Jul 7, 2024

පෝට්ටුවට මක්කැයි වුනේ


පෝට්ටුවට මක්කැයි වුනේ

➖➖➖➖➖➖➖🔷🔷🔷


පොහොට්ටුව හැදුවේ එයාලගෙ බලය පෙන්නලා රනිල් බය කරන්න... විශේෂයෙන් බැසිල් සහ බැසිල්ගෙ ගෝලයෝ.... මුලින් කැබිනට් ඇමතිකම් ලැයිස්තු යවලා තගෙන් රනිල් කන්ට්‍රෝල් කරන්න ගිය බැසිල්... අවසානෙදි රාජපක්ෂලා හලන බව කියනකන්  පාට් දාන්න ගිහින් කිචම වෙලා ගියා.


දැන් බයත් නෑ ණයත් නෑ කියන්නේ බයටම තමා... ඩන්ඩි කවදාවත් ඔය කතා කියන්නේ නෑ... බයම උන් තමා මම බය නෑ ඩෝ කිය කියා අඬන්නේ....


එයාලා ආන්ඩුවට බොක්කෙන් සප් එක දෙන ලංසට.. ප්‍රසන්නට... කංචනට... රිදෙන්නම ගැහුවා.... කැබිනට් මංඩලේ ඉන්න පිරිසට සහ රනිල්ට හිතවාදී අයට කරන්න පුලුවන් හැම දේම කලා.. හැබයි උනුත් අත ඇරියේ නෑ... 

එකක් විධායක බලය... අනෙක උන් හැම විටම කියන කෙලෙහිගුණය... 


රනිල් නොවන්නට රාජපක්ෂලා හා ඔය පරණ කම්බා හොර ඇමති සෙට්ටෙක හිටිය තැන් සොයාගෙන අමරකීර්ති අතුකෝරාල ඇරිය දිහාවේ අනිවාර්‍යයෙන් අරිනවා...


ඒවා දැන් රටෙත් නොයිද පැනලා ගිය බැසිල්ලට නාමල්ලට අමතකයි...

බොරු බොරු සෙල්ලම් දදා රනිල් පාලනය කරන්නයි ඒ දෙන්නා ට්‍රයි කලේ... හැබයි එයාලා නොදැන උන්න දේ තමා.... මේ ඉන්නේ නිකන්ම නිකන් රනිල් නොව, විධායක ජනාධිපතිවරයෙක්ය කියනෙක.


කාරියවසම් කියන දේශපාලන ළදරුවා රනිල්ට පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න කියන්නේ ඒකයි... හැබයි රනිල් නෙමෙයි ඌව පයිසෙකට මායිම් කළේ. ඒ කංචනගේ රැස්වීමට බය වෙලා.


රාජපක්ෂලා තමන් ගැන බලන්නේ නැති බව රාජපක්ෂ බයියෝ මැයි 9 වෙනිදා තේරුම් ගත්තා... හාඩ්කෝ බයියෝ ඔක්කොම ජවිපෙට සෙට් වුනා... ඒ ජෙප්පන්ගෙන් මැරුම් කන්න වෙන නිසා... මොකෝ උන්ගේ ජීවත බේරුනාට... උන්ගේ බිස්නස් වලට ෂොට් එක දීපූ නිසා...


උන් නැතුව අනික් බයියෝ ගේන්න රාජපක්ෂලාට ස්පොන්සර්ලා නෑ.... රාජපක්ෂලා කවදාවත් එයාලගෙ සල්ලි හොල්ලන්නේ නෑ... අමාරුවෙන් අමාරුවෙන්... රට වටේ බලේ පෙන්නන්න තිබ්බ සංදර්ශන සියල්ල ෆේල්.. මැයි දිනේ අඩුම ජනම් එක උන්නේ පෝට්ටුවට. සෙනඟ ටිකක් උන්නේ ජොනීගේ එකට විතරයි.


රනිල් ගාව ඉන්න පෝට්ටුවේ සොලිඩ් බඩු වෙනුවට නාමල්ට ඉන්නේ වාචාලයෝ ටිකක් විතරයි. අවසානේ එයාලා තේරුම් ගත්තා ජනතාව දැන් එයාලා සමඟ නැති බවත්... රනිල්ට හේත්තු වෙනවා හැර වෙන එකෙක්වත් තමන් සෙට් එක පැත්ත පලාතේ වැද්දගන්නේ නැති බව.


මහින්ද හදපු රාජපක්ෂ නාමය...

ඝෝඨා එක දවසෙන් ව්නාශ කළා....

ඉතිරි වෙලා ඉන්න ටිකත් බැසිලුයි නාමලුයි නැති කරගන්න බව දැනගත්තු මහින්ද චීනේ ගිහින් ඇවිත් එහේ උපදෙසුත් එක්ක ගත්ත තීරණය තමා මේක...


මක්කා කලත් චන්දෙ දවසට මහින්ද මහත්තයට සලකලා සද්ද නැතිව රාජපක්ෂලාට චන්දය දෙන ලක්ෂ දහයක් විතර තාම ඇති.... 


හැබයි ඒකත් සෑහෙන බලපෑමක් කරන්න පුලුවන් චන්ද කුට්ටියක් බව රනිල් මෙන්ම සියල්ලන්ම දැන ගත යුතුයි....


ස්වස්ථි සිද්ධම් !!!

.

 

14 comments:

  1. මාතා, ඔබ ඇතුලු බොහෝ සමාජ ජාල වල දේශපාලනය කරන අය එජාප සජබ සහ මාලිමාවේ අය පමණක්ම නොව රාජපක්ෂ කල්ලිය පවා හිතනවාටත් වඩා තවමත් පොහොට්ටුව නමැති පක්‍ෂය බලවත් බවයි මගේ නිරීක්ෂණය. ඔවුන් ඉතාම අමාරුව කාලයක පවා ලක්ෂ තිහකට අධික ඡන්ද සංඛ්‍යාවක් ලබාගනු ඇති. මොකද ලංකාවේ ජාතිකවාදීන් බහුතරයට රාජපක්ෂ කල්ලිය එපා වුණාට ඊට වඩා හොඳ විකල්ප දේශපාලන ව්‍යාපාරයක් නෑ, දිලිත් ජයවීර යම් ප්‍රමාණයකට ඔවුන්ට විකල්පයක් වුණත් ධම්මික පෙරේරා වගේ නව නායකයෙක් යටතේ කට්ටිය සංවිධානය වෙලා බැසිල් වගේ අය ටිකක් පස්සට ගිහිල්ල හිටියොත් සහ දිලිත් ජයවීරලා වීරවංසලාත් එකතුකර ගත්තොත් ඔවුන්ට 35% ඉක්මවා ඡන්ද ලබාගැනීමට ඉඩ තියෙනවා, මාලිමාව පැත්තට ගියපු බව කියන බහුතර දාර බයියෝ ඔය කිව්වට මාලිමාවට ඡන්දය දෙන්නේ නෑ, මොකද මාලිමාව දිනුවාම උන්ට කිසිම ආකාරයක වාසියක් වත් උන්ගේ නීතිවිරෝධීව කරන ජාවාරම් ආදියට මාලිමාවේ නායකත්වයෙන් පොහොට්ටුවේ අපත දේශපාලුවන්ගෙන් වගේ අවශ්‍ය නිසි සහයෝගය ලබාදීම පිළිබඳව උන්ටත් කිසිම විස්වාසයක් නැහැනේ ඒක එක හේතුවක්

    ලංකාව මදකට අමතක කරල බරක් හුසේන් ඔබාමා සහ ඩී ජේ ට්‍රම්ප් කියන එක්සත් ජනපද හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා අතරින් අති බහුතරයක් ලාංකිකයන් කැමති ඔබාමට, ඊට ප්‍රධාන හේතු ලෙස දැක්විය හැක්කේ

    * ඔබාමා බිරිඳට කුඩය ඇල්ලීම
    * ඔබාමා බිරිඳගේ පසුපසින් යාම.
    * ඔබාමාගේ දරුවන් රෙස්ටුරන්ට් වල වැඩ කිරීම
    * ඔබාමා හමුදා සොල්දාදුවෙකුගේ බිම වැටුන හිස්වැස්ම නැවත හිස මත තැබීම.
    * ඔබාමා හෙලිකොප්ටරයට ගොඩවීමට පෙර දොරටුව අසල සිටි ආරක්ෂක නිළධාරියාට අතට අත දීම.
    * ධවල මන්දිරයේ සේවකයෙකුට පහක් දැමීම.
    * ඔබාමා කඩපිලෙන් ඇපල් ගෙඩියක් ගෙන කෑම...(ect.)

    නමුත් OBAMA ගේ ගුණ වයන අද්විතීය අසහාය නායකයෙකු ලෙස දකින කිසිවෙකුත්

    * LIBYA ව නැමති රට සහමුලින්ම විනාශ කොට දස දහස් ගාණක් අහිංසක ජනයා මරාදැමූ සහ ලක්ෂ ගාණක් මිනිසුන් අනාතකොට ගණනය කළ නොහැකි තරම් ධන හානියක් කොට සාමකාමී රට එකම යුධ පිටියක් කළ අපරාධය නොදකී.

    * සිරියාව නැමති සශ්‍රීක සහ සාමකාමී රටෙහි ත්‍රස්තවාදීන් ඇති කොට පුහුණු කරවා අවි ආයුධ දී නීත්‍යානූකූල රජයට එරෙහිව යුධ වදින්නට යොමු කලේ ඔබාමා බව නොදකී.

    * ISIS නම් මහා ම්ලේච්ඡතම ත්‍රස්තවාදී සංවිධානය ඇති කිරීමේ පුරෝගාමියා ඔබාමා බව නොදකී.

    * ඔබාමාගේ පරිපාලනය තුළ මියගිය අහිංසක මිනිසුන් ප්‍රමාණය ගණනය කළ හැකි ද...

    * ඔබාමාගේ පරිපාලනය තුළ ලොව පුරා පුපුරාගිය බෝම්බ ප්‍රමාණය ගණනය කළ හැකිද...?

    * ඔබාමාගේ පරිපාලනය තුළ විනාශ වූ සම්පත් ප්‍රමාණය ගණනය කළ හැකි ද...?

    * අරාබි වසන්තය නැමති ඒ මහා සුළි කුණාටුව ඇති කොට විශාල ප්‍රමාණයක් රාජ්‍යන් අස්ථාවරකොට රාජ්‍ය නායකයන් බලයෙන් පහකිරීම හෝ ඝාතනය කිරීම කොට මහා ලේ වැගිරීමක් ඇති කිරීම නොදකී.

    * ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වුණාටත් පසුව යලි කුණු අවුස්සමින් LTTE ත්‍රස්තවාදීන් ගේ පැත්තට සහයෝගය දෙමින් ලංකාවට කළ හිරිහැර නොදකී.

    * යුද්ධයෙන් පසුව මානව හිමිකම් නැමති මාතෘකාව පෙරට දමා ලංකාවට ඇති කළ මහා පීඩාව නොදකී.

    තවනම් කොපමණ දේ ඇද්ද...?

    එනමුත් මේ කිසිවක් නොදැක මාධ්‍ය මගින් පුම්බා ගොඩනගා ඇති අන්ත පුහු පෞරුෂත්වයන් අල්ලාගෙන මිනීමරු ත්‍රස්ථවාදියෙකු මාරම නායකයෙකු කිරීම පුද්ගලයාගේ ඇති නොදැනුවත්කම සහ ඇඳ ගැනීමේ ස්වභාවයයි...

    TRUMP ගේ ධුර කාලය තව මාස කීපයකින් නැවත ඇරඹීමට නියමිත අතර ඔහුගේ පසුගිය ධූර කාලය ගත්විට;

    * අවුරුදු හතර තුළ කිසිම රටක් ආක්‍රමණය නොකලේය.

    * යුරෝපයට ද නතු නොවූයේ ය.

    * එංගලන්තයට ගැතිකම් නොකලේය.

    * CNN ආදී ජඩමාධ්‍යන්ගේ පාලනයට නතු නොවූයේය.

    * විදෙස් රටවල්වලට මානව හිමිකම් යැයි කියමින් කරදර නොකලේය.

    * අප අකමැති වුණත් නව ලෝක බලවතකු ලෙස නැගී ලෝකය පුරාම වේගයෙන් පැතිරයන චීන ආධිපත්‍ය සිය රට තුළ බිඳ දැමීමට කටයුතු කලේය.

    * කිය යුතු දෑ කෙලින්ම මූණට අමුවෙන් කියන්නේය.

    *සරලවම ඔහුට වැදගත් වන්නේ තම මවුරට එක්සත් ජනපදයයි. එසේ නොමැතිනම්

    #ඇමරිකාව_ඇමරිකානුවන්ට ය.
    * ඔහුට දිනුවත් එකය. පැරදුනත් එකය.

    මට ඔබාමාගේ කිසිම හොඳකින් ද වැඩක් නැත.ට්‍රම්ප්ගේ කිසිම නරකකින් ද වැඩක් නැත. හේතුව අපට වැදගත් වන්නේ ඔවුන්ගේ පරිපාලනය ලෝකයට සහ අපේ රටට බලපාන විදිය ය. එබැවින් මගේ කැමැත්ත ට්‍රම්ප්ට 2024 නැවත ජනාධිපති වනු දැකීම ය.
    අවුරුදු අසූ දෙකක වල පය ගොඩ පය බයිඩන් නාකියා ලේසියෙන්ම පරදා රිපබ්ලිකන් පක්ෂයේ ට්‍රම්ප්ට බලය හිමිවුවිට ලංකාවටද එය ඍජුවම බලපානු අපට මනාව දැකගත හැකිවේවි.

    ReplyDelete
  2. Rather than wasting time for this useless political so called democratic system, Sri Lanka should focus on growth of efficiency in business and finance, to attract more investors and tourists and more useful and effective research and development in technology and practically applied sciences under stable national government which could combine all the parties and everyone sharing the responsibilities. This is the only way Sri Lanka can grow up to a remarkable success with sufficient growth rate.

    They say China is a dictatorship but about 15 years ago, I started a company in Xi’an, China. All the paperwork took about less than 3 hours. The local government even assigned a clerk to walk through the whole process. 3 hours later, I had the license, bank account, and office lease agreement. And the local government even ordered a company name plate as a gift. If you choose a city nearby Shanghai, it’s even faster. Those local governments simply wants you to open business there. Because you will need to hire people, and pay taxes etc.

    This is 2024 and we can do everything online now from anywhere in the world.

    How about Sri Lanka? As an average it will take around 6 years for a substantial investment to commence operations getting all necessary approvals, even through the BOI, what a pity?

    Sri Lankans should not believe false western political propaganda jokes as well, for example, since 30 years ago, Americans and Westerners began predicting the collapse of China and still predicting every single minute but it becomes a funny illusion, and 20 years ago, they began predicting the rise of India. I've been watching this joke, keep going.

    ReplyDelete
  3. මක් වෙන්නද ඉතිං- සංසාරේ හැටිය
    හැම දේකටම අන්තිමකුත් තියෙනවය!

    ReplyDelete
  4. පක්‍ෂ කියන්නේ මැතිවරණ වෙනුවෙන් අටවාගෙන තියෙන තාවකාලික සංවිධානයක් විතරයි. පක්ෂ හැදෙනවා කැඩෙනවා ඒක සාමාන්‍ය ස්වභාවය. නමුත් දැන් පැවති ප්‍රංශ මැතිවරණ ප්‍රතිඵලය සරලව එක් පිංතූරයකින් ඇනලයිස් කළොත් තවදුරටත් යුරෝපය අයිති යුරෝපීයයන්ට නොවෙයි.
    දැන් යුරෝපයේ ආණ්ඩුව සහ පාලකයො තීරණය කරන්නේ එක්සත් ජනපදය හැරුණුකොට සරණාගතයන් සහ සංක්‍රමිකයන්.

    බහුතර ප්‍රංශ ජනතාව විසින් තෝරා ගත්, වැඩිම ඡන්ද ලබා ගත් මරී ල පෙන් Le Pen ට හිමි වුයේ ආසන අතින් තෙවැනි තැන.ඇයට ආණ්ඩු බලයක් පිහිටවීමට තරම් ආසන නැහැ. හැබැයි ප්‍රංශ ජාතිකයන් බහුතරය ඡන්දය ලබා දුන්නේ ඇයට.
    එසේ නම් ඇය පරාජය වූයේ ඇයි ?

    විශේෂයෙන්ම ඇය හිජාබය තහනම් කරන බව කියූ නිසා ඇයට විරුද්ධව ප්‍රංශයේ ජීවත් වන මිලියන පහක මුස්ලිම් සංක්‍රමණිකයො එකතු වුණා.

    ඔවුන් විතරක් නෙවෙයි ඉන්දියාවෙන්, ආසියාවෙන්, අප්‍රිකාවෙන් ප්‍රංශයට පැමිණි සංක්‍රමණිකයන් ද Le pen පරාජයට පත් කරන්න එකතු වුණේ ඇය විසින් නීතිවිරෝධි සංක්‍රමණිකයන් පිටමන් කරන බව කිව්ව නිසයි.

    මේ වනවිටත් ප්‍රංශ සංක්‍රමණිකයන් සතුව පිරිසිදු 25% ඉක්මවූ ඡන්ද බලයක් තිබෙනවා.ඒ ඡන්ද පැහැදිලිවම Le Pen ට විරුද්ධ වුණා.

    සංක්‍රමණිකයන්‍ ඔවුන්ට හිතැති වමේ පාලකයන් තෝරාගෙන තිබෙනවා.
    අවසානයේ බහුතර ප්‍රංශ ජාතිකයාට ඔවුන් කැමති පාලකයෙක් පත් කරගත නොහැකි වුණා.

    කිසිවෙකුටත් සරල බහුතරයක් නෑ. ඒ නිසා රටේ දේශපාලන අස්ථාවරත්වයක් ද ඇතිවෙලා.

    ප්‍රංශය මේ තැනට දමාගත්තේ ලංකාවේ රනිල්ගේ ජාතියේම අතීත ප්‍රංශ පාලකයන් විසින්මයි.
    අද ඒවාට වන්දි ගෙවන්නේ ඔවුන් විසින් ගොඩනැගූ, ඔවුන්ගේම රටේ බල රහිත වී සිටිනා බහුතර ප්‍රංශ ජනතාවයි.

    වර්තමාන බ්‍රිතාන්‍ය රාජ්‍යයත් ඒ තත්ත්වයට පත්වෙනවා .ඒනිසා අලුත් අගමැතිගෙ තීරණය රුවන්ඩා සංක්‍රමණිකයන්ට පුරවැසිභාවය දීමයි

    ලංකාවේත් දෙමළ මුස්ලිම් ජාතිකයන්ගේ චන්දෙ තීරනාත්මක වේවි, මොකද සිංහල ඡන්ද සීසීකඩව බෙදිල තියෙන මොහොතක 2024 ජනාධිපතිවරණයේදී ලංකාවේ සිංහලයන්ටත් ඔයට වඩා භයානක ඉරණමට මුහුණ දෙන්න වෙනවා මොළේ පාවිච්චි නොකළොත් මොකද.රනිල් ,සජිත් ,අනුර තුනම සිංහල බෞද්ධ විරෝධීන් .2025 පාර්ලිමේන්තු චන්දෙන් ජාතිකවාදීන් පරාජය කිරීමට කලින් මේක ගැන හරි තීරණයකට එළඹීමට වේවි.

    ReplyDelete


  5. //හිරුනිකාට වසර තුනක සිර දඩුවම් ලැබුනේය. ඒ ඩිෆෙන්ඩර් රථයකින් තරුණයකු පැහැරගෙන ගොස් ඔහුට තම පක්ෂ කාර්‍යාලය තුල අඩම්තේට්ටම් කිරීමේ හේතුවෙනි.

    ඇත්තටම හිරුණිකා කළේ ජවිපේ පාලනයට පැමිණි පසු ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති නීතිය හා අධිකරණ ක්‍රියාවලිය ජනසතු කිරීමේ වැඩපිලිවට ප්‍රායෝගිකවම ක්‍රියාවේ යෙදවීම පමණි.

    එම නීතිය අළුත් දෙයකුත් නොවේ.... රාජපක්ෂ යුගයේ රාජපක්ෂලා හා රාජපක්ෂ මැරයෝ ක්‍රියාත්මක කලේද මේ නීතියමය. යහපාලනය සමඟ බලයට ආ හිරුණිකා කළේද, එම සිස්ටම් එක ඉදිරියට ගෙන යාමට උත්සාහ කිරීමය.

    එහෙත් වාසනාවට එය පාලකයින්ගේ උදහසට ලක් වී... ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තැනට ගෙන යාම ගැන යහපාලන කැඳ හැලියට රටේ ජනතාවගේ ගෞරවය හිමි විය යුතුය.

    ඇත්තටම මෙය පවුල් ආරවුලකි. වින්දිත කාන්තාව මේ ගැන පොලීසියට පැමිණිලි කර සිටයද ඇයට පිලිසරණක් නොලැබෙන්නට ඇතිය. පොලීසියට ඊට නිදහසට කරුණු දහසක් ඉදිරිපත් කළ හැකිය. ඇය සමත මණ්ඩලයටද යන්නට ඇත. අධිකරණයට යෑමට මේ මිනිසුන්ට මුදල් නැත. ඉන්පසු ඇති එකම සරණ තම ආදරණීය මහජන නියෝජිතයාය.

    ඒ බව නියම මහජන නියෝජිතයින් සාක්ෂි දරණු ඇත. මහජනයා සමඟ ජීවත් නොවනා නාමික ජහමන නියෝජිතයින්ට මේවා හොල්මන්ද බේරේ කේස්ය.

    එහෙත්, හිරුණිකා අනුගමනය කළේ ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානූකූල ක්‍රමය නොවේ. ඇය කලේ ඇයගේ පියා හා මවටද හුරු... (සුමනා අක්කා ගැන කොලොන්නාවේ ජනතාව හොඳට දන්නවාය) රාජපක්ෂ සිස්ටම් එක ඇප්ලයි කිරීමය.

    ජේවීපී පාලනයක් යටතේ... ලාල්, ටිල්වින්, හා අනුර පමණක් නොව... ඉහළ පැලැන්තියේ උගත්, බුද්ධිමත්, කුළවත්, නැනවත්, හරිනි අමරසූරියලාද ගෙනෙන්නට යන්නේ මේ සිස්ටම් එකම බව සියල්ලෝ අවබෝධ කර ගත යුතුය.

    එබැවින් ප්‍රජාතන්ත්‍රවාදයට හා නීත්‍යානුකූල අධිකරණ ක්‍රියාවලියකට එකඟ පිරිසට හැර මේ මජර සිස්ටම් ගෙන ඒමට දස අතේ දිවුරා පොරොන්දු දෙන ජෙප්පන්ට හෝ රාජපක්ෂවාදී බයියන්ට හිරුණිකාගේ දඩුවම ගැන කිසිසේත් ප්‍රීතියට පත්විය නොහැකිය.

    ඒ වගත් මෙසේය ....//


    උපුටාගැනීම- මාතලන් යකාගෙන්

    ReplyDelete
  6. ක්ලබ් වසන්ත ෆේස්බුක් එකෙන් දැකපු එවුන් නිකං අවුරුදු ගානක් ඌව ආශ්‍රය කරා වගේ සෝකප්‍රකාස කරන්නෙ 😂

    ReplyDelete
  7. අරගලේ කරපු දමිතා BM එකේ ගියා..හිරැනිකා ඩිෆෙන්ඩරයෙන් ගියා..පියුම් jeep එකේ ගියා..ජෙප්පන්ට?

    ජෙපි පෙරෙටු ගවරැලට අඩුමගානේ පාරටවත් බහින්න දෙන්නේ නැ රනිල්..මැතිවරණයත් නැහැ 😂😂😂😂😂😂😂😂😂😂😂

    ReplyDelete
  8. මාතා මට හිතෙන්නෙ දේශපාලනය කරන එකත් රියලිටි ෂෝ වල පෆෝම් කරනවා වගේ විශේෂයෙන්ම මැතිවරණ කාලවලදී, ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ තරු ෂෝස් ගොඩක් තියෙනව නේ ඒත් මම හිතන විදියට එතෙක් මෙතෙක් ඔය තරු ෂෝ වලින් හැදුවෙ එක තරුවක් එක ගායකයෙක් සහ එක ගායකයෙක් පමණයි....
    තරුව ශිහාන් මිහිරංග
    ගායකයා සුනීර සුමංග.... හැබැයි සුනීර super talanted බව ඇත්ත. නමුත් ගායකයා කියන title එකෙන් සංඛ ඉස්සරහින්. එයා ඒක අත්කරගත්තෙ බොහෝකලකට කලින්. ඒ වගේම ඌ සුපිරි producer කෙනෙක්.

    ඔය සුනීර සුමංග කියන හාදයා ගැන මම සෑහෙන බලාපොරොත්තු තියං ඉන්නෙ පොර ඊළඟ අමරදේව වෙයි කියලා...
    මශිහාන් කියන්නෙ රියැලිටිවලින් ආපු ජනප්රියම තරැව. සුනීර දක්ශතම තරුවක්..රවීන් දක්ශතාවයත් ජනප්රියත්වයක් දෙකෙන්ම බැබලෙන තරුවක්.

    රවීන්ගෙ රඟපෑමෙ ලොකු අවුලක් නෑ ඒ කොල්ලා එක්ක ගොඩක් උන්ට තියෙන්නේ ඉරිසියාවක්. දෙවෙනි ඉනිම නාට්‍යය එක්ක තියෙන ප්‍රශ්න රවීන් පිටින් යවන එක බුකියේ නටන උන් කරන්නෙ. රාජපක්ෂලා එක්ක තියෙන අම්බම ඇරියස් එක දෙරණ පිටින් දෙරණ එක්ක තියෙන ඇරියස් එක දෙවෙනි ඉනිම පිටින් දෙවනි ඉනිම එක්ක තියෙන ඇරියස් එක රවීන් පිටින් යවනවා. රවීන්ගෙ රඟපෑම වුනත් තවත් විශිෂ්ට වෙන්න පුළුවන් හොද අධ්‍යක්ෂවරයෙක් මුණගැසුණු දවසට. තිර රචනය තිබෙන අඩුපාඩු වලට නළුවො පලි නෑ. ඒ කාලේ ජෝතිපාල විජය කුමාරතුංග වගේ අයටත් ඔය විදිහට තමයි සැලකුවේ තමන් ප්‍රබුද්ධ කියලා හිතාගෙන හිටපු සම'හරක්... 🙃

    ReplyDelete
  9. පාස්කු ඉරුදින ප්‍රහාරයේ , මුල්ම බුද්ධි තොරතුර මෙරට බුද්ධි අධ්‍යක්ෂකවරයාට ලබාදුන් මූලය / source එක සොයා ගැනීමේ ඇති වැදගත්කම කුමක් ද ?

    2019.04.04 දින පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් , එවක මෙරට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහතාට බුද්ධි තොරතුර ලබාදුන් , මූලය වන , මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධව සේවය කළ Lft.Col.Ravi Mishra සම්බන්ධයෙන් මා පසුගිය දා
    කරුණු අනාවරණයක් සිදුකරනු ලැබුවා.

    මෙම ලිපිය මගින් , එම මූලය අනාවරණය වීමේ වැදගත්කම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරේ.

    රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධනට ලැබුණු තොරතුර , "බුද්ධි තොරතුරක්" ද යන වග සනාථ කර ගත හැකි වීම හා ඒ මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හැකිවීම .

    ලැබුණු බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක නොවීමේ චෝදනාව මත , ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ නිලන්ත ජයවර්ධන සාක්ෂි ලබාදී තිබුණේ , ඉන්දීය සගයෙකුගෙන් ලද තොරතුර "බුද්ධි තොරතුරක්" ලෙස සලකා කටයුතු කිරීමට තරම්, ප්‍රමාණාත්මක සාධක නොතිබූ බවයි, එබැවින් ඔහු එම ප්‍රහාරය වළක්වා ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන , වගකීම් පැහැර හැර ඇතිබවට අනාවරණය විය.
    තවද ලද තොරතුර වැඩිදියුණු කර ගත්තේ ද යන්න සම්බන්ධයෙන් කොමිසම කළ ප්‍රශ්න කිරීම් හමුවේ , එයට පිළිතුරක් සැපයීමට තමන්ට කිසිදු සාක්ෂියක් නොමැති බවත් , තමන් ඒ මොහොතේ භාවිතා කළ ලැප්ටොප් පරිඝණකය සහ ජංගම දුරකථනය යන දෙකම , Factory reset කර තම බිරිඳට ලබාදුන් බවටත් සාක්ෂි ලබා දී ඇත.

    ප්‍රහාරය එල්ල කරන දිනය සහ වේලාව නිශ්චිතව දැනගත් ආකාරය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගත හැකි වීම .

    ඉන්දියාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරට අනුව , පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ලවන දිනය සහ වේලාව නිශ්චිතව දක්වා ඇත. එවැනි නිශ්චිත තොරතුරක් ලබාගැනීමට නම්,
    i - ඔවුන්ගේ අනුදැනුම මත මෙම ප්‍රහාරය එල්ලවිය යුතුය හෝ ,
    ii - ඔවුන්ගේ තොරතුරු කරුවෙකු සහරාන්ගේ කණ්ඩායමේ මූලික කවය (core group) තුළ සිටිය යුතුය.

    නිලන්ත ජයවර්ධනට තොරතුර ලබාදීම හැර ,
    එම මූලය විසින් ප්‍රහාරය වළක්වා ගැනීම සම්බන්ධයෙන් සිදුකළ ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු අනාවරණය කරගැනීමට හැකිවීම .

    i - ලංකාව තුළ හා කලාපීයව ක්‍රියාත්මක අනෙකුත් බුද්ධි අංශයන් සමග මෙම තොරතුර හුවමාරු / වැඩිදියුණු කරගත්තේ ද යනවග.
    ii - බුද්ධි අංශයන්ට අමතරව , මෙරට අනෙකුත් ආරක්ෂක අංශ ප්‍රධානීන් හෝ රජය දැනුවත් කළේ ද ? කළේ නම් ඒ කවුරුන් ද ? නොකළේ නම් ඒ මන් ද ?

    මූලය විසින් තොරතුර ලබාදීමේ අරමුණ ,
    අවංක ප්‍රහාරය වැළැක්වීමට ලබාදුන් තොරතුරක් ද , (Genuine effort) නැතිනම් පරීක්ෂණ නොමග යැවීමේ අරමුණින් ලබාදුන් එකක්ද යනවග අනාවරණය කරගැනීමට හැකිවීම .

    මූලය විසින් ඉන්දියානු රජය මේ සම්බන්ධයෙන් නිලවශයෙන් දැනුවත් කර ඇතිද යන්න අනාවරණය කරගැනීමට හැකිවීම .

    නිලවශයෙන් දැනුවත් කර ඇත්නම් ,
    i - 2019.04.07 දින ඉන්දීය ආරක්ෂක ලේකම් සන්ජේ මිත්‍ර, යුධහමුදාපති , නාවික හමුදාපති , ගුවන් හමුදාපති ඇතුළු එරට උසස්ම ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙරටට පැමිණීමේ දී,
    ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ විශේෂ වැඩපිළිවෙළ කුමක් ද ?
    ii - 2019.04.08 ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ මෙරට ආරක්ෂක අංශ ප්‍රධානීන් අතර පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී , සාකච්ඡාවට බඳුන් විය යුතු ප්‍රධානම මාතෘකාව වූ "එම බුද්ධි තොරතුර" සම්බන්ධයෙන් අල්පමාත්‍රයකින් හෝ සාකච්ඡාවට බදුන් නොවූයේ ඇයි ?
    iii - 2019.04.08 දෙරටේම ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කළේ නම් ,
    ප්‍රහාරය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ඉතාමත් පහසුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට තිබුණා නොවේද ,
    මෙම රැස්වීම සඳහා තොරතුර ලබාදුන් මූලය මෙන්ම නිලන්ත ජයවර්ධන ද සහභාගී වී ඇත.

    මූලය විසින් ඉන්දීය රජය නිලවශයෙන් දැනුවත් කර නැතිනම්, ඉහත සදහන් කළ එරට සිටින ආරක්ෂක අංශයන් හී උසස්ම දූත පිරිස මෙරට සංචාරය කරන පසුබිමක එය ඉතාමත් බරපතළ තත්වයකි . ඉන්දීය රජය මගින් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු තත්වයකි .

    (ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාව ප්‍රකාරව ,
    2019.04.04 නිලන්ත ජයවර්ධනට ලද තොරතුර , විශේෂ ආරක්ෂක දිසාව බාර නි.පො.ප. ප්‍රියලාල් දසනායකට 04.09 දින යොමු කිරීමෙන් අනතුරුව,
    ඒ මහතා , "තානාපති ආරක්ෂක කොට්ඨාසයට" එම තොරතුර ලබා දී ඇත්තේ 2019.04.11 දිනය ,
    ඒ අනුව පැහැදිලි වන්නේ, ඉන්දීය දූත පිරිස සම්බන්ධයෙන් කිසිදු සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී නොමැති බවයි,
    එය විමර්ශනයට ලක්විය යුතු ඉතාමත් බරපතළ තත්වයකි )

    මූලයට 2019.04.04 සිට 2019.04.21 දක්වා සහරාන්ගේ කණ්ඩායම පිළිබඳව දින 17 ක අනෙකුත් වැදගත් තොරතුරු නොලැබුණේ ද ? ලැබුණේ ද?
    ලැබුණා නම් මූලය විසින් එම තොරතුරු මෙරට ආරක්ෂක අංශයන්ට ලබා නොදුන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඊළඟට 2019.04.04 මුල්ම තොරතුර ලබාදීමේ සිට 04.21 ප්‍රහාරය සිදුවන අවස්ථාව දක්වා දින 17 ක කාලසීමාව තුළ සහරාන්ගේ කණ්ඩායමේ ක්‍රියාකාරකම් , විශේෂයෙන්ම 2019.04.16 කාත්තන්කුඩි වලදී පුපුරවාහැරි මෝටර් සයිකල් බෝම්බය පිළිබඳව හෝ තොරතුර හෙළිදරව් නොවීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගැනීමට හැකිවීම.

      මෙරට බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය / දුර්වලතා සම්බන්ධයෙන් අනාවරණය කරගැනීමට හැකිවීම.

      කොමිසම් වාර්තා ප්‍රකාරව මෙරට බුද්ධි අංශ 2014 වසරේ පමණ සිට සහරාන්ගේ කණ්ඩායම සමීපව ආවේක්ෂණය කළේ නම් , සහරාන්ගේ කණ්ඩායමේ පිරිසක් තොරතුරු සපයන්නන් ලෙස භාවිතා කළේ නම් , "සොනික් සොනික් / අබු හින්ද්" යනු සහරාන්ගේ කණ්ඩායමේ තොරතුරු රැස්කිරීමට යොදාගත් මෙරට බුද්ධි මෙහෙයුම් වල
      කොටසක් නම් , ඉන්දීය මූලය විසින් ලබාදුන් තොරතුරු කිසිවක් මෙරට බුද්ධි අංශ වලට නොලැබුණේ කෙසේද යන්න අනාවරණය කරගැනීමට හැකිවේ.

      ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම් වලට ,
      පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත විමර්ශන සිදුකිරීම සඳහා ප්‍රවිෂ්ඨයක් ලැබීම.

      පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් රටවල් 14 කට අයත් විදේශිකයින් 45 දෙනෙකු පමණද ජීවිතක්ෂයට පත්විය. එබැවින් එම රටවල්වල විමර්ශකයින්ටද මෙහි සුලමුල සොයාගැනීමේ අවශ්‍යතාව පවතී. විදේශ මැදිහත් වීමක් සම්බන්ධයෙන් කිසිදු විමර්ශන කණ්ඩායමකට මේ දක්වා කිසිදු සාක්ෂියක් ලැබී නොමැති පසුබිමක ,
      ප්‍රශ්න සහගත මෙම "ඉන්දීය තොරතුරු මූලය" නව මානයකින් ඔවුන්ගේ විමර්ශනයන් සඳහා ප්‍රවිශ්ඨ වීමට උපකාරීවනු ඇත.

      මහමොළකරු සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගැනීමට හැකිවීම.

      මෙම තොරතුරු මූලය අනාවරණය කරගැනීමෙන් ඇති වැදගත්කම කාරණය නම් , මෙම ප්‍රහාරයේ සැලසුම් කරුවන් සහ විශේෂයෙන්ම මහමොළකරු සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් හෙළිදරව්වක් කරගැනීමට මග පෑදීමයි .
      ලංකාවේ ආරක්ෂක යාන්ත්‍රණය තුළ ඇති දුර්වලතා නිසියාකාරව හඳුනාගෙන, ඒ තුළට රිංගා මෙවැනි බුද්ධි මෙහෙයුමක් සිදුකිරීමට වෙනත් රටක තුන්වැනි පාර්ශවයකට නොහැකි බව අපේ විශ්වාසයයි. එබැවින් දෙරටේම අවශ්‍යතාවය හඳුනාගෙන , සහරාන්ගේ කණ්ඩායමට අවශ්‍ය තාක්ෂණික දැනුම , පුපුරන ද්‍රව්‍ය , අරමුදල් , රැකවරණය යන සියළු දේ සපයමින් , මෙම ප්‍රහාරය සඳහා එම අන්තවාදී කණ්ඩායම මෙහෙය වූ මහමොළකරු සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගැනීමට හැකි වේ.

      අමතර ප්‍රශ්න :-
      1 - මෙච්චර තොරතුරු තියාගෙන ඇයි නඩු දාන්නෙ නැත්තෙ - ලංකාව තුළ අපරාධ නඩු පවරන්න පුළුවන් නීතිපති දෙපාර්තමේන්තුවට පමණයි. අපිට පුළුවන් විමර්ශන වෙනුවෙන් සහය වීම පිණිස ඒ තොරතුරු ලබාදීම පමණයි.

      2 - ඇයි ඔය දේවල් මෙච්චර කල් තියන් ඉන්නෙ - විමර්ශකයින් සහ විමර්ශනයන් සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති නිසා, තාජුඩීන් ගෙ අවයව කොටස් අතුරුදහන් උනා වගේ, සාරා ජස්මින් ගෙ තුන්වෙනි DNA සාම්පලය වගේ සාක්ෂි විනාශ කිරීමට ඇති හැකියාව නිසා , නීති උපදෙස් මත සුදුසු මොහොතේ එම තොරතුරු සමාජගත කිරීම තමයි කළ යුත්තේ.

      3 - තව කොච්චර කල් ඔය දේවල් කරනවද , මොනව ද ඔයාලට ලැබෙන්නෙ ?

      ඔව්, අවුරුදු ගාණක් අතින් වියදම් කරගෙන අපි කණ්ඩායමක් විදියට කරන මේ දේවල් වලින් පෞද්ගලිකවනම් කිසි දෙයක් ලැබෙන්නෙ නෑ ,

      නමුත් යුක්තිය සහ ජීවත්වීමේ අයිතිය මේ රටේ හැම පුරවැසියෙකුටම හිමිවිය යුතු බව අපි විශ්වාස කරනවා.
      ඒ වෙනුවෙන් නොසැලී සටන්කළ යුතු බවත් , සටනකින් තොරව ජයග්‍රහණයක් නොමැති බවත් අපි විශ්වාස කරනවා ,

      ඒ සටන් වලින් මිනිස්සු ශක්තිමත් වෙනවා , දැනුවත් වෙනවා , අයුක්තියට අසාධාරණයට එරෙහිව නැගී සිටිනවා.

      පොඩි පොඩි ගල්මුල් ප්‍රහාර තර්ජන වගේම ,
      මේ රටේ යුක්තිය සාධාරණත්වය අපේක්ෂා කරන , ඒ වෙනුවෙන් හීන දකින මිනිස්සුන්ගෙ ආදරයත් මහගොඩක් ලැබෙනවා,

      ඒ ආදරය සහ ශක්තිය එක්ක, අඛණ්ඩව අවසානය තෙක් හැමෝගෙම ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් අපි මේ සටන අරන් යනවා .
      ස්තූතියි !

      -ශෙහාන් මාලක ගමගේ-
      07.07.2024

      (2019.04.08 දින ඉන්දු ශ්‍රී ලංකා ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ගත් ඡායාරූපයක්)

      Delete
  10. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැත්නම් පොහොට්ටුව නමැති පක්‍ෂය කොහොමත් බැසිලිකා කපුටාස් සහ ජීඑල් වගේ කපටි දේශපාලුවෝ නිදහස් පක්ෂය සිරිසේනලා අල්ලාගත්තාම දේශපාලනය කරන්න විදිහක නැතිවුන විට තාවකාලික දේශපාලන අරමුණු මත අටවාගෙන තියෙන තාවකාලික පක්ෂයක්. ඔය පක්‍ෂය විසුරුවා හැර අනවශ්‍ය නොගැලපෙන කට්ටිය ඉවතට දමා නව පක්‍ෂයක් හදාගන්න වෙනවා ඔවුන්ට නමුත් දැන් ඔවුන්ගේ වෙලාව නෙවෙයි තව ඉස්සරහට තමයි ඔවුන්ගේ වෙලාව එන්නේ.

    ඒ වගේම T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ මුල්ම තරගයට පෙර පැවැත්වූ කණ්ඩායම් සාකච්ඡාවකට, ලිඛිතව ඉදිරිපත් කර තිබූ සටහනක් දැක මා වික්ෂිප්ත වූ බව කිවහොත් වැරදි නැත.

    එම සටහන කණ්ඩායම් රැස්වීමට ලිඛිතවම ඉදිරිපත් කර තිබුණේ කණ්ඩායමේ විශේෂඥ පුහුණුකරු මහේල ජයවර්ධන විසිනි.

    ඔහු එහි සඳහන් කර තිබුණේ පළමු තරග දෙක සඳහා ශ්‍රී ලංකාව අවම වශයෙන් විශේෂඥ වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමග ක්‍රීඩා කළ යුතු බවයි.

    මහේල සිය මතය ලිඛිතව ඉදිරිපත් කර තිබුණේ ඉන්පෙර කණ්ඩායම් රැස්වීම් වල ඒ වෙනුවෙන් තර්ක කර අවසානයේදීයි.

    ඔහුගේ මතයට ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් එකඟ වී තිබුණි.

    එනමුත් කණ්ඩායම් රැස්වීම තුල ඔහුගේ මතයට දෙදෙනෙක් විරුද්ධ වී තිබේ.

    පළමුවැන්නා උපදේශන පුහුණුකරු සනත් ජයසූරියයි. දෙවැන්නා නායක වනිඳු හසරංගයි.

    ඇමෙරිකාවට පා තැබූ දින පටන් ඔවුන් දෙදෙනාගේම මතය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රබල තැන (Strength) දඟ පන්දුව නිසා, විශේෂඥ දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් ක්‍රීඩා කළ යුතු බවයි.

    මේ තනතීරු වල එය සාර්ථක නොවනු ඇති බවටත්, ඩිල්ෂාන් මදුශංක සහ චමීර ක්‍රීඩා කරවිය යුතු බවත් මහේලගේ අදහස වී තිබුණි.

    මහේල සිය මතය වෙනුවෙන් බොහෝ ක්‍රිකට් කරුණු සමග තර්ක කර තිබුණි.

    නමුත් කණ්ඩායම් රැස්වීම් තුල නායකයාගේ සහ ජ්‍යේෂ්ඨ සනත්ගේ මතයන් නිසා මහේලගේ මතය පරාජයට පත් වී තිබේ.

    කණ්ඩායමේ පුහුණු තරග වල දසුන් ශානක කැපීපෙනෙන දක්ෂතා දැක්වීමට සමත් විය.

    එමනිසා කිසිසේත්ම අවසන් ක්‍රීඩකයන් එකොලොස්දෙනාගෙන් ඔහු ඉවත් කළ නොහැකි වී තිබුණි.

    විශේෂඥ වේග පන්දු යවන්නෙකු යොදවා ගත හැකි ඉතිරි ස්ථානය ඇන්ජලො මැතිවුස් වෙනුවෙන් වෙන්විය.

    මැතිවුස් කණ්ඩායමෙන් ඉවත් කිරීමට වනිඳු දැඩි ලෙස විරුද්ධ වීම නිසාත්, මැතිවුස් වනිඳුගේ අනිවාර්ය ඉල්ලීම නිසාත් දසුන් සහ මැතිවුස් දෙදෙනාටම අවසන් එකොලොස්දෙනා තුල ඉඩක් වෙන්ව තිබුණි.

    එය බැලූ බැල්මට මූලික ක්‍රිකට් මූලධර්ම කඩකිරීමකි.

    ශ්‍රී ලංකාවේ ප්‍රබල තැන දඟ පන්දුව බවට සනත්ගේ නිගමනය නිසා මහීෂ් තීක්ෂණ ද කණ්ඩායමට එක්විය.

    ඒ අනුව එක්කරගත හැකිව තිබුණේ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු පමණි.

    එම ස්ථාන දෙක සඳහාත් තෝරාගත්තේ විශේෂඥ T20 වේග පන්දු යවන්නන් දෙදෙනායි.

    මහේල සිය මතය වෙනුවෙන් සටන් කර, අවසානයේ එය ලිඛිතව පවා ඉදිරිපත් කර තිබුණේ ඉතිහාසය විසින් නිදොස් වීම උදෙසා විය හැක.

    අවසානයේ මහේලගේ අදහස නිවැරදි බව ඔප්පු විය.

    ReplyDelete
    Replies
    1. කෙසේ හෝ සනත් සහ වනිඳුගේ මතයන් සමග ශ්‍රී ලංකාවද අන්ත පරාජයකට ලක් විය.

      දකුණු අප්‍රිකාව එම තරගයට ක්‍රීඩා කළේ වේග පන්දු යවන්නන් සිව්දෙනෙකු සමගිනි.

      ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමගිනි.

      ඔවුන් දෙදෙනා ද හරස් අතින් පන්දු යවන වේග පන්දු යවන්නන් විනා, මහේල ගේ නිගමනය වූ "සීමය" බිම වද්දා පන්දු යවන වේග පන්දු යවන්නන් ක්‍රීඩා කළේ නැත.

      එදින කාසියේ වාසියෙන් අනතුරුව ලබා ගත් තීරණය පවා වැරදුණි.

      එම තීරණ සියල්ල පසුපස සිටියේ නායක වනිඳු සහ උපදේශන පුහුණුකරු සනත් ජයසූරියයි. ඒවා පෙර සිටම ලබා ගෙන තිබූ තීරණ මිසෙක ඒ මොහොතේ දත්ත මත පදනම්ව ලබා ගත් තීරණ හෝ නොවේ.ලෝක කුසලානයෙන් පසුව මහේල ජයවර්ධනගේ ඉල්ලා අස් වීමට හේතුව වී තිබෙනුයේත් මේ සිදුවීම් ය.මහේලගේ ක්‍රිකට් දැනුම සහ කියවීම සම්බන්ධයෙන් කිසිවෙකුට හෝ තර්ක කළ නොහැකිය.

      ඔහු වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම විශේෂඥයෙකි.

      ඔහුගේ සුදුසුකම ක්‍රීඩා කරනා සමයේ අති විශිෂ්ඨයෙකු වීම පමණක් නොවේ.

      ඔහු විශිෂ්ඨ තරග කියැවීමක් සහිත නායකයෙකි. ඉන්පසුවත් පුහුණුකරුවෙකු ලෙස නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ ඔප්පු කර තිබෙනා පුද්ගලයෙකි.

      එවැන්නෙකුට සිය මතය කුණු කූඩයට විසි වෙනවා නම්, ඉන්පසුව පරාජය වීමෙන් පසුව දෝෂාරෝපන පමණක් එල්ල වෙනවා නම් ඔහුට එම තනතුරෙහි නාමමාත්‍රිකව පමණක් රැදී සිටිමෙන් ඵලක් නැත.

      නමුත් ශ්‍රී ලංකාවේ ශක්තිය දඟ පන්දුව යැයි කියා, ඒ ඔස්සේ වැරදි කියවීමකින් තරග පරාජයට මග කියූ සනත් ජයසූරියට මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකාරීත්වය ද හිමිව තිබේ.

      සනත් ජයසූරිය ක්‍රීඩකයෙකු ලෙස මාගේ ප්‍රියතම ක්‍රීඩක ලයිස්තුවේ ඉහළින්ම සිටියි.

      ඔහු ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කළ, අති විශිෂ්ඨ පුරාවෘත්තයකි.

      ක්‍රීඩකයෙකු වශයෙන් ඔහුට හිමි ආදරය, ගෞරවය සහ වටිනාකම ලබා දීමට කිසිවෙකුත් මැලිවිය යුතු නොවේ.

      ඔහු මාධ්‍ය ඉදිරියේ ද ව්‍යක්තව වචන හසුරවමින්, රසිකයන්ගේ ආදරය දිනා ගැනීමට සමත් දක්ෂ කථිකයෙකි.

      එනමුත් වෘත්තීය කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරුවෙකු වීමට තරම් ඔහු සතුව තරග කියැවීමක් හෝ විශේෂඥ දැනුමක් ඇත්දැයි මෙවැනි සිදුවීම් යළි යළිත් ප්‍රශ්න කරයි.

      මන්ද නූතන ක්‍රිකට් යනු මාධ්‍ය ඉදිරියේ සරල ක්‍රිකට් තොරතුරු රසිකයාට ඒත්තු ගැන්වීමට වඩා සංකීර්ණ කර්ත්‍යවයකි.

      එහි ප්‍රධාන පුහුණු තනතුරක් දැරීමට විශාල දැනුමක්, කියවීමක්, මානව කළමණාකරනයක් සහ බුද්ධිමය ධාරිතාවක් අවශ්‍යය.

      එවැනි හැකියාවක් තිබූ මහේල ජයවර්ධන, 2024 T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ ඉරණම සම්බන්ධයෙන් නිදොස් විය යුතුයි.

      Delete
  11. අඩෝ මාතා ලන්කාවෙ එකෙක්ට කවදාවත් සල්ලි හම්බකරල තමන්ගෙ කියල ආතල් එකක් ගන්න වෙන්නෑ දුප්පත් අයට බෙදන්න කියල කියන එකමනෙ වැඩෙ බාගයක්ම 😅 ඔය දුප්පත් කියල කියන බාගයක්ම අඩුවයසින් මෝල් අමාරුව හැදිල බැදපු උන් 😅

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න