.

.

Apr 15, 2025

බටර් කේක් විත් බනානා.....

 


බටර් කේක් විත් බනානා

Butter Cake with Banana

➖➖➖➖➖➖⭕➖➖


මේ අවුරුදු කාලයේ හිනා වෙයන් රාළේ කියලා කියන නිසා.... හිනාවෙවී බුකියේ උඩ පහළ යනකොට.... බටර් කේක් පෝස්ට් කීපයක්ම දැක්කේය.... ඒ දැක්කාම මාතලන්ගේ නොස්ටල්ජියා මතකය අතීතයට දිව ගියේය....


යමක් කමක් මතක පොඩි කාලයේ සිටම.... අවුරුදු කෑම මේසයේ.... කිරිබත්, කැවුම් කොකිස්, අතිරස, අග්ගලා, මුං කැවුම්,  කළු දොදොල්, කැවිලි පෙවිලි, කෙසෙල් ගෙඩි වලට අමතරව.... බටර් කේක් කෑලිත් විරාජමානව දීසියක තැන්පත් වෙලා තිබුණේය.....


1977 ට කලින් අවුරුදු කෑම හුවමාරු පිඟන්වල බටර් කේක් තිබුණේ නැතත්.... විවෘත ආර්ථිකයත් සමග බටර් කේක් එකක් හෝ බටර් කේක් කෑලි ඒ පිඟන්වල තිබුණේය.... දැන් නම් අවුරුදු කුමාරයා එන්නේ සංකුයික් බෝතලයකුත් අරගෙනය... ඒකත් එක්ක ඩ්‍රයි ජින් බෝතලයකුත් ගේනවා නම් බොහොම වටින්නේය... 


පින්තූරයේ තිබෙනවා වගේ කේක් එකක් ඒ කාලේ බොහෝ ජනප්‍රිය වෙලා තිබුණේය.... ඒක little lion ද, පෙරේරා and සංස්ද කියා මට හරියට මතකයක් ඇත්තේ නැතිය... එහෙත් මේක කියවන මෙමරි කැපෑසිටි එක වැඩි උන්ට නම්.... මේ කේක් එක හැදුවේ කවුද කියා මතකයක් අනිවාර්යයෙන් ඇත්තේය....


අපේ ගෙදර නම්.... සිරිමාගේ ආණ්ඩු කාලයේත්... අලුත් අවුරුද්දට අම්මා බටර් කේක් එකක් හදනවාමය....  ඊට අමතරව මිස්ටර් සැම්සන්ගේ (තාත්තා) ප්‍රියතම කේක් එක වූ පොල් කේක් හෙවත් බිබික්කමකුත් හදනවාමය.... ඒ දෙකම අනිවාර්යයෙන් කෑම මේසේ තිබුණේය... 


අදටත් එක එක වර්ගයේ කේක් ජාති තිබුණත්.... චීස් කේක් හා love cake වලට පස්සේ මගේ ප්‍රියතම කේක් එක බටර් කේක්ය.... 


දැන් එක එක ජාතියේ කේක් තිබුණාට.... ඒ කාලේ තිබුණේ බටර් කේක් සහ චොකලට් රෝල් විතරය... චොකලට් රෝල් නම් ගෙනාවේ කඩෙන්ය... ඒකට මගේ එතරම් කැමැත්තක් තිබුණේ නැතිය.... මගේ ප්‍රියතම කේක් එක වූයේ බටර් කේක් එකය....


ඒ එක එක ජාතියේ කේක් කන්නට ඉගෙන ගත්තේ.. කොටුවේ සැලින්කෝ එකේ වැඩට ආවායින් පස්සේය... බනානා කේක් කියා කේක් වර්ගයකුත් තිබෙනවා කියා දැනගත්තේ ඉන් පස්සේය... හැබැයි ඒක මට ඇල්ලුවෙ නැතිය.... 


අපි ඒකේ වැඩ කරන කාළයේ ලංකාවේ තිබුන උසම ගොඩනැගිල්ල ඒකය... කොච්චර උසද කියනවා නම්... උඩම තිබුණ රැස්ටරෝන්ට් එක නම් කරලා තිබුණේ "ආකාස කඩේ" කියලාය... ආකාස කඩේ තාමත් තිබෙනවාය... සැලින්කෝ බිල්ඩින් එකේ ground floor එකේ තිබුණ ඉස්නැක් බාර් එක රන් කලෙත් ආකාස කඩෙන්මය.... කේක් කෙසේ වෙතත් ඒකෙ තිබුණා snake වලට ගහන්න snacks නම්.... ගිහින් තිබෙන foreign country වල french restorant එකකින්වත් කන්නට හම්බ වුණේ නම් නැතිය... ඒවා ඒ තරම් රසය...


සැලින්කෝ ඉස්නැක් එකෙත් කේක් තිබුණාට..... බෝත්ඩේ වලටයි එක එක සැලබරේෂන් වලටයි  කේක් අරගෙන ආවේ catham street එකේ Pagoda එකෙන්‍ය...   Fab ආවේ පසු කලෙකය... කේක් ගෙනෙන්නට එක එකාට කඩේ ගිය office එකේ මාරිමුත්තු නම් කිව්වේ... Baf එකේ කේක් පට්ටම රහයි කියලාය... 


මේ මතකයන් ගැන ලියන්නට ගියොතින් Ensyclopedia හෙවත් විස්සකොසේ වගේ එකක් ලියවෙන්නට ඉඩ තියෙනවාය... ඒ කෙසේ වෙතත්... බටර් කේක් කන්නට බනානා එකක් නම් ඕනම වුණේය... ඒ කාලේ නම් කෑවේ කෝලිකුට්ටු එක්කය... මිස්ටර් සැම්සන් නම් ඒවාට කිව්වෙ පුවාලු කියාය... හැබැයි පුවාලු කියා තවත් කෙසෙල් වර්ගයක් තිබෙනවාය...


tourism කරන කාලයේ අපට ඉගැන්නු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ lacture මහත්තයෙක් අපට කියලා දුන්නේ ලංකාවේ Banana වර්ග 29ක් තිබෙනවා කියලාය... වැඩි ප්‍රමාණයක් පළතුරක් ලෙසත්... කිහිපයක් cooking හෙවත් ඉවුම් පිවුම් සඳහාත්... අපටම ආවේනික වූ වර්ග කීපයකුත් තිබෙන බවත්.... අපට කියා දුන්නේ එතුමාය... 


කොහොමත් සුද්දියෝ Banana කන්න බොහොම කැමතිය... වැඩියෙන්ම කැමති ජපන් සුද්දියෝය... tourism කරන උන් නම් මේ ගැන හොඳින් දන්නවාය....


අදටත් මගේ ප්‍රියතම බනානා වර්ගය නම් සුවඳැල්මය... ඒ කාලේ අපේ වත්තේ ඒවා තිබුණේය... දැන් නම් හොයා ගන්නට අමාරුය.... එහෙත් මගේ බොක්කේ හිතවතෙක් වන Athula Thilak Ranasinghe  හෙවත් Chefaki ගේ සප්තපාදිය හෝටලය බලා කියාගෙන උන් කාලයේ.... රත්නපුරේ පොළ අසල කඩයකින්.... දිනපතාම වාගේ මට සුවඳැල් කෙසෙල් ඇවරියක් ලැබුණේය... මම ඒක කෑවේ.... අර සුනිල් එදිරිසිඥෝගේ සිංදුවක ඉන්නා මසුරු සිටානෝ වාගේ කිසිම එකෙකුට දෙන්නේ නැතිව තනියෙන්මය.... හේතුව... ඒවා ප්‍රමාණයෙන් බොහොම කුඩා කෙසෙල් වර්ගයක් වීමය....


මේ කොළඹ සුවඳැල් කෙසෙල් හොයන්නට නැති නිසා.... දැන් මගේ ප්‍රියතම බනානා වර්ගය නම් "Dole" බනානාය... ඩෝල් බනානා කන්නට නම් බටර් කේක් ඕනාත් නැතිය... ඒ තරම් රසය... රස නැති ඒවත් තියෙනවාය... එහෙත් ලෙල්ලේ පාටින් හොඳ එක අඳුනාගත හැකිය... 


ඒ කාලේ බටර් කේක් සහ කෝලිකුට්ටු මගේ ප්‍රියතම ආහාරයක් වූවා ලෙසම... කෝලිකුට්ටු හා රටකජු මුසුවද.... මගේ ඩේලී මැනූ එකේ ඩිනර් ඩෙසර්ට් එකේ අනිවාර්‍ය එකක්ම විය... අදත් ඒවා එසේම ඒ විදිහටම කන්න ආසා වුණත්.... අද රුපියල් සීයට හම්බ වෙන්නේ... එදා රුපියල් පහකට හම්බ වූ රටකජු වලටත් වඩා අඩු ප්‍රමාණයක්ය...


ඒ වගත් මෙසේය....

.

43 comments:

  1. පොඩි අවුරුදු ක්‍රීඩාවක් කරමුද? ම්න්න මේ පල්ලෙහා තියෙන වීඩියෝ එක හිනා නොවි, පැනික් නොවී මුල් තත්පර 30 බලන්න ඕනෙ...

    මෙන්න වීඩියෝ එක

    ReplyDelete
    Replies
    1. "බ්....බල්ලෝ...කුලප්ප්පුව...." 😉

      ආතල් කෝටියයි බොල....😂😂

      Delete
    2. නියමයි.. පලවෙනි තත්පර 30 පනිනකොට තමයි අතල්ම හරිය එන්නේ... 😁 😁

      Delete
  2. මාතා

    ඉෆ්ටාර් එක අරලියගහ මන්දිරේ සැමරුවේ අපේ මුදලින් නෙමේයිද? රටේ එක ආගමික් උළෙලක් සමරල ප්‍රදානම සංස්කෘතික උත්සවය අත අරින්නෙ ඇයි?

    රටේ රාජ්‍ය නායකයා නේද මෙහෙම කරන්නෙ ඇයි එයාට මෙච්චරම ඇරියස් එකක් තියේද ප්‍රදාන ජනවර්ගයයි ඒකෙ අනන්‍යතාවයි එක්ක ?

    ReplyDelete
    Replies
    1. සිම්පල් නේ පුතා..

      අවුරුදු උනාම මුලු පවුලම පෙන්නන්න වෙනවා... එතකොට පුංචි අම්මවත් ලෝකෙට එක්ස්පෝස් වෙනවා... සිරාම ප්‍රශ්නෙ ඔන්න ඕකයි (නැත්තන් අර අනිත් ජෙපි ලොක්කො උන්ගේ පවුල් එක්ක පොටෝ ගහලා දැම්මේ යස අගේට)

      ඉෆ්තාර් එකට කිසිම ගෑණු පරාණයක් ගෑවෙන්නේ නෑ නේ ඉතින්......

      ඕක දැන දැනම පැල්වත්තේ ඩෝබියෝ වැළලෙන්න හදනවා "අපේ ලොක්කා මහජන මුදල් නාස්ති කොරන්නේ නෑ.... ය.. අරකය මේකය" ගාගෙන...

      Delete
  3. සිංගප්පූරුවෙ අගමැතිතුමා 10% ක ඇමරිකානු බදු ගැසීම හේතුවෙන් විශාල වශයෙන් කළබල වී ජාතිය අමතමින්, පාර්ලිමේන්තුව අමතමින්, අලුත් ලෝකයක් පැමිණෙන බව කියමින් එයට මුහුණ දීමට සැරසෙන අන්දම පළමු රූපයේ ඇත..

    අපේ රටේ එකා ලංකාවට 44%ක බදු වදිද්දි, අපේ අපනයන වලින් 25% ක් ඇමරිකාවට යවද්දි මෙලෝ මගුලක් කරන්නෙ නැතුව ප්‍රාදේශීය සභා ඡන්දෙ දිනා ගන්න රට වටේ රැස්වීම් තිය තිය ආතල් එකේ යනවා.

    දෙවනි රූපයේ ඇත්තේ විශාල අර්බුදයක් පෙනි පෙනී කැඳවූ සර්ව පාක්ශික සමුලුවේදී විපක්ෂ කට්ටිය විවිධ යෝජනා කරද්දිත් කිසිම අවුලක් නැතුව ආතල් එකේ හිනා වෙවී ඉන්න ජනාධිපති ලප වදුරුකොටා රිලාරාල

    ReplyDelete
  4. මිනිස්සුන්ට අමු කැවිල පුටුවල තියපු හෙන. බුදුන්ට පිදුව මේ රටෙ,රටෙ ජනතාවගෙ බත් ඇටේට ගහන බදු සල්ලිවලින් රටෙ සංස්කෘතියෙන් ,කිසිදු ආගමිකින් අනුමත නොක රටෙ ළමාපරපුර, රටෙ ජනජීවිතය නොමග යවන පහත් ගතිපැවතුම් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන මොවුන් මේ පුටුවල තියන්න කටයුතු කරපු රට්ටුන්ට විදවන්න වෙනවාමයි.

    පාසැල්වල පහසුකම්
    අධ්‍යාපන මනෝවිද්‍යාව ප්‍රවරධනය කිරීමෙන් ගුරු වුර්තියේ ගුණාත්මක භාවය වැඩිකිරීම
    පානීය ඡල පහසුකම්,විදුලිය ලබාගෙන
    පාසැල් ක්‍රියා උපකරණ ලබාදීම
    දිලිදු ක්‍රිඩකයන්ගෙ පොෂණය

    සඳහා වැඩකරන්න තියෙන මුදල් වලින් මිලියන 300ක් වැය කලෙ අමු කුණුහරුපයකට L g b t මගුලකට

    ReplyDelete
  5. මාලිමා රූපවාහිනී සභාපතිගෙ නැන්දම්මගෙ මළ ගෙදර අපේ සල්ලි වලින් පෙන්නපු උන් දැන් කියනවා වලව්වල කිරිබත් කන එව්වා පෙන්නන් නෑලු

    ReplyDelete
  6. ආවම අවුරුදු
    විලසින් සුපුරුදු
    ගතියක් ඇත මුදු
    කමු කමු අවුරුදු!

    ReplyDelete
    Replies
    1. අවුරුදු කෙසේ වෙතත් නිදි වාමවාදී ගාය හැදුනොත් ඉතින් සිංගප්පුරුව උනත් ඉවරයි!

      ජේ ආර් මරමු කියපු අන්තිම වාම ගාය මිනීමරු අමන බොරුකාර රතු කල්ලිය දැන් ඒ මිනිහ හරි කියලා උන්ම පිළිගන්නවා. එදා ඒක පිලිගත්ත සිංගප්පුරුව ඊට පස්සේ පටන්ගෙන ගව් ගානක් ඉස්සරහ!

      Delete
    2. වාරියපොළ කර්මාන්තශාලාවක් සදහා සේවකයින් ලබා දිය හැකි Manpower ආයතන අවශ්‍යයි. Call 0765430000

      Delete
  7. මහත්මයා ඕක ලිට්ල් ලයන්.
    එය පැකට්කල කේක එකක්.
    මේ කාලේ ලිට්ල් ලයක් නම් මලකඩ රහයි.
    පරණ ලිට්ල් ලයන් කේක් වල කිරි රහක් තියෙනවා.

    ReplyDelete
  8. දැන් මැරුණු පාස්කු බෝම්බකාරයෝ ටික කන්‍යාවෝ 72 ට උක උකා ඉන්නවා ඇති නේ.... මෙහේ එවුන් මහ මොලකාරයෝ හොයනවා තාම 😁 මොන විහිලු විමර්ශනද මේ. කෝ බන් බටලන්ද දැන් 😁

    ReplyDelete
  9. අප ශුද්ධෝත්තම අති උතුම් රොහාන් ලලිත් අපොන්සු අකිගරු අපොස්තුළු උතුමාණන් අද ලෝකයේ ජීවත්වන එකම අපොස්තුළුතුමා ලෙසට සිය ධූරයේ අඩසිය වසක් සපුරණු ලැබූහ

    අපොස්තුළුතුමෙකු ලෙස මේ ලෝකය තුල වසර 50 ක් තම දූත මෙහෙවර ඉටු කල ලොව දෙවන අපොස්තුළුතුමා ලෙසින්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අදටත් වැඩ සිටින්නාහ

    උන්වහන්සේගේ 50 වන ස්වර්ණ ජුබිලි සැමරුම් අවස්ථාව අති උත්කර්ශවත් අන්දමින් පසුගිය පෙබ්‍රවාරි 15 වෙනි දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පවත්වනු ලැබූහ. ඒ සදහා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය අති උත්කර්ශවත් අන්දමින් විචිත්‍රවත් වූ අයුරු මෙම link එක හරහා යමින් දකනට ලැබෙන ඡායාරූප මගින් ඔබට දැකගත හැක

    #BlessedVirginMary #mothermary #appear #Apparation #MotherOfGod #HisHolinessRohanLalithAponso #OurLadyofKatunayakeShrine #ApostleofSriLanka #Derana #SriLanka #news #NEW #church #socialmedia #media #google #Jesus #14thApostle #HisHolinessApostleRohanLalithAponso #miracle #viralpost #viralvideo #cross #saturday #jubilee #anniversary

    ReplyDelete
  10. කරුනා හා පිල්ලියාන් කොටි සංවිදානය පාවා දීලා හමුදාවට සහය දෙන්ට පටන් ගත්තම කොටි සෑහෙන මහන්සියක් ගත්ත උන් දෙන්නව විනාශ කරන්ඩ නමුත් උන් විනාශ වෙනකන්ම බැරි උනා. කොටි ඩයස්පෝරාව සිංහල කොටි ලවා ඒ වැඩේ දැන් කර ගන්ඩ යන්නේ

    "දකුනේ ත්‍රස්තවාදීන්ගෙන් උතුරේ ත්‍රස්තවාදීන්ට තෑග්ගක්"

    ReplyDelete
  11. මාතා

    ඇත්ත කියපන්

    🔸Clean Sri lanka පටන් ගත්තා.. ඒක fail
    🔸 රිලව් ගැන්නා.. ඒක fail
    🔸 වී ගබඩා සුද්ද කලා.. ඒක fail
    🔸 මහින්ද නාකි මයිනාව ඌට දීල තියෙන රජේ ගෙදරින් පන්නනවා කිවුවා.. ඒක fail
    🔸 පිටරටින් හාල් ගේන්නෙ නෑ කිවුවා..ඒක fail
    🔸 ආහාර සෞඛ්‍ය අධ්‍යාපනය මත Vat බදු අයින් කරනවා කිවුවා.. ඒක fail
    🔸 රන්වලගෙ උපාධි සහතිකේ පෙන්නනවා කිවුවා.. ඒක fail
    🔸 ඇලෝසියස්ගෙ හිඟ බදු ගන්නවා කිවුවා..ඒක fai
    🔸 V8 ටික විකුණනවා කිවුවා..ඒක fail
    🔸 රනීල්ව හිරේ යවනවා කිව්වා තාම තටමනවා
    🔸කැබ් එකක් පිරෙන්න File තියෙනවා කිව්වා හැබැයි ඒවට වෙච්ච දෙයක් නෑ
    🔸ඉතා කෙටි කාලයකින් අසාධාරණ රු.50 ක තෙල් බද්දක් අයින් කරනවා කිව්වා ඒකත් ෆේල්

    List continued…………

    ………

    ……..

    මට කවුරු හරි කියනවද මුන් pass වුන එකක් මේ මාස 7 ඇතුලෙ..

    ReplyDelete
    Replies

    1. 1. මහපොළව අනිත් පැත්ත හැරෙන බොරු කියන එක - ප්‍රතම ස්තානය
      2. ඒතකොට මුන්ගෙ වහල් ඩෝබිලා ටික තැන නොතැන නොබලා කුණුහරුප කීම - ප්‍රතම ස්තානය
      3. ඊයෙ ඉපදුන පොඩි එකෙක්ට පවා අලි පච කියලා තේරෙන චේතිය පච අතෑරියාම ඒවා පට්ට ඇත්ත කියලා හදවතින්ම විශ්වාස කරලා අපිටත් ඒවා ඇත්ත කියලා ඒත්තු ගන්වන්න හදන වහල් අනුගාමික රැලක් හදා ගැනිම - ප්‍රතම ස්තානය
      4. කොටි ඩයස්පොරවල් වලට රට විකිණීම - රන් සම්මානය
      5. කෙටි කාලයක් තුල වැඩිම ණය ලබා ගැනීම - ප්ලැටිනම් සම්මානය
      6. කෙටි කාලයක් තුල වැඩිම වීදි සටන් මරණ - ජූරියේ විශේෂ රන් සම්මානය

      Delete
  12. තක්කඩි කෙබර කොටා ඇතුලු ලැජ්ජ නැතිව අතේ පැලවෙන අමු ටොන් පච ප්‍රචාර සිදුකරන මාලිමාවන්ගේ බොරු කප්පරක් අතරින් මට මේ මොහොතේ මතකයට නැගුන ඒවායිනුත් ටිකක් මෙන්න.....

    1. අර්ජුන් මහේන්ද්‍රන් පැය 48න් අල්ලලා ලංකාවට කුදලාගෙන එනවා
    2. ⁠උගන්ඩාවේ සැඟවූ ඩොලර් බිලියන සීයකට වැඩි රාජපක්ෂ හොරුන් හොරාකෑ සල්ලි ඉතාම ඉක්මනින් ලංකාවට අරන් එනවා
    3. ⁠ඉතාම ඉක්මනින් විදුලි බිල 30%ක් ඉක්මවා අඩු කරනවා
    4. ⁠රැකියා විරහිත උපාධිදාරීන්ට පලමු අයවැයෙන්ම රැකියා තිස්දාහක් වහාම බඳවාගැනීම්
    5. ⁠කාංචනගෙ කොමිස් 150/- වහාම ඉවතට (පෙට්රල් ඩීසල් තෙල් මිල රුපියල් සීයට අඩුවෙන්)
    6. ⁠ලක්ශ 12ට විට්ස් කාර් හැමෝටම ගන්න අවස්ථාව
    7. ⁠ත්‍රීකුණාමල තෙල් ටැංකි කිසි ලෙස විකුණන්නෙ නෑ රජයෙන් ආයෝජනය කරලා දියුණු කරලා රට පොහොසත් කරනවා
    8. ⁠මහින්ද නාකි මයිනාව වහාම ගෙදරින් එලියට දානවා
    9. ⁠ගෝල්ෆේස් පෙන්නූ රජයේ සැප වාහන සේරම විකුණා ඒ මුදලින් රටේම ඉස්කෝල හදනවා
    10. ⁠තක්කඩි නව ලිබරල් IMF ඒහන්තයා මහා බැංකු අධිපති බැංකු නන්දේ නන්දලාල් වහාම ගෙදර යවනවා
    11. ⁠ණය ප්‍රතිව්‍යුහගතකරනයට අපේම ක්‍රමයක් යොදාගන්නවා
    12. ⁠පාතාලය පෝය 2 න් ඉවර කරනවා
    13. ⁠ඉතාම කෙටි කාලෙකින් 70-80ක් ඇතුලට දානවා
    14. ⁠වී වලට රු 150/- සහතික මිලක් අනිවාර්යයෙන්ම ඇතිකරනවා
    15. ⁠ආපු ගමන් පාසල් උපකරණ වල වැට් එක සම්පූර්ණයෙන්ම අයින් කරනවා
    16. අපේ අය එකම එක ⁠සැප වාහනයක්වත් ගන්නෙ නෑ 😂
    17. අපේ ⁠මන්ත්‍රීන් පඩි ගන්නෙ නෑ
    18. ⁠පාර්ලිමේන්තු කෑම කන්නෙ නෑ
    19. හාල් මාෆියාව එක පෑන් පාරෙන් නැති කරනවා
    20. ත්‍රීකුණාමලයෙ උක් වවලා ආසියාවටම සීනි දෙනව

    ReplyDelete
  13. පහ වසර ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක යැයි හඳුනා ගන්නා තැනැත්තියක් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කරන ලද එක්තරා උත්සවයක් ගැන තොරතුරු සමාජ මාධ්‍ය තුළ දුටිමි.
    සමාජ මාධ්‍ය තුළින් දැනගත් තොරතුරු අනුව මේ අවස්ථාව සඳහා සහභාගි වී ඇත්තේ ඇයගෙන් ඉගෙන ගත් දරුවන් පිරිසකි. එම ගණන 8000ක් පමණ වන බව ද දැනගන්නට ලැබුණි.
    මෙම සිසුන් 8000ම ඉහත කී ගුරුවරියගේ මාර්ගගත උපකාරක පන්ති සඳහා අඛණ්ඩව සහභාගි වූ අය ද නැතහොත් නම පමණක් රෙජිස්ටර් කරපු අය ද කියා හරියට ම කීමට නොදනිමි.
    මෙම තැනැත්තිය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණීමේදි ඇයට පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙනු දුටුවෙමි. පොලිස් ආරක්ෂාව ලබා දීමට තරම් ඇයට ජීවත තර්ජන ඇත්තේ කාගෙන් ද? අනික උපකාරක පන්ති ගුරුවරියක යනු පොලිසියෙන් ආරක්ෂාව ලබා දිය යුතු තරම් කෙනෙක් ද?
    සමහර කමෙන්ට් කියවීමෙන් පසුව වැටහුණේ " පොලිස් ආරක්ෂාව " පොලිසියෙන් මිල දී ගත හැකි බවයි. ඒ පිළිබඳව නෛතික ප්‍රතිපාදනය හෝ පොලිසියේ ක්‍රමවේදය පිළිබඳව නොදනිමි.
    ඇයගේ ආචාර්ය උපාධිය පිළිබඳව ගැටලු පවතින බව පෙනීයයි. විටෙක එය uk ය, තවත් විටෙක usa ය. ඒ මදිවට ඇය ලබාදුන් සහතිකයක් යැයි කියන එකක hon doctor... මොකක්ද මගුලක් ලියා තිබෙනු දුටුවෙමි.
    මේ උත්සවය පිළිබඳව කොමෙන්ට් කළ සමහරු අසා තිබුණේ " ශිෂ්‍යත්වෙ පාස් වෙලා මෙහෙම නම් උපාධියක් ගත්තා නම් කොහොමද ?" කියාය.
    ටියුෂන් යනු බිස්නස් එකකි. බිස්නස්කාරියක වශයෙන් ඇය ඉතාමත් ම සාර්ථක ය. ඒ පිළිබඳව සැකයක් නොමැත . මේ උත්සවය ද ඇයගේ එක් අලෙවිකරණ උපක්‍රමයක් පමණි .
    ගලිවරයන්ගේ කතාව ඔබ අසා ඇතැයි සිතමි. ගලිවර් සාමාන්‍ය ජනතාව අතර ඉද්දී සාමාන්‍ය කෙනෙකි. නමුත් ඔහු ලිළිපුට් දේශයට ගිය පසුව එහි සිටි කුරුමිට්ටං ඉදිරියේ යෝධයකු විය. මෙම තැනැත්තිය ද සාමාන්‍ය මිනිසුන් ඉදිරියේ සාමාන්‍ය ගැහැණියක වුවත් , පහ වසර ශිෂ්‍යයන් ඉදිරියේ ඇයටත් නොදැනීම ඇය යෝධයෙකුගේ චරිතයට ආරෝපනය වේ.
    මෙකී උත්සවය සඳහා දෙමාපියන්ගෙන් මුදල් ලබා ගත්තාද , ලබා ගත්තා නම් එම මුදල කීයද කියා මම නොදනිමි. එසේ මුදල් ලබාගත්තා නම්, එලෙස වියදම් කළ මුදල කිසිදු පලක් නොමැති දෙයකට වියදම් කළා යැයි හිත හදා ගැනීම හැර වෙන දෙයක් නැත.
    එහිදී ලබා දුන්නා යැයි කියැවෙන සහතිකය මෙලෝ වැඩකට නැති නිකම්ම නිකං කඩදාසියක් පමණි. එම සහතිකය කිසිදු පිළිගැනීමක් නොමැති අතර interview එකකට ඉදිරිපත් කිරීමටවත් නොහැකි එකකි.
    ශිෂ්‍යත්ව පන්තියේ ගුරුවරියක මෙලෙස සිදු කරනවා නම්, ඒ ලෙවල් පන්තිවල උපකාරක ගුරුවරුන්ට දැන් කළ හැක්කේ " තොට මෙච්චර පුළුවන් නම් මට කොච්චර පුලුවන්ද මෙතන " කියා තමන් විසින් උගන්වා කැම්පස් යැවූ අය ගෙන්වාගෙන තවත් අඩව්වක් ඇල්ලීමයි.

    ReplyDelete
  14. Saumyage huthtge cake kellak obala thiyala aran kanna aasayi

    ReplyDelete
  15. මාතා පලාත් පාලන වගේ කුඩා මැතිවරණයකටවත් තමන් කරපු ඇත්ත වැඩ ගැන performance reviews කරගනන බැරුව අඩුම තරමේ පලාත් පාලන ආයතන වල ඉදිරි දියුණුව ඇතිවන ලෙස අලුත් අලුත් ප්‍රතිපත්ති යෝජනාවක්වත් කියාගන්න නැති උනාම බටලන්දයි, පාස්කුවයි, පිල්ලෙයාන් ගැන තමයි කියවා කියවා ඉන්නේ මුං නොදකින් කාලකණ්නි හැත්ත මකබෑවිලාම පලයව්.

    ReplyDelete
  16. ශ්‍රීමත් ට Fail වෙන්න ගියෙ පෝය හයයි.. ඩෝබිලා මාර ෆයිට් එකක් දෙනවා කෙලින්කරලා තියා ගන්න. ඒත් හරියන්නෑ.. ශ්‍රීමත් සහ නඩය යන යන තැන නානවා, කට ඇරියොත් ව්නාශයි. කට වහගෙන හිටියොත් දාඩිය ටිකක් හරි උලලා චාටර් වෙනවා...

    ReplyDelete
  17. අයිසේ මාතලන් මේ තකතීරු හරක් රැලක් වන මහ හරකා කෙබර කුමාර කොටා සහ උගේ මාලිමා හරක් රංචුව නටපු ලොකුම නාඩගම තමයි මෝඩ විදියට සංවිධාන කරල තියෙන මහනුවර දළදා ප්‍රදර්ශනය

    මේ දළදා ප්‍රදර්ශනය ආණ්ඩුවේ මෝඩකම තකතීරුකම දුර්වල සංවිධාන ශක්තිය වගේම ආණ්ඩුවේ සහ ලංකාවේ බෞද්ධ යැයි කියාගන්නා ගොඩක් අයගේ හෙලුව පෙන්නුවා පලවෙනි දවසෙම...පැහැදිලිවම කීව්වා දවසට පැය 5 යි පෙන්නන්නේ...අඩුම දවසට ලක්ෂයකටවත් පෙන්වන්න...තප්රයකට 9 දෙනෙක්වත් යවන්න ඕන එක ප්‍රායෝගිකව අමාරු වැඩක්....තප්රයට තුනක් තමයි පුලුවන් එතකොට දවසකට...පනස් දහකට තමයි බලන්න පුලුවන්...හොදම වැඩේ පෝලිමේ මග නැවතුනොත් වෙලාව ඉවර වෙලා...පැය 20 විතර එක තැන ඉන්න වෙනවා...එහෙම පෝලිමක ඉන්න පුලුවන් හොදම නිරෝගි අයට විතරයි...අපේ අය මොකද කරේ වයක ආච්චිලා සියලා ටිකයි... ලෙඩ්ඩු ටිකයි...ලමයිනුයි ඔක්කොම අරන් ගිහින් පෝලිම් වල රණ්ඩු වෙනවා ඉන්න බෑ කන්න නෑ...එලියට දාන්න කියලා....එකෙන් වදින්න පුළුවන් මිනිසුන්ට වදින එක එපා කරා පලවෙනි දවසෙම.... බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීම...අන් අයගේ නිවන් සුව පිනිස තමන්ගේ නිවන් මාර්ගය කැප කරපු මිනිස්සු ඉදපු ඉගැන්වීමක්.....අපේ රටේ බෞද්ධයන් නෑ ඉන්නේ ආත්මාර්ථකාමී බමුණු මත දාරීන් එහෙම අය බුදුන් දැක්කා කියලා වෙන සෙතක් නෑ....!

    ධර්මය හදාරන අය මෙන්න මේ කරුණු සිහියට ගන්න

    "යමෙක් ධර්මය දකීද හෙතම මා දැක්කා හා සමානයි"

    "යමෙක් මා ඉගැන්වූ ධර්මය අවබෝධ කෙරේද මා හට දැක්විය හැක ඉහළම ගවුරවය එයයි..."

    - බුදුන් වහන්සේ

    ReplyDelete
  18. සිරි දළදා වන්දනාව සඳහා පිටුපස දොරටුවෙන් ප්‍රභූවරුන් කැඳවමින් ඇතැයි ජාතික ජන බලවේග න්‍යායාචාර්යවරයකු වන සහ වර්තමාන NPP ආණ්ඩුවේ ප්‍රබල ආධාරකරුවෙකු වන මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය චෝදනා කරයි....

    - Lankadeepa

    //සිරි දළදා වන්දනාව සඳහා පිටුපස දොරටුවෙන් ප්‍රභූවරුන් කැඳවමින් ඇතැයි ආණ්ඩුවේ ප්‍රබල ආධාරකරුවෙකු වන මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය චෝදනා කරයි.

    “මං කිව්වේ පස්සේ දොරෙන් දානවා කියලා. පස්සේ දොරෙන් එන මාළිගාවේ සේවකයන්ගේ පවුල්වල අය ඇමති සුනිල් සෙනෙවි එක්ක ෆොටෝත් ගහලා. තව එකක් සංඝයාගේ පවුල්වල අය ගන්නෙත් පස්ස දොරෙන්. ඒවට අවරස දීලා. එතන තව පෝලිමක්.”

    ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබේ.//

    ReplyDelete
  19. ගෝඨා අවුරුදු දෙකහමාරක් හරි කොහොම හරි ඇද්දා මොවුන්ට නම් අවුරුද්දක්වත් බැරි වෙයි මයෙ හිතේ, අනුර කුමාරලාගේ තඹුත්තේගම ශක්‍යතා අධ්‍යනයේ ඊළඟ එක.. අනුර
    ජනාධිපතිවරයාට උපදෙස් දෙන මිනිස්සු නම් කවුද කියලා දන්නවා..
    ඒත් මෙච්චරම මරිමෝඩයි කියලා හිතුවේ නෑ..
    අඩුම අනුර ජනාධිපතිවරයා කියන හාදයා මෙතන මාර්ග සංවර්ධනයේ පිරිවැය ප්‍රතිලාභ අනුපාතය ගැනවත්,අධිකරණ තීන්දුව ගැනවත්, විගණකාධිපති වාර්තාව ගැනවත්,රටේ ජෛව සම්පත් වල ආරක්ෂකයා වගකීම් දරන්නා තමන් කියලවත් ඔහුට කිසීම අදහසක් නෑ..
    ඇයි අපිවගේ මිනිස්සු සෑහෙන පිරිසක දහසකුත් එකක් කැප කිරීම් කරලා ගොඩ නගපු මේ ජාජබ පාලනය තුට්ටු දෙකට මායීම් කරන්න හදන්නෙ?

    ReplyDelete
  20. මාතා

    ජැක්සන් ඇන්තනි ලංකාවේ ප්‍රවීණ මාධ්‍යවේදියක්. පමණක් නොව ඔහු ඉතිහාසය සංස්කෘතික ගවේෂණයේ ප්‍රාමාණිකයෙකි ගවේෂනාත්මක මාධ්‍යවේදියකි . ඔහු විසින් බුදුන්ගේ ශාක්‍ය වංශයෙට නෑකම් කියන ලංකාවේ මෝර්‍ය වංශික රජපෙලපතට මහින්ද රාජපක්ෂ සම්බන්ධ යැයි අනුමාන කර කීව විට

    ජවිප අනුගාමිකයන් ප්‍රමුක රාජපක්ෂ අන්තවාදී වෛරක්කාරයන් ජැක්සන්ගේ මරණයේදීත් ඔහුට දැඩිලෙස පරිභව කරමින් අපහාස කලේය.

    අදත් ජැක්සන්ගේ ඒ රෝල් එකට සමාන රෝල් එකක් කරන මාධ්‍ය කරුවෙක්

    අනුර දිසානායක යනු කීරවැල්ලේ පරපුරේ රජ කුමාරයෙක් කියති.

    ඔහු ලංකාවේ ඓතිහාසික කීරවැල්ලේ පරම්පරාවට අයත් යැයි කියති.

    කීරවැල්ලේ පරම්පරාව යනු;

    කන්ද උඩරට සෙංකඩගළ සිංහළ රාජවංශයේ උභය කුළ පාර්ශවය වන (එනම් සෙංකඩගළ සිංහළ රාජ වංශය බිසෝවරු තෝරාගත් පරම්පරාව ලෙස සලකන)

    කීරවැල්ලේ පරම්පරාවට නැකම් කියන්නෙක් ලෙස හදුන්වා දෙන්නේය.

    එම පරම්පරාවේ රන්දෝළි බිසවගේ ලගම පුරුෂ ඥාතිවරයෙකුට ( රජ බිසවකගේ ලේ ඥාති සහෝදරයෙක් වගේ අයෙක් ) ⁣සෙනරත් රජුගේ සිට 2 වන විමළධර්මසුරිය දක්වා රජ සමයේ දී දළදාවේ ආරක්ෂාව භාරකිරීම පැවතිබව අප අසා ඇත්තේය.

    එහිදී මම දකින්නේ එදා,ජැක්සන්ට අපහාස කරන ලද ආකාරයට අනුර ගැන කියපු කථාවට සහ එය කීව පුද්ගලයාට

    අනුරට විරුද්ධ මතවාදීන් තබා ඔහුට දැඩිලෙස වෛර කරන්නන් පවා අපහාස කරනවා දැක්කේ නැත.

    එක්කෝ ඔවුන් අනුරට කවදාවත් රජ වංශයක උභය කුළ පාර්ශවයකටවත් සබදකමක් ඇතැයි විශ්වාස නොකරන බව නිගමනය කර හැක.

    නැත්නම් ජැක්සන් අරබයා අනුරගේ පක්ෂය හැසිරැන ආකාරයට (,ජැක්සන් මහින්දට කඩේ ගියා යැයි දැඩිලෙස වෛරසහගතව අපහාස කළා මෙන්) වෙනත් පක්ෂවල අය එනම් අවම තක්කඩි මැරයකුවන නාමල් රාජපක්ෂගේ පක්ෂයවත් අනුරට කඩේ යන බව පෙන්වන මේ මාධ්‍ය වේදියාට අපහාස කිරීම අනවශ්‍ය බවට මහත්මා ගතියෙන් සිතන බව හෝ නිගමනය කළ හැකිය.

    එකම ආකාරයේ නිගමනයන් දෙකක් වෙනුවෙන් රටේ වෛරය අපහාසය ගලා ගිය හැටි පෙන්වන ආකාරය හරියටම

    විජේවීර සිල් ගත්තා වැනිය

    අංගුලිමාළ කසිප්පු ගහලා වගේය.

    ජැක්සන්ගේ කථාව කාටහරි පුළුවන් නම් අමුනන්න

    අනිත්,කථාව පහළ තියනවා

    https://www.facebook.com/share/v/16ZwkHC5bF/

    ReplyDelete
  21. @ ඇනෝ

    මහින්ද රජාට ඇදලා කෙලෝගන්න පටන් ගත්තේ අවුරුදු හත අටක් ගිහිල්ලා යුද්දෙත් දිනලා. මේ බූරු වහන්සේට මාස හයෙන්.....? ගොබ්බ අනුරයා මේ උගුලට අහු වෙයි අනිවාර්යයෙන්ම. ?

    https://www.youtube.com/watch?v=5KmjMiPiyq0

    ReplyDelete
  22. ජාතික පුෂ්පය තම්බාගෙන බීමට හෝ වේලා ඔතා රෝල් කර පත්තුකරගෙන බීමට...

    ***අවසානයේ ඇති youtube වීඩියෝ මාගේ ආරක්ෂාව සදහාය.

    නිල් මානෙල්, විද්‍යාත්මක නාමයෙන් Nymphaea caerulea හෙවත් Nile Blue Lotus නමින් ප්‍රසිද්ධය. ඇතමෙක් මෙය ලංකාවට ආවේණික වශයෙන් හැදින්වූවද ඒ පිළිබඳ මගේ පෞද්ගලික ආකල්පය මඳක් වෙනස් මගක ගමන් කරයි. නිල් මානෙල් යනු ආදි පුරාණයේ විශේෂයෙන්ම ඉංදියාවේ සහ ඊජිප්තුවේ ශාරීරික සුව කාරකයක් මෙන්ම ආත්මීය (Spiritual) සුව කාරකයක් වශයෙන් භාවිතා වූ සුවඳැති මලකි. ලංකාවේ ජාතික පුෂ්පය යනුවෙන් හැඳින්වෙන නිල් මහනෙල් මල මෙම ඊජිප්තුවේ හමුවන මානෙල් මලට වඩා වෙනස්කම් පෙන්වයි. මහාචාර්ය ගවරම්මාන මහතා මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව පර්යේෂණ පවත්වා ඇත. මෙය ආයුර්වේදයේද, විශේෂයෙන්ම භාවනාව, සිතේ ඒකාග්‍රතාවය ඇතිකර ගැනීම හා ශරීරය ශාන්ත කිරීම සඳහා භාවිතා වී ඇත.

    රසායනික සංඝටක (Chemicals):
    • Apomorphine – දෘශ්‍ය හා මානසික ව්‍යාජයන් (mild hallucinations) ඇති කරන dopamine agonist එකකි. සිත ඒකාග්‍ර කරගත් අයෙකුට මෙයින් ලබාගතහැකි ප්‍රතිඵල විශිෂ්ටය. අයෙක් මෙය මත්ද්‍රව්‍යයකට සමාන කොට දැක්වීමට පවා මෙම ද්‍රව්‍ය ගුණය හේතු විය හැකිය.

    • Nuciferine – dopamine antagonistic ක්‍රියාවක් ඇති අතර, සැහැල්ලු නිවීනයක් (mild sedative) ලෙස ක්‍රියා කරයි. ඉන්සෝම්නියාව ඇති අයට නිද්‍රාකාරකයක් ලෙස භාවිතා කල හැකිය.
    • Flavonoids, alkaloids සහ anthocyanins වැනි ප්‍රතිඔක්සිකාරක (antioxidants) ද අඩංගු වේ.

    මානසික හා මානසික බලපෑම් (Psychedelic Effects):
    • සැහැල්ලු සන්සුන් බවක් හා නිවීනයක් (Sedative)
    • මනෝභාව වර්ධනය වීම
    • භාවනාව සහ ගැඹුරු සිතීම සඳහා උපකාරී වීම
    • සැහැල්ලු ව්‍යාජ දෘශ්‍යකාරකයක් වශයෙන් භාවිතා වේ (mild visual hallucinations)
    • ලිංගික හැඟීම් වැඩිවීම (aphrodisiac effect) ලෙසද වාර්තා වේ

    සෞඛ්‍ය වාසියන් (Health Benefits):
    • ආතතිය හා කනස්සල්ල අඩු කිරීම
    • නින්ද සඳහා උපකාරී වීම
    • ප්‍රතිඔක්සිකාරක (antioxidant) මගින් ශරීර සෞඛ්‍යය වර්ධනය
    • තද නින්ද හා ශාන්ත වීම සඳහා උපකාරී
    • ලිංගික ශක්තිය වැඩි කිරීමෙහි උපකාරී වීම

    අවවාදය: පමණට වඩා භාවිතය සෞඛ්‍යයට හානිදායක විය හැකි බැවින් වෛද්‍ය උපදෙස් මත භාවිත කළ යුතුය. (මේ ගැන උපදෙස් දීමට බටහිර වෛද්‍යවරුන් අකමැති බැවින් තමා විසින්ම මේ ද්‍රව්‍යයන් වගකීමෙන් සහ සිහි බුද්ධියෙන් භාවිතා කල යුතුය)

    අනේක වූ පැරණි දර්ශනික සම්ප්‍රදායන් තුළ මේ මල ආත්මීය වශයෙන් භාවිත වී ඇත, නමුත් නව විද්‍යාත්මක පරීක්ෂණ තවම සීමිතය

    https://youtu.be/WD134i-Lzsg

    https://youtu.be/H50UY_cbyoc

    ReplyDelete
  23. අනේ මන්දා මේ ලංකාවේ සමහර මිනිස්සු හිතන විදිහ හරි වෙනස්. එයාලගේ තියරියට අනුව ශිෂ්‍යත්වේ, සාමාන්‍ය පෙළ,උසස් පෙළ ෆේල් උනත් සමහර ළමයි තමයි හොදම ළමයි. මේ ලංකාවේ තරම් ශිෂ්‍යත්වේ පාස් වෙච්ච ළමයින්ට දොස් කියන හින්ට් ගහන රටක් වෙන නැතුව ඇති. ෆේල් උන ළමයට පුදුම හොදක් ආදරයක් තියෙන්නේ. පාස් උන ළමයට කැපිලි කෙටිලි. අනිත් විභාග දෙකත් එහෙමම තමයි. A 8ක්‌ 9ක්‌ ගන්න දරුවා පහත් කරලා කතා කරන්නේ. හොදට ලකුණු ගත්ත එක්කෙනාට තිබ්බ වෙලාවම තමයි ලකුණු අඩු එක්කෙනාට තිබ්බෙත්. උනන්දුව, කැපවීම, මහන්සියය නැතුව ප්‍රතිපල අඩුවෙලා කැපවීමෙන් වැඩ කරපු දරුවොන්ව පහත් කරලා කතා කරන්න එපා. කට පාඩම් කරලා හෝ විභාගයක් ලියන්න දරුවෝ දක්ෂ වෙන්න ඕනේ. එහෙම කරලත් දිනපු දරුවෝ බැනුම් අහන රටක් වෙන නෑ. ☹️මගේ එක දරුවෙක් ශිෂ්‍යත්වේ පාස්.එයා ගොඩක් කැපවුනා. උනන්දුවෙන් වැඩ කරා. ඒ පටන් ගත්ත ගමන තවමත් ලස්සනට යනවා. එත් මගේ පුතා ලබන අවුරුද්දේ ශිෂ්‍යත්වේ උනත් කිසිම ගානක් නෑ. උනන්දුවක් නෑ ඔහේ ඉන්නවා. ළමයි එක එක විදිහයිනේ. වැඩ බැරි අයව අගය කරනවා වගේම වැඩ පුළුවන් අයවත් හොදට අගය කරන්න ඕනේ. හැමෝම දරුවොනේ.අපේ ඉස්කෝලේ රැස්වීමකට ප්‍රසිද්ද පොලිස් පති කෙනෙක් ඇවිත් ශිෂ්‍යත්වේ පාස් දරුවෝන්ව පුදුම විදිහට පහත් කරලා කතා කරේ.මට‍ එකෙන්ම විභාග දිනන එක එපා උනා. හරි නෙගටිව් අදහසක් හිතේ තැන්පත් වෙනවා ☹️

    ReplyDelete
    Replies
    1. ඒක හරි!
      ඔප්පුයි වත්මන් රජයේ කැම්පස් කියා ගත් පිරිසගේ වෘතිමය ස්භාවය හා කලිං o/l වත් නෑ කියපු අයවලුන්ද එකම පාර්ලිමේන්තුවේ හැසිරෙන විදියෙන්!!!
      කිසිම වෙනසක් නැති බව ඔප්පු කර අවසන්ය!!!

      Delete
  24. නිතරම බොරුවම කීමෙන් බොරුව සමාජ ගත වෙනව.පසුව සත්‍ය අනාවරණය උනත් ඒවනවිට බොරුව සමාජ ගතවී හමාරයි විය යුතු විනාශය වී හමාරය.පාස්කු ප්‍රහාරයද එලෙසමය.පරීක්ෂණ වාර්තාද එන්නටත් පෙරම එය ගෝඨාභයගේ ක්‍රියාවක් ලෙස හන්වඩු ගැසුවේය.නමුත් දැන් ඇමරිකාවේ පරීක්ෂණ වලින් පවා සහරාන් සහ ජනතා විමුක්ති පෙරමුණේ එවකට ජාතික ලයිස්තුවේ සමාජික ඊබ්‍රහිම්ගේ පුතුන් සෘජුවම සම්බන්ධ බව හෙලිවී ඇත.දැන් ඡන්දය ඉවරවනතුරු ජනතාවට සත්‍ය හෙළිකිරීම ප්‍රමාදකරනවා ඇරෙන්න වෙනවිකල්පයක් මාලිමා රජයට නැත.මෙයටද මොවුන් මොනම ආකාරයකින් හෝ සත්‍ය වසන් කිරීමට කූට උපක්‍රම භාවිත කරනු නිසැකය.

    ReplyDelete
  25. ඔය හු#තවල් බලන වෙලේ ගෙදරදීම කසිප්පු පෙරාගමු.

    අවශ්‍ය ද්‍රව්‍ය .
    සීනි 10kg
    හකුරු 5kg
    ඇමෝනියා 500g
    යවකාර 500g
    යීස්ට් 500g.
    බැරල් එකයි.
    තඹ බට 1.

    සාදාගනන්නා ආකාරය.
    සිනි, යවකාර, ඇමෝනියා, යීස්ට් බැරල් එකට දමා කටකපා වතුර පුරවන්න.
    හකුරු වතුර දමා හොදින් දිය කර බැරල් එකට පුරවන්න.
    ඉන්පසු දින 05 ක් කීපයක් බැරල් එක කට විවෘතකර තබන්න.
    සතියකට පමන පසු බැරල් එක ගෙන ලිපක් බැද එහි තබා කටට තබ බටය සවිකර ලිප දල්වා තබ බටේ දිගේ එන සුපිරි ස්පිරිට් ටික එකතු කරගන්න.
    වැඩි රසයක් සදහා බ්‍රැන්ඩි එසන්ස් ටිකක් එකතු කරගන්න.
    හැකිනම් ස්පීඩ් කලවන් නොකර බොන්න..
    ස්පීඩ් බීමට අපහසු නම් පමණක් අවශ්‍ය නම් වතුර එකතු කර බොන්න 🗿👍

    බුදු සරණයි 🙏🙏ඔය හු#තවල් බලන වෙල් හදපන්
    ගෙදරදීම කසිප්පු පෙරාගමු.

    අවශ්‍ය ද්‍රව්‍ය .
    සීනි 10kg
    හකුරු 5kg
    ඇමෝනියා 500g
    යවකාර 500g
    යීස්ට් 500g.
    බැරල් එකයි.
    තඹ බට 1.

    සාදාගනන්නා ආකාරය.
    සිනි, යවකාර, ඇමෝනියා, යීස්ට් බැරල් එකට දමා කටකපා වතුර පුරවන්න.
    හකුරු වතුර දමා හොදින් දිය කර බැරල් එකට පුරවන්න.
    ඉන්පසු දින 05 ක් කීපයක් බැරල් එක කට විවෘතකර තබන්න.
    සතියකට පමන පසු බැරල් එක ගෙන ලිපක් බැද එහි තබා කටට තබ බටය සවිකර ලිප දල්වා තබ බටේ දිගේ එන සුපිරි ස්පිරිට් ටික එකතු කරගන්න.
    වැඩි රසයක් සදහා බ්‍රැන්ඩි එසන්ස් ටිකක් එකතු කරගන්න.
    හැකිනම් ස්පීඩ් කලවන් නොකර බොන්න..
    ස්පීඩ් බීමට අපහසු නම් පමණක් අවශ්‍ය නම් වතුර එකතු කර බොන්න 😒

    බුදු සරණයි 🙏🙏ඔය හු#තවල් බලන වෙල් හදපගෙදරදීම කසිප්පු පෙරාගමු.

    අවශ්‍ය ද්‍රව්‍ය .
    සීනි 10kg
    හකුරු 5kg
    ඇමෝනියා 500g
    යවකාර 500g
    යීස්ට් 500g.
    බැරල් එකයි.
    තඹ බට 1.

    සාදාගනන්නා ආකාරය.
    සිනි, යවකාර, ඇමෝනියා, යීස්ට් බැරල් එකට දමා කටකපා වතුර පුරවන්න.
    හකුරු වතුර දමා හොදින් දිය කර බැරල් එකට පුරවන්න.
    ඉන්පසු දින 05 ක් කීපයක් බැරල් එක කට විවෘතකර තබන්න.
    සතියකට පමන පසු බැරල් එක ගෙන ලිපක් බැද එහි තබා කටට තබ බටය සවිකර ලිප දල්වා තබ බටේ දිගේ එන සුපිරි ස්පිරිට් ටික එකතු කරගන්න.
    වැඩි රසයක් සදහා බ්‍රැන්ඩි එසන්ස් ටිකක් එකතු කරගන්න.
    හැකිනම් ස්පීඩ් කලවන් නොකර බොන්න..
    ස්පීඩ් බීමට අපහසු නම් පමණක් අවශ්‍ය නම් වතුර එකතු කර බොන්න 😒

    බුදු සරණයි 🙏🙏ඔය හු#තවල් බලන වෙල් හදපන්
    ගෙදරදීම කසිප්පු පෙරාගමු.

    අවශ්‍ය ද්‍රව්‍ය .
    සීනි 10kg
    හකුරු 5kg
    ඇමෝනියා 500g
    යවකාර 500g
    යීස්ට් 500g.
    බැරල් එකයි.
    තඹ බට 1.

    සාදාගනන්නා ආකාරය.
    සිනි, යවකාර, ඇමෝනියා, යීස්ට් බැරල් එකට දමා කටකපා වතුර පුරවන්න.
    හකුරු වතුර දමා හොදින් දිය කර බැරල් එකට පුරවන්න.
    ඉන්පසු දින 05 ක් කීපයක් බැරල් එක කට විවෘතකර තබන්න.
    සතියකට පමන පසු බැරල් එක ගෙන ලිපක් බැද එහි තබා කටට තබ බටය සවිකර ලිප දල්වා තබ බටේ දිගේ එන සුපිරි ස්පිරිට් ටික එකතු කරගන්න.
    වැඩි රසයක් සදහා බ්‍රැන්ඩි එසන්ස් ටිකක් එකතු කරගන්න.
    හැකිනම් ස්පීඩ් කලවන් නොකර බොන්න..
    ස්පීඩ් බීමට අපහසු නම් පමණක් අවශ්‍ය නම් වතුර එකතු කර බොන්න 😒

    බුදු සරණයි 🙏🙏

    ReplyDelete
  26. අනුර කුමාරට විල්පත්තුවේ වටිනාකම පැහැදිලි කිරීම හෙවත් ගඟට කැපූ ඉනි!

    දැන් මේ අපි හැමෝම අනුර කුමාර ජනාධිපතිවරයා මන්නාරමේ ඡන්ද රැස්වීමක විල්පත්තු පාර අරිනවා කියලා එහේ මිනිස්සුන්ට පොරොන්දු දුන්න කතාව ගැන දන්නවනේ. එතුමා එහෙම අමනෝඥ කතාවක් කීම නොදැනුවත්කමින් කරපු වැඩක් නෙමෙයි. ඒකට හේතුව තමයි අපි මීට අවුරුදු 10කට කලින් එතුමාට මේ බදුර්දීන්ගේ විල්පත්තු වන විනාශය ගැන A to Z පැහැදිළි කරලා දීල තියෙන නිසා.

    මේ තියෙන්නේ අපි අනුර කුමාර මහත්තයා සහ ජවිපෙ නායකයින් ඒ දවස්වල (2016 මුල වගේ මතක විදියට) විල්පත්තු වන විනාශය ගැන අනවබෝධයෙන් හරි හිතාමතා හරි වැරදි මතයක් සමාජ ගතකරගෙන යද්දී, විශේෂයෙන්ම බදුර්දීන්ගේ අනුග්‍රහයෙන් ආචාර්ය හස්බුල්ලා නමැත්තෙක් විසින් විල්පත්තුවේ නැවත පදිංචි කිරීම් පිළිබඳ ව්‍යාජ්‍ය ඉතිහාසයක් ලියමින් නිකුත් කළ "Denying the Right to Return" කියන පොතේ මුහුරත් උළෙලේ ප්‍රධාන දේශනය කරමින් අනුර කුමාර මහත්තායා කරපු වැරදිසහගත ප්‍රකාශයන් අහලා, පරිසර සංවිධාන එකතු වෙලා අජිත් පෙරේරා මහතාගේ නිවසේ දී එතුමාට විල්පත්තුවේ පාරිසරික වැදගත්කම සහ වන විනාශයේ සැබෑ තත්වය දත්ත, සිතියම්, ලියකියවිලි, වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි සහිතව අවබෝධ කරලා දෙන්න ගත්තු උත්සාහය.

    මේ හමුවීම සංවිධානය කළේ master potter අජිත් මහත්තයා. එතුමාට අවබෝධයක් තිබුණා ජවිපේ නායකයෝ විල්පත්තු ප්‍රශ්නය ගැන ඉන්නේ වැරදි මතයක කියලා. ඉතින් එතුමා අනුර කුමාර දිසානායක මහතාට කතා කරලා අපිවත් ගෙන්නගෙන පැය දෙකක් විතර කරුණු පැහැදිළි කිරීමකට අවස්ථාවක් හදලා දුන්නා. රුක්ෂන් ජයවර්ධන, ස්පෙන්සර්, වෛද්‍ය හේමන්ත පෙරේරා එක්ක අපි පැය දෙකක විතර කාලයක් මේ විල්පත්තු වනාන්තර පද්ධතිය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම අනුර සහෝදරයගේ ඔළුවට දාන්න උත්සාහ කළා. ලෝකෙටම මෙහෙම පරිසර පද්ධති තියෙන්නේ එකක්ය, මේ විල්ලු සහිත තෙත්බිම් පද්ධතියත්, සමුද්‍රීය අභයභූමියත් මේ බදුර්දීන් කරන වැඩෙන් සදාකාලයටම විනාශ වෙනවාය, ලංකාවට එන සංක්‍රමණික කුරුල්ලන්ට මේ පරිසර පද්ධතියේ ඇති වැදගත්කමත්, මරිච්චිකඩ්ඩි ආශ්‍රිත පැරණි ධීවර ගම්මානයක් පෙන්වා බදුර්දීන් ප්‍රචාරය කර තිබෙන බොරුවත්, ඒක බොරු බව ඔප්පු කරන්න 1960 ගණන් වල ඉඳලා ලංකාවේ සිතියම් වල ඔය කියන විදියේ ගම්මාන නැතය, 1984 ඉඳලා චන්ද්‍රිකා ඡායාරූප වලත් මේ විල්පත්තු උතුරු අභයභූමියේ හෝ කල්ලාරු, මාවිල්ලු, වෙප්පාල්, විලත්තිකුලම් කියන විල්පත්තු වනාන්තර පද්ධතියේ උතුරින් පිහිටා ඇති රක්ෂිත ඇතුලේ කිසිම මානව ක්‍රියාකාරකමක් පිළිබඳ සාක්ෂි නැති බවත් එකින් එක විස්තර කරලා දුන්නා. ඊට අමතරව මේ විල්පත්තු ජාතික වනෝද්‍යානය හරහා සිලාවතුර දක්වා යුද්ධයෙන් පසු ඉදි කළ මාර්ගය මේ මහා වන විනාශයට මුල බවත්, ඒ මාර්ගය නිසා එළුවන්කුලමේ ඉඳලා සිලාවතුර දක්වා මේ අග්‍රගන්‍ය පරිසර පද්ධතිය විනාශ කරලා මහා ජනාවාසකරණයක් සිද්ධ කිරීම මේ කූඨ දේශපාලකයින්ගේ අරමුණ බවත් පැහැදිළි කළා.

    කොහොම හරි අපේ ඉදිරිපත් කිරීම ඉවර වෙලා තේ එකක් බොන ගමන් අනුර සහෝදරයා අපිට ප්‍රකාශ කළා මෙච්චර කලක් තමන් හිටියේ වැරදි අවබෝධයක බවත්, එය ඉස්සරහට නිවැරදි කරගන්න කටයුතු කරන බවත්. ඊට අමතරව මේ ඇත්ත තත්වය ගැන දින දෙකකින් විතර එයාලගේ පක්ෂෙට පාර්ලිමේන්තුවේ වෙන් වෙලා තිබුණු විනාඩි 20ක වගේ කාලයෙන් විනාඩි දෙකක් වෙන්කරලා ප්‍රකාශයක් කරන්නම් කියලත් කිව්වා. (හැබැයි ඒක කළේ නෑ).

    ඊටත් වඩා මරු කතාවක් කිව්වා "මම මේ ලඟදී අර තැපැල් ශ්‍රවණාගාරෙ තිබුණ පොතක් එලිදක්වපු උත්සවෙත් කතාවක් දීල තිබුණ නිසා කළා, මෙච්චර දෙයක් දැනගෙන හිටියේ නෑනේ..." කියලා. මමත් කිව්වා "ඔව් ඔව් මන්ත්‍රීතුමා අපිත් ඒක ඇහුවා. ඒකෙ කිව්ව ගොඩක් වැරදි කාරණා නිවැරදි කරන්න තමයි අපිට ඔබතුමාව හමුවෙලාමෙ මේව පෙන්නන්න ඕන උනේ කියලා". මම හිතන්නේ ඒ වෙලාවේ මනුස්සයාට පොඩි ලැජ්ජාවකුත් ඇති උන බව body language එකෙන් තේරුණා.

    මටත් ඉතින් පැහැදීමක් ඇති වුණා අනේ ඉතින් මේ මනුස්සයා අඩුම ගානේ තමන් නොදැන හිටපු දෙයක් ගැන කතා කළා කියලා පිළිගන්න තරම්වත් නිහතමානීකමක් තිබුණානේ කියලා. ඇයි ඉතින් ඒ මදිවට පාර්ලිමේන්තුවෙත් කතා කරනවා කියලා කිව්වනේ අපේ මතය වෙනුවෙන්... ඉතින් අපිත් හිතුවා අපේ උත්සාහය සාර්ථකයි, බදුර්දීන් වෙනුවෙන් පෙනී ඉන්න තවත් මන්ත්‍රීවරයෙක් අපි දිනාගත්තා කියලා. හැබැයි ඒ කියපු විදියට පාර්ලිමේන්තුවේ විල්පත්තුවේ ඇත්ත කතාව ගැන කතා කළේවත්, එයා ප්‍රසිද්ධියේ කියපු බොරු නිවැරදි කරන ප්‍රකාශයක්වත් එතුමා ඊට පස්සෙ සිද්ධ කළේ නෑ. පහුගිය මැතිවරණ වලදී නම් අපිට මතකයි එතුමා කියනවා "විල්පත්තුව කැපුවෙ කවුද කියලා දන්නවනේ? බ්ලා බ්ලා බ්ලා...." කියලා.

    ReplyDelete
    Replies
    1. අනුර කුමාර දිසානායක මහත්තයා අද ජනාධිපති වෙලා දැන් මේ සියළු කරුණු කාරණා ගැන අවබෝධයෙන් පුත්තලම සහ මන්නාරම යා කරන විල්පත්තු ජාතික වනෝද්‍යානය මැදින් අනීතිකව බැසිල්/රිෂාඩ් දෙදෙනා විසින් කපන ලද විල්පත්තු වනාන්තර පද්ධතියට විනාශය කැන්දූ පාර ආයෙත් අරිනවා කියලා කියනවා. අගමැතිනි හරිනි අමරසූරියත් ඒ කතාව ගිය මහමැතිවරණ වේදිකාවේ කිව්වා.

      මේ බැසිල්/රිෂාඩි අනීතිකව කපපු පාර දැන් අවුරුදු ගණනාවක් තිස්සේ වහල තියෙන්නේ උසාවි නියෝගයකින්. ඒකට නඩුවක් තියෙනවා මේ අලුතින් කැපූ මාර්ගය නීති විරෝධීයි කියලා. මේ කිසි දෙයක් සත පහකට තකන්නේ නැතුව මේ ජාතික ජන බලවේගයේ නායකයෝ මන්නාරමේ ඡන්ද 20,000ක් වෙනුවෙන් අපේ රටේ තියෙන අග්‍රගන්‍යම පරිසර පද්ධතිය බිලි දෙන්න ඉතාම පහත් මැතිවරණ පොරොන්දු දෙනවා.

      මේ සියළු දේවල් වලින් මට නම් තේරුණේ මේ අයත් අන්ත අවස්ථාවාදී දේශපාලකයෝ කියලා. බලය වෙනුවෙන් ඕනම පහත් වැඩක් කරන්න, බොරු කියන්න සූදානම්. මේ වැඩේ කොච්චර අශීලාචාරද කියනවා නම් මේ ජාතික ජන බලවේගයේ නායකයෝ මේ ප්‍රශ්නෙදී හිටගෙන ඉන්නේ බැසිල් රාජපක්ෂ සහ රිෂාඩ් බදුර්දීන් එක්ක, ඔවුන්ගේ දූෂිත අතීතය සාධාරණීකරණය කරන තැනක. තමන් දිනවීම වෙනුවෙන් ඉස්සරහට ආව පරිසරවේදියෝ පවා මෙයාලා පැත්තකට දාලා මේ ගන්නේ බැසිල්ගේ, බදුර්දීන්ගේ පැත්ත නෙමෙයිද?

      මේක අවස්ථාවාදය ද? තක්කඩිකම ද? මෝඩකම ද? මොකක් ද? මොකක් උනත් ප්‍රතිපත්තිගරුක දේශපාලනය නෙමෙයි කියලා නම් හොඳටම පැහැදිලියි.

      අපරාදේ! අපි මේ මනුස්සයාට විල්පත්තුවේ වටිනාකම කියලා දෙන්න අපි වැය කරපු කාලය! මීට වැඩිය හොඳයි... එක්කො ඕනෙ නෑ.

      ලැජ්ජයි! කුජීතයි!! හිරිකිතයි!!! සහෝදරයා!!!!

      Delete
  27. කාදිනල් යනු බිම පොලිෂ් කරන ද්‍රව්‍යයක්

    ReplyDelete
  28. අද අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල වී අවුරුදු හයක් සපිරෙන කොට එදා ඒ බෝම්බේ ගහපු එවුන්ම අද රටේ පාලකයො බවට මිනිස්සු දැන් පත් කරගෙන ඉන්නේ 😂😂😂 ඒක තමයි වැඩියෙන්ම ආතල් 😅😂😂

    ReplyDelete
  29. Indian ROW කියනවා පිළිගන්නැහැ ... Amaerican FBI කියනවා පිළිගන්නැහැ... කාදිනල් ඉල්ලන්නේ "පාස්කු ප්‍රහාරයේ" මහා මොලකරු නෙවයි, ඔහුට අවශ්‍ය LTTE ය අවසන්කල මහමොලකරු. 👌

    ReplyDelete
    Replies
    1. නියම කතාව

      Delete
    2. මේක තනිකරම බෝම්බ ඊබ්‍රාහිම්ලාගේ ආන්ඩුවක්. සමහරවිට පාස්කු එකේ ඉදලම පචෝරිස්ලාට බලේට එන්න දීර්ඝකාලීනව හිතලා ගහපු ගේම් එකක් වෙන්න පුලුවන්. මුස්ලිම් අයට ඇමතිකම් දුන්නේ නැත්තේ මේ ගේම් එක ලීක් වෙවි කියලා බයට වෙන්න පුලුවන්. නිල නොලත් ජනාධිපති ඊබ්‍රාහිම් නානා වෙන්න පුලුවන්. අද දළදා දැක්ම කියලා ඒකට තියෙන පිලිගැනීම නැති කරලා නුවරම අපවිත්‍ර කරලා තියෙනවා. මේ යන්නේ යටින් ගේමක්. තේරෙනකොට පරක්කු වැඩියි.

      Delete
  30. ජනාධිපති අලුත් අවුරුද්දෙ සුබ පැතුම් SMS නොගැසීමෙන් ලක්‍ෂ 980ක් රටට ඉතුරු වුනා..- කොට්ටච්චි”

    මේ උන්දෑ ආයේ පාරක් ඇදගෙන නානවා නේද?

    TRC වාර්තා අනුව ලංකාවෙ මොබයිල් ෆෝන් තියනවා කෝටි 3 යි ලක්ෂ 61 ක්.
    තුන් කෝටි හැට එක් ලක්ෂයක්.
    කෝටි 4 ක් කියලා ගමුකෝ..
    ඒ හැම ෆෝන් එකකම සිම් එකක් තියනවා කියලා හිතමු.

    SMS එකක් ශත 20 + ටැක්ස්.
    ටැක්ස් එක 20% ක් දාමු.

    ගාන එන්නෙ ලක්ෂ 96 යි.

    අනෙක මම දන්න විදිහට බල්ක් SMS යවන්න එච්චර ගනක් යන්නේ නම් නෑ. ලොකු 75% කට එහා discount ලැබෙනවා එතකොට ලක්ෂ විසිහතරක් විතර උපරිම ගාන වෙයි

    ඇත්තටම මුන් බොරු කියනවා නෙවේ, බොරු ටොම්පච විදිනවා..
    චේතියගෙ දරුවො ද කොහෙද..

    ReplyDelete
  31. මේ දවස්වල බොහෝ මිනිස්සු මැරෙන්නේ ජාතික ආරක්ෂාව ඉහළින්ම සහතික කල බවට රටට සහතික ලබා දී ඇති ආන්ඩුවක් තුළදීය.

    පෙරදාක පැවති රජයන් තුළදී සිදුවුන මනුෂ්‍ය ඝාතන රජයේ අසමත්කම මත සිදුවෙනවා කියනවා නම්

    මේ ආන්ඩුව තුළ දේශපාලන /මතය /හැසිරීම / අදහස් මොන තරාතිරමක වුවත් නාදුනන තුවක්ක කරුවන් විසින් මිනිහෙක් මරයි නම්

    පෙර ආන්ඩු වලදී වගේම

    මේ ආන්ඩුවත් නාදුනන ඝාතන වල වගකීම රජය භාර ගත යුතුය. ‼️

    ඝාතනය වන කෙනා ගැන මොන තර්කයක් රටේ තිබුනත් මිනිහෙක් නාදුනන තුවක්කු කරුවන් යටතේ මිය යනවා නම් එකී රජය අසාර්ථකය

    එය මහින්ද සිරිසේන ගෝඨාභය රනිල් යන ජනාධිපතිවරුන් සමයේ රටේ යම් යම් චරිත ගත පුද්ගල ඝාතනයක් සිදුවන විට ජවිපය දැරෑ මතයනම්

    ජවිප රජයක් තුළ සිදුවන ඝාතන වලටත් එය එලෙසින්ම අදාලය.

    ReplyDelete
  32. ඩෑන් ප්‍රියසාද් නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්නාව අපේක්ෂකයා වෙඩි තබා මරා දමා ඇත.මෙය වැටෙන්නේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවකටදැයි හෝ පාතාල ප්‍රචණ්ඩ ක්‍රියාවකට දැයි දන්නේ නැත.එහෙත් මැතිවරණයක් අසබඩ අපේක්ෂකයෙක් වෙඩි තබා මරාදැමීමෙන් මෑතකාලීනව (අවුරුදු හත අටක්) නිසසලව තිබූ මැතිවරණ භීෂණ අඹර තුළට නැවත කළු වලා පැමිණ ඇත.

    ඩෑන් ලා ජාතිකවාදී දේශපාලනයක් කළා යැයි කවුරුන් හෝ කියනවා නම් ඒ දේශපාලනය හරියට ජෝතිපාලගේ ගීත වගේ ය.ආදරේ නං පොල්ලෙන් ගැහුවා මෙන් "මං ඔයාට ආදරේ සුදූ" යැයි කියලා දැම්මා ය.හන්දියට බැස තම්බි හෝ දෙමළුන්ට එරෙහිව පපුවට ගසා ගැනීම ජාතිකවාදී දේශපාලනය නම් ඒ දේශපාලනය ඩෑන් ලා ටම හොඳය.

    වාම ජාතික දේශපාලනයට ඩෑන්ලාගේ දේශපාලනය සමඟ තිබූ ප්‍රශ්ණය 2013 දී විමල් වීරවංශ හා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අතර තිබූ සුප්‍රසිද්ධ අරෝවෙන් විද්‍යමාන වේ."මෝඩසාර" හා "ඌරුවංස" ලෙස අමතාගෙන විමල් ඥානසාර හිමියන්ටත් ඥානසාර හිමියන් විමල්ටත් බැන අඬගසා ගත්හ.

    එයට හේතුව වූයේ කුමක් ද ?

    80 දශකයේ පමන සිට පලස්තීන මිත්‍රත්ව සංසදය හරහා ගොඩනඟා ගත් මුස්ලිම් මිත්‍ර පදනමක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තිබින.එවක පලස්තීනයේ පටු මඟක් පවා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ නමින් නම් වු බව කියැවින.මැතිවරණ වලදී මුස්ලිම් ඡන්ද බහුතරයක් එජාපයට වැටුන ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඓතිහාසිකව පවත්වාගත් "ජාතිකවාදී නමුත්" ධ්‍රැවීය ලෙස "ජාතිවාදී නොවන" මුහුණක් මහින්ද රාජපක්ෂට තිබුනි.ඒ තුළ මැදහත් මුස්ලිම් නායකයන් වූ ෆවුසිලා,අතාවුල්ලා ලා,මුස්තාපා ලා ට මහින්ද සමඟ සිට ගැනීමේ අපහසුවක් නොතිබුනි.

    නමුත් කාගේ හෝ ආශීර්වාදයෙන් එක්වරම ඥානසාර හිමියන් ඇතුළු පිරිස කළ එළි බට අතර අනවශ්‍ය ලෙස දර්ගා ටවුමේ ගැටුමේ සිට හලාල් විරෝධය දක්වා "මුස්ලිම් ජනකොටස" බය ගන්වා ආන්තික කිරීමේ ව්‍යාපෘතියක් දියත් වුනි.ජාතික නිදහස් පෙරමුණ,කොමියුනිස්ට් පක්ෂය වැනි පක්ෂ ඒ තත්වයේ ඇති කුමන්ත්‍රණකාරී ස්වභාවය පැහැදිළිව හඳුනාගත් අතර ආණ්ඩුවට අනතුරු අඟවා පමණක් නොව ප්‍රසිද්ධියේ "මෝඩ වැඩ නොකරන්නැයි" ඥානසාර හිමිට අවවාද කළහ.එසේ කළේ ජේම්ස් පැකර් ගෙන්වා කොළඹ "රෙඩ් ලයිට් ඒරියා" හැදීමට උත්සාහ කරමින් හා නුවර රේස් පදිමින් මහානායක හිමිවරු ඔරොප්පු කර ගෙන සිටි පසුබිමක ය.තංගල්ල නගරාධිපතිලා,අත කොටා ලා,මුතුහෙට්ටිගම ලා සාරුවා සුනිල් ලා පිස්සු කෙලිද්දීය.එක පැත්තකින් රාජපක්ෂ මහතා ගමේ සදාචාරවාදී සිංහල බෞද්ධ ජනපදනම සීඝ්‍රයෙන් නැති කරගන්නා අතර "ඥානසාර ව්‍යාපාරය" මුස්ලිම් ජනකොටස බිත්තියට තල්ලු කරමින් තිබූ සුළු සහයෝගයද නැති කරගනිමින් තිබින.

    රාජපක්ෂ පාලනයට රතු එළි දැල්වූ 2013 පළාත් සභා ඡන්ද මාලාවේ දී ඌවටත් නැගෙනහිරටත් ජා.නි.පෙ තරඟ කළේ තනිවමය.එහෙත් සකළවිධ දේදුණු සේනාව පෙරටුකොට මෛත්‍රීපාල 2015 ජනාධිපති සටනට එද්දී කොපමන වැරදි තිබුනද මහින්දලා "ගොඩ දාන්නට' නැවත සන්ධාන ගත වනවා හැරෙන්නට විමල්ලාට කළ හැකි වෙනත් කිසිවක් නොතිබින.

    පුදුමය වූයේ එතෙක් තම්බි විරෝධය ජන ගත කරමින් දහ අට පාලිය නැටූ ඥානසාර බලකාය "හීනි උස හෙළ ඇමතිතුමා" මෛත්‍රීපාල පාර්ශවය ගත් පසු හීන් කෙඳිරියක් පමණක් නඟා සැඟවී යාමය.

    ඩෑන් අයිති වූයේ ඒ දහ අට පාලියේ ඉදිරිපෙල බැටෑලියනයට ය.

    රාජපක්ෂලාට එතරම් හානියක් කළ ඩෑන් ලා අද පොහොට්ටු මැතිවරණ ව්‍යාපාරය තුළදීම වෙඩි කෑම දෛවෝපගත ය.ප්‍රජාතන්ත්‍රවාදී ලෙස චන්දයකට බසිනා කිසිවෙකුට එසේ විය යුතු නැත.

    "බංකු අරන් එන්නන්ට ආරක්ෂක ටියුෂන්" දෙන්නට පොරොන්දු වී රටේ ආරක්ෂාව බාර ගත් ජෙනරාල්ලාට වඩා හොඳට ඔය ආරක්ෂාව "ළමයෙකුට" දුන්නා නම් කරනු ඇතැයි අපට සිතෙන්නේ ඡන්දයක් අසබඩ දී රටේ ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක ප්‍රසිද්ධ අපේක්ෂකයෙකුට මෙසේ ජනාකීර්ණ පරිසරයකදී වෙඩි තබද්දී ය.

    ඩෑන් ප්‍රියසාද් ට නිවන් සුව අත් වේවා !

    වින්දන විදුර කුමාර

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න