.

.

May 20, 2024

හිරයක් ගැනීම

 



හිරයක් ගැනීම

➖➖➖➖➖🔴

මහ රෑ හදිසියේ අවදි වූ බිරිඳට... තම ස්වාමිපුරුෂයා ඇඳේ නැති බව දැනිනි...

ඇඳෙන් නැගිට විදුලි ලාම්පුව දැල්වීමෙන් පසු එය තහවුරු කර ගත් බිරිඳ... ඔහු නාන කාමරයේදැයි සොයා බැලීය...

එහිත් නොමැති බව අවබෝධ වීමෙන් ඉනික්බිති... ඇය පහත මාලය වෙත යන අතරතුරේ... ඔහු උණුසුම් කෝපී කෝප්පයක් ඉදිරියේ තබාගෙන ගැඹුරු කල්පනාවක සිටින බව පෙනිනි....

ඔහු දෑසින් කඳුළු පිසදමා කෝපි උගුරක් බොන අයුරු ඇය බලා සිටියාය...

"මොකද ප්‍රශ්නේ රත්තරනේ?",
ඇය ඉතා ආදරබර මෘදු ස්වරයකින් විමසීය....

"ඔයාට මතකද මීට අවුරුදු 20 කට කලින් අපේ එෆයාර් එක පටන් ගත්ත දවස... ඔයාට මතකද...?"

ඔහු මෙතරම් බැරෑරුම් ලෙස, සංවේදී වෙමින් කඳුළු සලමින් සිටිනු කිසි දිනෙක නොදුටු ඇය...
"ඔව් මට මතකයි රත්තරන්..."

ඉතා අමාරුවෙන් වචන ගලපමින් ඉකිබිඳුම් මැද...
"ඔයාට මතකද ඔයාගේ තාත්තා අපි පාක් එකේ වාහනේට වෙලා ඉද්දි අල්ලගත්ත වෙලාව?

'ඔව්, මට මතකයි,"

"ඔයාට මතකද ඔයාගේ තාත්තා එයාගේ පිස්තෝලේ මගේ ඔලුවට තියලා... "එක්කෝ... තෝ මගේ දුව අදම බඳිනවද, නැත්නම් මම  තෝව අවුරුදු 20කට හිරේ යවන්නද?"

"මටත් ඒක මතකයි,"
ඇය මෘදු ලෙස පිළිතුරු දෙයි.

ඔහු දෙකොපුල් තෙමා යන තවත් කඳුලක් පිසදමා මෙසේ කියයි...
“මම හරි තීරණයක් ගත්තා නම්...
අද මට නිදහස ලැබෙන්න තිබුණා!

▪️හුදී ජන පාන් සංවේගය උදෙසා සුද්දන්ගේ එකක් මගේ එකක් වාගේ අනුවර්තනය කොට ලියා පලකලේ මහාචාර්‍ය මාතලන් වන මා විසිනි...
.

12 comments:

  1. කතාව නම් රසවත්, ඉංග්‍රීසියෙන් බලපු කතාව ලස්සනට සිංහලට ගලපලා තියෙනවා මාතේ, ඒක කෙසේ වෙතත් ඉන්දියාවේ විශාල ප‍්‍රහාරයකට ලාංකික ISIS ත‍්‍රස්තයන් හතරක් ඉන්දියාවට ගිහින් තියෙන බව ප්‍රවෘත්තීන් ගොඩක් නිව්ස් චැනල් වල පලවෙලා තියෙනව නේද?

    //තම ප්‍රධාන නායකයන් පැමිණ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයි.එස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් සිවු දෙනකු ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

    මෙම සිවුදෙනා ශ්‍රී ලංකාවේ සිට චෙන්නායි නගරය හරහා අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ ඇති බවත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා අයිඑස් සංවිධානයට සම්බන්ධකම් තිබෙන බවට ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකයට තොරතුරු ලැබී ඇති බවත් ඉන්දීය මාධ්‍ය පවසයි.

    අත්අඩංගුවට ගැනුණ ලාංකිකයන් ප්‍රශ්න කිරීමට රැගෙන ගොස් ඇතත් ඒ කුමන ස්ථානයකටදැයි අනාවරණය වී නැති බව කියයි.

    අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අයිපීඑල් තරගාවලියට සහභාගීවන කණ්ඩායම් තුනක් පැමිණීමට නියමිතව තිබූ බවත් ඒ හේතු‍වෙන් ගුවන් තොටුපොළට ආරක්ෂාව තර කර තිබූ බවත් ඉන්දීය මාධ්‍ය ‍හෙළි කළේය.

    මෙම සැකකරුවන් අවි ප්‍රහාරයකට සූදානම් සි‍ටියත් ඒ කුමක් සදහාදැයි අනිවරණය නොවූ බවත් පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය සදහන් කර තිබිණි.

    – Lankadeepa///

    ReplyDelete
  2. ඔය කතාවේ විහිළුවට අමතරව හිතන්න දේවල් තියෙනව නේද?

    "හැමෝම කියනවා ආදරේ රිදෙනවා කියලා. ඒත් ඒක ඇත්ත නෙමේ. තනිකම රිදෙනවා. ප්‍රතික්ෂ්ප වීම රිදෙනවා. කවුරු හෝ අහිමි වීම රිදෙනවා. ඊර්ෂ්‍යාව රිදෙනවා. හැමෝම මේ දේවල් ආදරේ එක්ක පටලගන්නවා. ඒත් ඇත්තටම, සේරම වේදනාවන් සමනය කරලා කෙනෙක් තුළ ආයෙමත් අපූරු හැඟීමක් ඇති කරන්න පුළුවන් මේ ලෝකේ තියෙන එකම දේ තමයි ආදරය. මේ ලොකේ තියෙන එකම නොරිදෙන දේ තමයි ආදරය."🌻🖤 මතකද 1999 ජනාධිපතිවරණයෙදි රනිල් වික්‍රමසිංහ එක රැස්වීමක කියනවා ගොවියගෙ අමුඩෙ වෙනුවට ඩෙනිම අන්දවනවා කියලා..

    එදා විහාරමහාදේවි දිනවන්න ගෙවල් ගානෙ ගිය ජවිපෙ පාක්ෂිකයන් වන ජෙප්පො කිවුවෙ රනිල් බලය ගත්තොත් රටේ සංස්කෘතිය විනාශ කරනවා.අමුඩෙ කියන්නෙ අපේ හෙල සංස්කෘතිය..රනිල් විජාතික පර සුද්දන්ට රට විකුණලා අපේ රට නැති කරනවා කිවුවා..

    එහෙම කියපු ජෙප්පො අද උන්ගෙ පක්ශෙ ගොවියන්ගෙ අස්වනු නෙලන්න යනවා සපත්තු දාලා, shirt යට කරලා ඇඳලා..

    ඔච්චර සංස්කෘතියට ආදරේනම් මුන්ට මේවට අමුඩෙ ඇඳලා යන්න තිබුනනෙ..

    නෑ. මුන්ට මේ තියෙන්නෙ මේ රටේ රනිල් නායකයා වෙනවට තියෙන බය.

    මොකද උන් දන්නවා රනිල් නායකයා වුනොත් අවුරුදු ගානක් වාමාංශික පාලකයො විකුණගෙන කාපු ඒ හිඟන්නගෙ තුවාලෙට රනිල් නිට්ටාවටම බෙහෙත් දෙනවා කියලා.

    99ත් රනිල්ට ඕන වුනේ මඩ නාගෙන කරන ගොවිතැන වෙනුවට තාක්ෂණය එක්ක වැඩ කරන smart ගොවියෙක් හදාගන්න..

    අවාසනාවකට ලංකාව කියන රටේ මිනිස්සුන්ට ඕන වුනේ නොමිලේ පොහොර ටික ගන්න.

    එදා බලය ලැබුනෙ නැති නිසා බැරි වුන ඒ වැඩේ රනිල් අද කරනවා.

    ලෝකෙ ඉහළම තාක්ෂණය ලංකාවට ගෙනත් අඩු ඉඩ ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ගන්න පුලුවන් අලුත් කෘෂිකර්මයක් රනිල් රටට ගේනවා.

    Microsoft ආයතනයේ හිමිකරු Bill Gates ට අයත් පදනමත් සමඟ කෘෂි නවීකරණ වැඩසටහනට ප්‍රා.ලේ.කාර්‍යාල 100ක් තෝරාගෙන එයින් 25ක මූලික අදියර ලෙස දැනටමත් වැඩ පටන් අරන්.

    VEGA සමාගම AI තාක්ෂණය යොදාගනිමින්
    සිදුකරන කෘෂිකර්මික කටයුතු ගමට ගෙනියන්න අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීමටත් රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් යන්නෙ.

    මොන බලවේගෙ ඇවිත් මිනිස්සු අන්දන්න හැදුවත් රනිල් කරන ක්‍රමේට වඩා හොඳ ක්‍රමයක් ඔය එකෙක් ගාවවත් නෑ..

    ඒ නිසා කවුරු මොනවා කිවුවත් මේ රටේ කාරණා කාරණ දන්න දැන උගත් ශ්‍රී ලාංකිකයො රනිල්ට 2030 වෙනකන් මේ සීඝ්‍ර පරිවර්තනීය සංවර්ධනය වෙනුවෙන් අවස්තාව දෙන්න නිහඬවම බලන් ඉන්නවා..

    මේ පාර එක එකාට කියන බහුතරයක් මිනිස්සු එක්ක ටික වෙලාවක් කතා කලාම ඕන කෙනෙක්ට ඒක තේරෙනවා..

    ReplyDelete
  3. Replies
    1. PRA JAY සර් මම 2019 1st shy මැත්ස් කරලා fail උනා.. ආපහු shy 3ක් අත ඇරලා 2023 බයෝ කරා.. ඒත් මට ‍results එනකන් ෂුවර් නෑ සර් මට බයයි මම මේ පාරත් fail වෙයි කියලා 🥺🥺 ඒත් මාතලන් සර්ගෙ කතාව ඇහුවාම මට මාර motivation එකක් ලැබුනේ 🥰 මොකද මට පොඩි කාලෙ ඉදන් ඕනෙ උනේ දේශපාලකයෙක් වෙලා මේ රටට හොඳක් කරන්න 🥰🥰 මට ඒක කොහොම හරි කරන්න ඕනෙ මොකද ඒක මගෙ ලොකු හීනයක් නිසා.. එත් දැනටම 24ක් වයස තවත් නම් shy අතාරින්නත් බෑ අන්තිම shy එක මේක.. මට කොහොම හරි මේ මාස කීපය මහන්සි වෙලා arts වලින් district rank එකක් දාන තත්වෙට එන්න පුලුවන් වෙයිද සර් 🥺🥺🥺

      Delete
    2. පුලුවන් වෙයි

      Delete
  4. සුදු වැළි විසිරුනු මාවත අත ඔබ
    යයි අවසන් ගමනේ
    ඔබ හා එන්නට මා පින්කර නැත
    ඇයි අප වෙන් කෙරුනේ

    ReplyDelete
  5. පරිණතවීම සිදු වෙන්නේ හෙමිහිටය
    එතකොට කල් ගිහිං වැඩිවෙල විය හැකිය
    දැන් ඉතිං රජෝ බැඳගත් ඔය බෙරය
    දිගටම ගහන්නට කරපං තීරණය

    ReplyDelete
  6. මාතා, පොඩි යෝජනාවක්, උඹට ලස්සනට කතා ලියන්න පුළුවන් නිසා රහට ස් ක්‍රිප්ට් එකක් ලියල පොඩි ෂෝට් මූවි එකක් කරන්න උත්සාහ කරපන් අපි සප් එක දෙන්නම්, වැඩේ සාර්ථක වුණොත් ෂෝට් ෆිල්ම් කීපයකින් පස්සේ සාමාන්‍ය මූවී තිර රචනය අධ්‍යක්‍ෂණය වගේ දේවල් උනත් කරන්න බැරි වෙන එකක් නෑ, විශේෂයෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල ආධාර උපකාර සහිතව ලංකාවේ ප්‍රධාන සංස්කෘතිය සහ ප්‍රධාන ආගම විවේචනය කරලා එක්සත් ජනපද වේක් වීව් එකෙන් මූවි එකක් ගහන්න පුළුවන් වෙයි විශේෂයෙන්ම යූඑස් ඒඩ් එකෙන් සපෝට් ගන්න පුළුවන් වෙයි මේ දවස්වල, මම යෝජනා කරන්නේ සම්භාව්‍ය සිනමාවට අවතීර්ණ වෙන්න හොඳම අවස්ථාවක් මේක කියලා

    මොකද සමාන්‍ය කමර්ශල් ෆිල්ම් එකක් ගහනවාට වඩා ලංකාවේ සම්බාව්‍ය කියලා ෆිල්ම් එකක් හරි රජ කතාවක් හරි ගහන එක වියදම් අඩූයි ..රජ කතාවකට නම් ඔය සෝමරත්න මුත්තාගෙන් හරි ඒ ජාතියේ වෙන කාගෙන් හරි ගැලපෙන ඇදුම් ටිකක් ඉල්ලගෙන පරණ රජ කතාවක් තෝරලා අරගෙන කෙලින් බලන් කියන දෙබස් ටිකක් දැම්මා නම් වැඩේ ඉවරයි.. සම්බව්‍ය නම් ඊටත් වඩා ලේසි... අනුරාධපුරයේ මාස ගානකින් වැස්ස නැති පැත්ත්කට ගිහින් වැව් බැම්මක් උඩ පුටාර් එකක් පදින එකක්.. වේලුනු වැවකින් වතුර අරගන්න යන ගෑනු කෙනෙක්... ඔය සත්තු ටිකක්..කූබියෝ ටිකක්..වේලුන කොල අතු... හැරමිටියක් අතේ තියාගෙන පාර අයිනේ පස්ස බිම තියන් ඉන්න වයසක ඩයල් එකක් ඉන්න ශොට් ටිකක් අරගෙන ඒවා බලන උන්ටත් එපා වෙන තරමට මැදින් මැද ඔබලා ඒ අස්සේ ඉතුරු වෙන විනාඩි 20ට වගේ මෙලෝ යකෙක්ට තේරෙන්නේ නැති කතාවක් දලා ෆිල්ම් ගැහුවා නම් හරි... කැමරා ලයිටින් වලට වැඩි විය්දමක් නැහැ හෙම මුස්පෙන්තු පාටට නේ ෆිල්ම් එක ඕනා.. ඇදුම් නැතුව ඉන්න සීන් එකට දාන කෙල්ලට ඔන්න ටිකක් වියදම යයි... මැදින් හමුදාකාරයෙක්වත් ඔබලා ගත්තා නම් ෂේප් එකේ මීඩියා වලට කියලා ඕක වයිරස් කරගෙන මෝඩ මිනිස්සු ටිකක් අවුස්සලා රනිල්ලට ටිරාන්ලටත් අවශ්‍යතාවය කියලා රජයේ සහාය ඇතිව ෂේප් එකේ ෆිල්ම් එක තහනමකටත් ලක්කරගෙන රටේම ජනප්‍රිය කරගෙන ටික දවසකින් ආයේ උසාවි ගිහින් ඒක රිලීස් කරලා නාඩගමක් නටලා සෑහෙන ප්‍රෝෆිට් එකක් ගන්නත් පුළුවන් වෙයි

    ReplyDelete
  7. මාතලන් දක්ෂ පරිවර්තකයකු බවයි මේ කතාව බැලුවම මට හිතෙන්නේ, මොකද පොදුවේ ලංකාවෙ හොඳ පරිවර්තන අඩුයි. ලංකාවේ බොහෝ අය විදෙස් පොත් සිංහලට පරිවර්තනය කරනවා; ඒත් ඒ පොත් බහුතරය වැඩක් නෑ. ඒවා ගොඩක්ම ගැසට් සාහිත්‍යය, ඒ කිව්වේ ඒ පරිවර්තන ගැසට් වගේ. මමත් ගොඩක් පරිවර්තන අරන් කියවලා තියෙනවා. හැබැයි ඒවා කියවන්න බෑ. කලකට පෙර මම ලංකාවේ හිටපු කාලේ අරුන්දතී රෝයිගෙ The God Off Small Things පොතේ සිංහල පර්වර්තනය මම ගත්තා කියවන්න, මට ඒක කියවන්නම බැරි වුණා. ඒ වගේ සමහර ඒවා තියෙනවා, හරියට පරිවර්තනය නොවුණු. ඒවගේ පරිවර්තන එමටයි. ඒ නිසා ලංකාවෙ පෝෂිත පරිවර්තන සාහිත්‍යයක් දැනට නම් නෑ කියලයි හිතෙන්නෙ.

    කාරණා කිහිපයක් නිසා මේක ඉතා වැදගත්. ලෝකයේ නිම්වළලු පුළුල් කරන්නේ පරිවර්තන විසින්. අපේ ලෝක දැක්ම පුළුල් වෙනවා. ලංකාව වගේ පුංචි රටකට, කොදෙව් මානසිකත්වයෙන් දරුණුවට පෙළෙන ලෝකය ගැන නොදන්නා බහුතරයක් සිටින රටකට විශේෂයෙන් පරිවර්තන සාහිත්‍යය අවශ්‍යයයි. අපේ ඇස් අරින්න, කන් ඇහෙන්න එක් හේතුවක් එය.

    අනික ඓතිහාසික වශයෙන් ගත්තත් හැම රටකම සාහිත්‍ය පෝෂණයට කිසියම් යුගයකදී පරිවර්තන සාහිත්‍යය ඉවහල් වෙලා තියෙනවා. තුන්වැන්න අපට නුහුරු සංස්කෘතියක්, ජීවිතයක්, ජන කොට්ඨාසයක් පිළිබඳ ව අපේ දැනුම පුළුල් වෙන අතරම ඔවුන් සමඟ අපි කිසියම් ආකාරයක සුහද ආශ්‍රයකට වැටෙනවා. අපිට අනික් රටවලත් නෑයො ඉන්නවා වගේ හැඟීමක් දැනෙනවා. මේ විදියට බැලුවහම අපේ සාහිත්‍ය ප්‍රවර්ධනයට, සමාජ ඇහැරීමට, අවදියට හේතුවක්. අපේ හදවතේ විවෘත බවක් ඇති කිරීමටත් හේතුවක්

    පරිවර්තන කරන්න නම් ඉංග්‍රීසිය වගේ ජාත්‍යන්තර භාෂාවක් හොඳට ප්‍රගුණ කළයුතුයි, ඒත් ලංකාවේ උපාධියක් ගත්තත් අපට ඉංග්‍රීසි වාක්‍යයක් දෙකක් ගලප ගන්න බැරි වෙන්න පුළුවන්. කොටින්ම වෙන්න
    පුළුවන් නෙවෙයි බැහැ.

    මේකට මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක තමයි හොඳම උදාහරණය. කැළණියේ විද්‍යා උපාධියක් කළත් ඔහුට සරල ඉංග්‍රීසිය වත් බැහැ. මම ඉගෙන ගන්න කාලෙ, කැළණියේ සයන්ස් ෆැකල්ටියේ සැලකිය යුතු පිරිසකට මම උන්ගේ ඉංග්‍රීසි නෝට් එක සිංහලෙන් කියල දීල තියෙනවා. කොළඹත් කළා. කොළඹ නම් මම කීය කීයහරි ගත්තා, ජීවත් වෙන්න. කැළණියේ නිකං කළේ. උන් විභාගත් හොඳට පාස් වුනා. ලියල ඇවිත් මට තෑන්ක්ස් කරලත් තියෙනවා. භාෂා ඉගෙන ගන්න ටියුෂන් ගිහිං බැහැ. පොත පත කියවන්න ඕන. ඉංග්‍රීසි පත්තර කියවන්න ඕන. ඒක වෙනම වැඩක්.

    මම මේක කියන්නෙ ගොඩක් අය හිතනව උපාධිය තියෙනව නම් ඉංග්‍රීසි කියන්නෙ ඩිෆෝල්ට් දැනුමක් කියල. ඒක අමු බොරුවක්. ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් වැඩ කරන්නෙ නැ. මහන්සි වෙන්නෙ නැහැ. self study කියන ඒව නිල්. ඉගෙනීම අනවරත ක්‍රියාවලියක්. අත්නොහැරිය යුතු එකක්. විශ්වවිද්‍යාල සිසුන් තමන්ගෙ ඉංග්‍රීසි ඇතුළු සෙසු අසමත්කම් දාන්නෙත් ආණ්ඩුවට. ජවිපෙ වගේ පක්ෂ විශ්වවිද්‍යාල තුළ මේ මානසිකත්වය හැදුව. හැමදේම ආණ්ඩුව කියල. හැබැයි ආණ්ඩුව දෙන්න පුළුවන් සියල්ල දීල, තවත් මොනවද කරන්නෙ?.

    ReplyDelete
  8. Ex-President of Iran (2005-2013) Mahmoud Ahmadinejad , peacefully herding sheep after he resigned as president.

    The ex-president renounced his presidential pension, returned to teach at the university, receiving $250 a month, and lives modestly in his house. When he stays at a hotel, he asks for a simpler room, maybe even without a bed, because he likes to sleep on the floor on one mattress under a blanket, he gets around by bus, the President of Iran sold his maintained Peugeot.

    To questions about why he, being president for two terms, could have seriously improved his financial situation, but did not, Ahmadinejad answers that a real leader must live the way his people live.

    Copied from Twitter

    ReplyDelete
  9. මාතා ඉරාන ජනාධිපතිගේ හෙලිකොප්ටර අනතුර සිදු වු ආකාරය ගැන විවිධාකාර මත මේ වන විට පලවෙමින් තිබෙනවා..

    මෙවැනි අනතුරක් සිදුවු විට අවධානයට ගත යුතු කරුණු අතර අනතුර සිදුවන විට පැවති කාලගුණික තත්වය,ගුවන් යානාවල ගුණාත්මක බව,නියමු වැරදි සහ වෙනත් බාහිර හේතුන් වලට හිමි වන්නේ ප්‍රධාන තැනක්.මෙි ඒවා සම්බන්ධයෙන් කෙරෙන විමසුමකි..

    හෙලිකොප්ටර් යානයේ සුන්බුන් හමු වුනේ ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන ප්‍රාන්තයේ වර්ස්කාන් කදුකර කලාපයේ මිටර් 2200 උසකින් තිබු කදු මුදුනකිනි.මේ කදුකර කලාපය සැලකෙන්නේ අසමාන උසින් යුතු කදු ගැට සහිත අනපේක්ෂිත කාලගුණික විපර්යාස ඇතිවන කලාපයක් විදිහටයි.ඊට අමතරව ප්‍රබල සුලං ධාරා වලටද ප්‍රසිද්ධ මෙම ප්‍රදේශයට ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය ඇතුල්වන විටත් තද මීදුමක් තිබු බව චන්ද්‍රිකා ජායාරූප පරික්ෂා කිරිමේදි පැහැදිලවම පෙනි යනවා..

    මීදුම් වලාව හේතුවෙන් පාරදෘශ්‍යතාව කිලෝමීටර් 0.4 අඩු අගයක් ගෙන තිබු බව පසුව එම ප්‍රදේශයට ලගා විමට උත්සහ කල ඉරාන ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා වාර්තා කර තිබුනා.
    එසේම කාලගුණික වාර්තා අනුව එදින වර්ස්කාන් කදුකරය අවට සුලගේ වේගය පැයට කිලෝ මිටර් පනහත් සියයත් අතර ඉහල අගයකි තිබු බව සදහන්..

    යුධ බලය අතින් ලොව මුල් රටවල් විස්ස අතර සිටින ඉරාන හමුදාවේ තරමක් දුර්වල අංශය ලෙසට සැලකිය හැක්කේ එරට ගුවන් හමුදාවයි.1979 ඉරාන විප්ලවයෙන් පසු ඉරානය මත පැනවු බටහිර සම්බාධක නිසා ඉරානයට සිය ගුවන් බලය කාලයත් සමග යාවත්කාලින කර ගැනිම⁣ට නොහැකි වුනා.ඉරාන ජනාධිපතිට ⁣වෙන් වු පුද්ගලික හෙලිකොප්ටර බලඝණය⁣ට 1968 වසරේ නිපදවු බෙල් 212 කාණ්ඩයේ පැරණි හෙලිකොප්ටර් යානා ඇතුලත් වන්නේ ඉහත හේතුව නිසා..

    දක්ෂ ගුවන් නියමුවෙකු මෙන්ම ඉරාන ගුවන් හමුදාවේ එයාර් මාෂල්වරයකු ලෙසට කටයුතු කල ශාහ් පරම්පරාවේ අවසාන රජු වු මොහොමඩ් රිශාහ් විසින් මුල් වරට ඇමරිකාවෙන් ආනයනය කල මේ බෙල් 212 හෙලිකොප්ටර යානා වල එකවර පුද්ගලයන් 14 දෙනෙකුට ගමන් කල හැකියි.කලින් සදහන් කල සම්බාධක නිසා මේ යානාවලට අවශ්‍ය අමතර කොටස් සපයා ගැනිම ඉරානයට විශාල ගැටලුවක්වයි පැවතුනේ.කෙ⁣සේ වෙතත් හැකි අයුරින් මෙම හෙලිකොප්ටර් යානා වැඩි දියුණු කිරිම⁣ට ඉරාන ගුවන් හමුදාව ක⁣ටයුතු කර තිබුනා..

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් ඉතා ඝණ මිදුම සැලකෙන්නේ හෙලිකොප්ටර් යානාවලට ඇති විශාලම අභියෝගයක් ලෙසටයි.එවන් අවස්ථාවන් වලදි නියමුවන්ට සිය දක්ෂතාවය සහ ජි.පී.ස් තාක්ෂණය වැනි මග සොයා ගැනිමේ තාක්ෂණය මත විස්වාසය තබා හෙලිකොප්ටර් යානා පැදවිමට සිදු වෙනවා.ඉබ්‍රාහම් රයිෂිගේ හෙලිකොප්ටර් යානයේ නියමුවන් ලෙස කටයුතු කර තිබුනේ ඉරාන ගුවන් හමුදාවේ සිටි දක්ෂතම නියමුවන් දෙදෙනකු වන කර්නල් සෙයිඩ් මොස්ෆාවි සහ කර්නල් මොහෙන් දරිනෝශ් යන නිලධාරීන් දෙදෙනායි.

      ලෝක දඩබ්බරයකු ලෙස ලොව බලවතුන්ට හිස නොනමන ඉරානයට අසිමිත සතුරන් පිරිසක් සිටින බව නොරහසක්.එම නිසා ඉරාන ජනාධිපති හා විදේශ ඇමති ඔවුන්ගේ ඉලක්කයන්ව සිටි බව අමුතුවෙන් කිව යුතු නෑ.ඒ ඇරෙන්නට ඉරානය තුලද පිටට නොපෙන්වන යම් යම් අවුල් වියවුල් ඇති බවත් කිව යුතුයි..

      ඉහත කරුණු සැලකිල්ලට ගත් විට හෙලිකොප්ටර් යානාව අනතුරට ලක්වන මොහොතේ පැවති කාලගුණය දියුණු තාක්ෂණික මෙවලම් වලින් සන්නද්ධ නවින හෙලිකොප්ටරයකට උවද අභියෝගයක් වන මට්ටමක් තිබු බව පෙනි යනවා.එවන් අයහපත් කාලගුණික තත්වයක බෙල් 212 වැනි පැරණි හෙලිකොප්ටර් යානාවක් වටපිටාව ගැන පැහැදිලි අවබෝධයක් නොමැතිව අන්තරාදයක භූමි සැකැස්මක් ඇති ප්‍රදේශයක කෙතරම් දක්ෂ නියමුවෙකු වුවත් පැදවිම අනතුරකට අත වැනිමක් බව ඉතාමත් පැහැදිලියි..

      එසේ නම් එවන් අවදානම් ගමනකට මත ගුවන් නියමුවන් යොමු වුනේ ඇයිද යන ගැටලුවට ගැන පැහැදිලි පිලිතුරක් තවමත් නෑ..

      මෙම අනතුර කිසියම් කඩාකප්පල්කාරි ක්‍රියාවක ප්‍රතිඵලයක්ද යන නිගමනයත් තවමත් බැහැර කිරිම⁣ට නොහැක්කේ අනතුරත් සමග අසන්නට ලැබෙන තොරතුරු හේතුවෙන්.හෙලිකොප්ටරය රේඩාර්වලින් මැකි යාමෙන් පසුව එහි ගමන් ගත් මගින් දෙදෙනෙකු හෙලිකොප්ටරය මාරාන්තික නොවන අනතුරක⁣ට මුහුණ දුන් බව සදහන් කරමින් පණිවිඩ ලබා දුන් බවට පැවසෙන තහවුරු නොකල ආරංචිය ඉන් එකක්.

      ඊබ්‍රාහිම් රයිෂි ඇතුලු පිරිස ගමන් ගත් හෙලිකොප්ටරය විනාශ වි ඇති ආකරය අනුව එහි ගමන් ගත් සියලු දෙනා ක්ෂණික මරණයකට පත්ව ඇති බව ඔප්පු වි ඇති යන නිසා යම් හෙයකින් මෙම ආරංචිය සැබෑවක් නම් අනතුර සම්බන්ධයෙන් බරපතල සැකයක් මතු වනවා.එසේ නම් මේ පනිවිඩිය ලබා දුන් තුන්වන පාර්ශ්වය කවුද ඔවුන් එසේ කලේ ඇයිද යන්න ගැන සොයා බැලිම අනතුරේ අබිරහස හෙලි කිරිම⁣ට මග පාදන බව කිව යුතුයි..

      හෙලිකොප්ටර යානය මග සොයා ගැනිමට යොදා ගත් සංචලන පද්ධතිය (Navigation system) ඇමරිකාවේ නිර්මාණයක් වන G.P.S (Global Positioning System) තාක්ෂණයද එසේත් නැත්නම් රුසියානු GLONASS තාක්ෂණයද (Global Navigation Satellite System) යන්න ගැන තවමත් සදහනක් නෑ.හෙලිකොප්ටර් යානාවේ භාවිතා කලේ G.P.S තාක්ෂණය නම් ඇමරිකාවට යානය⁣ අනතුර⁣ට පත්වන ආකාරයෙන් එයට ලැබෙන G.P.S දත්ත වෙනස් කිරිමේ හැකියාවක් ඇතැයි යන මතය මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නන් මතු කරන තර්කයක්..

      එහි සත්‍යතාවක් ඇත්නම් සංචලන පද්ධතිය මත විස්වාසය තබාගෙන මිදුම මැදින් ගමන් කරන හෙලිකොප්ටරය කදු මුදුනක ගැටිම වැලැක්විමට නොහැකියි.

      මගේ කලින් ලිපියේ සදහන් වෙන ආකාරයට ඊලග ආධ්‍යාත්මික නායක තනතුර සදහා පවතින තරගයේ ඊබ්‍රාහිම් රයිෂිට පසුපසින් සිටින මොජ්ටාබා කමේනි නමද මේ අනතුර සම්බන්ධයෙන් එහෙන් මෙහෙන් ඇසෙන්නට පටන් ගෙන ඇති අතර ඉරානයේ සදාකාලික සතුරාගේ බුද්ධි අංශය වන මොසාඩ් සංවිධානයද මේ සම්බන්ධයෙන් මත පල කරන්නන් අමතක කර නෑ..

      දැනට මතුව ඇති තොරතුරු අනුව අයහපත් කාලගුණය සහ යානයේ තාක්ෂණික ගැටලු මෙම අනතුරේ ප්‍රධාන චුදිතයන් වුවත් යම් කිසි කුමන්ත්‍රණයක් මේ අනතුර පිටුපස නැතැයි යන අදහසද තවමත් බැහැර කිරිම⁣ටද නොහැකි තරම් ප්‍රබලව නැගි සිටිනවා..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න