හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
Dec 28, 2011
Dec 22, 2011
ගල් - Stones
ගල් ගැන කතා බහක් ඇතිවෙලාය. එබැවින් මා වැනි බුද්ධිමතෙක්, ගල් ගැන සම්බාව්‍යා විග්‍රහයක් නොකිරීම ගැන මාගේ මිතුරන් මා විමසුවේය. ඒ අයගේ බලවත් ඉල්ලීම මත මේ ගල් විචාරය ලියන්නේය. ගල් ඒ කාලේ ඉඳන් මේ පින් බිමේ තියෙන්නට ඇතිය. ඒත් ගල් සගිස්කුරුත්තේට එකතු වන්නේ බුද්ධාගමත් එක්කය. මහින්ද හාමුදුරුවෝ (මෙයා නෙමෙයි අනේ ලංකාවට බුද්ධාගම ගෙනාපූ මහින්ද හිමි.) වැඩියේ මිහින්තලේ ගලක් උඩටය. ඒ නිසා මිහිඳුගේ පරපුරත් ගල් වලට කැමතිය. බුද්ධාගමත් එක්ක ඉන්දියාවේ සිට ආපු අට අනූවක් කස්ටිය එක්ක ගල් වඩුවෝත් ආවේය. ගල් ආඳෝත් ආවේ ඒ කට්ටිය එක්ක දැයි කියන්නට දන්නේ නැතිය. ඒ ගැන දැනගන්න සූරීයප්පෙරුම මහතාගෙන ඇසුවාම එතුමා කිව්වේ අපේ අම්මාගෙන් අසා ගන්න ලෙසය. පුරාවිජ්ජා චක්කර නාහිමි විචාල කල උන්වහන්සේ කරුණාවෙන් වදාලේ, එ ගැන තව හාරලා බලන්නම් ඒත් ඔහේ වගේ ගල් මූසලයෝ ඉන්නකම් මේවා කොරන්න අමාරු බවය. ගල් මූසලයෝ හෙහ් හෙහ් චිත්‍රපටියකට ලස්සන නම්ක් නේද කියා ඇහුවාම උන්නාන්සේ කිව්වේ. චිත්තර පටියට කෙසේ වෙතත් ඒවා හදන උන්ට නම් ගැලපෙනවා කියාය.
ඔබ සැමට සුභ නත්තලක් වේවා...!!! - Merry Christmas Dear Friends...!!!
දෙවියන් වහන්ස,
ඔබ වහන්සේගේ පුත්‍රයා පැමින ගොස් බොහෝ කල්ය. මේ අප සමරන්නේ ඔබ වහන්සේ අප වෙත එවූ පුත්‍රයාගේ, යේසුස්ගේ, 2011 වන උපන් දිනයයි. නමුත් ඒ පුත්‍රයාත් කුරීරු ලෙස කුරුසයක ඇන ගසා මරා දමන්නට තරම්, ඔබ වහන්සේම මැවු මිනිසා, කුරීරුවිය. සාතන් ජය ගත්තේය. සමහර විට ඔබ වහන්සේ මිනිසා මැවීම ගැන අද දුක්වනවා ඇත. මා නම් ඒ ගැන බොහෝ දුක් වන්නේය. ආදම් පරපුර ඔබට පිටුපා සාතන් පසු පස යති.
Dec 21, 2011
සුහඳ ඇමති මාරූ - Career Exchange
සාමාන්නියෙන් මැටි ඇමතිවරු පත්තර බලන්නේ නැතිය. ඒවා බලන්න, මාද්දිය සැකට්රිලා දමා ඇත්තේය. උන් බලන පත්තරයක්ද නැත්තේය. ඌ තවෑකෙකුට දෙනවාය. ඒ බලන එකා ඇමතියාගේ මොකක් හරි කෙස් එකක් දැක්කොත් ඒක කපලා අරන් පයිල් කොරනවාය. ඒ උනාට මැටි ඇමතිවරු විතරක් නොව ලොක්කාද මුල් පිටුව බලනවාය. ඒ නිසා මල් කුමාරයාත් ජාම බේරගෙන සිටිනවාය. අද මල් කුමාරයා කිව්වේ මෙවර ඇමති මාරූ නැතෙයි කියාය. තියෙන්නේ සුහඳ මාරූ කියාය. ඒ කියන්නේ එකක්වත් කර ගන්න බැරුව ඉන්න නිසා කරන්න පුළුවන් එක ඉල්ලන්න කියාය.
Dec 20, 2011
වේගය මරු කැඳවයි - High Speed Kills
-0-
අනේ දෙවියනේ මට උන වියෝ යා
තිබුන එකත් අද මට නැති උනෝ යා
ගුලි දුන් එකා අටකින් ගොඩ ගියෝ යා
ලණු කාලා කඹ රෙන්නට උනේ යා
ගම් මට්ටමෙයි බිම් මට්ටමෙයි සැරි සැරු වා
පන්සල් පල්ලි ගොස් ගොන් රැල රැවටූ වා
කෘත් යාධියත් එක්කල වානා එව් වා
වැඩි වේගය කැඳවනවා නොවැ මරු වා
.oO0Oo.
අළුත්ම වැඩේ, මෙතනින් බලන්න
Dec 19, 2011
රාජ යෝග - Raja Yoga
ඉදිරියට වන්නේ කුමක්දැයි කියන්න දැන්ම බැරිය. වියරු වැටුණ මහත්මා දේශපාලනයේ ප්‍රතිමූර්තියේ, කරු මහත්මයාට සහයෝගය දැක්වු මහත්වරු ඉතාම වැදගත් ආකාරයට ගල් ගසමින් රතිඤ්ඤා දමමින් තම දෙවොල (සිරිකොත.) ගිනි තියන්නට දඟලනවාය. රනිල් දින්නත් කරූ දින්නත් මට ඇති වැඩක් නැතිය. ඒත් මේ රටේ අනාගතයට එය බලපානවාය. කරූට සහයෝගය දැක්වූ සජිත් ඇතුලු පිරිසගේ එකම පරමාර්තය ඉක්මනින් බලය ලබා ගැනීමය. මේ සඳහා මුදල් පෙන්නු විගස මේ පැත්තට පනින්න, 94 පටන් මෙලෝ දෙයක් නොකල. රට කාපූ ශ්‍රී ලංකා ඇමති සෙට් එකක් මෙන්ම, ජනතාව පවාදී, ලොක්කාගේ දෑත ශක්තිමත් කරන්නට ගිය පිරිස, කරූ මහත්මයාගේ දෑත ශක්තිමත් කරන්නට පැනලාම එනවාය.
Dec 18, 2011
පිච්චු හැදෙන සඳ.... - Dear Uncle Moon
නෑ.... නෑ.. බාන් කී මූන් අංකල් ගැන නෙමෙයි....
සඳ ගැන කවි, ගී , සින්දු, චිත්‍ර, කෝටි ප්‍රකෝටියක් ලියවිලා ඇති ඒ හැම එකකම සිනිදු, සුකොමල, ලාමක, ලතෙත් මෘදු, සෞම්‍ය, මොලොක්, මටසිලිටු, ප්‍රසන්න, ප්‍රිය උපදවන වස්තුවක් විදියට තමයි හඳුන්වලා තියෙන්නේ, කාන්තාවගේ මුහුණට උපමා කලේ කැත හිතකින්ද එහෙම නැත්නම් අවංකවද කියන ප්‍රශ්නෙකුත් මට තියෙනවා. ඒ උනාට මේ කයිය වෙනස් එකක් වෙයි මයේ හිතේ.....
Dec 17, 2011
කෙල්ල කොල්ලට කියපු කවිය - You are too Naughty Babe
බලන්න කරපු දේ...
අම්මිලා නැති උනත්
ඔයාව ගන්න අකමැති
කාමරේට..
ඔන්න ඕකනේ..
"වෙරළු මල්" සුවඳයි
කාමරේම...
අනේ මන්දා
නෝටියා...
-o-
මේක මම දැම්මේ ලංකාවේ හොඳම සින්ඩිය වන මාතලන්ගේ සින්ඩියේ වැඩේ නැගලම ගියා, හිතවතුන්ගෙන් කොමෙන්ට්ස් ගොඩයි. ඒ වගේම ඉල්ලීම් ගොඩා....යි. මාතලන් බොගේ මේක දාන්න කියලා. ඉතින් මම හිතුවා අර කතා ගේ සන්ඩේ ඇක්ස්ට්‍රා ඉස්පෙසොල් වගේ, දාලා දානවා කියලා.. එහෙනම් බලල රස විඳින්න..
අලුත් බ්ලොගක් පටන් ගත්තා.. විඳින්න...
Dec 16, 2011
අම්මා - Mom
මගේ ප්‍රියතම චිත්‍ර ශිල්පියෙක් වන ජයසිරි සේමගේගේ මව සහ දරුවා |
Dec 15, 2011
තාත්තේ ගොජ ගොජ දාහං - Oh No.. Dad please....
මේ දවස් වල, කවියි, ද්වේශපාලනෙයි ලියලා මටත් එපාවෙලාය. ඒ නිසා ජෝක් එකක් ලියලා දාන්න හිතුනේය. අපි වවමු රට නගමු කියා එකෙක් කියනවාය. මල් පෝච්චි වලත් වවන්න කියනවාය. ඊළඟට වවන එකා මරනවාය. මේ දවස්වල කතාවෙන්නේ ගොයියෝ ගැනය. ඒ නිසා ගොයි ජෝක් එකක් ලියන්න සිතුනේය. මේක ඇඩම්ස් එකක්ය. මේක කියන්න ඕනත් ඒ විදියටය. නමුත් මේකේ එහෙම කියන්න බැරිය. ඒ නිසා රසේ අඩු විය හැකිය.
Dec 14, 2011
Dec 13, 2011
Dec 12, 2011
පෙට්ටි - Boxes
පෙට්ටි කියන්නේ මම හිතන්නේ දෙමලෙන් ආපු වචනයක් වෙන්න ඕනාය. පෙට්ටි කියපු ගමන් අපේ කස්ටිය කලබල වෙනවාය. පෙට්ටිය පරෙස්සම කර ගන්නා තරමට බොහොම හොඳය. මොකෝ ඒවා කඩලා වීරයන් වෙන්න ඉන්න කට්ටියක් තවමත් ඉන්නවාය. කැඩුන පෙට්ටි හදන ගොඩ වෙද්දුත් ඉන්නවාය. ඒ වෙනම විජ්ජාවක්ය. පසුගිය කාලේ තවත් පෙට්ටි වගයක් ජනප්‍රිය වෙලා තිබුනේය. ඒ මිනී පෙට්ටිය. ඒවා පුඅරවන් යන ලොරි හැම තැනම දකින්නට ලැබුනේය. ඒ පෙට්ටි වලින් කෝටි පති වූවන්ද බොහෝය. ලොක්කටයි ජනරාළටයි පින්සිද්ද වෙන්න ඒ පෙට්ටි සෙල්ලම නැවතුනේය.
Dec 11, 2011
Dec 10, 2011
කාළගුණේ, මොකෝ උනේ - Funny Weather Forecast
Dec 8, 2011
රොක් හඩ්සන් "ගේ" කතාවක් - Rock Hudson in Hell
ප්‍රථමයෙන්ම තිසරයාට ස්තූතී කොරන්න ඕනෑය. මේක මතක් කලේ ඌය. එමෙන්ම විසේසයෙන්ම කිව යුතු දෙයකුත් වන්නේය. එනම් අප කිසි ලෙසකින්වත් ඒඩ්ස් රෝගියකු පිළිකුල් කරන්නට හොඳ නැතිය. මොකෝ බොහෝ දෙනෙකුට එය ලැබී ඇත්තේ නොදැනුවත්වමය. මාතලන් ලිංගික නිදහස ඉහලින්ම අගය කරන්නෙක්ය. නමුත් සියළුම දෙනා දැනුවත් විය යුත්තේමය. මන්ද ඒඩ්ස් මාරාන්තිකය. ආවරණ දමාගෙන බැට් කොරන්න යාම කෝකටත් හොඳය.
Dec 7, 2011
කණගාටුවෙන් දැණුම් දීමයි.... - Sorry Guys
පඩිය කියන්නේ, වැඩ කරන මනුස්සයෙක්ගේ මූලීක අයිතියක්ය. එහි කතා දෙකක් නොමැත්තේමය. වැටුපකින් ජීවත් වන කෙනෙක් තම වැටුප අතට ගන්නා මොහොත රටක් රාජ්‍යයක් දිනනා මොහොතක්මය. ඒ කතන්දරේ පඩියට වැඩ කරන උන් දන්නවාය. එක දවසක් පරක්කු උනොත් ඔක්කොම වැඩ ජිල් මාල්ය. ප්ලෑන් ඔක්කෝම අප්සෙට් යන්නේය. සතියක් පරක්කු උනොත් එකෙක් වත් වැඩ කොරන්නේ නැතිය. එහෙව් එකේ මාර්තූ මාසයෙන් පස්සේ පඩියක් අද වෙනකම් ලැබිච්ච නැති සෙට් එකක් ඉන්නවාය. පොඩි උන් ටිකක් නෙමේය. VVIP ලාය. වෙන කව්රුවත් නොවේය. ළොකේන් උතුම් රටේ ක්‍රිකට් ටීම් එකය.