Jul 5, 2024

තඹුත්තේගම ගවරාලගේ නෝ පොලී... හරි ජොලී.... සංවර්ධන බැංකුව


 

තඹුත්තේගම ගවරාලගේ

නෝ පොලී... හරි ජොලී....

සංවර්ධන බැංකුව

➖➖🔷🔷🔷➖➖➖


හොම්බෙන් ගිය රට යාන්තමින් ගොඩ දැමූ රනිල් වික්‍රමසිංහ උන්නැහේ... "උරුමය" නමින් නොමිළේ ඉඩම් ඔප්පු සින්නක්කර ලබා දෙන එකට පහර ගහන්නේ හිඟන ජෙප්පන්‍ය....


ඊට හේතුව ලෙස උන් කියන්නේ... මේවා ලබා දෙන්නේ දරිද්‍රතාවයෙන් පීඩා විඳින.... උන්ගේම පන්තියේ උන්ට නිසා... උන් ඒවා විකුණා කසිප්පු බොන නිසාය කියලාය.


එහෙත් අර්ථ සාස්තරේ අනුව නම් ඒකේ ඇති වරදක් මාතලන් නම් දකින්නේ නැතිය... ඉන් සිඳුවන්නේ කසිප්පු කාරයාගේ බිස්නස් වැඩි වී... ඒ හාදයා ඉලෝන් මස්ක් හාදයා වාගේ... ධනපතියෙක් වෙන එකය.


වරද ඇත්තේ කසිප්පු ලීගලයිස් කොට.... උන්ට කන පැලෙන බද්දක් නොගහන ආන්ඩුවේය. 


ඇත්තටම කසියා කියන්නේ ඉස්කොට්ලන්තයේ විස්කි වගේ.... ජපානේ සකේ වගේ... ජාත්‍යන්තරයට යවන්න පුලුවන් ප්‍රොඩක්ට් එකක්‍ය. ගංජා ටික වවා ගොඩ එන්න බැරි වී තටමන ගොබ්බ පාන්ඩු වලට මේවා කියා වැඩක් ඇත්තේ නැතිය.


තඹුත්තේගම ගවරාල මේ කියන්නේ අලුත් දෙයක් නෙමේය... රාජ්‍ය අනුග්‍රහයෙන් අළුත් සංවර්ධන බැංකුවක් පටන් ගන්නා බව රනිල් ව්‍යවසාකයන් පිරිසක් ඉදිරියේ පොරොන්දු වුනේ ඊයේ පෙරේදාය. ඒ සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින් සඳහාය.


දේශපාලුවන්ගේ අනුග්‍රහයෙන් බැංකු ලෝන් අරගෙන ඒවා නොගෙවූ කෝටිපතියන් අල්ලා වැලිකඩ බත් කන්න යවනවා කියන්නේද හිඟන ජෙප්පන්‍ය...


එහෙව් ජෙප්පන්ට.... එහෙම සිස්ටම් එකක් දැනටමත් තියෙනවාය යන්න අමතක වෙලාය.


සියල්ල නොමිළේ හා සහනාධාර ලෙස ලබා දෙන බව කියා.. මඩකලපුවේදී ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්‍යාහුටත් පාට් දානා.... ආධාර සමුළුවක් තියා රට ගොඩ ගන්නවෝ කියා සජිත් කියද්දී.....


ත්‍රිකුණාමලයෙන්, මිනිරන් ග්‍රැෆයිට් කිරීමෙන්, රට ඉන්න උන්ගේ ඩොලර් 500 න් මෙන්ම කැන්සර් විජ්ජායග්නයෙන්ගෙන් ආර්ථිකය ගොඩ දානවෝ කියපු තඹුත්තේගම ගවරාලලා එක පාරටම සංවර්ධන බැංකුවක් ගැන කතා කරන්නට ගන්නේ.... රනිල් උන්නැහේ ඒ ගැන කීවායින් පසුවය.


මේ හෙමින් හෙමින් එලියට එමින් තිබෙන්නේ.... මේ හිඟන්නන් බලයට පැමිණි පසු දෙන්නට යන ගේම් මිස වෙන කිසිවක්ම නොවේය. ඇත්තටම උන්ට මක්කත් කියලා වැඩක් ඇත්තේ නැතිය. මුනුත් අනික් දේශපාලුවෝ වාගෙමය.

ඒ ගැන කිව්වේද තඹුත්තේගම ගවරාලමය. 


ඒ හාදයා කිව්වේ.... පාර්ලිමේන්තුවේ ඉන්නා 225 ම බූරුවෝ කියලාය. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ ඒකටය.


88/89 ත්‍රස්තවාදී භීෂණ සමයේදී... ග්‍රාමිය බැංකු, සම්පාකාර, තේ ෆැක්ටරි, ගොවි ජන සේවා මධ්‍යස්ථාන මංකොල්ල කෑ මේ චේ ගුවේරා කාරයෝ දැන් කරන්නට යන්නේ.... 


සියළු බැංකුවල තිබෙනා මුදල් ටිකට වැඩේ දෙන්නට යන එකය. මෙතෙක් බලයට පැමිණි දේශපාලුවන් වැඩේ දුන්නේ රාජ්‍ය බැංකුවලට වුවද... මුන් ආ පසු සියලු වානිජ බැංකුවලටත් අත්වන්නේ ඒ ඉරණමය.


මුන්ට ලාබය කියන දේ ඇලජික්‍ය. අරහංය. උන් රට හදන්නට යන්නේ සම්පාකාර සිස්ටම් එකටය. සියල්ලෝ හිඟන්නෝ කිරීම ඒ ඉකොනමි තියරි එකය. උදාහරණ ලෙස කියුබාව හා උතුරු කොරියාව දෙස බැලුවාම හරිය.


එහෙම නැත්නම්..... පොලී නැති බැංකු පටන් ගන්න වෙන්නේ සල්ලි අච්චු ගගලාය. ගොබ්බ ගෝටා කොරෝනා කාළේ නැටුවේ ඒ නාඩගමය. ඒකේ රිසාල්ට් එක සියල්ලෝම දැක්කේය.


 පොලියක් නොගෙන බැංකුව දුවන්නේ කොහොමද කියා අසන්නට තරම් බුද්ධියක්.... උන් පසුපස යන අම්බරු රැලට ඇත්තේ නැතිය. 


කලින් කීවාක් මෙන්.... උන්ට දොස් කියා ඇති වැඩක් නැත්තේමය. මේ ඇවිල්ලා.... ඇට අට, හඳෙන් හාල්, පේසාලේ තෙල්,මන්නාරමේ ගෑස්, මෝදර මෝය කටේ මැණික්... කතාවේ තවත් චන්ද මගඩියක්මය.


දොස් කිව යුත්තේ... අනුන්ගෙන් ඉල්ලාගෙන කන බොන සුකනා හිඟන්නෝ පිරිසක්... රට ගොඩ දමයි කියා හිතාන.... පුපෙත් ඉස්ටිකර් අලෝගෙන උන් පස්සෙ යන අම්බරු රැලටය.....


ඒ වගත් මෙසේය......


.

14 comments:

  1. මාතලන්

    ඔය තර්කය පිළිගන්න පුළුවන් මාලිමාවේ උන් මෙලෝ වැඩකට නැති බව ඇත්ත ඒත් රටේ ජනාධිපති බුරුවට රටේ ජනතාවගේ ජීවිතය හෝ ජීවත්වෙන ආකාරය ගැන මොනවත්ම තේරෙන්නේ නෑ. ඌ පිස්සෙක් වෙලා ඉන්නේ. ඌ ට ඕනේ බලේ ඉන්න. බලයට කෑදර මිනිහෙක්. විදේශ ණය ගන්නවා අයිඑම්එෆ් එකේ උන්ට කීකරුව රටේ අහිංසක මිනිස්සුන් ගෙන් හුරල අරගෙන ඒවා ගෙවනවා. මං අවුරුදු 15 රට ඉඳලා දුක් විදලා 2022 ඉඩමක් ගත්තා දැන් මුන් අයිආර්ඩී ඒකටත් ලියුම් එවනවා ඒවගේ තොරතුරු දුන්නේ නැත්නම් අපිට නඩු දානවලු. මටනම් රනිල දකිනකොට ජරා ගොඩාක් දැක්කා වගේ අප්පිරියා වක් දැනෙනවා. අයි එම් එෆ් කොන්දේසි කියලා මෙහෙම බදු ගෙවන්නේ කොහොමද? දැනට එන වරිපනම් ගෙවන්නෙත් අපා දුක් විඳලා .. අව්රුද්දකට රු 27,000/=ක්.. තව වැඩි කලොත් ගේ විකුනලා තමයි ගෙවන්න වෙන්නේ..මේක ගැන හර්ෂද සිල්වා පැහැදිලි කිරීමක් කරා. ‌ගෙයක් අයිති හැම කෙනෙක්ම මේක ගෙවන්න ඔ්න. මේකෙ තියෙන්නෙ ආරෝපිත බද්දක් කියලා.... මේ ධන බද්ද ගැන කියන පනත තාම හොයාගන්න බැරිවුණා. හර්ෂ කියන හැටියට 10% කතාවක් නෑ. නිවසක් අයිති හැම කෙනාම ගෙවන්න ඔ්න. හැබැයි හර්ෂ ද සිල්වාත් කියන කතා විස්වාස කරන්න බෑ හැරෙන හැරෙන පැත්තට බයිලා ගහන තවත් එක් ගෝතයෙක්නේ.

    ReplyDelete
    Replies
    1. මටත් රනිලා ගැන තියෙන්නෙ ඔයිට සමාන ෆේලින්ග් එකක්.. ඔය යකා බල පෙරේත කමට අර යහපාලන අට මගලෙ ඇටෙව්වෙ නැත්නම් අද මේක සුර පුරයක්.. මහින්ද කොච්චර හොරා කෑවා කිව්වත් මිනිහා මිනිස්සුන්ට බය සැක නැතුව ජීවත් වෙන්න පුළුවන්, මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් වට පිටාවක් හදාගෙන ආවා.. අල්ත් බිස්නස් හැදීගෙන මිනිස්සු යාන වාහන අරගෙන් ඔලුව කෙලින් කරන් එනකොට අර සිරිසේන කියන නපුංසකයව අල්ලන, යහපාලන අට මගලයක් අටවලා මහින්ද හොරා හොරා කියලා මිනිස්සුව අන්දලා අන්තිමට රට කාබාසිනියා කරලම දැම්මා.. අවුරුදු පහට ඩොලර් බිලියන 12 ක ISB එකක් අරන් රටට ඔළුව කෙලින් කරගනන් බැරි ණය බරක් ඇතිකළා.. මහින්ද රටේ ණය බර ද්දේනි එකෙන් 75% ට බස්සලා තිබුනෙ ඒ වෙනකොට.. රනිලා ගත්තු යහපාලන ණයවල පොලිය ගෙවන්න වුනේ ගෝටට.. මහින්ද නැති කරලා දාලා තිබුන බෝම්බ බය රටේ ආයෙ ඇතිකරලා, සංචාරකයො එන එක නැත්තටම නැති කරලා රටේ ආදායම කාලම දැම්මා..කොරේ පිටට මරේ කියලා කෝවිඩ් ඇවිත් අතුගාගෙනම ගියා.. මගේ අදහසනම් 2015 යහපාලනේ කියලා මගුලක් ඇති වුනේ නැත්නම් කෝවිඩ් නෙමේ මොන මගුල ආවත් අපිට ඔලූව කෙලින් තියාගෙන ඉනන් තිබුනා.. ඊට පස්සෙ එහාගෙ බොස්ලා එක්ක එකතු වෙලා පච අරගලයක් හදලා ජනාධිපතිකම කොල්ල කෑවා.. මහ ලොකු කයිය ගහන ගොං ජෙප්පන්ටවත්, මෝඩ සජියටවත් ඒක නවත්ත ගන්න කොන්දක් තිබුනේ නෑ.. උන් ප්‍රභාකරන් ඉන්න කාලේ වගේම ඇඳ යට හිටියෙ.. ජෙපි වහල්ලු ටිකනම් පාරට බැහැලා උන්ට පුරුදු මිනී මැරිල්ල කරටා උන්ගෙ නායකය්ට මේක අරන් කියලා කියන්න දැනුමක්වත්, ඕනෑ කමක්වත් තිබුනෙ නෑ...කොහොමින් කොහොම හරි ජනාධිපති පුටුවට පැන ගත්තු බහිරවයා දැන් සදහටම ඒකෙ ඉන්න ප්ලැන් ගහන්නෙ.. යහපාල කාලෙ මිනිහම ගෙනාපු නීති දැන් එයාටම පාරා වලල්ලක් වෙලා...දන් මුට්ටි පිට මුට්ටි ඔබ ඔබ බලනවා කොහොමද මැරෙනකම් ජනාධිපති වෙන්නෙ කියලා.. යූනිපී එකේ මැරෙනකම් නායකයා වගේ දැන් මැරෙනකම් ජනාධිපති වෙනන් තමා ප්ලෑන එක..කිව්වත් වගේ අජූතයි, අප්පිරියයි, අප්‍රසන්නයි...

      Delete
    2. @ Ano 10.52

      ඔබේ මතය සමග මමත් බොහෝ දුරට එකඟයි. පාස්කු ප්‍රහාරය සිදුවුණෙත් ඇමරිකන් ඉන්දීය මැදිහත්වීමෙන් ලංකාවට පත්කරනු ලැබ සිටි සිරිසේන ජනපතිවරයා 2018 දී විතර චීනුන් විසින්ම මිලට අරගෙන ඊළඟට ජනාධිපතිවරණයට මහින්ද සමග හවුලේ පොහොට්ටුවේ අපේක්ෂක ලෙස ඉල්ලන්න හදපු එක වැලැක්වීමට බවයි පේන්නේ.

      මහින්ද රාජපක්ෂ 2009-14 කාලේ කරපු ලොකුම වැරැද්ද චීනය දෙසට ඕනෑවට වැඩිය හේත්තු වෙන්න ගිහින් භාරතය සහ එක්සත් ජනපදය සමග බැලන්ස් සබඳතාවක් පවත්වාගෙන යාමට අපොහොසත්වීම. ඒ නිසා ඔවුන් මැදිහත්වී ඔවුන්ගේ නියෝජිත රනිල් වික්‍රමසිංහ ප්‍රධාන කරගෙන සිරිසේන ජනපති කර යහපාලන නමින් ආණ්ඩුවක් හැදුවා. ඒ අය අයි එම් එෆ් ක්‍රමය ක්‍රියාත්මක කරමින් අනවශ්‍ය ලෙස ආනයනික බඩු මිල තෙල් මිල ගෑස්මිල ආදිය වෙළදපොල සැබෑ මිලට වඩා අඩුවෙන් තබාගෙන ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීමට ඩොලර් බිලියන 12.5 ක කෙටිකාලීන අධික පොලී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ගැනීම නිසා ඊට පෙර වසරකට ඩොලර් බිලියන එකක දෙකක වාරික ගෙවීමට තිබුණ විදේශ ණය 2020 පමණ වන විට වසරකට ඩොලර් බිලියන හයක් පමණ දක්වා වැඩි වුණා.

      2021 යුක්රේන යුද්ධය නිසා බොර තෙල් මිල අධික ලෙස ඉහළ ගිය නිසා කලින් 2015 17 කාලේ ඩොලර් බිලියන දෙකක තුනකින් ආනයන කළ තෙල් ආනයන වියදම ඩොලර් බිලියන හයක් දක්වා ඉහළට ගියා.

      මහින්ද කබ්රාල් පීබී ඒ කාලයේ කරගෙන ගිය ආර්ථික ක්‍රමය දිගටම පවත්වාගෙන ගියානම් මේවනවිට අවම තරමේ ලංකාවේ ඒකපුද්ගල ආදායම ඩොලර් හයදාහකට වැඩි වේවි. ඒත් විදේශ ප්‍රතිපත්තිය සහ ඔහුගේ මෝඩ ගෝලයින් සහ මෝඩ පුතුන් ඇතුලු පවුල ඒ ක්‍රමය විනාශ කිරීමට තව පැත්තකින් දායක වුණා.

      මේගොල්ලන්ගේ දේශපාලන ඩිල් වලින් පිඩාවට පත්වන්නේ මේ රටේ කිසිම පක්ෂයකට සම්බන්ද නැති අපි වගේ සාමාන්‍ය මිනිස්සු. Social Media කමෙන්ට් කියෙවුවම පේනවා එක එක පක්ෂවලට කුජීත විදිහට රෙදිනැතුව කඩේ යන අය ඒ ඒ පක්ෂ වෙනුවෙන් අදහස් ඉදිරිපත්කරනවා මිසක් කිසිසේත්ම පොදුවේ රටේ මිනිස්සුන්ගේ අනාගතය වෙනුවෙන් පිරිසිදු රටක් වෙනුවෙන් කතා නොකරන බව. තක්කඩි දේශපාලකයන් මොන ගේම් ගැහුවත් මිනිස්සු හරියට නිවැරදිව ඉන්නවා නම් ඊලග චන්දයෙන් රට ගොඩ දා ගන්ඩ පුළුවන් ඒත් මේ රටේ බහුතරයක් හොරු හින්දා උන්ට ඕන හොර පාලකයන්ව පොදුවේ පොහොට්ටු එජාප සජබ ජේවීපී පෙරෙට්ටෝ ඔක්කොම එකයි සේරම එකෙකුට එකෙක් නොදෙවෙනි ලොකු පොඩි හොරු රැලක් විතරයි.

      Delete
  2. වර්තමාන ලෝකයේ රටවල් කිහිපයක් පමණක් ගොඩබිම තුළ තීරණාත්මක ඛනිජ නිෂ්පාදනයේ ආධිපත්‍යය දරනවා. ඔස්ට්‍රේලියාව ලිතියම් නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන වන අතර චිලී රාජ්‍යය තඹ සපයන ප්‍රමුඛ රටයි. චීනය ප්‍රධාන වශයෙන් ග්‍රැෆයිට් සහ විරල පාංශු ලෝහ (ස්මාර්ට්ෆෝන් සහ පරිගණකවල භාවිත කරන) නිෂ්පාදනය කරයි.

    නමුත් මේ ඛනිජ ද්‍රව්‍ය සැපයුම් දාමයට ඇතුළු වීමට පෙර සැකසීමේදී චීනයේ ආධිපත්‍යය දැරීම ගැන බටහිර එක්සත් ජනපද යුරෝපීය සහ ඉන්දීය භූ දේශපාලනික විරෝධයක් තියෙනවා.

    ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති ඒජන්සියට අනුව, දශක ගණනාවක් පුරා සැකසුම් තාක්ෂණයන් සහ ප්‍රවීණත්වය ඔප් නංවාගෙන ඇති චීනය දැනට පිරිපහදු කළ ස්වභාවික මිනිරන් සහ ඩිස්ප්‍රෝසියම් සැපයුමෙන් 100%ක්, කොබෝල්ට් 70%ක් සහ සියලු ම සැකසූ ලිතියම් සහ මැංගනීස්වලින් 60%ක් පමණ පාලනය කරයි.

    එපමණක් නෙවෙයි, චීනය තම සැකසුම් තාක්ෂණයන් සමහරක් වෙනත් රටවලට ලබා දීමත් තහනම් කරලා තියෙන්නේ එක්සත් ජනපදය චීනයට චිප් නිෂ්පාදනයට පැනවූ සම්බාධක වලට එරෙහිව.

    ලංකාවට පහළ ඉන්දීය සාගර ගවේෂණයට ලෝකයේ රටවල් ගණනාවක පොරයක් ඇතිවී තිබෙන මොහොතක ලංකා මුහුදු සීමාවක ඉන්දීය සාගර පතුලේ සැඟවී ඇති වටිනා ඛනිජ සොයා යාමේ ගවේෂණයක් සඳහා ඉන්දියාව තවත් පියවරක් තබමින් සිටියි.

    දැනටමත් ඉන්දියන් සාගරයේ මුහුදු පතුල ගවේෂණය කිරීම සඳහා බලපත්‍ර දෙකක් ලබාගෙන ඇති ඔවුන්, තීරණාත්මක ඛනිජ වර්ග අත්පත් කර ගැනීමට ප්‍රධාන ගෝලීය බලවතුන් අතර ඉහළ යමින් පවතින තරගය මධ්‍යයේ තවත් බලපත්‍ර දෙකක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇත.

    සාගර පෘෂ්ඨයේ සිට මීටර් දහස් ගණනක් පහළින් ඉන්දීය සාගර පතුලේ හමුවන කොබෝල්ට්, නිකල්, තඹ, මැංගනීස් වැනි විශාල ඛනිජ සම්පත් නිධි වෙත ළඟා වීමට චීනය, රුසියාව සහ ඉන්දියාව ඇතුළු රටවල් තරග කරමින් සිටියි.

    නූතන දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට අවශ්‍යවන සූර්ය හා සුළං බලය, විද්‍යුත් වාහන සහ බැටරි තාක්ෂණය වැනි පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කිරීමට මේවා අත්‍යවශ්‍ය වෙයි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරිය (International Seabed Authority - ISA) විසින් මේ වන විට ගවේෂණ බලපත්‍ර 31ක් නිකුත් කරනු ලැබ ඇති අතර ඉන් 30ක් සක්‍රීයව පවතියි.

    නමුත් මේවා ලංකාවේ news වල දාන්නෙ නෑ. දහ ජරා මාද්‍ය නාලිකා කොහේවත් නැති කුනු ගොඩවල් විතරයි පෙන්නන්නෙ. හැබැයි Al Jazeera, NDTV, CNN , BCC වල මේ news එක තිබ්බ දැන් දවස් ගානකට කලින්. අපේ මවු රට පවු. හැම පැත්තෙන්ම අසරණයි. බලය තියෙන උන් ගත්තම ලංකාවේ රට ඇතුලෙ ඉන්න එවුනුත් එකයි, වටේ ඉන්න රටවල්වල්වල ඉන්නෙත් කම්බා හොරු ටිකක්.

    ලංකාවේ පාලකයෝ සහ විපක්ෂ බලවේග සේරම අඩු ගානේ තමන්ට අයිති භූමිය ආරක්ශා කර ගන්න දන්නැති හරක් රැලක්.

    ලංකාවේ බහුතර මිනිස්සු අරගල කරන්නේ පඩි වැඩ කරගන්නයි, තෙල් නැති වුනාමයි විතරයි.රට ගැන තමන්ගේ ඉදිරි අනාගතය ගැන අනාගත පරපුර ගැන කැක්කුමක් නැති මිනිස්සු ඉන්න රටවලට මෙහෙම වෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.එහෙම රට ගැන හැගීමක් නැති මිනිස්සු ඉන්න රටවල පාලකයෝත් දූෂිතයි.😢 උන්ට බැනලා වැඩක් නෑ.

    ReplyDelete
  3. කසියා නීතිගත කරන යෝජනා කලිනුත් සිකි ආව ඒව ට අත් උන ඉරනම් මොනවාද දන්නෙත් නෑ
    මිනිස්සු පෙරන කසිප්පු අරං නැවත පෙරන්න ස්කාගාරයකුත් දංකොටුවෙ අවුරුදු බර ගානකට උඩදී හැදුවා අද එතන පාලු ඉඩමක් තියන්නෙ සංස්තාවට අයිති සිකිරුරටි කට්ටියනම් ඉන්නවා

    ReplyDelete
  4. 1789 ප්‍රංශ විප්ලවයේ ඉඳන් ගත්තත් මේ දක්වාම, මෑතකාලීනව ලිබියාව ඇතුලු උතුරු අප්‍රිකානු රටවල්, ඉතියෝපියාව, සූඩානය විතරක් නෙවෙයි 2014 මෛදාන් අරගලයෙන් යුක්රේනයේ ජනපති එලවීම ඇතුලු අරගල වැනි දේවල්වලින් නායකයො එලවපු කොයි රටටද යහපතක් වෙලා තියෙන්නෙ?

    ඇයි මාතා ඔයාල කිවුවෙ අරගලය පුඡාතන්තවාදී හොඳයි මේ විධියට අර්ථ නිරූපනය කලේ අපිනමි ඒ වෙලාවේ බයේ තමයි සමාඡ මාධ්‍යවලට ලීවෙ.බයවුනේ ඡනාධිපති පුටුවෙ කාලකණ්ණි මැරයෙක් ත්‍රස්තවාදියෙක් භයානක චරිතයක් වාඩිවෙයි කියල කොහේ හරි ඉඳල ඇවිත් අර අරගල මීගවයො ටික මෙච්චල් කරගෙන. ඒත් රනිල් ආවෙ පාර්ලිමේන්තුවෙන්.ඒ නිසා ඒක ඔයාලම බලාගන්න, අනික ඔය කියන ලේනව කවූරුන් ගේ හෝ උවමනාවකට මේ කාරනා වගැන ඉදිරිපත් වූවාද යන්න ගැන කතා කිරීම පලක් නැතිදෙයක්... රටේ පූරවැසියෙක් වශයෙන් ඔහුටත් ජනාධිපතිගේ ධුර කාලය ගැන අධිකරණයෙන් අර්ථ නිරූපණයක් වමසා සිටීමට අයිතියක් තියනවා...පළමුව ඒ අයිතියට ගරු කරන්න.. චන්ද්‍රිකා,මෛත්‍රි එහෙම කලා..

    ඒවගේම ජ.වි.පෙ. අනූර කුමාර සහ විජිත හේරත් 2019 යහපාලන ආණ්ඩුවේ රනිල් අගමැතිට විධායක බලතල ලබාදෙන්න කියල ඔවූන්ගේ (1994 සිට) පාර්ලිමේන්තු ඉතිහාසයටම එකම පෞද්ගලික මන්ත්‍රී යොජනාවක් ගෙනවිත් එය න්‍යායපත්‍රයට ඇතළත්කලා... නීතිඥ නාගහනන්ද මෙයට විරුද්ධව ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර විභාගයට ගැනූනා... අනුරකුමාර, විජිත හේරත් දිව්රුම් සහතික මගින් කියා සිටියා, පාර්ලිමේන්තුවේ 2/3 පමණක් ප්‍රමාණවත්ය කියල, ජාජබ ජවිපෙ පක්ෂයේ විධායක සභික නිතිඥ සුනිල් වටගල දිව්රූම් සහතික අධිකරණයට ඉදිරිපත් කලා.. ජනාධිපති බලතල සංශෝධනය ට 3/2 සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව අධිකරණය තීන්දු කලා..මේ යෝජනාව ඉදිරිපත් කලේ කවූරුන් වෙනූවෙන්ද කියල ජ.වි.පෙ. කියනවාද?

    ReplyDelete
  5. මාතා දේශපාලනයට එන්න කෙටි කලකින් ජනප්‍රිය වෙන්න ඕනේ කමට සමහර පුද්ගලයන් අපි පොඩි කාලේ එවකට ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යය වූ කෝපි කඩේ ටෙලි නාට්‍යයේ රඟපෑවා මතකද?

    කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී පියල් නිශාන්ත, දේශපාලනයට එන්න කලින් කෝපි කඩේ ටෙලි නාට්‍යයේ රඟපෑවා. තිලක් කුමාර රත්නායක එක්සත් ජාතික පක්ෂයෙන් බස්නාහිර පළාත් සභාවට තරග කරලා මන්ත්‍රී ධුරයක් දැරුවේ.

    අද වනවිට කිසිම තැනක සඳහන් නොකලට ගායන ක්ෂේත්‍රයට සම්බන්ධ වුන අළුත ප්‍රදීපා ධර්මදාස කෝපි කඩේ රඟපෑවා ගමට අළුතින් ආව ගුරුවරියකගේ චරිතය සහ පසුව සෝමදාසගේ පෙම්වතියගේ චරිතය ඉතාම කෙටි කලක්.

    නමුත් කෝපි කඩේ හොඳම කාලය අන්නාසි වත්තඑ රත්නෙ හෙවත් රත්නෙ ළමයා (ලාල් සේනාධීර) ගේ අභාවයත් සමග අවසන් වුනා.

    කෝපි කඩේ වීරයා වන සෝමදාස සහ ඔහුගේ මිතුරන් වන සිරිසේන සහ නිමල් කියන චරිතවලට අභියෝග කරන ඩිංගි මහත්තයා සහ ගජං ගේ කල්ලියට නායකත්වය දුන්නේ රත්නේ ළමයා.

    සෝමදාසගේ වීරත්වය කැපි පෙනුනේ රත්නේ ළමයාගේ දුෂ්ට චරිතය නිසා.

    රත්නේ ළමයාගේ දුෂ්ටකම් වල තිබුන මෝඩකම් නිසා නිතරම ඔහුගේ කල්ලිය අමාරුවේ වැටෙන එක හාස්‍යයක් වීම ඉතා සුන්දර වුනා.

    ලාල් සේනාධීර නැති වුනාට පස්සේ සෝමදාසට තරඟයක් දෙන්න හැකි දුෂ්ඨ නායකයෙක් නැතිව ගියා.

    ඒත් සමගම කෝපි කඩේ තිබුන ජනප්‍රියතාවය නැතිව ගියා.ලාල් සේනාධීරගේ අභාවය සමග කෝපි කඩේ තිබුන ජනප්‍රියතාවය නැති වුනා කිව්වේ, එය ක්ෂණිකව වුන එකක් නෙමෙයි.

    රත්නේ ළමයාට ආදේශකයක් ලෙස සුගතං හඳුන්වා දුන්නට (ඔහු දක්ෂ ලෙස රඟපෑවට) ඔහු ඉතාමත් සුළු චරිතයක් මිස, රත්නේ ළමයා මෙන් ප්‍රධාන දුෂ්ඨ චරිතයක් නිරූපණය කලේ නැහැ.

    කෝපි කඩේ කතාවේ කඩේ තිබුණට, මුදලාලි (සරණපාල සූරියආරච්චි), දුව (කුමාරි පෙරේරා) සහ පුතා (රෝහණ) ටෙලි නාට්‍යයෙන් ඉවත් වුනා පසුව සමස්ත කතාව කෝපි කඩේ මුල් කර ගෙන ගොඩ නගනවා වෙනුවට, කෝපි කඩෙන් බැහැරව, ගමට ගෙන ගියා.

    හැබැයි ඉන්පසුව තමයි කෝපි කඩේ අතිශයින්ම ජනප්‍රිය වුනේ. ඒ වගේම වසර කීපයක් තිලක් කුමාර රත්නායක (සෝමදාස) ලංකාවේ ජනප්‍රියම නළුවා සහ ජනතාව අතර ප්‍රචලිතම පුද්ගලයා වුනා. කෝපි කඩේ අංක එකේ ටෙලි නාට්‍යය වුනා.

    තවදුරටත් ටෙලි නාට්‍යයට කෝපි කඩේ අත්‍යාවශ්‍ය සාධකයක් වුනේ නැහැ. කෝපි කඩේ පෙන්වන්න ඕන නිසා ගමේ කට්ටිය කඩේට රැස් වෙන විනාඩි කීපයක් යෙදුවා. එනමුත් ඒ කතාව සම්පූර්ණයෙන්ම ගලා ගියේ කෝපි කඩෙන් බැහැරව ගමේ වෙල් යාය, පොලී මුදලාලිගේ නිවසේ, ගමේ විවිධ ස්ථාන වල.

    කතාව සම්පූර්ණයෙන්ම ගොඩ නැගුණේ රත්නේ ළමයා, ගජං සහ ඩිංගි මහත්තයා එකතු වි කරන යටි කූට්ටු වැඩ සහ එය පරාජය කරන්න සෝමදාස, සිරිසේන සහ නිමල් කරන සටන මුල් කර ගෙන.

    ඒ සඳහා කතාව ගොඩ නගන්න එන්සිනා සහ දයාවති දැක් වු දායකත්වය ඉතාමත් වැදගත්. එයට පොලී මුදලාලි, සුගතං විශාල දායකත්වයක් දැක්වූවා.

    පසුකාලීනව කෝපි කඩේ හාමිනේ, සාමෙල් අප්පුහාමි, මව නොවැදගත් සාධකයන් වුනා. හැබැයි සාමෙල් අප්පුහාමිගේ චරිතය සෑහෙන ප්‍රමාණයකට සාර්ථකව ගොඩ නැගුණා.

    ඔබ අප්පුවා සහ බණ්ඩා ගැන කිව්ව කතාව ඇත්ත. ඔවුන්ගේ ප්‍රබල දායකත්වයන් ලැබුනා. හැබැයි සුවඳාගේ තිබුනේ අධි රංගනයක්.

    හැබැයි ඔය සියල්ල අවශේෂ චරිත.

    එවකට කෝපි කඩේ වීරයා වුන සෝමදාසගේ චරිතය ගොඩ නගන කොට, ඔහුගේ ප්‍රතිවාදියා යම් ආකාරයක ප්‍රබල චරිතයක් විය යුතුව තිබුනා. ඒක ලාල් සේනාධීර අති සාර්ථකව ගොඩ නැගුවා.

    අන්නාසි වත්තේ රත්නපාල කියන්නේ සැබෑ චණ්ඩියෙක් නෙමෙයි. ඔහු සැබැවින්ම බියගුළු, බොරු තර්ජන කර තමන් චණ්ඩියෙක් බව පෙන්වා තම අවශ්‍යතාව ඉටු කර ගන්න නමුත් අභියෝගයක් හමුවේ පලා යන පුද්ගලයෙක්.

    මේ චරිතය ලාල් සේනාධීර අති සාර්ථකව රඟපෑවා. ලාල් සේනාධීර නැති වුනාට පස්සේ සෝමදාසට වීරයෙක් වෙන්න අවශ්‍ය වන ප්‍රධානම දුෂ්ඨයෙක් තව දුරටත් ගමේ හිටියේ නැහැ.

    රත්නේ ළමයා නැති වුනාට පස්සේ ඉතිරි වුනේ රා බීලා වැනි වැනි යන ඩිංගි මහත්තයා, ගජං, සුගතං. සෝමදාසට, රා බීලා වැටිලා ඉන්න සෙට් එකකට කරන්න වීර කමක් තිබුනේ නැහැ.

    ඒකයි මම කිව්වේ ලාල් සේනාධීරගේ අභාවය සමග කෝපි කඩේ කඩා වැටුනා කියලා. ඒක එක දවසින් වුන දෙයක් නෙමෙයි. හැබැයි ආරම්භ වුනේ ලාල් සේනාධීර ගේ අභාවයත් සමග.

    ඒ වගේ දේශපාලනයටත් වීරයෝ වෙන්න දුෂ්ටයන් අත්‍යවශ්‍ය වන බවත් හොඳින් මතක තියාගන්න හරිද?

    ReplyDelete
  6. ඇත්තම කියන්නම්. මම රටවල් කිහිපයකම ජීවත් වෙලා තියෙනවා, ඕස්ට්‍රේලියාවේත් ඉඳලා තියෙනවා.

    වැඩක් කරගන්න, ලංකාවේ කෙනෙක්නේ කියලා ගියොත් නම් අනාථයි තමයි. ඕස්ට්‍රේලියාවේ කියලා වෙනසක් නැහැ ශ්‍රී ලංකාවේ communitiy එක කියපු කතා අහලා ගිහිල්ලා අනාථ වුණු අවස්ථා කිහිපයක්ම තියෙනවා. අපේ රටේ මිනිස්සු හරිම unprofessional වැඩ කරන්නේ. හැමෝම එහෙම නැතිව ඇති හැබැයි එහෙම කරන අය වැඩියි. ඊට පස්සේ ජීවත් වුණු රටවල නම් මම ඔය බොක්කෙන් ශ්‍රී ලාංකීය කියන concept එකෙන් අයින් වෙලා ලංකාවේ මිනිස්සු ඇඟිලි ගානට ගණනක් විතරයි ආශ්‍රය කළේ.
    වැඩක් කරගන්න ඕනේ නෙම් වෙන රටක කෙනෙක් ලඟට ගියොත් වැඩේ හරියට කෙරෙනවා.

    ReplyDelete
  7. මේවන විට ලංකාවේ වසරේ සති 52 පුවත් මැවීම සතියෙන් සතියට මාලිමා ජාජබ නමින් හැඳින්වෙන ජවිපයට භාර වෙලා. එක සතියක ලාල් කාන්ත ගමට අධිකරණ බලය දෙනවා. ඒ ප්‍රචණ්ඩත්වය දැකපු අපිට ඒ කථාවට හිරි වැටෙනවා. ජවිපෙට පක්ෂ සාදුලාගේ පටන් ලිබරල් රටවල සුවසේ ඉන්න කට්ටිය ඔක්කොම ලාල්ව නාවලා පිරිසිඳු කරනවා. ඊට පස්සේ කොට්ටහච්චිගේ මනාප වැඩිවීම වලකන්න ඇම්මක් ගැන ක්ලිප් එකක් වයිරල් කරනවා. ඒකෙදි කව්රුවත් අහන්නෙවත් නැති නලින්දගේ පවුල් ජිවිතේ ගෙනත් පටවනවා. හැබැයි කොට්ටචහච්චි සෝදලා පවිත්‍ර කරලා ගන්නේ නැහැ. අනික් සතියේ හරිනි සාරියක් ඇඳගෙන රස්තියාදුවේ යනවා..ඔන්න හරිනිව නාවලා හෝදලා. තීන්ත පාරකුත් ගලා උඩින් තියලා ප්‍රසිද්ධ ම බලවත්ම වගේ ගොන් පාට් ටිකකුත් දාලා ගන්නවා. ඊට පස්සේ එනවා කැකිරා සුදස්සන.. සුදස්සනයා සුවිශේෂයි. මොකද කාලයක් තිස්සේ ලිබරල් කියලා පෙන්වලා වෙසක් පෝය දවසේ තමයි විජේවීර පක්ෂේ හැදුවේ, ඒ නිසා එය විශිෂ්ට පක්ෂයක් කියලා ජවිපෙ වේදිකාවක කියපු කෙනා නිසා. උන්නාන්සේගේ දේශනා වලට මමත් කැමැත්තෙන් හිටියා. හැබයි පසුව යන ගමන අනුව උන්නාන්සේම අන්ෆ්රෙන්ඩ් වෙලා ගිහින්. උන්නාන්සේට මඩ ගහපු ජවිපෙ ගමේ අහල පහල අය දැන් එකතු වෙලා හෝදනවා පේනවා. ඒ දවස් වල ඒ මඩ වලට හරි පිළිතුරු දීපු මම අදත් ඉන්නේ ඒ ස්ථාවරයේ.

    හාමුදුරු කෙනෙක් හැටියට යම් ප්‍රගතිශීලි කමක් මම සුදස්සන හාමුදුරුවන්ගෙන් දකිනවා. හැබැයි ලාංකීය අනන්‍ය පිරිමියා හා පුරවැසියා හා අනුගාමිකයා කියන එක හොඳට පොත පත කියවලාත් මග හැරෙන්නේ නැහැ. දැනුවත් ව නොදැනුවත් ව ඔය දේශනයේ කොටස කපලා හිට් කරලා තියෙන්නෙම එයාගෙම පක්ෂේ අය. නතාෂාට වෙච්ච දේ තමයි උන්නාන්සේට වෙලා තියෙන්නේ. කොහොම නමුත් මේක කෙලවර වෙන තැන ගැන නම් අපේ හාමුදුරුවනේ අපි දන්නේ නැහැ. මේකත් අර බරපතල පනතට තමයි අයත් වෙන බවට කියවෙන්නේ.

    කොහොම නමුත් ඉස්සර පොහොට්ටුව දීපු ආතල් ජවිපය එලෙසම ලෙසටම දෙනවා කියලා මේ වසර මුල පටන් ම නිරීක්ෂණය කරනවා. රනිල් හාමුට, මයින්ද මාත්තියගේ ආණ්ඩුවට අවශ්‍ය විදියට වැඩ කරගෙන යන්න ඒ සති 52 ආතල් නාටක ටික හේතු වෙනවා. චන්දය ප්‍රකාශ කරන සතියේ නාටකය කුමක් වෙයිද කියලයි මම බලාගෙන ඉන්නේ. ජවිපෙ ප්‍රචාරක කටයුතු තනියම කරගෙන යන්න ඉඩ දීලා අනික් අය බලාගෙන ඉන්නේ මේ නාටක වලින් ජනතාව වින්දනයක් ලබලා රටේ ප්‍රශ්න අමතක කරන නිසා. එදා තිස්සකුට්ටිලා සනත් නිශාන්තලා කරපු වැඩේ අද ජවිපයේ කට්ටිය හොඳටම කරනවා.

    වෙසක් පෝයට දවස් දෙකක් තියලා ඔය කට් එක දැම්මේ ආයේ රාජපක්ෂලා නැගිට්වන්න ඕන චීන උවමනාව. එතකොට හාමුදුරුවනේ ඔබගේ පක්ෂෙයි, රාජපක්ෂලාගේ පක්ෂෙයි මේ මොහොතේ රටට කරන සේවය ඔබ වහන්සේ බාවිතා කරලා ගොඩ ඒම කියන එක වටහා ගන්න බුද්ධිය ඔබට තිබෙනවා.

    හාමුදුරුවන්ගේ බුදුන් ලංකාවට නොවැඩියා කියන කතාවේ කරුණු මම පිළිගන්නේ නැහැ. පුරා විද්‍යාත්මක ව ඔප්පු නොවිච්ච ගොඩාක් ඉතිහාස කරුණු ලංකාවේ තියනවා. ජෛන කරණය හා ඉස්ලාම් කරණය නිසා ඉන්දියාව බුදුන් වහන්සේගේ කරුණු වලට උනන්දු වුණේම නැහැ.අදටත් බුදුන් ගැන ඉන්දියාවේ පුරාවිද්‍යාත්මක සාක්ෂි සොයන්නේ ඉන්දියාව නෙවෙයි. බටහිර පුරා විද්‍යාඥයන්. ඉන්දියාවේ මිලියන 18 ක් බෞද්ධයෝ හිටියට බුද්ධ චරිතයවත් නොදන්නා ඒ බෞද්ධයන්ට බුද්ධ චරිතය පොතක් අපි තමිල්නාඩු හා මහාරශ්ටා බෞද්ධ සංගම් එක්ක එකතු වෙලා අපේ බෞද්ධ භික්ෂුවක් ඇතුළු කණ්ඩායමක් එක්ක සම්පාදනය කරමින් යනවා. ඒ නිසා ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය ගැන තියෙන කරුණු එක්ක බෞද්ධ ඉතිහාසය මනින්න යාම ම බොළඳ කමක්. ඉන්දියාවේ බුදු දහමට අශෝක රජා ගෙන් පස්සේ රාජ්‍ය අනුග්‍රහය ලැබුනේ නැහැ. ඒ වගේම ජාතක කතා..ජාතක කතා තුල තියෙන්නේ බෞද්ධ සාහිත්‍ය එක්ක ගොඩනැගුණු උපදෙස්. ඒවායෙන් බෞද්ධ ඉතිහාසය මැනීම නිවැරදි නැහැ.

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවන්ගේ ප්‍රකාශය උන්වහන්සේට අවශ්‍ය වෙච්ච ප්‍රකාශයක් නෙවෙයි කියලා අනුමාන කරන්න මට සිද්ධ වෙන්නේ. අර අමෙරිකාවෙන් ආව පුරා විද්‍යාඥයෝ එක්කත් වැඩ කල නිසා. ඒ වැඩේ දී උන්වහන්සේ ඉක්මනින් ම අයින් වුණේ ඇයි ? උන්වහන්සේ අමෙරිකාවේ ගිහින් විශාල අධ්‍යාපනයක් සැලසුම් කරලා තිබුණා. ඒ සියල්ල නැතුව ඔන්න ආපහු ෆේස්බුක් ආවා. ඒක දේශපාලන පෙළඹවීමක් ද? කොහොම නමුත් බුදුන් වැඩිය ද නැද්ද කියලා අපි හැමෝටම වගේම උන්නාන්සේටත් තනි මතයක් තිබෙන්න පුළුවන්. ඒක නාටකයක් හැටියට පෙන්වලා බුදුන් කොස් ගහකට පිට තියලා බුදු වුනා නම් කියපු කථාව හේදිලා පිරිසිඳු වෙයි වගේත් දැනෙනවා.

      එදා ප්‍රවාහන පහසුකම් නොතිබුණු නිසා බුදුන් වැඩියේ නැහැ වගේ අදහසක් එනවා නම් එදා ෆේස්බුක් යු ටියුබ් නොතිබුණු නිසා අපේ හාන්දුරුනේ අශෝක අධිරාජ්‍යයා කොහොම බුදු දහම ප්‍රචාරය කරාද කියන සැකය එනවා. රුවන් වැලි සෑයේ කොතේ හෝ ඊජිප්තු පිරමීඩ වල තියෙන තාක්ෂණයට එදා ලෝකේ පැවතිච්ච තාක්ෂණය ගැලපෙන්නේ නැහැ. අපේ ගමේ ඥාතියෙක් හිටියා මැරෙන තුරුම ලෝකේ පැතලි පීරිසියක් වගේ කියලා හැම තැනකදීම රණ්ඩුවට ආපු. ලෝකේ සමහර දේවල් අපේ බුද්ධියට අහු වෙන්නේ නැහැ අපේ හාන්දුරුනේ.

      කැකිරාවේ හාමුදුරුවන්ට මට කියන්න තියෙන්නේ අර ජවිපෙ වෙසක් පෝය දවසේ බිහිකරපු විශිෂ්ට පක්ෂයක් කියපු කථාවෙන් පස්සේ මම ලියපු කොමෙන්ට් එකමයි. චීවරයක් දාගෙන ලේ හෝදන්න එපා අපේ හාමුදුරුවනේ.. ඔබෙයි නාන සාර ගෙයි කිසිම වෙනසක් නැහැ නේද එහෙම වුණොත්. එදා මම එහෙම කියපුවම තරහ එන්න ඇති.හැබැයි අද පාවිච්චි වෙන විදිය දැක්කම ඒ කථාව හරි ගිහින් තියෙනවා.

      භික්ෂුවක් හැටියට මහා ගමනක් තිබුණු කෙනෙක් දේශපාලනය නිසා විනාශ වුණු අවස්ථාවක් දකිනවා. ධම්මපදයේ අප්පමාදෝ අමතපදන් ..ඝතාව යි සත්ති ගුම්භ ජාතකයයි මතක් කරනවා මම .

      ජවිපෙ ඊළඟ සතියේ නාටකය කුමක් දැයි මම නොදනිමි. මේවාට කාලය ගන්නේ සමහර තැන් වලදී කට පියාගෙන ඉන්න බැරි නිසා. ලෝක උරුමයක් වෙච්ච මහා වංශය බුදුන් ලංකාවට වැඩි බව කියනවා. සුදස්සන හාමුදුරුවෝ කියන මතයට අනුව අපේ ඉතිහාසය ලියපු මහා වංශය ත් බොරුවක්ද? අතිශයෝක්තීන් ඇති බව අපිත් පිලිගන්නවා හැබැයි සම්පුරණ බොරුවක් නෙවෙයි නේද?

      Delete
  8. දේසපාලුවෝ 1
    රාජ්ය සේවකයෝ 2
    පොලීසිය 3
    නීති අක්ඤාණයෝ 4
    මාධ්‍ය කාරයෝය 5
    ජේවීපී කාරයෝය 6

    මුන් තමයි රට විනාශ කිරීමට ප්‍රධානව වගකිවයුත්තෝ

    ReplyDelete
  9. ගොඩ ගන්නට නං රට මේ වැටුණු වලෙන්
    පුරවැසි චින්තනෙත් වෙනසක් ඕනි බොලං
    හදන්නට හදන අතරේ අනෙක් එවුං
    අපිත් හැදෙමු හොඳ පුරවැසියන් විලසින්!

    ReplyDelete
  10. අපේ NPP ආණ්ඩුවක් පිහිටුවා ස්ථාවර තැන්පතු රාජසන්තක කරනවා, ඒවගේම දේපල සියල්ල රජයට පවරාගෙන වැඩිපුර තියෙන අයගේ දේපල අනිත් අයට දෙනවා නැතිබැරි අයට සහ ජවිපෙ පූර්ණකාලීනව දේශපාලනය කරන සහෝදරවරුන්ට රට දියුණු කරන්න..

    ReplyDelete
  11. මාතා Piumi හංසමාලි කාත් එක්ක හරි ගේමක් වත් දාගෙනද මේ ටිකේ?? අමර පරිප්පුවක් set වෙලා තියන්නේ.. අරගලේ ඉදිරිපෙළ නායිකාවක්නේ 😄😄.. හැබයි අරගල චුන් හැම එකටම වගේ ටික ටික හරි ටොපි ලැබෙන ඒක නම් ලොකු දෙයක්. 😅🤣😂

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න