.

.

Aug 15, 2025

රත්වත්තේ, ලොවිනා හා ගල්කිස්සේ තෝමස් මේට්ලන්ඩ්

 


රත්වත්තේ, ලොවිනා හා
ගල්කිස්සේ තෝමස් මේට්ලන්ඩ්
➖➖➖➖➖➖➖➖➖➖⭕➖

මාතලන් කියවා ඇති ඉතිහාසය ඇතුලේ.... රත්වත්තේ කෙනෙක් හමුවන්නේ... තෝමස් මේට්ලන්ඩ් ආන්ඩුකාරවරයා සමයේය. ආන්ඩුකාරවරයා කියන්නේ සුද්දාගේ කාලයේ ලංකාවේ පාලකයාටය. එහෙත් තෝමස් මේට්ලන්ඩ් උන්නෑහේ යටතේ ලංකාව සම්පූර්ණයෙන්ම සුද්දාට නතුවී නොතිබුණේය.

මේටලන්ඩ් සුදු මහත්තයා අවිවාහකයෙකි... එයාගේ මාළිගය වූයේ අද ගල්කිස්සේ හෝටලය නමින් ප්‍රසිද්ධ මවුන්ට් ලැවීනියා හොටේල් එකය. ඕල් සිලෝන් ටුවර්ස් දුවන ආතරයියා සුද්දෝ අරගෙන දිව්වෙත් එතන සිටය. මේට්ලන්ඩ් සුදු මහත්තයාගේ ක්‍රෂ් එක වූයේ ලොවිනාය. මොහාන් රාජ් මඩවල ලොවිනා නමින් ලිව්වේ ඒ ආදර අන්දරයය.

ලොවිනාගේ මව සිංහල වූ අතර.... පියා පුරුතුගීසිකාරයෙක් විය.  H R ජෝතිපාලට අනුව...රටවල් අල්ලන්නට ප්‍රසිද්ධියක් ඉසිලූ පුරුතුගීසිකාරයන්ට ලොබිනාගේ අම්මා අල්ලන එක එච්චර අමාරු වෙන්නට නැතුව ඇතිය. සංසේචනය කොක්ටේල් එකක් වූ නිසා.... ලොවිනා පට්ට කෑල්ලක් වෙන්න ඇතිය. ඉතින් එහෙම කෑල්ලකට අග්‍රාණ්ඩුකාරවරයා අහුවෙන එක ලොකු දේකුත් නෙමේය. උන්නැහේ ලොවිනා එක්ක සෙට් වෙන්න යන්න....., ලොවිනාගේ නිවස සහ අග්‍රාණ්ඩුකාරවරයාගේ මාළිගාව අතර උමගක් තනා තිබුණු බව ප්‍රකටය.

ගල්කිස්ස මවුන්ට් ලැවීනියා වෙන්නේ ඒ හේතුවෙන්‍ය කියා ජනවහරේ එනවාය. මේවා බොරු වෙන්නටත් බැරිය. අශෝක හඳගමගේ අල්බරෝදා චිත්තරපටියේ තිබෙන්නෙත් මෙවන් කතාවක්ය. ඒ ලෝකප්‍රකටට කවියකු වූ..... ලංකාවේ සුළු කාලයක් ජීවත් වූ... නෙරුදාගේ හා සක්කිලි සම්භවයක් සහිත සුරූපී කතකගේ ප්‍රේම වෘත්තාන්තයක්ය. අල්බරෝදා කියන්නේ හිමිදිරියටය. ලයනල් වෙන්ට්ඩ්ගේ නිවසට අල්බරෝදා කියා නම දමන්නේ නෙරුදාය.

මේටලන්ඩ් ආණ්ඩුකාරතුමා ලංකාවේ මුහුදුබඩ පළාත්වල ආණ්ඩුකාරවරයා වශයෙන් පත්වෙන්නේ..... ක්‍රිස්තු වර්ෂ 1805 ජූලි මස 19 වැනි දිනය. ඔය අළුත්කඩේ, ගාල්ල, තිරිකුණාමලය, යාපනය, මඩකලපුව, පුත්තලම හා හලාවත ඇති දිස්ත්‍රික් නඩු ශාලා පිහිටෙව්වේ උන්නැහේය.

මේ කාලයේ උඩරට මහ රජුගේ පාලනය අඤ්ඤකොරොස් වී තිබුණේය. සක්කෝරලයේ කැරැල්ල ඇතිවන්නේ ඒ කාලයේය. රජතුමාගේ දෙවන අධිකාරම් ධුරයේ කටයුතු කළ මීගස්තැන්නේ මිය පරලොව යන්නේ 1806 දීය.

මේ කාලයේ දෙමළ සම්භවයක් සහිත රජ්ජුරුවෝ එක්ක රදළයෝ උන්නේ අමනාපයෙන්ය. මීගස්තැන්නේ හා ඇහැළේපොළ දෙදෙනාම කුමන්ත්‍රණකරුවෝ බව දැනගෙන උන්  රජතුමා, තමන් හා අවුලෙන් ඉන්නා රදලයින්ගේ සිත් දිනා ගැනීම පිණිස.... ඇහැලේපොළොව දෙවෙනි අධිකාරම් ධුරයට පත් කළේය..... එහෙත් මොල්ලිගොඩ යටතේ පැවති සත් කෝරලය.... ඇහැළේපොළගේ තනි භුක්තියට විඳින්නට නොදී.... එයා ඇහැලේපොළ හා මොල්ලිගොඩ අතරේ බෙදා දෙන ලදී. එහෙත් කැරැල්ල නැවතුනේ නැතිය.

මේ අතර තමාටත් තම තමන්ගේ බෑනා වන රත්වත්තේටත් සත් කෝරලය බාර දෙන බවට රජ්ජුරුවෝ පොරොන්දු කරවා ගත් පිළිමතලාවේ කැරැල්ල පරාජය කළේය. ඒ අනුව සත්කෝරලයේ ඉහල කොටස පිළිමතලාවේටත් පහළ කොටස රත්වත්තේටත් පවරා දෙන ලදී.

එහෙත් තමන්ට මැඩ පැවැත්විය නොහැකි කැරැල්ල..... පිළිමතලාවේ මැඩ පැවැත්වූයේ ඔහුද මීට සම්බන්ධ බවට සැකකළ රජ්ජුරුවෝ.... පිළිමතලාවේට හා රත්වත්තේටද.... ඔවුන්ගේ යටත් වැසියන්ටද ඉතා කෲර ලෙස සැලකුවේය.

මේ අතරේ නැවතත් සිංහලයින්ට රාජ්‍ය පවරා ගැනීමේ කූඨ කුමන්ත්‍රණයක යෙදී වුන් පිළිමතලාව..... උන්නැහේගේ පුත්‍රයා හට රජතුමාගේ අවජාතක මිනිබිරියක් සරණ පාවාදීමේ යෝජනාවක් ගෙන ආවේය.

වැඩේ බනිස් වෙන්නට යන බව දැන දැනගත් රජ්ජුරුවෝ රාජසභාව කැඳවා.... රාජසභාවේ ඒකමතික කැමැත්තෙන් සියලු රාජකාරී වලින් ඉවත් කොට කුමන්ත්‍රණකරුවකු ලෙස නම් කළේ දේශබන්දු තෙන්නකෝන්ට කලා වගේය.

පිළිම තලාවේ ගේම අත ඇරියේ නැත. රජතුමාගේ ආරක්ෂක සේනාවේ උන්.... ජා සම්භවයක් සහිත ඔපිසර් කෙනෙකුට අල්ලස් දී නැවත කැරැල්ලක් ඇති කලත්.... රජතුමා කැරැල්ල මැඩ පැවැත්වූයේය. මෙයින් කෝපයට පත් රජතුමා පිළිම තලව්වේමෙන්ම රත් වත්තේ දිසාපතිතැනදී තවත් බොහෝ රදලවරුන්දමරා දැම්මේය.

ඇහැලේපොළ මහාධිකාරම් ධූරයට පත්වන්නේ මෙයින් පසුවය.

කෙසේ හෝ.... ලෝකෙන් උතුම් රට මුලුමනින්ම යටත් විජිතයක් වීමෙනික්බිති.... සුද්දා විසින් රදළයන් විසින් එතෙක් කරගෙන රාජකාරීන් ඔවුන්ට තවදුරටත් දිගටම කරගෙන යාමට ඉඩ සැලසූ මුත්.... පසුකාලීනව සාමාන්‍ය ජනතාවගෙන් ලැබුණු අටෝරාශියක් පැමිණිලි හමුවේ.... ඔවුන්ගේ රාජකාරිය වැටුපට පමණක් සීමා කළේය.

නැතිනම් රදළවරුන් කරේ සාමාන්‍ය ජනතාව හා මුස්ලිම් වෙළඳ ප්‍රජාව පීඩාවට පත් කරමින් බදු එකතු කරනවා කියා කප්පම් ගැනීමය.... ඒ... හරියට අද පාතාලය වගේය. රත්වත්තේලාගේ ලේ හා ජාන තුල ඒ ජන්ම ගති තාමත් තිබුණා වන්නට පුළුවන්ය.

කෙසේ හෝ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියද රත්වත්ත පරම්පරාවේ කෙනෙක් වන අතර, සබරගමුවේ මහවලතැන්නේ උපන් කුළ කාන්තාවක් වුනේය. ඇය ද්‍රවිඩ සම්බවයක් සහිත හොරගොල්ල වලව්වේ සොලමන් රිජ්වේ ඩයස් බන්ඩාරනායක හා සරණ බන්දනයට එලැබුනු අතර, ලොව ප්‍රතම අග්‍රාමාත්‍යතුමියද විය. ඔවුනගේ දියණියක වූ චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග ලංකාවේ ප්‍රතම ජනාධිපතිනිය වූ අතර. අනුරුද්ධ රත්වත්තේ ඇයගේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති වුනේය.

හමුදාවට අත් වූ අන්ත පරාජයන් මෙන්ම ජීවිත හානී සිඳුවූයේ ජනරාල් ධූරයක් තමා විසින් තමාටම ලබා ගත් උන්නැහේගේ කාළයේ වූ අතර. ලොහාන් රත්වත්තේ උන්නැහේගේ පුත්‍රයෙක් විය. උන්නැහේගේ කැරැට්ටුව ගැන බුකියේ ඕසේට ඇති නිසා මාගේ පල්හෑල්ල මින් නවතා දමනවාය.

ඒ වගත් මෙසේය..........

Aug 8, 2025

ගූ නැව ආයේ ගේන්න වෙයි වගේ...

 


වර්ෂ 2012

➖➖➖⭕


අරලිය ගහ මන්දිරයේ ආලින්දයේ....


මක්කැයි චිචී පුතේ ඔහේ ඔය කොරන්නේ....?


මම සැටලයිට් එකක් හදනවා තාත්තේ....


ඉතින් පුතේ ඕක උඩ යවන්න රොකට්ටෙකක් එපෑය....?


තාත්තා කළබල නැතිව ඉන්නකෝ... 


ඕවා උඩ ඇරියා කියලා වැඩක් තියේය පුතේ....?


වැඩක් තියේද නැද්ද කියලා බලාන ඉන්නකෝ තාත්තේ.....


වර්ෂ 2025 

➖➖➖⭕


විජේරාම වලව්වේ සාලයේ සිරස නාලිකාව නරඹමින් සිටින මහින්ද රාජපක්ෂ මහතා....


මේ වන විට චිචි යවා තියෙන්නේ රොකට් එකක් නොවන බවත්....

එය ඔරේෂ්නික් මිසයිල් එකක් බවත් වාර්තා වේ..

War Head කීපයක් තියෙන...

වසර 13 කට පෙරයි යැව්වේ යැයි කියනා රොකට්ටුව....

දැන්  ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරමින් සිටී....

මේ මොහොත වන විට....

පැලවත්ත සුනේ සුං...

පාර්ලිමේන්තුව කුඩේ කුඩු....

ජනාධිපති මන්දිරේ ඉවරයි...

අරලියගහ මන්දිරයට පැලවත්තෙනුත් ප්‍රහාර....

ඔලුව උස්සගන්න බැරි සයිස්සෙකක් තියෙන්නේ....

තඹුත්තේගම වස්සා නම් අයන්ඩෝම් පද්දතිය ක්‍රියාත්මක කර ඇතත් ඊට එල්ලවු ප්‍රහාරය ඉතා බලවත් වේ....

ලංකාවේ ලොන්ඩරි ඉතරක් නෙමේ...

ලොන්ඩරි ඔප් පැරිස් ඇන්ඩ් ලොන්ඩරි ඔෆ් ලන්ඩන් නොකවුට්....


තනි ඇහැට ඇඬෙන්නේ....

මේ මල් පාර දිගේ එන්න සමදරා.....


මේ අතර

➖➖➖➖


චිචිගේ පොඩි කොලුවා කක්කා දමා කක්කි අනමින් සිටී.....


චී....... චී........ පුතේ.... ඔය මොනවයි ඔය කරන්නේ...


චීයේ මං මේ මැදමුලන වලව්ව හදන්නේ....


ඕවා හදලා වැඩක් තියේය පුතේ..... දැන් හදන්න ඕන....... පැලවත්ත පච ෆැක්ටරිය වගේ එකක්නේ....


ඒක හදන්න නම් චියේ......... හරවලා යවපු ගූ නැව......... ආයේ ගේන්න වෙයි නේද චීයේ....


#මාතලන් 

.

Aug 7, 2025

ජෙප්පෙන්ගේ පුපට ඇරිය චිචිගේ රොකට්ටුව

 



➖➖➖➖➖😎➖

ඊයේ හවස පාර්ලිමේන්තුවේදී.... කප්පම් වසන්ත රීලා ගියායින් පස්සේ... පොහොට්ටුවේ ඩී වී චානක මරු කතාවක් කීවේය. ඒ කියන්නේ.... හරිනි කිව්වේ මුදල් අමාත්‍යංශයෙන් දුන්න දත්ත මිස හරිනිගෙ වාර්තාවක් නොවේය කියලාය.

මේ සැටලයිට් හුටපටයට අදාල වන්නේ bord of investment එකය.

ඒ ඒක foreign investment එකක් වෙන නිසාය.....

bord of investment එක අයිති වන්නේ මුදල් අමාත්‍යංශයටය....

මුදල් අමාත්‍යාංශය අයිති වන්නේ අනුර කුමාර දිසානායකටය.

එහි ලේකම් ලෙස කටයුතු කරන්නේ අනුර කුමාර දිසානායක විසින්ම පත්කළ හර්ෂණ සූරියප්පෙරුමය.

එයින් එවන වාර්තාව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරිය අතට පත් වන්නේ... BOI ආයතනයේ, මුදල් අමාත්‍යශයේ හා පාර්ලිමේන්තුවේ.... නිලධාරීන් විශාල පිරිසකගේ අධීක්ෂණයෙන් පස්සේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් නගන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා මාස ගණන් ඉල්ලන්නේ ඒ නිසාය.....

දැන් වසන්ත ප්‍රමුඛ ජේවීපී ගොබ්බයින් කරන්න හදන්නේ කන්ටේනර් ප්‍රශ්ණය, නිලධාරීන්ගේ ඇඟේ ගසා ෂේප් වුණා සේ... මේකත් නිලධාරීන්ගේ වරදක් බව පෙන්වා... රාජපක්ෂලා හොරුන් බවට නැවතත් පචයක් සමාජගත කරන්නටය.

රීලා හත්පොළේ ගාගන්නවා කියන්නේ මේවාටය....

ඒ සඳහා කප්පම් වසන්ත ඇවිත් කියන්නේ එසේ මුදල් අමාත්‍යංශය විසින් හරිනියට ලබාදුන් තොරතුරු සියල්ල වැරදියි කියලාය.

හරිනි ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ අග්‍රාමාත්‍යවරිය වශයෙනි.

අග්‍රාමාත්‍යවරියගෙන් මේ ප්‍රශ්නය ඇසුවේ ඩී වී චානකය. ඔහු ඇසුවේ ප්‍රශ්න දෙකකි.

1. සුප්‍රීම් සට් චන්ද්‍රිකාව සඳහා රජයේ මුදල් වියදම් කර තිබේද?

2. එම චන්ද්‍රිකාවෙන් මෙතෙක් ලබා ඇති ආදායම කොපමණද?

අග්‍රාමාත්‍යවරිය වශයෙන් හරිනි ලබා දුන්නේ අමාත්‍යංශයේ විසින් දුන් පිළිතුරක් විනා.... කප්පම් වසන්ත විසින් සමාජගත කිරීමට දඟලන ලෙස හරිනි විසින් ඉදිරිපත් කළ වාර්තාවක් නොවේ...

මේ ප්‍රකාශයෙන් ආණ්ඩුවේ රෙද්දේම රෙවුන එක දැන් පෙනිලා ඉවරය. චිචී ගේ රොකට් එක ගැන පච කියපු එවුන් ඔක්කොම ඉන්නේ අමු හෙළුවෙන්ය. ජෙප්පෝ දැන් ඉන්නේ ගලේ පැහැරූ බළලූන් මෙන්ය. හාඩ්කෝ ජෙප්පෝ ඉන්නේ.... ශුක්‍රාණු කෑ රිලවුන් මෙන්ය.

ඉතින් දැන් උන් හරිනියට ගේම අදිනවාය. හරිනි නැත්නම් තාමත් මුන්ට තියෙන්නේ සීයට 3% ය. හරිනියට කෙලින්නට ගියෝතින් මුන්ට වෙන්නේ හොම්බෙන්නව පුකෙන්ම යන්නටය. හරිනිලා ළඟ වසන්ත කියන්නේ නිකන් පීචම්ම පීචම් පොරවල්ය.

දැනටත් හරිනිගේ සෙට් එක ඉන්නේ මේ ආණ්ඩුව ගැන කලකිරිලාය... ඒ අනුර නිසා නොවේය.... ටිල්වින් බිමල් වසන්ත වැනි හාඩ්කෝ ජෙප්පෝ නිසාය. මුං හත් පොළේ ගාගෙන නාන පීචං පොරවල් බව දැන් හරිනිලා වටහාගෙන අවසානය. මණ්ඩලය එකසිය ගාණට කචල්ය.

අනුර කුමාර පාර්ලිමේන්තුවට ඇවිත් සද්දයක් දාලා යන්නේ ඒ නිසාය. එයා බිමල් සුද්ද කරන්නෙත් ඒ නිසාය. ඔයාලා හිතන්නේ බිමල් කන්ටේනර් 323 කින් හොරකම් කරන හොරෙක් කියලාද එයා අපෙන් අසනවාය.

අපි කියන්නේ.... එයා හොරෙක්ද නැද්ද කියලා බලාගන්න.... තිබෙන පැමිණිලි දෙක විභාග කරන්න කියලාය .

CID එකේ හා බ්‍රයිබරි කමිෂන් එකේ පැමිණිලි දෙකක්ම තිබෙනවාය. ඔයාගේ කමිටුවට බම්බු ගහගන්න කියලා.... ඔයා මාර ජෙනුවින් පොරක් නම් අර පරීක්ෂණ දෙක කඩිනමින් කරන්න කියා නියෝගයක් දුන්නාම ඉවරය. පාර්ලිමේන්තුවේ ඇවිත් බොරු කියන්න ඕන වෙන්නේ නැතිය. මොකෝ පාර්ලිමේන්තුවේ ඔයා කියන්නේ බොරු කියා කිව්වේත් ඔයාමය.

පොඩි කාලේ සිට අපි මිනිසුන් රොකට් යවනවා දැක ඇති මුත්, රොකට් එකක් ජපන්ගේ පුපේ අරිනවා දැක අප නම් ඉන්නේ සුරතාන්තයට පත් වෙලාය...

ඇක්ඡුවේලේ වී ආ ගෙටින් මල්ටිපල් ඔගසම්ය....

ඒ වගත් මෙසේය......