හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Aug 31, 2020
ලංකාගමදී හා වැල්ලවායේදී අම්බානක කෑම
Aug 28, 2020
NGO 19, ව්‍යවස්ථා අර්බුධ හා බෙලරුසියා අර්බුධය
බටහිර රාජ්‍යයන් ගහනා පදවලට නටන්නේ නැති උන්ට පාඩම් ඉගැන්වීම කීපාකාරයකින්ම ලොව පුරාම සිඳුවේ. ටියුනීසීයා විප්ලවයෙන් ඇරඹි අරාබි වසන්තය නමින් ඉදිරියට ගිය මේවා ඉන් පසු අද වනතෙක් එක් එක් රටවල විවිධාකාරයෙන් අදටත් සිඳුවේ, කරුමය කියන්නේ මේ රෙවලූෂන් නිසා අද ඒ රටවලට රෙවිලාම තියෙනා එකය. හොඳම උදාහරණය ලිබියාවයි. එක පවුලකට කෙලින්න ගිහින් අද රටේ ඔක්කෝම පවුල් වලට කෙලවී අවසානය. මේවාට පෙර ඉරානයට මෙන්ම ඉරාකයටද අත් වූයේ මේ ඉරණමමය.
දැන් උන් හදන්නේ බෙලරුසියාවටත් කෙලින්නය. එක එක හාල්පාරුවෝ තමන්ගේ රටවලට වඩා ශක්තිමත් රටවල් වීම ඔය G-7 G-10 කියනා රටවල්වලට දිරවන්නේම නැති දෙයකි. විශේෂයෙන් එම රටවල ස්වාභාවික සම්පත් තිබේනම් ඒවාට කෙලින්න පුලුවන් හාල්පාරුවෙක් ඒ රටවල නායකයා කොට, තමන්ට ඕනෑ විදියට වැඩේ කරගෙන යන්න දාන්න පුලුවන් ඔක්කෝම සෙල්ලම් දාලා, කෙලලා දමන්නට ගහනා තුරුම්පුව එකාධිපති භීතීකාවයි. ඝෝඨා බලයට ආපු ගමන්ම NGO නඩේ ආයෙත් ඒකාධිපතියා වේදිකා නාට්ටිය ප්‍රදර්ශණය කොරන්නේ නිකන් නෙවේ.
කෙසේ වෙතත් බෙලරුසියාවේ ආරක්ෂාවට පුටින් ලොකු අයියා ඉදිරිපත් වීම ඒ රටේ ජනතාවගේ වාසනාවකි. එයා කියලා තියෙන්නේ ඕනාවට වඩා දඟලන්න ගොස් ඉල්ලාගෙන කන්න එපා කියලාය. අනික් උන් හදන්නේ බෙලරුසියාවත් සිරියාවක් වගේ පොලොවට සමතලා කරලා දාන්නටය.
2015 ලංකාවේ වෙන්නේත් ඒ වගේ දෙයක්මය. මහින්ද රාජපක්ෂලා හා විප්ලව කොරලා ආන්ඩු ගන්නට බැරි බව දන්නා ජාත්‍යන්තර ගල් ආඳෝ ඉදිරියට දමන්නේ කලක් විප්ලවීය චරිතයක් වූ මාදුලුවාවේ සෝභිත හාමුදුරුවෝය. උන්නාන්සේට ඔටුන්න පෙන්වා ගේම පටන් ගත්තද වැඩෙ ඉදිරියට යන කොට ඒ වෙනුවට හොඳම රූකඩේ සොයා ගන්නේ පොලොන්නරුවෙන්ය.
සිරිසේන නොබෙල් තෑග්ගටත් නිර්දේශ වී, ලෝකයේ බලවත් රටවල නායකයින්ගේ චීප් ගෙස්ට් වී, ඩිනර් පාටි වලට කොන්පරන්ස් වලට යන්නේ අර කටියගේ වැඩේ හරි ගිය නිසාය. එහෙත් සිරිසේන කියන්නේ ගහන ගහන පදයට නටන රූකඩයක් නොවනා බව තේරුම් ගන්නා කස්ටිය කරන්නේ එයාගේ තටු කපන්න 19 ගෙන එන එකය.
ඒ සඳහා තෝරා ගන්නේ පාර්ලිමේන්තුවේ උන් බටහිර බලවේගවල නියෝජිතයෝ හා එලියේ උන් NGO සිවිල් ඩොලර් කාක්කෝය. අද මේ 19 වන සංශෝධනය කොවිඩ් 19 ටත් වඩා වසංගතයක් වී අවසානය.
19 ගෙනල්ලා රටට අත් කල ඉරණම අද පාස්කු ප්‍රහාර කොමිසමේ අපූරුවට පෙනෙනවාය. අද මේක ගෙනාපු උන් රටෙත් නැතිය. රට විනාශ කල කාලකන්නින් අද ඉන්නේ නොරටය. (ජයම්පතී හා වැලිඅමුණ) තව එකෙක්ට පක්ෂයේ තබා පාරේ බැහැලාවත් යන්න බැරි සයිස් එකක්ය. (සුමන්තිරන්) අනික මේවා හදපු උන්ම අද පිලිගන්නේ නැති උනාට, කලින් පිලිගත්තේ, මෙයින් රටට උන විනාශය සුළු පටු එකක් නොවන බවයි. විශේෂයෙන් රටේ පාලනයට මෙයින් සිඳු වූයේ මහා විනාශයකි. මුන් සියල්ලෝම ඉතිහාසගත වෙන්නේ රට විනාශ කළ ද්‍රෝහියන් ලෙසය.
19 ගෙනා කොමිසම් වල වැරදි හොයන්නට අද ජනාධිපති කොමිසම් දමන්නට සිඳුවීමෙන්ම කොමිසම් දාපු උන්ගේ කලිසම් ගැලවී අවසානය. පොලිස් කොමිසමෙන් පත් කල පොලිස්පතිවරයා මහ පාරේ උඩරට නැටුම් නැටුවේය. අදටත් ඌ එලවා අළුත් පොලිස්පති කෙනෙක් පත් කොර ගන්නට බැරිය. පොලීසියේ අනික් උසස් නිළධාරින්ද අමු පිස්සන් පිරිසක් බවත් උන් කරලා තියෙන්නේ රාජකාරි නොව උන්ට හිතෙනා දේ බවත් බොහෝම පැහැදිලිය. ඒ කොමිසම් සභා උන්නැහේලාට ලබා දුන් ශක්තියයි. මැතිවරණ කොමිසම එකම පිස්සු විකාරයක් වී කොමිසමේ දෙන්නෙක්ම කලිසම් ගැලවී ඉන්නේ අමු හෙලුවෙන්ය.
මේ මළ හත්තිලව් ව්‍යවස්ථාව නිසා අද රටට නායකයෙක් ඇත්තේ නැතිය. නායකයාට බලතල නැතිය. බලතල තියෙන කෙනා නායකයා නෙමේය. රටේ ආරක්ෂාවවත් ඔහුට තබා ගැන්මට බැරිය. හැබයි රටේ සේනාධිනායකයා ඔහුය.
දැන් කරන්න තියෙන්නේ හැකි ඉක්මනින් මේ කුණුහරුප ව්‍යවස්ථා පැලැස්තරේ ගලවා විසි කොරනා එකය. මොකෝ දැන් තිබෙනා ලෝක තත්වය හමුවේ ජනතාව විශ්වාසය තැබූ නායකයා රටේ බලතල සහිත නියම නායකයා විය යුතු නිසාමය. ආන්ඩු පක්ෂයේ ඒ වෙනුවෙන් තරඟයක් නැතත්. නායකත්වය නීත්‍යානූකූල නොවීම රටේ ඉදිරි ගමනට අත්‍යාවශ්‍යවන තීන්දූ තීරණ ගැන්මට විශාල බාධාවක් නිසාමය.
ඒ වගත් මෙසේය....
Aug 24, 2020
ගමනක අවසානය – ජවිපේ
ගමනක අවසානය – ජවිපේ කොටසටද මාතලන් තෝරාගත්තේ අවන්ත ආටිගලගේ කාටුනයකි. මේ කාටුනයේ ජවිපෙට අත් වූ ඉරණම අපූරුවට නිරූපනය වූයේය. එය දරාගත නොහැකි වූ ජවිපාවුන් අවන්ත නොමරා මැරුවේය. ජවිපෙට එය සාමාන්‍ය දෙයකි, එහි සංවාද විසංවාද නැතිය, විවේචන දිරවන්නේම නැතිය, ප්‍රශ්ණ ඇසීම් බැරිය, එවා ඔවුන්ට දරාගත නොහැක. විවේචකයා විරුද්ධවාදියා උස්සා ප්ලොවේ ගසා මරා දැමීම ඔවුන්ගේ තියරියය.
අතීතයේ ඔවුන් විවේචනය කල පක්ෂයේ බල මණ්ඩලවල උන් අය පවා කෲර ලෙස මරාදැමූ සාඩම්බර ඉතිහාසයකට ඔවුන් උරුමකම් කියනවාය. ජනතාවට මේවා අමතක නැතිය. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ කියනා නාමයට තව දුරටත් පැවැත්මක් නැති බව පක්ෂයේ මහ උන්ද දන්නවාය. ඒ නිසා ඔවුන්ද දැන් එන්නේ අමුතුම පොතක් දමාගෙනය.
ජවිපේ ගමනක අවසානය සටහන් වන සංධිස්ථානය ලෙස මාතලන් නම් දකින්නේ විමල් වීරවංශගේ නික්ම යාමයි. එය මහින්දගේ ප්‍රොජෙක්ට් එකක්ද, එහෙම නැත්නම් විමල්ගේ තනි කැමත්තට ගත් තීරණයක්ද යන්න අනාගතය විසින් විසඳනවා ඇතිය.
විමල් එලියට බහින්නේ විමල්ගේ සටන් උපක්‍රමවලට බල මණ්ඩලය අකමැති වීම නිසාය යන්න පොදු මතයයි. විමල්ට සැලසුමක් තිබිනි. ඒ ශ්‍රීලනිපය ගිලගැනීමයි. නියාමාකරයෙන් සැලසුම ක්‍රියාත්මක වූයේ නම්, 2015 දි ලංකාවේ ජනාධිපති වන්නේ ජෙප්පෙක් වීමටද බොහෝ දුරට ඉඩ තිබිනි. මේ පිළිබඳව විමල් ලියූ පොත පවා ජවිපාවුන් විසින් තහනම් කලේ ඒ සියල්ලන්ගේම රෙදි ගැලවෙන නිසාවෙන්ය.
කෙසේ වුවත් විමල් සමඟ පක්ෂයේ 50% ක් කඩාගෙන ගිය බව ජවිපේ ඊළඟට මුහුණ දුන් මැතිවරණයෙන් මනාව දිස් වූයේය. ඉන් පසු පක්ෂයේ රහස් පොලිස් කණ්ඩායමද පෙරටුගාමීන් ලෙස ප්‍රාජාතන්ත්‍රවාදයට ආවද, අද ඒ පක්ෂයේ ජනාධිපති නාගමුව කියන්නේ, මැතිවරණ ක්‍රමය බලය ලබා ගැනීමට හරියන මළදානයක් නෙමේ කියලාය. කොහොමත් ඝෝඨා පාලනය තුල එයාලාට පැවැත්මක් ඇත්තේම නැත්තේ, දැන් ආන්ඩුවෙන් නොමිලේ නාවන වැඩේ නවත්වා අව්වේ වේලෙන්නවත් නොදි, 45 – 50 උන්ටත් පින් රස්සා දෙන නිසාය. මෙයාලාගේ නික්ම යාම ජවිපෙට කිසි බලපෑමක් නොකල බවත් ඇත්තය.
එයට හේතුව, කුමාර් ගුණරත්නම්ලා නායකයින් වූවද, එලියට පහලියට බැහැපු පොරවල් නොවූ නිසාය. අනුර කුමාර දිසානායක මෙන්ම ටිල්වින් අයියාද කුමාර් ගුණරත්නම් කෙනෙක් එයාලා දන්නේ නැතැයි කිව්වම, පක්ෂයේ වහලුන් එය පරම සත්‍යය සේ පිලිගන්නේ ඒ නිසාය.
2015 රාජපක්ෂලාට විරුද්ධව පොදු අපේක්ෂයාගේ සහායටද එන්නේ නැති ජවිපාවුන් තනියම චන්දයට එන්නේ විද්වතුන් පිරිසක් ඉදිරියට දමාගෙනය. එහිදි ජාතික ලැයිස්තුවෙන් පත් වූ අය ඉවත්කොට බල මණ්ඩලයේ අය ඇතුලට ඔබා ගන්නේ ඉතා පිලිකුල් සහගත ලෙසය.
එහෙත් එය අදාල පුද්ගලයින්ට පමණක් අදාල කරමින්, අළුත් දෙවන පෙල ණ්ඝ්O කාක්කෝ හා සිරිසේන පුක පෙන් වූ අළුත් පරපුර නලාකාරයින් සමඟ ගෝල්පේස් එකේ තොයිලයක් නටන්නේ අනුර කුමාරයා ලංකාවේ මහරාජා කරන්නටය. ඇත්තටම එදා අනුර කුමාර මොහොතකට ජනාධිපති උනා කීවොත් නිවැරදිය.
කොහේදෝ සිට කුමාරයා වේදිකාවට ආවේ මලයාලී සෝ වල හීරෝ වාගේය. උගත් බුද්ධිමත් උපාධීදාරි බක පන්ඩිතයින්ට මහ දවල් තරු පෙනුනේ මැකෝ විසින් ඇපත් නෑ යකෝ කියපු වෙලේය. ගෝල්පේස් ආපු උනුත් චන්දේ දීලා තිබුනේ නැතිය. අවසානයේ සිඳු වූයේ, තිබුන පහත් නැති වී, තීයෙන තුන (3%) බදාගෙන ආතල් එකක් ගන්න එකය.
ඇත්තටම මේ වැඩෙන් උනේ, ග්‍රාමිය ජවිපාවුන් සියල්ලන්ම පක්ශය කෙරේ කළකිරීමය. ඔවුන් වඩාත් පොහොට්ටුවට එකතු වීම ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ විට දකින්නට ලැබුන සුලබ දසුනක් විය. ඔවුන් සියල්ලෝම කැළණි ගඟෙන් මතු වූ නයාගේ ධාතුව වන්දනා මාන කිරීම සඳහා බැති සිතින් දන් දුන් නෙළුම් පොහොට්ටු ආදරයෙන් ගෙදර ගෙනත් තිබුනෝය. ජවිපේ නායකයින්ද ගම අත ඇරියේය. දැන් ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ නාගරික පහළ මධ්‍යම පන්තියයි.
ධනවාදයේ සියළුම ඵලයන් බුක්ති වින්දද ඔවුන්ට ඉහළ සමාජයට වෛර බඳින සුළු පිරිසක් ලංකාවෙ ජීවත් වේ. ඇත්තටම ඔවුන් විවිධ අඩුපාඩුකම් සහිත හීනමාන පිරිසක් බව ඉතා පැහැදිලිය. ලංකාවේ ජනප්‍රිය දේශපාලන මාධ්‍යයක් වී ඇති සකර්බර් මහතාගේ මුහුණු පොත අරක්ගෙන සිටින්නේ මේ පිරිසය.
ප්‍රසිද්ධ දේශපාලන විචාරකයකු මෙන්ම ජාතික ජන බලවේගයේ මුල් පෙලේ ක්‍රියාකාරිකයකුද වන නිර්මාල් දේවසිරි මහතා මොවුන් හඳුන්වන්නේ “බුකියේ වානර හමුදාව” ලෙසයි. චන්දයට පෙර මෙන්ම පසුවද මේ වානර හමුදාව ඔවුන්ගේ බලවේගයට කරනා හානිය අති විශාල බව උන්නැහේ සඳහන් කර සිටියේය. ඔවුන්ගෙන් තවමත් පිලිඹිබු වන්නේ ටිපිකල් ජවිපේ මැන්ටලටියයි. (කරුමයක මහත කියන්නේ, ළිපිය පලවන වන මොහොත වන විට නිර්මාල් දේවසිරි මහතා එම කණ්ඩායමේ නායකයා බවට පත් වීමට තැත් කරන්නේද යන සැකයක් මේ මොහොතේ මතුව ඇත.)
ඇත්තටම මේ මැතිවරණයේදී ඔවුන් පරාජයන් දෙකක් ලැබුවේය. පළමු එක ආසන හය තුන දක්වා අඩු වීමයි. දෙක ජවිපෙට වඩා බලවේගය ශක්තිමත් වීමයි. මාලිමාවේ විරුද්ධවාදීන් ගෙන ගිය බලපෑම් හමුවේ 2015 කල සෙල්ලම් මේ සෑරේ කරන්නට බැරි වූයේය. ඇත්තටම මාලිමාව තුල සිටින ජවිපෙන් පරිභාහිර පිරිස එම ස්තූතිය ලබා දිය යුත්තේ විරුද්ධවාදීන්ටය.
හරිනිගේ පත් කිරීම තනිකරම මාලිමාවේ විරුද්ධවාදින් ලද ජයග්‍රහණයකි. එය ඉදිරියේදීද වෙනස් නොවනු ඇත යන්න මාතලන්ගේ විස්වාශයයි. එජාපයට ශ්‍රීලනිපයට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණටද එම නම් වලින් ඉදිරියට කිසිඳු පැවැත්මක් ඇත්තේ නැතිය. අවුරුදු 72 ක් ගැන අනුන්ට කින්ඩි දැමූවද, ජනතා විමුක්ති පෙරමුණත් අවුරුදු 55 ක් තිස්සේ කරපු ලබ්බක් ඇත්තේ නැතිය.
කරලා තියෙන්නේ ගොන් වැඩ දෙකක් පමණමය. ඒ 1971 හා 1988/89 කල මරි මෝඩ ත්‍රස්තවාදී චේ ගුවේරා කැරළි දෙක පමණමය. තමන් චන්ද බලාගෙන දේශපාලනය කරනා පක්ෂයක් නොවේය යන ප්‍රසිද්ධ දාර්ශනික ප්‍රකාෂය මේ වන තෙක් මේ මැතිවරණයෙන් පසුව ටිල්වින් අයියා තවම අපට කිව්වේ නැතිය.
අවංකවම තමන් එවන් පිරිසක් නම් ජනතා විමුක්ති පෙරමුණ ලෙසින්ම නැවත කල එලි බැස්සද අවුලක් ඇත්තේත් නැතිය. මන්ද එවිට ඔය තියෙන තුනත් නැතිව, අත් දෙකෙන් විලි ලැජ්ජාව වසාගෙන පාරේ යන්න පුළුවන් නිසාය.
ඒ වගත් මේසේ ලියා හමාර කරන ලද්දේය…..
Aug 22, 2020
ගමනක අවසානය – ශ්‍රීලනිපය
මෙම ළිපියේ මුල් කොටස බැලීමට මේ අකුරු උඩ ක්ලික් කරන්න
(ළිපිය මාගලක් වූ බැවින් කොටස් තුනකට කඩන ලදි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය අහෝසි වන්නේ 1970 ජයග්‍රහණයත් සමඟය යන්න මාතලන්ගේ විශ්වාසයයි. එහිදි බලය මෙහෙයවන්නේ සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගයක් නොව වාමාශිකයින් කණ්ඩායමකි. රටක් ගොඩගන්නේ, මිනිසුන්ට බත් කන්න තහනම් කර ඔවුන් කුණු බක්කි අවුස්සන තත්වයකට ඇද දමා නම්, ඒ ගොඩගැන්මෙන් ඇති ඵලක් නැතෙයි කියා වමේ බලවේගයන්ට 1977 දී ජනතාව පෙන්වා දුන්නේය.
1970 බලයට පත්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුක්කානම තිබුනේ වාමාශිංකයින් අතේය. ඒ වාමාශිංකයින්, ලෙස ජනතාවගේ සිත් තුල ජීවත්වන විප්ලවකාරී වාමාංශිකයින් නොවේ. ඔවුන් සියල්ලෝම අධිරාජ්‍යවාදි පාලන කාළය තුල බිහි වූ ලුම්පන් පන්තියේ දුවා දරුවෝය. එහි නෂ්ඨාවශේෂයන් කීපයක් තාමත් රාජපක්ෂලාගේ පොහොට්ටුවේද හොල්මන් කරමින් සිටී. ඔවුන්ගෙන් පසු ඒ ධනවාදී ලුම්පන් වාමාංශිකයාද අතුරුදහන් වීමට නියමිතය.
එසේ අනාථ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චන්ද්‍රිකා පාලනය යටතේදී ගමන් කරන්නේ කිසිවකුත් සිතූ ගමනක් නොවේ. එය කවුරුත් දන්නා යහපාලන යුගය මෙන්ම කිසිම දැක්මක් නැති රට කබාසීනීයා කර දැමූ වසර 11 කි.
එය වමටත් නැති ධනවාදයටත් නැති, එහෙටත් නැති මෙහෙටත් නැති අමුතුම එකක්ම වූයේය. විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙනවා කියා ආපු උන් ආර්ථිකය ඍණ අගයකට ගෙන ගියේ ලංකාවේ ප්‍රථම වතාවටය. එක ගෙනාපු උන් කීවේ චන්ද්‍රිකා වමට සිග්නල් දමා දකුණට හැරෙව්වා කියලාය.
කිසිඳු අනන්‍යතාවයක් නොතිබු පක්ෂයට නැවත අනන්‍යතාවයක් ලබා දුන්නේ මහින්ද රාජපක්ෂය. වසර දහයක අවසානයේ එයට පට බැදුන නම ඔවුන්ගේ අනන්‍යතාවයයි. මහින්ද රාජපක්ෂ මහ බයියා වූ අතර පාක්ෂිකයින් බයියෝ විය.
පොදු ව්‍යවහාරය මෙය වුවද ජේ ආර්ගේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති හා චන්ද්‍රප්‍රේමගේ කොල පාට සමාජයේ නියම නියෝජනය තිබුනේ මෙතනය. ලිබරල්වාදීන් ඔවුන් බෞද්ධ මූලධර්මවාදී ගෝත්‍රික පිරිසක් ලෙස හැඳින්වූවද, නාමල් රාජපක්ෂලාගේ දැක්ම තිබුනේ පුකේ ලිබරල් උන්ටත් වඩා ඉදිරියෙනි.
මා නම් දකින්නේ නාමල් කොළඹ ඉහළ සමාජය සාමාන්‍යකරනය කොට රටට හඳුන්වා දුන් පුද්ගලයා ලෙසිනි. රාජපක්ෂලා එලවා 2015 බලය ලබා ගත් උන් උත්සාහ කලේද නාමල් රාජපක්ෂලා වීමට වූවත්, උන්ට එය සාර්ථකව කළ නොහැකි වූ බවත් සියල්ලන්ම දුටුවේය. නාමල් ගැන කොතෙක් විවේචන තිබුනද මාතලන් නම් ඔහු දකින්නේ විප්ලවවාදියෙකු ලෙසිනි. එය වෙනම මාතෘකාවක් බැවින් අනාගතයේ ඒ ගැන වෙනම ලිවිය යුතුය.
රාජපක්ෂලා තවත් විශේෂිත විප්ලවයක් කළේය. ඒ මේ රටේ දියුණුවට හා සංවර්ධනයට ඉමහත් බාධාවක් වන සඝ පරපුර මෙල්ල කිරීමය. ඔවුන් අද රාජපක්ෂලාට එහෙයි කියන තත්වයට පත් වී අවසානය. මහින්ද එය රැඩිකල් ලෙස කළ අතර. ඝෝඨා එය වඩාත් මානුෂික මුහුණුවරකින් කරගෙන යයි. අනෙක් පක්ෂ හා නායකයින් සියල්ලම රාජපක්ෂලා ඉදිරියේ පදිරි වන්නේ මේ හැකියාව හමුවේය.
කෙසේ වුවත් 2015 මහින්දලා ගෙදර යන්නේ ජනාධිපති කම් පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම්ද පරිත්‍යාග කරමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාමිකවද මරණයට පත් වීමේ සීග්‍රගාමී ගමන ඇරඹෙන්නේ එතැන් සිටය. මෛත්‍රීපාල සිරිසේන අද එහි අවමංගල උත්සවය සංවිධානය කරමින් සිටී.
පක්ෂ නායකත්වය රැගෙන නැවත මළකඳ කෙලින් කරනා මෙන් මහින්ද රාජපක්ෂට ආරධනා පත්‍ර එවා තිබුනද, සමානුපාතික ක්‍රමය යටතේත් 2/3 ක් ලබාගත් නැවුම් පොහොට්ටුවක් අත්හැර දමා අත බදා ගන්නට යෑම නැවතත් ගල් යුගයකට යාමක් බව නම් නොලියා සිටිය නොහැකිය.
අද ලාංකීය දේශපාලනයේ රෝ මොඩල් එක රාජපක්ෂලාය. මහින්ද රාජපක්ෂ යනු වෙනම ෆිලෝසොෆියකි. ආගමකි. සියල්ලෝම ඔහුගේ දර්ශණය වන්දනාමාන කරන්නෝය. එහෙත් රාජපක්ෂලා සිටිනා තෙක් ඔවුන් සියල්ලෝම අනුගාමිකයින් පමණක්ම වන්නෝය.
Aug 20, 2020
ගමනක අවසානය – එජාපය
2015 දී සිඳු වූ දේශපාලන පෙරලිය රටට ජනතාවට මෙන්ම දේශපාලන පක්ෂවලටද හතේ හත වැදුනු විශේෂ සංධිස්ථානයක් බව ලාංකීය දේශපාලන ඉතිහාසයේ ලියවෙනු නොඅනුමානය.
ඒ ලංකාවේ පැරණිම පක්ෂය වන 1946 සැප්තම්බර මාසයේ 6 වනදා ආරම්බ වූ එජාපයේත්, 1951 සැප්තැම්බර 2 වනදා බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, 1965 මැයි 14 වනදා බිහිවූ ජනතා විමුක්ති පෙරමුණේත් අවසානයට මුල පිරූ වකවානුව ලෙසයි.
ඒ ලංකාවේ මෙතෙක් පැවති ප්‍රධානම පක්ෂ තුනයි. මාතලන් නම් මෙය දකින්නේ ධනාත්මකවය. අද ලෝකයේ තිබෙන්නේ ඔය පක්ෂ බිහි වූ කාළයේ තිබු සමාජයක් නොවේ. ඇද ඇත්තේ ආර්ථික, දේශපාලන මෙන්ම සමාජීය වශයෙන් විශාල පරිවර්ථනයක් සහිත ලෝකයකි. ලෝකය වේගයෙන් වෙනස් වූවද, මේ පක්ෂවල දැක්මන්, ප්‍රතිපත්ති මෙන්ම නායකයින්ද ඊට අනුගතව වෙනස් නොවීම මෙන්ම අවංක නොවීම අපේ රට මේ තත්වයෙන් පැවතීමට ප්‍රධානම හේතුවයි.
පරිසරය අනුව වෙනස් විය නොහැකි ජීවීන්ට පැවැත්මක් ඇත්තේ නැති බව මේ පක්ෂවලට අත් වූ ඉරණම අපට මොනවාට පසක් කරමින් සිටී. මොන හෙනේ ගැහුවත් තමන්ගේ පැවත්ම තහවුරු කර ගත් තනි තනි පුද්ගලයන් පිරිසක්ද මේ පක්ෂවල සිටිනා බව වෙනම කතාවක් වුවද, නැවත පක්ෂ වශයෙන් ඔවුන්ට කිසිම පැවත්මක් නම් ඇත්තේ නැතිය. එහිදි අසරණ වන්නේ වහල් පාක්ෂිකයින්ය. කොටින්ම වෙනස් විය නොහැකි ළිං මැඩි වහලුන්ය.
එජාපයේ මෙවන් විශාල පිරිසක් උන් බව මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් අපට පහසුවෙන් වටහා ගත හැකිය. ඒ එජාපයේ දෙදරායාම තුල කලකිරීමට පත් දේශපාලන වහලුන් පිරිසයි. ඇත්තටම වෙනස තේරුම් ගෙන ඔවුන් චන්ද පොලට ගියේ නම්, සමගි ජන බලවේගයේ මෙන්ම එජාපයේද ප්‍රතිඵලය මීට වඩා හොඳ ප්‍රතිඵලයක් වනවා නොඅනුමානය.
1993 රණසිංහ ප්‍රේමදාසගේ හදිසි අභාවය හේතුවෙන් නිතරගයෙන් එජාපයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ නවීන ලෝකයට ගැලපෙන නායකයෙක් වනු ඇතයි පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියල්ලන්ම එල්බගෙන උන් මතයකි. එහෙත් මංගල සමරවීර පුද්ගලික අපහාසයක් ලෙස එල්ල කලද, මඩ ගැසීමට කට කහනවාට කියූවද, ඔහු කිසිවක්ම බැරි නායකයකු බව අද වන විට ඔප්පු කර අවසානය. ඒ ජාතික ලැයිස්තුවෙන් පත් වූ එකා හෝ පාරලිමේන්තුවට යවන්න බැරි නායකයකු ලෙසිනි. එජාපය නැවත ගොඩ ගත හැකි යැයි කෙනෙකු සිතන්නේ නම්, එයාලාට අත්වනු ඇත්තේද රනිල්ට වූ දෙයම මිස වෙන කිසිවක්ම නොවේ. සමගි ජන බලවේගයේ අනාගතය ගැන අප වෙනම කතා කල යුතුය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන මීළඟ පල් හෑල්ලෙන් ලිවීමට බලාපොරොත්තු වෙමි.
Aug 19, 2020
ආන්ත්‍රාවයි….!!! මේ ඇමතිත් විදුලි මාෆියාවේ ගොඳුරක් වේයිද….?
Aug 13, 2020
ජනතාවාදී රාජ්‍ය ඇමති මණ්ඩලය
මුලින්ම කිව යුත්තේ ඇමති මණ්ඩලය මෙන්ම පත්කිරීම්ද සාම්ප්‍රාදයටම සිඳු වීම, ලැබි තිබූ උත්තේජනය තරමක් අඩු කලද, උසුළු විසුළු වලට ලක්ව ඇති රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂයපතයන් හා එම ඇමතිවරුන්, අර උත්තේජනය තව දුරටත් රදවා පවත්වා ගැනීමට හෙතු වනු ඇත්තේය කියාය.
අවුරුදු පහක් තිස්සේ මේ රට විනාශ කල ආර්ථික උස්තාද්ලා හා තාමත් ඔවුන්ට කඹුරන අන්තේවාසික වහලුන් පයිසෙකට මායිම් නොකල යුතු වූවද, ඒ තද බල විවේචනයන් අප බාර ගත යුත්තේ ධනාත්මකවය. මන්ද එම සිඳුවීම සමාජ මාධ්‍යවල මෙන්ම ප්‍රධාන මාධ්‍යන් තුලද කතා බහට ලක්වීම ඉතා වැදගත් නිසාය.
මේ රටේ දෙශපාලකයකු නොවන පුද්ගලයකු රටේ නායකයා ලෙස පත්වන්නේ ප්‍රථම වතාවටය. එය ඉතා වැදගත් සිඳුවීමක්ය. මන්ද මෙරට සියළුම දේශපාලකයන් හුරු වී උන්නේ, රට ගොඩ ගැනීමට නොව තම හත්මුතු පරම්පරාව ගොඩ ගැනීමේ මජර අප්පිරිය සංස්කෘතියකට වීමයි. යහපාලනය පත්කිරීමෙන් ජනතාව බලාපොරොත්තු වූයේ එම සංස්කෘතියේ වෙනසක් වුවද, සිඳු වූයේ ගහෙන් වැටුනු මිනිහාට ගොනා අනින්නා සේ උන් සියල්ලෝද අර සිහිණයේ ජීවත් වූ කලින් උන්ටත් අන්ත පිරිසක් බවට පත්වීමය.
එහෙත් ඝෝඨාභය රාජපක්ෂ මේ මොහොත දක්වා එම මජර කාළකන්නි ක්‍රමයේ තව දුරටත් ගමන් කරන්නකු නොව, උඩු ඟං බලා පිහිනන්නකු බව භාවිතාවෙන්ම ඔප්පු කොට අවසානය.
කොරෝනා වසංගතය හේතුවෙන් මෙතෙක් පැවති මැතිවරණ ප්‍රචාරණ විකාරයන්ද නැවතී ගියේය. ඝෝඨා එම අවස්ථාව භාවිතා කරමින් මෙතෙක් සිඳු නොවූ වෙනස් කමක් කලේය. ඔහු ස්ටේජ් උඩ නැග මයික් පීකර දමාගෙන ජනතාවට කිසි දිනෙක ඉටු කල නොහැකි පච කෙලියේ නැත. ඔහු කෙලින්ම ජනතාව අතරට ගියේය. ජනතාවගේ ජන දුකට සවන් දුන්නේය. ජනතාවගේ සමහර ප්‍රශ්ණවලට එවෙලේම විසඳුම් ලබා දුන්නේය.
එහිදී පැහැදිලි දෙයක්ද මනාව දිස් උනේය. ඒ ඔහු බොහෝ අවස්ථාවන්වලදී නිළධාරින්ට වඩා හමුදාව විශ්වාස කල බවයි. රජයේ නිළධාරින් යනු මෙලෝ රහක් නැති පිරිසක් බව ඕනෑම එකෙක් දන්නවාය. ලෝකයේ ඇති අකාර්යක්ෂතම රාජ්‍ය සේවය මේ රටේ එක බව සමීක්ෂණ නොතියාම ඕනෑ එකෙකුට බය නැතිව කියන්නට පුළුවන්ය. උන් ඉන්නේ වැඩ කරන්නට නොව, වැඩ නොකරන්නටය. එසේ වැඩ නොකර සිටීමට හේතූ කියන්නය. නැත්නම් පාරවල් වසාගෙන අසාධාරණ ඉල්ලීම් ඉල්ලන්නටය. ඉල්ලීම්ම පමණය. යුතුකම් ඇත්තේම නැතිය.
ඒ ඉදිරිපත් වූ ප්‍රශ්ණ සියල්ලම මෙරට රාජ්‍ය සේවයේ නිළධාරින් හා අමාත්‍යංශ වලින් ඉටු විය යුතු ඒවාය. අනෙක ඒවා ඉතා සුළු කරුණුය. එහෙත් වසර 72 ක් තිස්සේ පඩිය හා දීමනා නිසි ලෙස ලබා ගත්තද උන්ගේ යුතුකම් ඉටු කරලා නැත්තේය.
කෙනෙක් මේවාට දේශපාලකයින් වග කිව යුතු යැයි කිව හැකිය. එහි ඇත්තක් නැතුවාද නොවේමය. මන්ද මේ රටේ වැඩ කරනා ඇමතිවරුන් සිට ඇත්තේ අතේ ඇඟිලි ප්‍රමාණයටත් අඩු පිරිසක් වීම නිසාය. උන් කුමන පක්ෂයේ වුවද අදටත් උන් නොමියෙනා මිනිසුන්ය. වැඩ කරනා එකා මුන්ගෙන් මරාගෙන හෝ වැඩ ගත් අතර, නොකරන එකා කලේ නිළධාරීන් හා එක්ව හොරා කකා අයිස් ගහනා එකය. හොඳම උදාහරණය පසුගිය පස් වසරේ සිටි සමස්ථ අමාත්‍ය මණ්ඩලයයි.
උන් එකෙකුටවත් ආන්ඩු බලය ගත් පසු කරන්නේ කුමක්ද යන්න ගැන කිසිම වැඩපිලිවලක් තිබුනේ නැතිය. අනික 2015 දී උන් දිනයි කියා විශ්වාසයක් තිබ්බේත් නැතිය. එහෙත් ඇමති කම් ලැබුන ගමන් ඔළුව ඉදිමුනේය. අර්ථික උස්තාද්ලා කියනා උන් කාර්යාලයේ සිට සෙල්ෆි ගසා බුකියේ එල්ලුවේය. සමහර උන් උන්නේ බුකියෙ චැට් රූම් වලය. අඛිල විරාජ් වැඩ කල ආකාරය ගැන ඔහුගේම ලේඛමෙක් ලියා ඇති ලිපිය මීට කදිම උදාහරණයක්ය.
මේ උසුළු විසිළු වලට ලක්ව ඇති සියලුම විෂය පතයන් මීට කලින්ද අමාත්‍යංශ විෂයපතයට අදාල වූ දේවල්ය. ඒවා අපට නම් විහිළු නොවේ. අනික මේ සියල්ලම ඝෝඨා ජනපති ජනතාව අතරට ගිය කල ඉදිරිපත් වූ ගැටළු සහගත විෂයන්ය. නැවතත් කිව යුතුව ඇත්තේ ජනතාවගේ ප්‍රශ්ණ අපිට නම් ජෝක් නොවේ කියාමය.
මේවා ප්‍රකාශයට පත් කොට ගැසට් කරන්නේ අමාත්‍යවරු දිවුරුම් දීමටත් පෙරය. ඒ කියන්නේ මේ සියල්ල එක ස්ථානයකින් පැහැදිලි අධීක්ෂණයකට ලක්වන බවය. මෙය ලංකාවේ මුල් වරට සිඳු වූවකි.
මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමතියෙක් උන් විජ්ජාත්මක කැබිනට් මණ්ඩල වලින් කරපු දේවල් අපි පස් වසරක් තිස්සේ අගේට දැක්කේය. සමහර විෂයපතයන් හා ආයතන ගැසට් කිරීමට මාස ගනන් ගියේය. සම හරක් තමන්ගේ අමාත්‍යංශය තියෙන්නේ කොහේද කියාවත් දැනගෙන උන්නේ නැතිය. සමහර උන්ට ඉඳගන්න කාර්යාල හා පුටු තිබුනේ නැතිය. එවාත් ආන්ඩුව වගේම එකම කැඳ හැලියක්ම වූවේය. උන් සියල්ලෝම එකතුව පාස්කු ප්‍රහාරය නම් ඉතා සාර්ථකව නිම කලේය.
දැන් මේ ඇමතිවරුන්ට සෙල්ලම් දමන්නට බැරිය. තමන්ගේ විෂය පතයන් ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවාය. ජනතාවත් තමන්ට අදාල එකා මොකාද කියා ඉතා පැහැදිලිව දන්නවාය. කාර්යාලය තිබෙන්නේ කොහේද කියා දන්නවාය. එමෙන්ම ඕන ඕන එකා දමාගෙන පිස්සු කෙලින්නට බැරිය. ඒවාට ලොක්කාගේ අනුමැතිය ගන්නම වෙනවාය. ඒ තියා විවේචනය කරනා උනුත් සබ්ජෙක්ටෙක කරන්නේ මොකාද කියා දන්නවාය.
කොරෝනා නිසා ලෝකයේම ආර්ථිකයට කෙලවී තිබෙන මේ මොහොතේ දේශීය සුළු කර්මාන්තයන් මහා පරිමාණ කර්මාන්ත බවට හෝ කර්මික කෘෂිකාර්මික ගම්මාන බවට පවට පත් කල යුතුව ඇත්තේය.
හැමදාම ගාමන්ට් එකේම එල්ලිලා ඉන්නට බැරිය. කිතුල් රා ලෝකයේ වෙන රටක ඇතයි කියා මා සිතන්නේ නැතිය. තැඹිලි ගෙඩියද එසේ යැයි කියා සිතමි. තැබිළි ගෙඩිය ඒ ආකාරයෙන්ම අපනයනය කරනා ආයතනයක් ගැන මම කොහේ හෝ දුටුවෙමි, ඉස්සන් වෙනුවෙන්ද ඇමතියෙක් ඉන්නවාය. මෙය ආදායම් ඉල්ලමකි.
දේශීය වෙද හෙදකම් යටතේ මඳන මෝදක ගුලිය වුවද ලෝකය පුරා මාකට් කල හැකි බෙහෙතකි. සුපිරි ගංජා තෙල් වලට ලෝකයේ ඇත්තේ ඉතා ඉහළ වටිනාකමකි. ගංජා දුම සිගරට් දුම තරම් ශරීරයට අහිතකරද නැත්තේය. සිලෝන් ගංජා සිකැරට් එකක් හැදුවා නම් මාන්නාරමේ තෙල් ඕනා වෙන්නේත් නැතිය. ගංජා හේන් පිටින් ගිනි තියනා විට ගිනිගන්නේ අපේ හදවත්ය. මේවා සහ ගහනා අපරාධයන්ය. ඒ තියා ගල් කටස් හදනා උන්ද හමුදාවට බඳවා ගන්නවා නම් අප කැමතිය. ඨ්-56 ක් මෙහේ හදනා එක මහා කජ්ජක් නෙමේය. මෙවා අලී සබ්‍රිට අධිකරණ ඇමතිකම දෙනවා වාගේ විප්ලවීය තිරණයන්ය.
ගොඩ එනවා නම් ඕනෑ තරම් දේ මේ මහ පොලොව මත තිබෙනවාය. කරුමය කියන්නේ ඒවා බ්‍රෑන්ඩඩ් ප්‍රොඩක්ට්ස් ලෙස ප්‍රචලිත කිරීමට හෝ නිමි භාන්ඩ ලෙස ලෝකයට හඳුන්වා දීමට එකෙක් උන්නේ නැති එකය. මේඩ් ඉන් සිරි ලංකා ගාම්න්ට්ස්, සුද්දෝ සුද්දියෝ අඳින්නේ ආඩම්බරයෙනි. හැම සුද්දාම තේ එකක් ඕනා වෙලාවට හොයන්නේ සිලෝන් ටී එකක්ය.
එහෙත් සිලෝන් ටී ලෝකයට යන්නේ රුසියාවෙන්ය. ඒ අපේ නිළධාරින්ගේ පඩත්තල වැඩ නිසාය. වික්ටෝරියා සීක්‍රට්ස් පෑන්ටි බැසියර් මහන්නේත් මෙහේය. එහෙම උන්ට කරන්න බැරි දෙයක් නැතෙයි කියනා එක මගේ මතයය.
රාජ්‍ය අමාත්‍යවරුනට ලබා දී ඇති මේ ටාගට් ටික වසර පහක් තුල ජයගත හැකි නම් ඒ සමඟම තාක්ෂණයද දියුණු වන්නේ බලාගෙන සිටියදීමය. මන්ද තාක්ෂණය, නිශ්පාදන ගුණය මෙන්ම නිශ්පානයද ඉහළ දමනා නිසාවෙන්මය. ඒ නිසා මොකා අපහාසයට ලක් කලද මේ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය ජනතාවාදී අමාත්‍ය මණ්ඩලයක් බව නම් නොකියා සිටිය නොහැකිය..
ඒ වගත් මෙසේය….
Aug 11, 2020
රනිල් වික්‍රමසිංහ නම් ප්‍රොපගැන්ඩාවේ නිමාව
රනිල් ගෞරවාන්විතව දේශපාලනයෙන් සමුගත යුතු බව 2015 න් පසු කීප අවස්ථාවකම මාතලන් විසින් ලියා තැබුවේය. එහෙත් ඒ නායක කම සජිත් ප්‍රේමදාසට පැවරීමෙන් නොවේය. ඔහු වෙනුවට, වියපත් වුවද ගෞරවාන්විත පොරක් එජාපයේ උන්නේය. ඒ කරූ ජයසූරියයි. මෙහිදි මාතලන් "2015 න් පසු" කියා කියන්නේ විශේෂ හේතුවක් ඇතිවය. ඒ රනිල් ප්‍රොපගැන්ඩාවේ අපද වල්මත් වී උන් නිසාය.
එහෙත් 2015 පාර්ලිමේන්තුවේ බලය ලබාගෙන මහින්ද කරපු වැඩත් නවත්වා මහ බංකුවට ගේම දෙන කොටම අප උන්නේ සිහිණයක බවත්, රනිල් යනු තනිකර ප්‍රොපගැන්ඩාවක් බවත් මොනවාට අවබෝධ උනේය. රනිල් පමණක් නොව ඒ මුළු පක්ෂයේම මේ රට ගොඩගත හැකි කිසිවකුම නොමැති බව පස් වසරක් තිස්සේ මුළු ලොවටම පෙන්වා අවසානය. ආර්ථික උස්තාද්ලා ලෙස පෙනි උන් පොරවල් අමු හාල්පාරුවෝ බව රනිල් කරපු එකම එක දේ වන "සුවිසැරියත්" තමන්ගේ එකවුන්ට් එකේ දාගන්නා හැටි දැක්කාම අනේ අනිච්චේ සංසාරේ කියා සිතෙනවාය.
රනිල් පසුපස කිසි දිනෙක ජනතාව උන්නේ නැතිය. ඒ බව කැළණියේ ජීවත් වූ අප අත්දැකීමෙන්ම දන්නවාය. රනිල් නායකත්වයට පත් වූ විගසම, ඒ කාළයේ වැඩිමල් පාක්ෂකයින් අප සමඟ කීවේ, රනිල් නායකත්වයේ දිගටම සිටියහොත්, එය එජාපයේ අවසානය වනු ඇති බවය. අද ඔවුන් දිවියලෝකවල ජීවත් වූවත් ඔවුන්ගේ කටවල් වලට සුරඟනාවන් අමෘතය වක්කරනවා නොඅනුමානය.
අප වැනි හාල් පාරුවන් මේ ප්‍රොපගැන්ඩාවේ මුලා වීම මහා දෙයක් නොවන්නේ, ලෝක නායකයෝ මෙන්ම සංවිධානද මේ මුලාවේ වික්ටිම් වූ නිසාමය. රනිල් පසුපස ජනතාව උන්නේ නැතයි කියා මාතලන් මුලින් කීවේය. ඔහුට සාමාන්‍ය ජනතාව සමඟ තබා, තම පක්ෂයේ ලොකු පොරවල් සමඟ හෝ ඇයි හොඳයියක් තිබ්බේ නැතිය. ඔහුගේ ඇයි හොඳයිය තිබුනේ එක්තරා ඇබ්බහිවීමක් සහිත ඉහළ පැලැන්තියේ හිතවතුන් කීප දෙනෙක් සමඟය.
ඔහු බියගම දමා කොළඹ හතේ කුරුඳුවත්තට එන්නේ ඒ නිසාමය. එහිදි මහජනතාව හමුවීම් ඇත්තේ නැතිය. එය ඔහුගේ අධිකාරිවාදය නිදහසේ පවත්වාගෙන යාමට මහත් රුකුලක් වූයේය. තව දුරටත් ජනතාව හා ගණුදෙණුවක් ඔහුට තිබුනේ නැතිය. ඉන් පසු ඔහුගේ ගණුදෙණුව තිබුනේ බටහිර තානාපතිවරුන් හා NGO කාරයන් සමඟ පමණි. ඊට කෘතගුණ සැලකීමක් ලෙස ඔවුන් විසින් අපූරූ ප්‍රොපගැන්ඩාවක් සමාජ ගත කලේය.
ඒ රනිල් මාර දේශපාලන බුද්ධිමතෙක්ය කියලාය. ඔහු ආසියාවේ මහා මොළය විය. මෑතක් වන තුරුම තරුණ නායකත්වයද විය. එහෙත් 2001 වර්ෂයේ අවසානයේ සිට 2004 අප්‍රේල් මාසයේ චන්ද්‍රිකා කුමාරණතුංග විසින් ඔහු බලයෙන් එලවා දමන තෙක් රටට කරපු කිසිවක් ඇත්තේ නැතිය. එමෙන්ම එම වකවානුවේ දෙවරක් ජනාධිපතිකම් කල චන්ද්‍රිකා නෝනාද එම බෝට්ටුවේම තවත් පච හිලක් බවත් ලියලාම තියන්න ඕනෑය.
Aug 7, 2020
ඝෝඨා… රැල්ළක් නොව සුනාමියකි
ලැබුන ප්‍රතිඵලය සියල්ලෝම හොල්මන් කර ඇත. අප දන්නා මැතිවරණ ඉතිහාසය තුල මෙහෙම කෙලියක් සිද්ද වූයේ මතකයට ඇති පළමු මැතිවරණය වන 1977 ඉලෙක්සොන් එකේ විතරමය. කොටින්ම… අද දේශපාලනය තුල සිටිනා තෙම්පරාදුම චරිතය වන මහින්ද මහත්තයා හෝ මේ වගේ රිසාල්ට් එකක් නම් බලාපොරොත්තු නොවූ බව, එතුමා චන්දය ප්‍රකාෂ කිරීමෙන් අනතුරුව මාධ්‍යට කී දෙයින් ඉතා පැහැදිලිය. උන්නැහේ කීවේ ලැබුනේ නැති උනත්, හදා ගන්නා හැටි අපි දන්නවා කියාය. පෝට්ටුවේ න්‍යායාචාර්‍ය බැසිල් ලොක්කාද බලාපොරොත්තු උනේ 135 ක් පමණය.
මේ අතරේ යහපාලනයට කඩේ ගිය වෙබ් කාරයෝ මෙන්ම NGO කාරයෝ සමීක්ෂණ පවත්වා කිව්වේ 113 ක් ගන්න එකත් අමාරු වැඩක් වෙයි කියලාය. අද උන් කොහේදෝ කියා හොයා ගන්නටත් නැතිය. උකුස්සන්ගේ ජය උන්ගේ අමන්දානන්දයට හේතු වී තිබෙන්නේ ඒ නිසාය. එහෙත් මෙවන් ජයක් හමුවේ උකුස්සන්ට සෙල්ලම් දාන්න හම්බ වෙන්නේ නැති එකත් පරම සත්‍යයමය.
එමෙන්ම NGO පප්පලා කිව්වේ ජනපතිවරණය දින්න වෙලාවේම තිබ්බා නම් චාන්සෙකක් තිබ්බත්, ආන්ඩුව ෆේල් නිසා 100 ගන්න එකත් මාරම අමාරු ගේමක් කියාය. ඒ සියල්ල අද බයිලාම බවට පත් වී ඇත්තේය. එජාපය චක බ්ලාස් හෙවත් වයිට් වෝෂ්ය. ඒ ගැන වෙනම ලියන්න ඕනෑ කතාවක් තියෙනවාය. ජෙප්පන්ට තිබුන එවාත් නැතිය. ටැලිපෝනය ලද්දේ ජයක් නොව අන්ත පරාජයක්ය.
මේ සියල්ලට හේතුව වෙන කිසිවක් නොව මහින්ද සුළඟට පසු ආ “ඝෝඨාභය සුනාමියයි”. ඝෝඨාභය රාජපක්ෂ කෙරේ ඇති විශ්වාසයයි. ඇත්තටම ජනාධිපතිවරණයත් සමඟම මහ මැතිවරණය පැවැත්වූවා නම්, සමහර විට මේ ප්‍රතිඵලය නොලැබීමටත් ඉඩ තිබිනි. ඒ ඝෝඨා කව්දැයි ජනතාවට ඉස්ටඩී කිරීමට කාළයක් නොලැබෙන නිසාවෙනි.
රටට ලැබුනේ ඔහුගේ විරුද්ධවාදීන් බලාපොරොත්තු වූ ඝෝඨාභය කෙනෙක් නොව ජනතාවාදී නායකයෙකි. ඔහු ජනතාවට ආදරය කරනා බව ක්‍රියාවෙන්ම ඔප්පු කළේය. ඔහු තමාට අවාසියක් වුවද වෙනත් දේශපාලුවන් කීමට බිය දේ කෙලින්ම කීවේය. එය ඔහුට අවාසියක් වී නැතිය. සත්‍යවාදියාට විරුද්ධවාදියා උනත් ගරු කරනවාය. ඒ කියා ඔහු සුළු ජාතින්ට වෙනස්කමක් කරලාත් නැතිය.
තමා ජනාධිපති කලේ මේ රටේ සිංහළ බෞද්ධ ජනතාව බව එතුමා නොබියව කීවේ රුවන්වැලිසෑය ඉදිරියේය. මෙයින් ඔහුට චන්දය නොදුන් සිංහළ බෞද්ධයැයි කියනා උන්ගේ රෙදි ගැලවි ගියේය. උන් මෙතෙක් උන්නේ රටට වින කරනා කාළකන්නින් බලවේගයක් සමඟ බව උන් තේරුම් ගත්තේ ඉන් පසුවය. රටේ වාසනාවට ජනතාව එය අවබෝධ කර ගත්තද, මහරාජාගේ සල්ලිවලට නටනා දීඝදන්තුවාටත් ඒවා වටහා ගැනීමේ ශක්තියක් තිබ්බේ නැතිය.
ප්‍රධානම කරුණ කොරෝනා වසංගතයෙන් රට බෙරා ගැනීමයි. ලෝකයේ හොඳම කොරන්ටයින් සිස්ටම් එක හඳුන්වා දෙමින් අද ඔහු ලෝකයම ජයගෙන අවසානය. එමෙන්ම එතුමාගේ නියෝජනයන් වන වියත් මග නියෝජනයන්ද අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දී ඇත. විරුද්ධවාදින් කුමන වැල් බයිලා ගැසුවත් ලෝකය ගැන දන්නා ජනතාව, ආන්ඩුවේ ක්‍රියාදාමය අගය කර ඇත.
අනෙක් කරුණ පාට පක්ෂ දෙක නොබලා ජනතාවට ලබා දුන් රුපියල් 10,000 යි. මෙය ජනතාව කිසි ලෙසකින් හෝ බලාපොරොත්තු වූ දෙයක් නොවේ. එහෙත් එය ජනතාව ආදරයෙන් වැළඳ ගත්තේය. ඒ සල්ලිත් අරගෙන, වෙන එකෙක්ට දෙන්නේ කොහොමද ඕයි කියා හිතපු මිනිස්සු කරේ, වෙන උන්ට දී පව් පුරවා ගන්නේ නැතිව ගෙදරට වී ඉන්නා එකය. එය ප්‍රකාශිත නොවූ චන්ද ගනනින් මනාව අවබෝධ කර ගත හැක.
ස්කෝර් කල තවත් ප්‍රධානම කරුණක් වන්නේ, මහ බැංකුවේ කාළකන්නින්ට දැමූ සත්තමයි. බැනුම් අහගත්ත උන් එදා මහා රෑත් වැඩ කරපු හැටි මුළු රටම දුටුවේය. ඝෝඨා හා සෙල්ලම් නැති බව ආන්ඩුවේ පින් පඩි කන නිළධාරියෝ අවබෝධ කර ගත්තේය. ඔය නිළධාරි පැලැන්තිය දේශපාලුවන්ටත් වඩා ජනතාවට දිරවන්නේ නැති පිරිසක් බවත් ලියා තියන්නම ඕනෑය. ආන්ඩු කුඩු කරන්නේ මුන් බව කවුරුත් දන්නවාය.
කුඩු කාරයන්ට හා පාතාලේ උන්ට එරෙහිව යන ඔපරේසොන් එකද ජනතාවගේ ආදරයට පත් වී හමාරය. ඔපරේසොන් එක උන්ට සීම නොවී, නාකොටික් එකේ උන්ටද, බන්ධනාගාරේ උන්ටද, සුරාබදු එකේ උන්ටද කෙලවීමේ හේතුවෙන්, ජනතාව විඳිනා සතුට එතුමා දෑසින්ම දුටුවේය. මෙය විරුද්ධවාදින් කිසිසේත් බලාපොරොත්තු වූ ක්‍රියාදාමයක් නොවේ.
එමෙන්ම අවසාන මොහොතේ කොරෝනා අවධානමද නොතකා සමාන්‍ය ජනතාව අතරට යාමත් ඔවුන්ගේ සමහර ගැටළුවලට එවෙලේම සොලියුසොන් ලබා දීමත් ඔහු කයිවාරුකාරයකු නොවනා බව ඔප්පු කලේය. හැකි නම් මාසයකට එක දිනක් හෝ රණසිංහ ප්‍රේමදාසගේ ජනාධිපති ජංගම සේවය මෙන් මේ ක්‍රියාදාමය තව දුරටත් කරගෙන යා හැකි නම්, එය ජනතාවගේ ගෞරවාදරයට පත් වනු නොඅනුමානය. එමෙන්ම බලය ලැබුන පසු ජනතාව අමතක කලේ යැයි කියනා ප්‍රධානම චෝදනාවකින් ගැලවීමක්ද වනු ඇත්තේය.
ඇත්තටම මේ රට හදන්නට මහා දෙයක් කරන්නට ඕනෑ නැතිය. කළ යුත්තේ වැඩ කරනා එකය. නිළධාරින් කරන්නේ නැත්නම් හමුදාව එක්ක හෝ එවා ඉටු කිරීම ජනතාවගේ එකම බලාපොරොත්තුවය.
ජනතාව ඉල්ලන්නේ මහා දේවල් නොවේ. ඒ සියල්ල ඉතා පහසුවෙන් ඉටු කල හැකි දේ බව එතුමා ක්‍රියාවෙන්ම ප්‍රායෝගිකවම ඔප්පු කළේය. බොහෝ දේ දේශපාලුවන්ගේ ගසාකෑම් හා කොමිස් හේතුවෙන් ඉටු නොවූ ඒවාය. JR කීවාක් මෙන් AR FR වලින් නම් ජනතාවට ඇති වැඩක් නැත්තේමය. නිළධාරින් විසින් ඕවා හදාගෙන තියෙන්නේ වැඩ කරන්නට නොව නොකර සිටින්නටටය.
මේ රටේ අමාත්‍යංශවලට වෙන් කරනා මුදල් නැවත භාන්ඩාගාරයට එවනා බව ප්‍රසිද්ධ රහසකි. ඒ කියන්නේ දෙන දේවත් කරන්නේ නැති කාළකන්නි දේශපාලුවන් හා නිළධාරීන් පිරිසක් රටේ ඉන්නා බවය.
අප ඔබ තුමාට කියන්නේ… අමාත්‍යවරු පත් කරත්, ඔවුන් අධීක්ෂණය සඳහා ඔබ තුමාට විශ්වාස කල හැකි පිරිසක් පසු විපරම සඳහා අනිවාර්‍යයෙන් පත් කල යුතුම බවය. මොකෝ ඔය සම හරක් උන් මහින්ද මහත්තයාත් නැති කරපු පිස්සු බුවාලා නිසාමය..
ඒ වගත් මේසේය.......