ටෙනිසන් කුරේගේ මියයාම අප සමාජයේ නිරුවත හෙලිකරනා තවත් මහඟු මොහොතකි. ඒ ලාංකිය ජනතාව කිසිසේත් අවංක නොවන කුහක ආත්ම වංචාකාරි ස්වභාවයයි. ඒ පෙන්වන්නේ අපේ ගෝත්‍රික බවයි. කරුමය කියන්නේ සියල්ලෝම මාර සිවිලයිස් පොරවල් හා ලිබරල් පොරවල් ලෙස තමන් විසින්ම හඳුන්වාගන්න පිරිස වීමයි.
සරත් අමුණුගම “කනත්තේ විප්ලවය” ලියා වසර 33 ක් ගතවී ඇතත්, අපි සඟිස්කෘරුතිමය වශයෙන් අප අද ඉන්නේද, එදා උන් ස්ථානයේ හෝ ඊට පහළින් මිස ඉදිරියෙන් නම් නොවේ.. සියල්ල මැදිහත් සිතින් විමසීමට වඩා පිල් බෙදී එකිනෙකා හා ගේම ඉල්ලීමේ ගෝත්‍රික ලක්ශණය පහවනා තෙක්, රටක් වශයෙන් නැගී සිටීමද සිහිණවලට පමණක්ම සීමාවිය හැකිය.
සර්ව සම්පූර්ණ මිනිසුන් බිහිවන්නේ නැතත්, සියල්ල මැදිගත් සිතින් විඳිනා ලෙස හෙවත් මධ්‍යම ප්‍රතිපදාව තම දර්ශණය ලෙස ප්‍රකාෂ කල මුනිවරයකුගේ දහමක් අදහනා බහුතරය සිටින්නේ දරුණු අන්ත්වාදී තලේබාන් මානසිකත්වයකය. ඔවුන් භෞතික ශරීරය මරා දමනා මිනීමරුවන් නොවුනත්, මිනිසුන් මරා දැමීමට තරම් කුරිරු මිනීමරුවෝමය.
{(කෙනෙක් මාතලන්ද එසේ යැයි කියා තර්කයක් ගෙන ආ හැකි අතර, මාතලන් නම් කියන්නේ මිනීමරුවන්ට අනුකම්පා නොකල යුතු බවය. මිනීමරුවන් හා සහජීවනයේ හැමිනීමට ගොස් කාපු බඩ ඉරිඟු පරිප්පු අප ජීවිතයේ අනන්තවත් දැක ඇත. මිනීමරුවන් සමාජය තුල ජීවත්වීම අති භයානකය)}
සමාජ විජ්ජාඥ්ඥයින් සංස්කෘතිය ලෙස හඳුවන්නේ ජීවන රටාවයි. මේ ජීවන රටාව හෙවත් මිනිසුන් හැඩගැසී ඇති ආකාරය අනුව “හැපිනස් ඉන්ඩෙක්ස්” හෙවත් “සතුටු දර්ශකය” අනුව ලොව රටවල් වර්ගීකරණය කිරීමක්ද වේ. එහෙත් ලංකාව වගේ රටක මිනිසුන් ආර්ථික වශයෙන් ඉහළම තැනකට පැමිනියත්, සිටින්නේ සිතේ සතුටින්ද?
කිසිසේත් නැත. සිත් සැහැල්ලු නැත. සිත සැහැල්ලු කර ගැනීමට යෝගා ක්ලාස් ගියත්, ක්ලාස් එක නම් වෙනස් වන්නේ නැතිය. කීමට කියන්නේත් එහා ගෙදර එකා හොඳින් ඉන්නවා නම් මෙහා ගෙදර එකාගේ ඇඟේ මාළු නටනවා කියලාය. එය පරම සත්‍යයි.
ලාංකීය සමාජය පිළිඹිබු කරනා අපූරු කැඩපතක් ලෙස මා දකින්නේ ෆේස්බුක් හෙවත් බුකියයි. අද දවසේ ලාංකිය සමාජයේ කෲරත්වය මනා ලෙස පෙන්වන අපූරූ ස්ථානය බුකියයි. එහි විවිධ කල්ලි වෙති.
ඒ අනුව ටෙනිසන් විරෝධි කඳවුරක් බිහි වී ඇති අතර, තමන්ගේ ග්‍රෝත්‍රික නිරුවත ප්‍රබුද්ධ සළුපිලිවලින් වසා ගැනීමේ අපූරූ උත්සාහයන් මේ මොහොතේ එහි සැරිසරනා සියල්ලන්ටම දැක ගත හැකිය.
මේ කියන්නේ කුමක්ද? අපෝ අපිනම් ප්‍රබුද්ධ. අපි ඔය පීචං ජෝක් බලන්නේ නෑ. ඕවත් ජොක්ද? ඕවට හිනා යනවද? කුණුහබ්බ….
එහෙත් W ජයසිරිලා අමු කුණුහබ්බ කීවාම ඒක මාර ක්ලැසික් ය…. ජයසිරිලා මහෙන්ද්‍රලා අමු නිර්වස්තරයෙන් රඟපෑවාම ඒව මාරය… ප්‍රබුද්ධය… සමාජයේ පැතිකඩ විවර කරනා අපූරූ ප්‍රහසන රංඟනයන්ය.. ඒ ජෝක්ස් නොවේ… ප්‍රහසනයයි..
බන්ධු සමරසිංහ ජොකා පිටින් පාර පුරා දිවීම… මාන්දමිකය.. චාටර්ය… පීචංය… අමු ගොන් ජෝක්ස්ය. හැබයි පොඩි උන් උඩ පැන පැන හිනා වෙන්නේ බන්ධු දුවනා කොටය… හේතුව උන් තාම ප්‍රබුද්ධ සහතික පත්‍ර විභාගය සමත් වී නොතිබීමය.. ඒ සහතිකේ ගත්තාම කිචි කැව්වත් හිනා වෙන්නේ නැතිය.
කරුමේ කියන්නේ අපිට නම් මේ සියල්ල එක සේ රසවිඳීමට හැකි වීමය….
මේ කියන්නේ ඇත්තද? ආත්ම වංචාව කියන්නේ මෙය නොවේද? මොවුන් ටෙනී බැලුවේ නැත්නම් ටෙනී දන්නේ කෙසේද?
ඒ නිසා ඔවුන් ප්‍රබුද්ධ නමින් සමාජයේ පෙනී සිටී. ඔවුන් දෙවනි වන්නේ බුද්ධට පමණි. සම හරක් බුද්ධත් විවේචනය කරමින් යන්නට ගොස වැලිකඩත් ගියේය. මේ ප්‍රබුද්ධයින්ගේ රෙදි ගැලවූයේ තවත් ප්‍රබුද්ධ කලාකරුවකුම වූ මගහමසේකරය. එනයින් ඔහු සුප්‍රබුද්ධ නම් වන්නේමය.
සාමාන්‍යයෙන් මට අපුල දෑ මම බලන්නේ නැත. ඒ ගැන මගේ විවේච්නයක්ද නැත. සමන් එදිරිමුනි මගේ බුකි හිතවතෙකි. එහෙත් දැන් ඉන්නේ වෙනත් එදිරිමුනි කෙනෙකි. එහි අවුලක් මට ඇත්තේ නැත. ඒ නිසා ඔහුනේ නාට්‍ය ගැන දන්නේ බුකි පෝස්ටුවකින් පමණි. එහෙත් නාට්ටිය රසවිඳ ඉන් සෑහීමකට පත් නොවනා ඩයි හාඩ් රසික රසිකාවියෝ, එදිරිමුනිද මරාගෙන කා රසවිඳින්නෝය. ඌ කරන්නේ උගේ පෝස්ටුවක තිතක් තැබීම පමණකි. ප්‍රබුද්ධ රසික කැල නිර්වස්තරයෙන් දෙවන ඉනිම රඟති.
නාමල් උඩුගමට ගල් ගහන උන් නාමල්ගේ සින්දු අහනවාය. නාමල්ට ගහන්නේ උන්ගේ කෙල්ලෝ හෝ ගෑණූ නාමල්ට ආදරක කරනා නිසාය. ඉරාජ් මරාගෙන කති. එහෙත් වීඩියෝව මිලියන ගනනක් නරඹා ඇත.
ආන්ත්‍රාවයි….!!! කලාව රස නොවිඳ මිනිසුන් රස විඳින්නට යාමේ රෝගයට මෙතෙක් කිසිම ඖෂධයක් සොයාගෙන නොමැත.
මෑතක සිඳු වූ දෙරණ ඩ්‍රීම් ස්ටාර් ෆැලන් ඇන්ඩ්‍රියා හා නුවන්ධිකා වෙනුවෙන් කල මරාගැනීමද එසේමය.
ඔවුන් දෙදෙනා ශානරයක් දෙකක් බවත්. තරඟයක් හේතුවෙන් පමණක් නුවන්ධිකා දෙවනි වූ බවත්, ඔවුන් දෙදෙනාම දැන් සිටිනා ගායිකාවන් සියල්ලටම වඩා ටැලන්ටඩ් බවත් පිලිගෑනීමට අකමැති ඇයි?
ආදරය එකෙකුට පමණක්ම සීමා විය යුතුද? දෙදෙනෙකුට පෙම්කල නොහැක්කේ ඇයි? මාතලන්ට නම් අවසන් 10 දෙනාම ඩ්‍රීම් ස්ටාර්ලාය.
මෙවන් ටැලන්ටඩ් සෙට් එකක් සෙට් උනේ සිරිසෙන් සුරේන්ද්‍රාලා බිහි කල තරඟ වටයෙන් පසුය. සුරේන්ද්‍ර මොකෙක්ද….? ඌ කියන්නේ ජෝතීගේ සින්දු නේ. (ඇයි යකෝ ඒවම අහන්නේ… ඌගේ ඔරිජිනලුත් අහපන්කෝ… පෙට්ටියෙන් එලියට වරෙන්කෝ..)
සරත් අමුණුගම ගෙන ආ පීචං ප්‍රබුද්ධ කනත්තේ විප්ලවයට එහා යමින් මේ වන විට අප සමාජය අපූරූ වූ බෙදීමකට ලක් වී තිබෙනවාය. කරුමය කියන්නේ මෙය දේශපාලනික බෙදීමක් වීමය. ඒ බයියන් හා ටොයියන් ලෙසය.
මෙය සමාජ විද්‍යාත්මක හැදෑරීමක් කර, විස්ස විජ්ජාල නිබන්ධායක් කිරීමට තරම් වටිනා මාතෘකාවක් වුවද අද වන තෙක් එය සිඳු වී නැත.
මාතලන්ට අනුව නම් මේ රටේ ටොයියෝ නැත. සියල්ලොම බයියෝය. බටහිර චින්තනය ඇති උන් සිටින්නේ ඉතා සුළු පිරිසකි. ඒ ජාති ආගම් කුළ බේද කිසිවක් නොසලකන ප්‍රභූ පන්තියයි. කුමන තරාතිරම උගතෙක් පෝසතෙක් බුද්ධිමතෙක් තියා ලයන් ක්ලබ් මෙම්බර් වුවද, ඒ පන්තියේ සාමාජිකත්වය කිසි දිනෙක හිමි වන්නේ නම් නැතිය. එය වාසනාවකි.
එතනට යෑමට ගොස් පුක බිම ඇනගත් පිරිස බොහෝය. ලුවී විටෝන් බෙල්ට් එක දැම්මාට යටට අමුඩය ඇඳගෙන ඉන්නා බව උන් දන්නවාය.
මේ වෙන්න ටොයියන් ඉතා අසරණ වූ අවස්ථාවක් ඊයේ පෙරේදා සිඳුවීය. ඒ මහාචාර්ය සෞම්‍ය ලියනගේ සින්ඩ්‍රමයයි.
එම පත්වීම් නීත්‍යානූකූල නොවන නමුත්, ඒවා නොසලකා ඔහු නැවතත් සේවයේ පිහිටවිය යුතු බව සිවිලයිස්, උගත්, “බුද්ධිමත්”, නීතීගරුක, ඩුවල් සිටිසන් ෂිප් පිරිස් වලින් සමන්විත කොමිසම් මගින් රට පාලනය විය යුතු යයි සිතනා කලිසම් අඳිනා වැදගත් මහත්වරුන්ගේ මතයයි.
අම්මපා උන්නැහේලා මේවා කියන්නේ කලිසම් ඇඳගෙනද කියා අපට නම් සිතෙනවාය. මෙවන් අසාධාරණ ඉල්ලීමක් කිරීම ඔවුන්ට කොයිතරම් ගැලපේද?
එහෙත් අප නම් කියන්නේ, සුපිරි ටෙලි නාට්‍ය කරුවන් පිරිසක් පිටුපස සිටිනා සෞමය ලියනගේ වැන්නෙක් නැවත එම තනතුරේ පිහිටවිය යුතුම බවයි. මේවායෙන් සිඳුවන්නේ ඇදගෙන නාමින් සිටිනා ආන්ඩුව හත් පොලේ ගාගැනීම පමණි. මොකා කලත් හොඳ නම යන්නේ ජනාධිපතිතුමාගේය.
ටෙනීලාගේ බන්ධුලාගේ ජෝක්ස් ඒකාකාරි බවක් පෙන්වයි. එහෙත් සුපිරි නලු නිලියන්ගේ ලව් ඉස්ටෝරිවල මොවුන් ගන්නේ ඇයි. සෝ එක දුවන්නේ උන් නිසාය.
උන් වෙනුවට අලුතෙන් ආපු උන්ට ඒ දේ කරන්නට බැරි වූ නිසා සිනමාව කඩාගෙන වැටින. අද ප්‍රබුද්ධ පොරවල් හදනා අට අනූ කෝටියක් ප්‍රශ්ණ වලින් කිසි අඩුවක් නැති සෝ වේලෙනවා කියා හදාපු උන්ම අඩති.
එහෙත් ඇත්ත කතාව නම් උන්ට ජනතාවට දැනෙනා නිර්මාණයක් කර ගැනීමට බරි වීම මිස වෙන කිසිවක් නොවේ. මේ රටේ ජනතාවට තිබෙනා ප්‍රශ්ණ ඕනාවටත් වැඩි නිසා සල්ලිත් දීලා අනුන්ගේ ප්‍රශ්ණ ඔළුවේ දාගැනීමට පිචැර් පිස්සෙකුට අමාරුවක් තිබුනද සාමාන්‍ය ජනතාවට අමාරුවක් අත්තේ නැතිය.
ප්‍රබුද්ධ සිනමාවද හවුස් ෆුල් වූ යුගයක් මේ රටේ විය. ඒ එදා එඩී, ෆ්‍රෙඩ්, දොන්, බී ඇස්, ඩී ආර්, ටෙනී බන්ධුලා හදපු පිචැර් පිස්සෝ නිසාය. ඒ නිසා ධර්මසිරි බන්ඩාරනායකගේ තුවෙනි යාමය සුද්දිලාගේ කතාව වාගේ නිර්මාණයනද බොක්ස් ඔෆීස් වාර්ථා තිබ්බේය.
අදත් ගිරිරාජ්ලා උදයකාන්තලා හදපු සෝ එකක් දැම්මාම ඔය අපලේ ගෙවී අහවර වෙනවාය. ඒ ලංකාවෙ මිනිස්සු ඇබ්ස්ට්‍රැක්ට් ෆිල්ම් නොදන්නා නිසාය.
අප නම් ඔය සියල්ල එක ලෙස විඳිනවාය. ඒ සමහර විට අර ඉහළ පන්තියේ උන් හා කාළයක් කළ ආස්සරේ නිසා වෙන්න ඇහැකිය.
ප්‍රහසනය විඳිනා අය පට්ට ජෝක් එකක් විම නම් හිතට අමාරුය…
හැබයි ඉති ඒකත් ජෝක් එකක් නිසා… ඒවාත් බලා ආතල් එකේම සැහැල්ලුවෙන් ඉන්නවාය…
මේ සියල්ලෝම ටෙනී දන්නේ චිත්‍රපටවල රඟපෑ කුණු ජෝකරයෙක් කියාය.
එහෙත් ටෙනී කියන්නේ දක්ෂ වේදීකා නලුවෙකි. අප තරුණ කාළයේ කොළඹ රංඟ ශාලා පිරෙව්වේ ධර්මසිරි බන්ඩාරනායක, ජයන්ත චන්ද්‍රසිරිලා පමණක් නොවේ… ටෙනී හා සාජන්ට් නල්ලතම්බිලාද ඒ අතරේ විය…
ඔහු සුපිරි තිර රචකයෙකි, අධ්‍යක්ෂකවරයෙකි… මේ විවේචන ගෙන එන කිසිවකු ටෙනීගේ නාට්‍ය නරඹා නති බව ඉර හඳ මෙන් විශ්වාශය…
ටෙනීලා ආන්ඩුවෙන් සහනාධාර ඉල්ලි හිඟන්නෝ නොවේ…
විකට නළුවන්ට ලෙබෙනා සැලකිලි කවදත් මේසේය…
ඒ සමස්ත රාජ්‍යම අන්දරේලාම නිසා වෙන්නටත් ඇතිය.