මෝඩාභීමානය ගැන
අවසන් සටහන.
➖➖➖➖➖🟥
මාතලන් සැමදා ලියූවේ බහුතර ජනතාවගේ මතයය. ඒ බැව් මුල් කාළයේ සිටම මාතලන් කියවන උන් දන්නා අතර, චන්ද ප්‍රතිඵල තුලින්ද ඒ බව සෑම අවස්ථාවකදීම සනාත වී තිබෙනවාය.
සමාජයේ බහුතර මතය ලිවීම නිසා නැති වූ මිතුරෝද, ඇති වූ සතුරෝද බොහෝය. ඒ කිසිවක් මාතලන් පයිසයකට ගනන් නොගන්නේ, මධ්‍යස්ත මතධාරී බුද්ධිමත් මිතුරන් පිරිසක් එදා සිට අද දක්වාම මාතලන් සමඟ සිටිනා නිසාය. දායක සභා නඩත්තු කිරීම් හෝ පේජ් මේන්ටේන් කිරීමේ හෝ රීච් ලබා ගැනිමේ මාන්දමක් මාතලන්ට එදා තිබුනේත් නැතිය අද ඇත්තේත් නැතිය.
මේ රටේ සාරාන්ලා කරන්නට දත කෑ විනාශය ගැන මාතලන් ලිව්වේ 2012 දීය. ඒ රාජපක්ෂලාගේ තකතීරූ තීරණ වලට එරෙහිවය. ඒ එයාලා සිද්ධාලේපත් හලාල් කොට, මේ රට තවත් ඇෆගනිස්තානයක් කිරීමේ මාර්ගය සලසා දීමට එරෙහිවය. අප පලකල අනාවැකි සපල වූයේ පාස්තු ඉරිදාය. සියල්ලන්ගේ ඇස් ඇරුනේ එදාය .
මාතලන් ඒවා ලිවූයේ මාතලන් ජාතිවාදියකු නිසා නොවේය. අදත් මාතලන් ජීවත් වන්නේ සාරාන්ලා ජාතියේ අය බහුතරය සමඟය. ඔවුන් මගේ මිතුරෝය, නෑදෑයෝය. එහෙත් අප විරුද්ධ වූයේ අන්තවාදයටය. ත්‍රස්තවාදයටය. ඒ ලිපි සියල්ල අදත් බ්ලොග් අඩවියේ තිබෙනවාය.
මෝඩාභීමානයේ නතාෂාගේ ප්රකාෂයට මාතලන් එරෙහි වූයේ එය එම සිඳුවීමට ලඝු කිරීමට මාතලන් කිසිසේත් අකමැති වූ නිසාත් මෙය කාළයක් තිස්සේ කරගෙන එන ජාත්‍යන්තර මෙහෙයුමක් බව හොඳින්ම දන්නා නිසාත්මය.
බුද්ධාගමට පහරදී තරුණ පරපුර ආගමෙන් ඉවත් කොට නිරාගමිකයින් කිරීමක් ලෙස ගෙන ගියද සියල්ල සිඳුවන්නේ තවත් ආගමික කණ්ඩායමක් සංවිධාන කීපයක් හරහාය. එවාවල සාමාජිකයෝ ගලේ රුන්න පූසෝ මෙන් හත් පොලේ ගාගෙන බුකියේ පිස්සු වැටී රඟනා රැඟුම් බුකිගතවන සියල්ලන්ට මේ දිනවල දැක ගත හැකිය.
මේ නිරාගමික පිස්සුව රැල්ලක් වූයේ ගෝල්ෆේස් අරගලය සමඟය. ඒ බව තේරුම් නොගත් අමන සංඝයෝද ඔවුන් හා එක් වූවද, අද ඕමල්පේලාට හා කස්සපලාට තමන් කළ අමනකම් වැටහී තිබීම සතුටට කරුනක්මය.
මෙය මෙසේ හෙලිදරව් වූවද, උතුරු ප්‍රදේශයේ ජනතාව හින්දු ආගමෙන් ඉවත් කොට කතෝලිකකරණය කිරීම සීඝ්රයෙන් සිඳුවන බවත්, ඒ පිළිබඳ වගකිව යුත්තන්ගේ අවධානය දැන් හෝ යොමුවිය යුතු බවත් සඳහන් කළ යුතුමය.
මාතලන් බෞද්ධයෙක් නොවන බව මාතලන් ගැන හොදින්ම දන්නා උන් දන්නවාය. මාතලන් කිසිදු දහමක අනුගාමිකයකු නොවනාතර, මට මගේම ආගමක් හා දර්ශනයක් ඇත්තේය.
එසේ තිබියදීත් මේ කාරනයේදී මාතලන් දිගට හරහට පෝස්ට් දැම්මේ ඇයි කියා මාතලන් හොඳින් හඳුනන උන් පවා වික්ෂිප්ත වූයේය. මාතලන් එසේ ලියූවේ ඇයි කියා මේ පිළිබඳව Mahesh Hapugoda මහත ලියූ ලිපියේ ඉතා පැහැදිලිව තියෙනවාය.
අපට, නිදහස් අදහස් ඇති නිවහල් නිරාගමික මිනිසුන් ලෙස ජීවත් වන්නට ඉඩ ලැබී ඇත්තේ මේ රටේ ඇති බෞද්ධ සංස්කෘතික ජීවන රටාව නිසාය. රටේ බහුතරයක් අදහන ආගම එයයි, එය අදහන දෙසන එකෙක්වත් බුද්ධත්වයට පත් වූවන් නොවේ. මිනිසුන්ගේ ආගම හා ඇදහීම් යනු ඉතා සංවේදී මිනිස් ක්‍රියාකාරකමකි. නීතී රීතී වලින් පවා ඒවා ආරක්ෂා කර ඇත්තේ එබැවිනි.
අපද ඒවායේ ඇති විකාර සහගත දෑ විවේචනය කරනා මුත්, ආගමික සාශ්තෘවරුන්ට හෝ ඉගැන්වීම් නිර්ධය ලෙස විවේචනයට යන්නේ නැතිය. එබැවින්, එයට හානී කරන කිසිවකු වේද ඔවුන් විවේචනය කිරීම මාතලන් ඉදිරියටද කරණු ඇත්තේය.
🔴 එහෙත් මේ මොහොතේ අප එයින් සමුගන්නේ අපේ යුතුකම ඉටුකොට අවසන් නිසාය.
දැන් ඒ පිළිබඳව වගකිව යුතු පුද්ගලයින් හා ආයතන සියල්ල, ඒ පිළිබඳව කටයුතු කිරීම ප්රමුඛ කාර්යභාර්ය බවට පත්කොට ගෙන අවසානය. ඔවුන් නියපොත්තෙන් කැඩිය හැකි මේ අවස්ථාවේම එය ඉටුකරනු ඇතයි අප බලාපොරොත්තු වන්නේය.
මේ රටට කෙලවූයේ එසේ සිඳු නොකොට, කට පුප වසාගෙන හිනා වෙවී සිට, අස්සයා පැන ගියායින් පස්සේ ඉස්තාල වසා දාන්නට ගොස් හත්පොලේ ගාගත් නිසාය.
ස්වස්ථි සිද්ධම් !!!!
.