Nov 25, 2013

මුද්දර එකතු කිරීම (දෙවන කොටස) පොඩි අයත් බය නැතුව බලන්න... - Stamp Collecting (Part II)


ගිය සැරේ, මුද්දර එකතු කිරීම ගැන ලියන්න ගිහින්, ලියවුනේ වෙන මළදානයක් නේ. අද නම් ලියන්නේ ඒ ගැනම විතරයි. මම මුද්දර එකතු කරන්න පටන් ගත්තේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට ගියාට පස්සේ. ඊට කලින් එහෙම කේස් එකක් දැනගෙන උන්නේ නෑ. ගල්කිස්සේ තෝරාගේ ඉස්කෝලෙන් ආපු හැම එකා ගාවම වගේ "ඉස්ටෑම්ප් ඇල්බම්" එකක් තිබුනා.

ඔය ඉස්කෝලෙන් එන ඔක්කෝම, නොම්මර එකේ දළ කාරයෝ. ඉස් ඉස්සෙල්ලම සුවඳ ගහන මකන කෑලී, මැග්නට් පැන්සල් පෙට්ටි. ඔක්ස්පෝඩ් කවකටු පෙට්ටි, ඩෙක් ෂූස් වගේ පිටරට ජාති ඔක්කෝම වගේ දැක්කේ උන්ගෙන් තමයි, ට්‍රිනිටි එකෙන් ආපු උන් ගාවත් තිබුනා. සිරිමාවොන්ගේ කාළේ ඕවා ඉතින් අධි සුඛෝපභෝගී භාන්ඩ.

හැමෝම කතා වෙන තැඹිලි ගෙඩි මුද්දරේ..
උන්ගේ මුද්දර අලවන ඇල්බම් ඔක්කෝම බොහෝම ලස්සන ඒවා. ගොඩක් තිබුනේ කළු පාට පිටුත් එක්ක තියෙන ඒවා. මගේ බොක්කටත් වැදුනේ මේ පාට. කළු පාටට මම පොඩි කාළේ ඉඳන්ම බොහොම මනාපයි. කළු දොදොල් වලට වගේම, කළු ගල් වලටත් බොහොමත්ම මනාපයි. ඒත් ඉතින් අපිට කොයින්ද බූල් බල්ලො. එහෙමකියලා වැඩේ පටන් නොගෙන ඉන්නත් බෑ නේ.

ගත්තා කළු පාට ඩ්‍රොවින් බුක් එකක් කඩෙන්. ඇලෙව්වා කාඩ් බෝඩ් කවරෙට. ගැහුවා ඉන්ගිරිසියෙන් ඉස්ටෑම්ප් ඇල්බම් කියලා.. දැන් ඇල්බම් එක හරි. ඒත් කෝ මුද්දර.? දන්න දන්න හැම එකාටම කිව්වා, මුද්දර තියෙනවනම් ගෙනත් දෙන්න කියලා. දැන් වගේ නෙමෙයි, ඒ කාළේ පිටරටවල ගිහින් උන්නේ බොහොම සුළු පිරිසක්. අපේ හිටියේ එකම එකයි. ඒ මම කලිනුත් කිව්ව සැල්ටොන් බාප්පා.

තාත්තගෙන් ඇඩ්ඩස් එක ඉල්ලාන, දැම්ම ඌට ලියුමක්, පුලුවන්නම් රට මුද්දර ටිකක් එවන්න කියලා. වැඩේ ගොඩ, සැල්ටොන් නැන්දත් (සුද්දියෙක්) මුද්දර ගාය තියෙන ලෙඩෙක්. සුමාන දෙක තුනක් ගිහින්, මුද්දර ගොඩක් දාපු ලියුමක් හම්බ උනා. ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම දැක්ක, කෝච්චි වගේ දිග මුද්දර, පොල් ගස් වගේ උස මුද්දර, පිරමිඩ් වගේ ත්‍රිකෝන මුද්දර, හැම ජාතිම ඕකේ තිබුනා.  මොනවද ඉතින්, දැන් මක්කටෙයි තෝරුන්ට සැකන්ඩ් වෙන්නේ.

ළොකේ පළවෙනි මුද්දරේ
එක එක රටවල මුද්දර පිරිලා. පාප්ප ගාලා ඔක්කෝම ටික අලවගෙන ගිහින් කස්ටියට පෙන්නුවම, උන්ට මැරෙන්න හිනා. බැලින්නම් මුලු මුද්දරේම අලවන්නේ නෑලූ. පොඩි ගම් තිතක් තියලා ලාවටලු අලවන්නේ. මුද්දර අලවන්නම හදපු පේපර් එකක් තියෙන ඇල්බමුත් තියෙනවා. ඒවට කියන්නේ, "ඉස්ටෑම්ප් කින්ජස්" කියලා.

මොනවා කරන්නද, ආයේ මුළු පොතම උණු වතුරේ දාලා, මුද්දර ටික පරෙස්සමෙන් ගලව ගත්තා. ඔය තැපල් කවරේ අලවලා තියෙන මුද්දර ගලව ගන්නෙත් එහෙමයි. ටිකක් වෙලා තිබ්බම, ඉබේම ගැනවෙනවා. ඒ වගේම, කුණු කෙල වල තිබුන විෂබීජ ටිකත් මැරිලා යනවා. මොකෝ මුද්දර අලවන්නේ දිවේ ගාලා නේ. (මේ දිව දාන කතන්දරේ ඊළඟ පෝස්ට් එකේ..)

මුද්දර වැඩියෙන් එන්න නම්, ලියුම් වැඩි පුර එන්න එපාය. ඉතින් ගැලවීමේ හමුදාවටයි, අරෙහෙටයි මෙහෙටයි හැම තැනටම ලියන්නත් පටන් ගත්තා. "පෙන් පැල්" සීන් එක පටන් ගත්තෙත් එහෙමයි. උන්ට ලියන්න නම් ඉන්ගිරිස් ඉගෙන ගන්න එපාය. බොරැල්ලේ එළකියුසන් ක්ලාස් එකට යන්නෙත් ඒ නිසා. ඒකට එළකියුසන් ක්ලාස් කිව්වේ. ටීච එළ කෑල්ලක් නිසා නෙමෙයි. ඉන්ගිරිසියෙන් කියන්නේ එහෙම නිසා.

රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ඉස්සරහා, මුද්දර විකුනන මාමා කෙනෙකුත් උන්නා. උදේට, පොර වටකරගෙන කොල්ලෝ ඔක්කෝම. මේ වැඩේ නිසා, තෝරගෙ ඉස්කෝලෙන් ආපු උන් ටිකත් සෙට් උනා. ඒකට නම් පින් දෙන්න ඕනා සැල්ටොන් නැන්දට. මොකෝ, මගේ ළඟ තියෙන වැඩිපුර මුද්දර උන්ට දුන්නා. උන්ගෙනුත් මුද්දර හම්බ උනා.

මහ තැපැල් කන්තෝරුව
ඒ විතරක් නෙමෙයි, මුල් දින කවර කියන සීන් එක, මුද්දර කාර්යංශය කියන එක, ජනාධිපති මන්දිරේ ඉස්සරහ තියෙන, මහ තැපැල් කන්තෝරුව ගැන දැන ගත්තෙත් ඊට පස්සේ.

ඔහොම කාළායක් යද්දි, මුද්දර සංගමේකටත් බැඳුනා. හැබයි ඒකට නම් බැඳුනේ මුද්දර එකතු කරන්න හිතාගෙන නෙමෙයි. අපේ ගමේ කෙල්ලො සෙට් එකත්, ඕකේ සාමාජිකාවෝ නිසා. අනික ඉතින් මේ අය බොහොම පොස් පවුල් වල අය. මම පොඩි කාලේ ඉඳන් පොස් දේවලට කැමති එකානේ.

හැබයි ඉතින් ඒ සංගමේට බැඳුනයින් පස්සේ, මුද්දර එකතු කිරිල්ලට තිබුන ආශාව නැති වෙලා ගිහින්, වෙන ආශාවක් ඉස්මතු වෙන්න පටන් ගත්තා. ඒ, ඔතනට ආපු, බොහොත් සුන්දර්, බොහොත් අච්චා, ලංසි ගැටිස්සි නිසා. ඊට පස්සේ මුද්දර වැඩේට, මුල් තැනක් ලැබුනේ නෑ. ප්‍රධාන විනෝදංශය විදියට, ලව් ඉලව් කෙරුවාව තෝරගත්තා.

අනේ ඉතින් ඔහොම හදාපු ඇල්බම් 20-25 ක් විතර මගේ ගාව තිබුනා. ඕවා දාලා තිබුනෙත්, මම ලියපු කවි, ඇඳපු චිත්‍ර, මගේම සඟරා, කුණුහබ්බ පින්තූරූ පොත් එක්ක. මම රට ගියපු වෙලාවක, අපේ නගා ඕවා ඔක්කෝම බෝතල් පත්තර කාරයට දීලා. පස්සෙ වෙන තැනක තීලා දෙක තුනක් හම්බ උනා. ඒවා පස්සෙ කාලේක, අපේ ගෙවල් ගාව උන්න කැළණිය කැම්පස් එකේ ලස්සන කෙලි පැටික්කියෙකුට දුන්නා. එයා නම් තාමත් මුද්දර එකතු කරනවලු.

ලොවෙත් නැති රටේ පළවෙනි මුද්දරේ
මුද්දර එකතු කිරීම විනෝදංශයක් හැටියට පටන් අරන් තියෙන්නේ, මුද්දරය එළියට ආපු දවසෙ ඉඳලමයි. ළෝකේ මුල්ම මුද්දරය නිකුත් කරලා තියෙන්නේ සුද්දගේ රටේ, ඒ 1840 මැයි පලවෙනිදා. ඒකට කියන්නේ "පෙනි බ්ලෑක්" කියලා. වික්ටෝරීයා මහ රැජිණ තමයි පින්තූරේ. අදටත් රටේ නම නැතිව මුද්දර ගහන එකම රට මහ බ්‍රිතන්‍ය. පළවෙනි මුද්දරේ රටේ නම නෑ වගේම, වෙන් කරන්න පුලුවන් හිල් තීලත් නෑ.

ඉස්සෙල්ලම මුදර එකතු කරන්න පටන් අරගෙන තියෙන්නේ, "ජෝන් එඩ්වඩ් ග්‍රේ" කියන සුද්දා. මේවා නියමාකරයෙන් කරන අය ලඟ ඉස්ටෑම්ප් ඇල්බම් වගේම, "ඉස්ටෑම්ප් හින්ජස්", "ඉස්ටෑම්ප් ටොන්ග්ස්" , "මැග්නිෆයින් ග්ලාස්" හිටන් තියෙනවා. පරණ මුද්දරවල වගේම, ප්‍රින්ටින් මිස්ටේක් වෙලා තියෙන මුදරවලත් වටිනාකම බොහොම වැඩියි. ඔය පළවෙනි මුද්දරේ ඩොලර් 200 කට විතර විකිනිලා තියෙන වෙලාවලුත් තියෙනවා. වැඩිම වටිනාකමට මුද්දරයක් විකිනිලා තියෙන්නේ ඩොලර් මිලියන 3 කට, ඒ ස්වීඩනයේ කලර් අප්සට් ගියපු මුද්දරයක්.

ඩොලර් මිලියනම තුනයි
ලංකාවේ පළවෙනි මුද්දරේ ගහලා තියෙන්නේ, 1857 අප්‍රේල් පළවෙනිදා, ඒ දවසේ පටන් ගත්ත හින්දද මන්දා, සුද්දා ගියයින් පස්සේ තැපෑලට දාන තරම දාන්නේ මෝඩයෝ. උන් තැපෑල දියුණු කිරීම කෙසේ වෙතත්. තියෙන ටිකත් කාබාසීනීයා කරලා දානවා. ඒ මුද්දරේ වටිනාකම පැන්ස 6 යි. දුඹුරු පාට මුද්දරයක්. ඒකේ ඉන්නෙත් වෙනින් කවුරුත් නෙම්යි එංගලන්තේ වික්ටෝරීයා මහ රැජිණ තමයි.

ඒ මක්කා උනත්, අදටත් පඩයක් ගියත්, මුදරයක් ගහලා, මුල් දින කවරයක් නිකුත් කරලා, පොටෝ ගහලා, වීඩියෝ කරලා, මහා ප්‍රචාරයක් දෙන රටක් තමයි අපේ සිරි ලංකාව. මෙළෝ දෙයක් නොකරන එකේ එහෙම දෙයක් හරි කරන එක මුද්දර එකතු කරන උන්ට නම් බොහොම වටින දෙයක්.

ජීවත් වෙලා ඉන්න කොට, අපේ ජනාධිපතිලගේ මූණ දාලා මුද්දර ගහන්නේ නැත්තේ. හිතේ තියෙන තරහට, කෙල ගාන පැත්තේ නැතුව, අනිත් පැත්තේ ගායි කියලා බයට වෙන්නත් ඇති. අනික ඉතින්, තැපැල් දෙපාර්තමේන්තුවේ උන් කොහෙමෙයි දෙයියනේ, හිතක් පපුවක් ඇතිව "දඩෝන්....." ගාලා, අර පත සීල් එකෙන් මූනට කෙලලා අරින්නේ. සීල් නැති මුද්දරේකින් ඇති වැඩක් තියේය. ඒකත් නිකන් විධායක බලේ නැති ජනාධිපතිකම වගේ තමයි.

මුල් දින කවරයක්

අර ඇඩම්ස් ඔන්ලි කතාව ඊළඟට...

සකල සිරින් පිරි සිරි ලංකාවේ, මුද්දර එකතු කරන්නන්ගේ සංගමේ (Philatelic Society of Sri Lanka) මූණුපොතට මෙතනින් ගොඩවෙන්න>>>>.

99 comments:

  1. මන් එක හුරේ

    ReplyDelete
    Replies
    1. එක දාලා ගිහින් දැන් තමයි කියවුවේ ,,අනේ මට මේක කියවද්දී අමතක වෙලා තිබ්බ සමහර දේවල් මතක් වුණා..මාත් මගේ මුද්දර සම්පුර්ණම අලෝලා ආයේ ගලෝලා ගම් තිතක් තිබ්බා ,ඒ වගේම පස්සේ කාලෙක ලස්සන මුද්දර ඇල්බම් දකිද්දී දුක හිතුණා..

      ඔයාගේ ඊලග පෝස්ට් එකට කොමෙන්ට් කරන්නේ නැහැ ඉදගෙන හොදේ,, හොරෙන් ඇගිලිකරු අස්සෙන් මේම මේම බලලා යන්නම් ලොකු වුනාම ඇවිත් කොමෙන්ට් කලන්නම් :)

      Delete
    2. ඇයි තාම ලොකු වෙලා නැද්ද.. ටිකක් ඒ වගේ කතාවක් තමයි දාන්නේ.. සන් ග්ලාස් දාගෙන කොමෙන්ට් එකකුත් දාලා යන්න..

      Delete
  2. මම පොඩි කාළේ ආස නොවුන එක දෙයක් තමයි මුද්දර එකතු කිරිල්ල. ඒ උනාට අපි දන්න නැන්දා කෙනෙක් හිටියා මුද්දර දහස් ගනනින් තිබුන. මාසෙකට සැරයක් විතර මට මතකයි එයා පොත් ටික අව්වේ දාලා බලන් ඉන්නවා.
    හැබැයි දැන් ඊ මේල් කෙරැවාව නිසා ලියුම් තැපෑලෙන් යැවීම අඩුවෙලා මුද්දරත් නැතුව යයිද කියලා හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. ළඟදීම මුද්දර නැති වෙලාම යයි. එතකොට වටිනාකම තවත් වැඩි වෙයි. කවුද හිතුවේ මේ තරම් ළෝකේ දියුණු වෙයි කියලා..

      Delete
  3. 1 කොටස මඟ ඇරුණා වගේ.

    ReplyDelete
    Replies
    1. කියවලාම ආවනම් තමා හොඳ... සීරීස් එකක් නේ...

      Delete
  4. මාත් මුල්දින කවර එකතු කරනවා..දැන් තමයි මතක් වුනේ දැන් මාසෙකින් විතර කන්තෝරුවට ගිහින් කවර ටිකක් එක්කරාසු කරන් එන්න බැයි වුනා..
    වෙලාවක යන්න ඕනි..මුල්දින කවර එකතු කරන එක මගේ විනෝදාංශයක්..කවදා හරි වැඩක් වෙයි නෙව..

    ReplyDelete
    Replies
    1. අනිවා.. අනාගතේ මාර වටිනාකමක් තියේවී..

      Delete
  5. දැන් ලියුම්වලට මුද්දර ගහන්ෙේ නෑ නෙව.ගහන්නෙ අර මොකක්ද මන්ද මැසිමෙන් ගහන රතු පාට මුද්දරේනෙ

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියන්න දන්නෙ නෑ. පෝස්ට් ඔෆීස් එකකට ගියපු කාලයක් මතක නෑ..

      Delete
  6. ඉක්මනට දිව දාන කතන්දරේ දාන්න මාතලන්...මගෙත් පොඩි කාලේ ආසම කරපු වැඩක් මුද්දර එකතු කිරිල්ල.මාතලන් වගේම මමත් මදනයා ගැහුවට පස්සේ මුද්දර එකතු කිරිල්ල අල්ලලා දාලා වෙන ඒවා පස්සේ ගියා.මුද්දරත් නෑ ඇඩත් නෑ..........

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හියන කලබල වෙන්නේ නැතිව.. දිව දානකන්..

      Delete
  7. මා ගාවත් තිබුණා ඔය තැඹිලි ගෙඩි මුද්දර පිටුවක්ම.

    එ මුද්දර පොතට මොනවා වුනාද මන්දා?

    ReplyDelete
    Replies
    1. තැඹිලි කඩන එකා ගෙනිච්චද දන්නෙ නෑ..

      Delete
  8. මේකත් හොදයි. නමුත් දිව දාන කතන්දරේ එයිට වඩා හොද ඇති. මාතලන්නෙ ලියන්නෙ නේද කෙන්ජි? (අදවත් ඇනෝ ආවොත් ලොකුම දෙයක්.)

    ReplyDelete
    Replies
    1. ඇනෝ තියා කෙන්ජයියාවත් නෑනේ වෙද මහත්තයෝ ...

      Delete
    2. කෙන්ජ් නම් එයි ඒත් අපේ ඇනෝනම් නැහැ. .................කෙන්ජි පහල ලියලා මකලා... මොකෑ වුනේ කෙන්ජි...

      Delete
    3. ඒක හොඳ වෙයි කියලා මාත් හිතනවා.. කෙන්ජියත් නෑ.. ඇනොත් නෑ.. ත්‍රිවිධ රත්නේ කුඩු වගේ..

      Delete
  9. අඩෙ අප්පා ඇත්තට හැම මඟුලටම මුහුණ ඔබා ගන්න අපේ මහ රජතුමා එතුමාගෙ මුහුණ දාලා මුද්දරයක් ගහලා නෑ නේද?. අනේ පවු.

    අර දිව දාන සීන් එකත් ඉක්මනට දාන්න මාතලං අයියෙ. (ඒකත් මේක වගේම අපි වගෙ පොඩි උන්ට කියවන්න පුලුවන් එකක්නෙ නේද? ;-) )

    ReplyDelete
    Replies
    1. අපොයි ඔවු... උඹ වගේ පොඩි උන්ගේ තාත්තලා කියෙව්වට අවුලක් නම් නෑ..

      Delete
  10. ජීවත් වෙලා ඉන්න දේශපාලුවන්ගෙ මූණු දාලා මුද්දර ගහනවා නං මාත් යනව තැපැල් කන්තෝරුවක ඔය මුද්දරේට සීල් ගහන රස්සාවකට.. හිතේ කේන්තිය යන්න මුද්දරේට වත් තඩිබාන්න බැරියැ....

    ඔය ස්වීඩිෂ් යෙලෝ එකේ කතාව මං මොකක් හරි පොතක දැක්ක මතකයි...

    ReplyDelete
    Replies
    1. \\\\හිතේ කේන්තිය යන්න මුද්දරේට වත් තඩිබාන්න බැරියැ.... ///
      සිරා කතාව :D

      Delete
    2. මාත් එනවා එතනම වැඩට.. හැබයි සීල් ගහන වැඩේ විතරයි..

      Delete
  11. නුවර municipal හන්දියේ කඩයක් තියනවා මුද්දර මාරු කරන. ලංකාවේ මුද්දර 20 කට පිටරට 5 යි. බොහොම පැරණි කඩයක්. කඩේ එදා විධියමයි අදත්. museum එකක් වගේ..

    ReplyDelete
    Replies
    1. ඊට ඉස්සෙල්ලා මියුනිසිපල් එක තියෙන තැන හොයා ගන්න එපාය..

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. මම ගාවත් සැලකියයුතු මුද්දර එකතුවක් තියෙනවා. විදේශ රටවල් එක්ක ගණුදෙණු කරන ‍රැකියාවක් කරන නිසා තාමත් හම්බවෙන මුද්දර එකතුකරනවා.

    ReplyDelete
    Replies
    1. මොහොම හොඳයි ඒක. අපිට වෙලා තියෙන්නේ. කිසිම දෙයක් දිගටම කොරන්න බැරි එකනේ...

      Delete
  14. //ඒ මක්කා උනත්, අදටත් පඩයක් ගියත්, මුදරයක් ගහලා, මුල් දින කවරයක් නිකුත් කරලා, පොටෝ ගහලා, වීඩියෝ කරලා, මහා ප්‍රචාරයක් දෙන රටක් තමයි අපේ සිරි ලංකාව. මෙළෝ දෙයක් නොකරන එකේ එහෙම දෙයක් හරි කරන එක මුද්දර එකතු කරන උන්ට නම් බොහොම වටින දෙයක්.//
    අපේ රජතුමා ආවම පස්සේ තමා ඔය සීන් එක සැරටම යන්න ගත්තේ
    හැබැයි වසරකට නිකුත් කරන මුද්දර, මුල් දින කවර ගණන අඩු උනාම නේද ඒ රටවල මුද්දර වලට වැඩි වටිනාකමක් ලැබෙන්නේ??

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. නමුත් වැඩියෙම ගැහුවාම ගීනස් එකට යනවනේ..

      Delete
  15. //කළු දොදොල් වලට වගේම, කළු ගල් වලටත් බොහොමත්ම මනාපයි//
    //අපේ ගමේ කෙල්ලො සෙට් එකත්, ඕකේ සාමාජිකාවෝ නිසා//
    මට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ කියන දේවල් එකිනෙක සම්බන්ද ද කියන එක..

    මේ ලිපිය ගොඩාක් වැදගත් කරුණු ගොන්නක් අන්තර් ගත කරල තියනවා..
    අනික අපි විනෝදෙට කරපු විනොදාංශෙ තිබුනු වැදගත් කම පසක් කරල දුන්නට ස්තුතියි.. (මම මේ ලිපිය කොපි කරල ගන්නව අනාගතේ දවසක අපේ පුංච් එවුන්ට පෙන්නන්න) ..

    ReplyDelete
    Replies
    1. ඇයි නිකන් අප්සට් වගේද...? කිසි අවුලක් නෑ.. මමත් මේවා ලියන්නේ ඒකයි.. අපේ පොඩි එකත් බලනවා..

      Delete
  16. මට මුද්දර එකතු කරන පුරුද්දක් තිබුනේ නෑ නොවැ.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ නංගි මටත් එහෙම පුරුද්දක් නැහැ!

      Delete
    2. එහෙනම් මක්කැයි එකතු කොලේ...

      Delete
  17. මම එකතු කලේ මාතලන් මුල්දින කවර.. අදටත් මගේ කුරුණෑගල ගෙදර ඒවා ගොඩාක් තියෙනවා.. මුද්දරත් සෑහෙන ගානක් තිබ්බා.. අර ඩොලර් මිලියන තුනේ මුද්දරේනම් හරිම දුර්ලභයි... දැන් ඕකේ වටිනාකම කීයක් වෙනවා කියලද හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. අභීත මොකද්ද බං Born Fire කියන්නෙ? ඇට පුච්චනවද යන උන්ගෙ?

      Delete
    2. දැන් කීයද මචෝ.. අනිවා ඩබල් වෙලා ඇති...

      Delete
  18. මගේ ලඟත් තිබුන පරණ මුද්දර එකතුවට මොනවා උනාද මන්දා. ලෝකයේ හොඳම මුද්දර එකතුවක් එංගලන්තේ මහා රැජින ළඟ තියනවලු. මේ ලිපිය බලලා එක දරුවෙක් හරි මේ විනොදාන්ශයට යොමු වෙනවානම් හොඳයි. තේ පෝච්චියට වතුර දාලා උණු වෙනකොට කෙමියෙන් එන හුමාලයට ඇල්ලුවම පහසුවෙන් මුද්දර ගැලවෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ සිස්ටෝන් එකට තමයි මාත් මුද්දර ගැලෙව්වේ. පුච්චගෙන තියෙනවා මදි නොකියන්න

      Delete
    2. මම පොඩි කාළේම උණු වතුර එකක් නාලා ඉන්න නිසා, ගෙදරින් ලිප ගාවටවත් යන්න දෙන්නේ නෑ..

      මහ රැජින ගාව මුද්දර විතරක් නෙමෙයි. එක එක රටවලින් ගෙනිච්ච පෞරාණික දේවලුත් වැහි වැහැලා තියෙනවලු..

      Delete
  19. මගෙ ලඟත් මුද්දර එකතුවක් තිබුණා පස්සේදී ඒ ආසාව නැතිවුණු නිසා මුද්දර ටික යාලුවන්ට බෙදල දුන්නා.මාතලන් අර දිව දාන කතාව ඉක්මනට දැම්මනං.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉවසහං හැලප මුත්තේ..

      Delete
  20. තව මුද්දරයක් තිබ්බනේ මාතලන් අර ආහාර මුද්දර කියල මතකද ?

    ReplyDelete
    Replies
    1. ඒකත් විකුණන් කාපු උන් ඉන්නවනේ.. ඊට හපන් ඒවා ගන්න උන්.. බැලුවාම අවුලකුත් නෑ.. ත්‍රිපෝෂ පැකට් එකත් කුණු කොල්ලෙට ගන්න උන් ඉන්න රටක් නේ..

      Delete
  21. \\\සීල් නැති මුද්දරේකින් ඇති වැඩක් තියේය. ඒකත් නිකන් විධායක බලේ නැති ජනාධිපතිකම වගේ තමයි.///
    සීල් නැති වුනාම වැඩක් ගන්න පුළුවන් ඒවත් තියෙනවා.....

    ReplyDelete
  22. මේ වගේ දේවල් ගැන මගේ දැනුම නම් අඩුයි මාතලන්.. දිගටම ලියන්න හැම දේම මතක් කරලා.. ආසාවෙන් බලපු පෝස්ට් එකක්.......

    ReplyDelete
    Replies
    1. ආසාවෙන් බැලුවනම් අවුලක් නෑ..

      Delete
  23. දැන් බලනකොට මුද්දර එකතු කරපු නැති කෙනෙක් නෑනේ. අපේ ඔෆිස් එකේ ඉන්නවා තවමත් මුද්දර, මුල්දින කවර එකතු කරන කෙනෙක්. මිනිහාගේ උනන්දුව කොයි තරම්ද කියනවා නම්, එයාගේ පවුලේ ෆොටෝ එකක් මුද්දරයක් විදියට ගහන්නත් මුද්දර කාර්යාංශය ආරාධනා කරලා. මුද්දර පනහක් ගහලා දීලා තිබුණා. මම පොරව ෆලෝ කළා ඒ කතාව ඇත්තක්ද කියලා බලන්න, ලියුම් තැපැල් කරන්න යනකොට.

    ReplyDelete
    Replies
    1. සුදීකට උනත් සල්ලි දීල ඒ වැඩේ කරගන්න පුලුවන්. අර ප්‍රන්සෙ එහෙම කොටි මුද්දරයක් ගහල පහුගිය කාලෙ මහ හා හෝවක් උනා මතකද?

      Delete
    2. මමත් එකක් ගහ ගන්නවා.. හැබයි සීල් ගහන්න බෑ ඕන්...

      Delete
  24. මචං ඔය රාජකීය මුද්දර අංකල් මට තාම මතකයි.....අර කඩචෝරු කරත්තේ ගාව පතංදර ගහට කකුලක් නවලා තියාගෙන මුද්දර පොත් තියාගෙන ඉන්නේ.

    මුද්දර එකතුකරන සුද්දියෙකුට මම ලංකාවේ මුද්දර සෑහෙන ප්‍රමාණයක් හොයලා දුන්නා. එයා කිව්වා අපේ තරම් ලස්සන වර්ණ සංයෝජණයක් තියෙන මුද්දර අනිත් රටවල අඩුයි කියලා. ඉතා කෙටි කාල පරිච්ඡේදයක් තුල මේ තරම් මුද්දර ප්‍රමාණයක් නිකුත් කරපු රටක් දන්නෙත් නැහැ කිව්වා. පසු කාලයකදී මුරලිගේ මුල්දින කවරය සහිත ඒ මුද්දර සෙට් එකත් දුන්නා. මටත් දිව දාලා අලවන්න මුද්දරයක් දුන්නා.

    ReplyDelete
    Replies
    1. "මටත් දිව දාලා අලවන්න මුද්දරයක් දුන්නා."

      hiks

      Delete
    2. ඒකනේ මචෝ මම කිව්වේ.. මුද්දර නිසා මටත් බොහෝ දේවල් ලැබුනා කියලා..

      Delete
  25. මේක මතක් කරපු එක හොඳයි! ගෙදර ගිහාම එකතු කරපු මුද්දර පොත් ටික ආයේ හොයලා ගන්න ඕනේ! නැත්නම් ඒවත් කඩල කාරයාට යයිද දන්නේ නෑනේ!

    ReplyDelete
    Replies
    1. අනිවා... අනාගතේ මැණික් වගේ වටින දෙයක් වෙයි..

      Delete
  26. මම ඉතින් තාම එකතු කරනවනේ.. දැන් නම් ඉතින් යුරෝපේ එවා තමයි.. ලංකාවේ ඉද්දී එකතු කරපුවා ඇති තාම පරිස්සමට තියලා..

    ReplyDelete
    Replies
    1. අර ලංකාවේ පරිස්සමට තියපුවා ගැන පොඩ්ඩක් සෝදිසියෙන් හිටහන්.. මටත් උනේ ඕකමයි..

      Delete
  27. මට නම් මුද්දර එකතු කරන ආසාව තිබ්බේ නැහැ.. මුල් දින කවර කියලා ජාතියක් දැනගෙන හිටියෙත් නෑ

    ReplyDelete
    Replies
    1. ඒවා මුද්දර වලටත් වඩා ලස්සනයි. බොහොම පොඩ්ඩක් නිකුත් කරන්නේ. ඒ නිසා වටිනාකම වැඩියි..

      Delete
  28. මටත් ‍නමය දහය වසරෙදි ඔය ආසාව තිබ්බත් ඒක වැඩිකල් පැවතුනේ නෑ. ඔය මුල් දින කවර කියල ජාතියක් මම අද වෙනකල් දැකලත් නෑ.

    ReplyDelete
    Replies
    1. දැන් එකක් දැක්කා නේ.. ඒ නිසා අවුලක් නෑ.. අර උතසවේ වෙලාවේ සීල් ගහලා දෙන්නේ මුල් දින කවර තමා..

      Delete
  29. මමත් මුද්දර එකතුකලා ,එකතු කරපු මුද්දර බර ගානක් ඕලෙවෙල් කාලේ ට්‍රයි කරපු කෙල්ලෙකුට දුන්නා. ඒකි ඒවත් අරං වෙන එකෙක්කුට හා කිව්වේ නැතැයි. ...අම්මප ඒ කාලේ මුද්දර දකිනකොට මල පනිනවා, දැන් හිනායනවා

    ReplyDelete
    Replies
    1. සමහර උන් නම් දීපු ඒවා ආයෙ ඉල්ල ගන්නවා. අපරාදේ උඹට තිබුනේ මුද්දර පොත වෙනුවට පතිවත ඉල්ලගන්න.. මොකෝ ආයේ රිටන් කොරන්නය..

      Delete
    2. හි හි අපේ මල්ලිත් ඔයා වගේ කෙල්ලෙක්ට මගේ මුද්දර හොරෙන් දීලා තිබ්බ

      Delete
  30. මටනං අම්මාපල්ලා ඔහොම දෙයක් ඔලුවටවත් ඇවිල්ල නැහැ නොවෑ. මට නම් හිතෙන්නේ කාලෙන් කාලෙට විනොදාන්ෂත් වෙනස් වෙනවාදෝ කියලා

    ReplyDelete
    Replies
    1. ඒකනේ පළමු පෝස්ට් එකේ මුලින්ම ලිව්වේ..

      Delete
  31. එකටම කමෙන්ට් කලේ මං.
    ඒක නෑ :'(

    ReplyDelete
    Replies
    1. කීයටවත් වෙන්න බෑ... ස්පෑම් ගොඩෙත් නෑ..

      Delete
  32. මට ඔය කෙහෙල් මල් මුද්දර එකතු කිරීමේ විනෝදාංශ නම් තිබ්බෙම නැත.
    විනොදාන්සේට කියල "මයිල්"එකසිය ගානක් එකතු කෙරුවාය කොල්ල කාලේ.
    දැන් කියලත් කමක් නැතිය.
    හිතුවොත් දවසට දෙකක් වුවද එකතු කල අහැකිය සෙට් වෙන කෑලි වල හැටියට.

    ReplyDelete
    Replies
    1. @ කෙන්ජි......මොකද බං උඹට හවරියක්වත් හදාගන්න ඕන වුනාද?

      Delete
    2. නැහැ බං ඒ වලින් මොන හවරිද..
      කිඹුහුමක් යන් නැති වෙලාවට නාහෙට දාල කරකවපු එක විතරමයි ගත්ත පොරෝජනේ...

      Delete
    3. මාතලන් වහාම මේවට කොටු දාපං ...අපි වගේ පොඩි එවුන් නිතර එන යන තැන නේද මේ සීයලා කුණු හබ්බ කෙලින්නේ ...:D

      Delete
    4. උඹ පොඩියි කිව්වෙ කොත න ද...
      කකුලේ චුටි ඇගිලි දෙකද....?

      Delete
    5. මම ඉවාන් මල්ල ඔය කිව්වෙ 80 ගණන් වල.
      මම නාවල නිසා ඔය හතර වටේ බොක්කො ඔසේට ...
      වැලිකඩ පොලෝසියේ මට වඩා වැඩිමල් එවුන් එක්ක ගත්ත ආතල් කියල වැඩක් නැහැ,

      Delete
    6. :/ හෙලා දකිමි

      Delete
    7. ම්ම්ම්...ඔයා ....හෙලා දකිනෙම් ...නම්....
      මා ....හකුලා...ගනිම්....

      Delete
    8. හකුලා ගන්නේ වෙන කිසිවක් නිසා නොව...
      තිට ...සැමදා..ආදරය නිසා බව ....සිහියේ ...තබාගව.......!!!

      Delete
    9. උඹත් නිකන් මහින්ද මහත්තයා වගේ මොකක් හරි අතේ රෝල් කර කර ඉන්නවද දන්නෙ නෑ.. ඔය කියන තරම් බඩු සෙට් වෙන්න..

      Delete
    10. එක තමයි මාත් බැලුවේ ,,කෙන්ජයියගේ වශී බෝලේ

      Delete
  33. ඔය මුද්දර එකතු කිරීම මමත් කලා.ඒ එකතු කරපු මුද්දර පොත තාමත් ඒ විදියටම තියෙනව මා ගාව.අර උඩ තියෙන තැබිලි වල්ලේ මුද්දරේ මා ගාවත් තියෙනවා.මුද්දර ගැන සමහරක් දේ දැනගත්තේ මේ පොස්ට් එකෙන්.ටැන්කු මාතලන් එකට.

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා මනෝජ් මලේ...

      Delete
  34. ලංකාවෙ වැඩිපුරම තිබ්බ මුද්දරේ තම්මයි පප්පගෙ කොළපාට ධර්මිෂ්ඨ ස සමාජය කියන මුද්දරය. ඒක රැකෝඩ් ගහපු එකක් වගේම මම දන්න තරමට ලංකාවෙ තිබ්බෙ එකම එක ත්‍රිකෝණ මුද්දරයයි.

    කවුරුත් අර "තැපැල් මහතුන්ගෙ මාවත" ගැන දන්නෙ නෑ වගේ!

    ReplyDelete
    Replies
    1. ඔය මළ හෝන්තුව අගේ කරන්නේ නැතුව කියහන්කෝ...

      Delete
    2. "තැපැල් මහතුන්ගෙ මාවත" තියෙන්නේ ගල්කිස්ස ටෙම්පල්ස් පාරේ අපේ ගෙවල් කිට්ටුවනේ බං.

      Delete
  35. අද කියන්න දෙයක් නැතො ඔ ඔ

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඊළඟ එකේවත් මක්කා හරි කීවෝත් තමා යස..

      Delete
  36. මුද්දරේ ලියපු කතාවේ වටිනාකමම තියෙනවා මේ මුද්දරවලත්. ගිය අවුරුද්දෙ මගේ දෝණිගෙ ටීචර් ළමයින්ට කියලා හැමෝම මුද්දර පොතක් හදන්න කියලා. මමත් දනිපනි ගාලා කෙල්ල එක්ක මුද්දර හොයන්න මාර කට්ටක් කෑවේ.

    ඒ කොහොමිං කොහොම හරි ලංකාවේ නානාප්‍රකාර මුද්දර පරණ මුද්දර සෑහෙන තොගයක් හොයගෙන මුද්දර පොත හැදුවා. පොත ඉස්කෝලෙ ගෙනිචිචට පස්සේ ඒක ටීචර් තියාගත්තලු ලස්සනයි කියලා.

    ඉස්සර නම් මුද්දර සෑහෙන්න එකතුවෙනවා ගෙවල්වල. ඒත් දැන්නම් මුද්දරයක් ගහපු ලියුමක් ගෙදර ආපු කාලයක් මතක නෑ. අවත් එන්නේ රා.සේ.පි.විතරයි.

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න ටීචර්ලා හරි කට්ටයි. ෂුවර් එකටම ඕක එයාගේ කාට හරි දෙනවා එයාලා හදපු එකක් විදියට. මම පත්තරේක දැක්කා. ළමයකුගේ කවි පොතක් ගෙඩි පිරින් උස්සලා පොතක් ගහපු ටීචර් කෙනෙක් ගැන.

      Delete
  37. හුටා... මමත් ඉස්සර මුද්දර ඇලෙව්වේ ඔය කිව්ව විදියටම තමා. එකත් එක්සයිස් පොතක. ඒක නම් අපේ නෑදෑ වෙන පොඩි එකෙකුට දුන්නා. දැන් නම් තියනවද දන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. මටත් දුකයි එක එකාට දීපු එකට.. ඒත් ඉතින් දුන් දේ සුවඳයි, නොදුන් දේ ගඳයි කියනවනේ..

      Delete
  38. මගේ ලගත් ලංකාවෙ නිකුත් කරපු ශත 1 සිට ඉහළට මුද්දර තියෙනවා...අදටත් සුද්දගෙ කාලෙ ලංකාවෙ නිකුත් කරපු මුද්දර තරම් කිසිවක් ලස්සන නෑ...ඒ මුද්දර වල අමුතුම ලස්සනක් තියෙනවා...මට වැඩිපුර තියෙන ඒවා අනිත් අයට දීලා හුවමාරු කරලා තමයි අපිට නැති මුද්දර අපි ලබා ගත්තෙ....මගෙ ලග තියෙනවා රවුම් මුද්දත්...ඕක හරිම ආතල් විනෝදාංශයක්...ලෝකෙ වැඩි දෙනා කරන විනෝදාංශයත් ඕකයි කියනවා නොවැ...

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවක් නම් තියෙනවා තමයි. ප්‍රශ්ණය තියෙන්නේ.. ඒක තව දුරටත් වලංගුද කියන එක..

      Delete
  39. බාලදක්ෂ වැඩවලදි තමා මං නං මුද්දර එකතු කරන්න පටන් ගත්තෙ. අපේ අම්මගෙ පරණ මුද්දර එකතුව එහෙන පිටින්ම මට ලැබුන. තාත්තත් තැපැල් මහත්තයෙක් නිසා මුද්දර එකතු කිරීම නං නැගලම ගියා. දැන්නං ඉතිං ඒ වැඩේ වෙන්නෙම නෑ. ගෙදරට ලියුං එන්නෙ නැති තරංනෙ. ආවත් එන්නෙ අර සීල් ගහපු ලියුං කවර. කිසි කමකට නෑ.

    ReplyDelete
    Replies
    1. නැතිවෙලාම යයි මගේ හිතේ.. ඒ නිසා දැන් තියෙන ඒවා වල වටිනාකම බොහෝම වැඩි වෙයි අනාගතේදී..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න