.

.

May 15, 2024

ජනපතිවරණයේ ජයග්‍රාහකයා කව්ද?


 

ජනපතිවරණයේ
ජයග්‍රාහකයා කව්ද?
➖➖➖➖➖➖➖⭕


මාතලන් තවමත් සිටින්නේ ජනාධිපතිවරණයක් නොපවැත්වේය යන මතයේය. රැල්ලේ පිහිණු සාමාන්‍ය ජනයා පවා දැන් කියන්නේ... රනිල් ලොක්කාට තව වසර 5 ක් බලය ලබා දිය යුතු බවය.

ඉදිරි ජනාධිපතිවරණයේදී.... නියත ජයග්‍රහණයක් ලබන බව සජිත් ජලනි බලවේගයේ මතයය. ඒ අනුව ඔවුන් ඉදිරියෙන්ම සිටින්නේය.

කෙසේ හෝ ජනපතිවරණය පැවැත්වුවහොත්... රනිල් ලොක්කා පරදින්න නම් ඉදිරිපත් වන්නේ නැතිය. ඔහු 2005 මහින්දට පරදින්නේ ඉතා සුළු ඡන්ද ප්‍රමාණයකින්‍ය.

ඒ කියන්නේ සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්... රනිල් එන්නේ නැතිය. එහිදි ඔහුගේ ආශීර්වාදය අනුර කුමාරට හිමි වනු ඇති මුත්, ජලනි මැතිනිය ජනාධිපති ආර්‍යාව වනු ඇති අතර. නැවතත් හේමා ප්‍රේමදාස හා ශිරන්ති රාජපක්ෂ පන්නයේ විගඩම් රැසක්.... ජනතාවට දැකගැනීමේ වාසනාව හිමිවනු ඇත්තේය.

එමෙන්ම සජිත්ගේ සහාය රනිල්ට ලැබුනහොත් අන් පක්ෂ සියල්ලේම සහාය රනිල්ට හිමි වනු ඇති අතර.... පොහොට්ටුවෙන් මොකෙක් හෝ ඉදිරිපත් කරණු ඇත්තේය. එහිදි පෝට්ටුවේ බුලට් සියල්ල රනිල් හා එකතු වනු ඇති අතර... එය පොහොට්ටුවේ අවසානය වනු ඇත්තේය, එජාපයට අත් වූ ඉරණමම එයටද උරුම වනු ඇත.

සජබ හැර පොහොට්ටුවේ හා අනෙකුත් පක්ෂ සියල්ලේම සහාය ඇතිව.... රනිල් සජිත් හා අනුර චන්දයට ඉදිරිපත් වුවහොත් සුළු ජාතිකයින්ගේ පක්ෂ වල සහාය ලබා ගන්නා සජිත් හෝ රනිල් ජයගනු ඇත්තේය.

කෙසේ හෝ කිසිඳු පක්ෂයකට තනිව තරඟ කොට ජයගැනීමේ ශක්තියක් නැති අතර.... වැඩිම පක්ෂ ප්‍රමාණයක සහාය ලබා ගන්නා අපේක්ෂකයා අනිවාර්‍යයෙන් ජය ගනු ඇත්තේය.

ඒ අනුව ජාතික ජන බලවේගය නමින් ජනතාව අනාට ගොන්දාගෙන බයිලා ගසමින් රට වනසන වැඩ වර්ජන කරමින් සංවර්ධනයට අකුල් හෙලමින් ගෝත්‍රික දේශපාලනයක යන ජනතා විමුක්ති පෙරමුණට.... කිසිඳු අයුරකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිමේ කිසිඳු අවස්ථාවක් ඇත්තේ නැති අතර... එය ලබා ගන්න උපරිම ප්‍රතිශතය 18% වනු ඇත්තේය.

ඒ වගත් මෙසේය....

30 comments:

  1. මූ හිතනවා ජනාධිපතිවරණය පවත්වන්නෙ නැතුව ඉඳියිලු, එතකොට ලංකාවෙ සිදු වෙන්න යන්නෙ ඒකාධිපති පාලනයක්ද ? නැත්නම් මිලටරි පාලනයක්ද ? නැත්නම් අකිලපකිල, සාගල, රනිල් වගේ පොන්නසෙට් එකේ පාලනයක්ද ? අනික මූට ජෙප්පො එක්ක පර්සනල් ඇරියස් තියෙන එකෙක්, ඒ කාලෙ මූට ජෙප්පො ඇරියද දන්නෙ නෑනෙ කාටහරි කඩේ යන වෙලාවක, මූගෙ මේ ගොන් කවඩි ඇරියස් නිසා ජනතාව මාලිමාවට ඡන්දෙ දෙන්නෙ නැතුව ඉන්නවයැ. මූ හිතන විධියට ගොන් සජබෙ හරි පොන්න රනිල් හරි තමයිලු දිනන්නෙ. පව් බං උඹගෙ දවල් හීනවලට, ජෙප්පොන්ට මේ පාර තියෙන්නෙ ඉහලම ප්‍රතිචාර, පොන්න රනිල්ට මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නෑ, ඌ ආවත් නාවත් පරාදයි. ජනාධිපතිවරණෙන් පස්සෙ එන මහ මැතිවරණයෙන්, පොහොට්ටුව සහ අලියා හෝදාපාලු වෙනවා. අලියට තියෙන එකත් නැතිවෙනවා, පොහොට්ටුවට කීප දෙනෙක් එයි. ඊට පස්සෙ උඹට පුළුවන් ජෙප්පො ගැන මීට වඩා හොඳට ලියන්න, අභයාරාමය වගේ තැනකට වුණත් සෙට් වෙන්න බැරියැ.

    ReplyDelete
    Replies
    1. ජෙප්පො ඇයි බන් කුණුහරුප කියන්නෙ??? මොනවා හරි දෙයක් උන්ට විරුද්ධව ලියුවොත් ඉවරයි ආයෙ...සිංහල භාෂාවෙ නැති කුණුහරුපත් අදාල කමෙන් සෙක්ෂන් එක ෆලෝ කිරීමෙන් ලබා ගන්න පුලුවන්. උඹ හිතනවද ඒ වගේ ගෝත්‍රික හැසිරීමක් පෙන්වන සාමාජිකයන් ඉන්න පක්ෂයක් මෙ රට හොද තැනකට ඔසවලා තියයි කියලා...එහෙම පක්ෂයක් බලයට ආවොත් විරුද්ධමතධාරීන්ට දෙවියන්ගෙම පිහිට තමා...

      Delete
    2. ජෙප්පො වෙලා ඉන්නෙත් උඹලා වගේම ලංකාවෙ ඉපදිලා, ඊට පස්සෙ එක එක පක්ෂ බලාපොරොත්තුදීලා අන්තිමට උන්ට ඇරලා දාපු එවුන්ම තමයි. උන් ලංකාවෙ රස්සාවක් කරලා කන්න බොන්නවත් බැරි තැනට ඇදලාදාපු උඹලගෙ හාමුලා එක්ක තරහෙන් ඉන්නෙ. ඒ නිසා ඉතින් උන් ඒ තරහා යන්න කුණුහර්ප කියනවා, ඒකෙන් නැවතුනොත් හොඳයි, මට හිතෙන්නෙ ආණ්ඩු පෙරලියක් වුණොත් උන් මොනවා කරයිද දන්නෙ නෑ, උඹත් පරිස්සම්වෙලා හිටපන්, ඇනෝනිමස් කමෙන්ට් දැම්මට උඹ කවුද කියලා මිනිස්සු දන්නවා.

      Delete
    3. @ රොබට් සහ ඇනෝ

      ඔබ දෙදෙනාගේ සංවාදය ඉතා ආවේගාත්මක මිසක් facts based නැති බව පෙනුන නිසා මේක කියන්න ඕනේ

      රොබට් මේකේ රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ පක්ෂයේ දේශපාලන නායකයන්ට ඔවුන්ගේ ලිංගික දිශානතිය මත පදනම්ව ඔවුන් පොන්නයන් බව කියමින් විවිධ අපහාස කර ඇත. නමුත් එය නොව අප සිදුකළ යුතු දෙය වූ ඔවුන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය ගැන සංවාද හෝ විවේචනය කර නොමැත

      සාමාන්‍ය සිංහල භාෂා විශාරදයන් හා ශබ්ද කෝෂය අනුව පොන්නයා යන සිංහල වචනයෙන් අදහස් වෙන්නේ ලිංගික ප්‍රාණවත්බව නැති පිරිමින් බවයි. එනිසා, සමකාමී පිරිමින් සඳහා එය භාවිතා කිරීම වැරදිය.නමුත්, ලංකාවේ නූතන සමාජයේ ව්‍යවහාරය වෙනස් ය. රොබට් නොදැන හෝ ඒ වචනය කියන්නට ඇත්තේ එනිසායි.

      සමකාමීන්ට විරුද්ධ අයගෙන් බහුතරය පෙළෙන්නේ හොමෝෆෝබියාවෙන් බවයි මගේ අදහස.

      නලින්ද ජයතිස්ස නම් ජවිපෙ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වෛද්‍ය උපාධියක් ද ලබා ඇති තැන්ත්තා ද ඒ අතර වෙයි.

      https://www.colombotelegraph.com/index.php/sri-lankas-homophobia-our-silence/

      බ්ලොග් ලේඛක වෛද්‍ය රුවන් ජයතුංග (ට්‍රාන්ස්සිල්වේනියා blog) මෙසේ පවසා තිබේ.

      "සමරිසියන් කෙරෙහි දක්වන බිය සහ එදිරිවාදී බව හෝමෝෆෝබියාව (Homophobia) ලෙස හැඳින්වේ. ඇතැම් විට යම් පුද්ගලයෙකුට අවිඥානිකව මතු වන සමකාමී ආශයන් නිසා ඔහු හෝ ඇය සමකාමීන් කෙරෙහි වෛරයක් අනුගත කල හැකි බව විද්වතුන් පවසති "

      ඒ කියන්නේ ඒක හෝමෝෆෝබියාවක් නොව, තමන් කැමති නමුත් තමන්ට ලබා ගත නොහැකි දෙයක් භුක්ති විඳින් අන් අය කෙරෙහි ඇති ඊර්ශ්‍යාවක් විය යුතුයි.

      බටහිර සංවර්ධිත රටවල සංස්කෘතිය සහ නීති පද්ධතිය අනුව පුද්ගලයකුගේ ලිංගික අනන්‍යතාවය හෝ ලිංගික නැඹුරුව (sexual preference) අපහාසාත්මකව භාවිතා කිරීම ඉතාම පහත් දෙයක් වගේම දඬුවම් ලැබිය හැකි වරදක්. නමුත් ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල පොන්නයා කියන වචනයෙන් දේශපාලනයේදී අනුන්ට දමා ගසන වැඩි දෙනෙකු මානසිකව තම පිරිමිකම ගැන හීනමානයකින් පෙළෙන අය බව මගේ නිගමනයයි.

      @ ඇනෝ

      සාමාන්‍යයෙන් වැඩි අධ්‍යාපනයක් හෝ දැනුමක් නැති වගේම හරවත් සංවාද හෝ විවාද කිරීමේ පුහුණුවක් හෝ ශික්ෂණයක් (discipline) නොමැති බහුතර සාමාන්‍ය ජනතාව යම් කරුණක් පිළිබඳව වෙනස් මත ඉදිරිපත් වන විට එය බහින්බස් වන තත්වයක් දක්වා ගෙනගොස් යම් මොහොතක තර්කයෙන් පරාජය වන බව දකින විට කුණුහරුප කියා ප්‍රතිවාදියා එලවීම හෝ ගුටිකෙළියක පැටලීම දකින්න ලැබෙනව

      මේක ලංකාවේ සෑම දේශපාලන පක්ෂයකම අනුගාමිකයන්ට අදාලයි. නමුත් කලින් කලට බහුතර ජනතාව සහාය දක්වන පක්‍ෂ වල එබඳු ගෝත්‍රික ග්‍රාම්ය හැසිරීම් දකින්න ලැබෙනව.

      කලකට ඉහත එජාපය බහුතරය අතර ජනප්‍රිය කාලයේ එජාපයේ එබඳු අය වැඩිපුර හිටියා. පසුව රාජපක්ෂ පවුල ලංකාවේ විශාලතම පක්‍ෂ ලෙස එජනිස සහ පොදුජන පෙරමුණ ජනප්‍රිය වුණාම ඒ පක්ෂයේ එබන්දන් බහුලව දක්නට ලැබිණි. ජවිපෙ ඉතා කුඩා පක්‍ෂයක් වෙනකොට එවැනි අය ඉතාම අඩු වුණත් සාමාන්‍ය ජනතාව වැඩිවන විට එම පක්ෂයට එබඳු ගෝත්‍රික සාමාජිකයන් බහුලව එකතු වී පක්‍ෂය කිච කර දමනු සහ එකිනෙකාට නොගැලපෙන පරස්පර ප්‍රතිවිරුද්ධ විකාර මත දරනවා දකින්න ලැබෙනව. දැනට ජාජබ ජවිපෙට වෙලා තියෙන්නේ ඒක, ඉස්සර පොහොට්ටුවට වෙච්ච දේමයි මේක

      Delete
    4. ඔබ පවතින ප්‍රධාන දේශපාලන පක්‍ෂ වල නායකයන් හාමුලා බවත් කියන කතාව ගැන බලනකොට දේශපාලනය තුළ ප්‍රභූවාදය තහවුරු වීමට හේතු වූ ප්‍රධාන සාධක මොනවාද? එක පැත්තකින්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු හඳුන්වා දුන් සමානුපාතික නියෝජනය හා මනාප ක්‍රමය තුළ පසුගිය අවුරුදු පනහක පමණ කාල පරිච්ඡේදය තුළ සිදු වූ විපර්යාසය මෙහිදී අවබෝධ කරගත යුතුය. ඡන්ද කොට්ඨාසය දිස්ත්‍රික්කය දක්වා පුළුල් වී අති විශාල එකක් බවට පත් විය. එහි දිග පළල තුළ සංවිධාන කටයුතු කිරීම ඉතා දුෂ්කරය. සම්ප්‍රදායික ධනේශ්වර දේශපාලන පක්ෂ අතීතයේ සිටම පුද්ගලවාදී ප්‍රවණතාවකින් යුක්ත වූ අතර 1978න් පසු කාල පරිච්ඡේදය තුළ මෙම පුද්ගලවාදය තීව්‍ර වෙමින් පක්ෂ සංවිධාන පිරිහී එම පක්ෂවල මුල පටන්ම තිබූ සීමිත ප්‍රජාතන්ත්‍රවාදය ද අහෝසි වී වර්තමානයේදී ප්‍රධාන ධනේශ්වර දේශපාලන පක්ෂ හරහා දේශපාලනයට පිවිසීමට හා ඉදිරියට යාමට අවශ්‍ය ප්‍රධාන සාධකය වන්නේ මුදල් ශක්තිය වී ඇත.

      ඒ අනුව මැතිවරණ සඳහා අධික ලෙස වියදම් කිරීමට අවශ්‍ය මුදල් සෙවීම සඳහා අනුගමනය කරනු ලබන උපායමාර්ග හේතුවෙන් දේශපාලන නායකත්වය දූෂණ, අක්‍රමිකතා, ගජමිතුරුවාදය සමග සම්බන්ධ වීම වැළැක්විය නොහැකිය.

      මේ ධනේශ්වර පක්ෂවලට විකල්ප ලෙස පවතින පක්ෂවල තත්වය කුමක්ද?

      ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජන බලවේගයේ නැග්ම පසුපස ඇති ප්‍රධාන ප්‍රවාදය හොරු ඇල්ලීමයි. ආර්ථිකය සම්බන්ධයෙන් කිසිම පැහැදිලි විකල්ප අදහසක් ඇති බවක් නොපෙනේ. පදනමක් නැති රසකතා හරහා ගැලරිය රැවටීම පමණකි. මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සැලැස්ම නැති කම නම් සමගි ජන බලවේගයටත් පොදුජන පෙරමුණ (පොහොට්ටුව)ටත් එකසේ අදාලයි.

      දැනට මාස කිහිපයක සිට මාධ්‍ය හරහා නටවන නාඩගම වූ ජවිපෙ ජාතික ජන බලවේගය හා සජබය අතර යෝජිත විවාදයත් නොකෙරෙන වෙදකමක් වන්නට හේතු වන කෝඳුරු තෙල් හත් පට්ටයට අතිරේක ‘තවත් ටික’ වන්නේ මේ විකල්ප ආර්ථික සමාජ සංවර්ධන සැලැස්මට අවශ්‍ය අදහස් දෙපාර්ශවයටම නැතිකමයි. මේ විවාද නොපවත්වන තරමට හොඳයි. මේවා පැවැත්වූවොත් මේ අනාගත නායකයන් වීමට සිටින අයගේ කටවලින් පිටවන බහුබූත කතා නිසා දැනට ලැබෙන ජාත්‍යන්තර සහයෝගය පවා අහිමි කරගන්නා තකතීරු කතා ටිකක් පනිනවා නියතයි. එසේ නොකළහොත් දේශීය සබුද්ධික ජනතාව අතරේ ඔවුන් රනිල්ගේ වැඩසටහනම ක්‍රියාත්මක කරන හෝ වෙනත් විකල්පයක් නැති අය ලෙස නිරුවත් වනු ඇත.

      හොරු ඇල්ලීම ප්‍රවාදයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ මෙතෙක් රට පාලනය කළ ප්‍රභූ තන්ත්‍රය හොරුන් ලෙස සන්නාමගත කිරීමයි. මෙය උච්චතම තැනට ගියේ අරගලය තුළිනි. එහිදී 225ම හොරුන් ලෙස නම් කරද්දී ජවිපෙ ද එයට අයත් වූ අතර සියලු දේශපාලන පක්ෂ බැහැර කරමින් රැට්ටලා, දමිතලා, ජීවන්තලා, ජීන් ආන්ටිලා, දානිෂ් අලිලා, නූර්ලා අරගලයේ නිර්පාක්ෂික නායකයන් ලෙස ස්ථාපිත වූහ.

      එහෙත්, අදේශපාලනිකත්වය සහ අපරිණතකම නිසාම මේ ඊනියා අරගල නායකයන් ක්ෂණිකව දියවී ගිය අතර දැන් ඔවුන් එක්කෝ වෙනත් පක්ෂවලට සහාය දෙති. නැතිනම්, එකට එකතු වී දහ පහළොස් දෙනෙකුගේ රැස්වීමක්වත් පවත්වන්නට යද්දී පවා කුලල්කාගෙන ගුටි ඇනගන්නා තරමට පිරිහී සිටිති.

      රනිල්-රාජපක්ෂ ප්‍රභූ බලවේගය විසින් අරගලය පරාජය කරදැමීමේ අපේක්ෂා භංගත්වයේ වාසිය දිනාගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ බව ඇත්ත වුනත් ජාජබ නමැති නමින් පෙනීසිටින පක්ෂයේ අභ්‍යන්තර නායකත්වය තවමත් ගුප්තයි. එයට ඇතුළු වීම සාමාන්‍ය අපේක්ෂා සහිත අයෙකුට කළ නොහැකි දෙයකි. එය ඔස්සේ ඉදිරියට යාම තනිකරම පූර්ණ ජීවිත විපර්යාසයක් ඔස්සේ පක්ෂ සංස්කෘතිය මුළුමනින්ම වැළඳ ගැනීම ඔස්සේ පමණක් කළ හැකි දෙයකි. එය ද පක්ෂ නායකත්වයේ විශ්වාසය මත සිදුවන්නකි. ජවිපෙ ව්‍යවස්ථාව මගින් ප්‍රකාශිත මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ක්‍රමය පවතින දෙයක් නොවේ. සරලව කිවහොත් ජවිපෙ තුළ කිසිදු අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ඇත්තේ දැඩි අධිකාරිවාදයකි.

      එසේ නම්, ජාතික ජන බලවේගය එම ගැටලුව විසඳා තිබේද?

      දේශපාලනයට පිවිසෙන්නට කැමති තරුණ පරපුරට විශ්වසනීය ලෙස ඉදිරියටම යාමට හැකි ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ව්‍යූහයක් ජාතික ජන බලවේගය නිර්මාණය කර තිබේද?

      Delete
    5. අපට පැහැදිලිව පෙනෙන ආකාරයට නම්, මුලදී එවැනි ප්‍රවණතාවක් තිබුණා නම්, දැන් එය සම්පූර්ණයෙන්ම හකුළා දමා ජාතික ජන බලවේගය මේ වන විට සම්පූර්ණයෙන්ම ජවිපෙ ආධිපත්‍යයට නතු කරගෙන හමාර වී ඇත.

      හොරු පැරදවීම ලෙස සන්නාමගත කරන ලද ප්‍රභූ විරෝධය අවසානයේදී යොමු වී තිබෙන්නේ පැරණි ප්‍රභූන් වෙනුවට ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් නව ප්‍රභූ පන්තියක් ලෙස දේශපාලන නායකත්වයට පත් කරන වැඩසටහනකටයි.

      ඔවුන් ස්වයං ප්‍රකාශිත පරිදි උගත් බුද්ධිමත් අවංක, දූෂණයෙන් තොර, දක්ෂ, විශිෂ්ට, කළ යුතු දේ හරියටම දන්නා මහා වීරවරුන් පිරිසකි. අපට තිබෙන්නේ ඔවුන්ට ඡන්දය දී ඔවුන් නායකත්වයට පත් කර ඔවුන් කරන හැටි බලා සිටීමයි. ප්‍රභූ විරෝධය අවසානයේදී නතර වී තිබෙන්නේ ද එතැනයි. මේක විවේචනය කරන අයට දැඩි විරෝධය හා මහත් තර්ජන ගර්ජන එල්ල කරන අතර හැකිනම් මැරබලය යොදා ඔවුන්ව ඝාතනය කිරීමට වුව කටයුතු කරන බවද ජාජබ පහළ මට්ටමේ සාමාජිකයන් නිතරම ප්‍රකාශ කරන බව සමාජ ජාල වල පෙනෙන්නට ඇත.

      ////ජෙප්පො වෙලා ඉන්නෙත් උඹලා වගේම ලංකාවෙ ඉපදිලා, ඊට පස්සෙ එක එක පක්ෂ බලාපොරොත්තුදීලා අන්තිමට උන්ට ඇරලා දාපු එවුන්ම තමයි.///

      උන් නෙලාගත්තේ උන්ම වපුරපු දේවල්, පාලනයට තෝරා පත්කර ගත් උන් ලබාදුන්නේ උන් ඉල්ලපූ දේවල් තමයි, ඒ නිසාම තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ වන රජයේ රැකියා රජයේ සහනාධාර අඩු මිලට පාන් පිටි ඉන්ධන ආනයනික ආහාර පාන ආදිය බලාපොරොත්තුවෙන් ඒ කියන "නරුම" පාලකයො පත්කර ගත්තේ උන්ම නිසා ඡන්දය දීපු උන් බබලා වෙලා උන් ඉල්ලපු දේ දීපු පාලකයෝ පමණක් රකුසන් වෙන්නේ කොහොමද?

      පැරණි ජනප්‍රියවාදීන්ට ආවේගයන්ට වහල් වී ඡන්දය දුන් පුරවැසියන් රාජපක්ෂලාගේ රනිල්ලාගේ ජනප්‍රිය වාදය වෙනුවට දැන් මාලිමාවේ සහ ප්‍රේමදාසගේ ජනප්‍රියවාදය පසුපස ගොස් රෑ වැටුණ වලේ දවල් වැටෙන්නට දතකනවා.

      Delete
    6. 2022 දී රාජ්‍ය වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 956.2ක් වැය වුණේ දිනකට රුපියල් බිලියන 2.62ක මුදලක් බැගින්. සහනාධාර සඳහා වසරකට තවත් බිලියන 1,020ක් හෙවත් දිනකට රුපියල් බිලියන 2.23ක් වැය වුණා පොලී ඇතුළුව මුළු පුනරාවර්තන වියදම් දිනකට රුපියල් බිලියන 9.64 ක් වුණා.

      වසර පහළොවක් පුරා StAR යටතේ අයකර ගන්නා ලද ධනයේ එකතුවෙන් ආවරණය වන්නේ ශ්‍රී ලංකාවේ මාස හතකට මඳක් වැඩි රාජ්‍ය අංශයේ වැටුප් පමණි. එය සම්පූර්ණ පුනරාවර්තන වියදම් වෙනුවෙන් නම් සෑහෙන්නේ මාස දෙකක් සඳහා පමණි. කෙසේ හෝ එවැනි අවිනිශ්චිත ආදායම් ප්‍රවාහයක් මත යථාර්ථවාදී අයවැයක් ගොඩනගා ගත හැකිද? ධනවතුන්ට මේ සියල්ල ගෙවිය හැකිද? දිනකට රුපියල් බිලියන 9.6 බැගින් වියදම් පවත්වාගෙන යාමට රජයට බදු ලෙස අයකරගැනීමට රටේ බිලියනපතියන් සහ කෝටිපතියන් කී දෙනෙක් සොයා ගැනීමට අවශ්‍යද?

      රාජ්‍ය අංශයේ මිලියන 1.5ක සේවකයන් සහ විශ්‍රාමිකයින් 672,000ක් සඳහා වැටුප් සහ විශ්‍රාම වැටුප් 2022දී පුනරාවර්තන වියදම්වලින් 36%ක් විය.(ණය සඳහා පොළිය 44%ක් විය). මෙය ගෙවිය යුතු අඛණ්ඩ වියදමකි. පුරවැසියන්ට එම වියදම සාධාරණීකරණය කළ හැකි මට්ටමේ වටිනා මහජන සේවාවන් ලැබෙනවාද?

      1994 දී රාජ්‍ය සේවා නියුක්තිකයන් සංඛ්‍යාව 812,472 ක් වූ නමුත් දැන් මිලියන 1.5 ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. එහෙත්, මිනිසුන්ට ලැබුණු සේවාවන්හි ගුණාත්මක භාවයේ සමානුපාතික වැඩි වීමක් සිදු වී තිබේද?

      පෞද්ගලික ආයතන සාමාන්‍යයෙන් පාඩු ලබන්න ව්‍යාපාර කරන්නේ නෑ. ඒත් රජයට අරමුණ ලාභ ලබනවාට වඩා ජනතාව සතුටු කරන්න මහජන සුභසාධනය සලසන්න සහනාධාර දෙන එක වගේ වෙනත් අරමුණක්.

      ආණ්ඩුව දෙන සහනාධාර ආණ්ඩුවේ ලාභ හෝ පාඩුවලට ගණනය නොකර මේ කියන රාජ්‍ය ව්‍යවසායවලට පටවන එක කාලයක් තිස්සේ සිද්ධ වුණා. ඒ නිසා මිනිස්සුන්ට බරක් දැනුණේ නෑ. සරලම උදාහරණය තමයි පෙට්‍රල් සහ ඩීසල්. අපි ඉස්සර තෙල් ගැහුවේ සහනාධාර ක්‍රමයට. ලීටරයක් මිලට ගන්න යන වියදම රුපියල් දෙසීය නම් අපෙන් ගත්තේ රුපියල් සීයයි. ඒත් ඒ පාඩුව රජයේ කියලා පෙන්නුවේ නෑ. ඒ වෙනුවට ඒ පාඩුව තියෙනවා කියලා වාර්තා කළේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුලෙමයි. මේ එක හේතුවක් විතරයි.

      මීට අමතරව, මේ කියන රාජ්‍ය ව්‍යවසායවලට පත් කරපු අධ්‍යක්ෂක මණ්ඩල එහෙම ඒ ඒ තනතුර දරන්න සුදුසුම අය නෙවෙයි. හුඟක් ඒවා පක්ෂවල දේශපාලනික පත්කිරීම්. ජාතික ජන බලවේගයෙත් කට්ටිය ඒ වගේ සෙට් එකක් තමයි පත් කරන්න හදන්නේ NPP NIO එකේ කියන විදියට

      පොදු ජනතාවගේ ඉල්ලීම පරිදි රාජ්‍ය ව්‍යවසාය ඇතුලේ නැති රැකියා මැව්වා. ආයතනයට ඕනේ සේවකයෝ සීයයි නම් ඇමතිතුමාගේ කැමැත්ත අනුව දෙසීයක් දැම්මා. ඒ වගේම රාජ්‍ය ව්‍යවසායවල තියෙන වත්කම් අවභාවිතා කළා.

      රජයේ රැකියාවලට රටේ ඇති දැඩි ඉල්ලුම නීසාම 2009 ඉඳලා 2014 දක්වා කාලයේදී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රමාණය 109 ඉඳලා 245 දක්වා දෙගුණයට වඩා වැඩි වෙලා තියෙනවා.

      යහපාලන රජය යටතේත් 2017දී රාජ්‍ය අංශයේ සේවා නියුක්ත සේවක පිරිස 233,849ක් බඳවාගෙන. ඔන්න ඔය විදිහටයි රාජ්‍ය ව්‍යවසාය ලංකා ආර්ථිකයට බරක් වෙලා තියෙන්නේ වගේම ඒ බර එන්න එන්නම වැඩි වෙලා තියෙන්නේ.

      ඒ වගේම මේ අතරේ 2015 - 2019 රනිල්ලාගේ යහපාලන රජය සහනාධාර ක්‍රමයට අඩු ගාණකට තෙල් දීලා ලබපු පාඩුව අඩු කරගන්න ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව මොකද කළේ? එයාලා ගුවන් යානා ඉන්ධන සැපයුමට අය කරන ගාණ වැඩි කළා. ඒ හින්දා ශ්‍රී ලංකාවේ ජෙට් ෆුඑල් වියදම කලාපයේ ඉහළම අගය ගන්නවා.

      මේ නිසා ශ්‍රී ලංකා එයාර්ලයින් ආයතනයේ පිරිවැයෙන් 30% ක් තිබ්බේ ගුවන් යානා ඉන්ධන සඳහා වැය වන වියදම. ඒ හේතුව නිසා ශ්‍රී ලංකා එයාර්ලයින් එකේ පාඩුවත් වැඩි වුණා. මේ වගේ පාඩු ලැබිලා ඉදිද්දි මේ ආයතන දෙකම මහා භාණ්ඩාගාරයට එහෙම නැත්නම් භාණ්ඩාගාරයට යනවා. මොකද බැංකුවලින් මෙයාලට ණය දෙන්නෙ නෑ . මෙයාලගෙ ණය ගැන ඉතිහාසය එච්චර හොඳ නෑ. භාණ්ඩාගාරයෙන් මේ ආයතන දෙකටම ඇපයක් දෙනවා. එයාලා ඒක අරන් රජයේ බැංකුවලට - ලංකා බැංකුව සහ මහජන බැංකුවට ගිහින් සල්ලි ඉල්ලගන්න මේ ආයතන දෙකටම පුළුවන්. ඒ වුනත් ඒ ණය මේ ආයතන දෙකම ආපහු ගෙවන්නේ නෑ. දැන් මේ බැංකු දෙකත් අමාරු වැටෙනවා.

      සිංගප්පූරුවේ ලී ක්වාන් යූ වගේ අය සහ මැදපෙරදිග රටවල රාජාණ්ඩූ දරුණු ඒකාධිපතියෝ විපක්ෂ දේශපාලනය විනාශ කර වෘත්තීය සමිතිවල නායකයන් අතුරුදහන් කර අරගලකරුවංගේ අඩු කඩා තමන්ට ඕන දේ කරා මිසක් ජනප්‍රියවාදී වෙන්න ගිහින් ආර්ථිකය අවුල් කර ගත්තේ නෑ, නමුත් ලංකාවේ ජවිපෙ ජාතික ජන බලවේගයත් අනෙක් පක්‍ෂ වගේම කරන්නේ මිනිස්සුන්ට කලින් හිටපු උන් සොරා කෑ ධනය අත්පත් කරගෙන නව රැකියා නව සහනාධාර අඩු මිලට හෝ නොමිලේ රජයෙන් විවිධ දේවල් ලබාදෙන බවට ඇති විශ්වාසය මතයි යම් තරමකට ඔවුන්ට දේශපාලනික ප්‍රසාදයක් ලැබී ඇත්තේ නමුත් ප්‍රායෝගික ලෝකයේ මේ වැඩේ තවත් එක විහිළුවක් බවට නිගමනය කිරීමට තරම් අපරිණත වීමයි.

      Delete
  2. මාතා මාලිමාවට ලැබෙනව කියල ඔයා කියන ඔය සියයට දහ අට කියන එක ගත්තේ කොහොමද? මම හිතනව උපරිම 10% - 11% අතර ගානක් වේවි කියල, ඊට වඩා නම් එන්නේ නෑ කියල තමයි මට නම් හිතෙන්නෙ.

    අනික සජිත් ප්‍රේමදාස උන්නැහේට දිනන්න ලැබෙන එකක් නෑ පොහොට්ටුවෙන් රාජපක්ෂ පවුලේ ගෝතකරුමයක් වෙනුවට වෙන එකෙකුට අපේක්ෂකතාවය දුනානොත්, රනිල් වික්‍රමසිංහ සහ ඌ අතරයි තරගය. බොහොම දුරට සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ එක්ක ඩීල් එකක් දාගෙන අගමැති ධුරය ඉල්ලලා රනිල්ට අපේක්ෂකත්වය දේවි. කොහොම උනත් එක්සත් ජනපදයේ නව තානාපතිනිය එලිසබෙත්ලාගේ රෙකමදාරුව සහ භාරතීය ජනතා පක්ෂයේ තීරණය මත තමයි ලංකාවේ ජනාධිපතිවරයා වෙන්නේ කවුද කියලා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අදාල අවසන් තීරණය ගන්නට වෙන්නේ. එහෙම නේද?

    ReplyDelete
  3. බලය ගැනීමේ long term සැලැස්ම.
    1. මහින්ද බලයට ගේම(සුනාමි කෑවා කියලා දැන දැනත්)
    2. ඉන්පසු උන්ටම බැන වීරයන් වීම නොහොත් එකවර නිදිමරගාතේ නැගිට රට බේරා ගැනීම

    මේකනේ මාතා Chat GPT 4o ඇවිත්නෙ. ඒකත් එක්ක හැමෝම කතාකරන්න ගත්ත ෆිල්ම් එකක් තමයි "Her". Joaquin Phoenix එහෙමත් නැත්නං හැමෝම දන්න Joker රඟපාන මේක අධ්‍යක්ෂණය කරන්නෙ Spike Jonze.

    Her එන්නෙ 2013. දැන් අපි ඉන්නෙ 2024. දැන් අපිට මේ වගේ දෙයක් හිතෙන්න දැනෙන්න ඕනතරං දේවල් අපේ වට පිටාවෙ සිද්දවුනාට, අවුරුදු දහයකට ආසන්න කාලයකට කලින් මේ වගේ මාතෘකාවක් ඉදිරිපත් කරන එක වැඩක්. මුල ඉඳන්ම පොඩ්ඩක් කතාකරගෙන යමු.

    අපි මානුෂීය සම්බන්ධතා එක්ක කොයිතරං දුරට අවංකද. අපි අනෙකාගෙ හිත රිදෙන එක නවත්තන්න කොයිතරං බොරු කරනවද. බොරුවට ඉවසනවද. බොරුවට සනසනවද.

    තව ටිකක් පැහැදිලි කලොත්. අපි යම් දෙයකින් සෑහීමකට පත්වෙනවද නැද්ද කියන එක, මේකතමයි මං ආසම විදිය කියන එක කියන්නෙ ඇත්තටමද. මිනිස්සු විදියට අපි අපේ හෘද සාක්ෂියට අනුව ප්‍රතිචාර දක්වනවද. මෙහෙම තත්වයකදි අපිට එහෙම ප්‍රශ්ණයක් නැතුව ඕන දෙයක් කියන්න පුලුවන් ඒකට හරිම මනුෂ්‍යව ප්‍රතිචාර දක්වන ඔපරේටින් සිස්ටම් එකක් තිබුනොත් කොහොමද.

    තියඩෝ කියන්නෙ තමන්ගෙ බිඳී විසිරීගිය විවාහ ජීවිතේ අන්තිම අදියරේ ඩිවෝස් එකක් ඔන්න මෙන්න කියල ඉන්න මැදිවිය පහුකරපු කෙනෙක්. ඔහුට දැනෙන පාලුව තනිකම කාන්සිය මකාගන්න ඔහුට උදව්වට එන්නෙ සමන්තා කියන ඔපරේටින් සිස්ටම් එක. ඒක ෆිල්ම් එකේ විදියට ලෝකෙ පළවෙනි AI වලින් වැඩ කරන virtual Assistant operating system එක. හොඳට බැලුවොත් පෙනෙයි කලින් රතුපාට වර්ණයෙන් පිරිල තිබුනු තියඩෝගෙ ඒකාකාරී ලෝකෙ වර්ණවත් වෙන්න ගන්නෙ සමන්තා ආවම.

    මේක බලාගෙන යද්දි අපිට වෙන ආතල් එකක් එනව වගේම සමහර දේවල් එක්ක අපිට අපේ අනාගතය ගැන හිතාගන්න බැරි බයක් එනව. මේ ෆිල්ම් එකේ තියෙන OS එකට තනිව ඉගෙනගෙන තමන්ගෙ දැනුම් පරාසය වැඩිකරගන්න පුලුවන්. එදිනෙදා කරන කියන දේවල් වලින් ඉගෙනගන්න පුලුවන්. කොයිතරං දුරට මේක සීරියස් වෙනවද කියනවනං ඉරිසියාව, ආදරය, කාමය, තරහව, කාන්සිය වගේ අතිශය මානුෂීය හැඟීම් පවා ඒකට දැනෙන්න ගන්නව.

    නිදහස් උදව්කාර සම්බන්ධයක් වෙනුවෙන් කොහෙද යන voice assistant voice එකක් එක්ක මේ මනුෂ්‍ය ගණුදෙනුව කොයිතරං දුරදිග යනවද කියනවනං එකතැනක සමන්තා කියනව "ඔයා මොනාද මේ කරන්නෙ, මට මගේ සම දැනෙනවා.." කියල.

    මේ තත්වය වැඩි ඈතක නෙවෙයි. මිනිසුන් නොමැති මානුෂීය සම්බන්ධතා ආදරයේ නව මානයන් සොයායන ලෝකයක් එක්ක, අපිට හිතාගන්නවත් බැරි සංකීර්ණ ජීවිත මුණගැහෙන්න ලෑස්තිවෙලා ඉන්න.. Chat GPT 4o කියන්නෙ ඒකෙ පළවෙනි ගිණි පුළිඟුව වෙන්න පුලුවන්..

    ප.ලි. මේකෙ සමන්තට හඬ දෙන්නෙ Scarlett Johansson. මූණ පොඩ්ඩක්වත් පෙන්නන්නැතුව කටහඬින් විතරක් වෙනම ලෝකයක් පෙන්නපු ස්කාලට් අක්කි ගැන වචනයක් කිව්වෙ නැත්තං මට හෙන ගහනව. අක්කට පිං. අම්මෝ ඒ කටහඬ.

    ReplyDelete
  4. ඒ වගේම සජිත් වගේ බාල වින්දන පොරක් සජබෙ නායකත්වයට අපි පත් කර ගත්තේ කට්ටියට පොඩි ආතල් එකක් සපයන්න. මොකද සජිත් වගේ ජෝකර් කෙනෙක් රටක නායකත්වෙට නොගැලපෙන බව ඕන කෙනෙක්ට තේරෙනවනෙ

    ReplyDelete
  5. ඕකට තව දෙයක් එකතු කරන්න ඕන මාතේ, වත්මන් රජය රටතේ අධිකරණේ ස්වාධීනව ක්‍රියාත්මක වන බව තමයි ඩයනා ගමගේට දීපු අධිකරණ තීන්දුවෙන් පෙන්නුම් කරන්නේ.

    වර්තමාන ආණ්ඩුව කාලේ අධිකරණ තීන්දුවකින් තමන්ට දේශපාලනිකව අවාසියක් වෙනවා නම් ඒ තීන්දුවෙන් දඬුවම ලැබුනු කෙනාට ජෙප්පො සෑහෙන වෛරයෙන් කුණුහරුප කිය කිය බුකියේයි හැමතැනමයි පලු යන්න බනිනවා. ඒ තීන්දුවෙන් තමන්ට දේශපාලනිකව අවාසි නම් විතරක් ජෙප්පො කියනවා ආණ්ඩුවෙ බලපෑම නිසා තමයි ඒ තීන්දුව දීල තියෙන්නේ කියලා. හැබැයි උන්ට වැඩේ වාසිසහගත නම් වැඩි සද්ද බද්ද නැතුව ලාවට ඒ විනිසුරුවරුන්ට පමණක් අගය කිරීමක් කරනවා, ඒක තමයි ජෙපි තියරිය. වැරදිලාවත් මාලිමා ආණ්ඩුවක් ආවොත් ජේවීපී එකට විරුද්ධ ඔක්කොම හිරේ නැත්නම් එලොව යවලා. ජේවීපී එකට පක්ෂ අය මොන වරද කලත් දඬුවමක් නෑ. ඔය වගේම තමයි අපට මතකයි ඉස්සර 88- 89 කාලෙ තිබ්බෙත් මේ ජේවීපී නීතියම තමයි.

    ReplyDelete
  6. සටන තියෙන්නේ රනිල් රාජපක්ෂ- සජිත් රාජපක්ෂ- සහ - අනුර රාජපක්ෂ යන උඩින් හතුරු යටින් මිතුරු රාජපක්ෂ සහෝදර සමාගම් කිහිපය අතරයි, පොහොට්ටු කල්ලිය මේ සැරේ මැතිවරණය එක්කෝ නොඉල්ලා සිටීවි නැත්නම් ධම්මික (පෙරේරා) රාජපක්ෂ වගේ කෙනෙක් දාල බලාවි මොකද වෙන්නේ කියල

    මුන් කාගෙවත් දරුවෝ නෙමෙයි මහින්ද ගෙම දරුවො පොදු ජනතාව කියන්නේ කවුද කියලා දන්නෙ නැති එවුන් Npp jvp කියන්නේ දෙකම එකක් කියලා දන්නෙ නැති එවුන් තව NPP සහ සජබය කියන්නෙත් පොහොට්ටුවේ ලොකුහාමුලා සහ රනිලා සමග එකමුතු බව නොදැන ඉන්නට ව කියලා කියන්නේ ඉතින් වෙන කාගෙද ඉතින් මහින්ද රාජපක්ෂගෙම දරුවෝ තමා 🤣🤣

    ReplyDelete
  7. අඩෝ මාතා ඔය දේසපාලුවෝ සේරම එකයි උන්ගේ නමුයි පෙනුමයි පක්ෂ වල ලකුණුයි පාටවලුයි විතරයි වෙනස් එකම ජාතියේ කල්ලියක් බොරුවට මිනිස්සුන්ට පොත දාන්න වේදිකා වල බැන ගන්නවා හොරෙන් සෙට් එකම එකට එකතු වෙලා සැප ගන්නවා, සජියගේ නංගි හොරසල්ලි කේස් එකට මාට්ටු වුණාම මරාගේ රාජපක්ෂ රෙජීමය යටතේ නඩුනොදා බේරලා දෙන්නේත්, අනුරගේ කසුන් දිසානායක පුතා සුදුසුකම් පලපුරුද්ද නැතුව මිහින් ලංකා එකට මරා ඇතුලු රාජපක්ෂ රෙජීමයේ උවමනාවට දාල දෙන්නේත් තව වීරවංශ පාස්පෝට් හොරට ගහලා මාට්ටු වෙච්ච වෙලාවේ රනිලා ඌව බේරලා යවන්නේත් තව ඔය වගේ උන්ගේ ඊටම හිතවතුන්ට පක්‍ෂ භේදයෙන් තොරව සියලුම දේශපාලන සහාය ලබාදෙන්නේත් ඒකයි.

    ඒ වෙනුවට මිනිස්සුන්ට එකතු වෙලා වැඩ කරලා ගොඩ දාගන්න දේවල් ගැන කතාකරන ඕනේ විශේෂයෙන්ම ලංකාවේ ආර්ථිකය ගොඩදැමිය හැකි අපනයන කර්මාන්ත ගොඩ දාගන්න

    උදාහරණ විදිහට දකුණු ආසියාතික රටවල් වලින්ම උදාහරණ ගත්තොත් බලපන් ඔය ගෝලීය බාස්මතී හාල් අපනයනයේ විශාලම පංගුව අයිති ඉන්දියාවට, එය 65% ක්. ඉතිරි 35% අයිති පකිස්ථානයට. ඉන්දියාවේ බාස්මති හාල් අපනයන ආදායම ඩොලර් බිලියන 5.4 ක්. තව විදියකට බලනකොට ලංකාවෙ සමස්ථ අපනයනයෙන් 50% ක් වගේ නේද?

    මේවන විට ඉන්දියාවේ වේගවත් ආර්ථික සංවර්ධනය නිසා ඇතිවූ වැටුප් වර්ධනය සහ කුලී ඉහළයාම මත තරගකාරී ගෝලිය වෙළඳපොළේ
    පකිස්ථානයෙන් අඩු මිලට එන බාස්මතී ඉන්දියාවේ ගොවියන්ට අභියෝගයක්, ඊටත් වඩා අභියෝගයක් “බාස්මතී” කියන නම පකිස්ථානයත් එක්ක බෙදා ගන්න එක.

    මේ නිසාම ඉන්දියාව 2018 ඉඳන් උත්සහ කරනවා බාස්මතී නම තමන්ගෙ නමින් ලියාගන්න. තව පැත්තකින් බුද්ධිමය දේපළක් ලෙස ආරක්ෂාවක් ගන්නත් යෝජනා එනවා.

    මේ යෝජනා බලපෑම් එන්නෙ ඒ රටේ ව්‍යාපාරිකයින්ගෙන් වීමයි වැදගත්…..

    ඇයි බන් අපේ ව්‍යාපාර කරන සහ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ අයට හරි එකමුතු වෙලා කරන්න බැරි #CeylonTea, #CeylonCinnamon, #තැඹිලි නම් අපේ නමින් ලියාගන්න මැදිහත් වෙන්න. කැෂියා වගේ වෙනස් දේවල් cinnamon නමින් ලෝකය පුරාම විකිණෙනවා සත්‍ය කුරුඳු වගේ පස් ගුණයක් වඩා තියෙන්නේ කැඩිලා කියන වෙනස් ආදේශක ද්‍රව්‍ය

    ලංකාවේ තේ කියලා කෝලම් ඉන්දීය සහ කෙන්යා ඇතුලු අප්‍රිකා තේ විකුණනව, එතකොට තැඹිලි පැල හෝල්සේල් ලංකාවෙන් නිකම්ම අරගෙන ගිහින් වෙන රටවල වෙනවා වෙලා විකුණනව අපට වඩා ඒවයින් උන් හොයන්නේ, ඕමානයේ සලාලා වගේ ශුෂ්ක ප්‍රදේශවල පවා තැඹිලි හොඳට වෙනවා ශ්‍රී ලංකන් කොකනට් කියලා, මිලත් හොඳයි එහේ වවන උන්ට ඒ ලෝකල් මාකට් එකේත්, ඒත් අපි මොකද ඇත්තටම කරන්නේ?

    ReplyDelete
  8. විශේෂ පුවතක් !

    ස්වර්ණවාහිනි නාළිකා ප්‍රධානි ධම්මික තෙන්නකෝන් මහතාගේ සහ අධ්‍යක්ෂිකා ප්‍රවීණ රංගන ශිල්පිනි ජානකී විජේරත්න මහත්මියගේ සංකල්පයක් අනුව,

    හෙට දින ස්වර්ණවාහිනි මුල් පිටුව වැඩසටහනේ පත්තර කියවීමට ජීන් ඇන්ටිට ආරාධනා කර තිබෙන බවට වන පුවත් අසත්‍යයි (දැනට).

    ReplyDelete
  9. අංජනමෙන් බලල මෙව්වා කිව්වාට
    මොනවා වෙයිද නොදැනේ හෙට අනිද්දට
    රූකඩ නටන්නේ නූලෙන් අදිනකොට
    නටවන; අදින අය ඉන්නේ නොපෙනෙන්ට

    ReplyDelete
    Replies
    1. නිදී

      ඉන්දීය මාධ්‍ය වල තවත් ජෝක් එකක් 🤣 චීනය high speed trains, public transport, EV, Micromobility වගේ ඒවයින් සෑහෙන වේගයෙන් ඉදිරියට යද්දී ත්‍රීවීල් එක්ක යන්නේ වලපල්ලට බව ඉන්දියා මාධ්‍යවලට තේරෙන්නෑ. චීනෙට වැඩිය ත්‍රීවීල් විකිණීම ලොකු දෙයක් විදියටයි දකින්නේ, පව්!

      The two major global markets for electric three-wheelers are China and India, accounting over 95% of electric and 80% of petrol, diesel, CNG).

      India sold 581,000 e tuk tuks in CY2023, that's 66% YoY growth 🤪 and, as per IEA, raced ahead of China where sales declined 8% YoY to 320,000 units said indian media "car advisor" with this meme.

      කොහොම වුණත් මේ ඛේදවාචකය අදාල වෙන්නේ ඉලෙක්ට්‍රික් විදුලි ත්‍රී රෝද රථ භාවිතයට පමණක්ම බවත් කිව යුතුයි

      ඉන්දියාව පකිස්ථානය බංග්ලාදේශය නේපාලය තායිලන්තය වගේ සියලූම රටවල් පෙට්රල් සහ ඩීසල් ත්‍රීවීල් රථ භාවිතය අධෛර්යයට පත් කිරීමට විදුලි ත්‍රී රෝද රථ භාවිතය ප්‍රචලිත කිරීමට තාවකාලික ලෙස කටයුතු කලත් කවමදාවත් ත්‍රී රෝද රථ වැනි අසාර්ථක වාහන භාවිතයෙන් නම් කවදාවත්ම රටක් දියුණු කරන්න බැරි බව උන් තේරුම් අරගෙන ඉන්නේ!

      හැබැයි මේ මාධ්‍ය වාර්තාව අනුව ඉන්දියාවත් අපි වගේ තමයි කියලා මට හිතුණා හණමිටි කරේ තියාගෙන දුවනකොට 🤣😂😄

      ආසියාවේ රටවල් වගේම අප්‍රිකාවේ නොදියුණු රටවල් පවා ත්‍රිවිල් වලින් වේගයෙන් ඉවත් වෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා!

      Delete
  10. සීයට දහ අටක් නම් ජෙප්පන් ගන්නේ
    ජනපති වෙනව බොරු කිම කලබල වෙන්නේ
    රටතොට පුවත් හැමදාමත් මතු වෙන්නේ
    ඩයනයි මිරිස් කුඩ්ඩයි ගැන ලියපන්නේ

    ReplyDelete
  11. අනේ මන්ද මාතලන් ඇත්ත මේ රටේ මිනිසුන්ගේ ආකල්ප එක්ක බැලුවාම හෙන භයානක තත්වෙක අනාගතය තියෙන්නේ, මේ විෂස් සයිකල් එක කඩන්න අමාරු වෙයි

    අර ඇඩ්වකාටා සම්මන්ත්‍රණය බැලුවා ද? ඒකේ කියපු කතන්දර අනුව පාටලී නම් හෙන ගැම්මක ඉන්නෙ රාජ්‍ය ආයතන වල කලමනාකරනය efficient කරල ගොඩ දාන්න පුල්වන් කියල.🙄

    මම හිතන්නෙ, එක කොටසක් කොච්චර දැගලුවත් වඩක් නැහැ බහුතරය වාමාන්ශික නිසා ඒව කරන්න බැහැ රටක.

    තව දෙයක් මට වෙලාවකට හිතෙනව 77 JR කරපු වැඩේ reverse වෙන්න ඉඩ තිබ්බ නේද 83 දි කලගෙඩි ලාම්පු හොර වැඩේ කරලා ආණ්ඩුව දික්කිරීම නොකර නියමිත විදියට හරියට චන්දයක් තිබ්බ නම්. එහෙනම් තාම අපිට රට open කරනවද නැද්ද වගේ topics කතා කර කර ඉන්න තිබ්බ 😃 හරියට තාමත් අවුරුදු තිස් අටක් පුරා private medical faculty ගැන කියන කතාව වගෙ.

    එන චන්දෙන් මම decide කරන්නෙ ලන්කාවෙ මිනිසුන්ගෙ economic literacy එක. වැඩේ අව්ල් නම් රටින් යනව පොඩි එව්න් ගැන හිතල. ගන් කබරයෝ බහුතරයක් ඉන්න කොට හරිම භයානකයි මොකද ජනාධිපති පත් කරන්නෙ උන්. 😃

    ReplyDelete
  12. මාතා මේවන විට බුකියේ රඟන්නට ඉතුරුවී සිටින සියලුම මාලිමා වහල්ලු ප්‍රමාණය 5,750කට ආසන්නය.

    එක් මාලිමා වහලෙක් සඳහා මසකට රුපියල් 989 ඩේ⁣ටා පැකේජය බැගින් වහලුන් 450කට ලබාදෙයි. ඒ සඳහා දී වශයෙන් රුපියල් ලක්ෂ 4.5 ක් පමණ දුරකථන සමාගමකට මසකට ගෙවයි, වාර්ෂිකව එය ලක්ෂ පණස් හතරක් පමණ වේ.

    පැලවත්ත පක්ෂ අරමුදලේ රුපියල් බිලියන 11.3ක් දැනට ඇති අතර, ඉන් බිලියන 9ක් පස්අවුරුදු බැඳුම්කරවල ආයෝජනය කර ඇත. එහි ඵළදායී අනුපාතය 15%ක් වන අතර, එය කල්පිරීමෙන්ලැබෙන මුදල බිලියන 6.75කි.

    ReplyDelete
  13. මොනවාවුනත් ,එදා සෝමවංශ අමරසිංහ නායකත්වය දීපු ,උතුරු නැගෙනහිර යලි දෙපලාතක් කරන්න උසාවි ගියපු, රනිල්ගේ චන්ද්‍රිකා කුමාරතුංගගේ යටිකූට්ටු වැඩවලට විරුද්ධව අවංකව නැගී සිටපු, උතුරේ මානුෂික මෙහෙයුම වෙනුවෙන් එදා 2005 - 2007 දක්වා යුද්ධය ඉවර කරන්නම හිතා කටයුතු කළ ආන්ඩුවකට ශක්තිය දීපු jvp එක ට හාත්පසින්ම වෙනස් එකක් තමා අද තියෙන මාලිමාව 😥😥😥 ඒ පක්ෂය ඉවරයි අද ඉන්නේ ඒකෙන් කැඩී ගිය වෙනත් විදේශීය බලවේග වල අතේ නැටවෙන මුදල් බලයෙන්,හා මාධ්‍ය බලයෙන් පුම්බන ලද හිස් අලෙවිකරුවන් පිරිසක් පමණයි. එයයි අපට ඇති කණගාටුව 😢😢😢

    ReplyDelete
  14. විවාදෙට සජිත්ම ඉල්ලන මාලිමාව පෙන්වන්නේ උන්ගේ ප්‍රතිපත්තියක් නැතිකම. උන්ට ඕනේ දුර්වල සන්නිවේදකයකු වන කිසිම බේසික් දැනුමක් වත් නැතිව බොරුවට පණ්ඩිතයෙක් වගේ පෙන්නන්න හිතාගෙන එක එක කොටස් කටපාඩම් කරගෙන විකාර දොඩවන සජිත් ප්‍රේමදාස කියන තකතීරු පුද්ගලයාව විවාදයේදී ලේසියෙන්ම නෝන්ඩි කරලා තමන් දිනුවා කියලා පෙන්නන්න විතරයි. එහෙම නැතුව එම පක්‍ෂයේ ආර්ථික ප්‍රතිපත්තියේ වැරදී පෙන්වාදීමට තරම් කිසිම ආකාරයක ආර්ථික දැනුමක් ජාතික ජන බලවේගයේ බයිලා සක්විතිලා කාටවත්ම නෑ කියලා පැහැදිලිව පේන්න තියෙන දෙයක්

    අනිත් පැත්තෙන් සජිත් ප්‍රේමදාසත් ඉස්සෙල්ලා ආර්ථික කමිටු විවාද ඉල්ලන්නෙත් අනුරට තියෙන බයට. ඔහුට ආත්ම විශ්වාසය මෙන්ම ආර්ථික විද්‍යාව ගැන වත් මූලික දැනුම්වත් නෑ කොහෙන් හරි අහුලගත්ත මොනවා හරි තමන්ටත් නොතේරෙන බරවචන ටිකක් කටපාඩම් කරගෙන විකාරයක් දොඩවලා කාලය නාස්ති කරන එකයි ඔහු දන්නා එකම කාර්යය. ඒ නිසාම අපට කියන්න තියෙන්නේ තොපි දෙගොල්ලම ඊයා. 🤮🤮🤮

    ReplyDelete
  15. මාතේ දේශපාලන පක්ෂ සහ දේශපාලන ව්‍යාපාර වගේම ලංකාවේ නීතීඥයින්ගේ සහ නීතී විද්‍යාලීය සිසුන්ගේ හැසිරීම් බැලුවම බහුතරයක් රාජ්‍ය විරෝධීන් සහ ෆෙඩරල් ඊළාම්වාදීන් බව දකින්නලැබෙනව. මේ තත්වය වහා වෙනස් කරන මතවාදයක් රටේ බලවත්ව නොආවොත් අනාගත ලංකාව කියන්නේ අනිවාර්යයෙන් ෆෙඩරල් දුබල රාජ්‍යයක් වීමේ දැඩි අවදානමක් පවතින බව පැහැදිලිව පේන්න තියෙනවා.

    දැනටමත් ලංකාවේ නීතිඥයො, විනිසුරුවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුලු හැමදෙනාටම පුහුණු වැඩසටහන් සංවිධානය කරන්නේ ඇමෙරිකන් එම්බසියේ අවශ්‍යතාවය මත US Aid වැඩ සටහනින්.

    මෑතක ඔවුන් කණිෂ්ඨ නීතිඥයන්ට වැඩමුලුවක් සංවිධානය කරලා තිබුනා.එතනදි ඔවුන් අදාල නීතිඥයන්ගේ දුරකථන අංක, ඊමේල් ලිපින පවා ලබා ගත්තා.

    විනිසුරුවරුන්ට පවා එහෙමයි. මෑතක විශ්‍රාම ගිය එක් විනිසුරුවරයෙකුට US Aid එකේ කන්සල්ටන්ට් තනතුරක් පවා ලැබුණා. ඔවුන් මෑතකදීම පටන් ගත්තේ ජනමාධ්‍යවේදීන්ට වැඩමුලු පවත්වන්න.

    මේ ලඟදී Charana TV ආයතනයේ මාධ්‍යවේදීන්ට එහෙම වැඩමුලුවක් US Aid එකෙන් කළා.ඊයේ ඔවුන් බුදු දහමට ගහන්න සිවුර අන්දලා එවපු වීචරධාරියො දෙන්නෙක් එක්ක වෙසක් ගැන කතා කරන්න ප්‍රෝග්‍රෑම් එකක් දාලා.

    ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බොහෝ පනත් දැන් හැදෙන්නේ US Aid එකෙන්. විශේෂයෙන්ම ලංකාවේ ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ වලට අදාල ඔය ගොඩක් ආර්ථික ප්‍රතිසංස්කරණ පනත් පවා එහෙමයි.

    ඒ විතරක් නෙවෙයි 2020 ආණ්ඩුව දාපු සත්ත්ව සුභ සාධක පනත වෙනස් කරලා US Aid ඒක ආයෙම දාලා.

    අලුතෙන් වගන්ති දෙකක් ඇතුල් කරලා තියෙනවා, ඒ අනුව පෙරහැරේ අලි ගෙනියන්න බැහැ. නගුල බඳින්නවත් හරකෙක් පාවිච්චි කරන්න බැහැ.

    මේ ඇවිත් අශ්ව රේස් පවත්වන රටක් ලංකාවේ සංස්කෘතියට අනවශ්‍ය ලෙස බලපෑම් කරන විදිය, විශේෂයෙන්ම එක්සත් ජනපදයේ මම ගියපු වෙලාවකදී අශ්ව රේස් විතරක් නොවෙයි ඔට්ටුවට දුවන grey hound බලු රේසුත් තියනවා දැකල තියෙනව! ඔන්න වැඩේ.

    ReplyDelete
    Replies
    1. @ Anonymous 2.53

      තව ඉන්නවා usaid පිල්ලි. ගඩොල් සෝමේ කියන හැලි වලං පොන්නයා වගේ මීහරක්, sl vlog වේස හැත්ත, චින්තන ධර්මදාසගේ ගෑනි රන්දුලා සිල්වා කියන දාර බඩ්ඩ, equal ground කියන පක්ෂග්‍රාහී මළහෝන්තුව ඔය වගේ සෑහෙන පිරිසක් ඉන්නව උන්ගේ ජීවිකා වෘත්තිය ඒකයි. 😄😂🤣

      Delete
  16. අයිසේ මාතලන් ලංකාවේ ආර්ථිකයේ ඇතිවූ ප්‍රශ්න වලට වගේම සමස්ත රටේ පවතින අර්බුදයට සහ විවිධ ක්ෂේත්‍ර වල කඩාවැටීමට බලපෑ ප්‍රධාන සාධකය රටේ පොදු ජනතාවමයි.

    උදාහරණ විදිහට ඇත්තටම ඇයි ලාකීය සිනමාව මේ තත්වයට පත්වුණේ? හැටේ හැත්තෑවේ දශකයේ ලංකාවේ නලුවෝ ඉන්දියාවේ ෆිල්ම් ෆෙයාර් වගේ උළෙලවල්වලට

    ආරාධිත අමුත්තෝ විදිහට ගියා රුක්මණී දේවී 1958 ඉන්දියාවේ ෆිල්ම් ෆෙයාර් සඟරාවේ පිටකවරයේ මුල් පිටුව සැරසූවා ජෝ අබේවික්‍රම වගේ අය ආරාධිතයො විදියට භාරතයට ගියා... ඉස්සර හොද තරගකාරී තැනක තිබිලා අද වෙද්දී අමාරුවෙන් යන්න තරම් එලෙස කෙලෙස???

    ඕකට ලංකාවේ හැම දෙයක්ම පිනට ලැබෙනකන් බලන් ඉන්න මිනිස්සුත් වගකියන්න ඕන. ඉන්දියාවෙ මිනිස්සු සල්ලි දීලා ෆිල්ම් හෝල් එකට ගිහින් බලන්නෙ කොච්චර දුප්පත් මිනිස්සු උනත්. අපේ උන්, කවුරු හරි හොර කොපියක් දාන කන් බලන් ඉඳල ලින්ක් ප්ලීස් ලින්ක් ප්ලීස් ගානවා. ඉතින් ඉන්ඩස්ට්‍රි එකේ ආදායමක් නෑ. එතකොට කිසිම නිෂ්පාදකයෙක් හොඳ නිර්මාණයකට සල්ලි යොදවන්නේ නෑ. මොකද ඒ ගාන හොයන්න බෑ. උදාහරණයක් බූඩි කීර්තිසේන මිල්ල සොයා වගේ ෆිල්ම් හදන්නෙ අතේ සල්ලි වියදම් කරගෙන තියන ඇම්මට. ජාත්‍යන්තර සම්මාන හම්බ උනත්, ෆිල්ම් එකේ වියදම හම්බ උනේ නෑ. ඉතින් ෆේල්. ඊට පස්සෙ ඒ මිනිහ තව හදයිද ඒ වගේ හොඳ එකක්? දැන් ඇත්තටම උබලා රට ඉන්නවා කියලා උඹලට එහේ විශේෂ තියා කිසිම පිලිගැනිමක් නැ.

    ලංකාවේ ඉන්න්වා හොද රස්සාවල් කරලා ගෙවල් දොරවල් හදාගෙන වාහන අරගෙන ඉන්න පොරවල්, නමුත් උබලත් ඒ ට්ක කරගන්න නේ ගියේ. මාලිමාව වගේ සමාජවාදී වෘත්තීය සමිතිකාරයන්ගේ ගුබ්බෑයමකට බලය පවරලා අපිව හිගන සමාජවාදය ගැට ගැහුවාම උබලට පුලුවන් අපේ ජීවිත සීමා කරන්න..අනුන්ගේ SAW MONEY පෙන්නලා STUDENT visa අරගෙන පාට් ටයිම් කට්ට කාලා උඹලා ඔහේ ගෙවන ජීවිතයට වට්නාකමක් ලැබෙන්නේ ලංකාව හිගන සමාජවාදය ගැට ගැහුවොත් විතරයි.

    ReplyDelete
  17. ඉල් මහ විරු සමරුව...!

    උන් මැරුවෙත් සිංහලුන්ය
    අපි මැරුවෙත් සිංහලුන්ය
    උන් විරුවන්
    අපි මරුවන්
    දෙකෙලවරේ

    උතුරේ දමිළ විමුක්තිය වෙනුවෙන් දිවිපිදූ "කොටියෙක්".

    ReplyDelete
  18. ලෝකය බැලන්ස් වෙන්නේ නෑ එතකොට..

    උදා.. විදියට මේ ලින්ක් එකට ගිහිල්ල බලන්න;

    https://www.tropicalhainan.com/the-valeriepieris-circle-a-geographical-phenomenon-that-contains-half-of-the-worlds-population/#:~:text=Using%20a%20globe%20model%20rather,of%20Mong%20Khet%20in%20Myanmar.

    මෙම පිංතුරයේ රතුපාටින් දැක්වෙන්නේ මුළු ලෝක ජනග්‍රහණයෙන් හරි අඩකට වඩා වැඩි පිරිස ජීවත් වන ප්‍රදේශය..
    නයිජීරියාව, බ්‍රසීලය, රුසියාව, මෙක්සිකෝව, ඊජිප්තුව, ඉතියෝපියාව සහ කොංගො වගේ වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින ජනාධික රටවල් ගණනාවක් මේකේ නැහැ

    මේකේ නැති ඒ රටවල් ඇතුලත් කලොත් මේ ප්‍රතිශතය තවත් සෑහෙන වැඩි වෙනවා..

    උතුරු ඇමෙරිකාවේ වෙසෙන එක් සාමාන්‍ය මිනිසෙක් පරිභෝජනය කරන මුළු සම්පත් ප්‍රමාණය, මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට ලබාදෙන්න නං, පෘතුවිය වගේ තවත් ග්‍රහලෝක තුනහමාරක ප්‍රමාණයක සම්පත් අවශ්‍ය බව ගනං බලලා තිබෙනවා..

    ඒ වගේම ඒ දියුණු රටවල් වල නිදහස් පැවැත්වම උදෙසා, දවසට ඩොලර් දෙකක් තුනක් හොයන්න මුළු ජීවිත කාලයම රෑ දවල් කැපකරන මිනිස්සු කඹුරන..
    රටේ වැවෙන හොඳම සෞඛයාරක්ෂිත ආහාර උතුරු ඇමරිකාවට සහ බටහිර යුරෝපීය රටවලට යවලා.. ලාබ මැගී නුඩ්ල් එහෙකින් වේල සරිකරගෙන, පසුව පිළිකා බෙහෙත් බොන..
    රටේ හොඳම ඇඳුම් නිෂ්පාදනය කරලා..එහෙට යවලා බාල ඇඳුම් අඳින..
    රටේ වැවෙන හොඳම තේ එහෙට යවලා..ඩයි ගහපු ගහපු රොඩු තේ බොන..මිනිස්සු ඉන්න..
    අප්‍රිකාවේ නං..රත්තරං /දියමන්ති/ බොරතෙල් සියල්ල එහෙට පටවලා..මැටි වලින් රොටි හදලා කන..මිනිස්සු ඉන්න..
    ආදී විශාල ප්‍රමාණයක් නොදියුණු / සංවර්ධනය වෙමින්තු පවතින සෝ කොල්ඩ් තර්ඩ් වර්ල්ඩ් රටවල් කියලා හිතන රටවල් සෑහෙන ප්‍රමාණයක් නිර්මාණය කර.. තුන්වැනි ලෝකයේ රටවල් නමිත් දිගින් දිගටම පවත්වාගෙන යන්නත් වෙනවා..ඒවා දියුණු වෙන්න නොදී ඒවායේ ආණ්ඩු පෙරලලා හරි, යුද්ධ ඇතිකරලා හරි, විවිධ fox මිෂන් වලින්..ඒවා නොදියුණු මට්ටමෙම තියෙන්න ඕන..ඒ රටවල් සංවර්ධනය කිරීමේ මුවාවෙන් / ආධාර දීමේ සහ විවිධ උපකාර කිරීමේ අවසාන ඉලක්කය ඒක..
    අලුත්ම ට්‍රේන්ඩ් එක තමයි ඒ රටවල් ඇතුළෙන්ම ඒ වැඩ ටික කරන පිරිස් බෝ කරන එක..
    එහෙම නොකර ඔය විෂම චක්‍රයට පැවැත්මක් නෑ..
    මේක තමයි බටහිර ප්‍රජාතන්ත්‍රවාදය නොහොත් so called western democracy යේ සත්‍ය කතාව...

    එනිසයි ඩිමොක්‍රටිය හෝ බටහිර එතික්ස් හෝ කොලිටීස්..සිස්ටම්ස් මේ කිසිම දෙයක්, කවදාවත් ආසියාවේ ස්ථාපිත කරන්න බැරි..
    ඒක එයාලත් දන්නවා..
    හැබැයි බැරි දෙයක් ස්ථාපිත කරන්න යොදවමින් අවුලක් හදලා තිබ්බම සෑම පැත්තකින්ම අවුලක් වාසි ගන්න පුළුවන්..

    හැබැයි, විශේෂයෙන්ම කියන්න ඕන චීනය ඒ අවුලේ පැටලිලා නෑ/ පටලවන්නත් බෑ..
    අනිත් සෑම රටක්ම ඒ ඩිමොක්‍රටි අවුලේ පැටලිලා ඉන්නේ මේ වෙද්දී..
    ලංකාව වැනි පස්චාත් යටත්විජිත ගැති රටවල දියුණුවක්, හෝ ආසියාවේ ඔය කියන තත්වය කවදාවත් උදාවෙන්නේ නෑ..උදාකරන්න බෑ..
    ප්‍රායෝගික නෑ..ඒ ඇයිද කියන එක පැහැදිලි ඇතැයි සිතනවා..

    ආසියාවට ගැලපෙන්නේ ආසියාව තුල වසර දහස් ගණනක් තිස්සේ පැවතුන විවිධාකාරයේ පාලන ක්‍රමවේදවලට පමණයි..

    ඒතුල, ආසියාවටම ආවේණික වූ හරපද්වති තිබුනා, පර්ෆෙක්ට් නැතත්...

    දැන් තිබෙන අච්චාරුවේ දුක් විඳින මේ සාපලත් තත්වයට වඩා මිනිස්සු සතුටින් ඉඳලා තිබෙනවා ඒ කාලවල, සාපේක්ෂව බැලුවම..

    වැඩි ඈතක නෙමෙයි මීට වසර සීයකට එපිට යුගයේත් ඒ සමෘධිය අපේ රටවල තිබිලා තියෙනවා..මෑතක් වෙනකංම..
    සක්විති රජවරු පවා බිහිකරලා තිබෙනවා.. යුරෝපීයයන් ආසියාවට ඉන්දියාවට එනකොට මේ රටවල් ධනවත් සමෘද්ධිමත් රාජ්‍ය බව ඒ අයම කියනවා, නමුත් එකම දේ යුරෝපීය යුධ තාක්ෂණය ඊට වඩා දියුණුව තිබුණා ඒ කාලය වෙනකොට

    ReplyDelete
  19. ඉරානයේ ජනාධිපතිවරයා මිය ගිහින් නේද මාතලන්? එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය වැඩේ දීලා වගේ පේන්නේ කොහොම වුණත් ගිය අවුරුද්දෙ බටහිර රටවල උවමනාව මත ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා කියලා ඉරානේ ආණ්‌ඩුව වෙනස් කර බටහිර හිතවාදී රූකඩ පාලනය ඇතිකරන්නට එක්සත් ජනපදයේ සැලසුම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරමින් සිදුකරන බටහිර හිතවාදී අරගල උද්ඝෝෂණවලදී සිවිල් වැසියන් 600ක් මරපු බවට බටහිර මාධ්‍යවල කියලා තිබූ,
    ජනතාව යකඩ සපත්තුවෙන් පාගා පාලනය කල බවට බටහිර මාධ්‍ය හංවඩු ගැසූ ඉරානයේ නායකයන් 4ක් මිය ගිහින්.

    1. ඉරාන ජනාධිපති, රයිසි
    2. විදේශ කටයුතු අමාත්‍ය, අමීර් අබ්දුල්-ලහියන්
    3. නැගෙනහිර අසර්බයිජාන් පළාතේ උත්තරීතර නායකයාගේ නියෝජිතයා
    4. නැගෙනහිර අසර්බයිජාන් පළාතේ ආණ්ඩුකාරවරයා

    රනිලාට තවත් මළගෙදරක යන්න චාන්ස් එකක්. රනිල් මුත්තා එක්ක උගේ නෑයොයි චක්ගෝලයොයි වෙන මැදමුලන වලපයගොඩපය නාකි මයිනයි.මාලිමාවේ උත්තරීතර මහානායක කෙබර කුමාර කයියනායක කියන රටගොන් රිළවයි එක්ක ගොන් ආතල් දීමටම උපන් මොංගල් සජියත් පලස්තීන් සාටකේ පොරෝල අරිමු.

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ

      ඔය සිද්ධිය පිළිබඳව ඔයා වගේම සමහරු ඕක කුමන්ත්‍රණයක් ගේමක් විදියටත් සලකනවනෙ..එහෙම නොවෙන්නත් බැරි නෑ..ඒත් මම නම් මේ සීන් එකේදී මම ඕක ගැන හිතන්නෙ ෆිෆ්ටි ෆිෆ්ටි...කුමන්ත්‍රණයක් වෙන්නත් පුලුවන්..සොබාවික අනතුරක් වෙන්නත් පුලුවන්..

      හැබැයි පොරට සෑහෙන තර්ජනත් තියෙද්දී ගමන් වලට බෙල් 212 වගේ අවුරුදු ගානක් පරණ හෙලිකොප්ෆ්ටරයක් පාවිච්චි කරපු එකත් සෑහෙන වැරද්දක් විදියට මතු වෙල තියෙනවා. ඔය වගේ fog එකක බෙල් 212 හරි බෙල් 412 වගේ ඒවා රේකමන්ඩ් කරන්නේ නෑ සාමාන්‍යයෙන්.අනිත් පැත්තෙන් සම්බාධක නිසා අලුත් හෙලිකොප්ෆ්ටර ඉරාන වලට මිලදී ගන්න බැරි වෙල තියෙනවා කියලත් සමහර මාධ්‍ය වල තියේ... ඒත් රෂියාවලින් ගන්න පුලුවන් නේද? මොකද රෂියා වලින් පුටින් හරහා එස් යූ 35 අලුතෙන් ගත්ත නම් ඇයි හෙලිකොප්ටර් ගන්න බැරි...ගිහිල්ලා තියෙන්නේ පරණ ඇමරිකන් bell 412 ක..?

      Delete
  20. @ ඇනෝ 1.28 & 6.03

    ඔබලාගේ අදහස් අනුව ඉරාන ජනාධිපති ඊබ්රාහීම් රයිසිගේ මරණය අපකීර්තිමත් මරණයක් නිසා ඉරානය ඒක සිදුවුණු විදිය අනිවාර්යෙන්ම ලෝකයෙන් වසන් කරනවා. ඔවු මටත් හිතෙන්නේ එහෙම, ඔහුගේ ආරක්ෂාවට ඔයිට වඩා ඉරාන යානා යන්න ඇති. ඔය ප්‍රහාරය එන්න ඇත්තේ එක්කෝ ඉරාකයේ ඇමෙරිකානු බේස් එකකින්. එහෙම නැත්නම් දේශසීමා ප්‍රදේශයක වනගත ස්ථානයක රැඳවු රහසිගත ගුවන්යානා නාශක අවියකින් නැතිනම් ඩ්‍රෝනප්‍රහාර වෙන්නත් ඉඩතියෙනවා. තුර්කියේත් ඇමරිකානු එයාර් බේස් එකක් තියෙනවා. ඔතැන සීඅයිඒ සහ මොසාඩ් එක අනිවාර්යෙන් ඉන්නවා.

    බැබැයි මට තව දෙයක්ම කියන්න පුළුවන්, මේකේ ඊළඟ අදියරේදී යුදෙව්වෝ හිට්ලර්ගෙන් කෑවට වඩා පට්ට කෑමක් මේ පාර කනවා. හමුදාවක් විදියට හිස්බුල්ලාවරු ටික මරාගෙන මැරෙන්න ඊශ්‍රායලයට බැස්සත් ඇති ඕක අළු කරලා දාන්න. එදා හමාස්ලා ඊශ්‍රායලයට ගැහුවේ සරුංගල් වල එල්ලිලා ඇවිත් නේ.

    ඇත්තටම යුදෙව්වෝ කියන්නේ මහ ලොකු ජාතියක් නෙමේ. ඔවුන්ගේ ආගම නිසා ඇතිකරගත් මානයක් කරපින්නාගෙන ඉන්න ජාතියක්. මොවුන් යුරෝපයේ සිටි කාලයේත් මොවුන්ගේ උඩඟුකම නිසා තමයි යුරෝපීයන්ගේ උදහසට ලක් වුනේ. ආගම නිසා යුදෙව්වන්ට ඉබේම ලැබුණු ගෞරවයත් එක්ක මොවුන් යුරෝපයේ ප්‍රභූවරු බවට පත් වෙනවා. ඒ නිසාම තමයි මොවුන්ව හිට්ලර් අතින් සමූල ඝාතනය වෙන තැනට පත් වෙන්නේ.

    ඔබ හිතනවද යුදෙව්වන් මහා මොළකරුවන් කියලා? නැහැ. ඔවුන් ඉතිහාසයේ ඉඳන්ම කලේ අනුන්ගේ දැනුම සොරාගත් එක. මෑත කාලයේ පවා දැනුම සොරාගෙන ඔවුන් ලෝකය පුරාම අපකීර්තියට පත් වුණා

    එහෙනම් කොහොමද මොවුන්ට මෙච්චර නොබෙල් තෑගී ලැබෙන්නේ? ඇත්තටම ඒක බ්‍රිතාන්‍ය, ඇමෙරිකානු භූ දේශපාලනික මෙහෙයුමක්. පලස්තීන බිමේ වර්තමාන ඊශ්‍රායලය පිහිටවුවේ ඔවුන්ගේ මූලිකත්වයෙන්. ඉතිං හිර්ලර්ගෙන් සමූලඝාතනය වෙලා පීචං වෙලා හිටිය ජාතිය මහා ලොකු ජාතියක් විදියට පෙන්වන්න ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිරට ඕන වුණා. ඒ නිසයි මොවුන්ට වැඩිපුර නොබෙල් තෑගී ලැබෙන්නේ. අයින්ස්ටයින්ලා නොබෙල් සම්මාන ගන්නකොට නොබෙල් පදනම සම්පූර්ණයෙන්ම පාලනය වුනේ එක්සත් රාජධානියේ බදුවලින්.

    මේත් එක්කම තව කතාවක් කියන්න ඕන. මීට අවුරුදු 3කට විතර කලින් ආසියාතිකයෙක් සුපිරි සන්නායකක් නිර්මාණය කළා ඇමෙරිකාවේ දී. අද වන විට මොහුගේ සොයාගැනීමේ අයිතිය වෙනෙකෙකු සතු බව සඳහන් කරමින් මොහුට විරුද්ධව නඩුවක් පවරා අදාළ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධුරයෙන් පවා මොහුව නෙරපලා තියෙනවා. බටහිරයන් දැනුම හොරකම් කරන්නේ අන්න ඒ වගේ ම්ලේච්ඡ විදියට.

    විද්‍යාවේ මුල අද මේ මේ නොබෙල් තෑගී ගත්ත යුදෙව්වන්ගේ නෙමෙයි. රසායන විද්‍යාව ගොඩනැගෙන ක්‍රි.ව 720ට කලින් අල්කෙමි යුගය ගැන හොයල බලන්න. ජබීරිබන් හය්යන් පර්සියන් ජාතිකයෙක්. පර්සියාව කියන්නේ වර්තමාන ඉරානයට. ක්‍රි.ව 826 කාලයේ ජිවත් වුන අල්රෂි, ඉබ්න් සිනා වගේ අයත් අරාබි ජාතිකයෝ. යුදෙව්වෝ කරන්නේ දැනුම හොරකං කරන එක. ඇත්තටම යුදෙවන්ට අදටත් තියෙන්නේ දැනුමේ බලය නෙමෙයි, මිලිටරි බලය.

    රුසියාව, චීනය, ඉරානය, ඉන්දියාව වගේ මහා ශිෂ්ටාචාර තිබුණු රටවල් ඇමෙරිකාව වගේ ඉතිහාසයක් නැති රටවල් විසින් යටකරගෙන හිටියේ මිලිටරි බලය යොදාගෙන. නමුත් අද එම මිලිටරි බලය පරයා මෙම මහා ශිෂ්ටාචාර සහිත රටවල් දැනුමේ බලයෙන් නැවත නැගිටිනවා. එයට බාල්දිය දාන එක එක්සත් ජනපදය සිදුකළත් එය ඉතාම ඉක්මනින්ම අසාර්ථක වන බව ඉදිරියේදී දකින්න ලැබෙයි.

    ReplyDelete
  21. බලාපොරොත්තු වැඩිවීම උඩ ලබාදුන් ජය තමා ගෝටාට සිදුවූ ලොකු ඛේදවාචකය
    ඒ වගේම මේ වර සමහර දේශපාලන බලාපොරොත්තුද ජය නොගත්තොත් රටේ ලොකු ඛේදවාචකය ට පෙරලේද කියා මට බියක්දැනේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න