ඒ පාර මොකක්ද මේ ...?
මේක මේ බ්ලොග් කළාවේ උන්නතිය වෙනුවෙන්, යහපත් සිතිවිල්ලෙන් පටන් ගත්ත වැඩක්, වැඩේ පටන් ගන්න ඉස්සරත් වැඩේ සාර්ථකයි කියලා හිතෙනවා. නමුත්, ඒක දිගටම ගෙනියන එක තමයි අපි කාගෙත් යුතුකම.
එතකොට මොකාද මේක කරන්නේ..?
මෙහෙම අහලා තිබුනේ මාරයා. ඇත්තටම ඒක ප්‍රශ්නයක් නේන්නම්. මේ අදහස මුලින්ම ඉදිරිපත් කළේ නලියට. මොකෝ මේ වගේ දේකට, බ්ලොග් වලින් විතරක් ප්‍රචාරය දීලා වැඩක් නෑ. ඊට පස්සේ කතා කලේ වෙද මහත්තයට, ඒ... වැඩිදුර උපදේශයක් එහෙම ගන්න ඕන නිසා. තවත් කීප දෙනෙකුටම කතා කලා. ඔවුන් හැමෝම වැඩේට සහයෝගය දක්වන්න එක පයින්. නලියයි මායි ඇඩ්මින්. වෙද මහත්තයා උපසේන. අනිත් අයගෙත් උදව් අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙනවා.