේ ඇත්තට වාසනාවයි. ඩිනර් ඩාන්ස්ද බෙලි ඩාන්ස් ද? හික්
Deleteඔක්කෝම ටික දැන් මට මතක නෑ කෙල්ලේ හිරු නම් ලිව්වා කියලා මතකයි. මාරයාද කොහෙදත් ලිව්වා... නොට් ෂුවර්
Deleteඔයාගේ නයත් මාර ලස්සනයි.. සුදු නයෙක්... (White Lies)
එක ජාතියේ කුරුල්ලෝ එකම අත්තෙ නොවැ වහන්නේ.. :)
ReplyDeleteඅතුරු කතාවක්... ඒක උඹේ ටැලන්ට් එක..
Deleteපොඩ්ඩක් බට ලයිට් ද මන්ද...
ReplyDeleteහෙඩිම බලල වරෙන් කොල්ලෝ.. වයස සපිරුනහම... කරදරේ...
Deleteගෑනු කවද්ද ඇත්ත කිව්වේ? හික්ස්
ReplyDeleteඅනිවාර්යෙන්... හිකිස්
Deleteඕක ගෑනුන්ට විතරක් අදාල නෑ.. පොදු ධර්මතාවක්...
Deleteහෙහ් හෙහ් හෙහ් පට්ට!
ReplyDeleteපට්ට... නයි...
Deleteමහත්තයාගේ මල්ලි කිව්වේ මොකකටද කියලා දැම්මනම් ටියුබ් ලයිට් ටික පත්තු වෙන්න තිබුනා... තවමත් ටියුබ් ලයිට් කිහිපයක් කමෙන්ට් වල තියෙන බව පෙනෙනවා...එළ කතාව...ඈ
ReplyDeleteසමහර අය ඇඟ කියලත් කියනවා...
Deleteඔයිට වඩා කලාත්මකව නයි අරින විදිහක් තිබේ....
ReplyDeleteඅපි ඒ කාලේ හරිම දුප්පත්.. දැන් වගේ වාහන කීපයක් තිබ්බේ නෑ... ඉස්කොලේ ගියේ පයින් රබර් සෙරෙප්පු දෙකක් දාගෙන... විසික්කරන්න තරමට සෙරෙප්පු සපත්තු තිබ්බෙ නෑ දැන් වගේ... අහසේ ප්ලේන් යනකොට කෑ ගගහ අත වැනුවා ආසාවට ... කවදාවත් හිතුවෙ නැහැ ප්ලේන් එකෙ යන එක ජීවිතේ සාමාන්‍ය දෙයක් වෙයි කියලා........
දැන් බලන්න, මගේ බ්ලොග් එක ගැන උනත් මම අනිත් අය වගේ හැම තැනම කියෝ කියෝ යන්නෙ නැහැනෙ... අනිත් අයගේ පෝස්ට් වලින් තමන්ගේ බ්ලොග් එක ප්‍රමෝට් කරන එක හරි නැහැ නේද? සම්මානයක් දෙන්න වටින බ්ලොග් එකක් කියල කීප දෙනෙක්ම කිව්ව... ඒත් මම ඔය සම්මාන පස්සේ යන්නේ නෑනෙ... අලුත් අය දන්නේ නැති උනාට http://rangahala.blogspot.com.au/ කිව්වහම පරණ කට්ටිය දන්නවා... ඉතින් මොකටද ආයේ ඕක කිය කිය ඇවිදින්නේ.... නැද්ද මං අහන්නේ...
මරු බං.... සිරාවටම :)))
Deleteඔය තියෙන්නේ කලාත්මකව නයි අරින සිස්ටම් එක.. හි හි...
Deleteඅඩුම ගානේ නයාවත් දන්නේ නෑ ඌ ගියා කියල...
Deleteසිරාවට නයෙක් ගියාද?... ;)
Deleteඑකෙක් නෙමෙයි .. 10ක් විතර ඇරලා.... කිසි ගානක් නැතුව.... හි හි....
Deleteමගේ ජීවත කාළේ දැක්ක හොඳම නයෙක්.. ඇඩ්වටයිසින් කොම්පැනියකට ට්‍රයි කරපන්..
Deleteඔන්න සම්මාන දෙන්න වටින මලදානේ සින්ඩියෙත් එල්ලගත්ත... කරදරේ...
නයෙක් නෙමේ මුචලින්දයෙක්.. ඌ පස්සේ මමත් ගියා නෙව රඟහලටම.. :D
Deleteහහහා... ලුණු ඇඹුල් ගානට ඈ
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බෙන්තර ගඟෙන් එහා පැත්තේ නේ...
Deleteඅන්තිම එකී කියපු බොරුව එච්චරම ලොකු එකක් නෙමෙයි වගේ... මොකද 6 වෙනි ගේ කුරුල්ලගෙ එක කකුලනෙ එළියෙ තියෙන්නෙ....
ReplyDeleteපොඩි බොරුවක්.. අම්මිලා බත් කවන්න කියන්නේ..
Deleteහීන දකින්න,
නයි අරින්න,
ඒත් මුලා නොකරන්න.
මොකද, කවදා හෝ අහුවෙනව
'ධනයාත්මක' කතාවකි.
ගේ කුරුල්ලො 5යි භාගයයි. නරක නෑ,
අනෙත් දෙන්නගෙ චූටි මල්ලිලව, ගේ කුරුලු මිම්මෙන් තුන්වැනිය මැනල වගේ!
ඒකනේ මූණූ රතු උනේ...
Deleteකොච්චර සල්ලි තිබ්බත් චූටි මල්ලිල ලොකු මල්ලිට යටයි...
ReplyDeleteඕකටනේ දෙයියනේ ඔක්කොම කරන්නේ...
Deleteලුනු ඇබුල්නම් ගානට ඇත නයෙක් ඇරියාඋනත් කතාව ඇත්තය ඔරිජිනල් එක මෙතරම් රසවත් නැත
ReplyDeleteඅන්න ඒකනේ... දන්නෝ දනිති....
Deleteඅන්න නයි අරින සිස්ටම් එක ...
ReplyDeleteමරුනේ...
Deleteහි හි..නියම පෝස්ට් එක :)
ReplyDeleteඅපි ලිව්වොත් ලිව්වා තමයි...
Deleteapi nayi arinava habayi kaava wath ravattanna nema aathal ekata
ReplyDeleteanthima ekkene nayek ariyata eka hari ahinsaka ekak ne anith un denna vage pattama chora naa ne
රට ඉන්න ගොඩක් උන් අරින්නෙම නයි.. මම ඒවලත් සැරිසරලා තියෙන නිසා වැල් ඇක්ස්පීරීයන්ස්..
Deleteනියමයි මචං පරිවර්තනය. මම ඕකෙ ඔරිජිනල් එක කියෙව්වෙ පොතකින්. ඒකෙ තියෙන්නෙ බැඳලා ගිය සහෝදරියො තුන්දෙනෙක් මේ කතාවල් කියනවා වගේ . බියුටි පාලර් එකක් දාලා දෙන්නම් කියලා සුරුට්ටු කඩේක කැෂියර් කමක් දුන්නා වගෙ කතාවල්. උඹ මේක ලෙසටම ලියලා තියෙනවා ලුණු ඇඹුල් දාලා.
ReplyDeleteමචං උඹ දන්නවද මේ නයි කේස් එකේ නෙගටිව් පැත්ත? දැන් තියෙන සීන් එකට අනුව කතාවක් ලියන්න බෑ නිදහසේ මේ යාලුවො නයි කියලා හිතයිද කියලා වද නොවී. ඒකත් මාර ඇනයක් බං.
ඒකනං නියම නයෙක්
Deleteතවත් නයෙක්ද මංදා...
Deleteෙහාද ලිපියක්.ෙවනසක්
ReplyDeleteසැබෑ වෙනසක් සඳහා....
Deleteකියන්න අලුතින් කිසිවක් නැත සියල්ල සියලුදෙනා විසින් ඉහතින් කියා ඇති නිසා..
ReplyDeleteඅපායට ගියත් කලින් යන්න ඕන කියන්නේ ඕකනේ..
Deleteනයි අරින එකත් වටින වෙලාවල් තියනවා . (මළගෙවල්වල එහෙම)
ReplyDeleteමගේ ප්‍රියතම ස්ථානයක්..
Deleteහික්ස්... පව් හය වෙනි කුරුල්ලා !!!
ReplyDeleteබර්ඩ් වොචින් කරණ කෙනෙක්ද කොහෙද...
Deleteඅනේ මන්දා කාට කියන්නද කියලා...ඇත්ත කිව්වොත් සමහර අයට නයි...මොකුත් නොකියා සද්ද නැතුව හිටියොත් කියන්නේ බොරු පාට් දානවා කියලා..
ReplyDeleteනයි අරින්න ඕන.. නැත්නම් ඉතින් කතා කොරන්න දෙයක් නෑනේ..
Deleteකතාව නම් එල...
ReplyDeleteකට්ටියගෙ කමෙන්ට් බැලුවහම හිතෙන්නෙ මම නොදන්න නිධාන කතාවක් තියෙනෝ කියල... මොකක්ද හැබැට කතන්දරේ?..
මොකක්ද එකක් පටලවගෙන වගේ...
Delete// ඉතුරු කෙනා ළොකෙන් උතුම් රටේලු. (එයා මේකට ඇවිල්ලා උන්නේ ණය වෙලාලු, බාල කෙල්ල ඉස්කෝලෙට දාගන්න ඕන හින්දා) //
ReplyDeleteඕන් මට මේ කතාවේ අල්ලලම ගියපු තැන. ඉතින් අර ගේ කුරුල්ලා නැතුව කෙලවරේ පැටියෙකුට ඉන්න පුළුවන් කිව්වනම් තුන් වෙනි නෝනත් අපායේ යන එකක් නෑ මයේ හිතේ..
ඒකනේ ළොකු කුරුල්ලෝ පහයි එක පැටියයි කිව්වා නම් කිසි අවුලක් නෑ...
Delete