කොළඹ සන්නිය නිදන් හෑරීම හා ලෝකේ ළොකුම මැණික් ගල
➖➖➖➖➖➖➖➖➖➖ 💎💎
කොළඹ සන්නිය කියන්නෙ මගේ ප්‍රියතම සෝ එකක්ය....
ඒකේ කතාව වන්නේ හද්දා ගොඩේ ගං කබරෙක් වන ජෝ අබේවික්‍රම එලිබහින්න කැලේට ගිය විට කක්කා ගිඩෙන් මතු වූ ඉතා වටිනා මැණිකක් නිසා කොළඹ 7 පදිංචියට එන එකය.
පුතා ලෙස රඟනා ෆ්‍රෙඩී මැණික් ගල ගැන සුද්දන්ට කියන්නේ.... "අප්පච්චීස් කක්කා ස්ටෝන්" කියලාය.... දුව කියන්නේ... "කමින් සුවිට් කොළඹ සන්නිය කියලාය....
දැන් වෙලා තියෙන්නේත් ඊට හපන් කෙලියක්ය... හද්දා පිටිසර ගම්මාන වල උන්නු... ගෝත්‍රික ගං කබර හැත්ත බුරුත්තටම පාලන බලය ලැබිලාය... උන් අතරේ උපධිකාර විසේසග්නයෝත් ඉන්නවාය....
දැන් මේ හැත්ත බුරුත්ත හා රාජ්‍ය නිළධාරින් ඔක්කෝම එකතු වී වේයන්ගොඩ අධිවේගී මාර්ගයේ නිධානයක් ගොඩ දානවාය...
ඔතන නිධානයක් තියෙනවාද කියා සජිත්ගෙන් හෝ නාමල් බේබිගෙන් ඇහුවා නම් කියනවාය... දෙන්නාම ඒ පිළිබඳ එක්ස්පර්ට්ලා කියා අපට කියා දුන්නේත් මේ ගං කබරයෝමය...
මේ කුමාරවරු දෙදෙනාම පිය රජවරුන් රාජ්‍ය කරනා සමයන්හි නිධන් වදුලෙන් උගත් පාඩම් ගැන රටවෙෂියෝ බෝ සේ කතා වන්නෝය... එකෙක් නිධන් හෑරුවේ විශේෂ කෙලුකොප්පර් ඩිටෙක්ටරයකින් රටම ඉස්කෑන් කොරමින්ය...
දැන් අනුර කුමාරයාත් කාගේ හෝ දිරච්ච ළණුවක් කා නිධන් හාරනවාය... උන්නැහේට මෙසේ නිධන් හොයන්නට සිඳුවී ඇත්තේ... හඳුනාට එවනවා කියූ ඩොලර් මිලියනටත්, චතුරංග හිච්චි සඕදරයාට එවනවා කියූ ඩොලර් බිලියනයත්, විදෙස් රටවල ඉන්නා ගං කබරුන් එවනවා කියූ මන්ත්ලී ඇක්ස්ට්‍රා ඩොලර් 500 ත් එන්නේ නැති නිසාය... දයිවේ සරමක් වෙමින් උන් දෙන්නාම දැන් එකම අමාත්‍යාංශයට දමා ඇත්තේ... ගේනවා කියපු ඒවා http ලා දෙන්නා දැන් ගෙනත් පෙන්නපිය කියාය.
අපට නම් අනුර කුමාරයා හෙවත් ණයවන චේතිය රජතුමාට කීමට ඇත්තේ... ඔය එක එකා දෙන දිරච්ච ළණු කන්නේ නැතිව... පුලුවන්නම් රත්නපුරේ රජයේ ඉඩම් වල නිධන් හාරන වැඩේ පටන් ගන්නෙයි කියලාය. මේ පිළිබඳ විසේසග්නයෙක් වන නාමල් කුමාරයාගෙන් ඒ පිළිබඳ උපදෙස් ගත හැකිය.
ගොබ්බ ගෝටා රජ කරන සමයේත් පතල් කාර්යන්සේ හා මැණික් සංස්ථාවේ උන් ගෝටා අනාට ගොන්දවා ලෝකේ ලොකුම මැණික් ගල සොයාගත්තා යැයි ප්‍රීතී ප්රමෝදයට පත් වී රජයේ වියදමින් ලෝකේ පුරා යමින් බඩු ගසා කා බී ප්‍රීතී වී බඩුත් ගසා ආ බව මුන්ට අමතක වීම ගැන ඇත්තටම අපිට දුක හිතෙනවාය..
මෙවන් ඉල්ලම් ගල් රත්නපුරේ ඕනෑ තරම් තියෙනවාය.....
රාජ්‍ය නිළධාරින් කියෙන්නේ ඒ තරම් ශුක්‍ර සුනඛයෝ බව හො ම ත ග යු.
ඒ වගත් මෙසේය.....
.