දින 10 ක් ලංකාවේ උන් IMF නියෝජිතයින් රටින් ගියේ අලුතෙන් කිසිවක් කියා නොවේය. එදා සිට අප ලියනා දේවල් ටිකම කියාය.
උන් කියා ඇත්තේ ණය වැඩි බවත්, ආදායමට වඩා වියදම වැඩි බවත්, ඊට හේතුව රාජ්‍ය සේවය බවත්, මේවාට කඩිනමින් විසඳුම් යෝජනා කරනා ලෙසත්‍ය.
මේ සියල්ල අප සයිබරයේ ලියන්න ආ දා සිට ලියනා දේවල්‍ය. කරුමය වූයේ අදටත් දේශපාලුවන්ට, නිළධාරී මාෆියාවටත් මෙය නොතේරීමය. පින් පඩි ගන්න ආචාර්‍ය මහාචාර්‍ය වරුන් හා ආර්ථික උස්තාද්ලා වරද පටවන්නේ අධිපරිභෝජනවාදී ජීවන රටාවකට හුරු වූ ජනතාව ඊට වගකිව යුතු යැයි කියලාය.
එහෙත් ඇත්ත කතාව නම්, ජාතික ආර්ථිකයට කිසිඳු දායකත්වයක් නොදක්වන පාඩු ලබන ආයතනවල උන් පවා, බදු මුදල් වලින් හා රාජ්‍ය ආදායමෙන් පින් පඩි ගෙන, එවන් ජීවන රටාවක් ගෙවපු එකය.
තත්වය උග්‍ර වූයේ, 2015 පසු ආ යහපාලන කැඳ හැලි ආන්ඩුවේ ප්‍රතිපත්තියද එයම වීමය. උන් කරේ ISB නිකුත් කරමින් ලෝකයටම ණය වී, බඩු මිළ අඩු කොට, සහනාධාර දී කා බී රමණය කරමින් හෙලිකොප්ටර්වල කරණම් ගසමින් ආතල් ගැනීම විතරය.
ආර්ථිකය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා ගොබ්බ ජනතාවද 2019 තිබ්බ රට දීපියව් කියා කෑ මොර දෙන්නේ ඒ නිසාය. උන් ගත්තේ ක්‍රෙඩිට් කාඩ් ආතල් එකක් කියා උන්ට තාම තේරෙන්නේ නැතිය.
රාජපක්ෂලා හොරා කමින් හෝ ගෙන ආ සංවර්ධන ව්‍යාපෘති සියල්ලම නවතා දැමූ උන්, රටේ ණය ප්‍රමාණය දෙගුණයක් කර, බෝම්බත් තබා පැනගියේ, සංචාරක ව්‍යාපාටය කාබාසිනියා කර දමමින්, ජාතික විදුලි බල පද්දතියටද එකඳු මෙගා වොට් එකක්වත් එකතු කරන්නේ නැතිවය.
මෙහිදි විශේෂයෙන් සඳහන් කළ යුතුම දෙය වන්නේ, වසර 30 ක් පුරා පැවති ත්‍රස්තවාදී යුද්ධය තුල පවා එකඳු විදේශිකයකුට හෝ කිසිම අතුරු ආන්තරාවක් සිඳු නොවීමය.
උන් මහා ලොකුවට පාරම් බාමින්, උන් ඉතිරි කර ගියා යැයි කියන සංචිතයද, එසේ ISB නිකුත් කර ගොඩගැසු ණය කන්දරාවක් මිස හම්බ කරගත් දෙයක් නොවේ. ඇත්තටම බැලුවොත් උන් ගෝඨාට දුන්නේ, හිස් වූ භාන්ඩාගාරයක් හා ඩොලර් බිලියන 7 ක ක්‍රෙඩිට් කාඩ් එකක්‍ය.
දැන් ඝෝඨට හා රනිල්ට ඇත්තේ ඔප්ෂන් දෙකකි... ඒ
1. රාජ්‍ය සේවය ආරක්ෂා කර ගැනීමට නම් සෘජූ විදෙස් ආයෝජන ඕසෙට ගලා ආ යුතුය.
2. එසේ නොමැති නම් උන් සමඟ දේශිය සංවෘත ආර්ථිකයකින් රට ගොඩ දැමිය යුතුය.
එහෙත් කිසිඳු සම්පතක් නොමැති අප රටේ කිසිඳා සැබෑ නොවනා සිහිණයාක්ම පමණි. කළත් එය පරම්පරා ගනනක් දුක් විඳිනා වේදනාත්මක යුගයක් වන්නේය. රටේ ජනතාව තබා පින්පඩි කාරයෝවත් ඊට සූදානම් නැති අතර උන් අත්‍යාවශ්‍යම සේවා සපයන්නෝ යැයි කියා විශේෂ වරප්‍රසාදද ඉල්ලමින් සිටින්නේය.
කාළයක් රටේ ප්‍රධාන ආදායම වු ඇගළුම් කර්මාණ්තයේ නිශ්පාදන අමුද්‍රව්‍ය 100% ක්ම අපනයනය කළ යුතු දේය. අදටත් රටේ ප්‍රධාන ආදායම අපේම උන් උන් ගරහන අවරගනයේ රැකියා කරනා විදෙස් ශ්‍රමික ජනතාවය. ඒ අනුව දේශිය සංවෘත ආර්ථික වලින් රට ගොඩ දැමීම හතර වරම් බයිලා පමණමය.
මේ රට ගොඩ ගැන්මට ඇති එකම ක්‍රමය පළමු ක්‍රමය පමණමය.
එහෙත්, විදෙශිය ආයෝජකයන්ට තබා රටේ මිනිහෙකුට ව්‍යාපාරයක් පටන් ගැන්ම කෙසේ වෙතත් ගෙයක් හැදීමට, නල ජලය ලබා ගැන්මට, නිවසට විදුලිය ලබා ගැනීමට, සූර්‍ය බල විදුලි පද්දතියක් සවි කර ගැන්මට මාස ගනන් ගතවන, අනුමැතීන් සඳහා ජරාව කන, මූසල මජර රාජ්‍ය නිළධාරී මාෆියාවක් සිටිනා රටකට එන්න ඕනා ඒ ජාතියේම උන් මිස, ලොව පිලිගත් ආයතන නොවේය.
එ නිසා ආවත් නැතත් ව්‍යාපාරයක් ආරම්බ කිරීමට අනුමැතීන් ලබාගත යුතු ආයතන සියල්ලක්ම එකම තැනකට හෝ සියල්ල එකම තැනකින් කර දෙන ආයතනයක් මුලින්ම පිහිටවිය යුතුමය.
අනෙක් කරුණ රටේ කරුමය වූ පංච මහා භූතයන්‍ය.
විදුලි බල මණ්ඩලය
තෙල් සංස්ථාව
වරාය
ගුවන් සේවය
දුම්‍රිය හා ලංගමයයි...
මෙයින් ගුවන් සේවය වසා දැමිය හැකි වුවත් අනෙක් ඒවා අත්‍යාවශ්‍යම සේවාවන්‍ය.
මේවා පාඩු පිට පවත්වාගෙන යාමට තව දුරටත් ණය ලබා දෙන්නට කිසිවකුත් එකඟ වන්නේ නැතිය. දැන් අපට ඒ සඳහා තබා, කිසිවකටත් ණය ගන්න බැරි තත්වයකට, අපේ ආර්ථික උස්තාද්ලා විසින්ම රට පත්කර අවසානය. ඒ ණය ප්‍රතිව්‍යූහගතකිරීමට ලක්කරලාය.
දැන් ඒ මහ උස්තාද්ගේ සේවා කාලය තවත් වසර 6 කට දිගුකර තියෙන නිසා, උන්නැහේට කරන්න තියෙන්නේ මේ පංච මහා භූතයන්ද වහ වහාම ප්‍රතිව්‍යූහගතකිරීමට ලක්කිරීමය.
එවන් තීරණයකදි ඒවාට විරුද්ධව එන සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිනාලා හා ජේවීපී පෙරටුගාමී හා සජිත්ගේ බලවේගවලට එරෙහිව, ඝෝඨා හා රනිල් මුහුණ දෙන්නේ කෙසේද යන කරුණ මත,
රටේ අනාගතය මෙන්ම උන්නැහේලාගේ අනාගතයත් රැදී පවතින බව ලියා තැබිය යුතුමය.
ඒ වගත් මෙසේය.....
.