හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
May 31, 2015
May 30, 2015
May 28, 2015
පුරවර අතර - From Anuradhapura to Ratnapura
මුලින්ම අපේ පත්තරේගේ මාමන්ඩිට, උන්නැහේ ප්‍රාර්ථනා කොරාපු ළෝකෙක ඉන්න වාසනාවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කොරන අතරෙම, පත්තරේටයි, හාමිනාටයි, මගේ හදපිරි ශෝකය ප්‍රකාශ කොරලා ඉන්නවා.
සම හරක් හිතාගෙන ඉන්නේ මාතලන් රනිල්ගේ මීඩියා යුනිට් එකේ වැඩය කියලා. ඒ වගේම, ඒ යක්කුම කලින් කිව්වේ මාතලන් රෙදි නැතුවම මහින්ද මහත්තයට කඩේ යනවැයි කියලා. ඒත් ඉතින් මාතලන්ට වෙලා තියෙන දේ දන්නේ බොහොම ටික දෙනයි.
May 23, 2015
තවත් කළු ජූලියක් එපා...! - Racist in love with Rapist
කරුමයක මහත නම්, නිහඬ විප්ලවයකින් ඇති කළ යහ පාලනයක සතුට භුක්ති විඳීමකට වඩා, ප්‍රති විප්ලයවක අමන ක්‍රියාවන් හමුවේ භීතියකට පත්ව සිටීමට, සාමකාමී ජනතාවට සිඳුවී තිබීමයි. මහ පොළොව මත පවතින යථාර්ථය නම්, රට කාබාසිනියා කළ නීල කාස හොර නඩය හා උන්ගේ අන්තේවාසිකයින් වන වහලුන් රැළ, නැවත කුමන ආකරයකින් හෝ බලය ඩැහැගැනීමට මාන බලන අතර, අනෙක් පිරිස ඔවුන් නැවත බලය ඩැහැ ගනීදෝයි යන මර බියකින් පසු වනා බවය.
May 21, 2015
වාසූ මාරාවේශ වී, භාෂා වෙල්ලකු බව පෙන්වා සිටී (23+) - Vasu Calls Ranil a "Pakaya" in Parliment
ලාංකිය වමේ දේශපාලනයේ සිටිනා නොම්මර එකේ කාළකන්නින්ගේ හෙළුව වාසුදේව නම් දේශපාලන කාළකන්නියා විසින් මේ රටේ ජහ මනයාට ඊයේ මනාව පෙන්වා සිටියේය. කුඩූ කන්ටේනර් පිටින් ගෙනවිත් මේ රට විනාශ කළ අගමැතිවරයකු සිටී ආන්ඩුවේ, බලු කුක්කන් සේ ඇමතිකම් කල මේ කාළකන්නි දේශපාලුවා, පාර්ලිමේන්තුව යනු, බහුතරය මට්ට ගොන් බූරුවන් පිරිසක් පිරි විගඩමක් ලෙස නැවත් වරක් ඔප්පු කරමින්, වත්මන් ආන්ඩුවේ අගමැතිවරයා ආමන්ත්‍රණය කොලේ "පකයා" නම් ගරු නම්බු නාමයෙනි.
May 19, 2015
May 18, 2015
May 17, 2015
අභයාරාමේ මහින්දාගමනය - Mahindaagamanaya at Abhayaaraama
ළොකු හන්දුරුවනේ... ළොකු හාන්දුරුවනේ.. ගාගේන මර හඬ දීගෙන ගඳ කුටියට කඩා ගෙන වැඩ්ඩ පොඩි නමගෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද නර්ස් හාන්දුරුවෝ ඇහුවේ, මොකෝ යකෝ උදේ පාන්දරම මර හඬ දීගෙන කෑ ගහන්නේ කියලාය. වැඩ්ඩ වැඩිල්ලේ තරමේ සැරට දෙතුන් සැරයක් පැඩ්ඩ පොඩි නම හති හලන ගමන් දෙසා වදාලේ, ආන් මහ සජ්ජුරුවෝ පන්සලේ තාප්පෙ උඩ සර්කස් පෙන්නනවා කියලාය.
May 13, 2015
May 12, 2015
සිරසත් හොරු රකිනවාද...? - Is Sirasa protecting the Suspects.?
ඊයේ තවත් ජාතික වීරයෙක් යහපාළණයේ "දඩයම" ට බිලි විය. ඔප්පු කොට නැති වුවත්, අම්මට සිරි ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ මහා නීල කාස සොර දෙටුවාය. අපි එහෙම කිව්වාට එහෙම නොවෙන්නත් පුළුවන්ය. මොකෝ එයා වැලිකඩ ගියේ, "කොහොමද යහ පාලනේ...?" කියලා අපෙන් අහගෙනය. අපිට නම් කියන්න තියෙන්නේ, "යහ පාලනේ පට්ටයි ඕයි..." කියලාය.
May 10, 2015
May 9, 2015
විල්පත්තුව මෙන්ම, පක්ෂයද බේරා ගත යුතුය... - It is your duty to protect the country & the party
බොරුවට ආයුෂ අඩුය. සත්‍ය කවදා හෝ ජය ගන්නේමය. එමෙන්ම චන්ඩි කමෙන්, මදාවි කමෙන්, යුද්ධයෙන්, විසඳාගත නොහැකි ගැටළු, අර්බුධ හා ව්‍යසනයන්, මෛත්‍රියෙන්, නිහතමානීකමෙන්, සාකච්ඡාවෙන්, අවබෝධයෙන් හා එකමුතු කමින් පහසුවෙන්ම විසඳ ගත හැකි අවස්ථාවන්ද අති අමානුෂික ත්‍රස්තවාදයන් හා සිවිල් යුද්ධයන් පවතින 21 වන සියවසේදීද පවතින බව, ළොවට පෙන්වා දුන්නේ, මෛත්‍රී පාලනයයි.
May 6, 2015
හොරු සමඟ සාකච්ඡා කුඩු විය - Broken Dreams
අවුරුදු 25 ක් ඉතර තිස්සේ, මේ රටේ ආන්ඩු, සාකච්ඡා තිබ්බේ, රස්තවදියෝ හෙවත් කොටිත් එක්කය. ගොඩක් ඒවා තිබුනේ, රන් වැටෙන් වට ඇටෙන් එහා දේස දේසාන්තරවලය. සම හරක් සෙට් උනේ, තිම්පු වලය. මැලේසියාවේ හා සිංගප්පූරුවෙත් තිබ්බා වගේ මතකය. අන්තිමට තිබ්බේ ජිනීවා වලද කොහෙදය. ඒවාට ආවේ බාලසිංහම්ය. සාමෙට කියා ආවට, සාකච්ඡාවෙන් පස්සේ පුක නැති වෙන්නම නෙළුවේය.
May 5, 2015
මහා පාවාදීමක්ද...? ඉස්තරන් ඇන්දීමක්ද...? - Live Or Die Game...
අද ලාංකීය දේශපාළණයේ තීරණාත්මක දිනයක් වනු ඇත. සියළු යහපාළණ ටොයියන්ගේ අප්‍රසාදය මැද, මහ බයියා සමඟ පක්ෂයේ ඉදිරි අනාගතය පිළිබඳව මෛත්‍රී මහින්ද සාකච්ඡා පැවැත්වෙන්නේ අදයි. මීටීම සඳහා අට දෙනෙක් ඉදිරිපත් වෙයි. ඒ හිටපු හා වත්මන් ජනපතිවරු හා, ඔවුන්ගේ සඟයෝ 6 දෙනෙකි. මෛත්‍රී පිලට, නිමල් සිරිපාල, අනුර ප්‍රියදර්ශණ හා සුසිල් ප්‍රේමජයන්ත ඇතුලත් වෙයි. මින් ප්‍රේමජයන්ත ප්‍රභල මහින්දවාදියෙකි. මහින්දගේ පිලේ ඩලස්, බන්දුල හා වෙල්ගම ඇතුලත් වෙයි.
සම හරක් විට මෙය අට දෙනෙකුට සීම කොට ඇත්තේ, ඊට වඩා වැඩි පිරිසක් ඇඳුම් නැතිව සාක්ච්ඡා කලහොත්, ගීනස් පොතේ නම් ගම් පවා ලියවීමට ඉඩ ඇති නිසා වෙන්නත් පුළුවන්ය.