රත්වත්තේ, ලොවිනා හා
ගල්කිස්සේ තෝමස් මේට්ලන්ඩ්
➖➖➖➖➖➖➖➖➖➖⭕➖
මාතලන් කියවා ඇති ඉතිහාසය ඇතුලේ.... රත්වත්තේ කෙනෙක් හමුවන්නේ... තෝමස් මේට්ලන්ඩ් ආන්ඩුකාරවරයා සමයේය. ආන්ඩුකාරවරයා කියන්නේ සුද්දාගේ කාලයේ ලංකාවේ පාලකයාටය. එහෙත් තෝමස් මේට්ලන්ඩ් උන්නෑහේ යටතේ ලංකාව සම්පූර්ණයෙන්ම සුද්දාට නතුවී නොතිබුණේය.
මේටලන්ඩ් සුදු මහත්තයා අවිවාහකයෙකි... එයාගේ මාළිගය වූයේ අද ගල්කිස්සේ හෝටලය නමින් ප්‍රසිද්ධ මවුන්ට් ලැවීනියා හොටේල් එකය. ඕල් සිලෝන් ටුවර්ස් දුවන ආතරයියා සුද්දෝ අරගෙන දිව්වෙත් එතන සිටය. මේට්ලන්ඩ් සුදු මහත්තයාගේ ක්‍රෂ් එක වූයේ ලොවිනාය. මොහාන් රාජ් මඩවල ලොවිනා නමින් ලිව්වේ ඒ ආදර අන්දරයය.
ලොවිනාගේ මව සිංහල වූ අතර.... පියා පුරුතුගීසිකාරයෙක් විය. H R ජෝතිපාලට අනුව...රටවල් අල්ලන්නට ප්‍රසිද්ධියක් ඉසිලූ පුරුතුගීසිකාරයන්ට ලොබිනාගේ අම්මා අල්ලන එක එච්චර අමාරු වෙන්නට නැතුව ඇතිය. සංසේචනය කොක්ටේල් එකක් වූ නිසා.... ලොවිනා පට්ට කෑල්ලක් වෙන්න ඇතිය. ඉතින් එහෙම කෑල්ලකට අග්‍රාණ්ඩුකාරවරයා අහුවෙන එක ලොකු දේකුත් නෙමේය. උන්නැහේ ලොවිනා එක්ක සෙට් වෙන්න යන්න....., ලොවිනාගේ නිවස සහ අග්‍රාණ්ඩුකාරවරයාගේ මාළිගාව අතර උමගක් තනා තිබුණු බව ප්‍රකටය.
ගල්කිස්ස මවුන්ට් ලැවීනියා වෙන්නේ ඒ හේතුවෙන්‍ය කියා ජනවහරේ එනවාය. මේවා බොරු වෙන්නටත් බැරිය. අශෝක හඳගමගේ අල්බරෝදා චිත්තරපටියේ තිබෙන්නෙත් මෙවන් කතාවක්ය. ඒ ලෝකප්‍රකටට කවියකු වූ..... ලංකාවේ සුළු කාලයක් ජීවත් වූ... නෙරුදාගේ හා සක්කිලි සම්භවයක් සහිත සුරූපී කතකගේ ප්‍රේම වෘත්තාන්තයක්ය. අල්බරෝදා කියන්නේ හිමිදිරියටය. ලයනල් වෙන්ට්ඩ්ගේ නිවසට අල්බරෝදා කියා නම දමන්නේ නෙරුදාය.
මේටලන්ඩ් ආණ්ඩුකාරතුමා ලංකාවේ මුහුදුබඩ පළාත්වල ආණ්ඩුකාරවරයා වශයෙන් පත්වෙන්නේ..... ක්‍රිස්තු වර්ෂ 1805 ජූලි මස 19 වැනි දිනය. ඔය අළුත්කඩේ, ගාල්ල, තිරිකුණාමලය, යාපනය, මඩකලපුව, පුත්තලම හා හලාවත ඇති දිස්ත්‍රික් නඩු ශාලා පිහිටෙව්වේ උන්නැහේය.
මේ කාලයේ උඩරට මහ රජුගේ පාලනය අඤ්ඤකොරොස් වී තිබුණේය. සක්කෝරලයේ කැරැල්ල ඇතිවන්නේ ඒ කාලයේය. රජතුමාගේ දෙවන අධිකාරම් ධුරයේ කටයුතු කළ මීගස්තැන්නේ මිය පරලොව යන්නේ 1806 දීය.
මේ කාලයේ දෙමළ සම්භවයක් සහිත රජ්ජුරුවෝ එක්ක රදළයෝ උන්නේ අමනාපයෙන්ය. මීගස්තැන්නේ හා ඇහැළේපොළ දෙදෙනාම කුමන්ත්‍රණකරුවෝ බව දැනගෙන උන් රජතුමා, තමන් හා අවුලෙන් ඉන්නා රදලයින්ගේ සිත් දිනා ගැනීම පිණිස.... ඇහැලේපොළොව දෙවෙනි අධිකාරම් ධුරයට පත් කළේය..... එහෙත් මොල්ලිගොඩ යටතේ පැවති සත් කෝරලය.... ඇහැළේපොළගේ තනි භුක්තියට විඳින්නට නොදී.... එයා ඇහැලේපොළ හා මොල්ලිගොඩ අතරේ බෙදා දෙන ලදී. එහෙත් කැරැල්ල නැවතුනේ නැතිය.
මේ අතර තමාටත් තම තමන්ගේ බෑනා වන රත්වත්තේටත් සත් කෝරලය බාර දෙන බවට රජ්ජුරුවෝ පොරොන්දු කරවා ගත් පිළිමතලාවේ කැරැල්ල පරාජය කළේය. ඒ අනුව සත්කෝරලයේ ඉහල කොටස පිළිමතලාවේටත් පහළ කොටස රත්වත්තේටත් පවරා දෙන ලදී.
එහෙත් තමන්ට මැඩ පැවැත්විය නොහැකි කැරැල්ල..... පිළිමතලාවේ මැඩ පැවැත්වූයේ ඔහුද මීට සම්බන්ධ බවට සැකකළ රජ්ජුරුවෝ.... පිළිමතලාවේට හා රත්වත්තේටද.... ඔවුන්ගේ යටත් වැසියන්ටද ඉතා කෲර ලෙස සැලකුවේය.
මේ අතරේ නැවතත් සිංහලයින්ට රාජ්‍ය පවරා ගැනීමේ කූඨ කුමන්ත්‍රණයක යෙදී වුන් පිළිමතලාව..... උන්නැහේගේ පුත්‍රයා හට රජතුමාගේ අවජාතක මිනිබිරියක් සරණ පාවාදීමේ යෝජනාවක් ගෙන ආවේය.
වැඩේ බනිස් වෙන්නට යන බව දැන දැනගත් රජ්ජුරුවෝ රාජසභාව කැඳවා.... රාජසභාවේ ඒකමතික කැමැත්තෙන් සියලු රාජකාරී වලින් ඉවත් කොට කුමන්ත්‍රණකරුවකු ලෙස නම් කළේ දේශබන්දු තෙන්නකෝන්ට කලා වගේය.
පිළිම තලාවේ ගේම අත ඇරියේ නැත. රජතුමාගේ ආරක්ෂක සේනාවේ උන්.... ජා සම්භවයක් සහිත ඔපිසර් කෙනෙකුට අල්ලස් දී නැවත කැරැල්ලක් ඇති කලත්.... රජතුමා කැරැල්ල මැඩ පැවැත්වූයේය. මෙයින් කෝපයට පත් රජතුමා පිළිම තලව්වේමෙන්ම රත් වත්තේ දිසාපතිතැනදී තවත් බොහෝ රදලවරුන්දමරා දැම්මේය.
ඇහැලේපොළ මහාධිකාරම් ධූරයට පත්වන්නේ මෙයින් පසුවය.
කෙසේ හෝ.... ලෝකෙන් උතුම් රට මුලුමනින්ම යටත් විජිතයක් වීමෙනික්බිති.... සුද්දා විසින් රදළයන් විසින් එතෙක් කරගෙන රාජකාරීන් ඔවුන්ට තවදුරටත් දිගටම කරගෙන යාමට ඉඩ සැලසූ මුත්.... පසුකාලීනව සාමාන්‍ය ජනතාවගෙන් ලැබුණු අටෝරාශියක් පැමිණිලි හමුවේ.... ඔවුන්ගේ රාජකාරිය වැටුපට පමණක් සීමා කළේය.
නැතිනම් රදළවරුන් කරේ සාමාන්‍ය ජනතාව හා මුස්ලිම් වෙළඳ ප්‍රජාව පීඩාවට පත් කරමින් බදු එකතු කරනවා කියා කප්පම් ගැනීමය.... ඒ... හරියට අද පාතාලය වගේය. රත්වත්තේලාගේ ලේ හා ජාන තුල ඒ ජන්ම ගති තාමත් තිබුණා වන්නට පුළුවන්ය.
කෙසේ හෝ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියද රත්වත්ත පරම්පරාවේ කෙනෙක් වන අතර, සබරගමුවේ මහවලතැන්නේ උපන් කුළ කාන්තාවක් වුනේය. ඇය ද්‍රවිඩ සම්බවයක් සහිත හොරගොල්ල වලව්වේ සොලමන් රිජ්වේ ඩයස් බන්ඩාරනායක හා සරණ බන්දනයට එලැබුනු අතර, ලොව ප්‍රතම අග්‍රාමාත්‍යතුමියද විය. ඔවුනගේ දියණියක වූ චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග ලංකාවේ ප්‍රතම ජනාධිපතිනිය වූ අතර. අනුරුද්ධ රත්වත්තේ ඇයගේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති වුනේය.
හමුදාවට අත් වූ අන්ත පරාජයන් මෙන්ම ජීවිත හානී සිඳුවූයේ ජනරාල් ධූරයක් තමා විසින් තමාටම ලබා ගත් උන්නැහේගේ කාළයේ වූ අතර. ලොහාන් රත්වත්තේ උන්නැහේගේ පුත්‍රයෙක් විය. උන්නැහේගේ කැරැට්ටුව ගැන බුකියේ ඕසේට ඇති නිසා මාගේ පල්හෑල්ල මින් නවතා දමනවාය.
ඒ වගත් මෙසේය..........