අලියෝ ඇවිත් හම්බන්තොට වරායට,
පන බේරාන අපි දෙන්නා දුවමු මලේ.
සෙල්ලම් පිස්ටල් වලට අලියෝ බය නැතියෝ
වැටුනොත් සරම අස් චර්යේ හෙළුව පෙනේ.
බය වී දුවන දෙන්නාගේ පින්තූරේ,
දාගෙන නටනවා බුකියේ මහත්තුරු.
අලියට බයේ දුවනා මේ ජනතාව,
ඇටෑක් එකට මෙහෙමත් තනියෙන් එයිද?
එහෙම දෙයක් වෙනකන් බොඩි ගාඩිලා,
පොන්නයො වගේ බකං නිලාගෙන ඉයිදෝ?
කුණු බිත්තර ගහලා නම් වැඩක් නැතේ,
හම්බන්තොට නැද්දෝ බං කුරුඳු පොලු.
පෙන්නුවා මාස ගානක් මේ තැන් දෙකම,
ලොක්කට කිව්වනම් උඩින්ම බලනවනේ.
ළෝකේ වටේ සැරි සැරුවත් මීට කලින්
එයාපෝට් හාබර් දැකලම නැද්ද...?
අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහත්තයා හරියටම හරි , මුන්ට මෙහෙම ගහනකන් මුන්ගේ අංග ආරක්ෂකයෝ පොල් ගෑවද? ගහපු එවුන් නෙවෙයි වැරදි අංග ආරක්ෂකයෝ ටික . අනික උන් සුපර් මෑන්ලා වගේ ඩයල් නිසා උන්ට පුළුවන් හා දාහක ආවත් බේරාගන්ට
ReplyDeleteගැහුවනං කියයි කොළඹින් අැවින් සාමාන්‍ය ජනතාවට පහරදුන්නා කියල
Deleteඔය අංග ආරක්සකයෝ කියන උන් හිතාගෙන ඇත්තේ. ජුන්ඩට මක්කා හරො කලොත් විතරක් වැඩේට බහින්න ඕන කියලා වෙන්න ඇති.
Deleteතව ටිකක් සරම ඉස්සුනානම් ජුන්ඩා එළියේ.
Deleteයන්තං ඔලුව දාගෙනද මන්දා ඉන්නේ !!!
Deleteකොරන වැඩ වල හැටියටනම් ඒකෙක් ඉන්නවද කියලත් සැකයි........
Deleteබලපංකො සෙල්ලං පිස්තෝලේ ලස්සන විතරක්.මටත් සෙල්ලං කරන්න මෙහෙම එකක් ගන්න හිතයි මාතලන්, එකක් හොයාගන්න බැරිද.
ReplyDeleteවිචාරක තුමාට කියල බලපං මචෝ....
Deleteඑයාගෙ එකේ නම් බටේ මලකඩ කාලලු......
ගාණක් නෑ මචෝ බටේ නං සුද්ද කරල ගන්න බැරුවයැ,කොහොමද ලංකාවෙ පුල් ආතල් එකක් ගන්නවද
Deleteහම්බන්තොට ගිය වෙලාවක ගෙනත් දෙන්නම්. ඔය කළු දොදොල් කඩවල එහෙම තියෙනවා...
Deleteමැස්සො වහන එයාර්පෝට් එක .......බලලා
ReplyDeleteආතල් ගන්න එන මේ අලි රැල ........දැකලා
පොදු ජනතාව යයි ඒ අය ............ එලවාලා
අලින් රකින්නයි ආවේ මම ...............දුවලා
කොහොම හරි අර තංගල්ලේ එකාට වඩා මොළේ ටිකක් තියෙන එකෙක්.. නැත්නම් ඉතින් අද මළ ගෙයක් නේ...
Deleteහම්බන්තොට මත්තල දැකලා නැත්නම්..
ReplyDeleteමොන මගුලකට බැන්නද ඒ වැඩ වලට..
දැන්ද එන්නේ ඒවා බලලා යන්ට..
දෙන්න හිතයි හොම්බෙන් ඇවිදන් යන්ට..
මුන්ට ඔහොම නෙමෙයි ගහන්න තිබුනේ. බලහන් මේ යක්කු මෙච්චර කල් දැක්කා වගේ නේ කතා කලේ... මාත් ගියා සෙනග සූ ගාලා.. රට යන්න නෙමෙයි. බලන්න..
Deleteඅරූ අච්චර සරම උස්සන්නෙ මොකද දන්නෑ නේ. ;)
ReplyDeleteයටින් කලිසමක් ඇදගෙන ඉන්නෙ කියල පෙන්න
Deleteරජ වංශෙන් තුනක් පෙන්නන්න..
Deleteඌ හොඳයි.. අලින්ට බයේ දුවන උන් ඉස්සෙල්ලම කරන්නේ සරම කඩලා දාන එක..
Deleteමේ වලිය නං ඌඇම්පී කස්ටියම සෙට් කරගත්ත එකක්. තමන්ටම ගහගෙන ආණ්ඩුව අපකීර්තියට පත්කරන්ට. බටහිර කුමන්ත්‍රණයක් හරි ජිනීවා කුමන්ත්‍රණයක් හරි වෙන්ටත් පුළුවන්!
ReplyDeleteහේ හේ හේ
Deleteමේ අර රනිල් මහත්තයට උගන්නන පාඩම් නේ...
Deleteකිසිම තාලෙකට කියෝගන්න බැරිවෙන්න ලියපු මෙවුවා එකක්
ReplyDeleteබටහිර හා රාගධාරී යන සංගීතයන් දෙක එකට මුසුකොට පත අට එකට සිදුවා වරකට තේ හැන්දෙන් භාගයක් පමන පානය කර ඉසිකොමිටා සයිලියට ගායනා කරන්න..
Deleteහි හි
Deleteමේ විදියේ කවි වර්ගයකුත් තියෙනවා. මේවා ලියන්නෙත් මේ වගේ දේවලටම තමයි.
Deleteඕ යේස් !! ප්රවීණ කලා කරුවෙක් විදියට මාව මාර අපහසුවකට පත් උනා මේ කවි වල විරිත දැකලා.,!!!
Deleteඅර තම්බියා පිරිත් ගෙදර කිව්ව එකම තමා කියන්ඩ තියෙන්නේ !!
හි හි ඒ මොකක්ද මුන්නෝ ඒ
Deleteඌ එලිවෙනකං පිරිත් ගෙදර කිර කිර ඉඳල කිව්වලු " ෂිංදුව ඔඳයි - දිග තමා වැඩි " කියලා බං.
Delete///ඕ යේස් !! ප්රවීණ කලා කරුවෙක් විදියට මාව මාර අපහසුවකට පත් උනා මේ කවි වල විරිත දැකලා.,!!! //
Delete:-)
අනෙ අහින්සක අපෙ නගරාධිපති
ReplyDeleteවදින්න ගිය දෙවාලය ඉහෙ වැටී
පොඩි එකාගෙ සෙල්ලම බඩුවත් නැතිවී
ගෙදර ගැනිගෙන් කනවලු හම්බ ගුටී
බබා ලන්තෙ නගරාධිපති බබා..
Deleteමට දුක අර පොලිස් කාරයෝ ගාව සෙල්ලම් පිස්ටල් එකක් වත් නැතිව ඔහේ බලාගෙන උන්න එකට.
Deleteඅර මැකෝලා ටික එලියට දාල තියෙන්නේ, මේකෙ රස්නේ අඩු කරන්න වෙන්ටෑ..
ReplyDeleteඋන් පැනලා තියෙන්නේ මීට කලින් නේද....?
Deleteඅද ලියල තියෙන අදහස දැනුනට මෙලෝ රහක් නැහැ මචෝ........
ReplyDeleteමක්කෙයි...... ඒ...... ???
අද අමුවෙන්
Deleteමත්තල වැඩේට තද වෙච්චි පාර තාලත් ටැපලිලා.... විදානෙ ...
Deleteසුංගිරාළ කියලා කෙනෙක් මේ විදියේ කවිත් ලියලා තියෙනවා..
Deleteරහ නැත්නම් සීනී ටිකක් කාපන් මචෝ.. වෙන මක්කා කොරන්නෙයි..
සුංගි රාල ගෙ කවි වලට මම පට්ට ආසයි බං.දිවයිනේ නේද !!
Deleteමට මතක නෑ බන්, පත්තර දහ දාහක් විතර තියෙනවනේ..
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා! ආස්චර්‍යමත් වසරක් වේවා! ;)
ReplyDeleteඑසේම වේවා සබියෝ... උඹ තාමත් වෙන්න දොස්තරෙයි..
Deleteඑසේය. පයිනල් ජනවාරි!
Deleteමේකයි මචං වැඩේ.....මහ එව්වො ගෙඩි පිටිං කාල කරල විවුර්ත කරන කරන කඩිනම් ව්‍යාපාර ගන්න දෙයක් නැහැ..... කරන්න වැඩ කෝටියයි.......
ReplyDeleteඔය සෙල්ලං පිත්තෝල උත්තන් එන උත්තල.....මත්තල විතලක් නෙමේ බං වික්ටෝරිය එකෙන් පටන් අරං ගම් උදාවල් වලත් රජ කළා....
අද ඒ අතිං ටිකක් ඉතර ඔදයි අයිය ප්‍රේමේ ගෙ කාලෙට වඩා.....
සොත්තියල....මෝරලා.....පණපිටින් ඉන්න එකාගෙ අත ගලවල ගෝලයො අතේ පොලිසියට යැව්වෙ ....
උඹ හරි යූ ඇන් පී කාළේ මෙහෙම බලන්න තියා හිතන්නවත් බෑ. ඒවා අමතක උන් තමයි මේ කෑ ගහන්නේ. මම නම් මේවා ෆේලියර්ස් විදියට දකින්නේ නෑ. අනාගතේ හරි ප්‍රයෝජනයට ගන්න පුළුවන්. හැමදාම කටුනායකට, කොළඹට කොටු වෙලා ඉන්න ඕන නෑ නේ. එහෙම උන්නා නම් අපි තාම ඉන්නේ අනුරධපුරේ ගල් ගුහා වල.
Deleteවැදගත් ම වෙනස තමයි ඒ කාලේ ඩිගිටල් කැමරා සහ ඉන්ටර්නෙට් නොතිබීම.
Deleteතිබුණා නම් චැනල් ෆෝ වලටත් රජ් මගුල් තියෙන්න ඉඩ තිබුණා.
අයේ අහලා.. 88-89 පාරේ තිබුන ඒවත් එක්ක මක්කද මේ චැනල් හතරේ පෙන්නන්නේ.. එක සැරයක් මම වැලිමඩදි දැක්කා. අර වෙසක් එකට පහන් පත්තු කරනවා වගේ පාර පුරා කෝටු වල ඔළු හයි කරලා..
Deleteඒ ආණ්ඩු එහෙම පිස්සු කෙලපු නිසා තමයි මේ ආණ්ඩුව පත් කලේ.අරුන් කලා කියලා මුනුත් ඒවා කරනවා නම් මොකටද කොටි ගණන් සල්ලි වියදම් කරලා ජන්ද තියන්නේ.
Delete///මම නම් මේවා ෆේලියර්ස් විදියට දකින්නේ නෑ. අනාගතේ හරි ප්‍රයෝජනයට ගන්න පුළුවන්///
Deleteවරායනම් දෑකිය හෑකි අනාගතයක්දී ප්‍රයෝජනවත් විය හෑක.
එයාපොර්ට් එක නම් ලන්කාවට අභයවාකාශ යානා (සමහර විට පිටලෝකවලින් )ගොඩ බස්සවන කාලයකට තමයි
හම්බන්තොට මිනිස්සු කැමති නැ..... පිටින් එන මිනිස්සු සංවර්ධනය විවේචනය කරනවට..... මේ ආපු සෙට් එක හම්බන්තොට පහල සමාජ මට්ටමක අය .... හා මද්‍යම පංතියේ අය කීප දෙනෙක් විතරයි.....ඉතින්..... දනපති පන්තිය මෙතන නියෝජනය වෙලා නැ. හේතුව, ඒගොල්ලෝ දෙපැත්තෙන්ම ශේප් වෙන හින්දා.....එදා ,ලංකාවේ අති දුෂ්කරම ප්‍රදේශයක් වුන හම්බන්තොට..... අද තත්වය අහසට පොලව වගේ වෙනස් ....මේක නැති කරගන්න . ඒ මිනිස්සු කැමති වෙයිද....? මේ ගැටුමත් ඒ ආපු අවේග ඔස්සේ ....මිනිසාගේ පරම ගති ලක්ෂණ පහල වීමක් තමයි....මෙතැනදී, මිනිසා සුදුද කළුද කියල ප්‍රශ්නයක් නැ...... හම්බන්තොට මිනිස්සු කොහොමත් අවෙගශිලියි ..... මොකද ලේ රත් වෙන පලාතනේ...... සිදු වෙච්ච සිදුවීම ගැන නම් කණගාටුව පල කරනවා. ආයෙත් මෙවැනි දෙයක් නොවේවා කියලත් කියනවා.ගැටුමක් සුදුසු නොවන නිසා, මිනිසා තවත් මිනිස් පාර්ශවයක් එක්ක ඇති වෙච්ච මේ ගැටුම ... වැනි ගැටුම් අතීතයේත්, සැම යුගයකත් සිදු උනා කියලා අපි දන්නවා.
ReplyDeleteමිනිස්සු ස්වාධීනව නැගී සිටීමක් නොවෙයි, පැහැදිලි උසිගැන්වීමක් තිබුණා එ් උසිගැන්වීම හරහා බත් පැකට් එකට අරක්කු කාලට වැඩකරන උදවිය හැසිරුණා..
Deleteඅපිට පුළුවන්ද පිස්තෝලයක් අරන් ගුවන් තොටුපලේ අැතුලට යන්න...
මම පොඩිම පොඩි උදාහරණයක් කියන්නම්. අපේ නෝනා මේ සැරේ කතරගම ගිය වෙලාවේ කෑම ඇඳුම් අරවා මේවා පාර්සල් ටිකක් අරගෙන ගියා දුප්පත් පවුල් වලට බෙදන්න කියලා. එයා කැමති නෑ අර උදාගම් පාරේ ප්‍රොෆෙෂනල් හිඟන්නන්ට දෙන්න. අතුරු පාරවල් වල ගියත් එයා හොයන ජාතියේ ගෙයක් හොයා ගන්න බැරි උනා. අන්තීමෙදි ඒවා කොළඹ ගෙනත් ගෙවල් පැත්තේ දුප්පත් උන්ට බෙදුවා. පාරවල් උඩින් යටින් හැම තැනම. තව මොනවද කතා ඉතින්..
Deleteමේ පැත්තේ මිනිස්සු ළග පිස්තෝල, ගල්කටස්, කඩු, කිනිසි නිතර ගැවසෙනවා. මොකද මන්දා....අතීතයේ හේන් ,ගොවිතැන් කරපු වැල්ලේ බහින පුරුද්දටද මන්දා....
Deleteඔහේ නෙමේ ඕවා ම්ළු ලංකාවෙම තියෙනවා.. නමුත් ඒවා පත්තු වෙන්නේ අමුතු රටාවකට. කාළෙකදි ඕවා අතුරුදහන් වෙනවා. ආයේ එනවා. ඔහොම තමා චක්කරේ..
Deleteමහ අමාරුවක් නෑ නිහංසා..අනුරාධපුරේ ත්‍රීවිල් කාරයො හෑන්ඩ් ග්‍රෙනේඩ් ,පිස්තෝල,බුලට්ස් වික්කා මචං ..විචාරක සෑර් දැක්කොත් මටත් ටොපිය..
Delete@ නිහිංසා
Deleteනැත අතීතයේ පාතාලයේ උල්පත ඔය පැත්ත වීම නිසා සහ එ් පුරුද්දට..
ඔව් අතීතයේ .... පාතාලේ උපත මෙහේ වගේම..... ඊට කලින් භිෂණය පටන් ගත්තෙත් මෙහෙමනේ...... මෙහේ කට්ටියනේ ඕකට joint උනෙත්.....ඉතින් මේ පළාත කප් ගහපු නම් දරාපු පළාතක් නේ.....මෙහේ අයට නම් ඕව සිම්පල් දැන්.....දවසක් පහුවෙද්දී ඔක්කොම ශේප් ..... අපි දන්නෙත් නැ..... දැක්කෙත් නැ.....පෙර සේ.......වම...... දක් .......සි.ජේ.
Deleteනිහිංසා
Deleteමගේ කරුමෙට මට පේන්නෙම නෑ නෙව ඔය සංවර්ධනේ. පාරවල් ටික නං ටොප්. කියන්න දෙයක් නෑ ඒ ගැන. නමුත් හම්බන්තොට මිනිස්සුන්ට වෙච්ච දෙයක් නෑ. නමුත් පස්සෙං යන බත් බැලයන් ටික නං ඌරො වගේ තර වෙනව. ඒ කස්ටිය තමයි ඔය ඇවිල්ල ගහන්න කොනිත්තන්න ගත්තෙ
මට නං හිතෙන්නෙ මේක අර ඔබාම අයියගෙ කුමන්තනයක් කියලමයි... අලිනංට ගහල හිටං ආන්ඩුව ගැන ජනතාව අප්පසාදයට පත් කොරන්න
ReplyDeleteනෑ බං රනිල්ට එහේ කැම්පස් එකේ උගන්වන ඒවා.. පළවෙනි පාඩම මේ.. තව තව ඒවා ඉස්සරහට එයි..
Deleteපසුමබිමෙන් මේ ක්ලිප් ඒකෙන් නන්දාව අහන්න
ReplyDeletehttp://www.youtube.com/watch?v=No_WSP6zeno
පිස්තෝලය පෙන්නුවාට චන්ඩි අපේ මදාවි කම
මම හරි අහිංසකයි ළමයෝ
මම හරි අහිංසකයි ළමයෝ........//
හම්බන්තොට ගියා තමයි නැවක් ඇවිත් තිබුනා
මත්තල නම් ගුවන් තොටේ මස්සොත් වැහි වහලා ........//
පිස්තෝලය පෙන්නුවාට චන්ඩි අපේ මදාවි කම
මම හරි අහිංසකයි ළමයෝ
මම හරි අහිංසකයි ළමයෝ........//
කුණු බිත්තර හු කැවත් රුහුණේ මහා මගදී
අස්ච්ර්යේ හෙළුව පෙනේ මේවගේ වැඩ වලදී.....//
පිස්තෝලය පෙන්නුවාට චන්ඩි අපේ මදාවි කම
මම හරි අහිංසකයි ළමයෝ
මම හරි අහිංසකයි ළමයෝ........//
කෝල් එකක් මට අවා මහා දවල් ජාමේ
අන ලැබුනේ කුල කුමරුන්කොලොම් තොටින් වගේ........//
පිස්තෝලය පෙන්නුවාට චන්ඩි අපේ මදාවි කම
මම හරි අහිංසකයි ළමයෝ
මම හරි අහිංසකයි ළමයෝ........//
වෙනින් කවුරුත් නොවෙයි මැරී කෑන්ස්
සාර්ථක උත්සාහයක්.. බ්ලොග් එකක් පටන් ගන්න.. අඩු පාඩු නැතිව නෙමෙයි...
Deleteබොහොම ස්තුතියි ....උපදෙසට සහ ආරාධනාවට දැනට ඔහොමයන්..... මේක දැන් අබින් කැවා වගේ වැඩක් mc
Deleteඔය නාමල් බේබිගේ පොඩිකාලේ සෙල්ලම් පිස්තෝලේ...මේයර් අන්කල්ට දීලා කුරුල්ලන්ට වෙඩි තියන්න. දැන් ඔය පැත්තේ හිටිය කුරුල්ලෝ ඡන්දෙන් පස්සේ කොළඹ ඇවිල්ලා නිසා....අඩුම ගානේ මොණරෙක්වත් ලගින්නේ මත්තල නිසා එහේ ඇවිත්.
ReplyDeleteWhat's the matter-----Minor matter
Are we worried------No..no...no...
ගණන් ගන්න එපා බන්....මේ ඔක්කොම බිග් මැච් ෆීවර්.
මුන් හොඳයි... යූ ඇන් පී කාළේ යන්න තියා හිතන්නවත් බෑ.. අනික ලොක්කට කිව්වා නම් හෙලිකොප්ටරේම ගිහින් බලාගෙන එන්න තිබුනා. කොහොම හරි ඔයින් ගියා ඇති.
Deleteකතා කරන්න අකමැති මාතෘකාවක් දේශපාලනය.
ReplyDeleteදේශපාළණයෙන් තොර ජීවිතයක් නැත.
Deleteඋන් පිස්තෝල අරන් යන්නෙ නැතුව අපි ගෙන්යන්නය බං. මේක උන්ගෙ ආස්චර්ය නේ.
ReplyDeleteමීට පස්සෙ බය නැතුව කෙලින්නයි තියෙන්නේ... ගේන්නේ ඔක්කෝම සෙල්ලම් පිස්තෝල, කඩු කිනිසි, පොලු මුගුරු, බෝම්බ එහෙම නේ..
Deleteසෙල්ලං පිස්තෝල ජිල් ගහන්න වෙන්නැති
ReplyDeleteළග තියං හිටියේ.................
නෑ මොණරු බය කරන්නලු..
Deleteහම්බන්තොට හල්පරුවෝ ...............
ReplyDeleteහෙළුව වහගන්න දඟලනවා
මොකක්ද වහන්න තියෙනවා කියලා ඔය අලි කියන්නේ..
Deleteසිහින උලේලදි මුන ගැහෙන්න හිතාගෙන හිටියේ..අටමා ඔයාව හොයලා දෙන්න හැදුවා හරි ගියේ නැ.
ReplyDeleteඊළඟ සැරේ හම්බ වෙමු..
Deleteදැකලාම එපා වෙලා මුන්ගේ මේ ජෝගි.කාලෙන් කාලෙට එක,එක ඒවා.
ReplyDeleteඋන් හිතං ඇත්තේ ගුවන් තොටුපල,වාරය හැදුවේ මැදමුලනේ නින්ද ගම් වලින් කියලා වෙන්න ඇති.
නැතුව වෙන මොනවයින්ද ? මොකෝ අපි උඹලා සල්ලි දුන්න කියලයි
Deleteඅර එකෙක් රුපියල් 100 එකාහු කලා වගේ කරලා ඕවා හැදුවානම් අපිත් කියක් හරි දෙනවානේ බං අපේ මළගිය නෑයෝන්ට පින් අනුමෝදම් වෙන්න හරි.රටේ සල්ලි නැති නාස්ති නොකර.
Deleteදැන් මුළු රටම පවුලේ නින්ද ගමක් කරගෙන තියෙන්නේ.
මහ රජානෙනී කියලා ප්‍රසස්ථි ගායනා කරනවා උඹ අහලම නැද්ද..?
Deleteඅලින්ට විතරක් ගහල හරි යන්නෙ නෑ මාතලන්.
ReplyDeleteප්ලේන් වල හෑප්පෙන්න එන මොනරුන්ට ගහන්න ඕනෑ, ඊට ඉස්සර ප්ලේන් මත්තලට ගෙන්න ගන්න ඕනෑ නේ , ඒකට කටුනායක එයාපොර්ට් එකට ගහන්න ඕනෑ. කොලඹ වරායටත් ගෑහුවනම් හම්බන්තොටත් හරි.
ආශ්චර්යවත් සන්වර්දනයක උපරිම පල නෙලා ගන්න බාදාවකට තියෙන්නෙ ඕව තමයි
රංචාගොඩ ළමයගෙ කවි ආරත් ටිකක් මේ වගෙයි නේද?
ReplyDeleteඔය නම දහ අතේ දාගෙන කල්පනා කලා ආවේම නෑ නේ. බොහෝම ස්තූතියි මතක් කලාට..
Delete