මහින්ද මහත්තයා විසින් බජට් එක ඉදිරිපත් කරපු ගමන් මාතලන් බුකියේ ලීවේ… මේක පතෝල අයවැයක් කියලාය… ඒ එහි ඇති ගුණයක් මෙන්ම අගුණයක්ද නැති නිසාය..
ඉන් පස්සේ ලිව්වේ… අයවැය ගැන විශ්ලේශණ, සාකච්ඡා හා වාද විවාද තියනා හැම එකෙක්ම ගන්නේ අමු ගොන් ආතල් එකක් කියලාය…
සාමාන්‍යයෙන්.., මාතලන් ඔය අයවැය, මැතිවරණ ප්‍රකාෂණ මෙන්ම මහ බැංකු වාර්ථාවවත් පිලිගන්නේ නැතිය…
ඒවා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා වලට වඩා රසවත්ය… මන්ද.., එයාගේ කතාවලින් ආතල් ගන්නේ පොඩි උන් පමණක්ම උනාට… මේවායෙන් ආතල් ගන්නේ රටේ ඉන්නා මහා ලොකු බිස්නස් කාරයෝ, ඉකොනොමිස්ට්ලා හා ආර්ථික උස්තාද්ලා නිසාය….
(මෙවර බජට්ටුව ගැනත්… දෙරණ චැනල් 24 එකේ ඉන්ගිරිසියෙන් ගිය මේ වාගේ ගොන් “ෆෝරම්” එකක් බලා මාතලන් නම් පට්ටම ආතල් එකක් ගත්තේය…)
මොකෝ ඒවායේ කියනා විදියට අපේ රට හැදුනා නම්…, අද වෙනකොට එංගලන්තේ රජ පවුල රෙසිඩන්ස් විසා අරගෙන ඉන්නේ මෙහේය… බෲනේයි වල සුල්තාන් ඉන්නේ මෙහේ එපාර්ට්මන්ට් එකකය… පැරදිලා කෙලවෙච්චි ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝල්ෆ් ගහන්නේ බොරැල්ලේ කනත්ත පිටිපස්සේය…. අරාබියේ සුල්තාන්ලා අපේ ඩැයිවර්ලාය… බෙවර්ලි හිල්ස් වල සුද්දියෝ මෙහේ හවුස් මේඩ්ලාය…
ඊයේ මාතලන්ගේ මේ අදහස් ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ සභාගත වූයේය… ඒ බුද්ධික පතිරණගේ අයවැය කතාවත් එක්කය.. (අනෙක් හැම එකාම කලේ සුපුරුදු පරිදි කුණුහබ්බ හා මඩ ගසා ගැනීම් පමණමය…)
උන්නැහේ මේ ටික යස අපූරුවට කීවා පමණක් නොව…, කතානායක මේසේ තියෙන ඉස්ටොප් වොච් එකත් බොරු බව කීවේය..
ඒ උන්නැහේගේ කතාව මැද්දේ… “යූ හෑව් ටූ මෝ මිනිට්ස්…” කියූ කතානායක අසුනේ ඉන්නා ටයිම් කීපර්ටය.
අයවැය විවාද කිසිම තේරුමක් නැති දෙයක් බවත්… මේක නිකන් ගොන් ආතල් එකක් බවත්… මේ ටිකේ මැති ඇමතිවරු.. ආර්ථික උස්තාද්ලා මෙන්ම මාජ්ජකාරයෝද අමු ගොන් ආතල් එකක් ගන්නා බවත්… මේකෙන් පස්සේ පාර්ලිමේන්තුවට නිවාඩු දෙන බවත්… ඊට පස්සේ බජ්ට් එකේ එවා…, එකෙක්ටවත් මතක නැති බවත් ඉතා වදගත් ආකාරයෙන් සරළව හා පැහැදිලිව උන්නැහේ පෙන්වා දුන්නේය….
මේ සැමට වඩා ඉතා අපූරූ යෝජනාවක්ද උන්නැහේ කලේය… ඒ ලෝකයේ දියුණු රටවල කරනවාක් මෙන් ප්‍රී බජට් ඩිබේට් (Pre – Budget Debate) එකක් තියන්න ඕනෑ කියාය…
ඒ කියන්නේ ගිය වසරේ බජට් එකෙන් කියු සුරංගනා කතා කොච්චර්ක් ඉටු වෙලා තියෙනවාද…? කොච්චරක් අමු පචද යන්න ගැන කතා කිරීමය…. (හැබයි ඉතින් එහෙම ඉකක් තිබ්බොත් නම් ආන්ඩු පක්ෂේ ඒවුන්ට පාර්ලිමේන්තු එන්න වෙන්නේ නිර්වස්තරෙන්ය…)
ඇත්තටම සිස්ටම් චේන්ජ් කියා විය යුත්තේ මේවාය… මේ ආන්ඩුව උනත් පට්ට ෆේල් කියා ප්‍රොපගැන්ඩාවක් යන්නේ නිකන්ම නෙමේය…
මිනිසුන්ට දැනෙනා වැඩක් කරනා මැති ඇමතිවරුන් ඉන්නේ අතේ ඇඟිලි වලටත් වඩා අඩු පිරිසක්ය…
මේ බජට් යෝජනා… යෝජනා ලෙස නොව ටාගට් ලෙස හැම එකාටම දිය යුතුය… ඒවා දීර්ඝ කාලින හා කෙටි කාලීන විය යුතුය… දීර්ඝ කාලීන කීවේ වසරක ටාගට් එකය… කෙටි කාලීන කීවේ මාසිකව අත්කර ගන්නා ප්රගතියය.. සෑම මාසයකම ඒවායේ ප්‍රගතිය ජනාධිපතිවරයා විසින් සොයා බැලිය යුතුය… ටාගට් කවර් කරන්න බැරි මීමුන් එලවා දැමිය යුතුය…
මේ රටට කෙලවෙලා තියෙන්නේ මෙන්න මේ සුළු කාරනය හරියට මැනේජ් කරගන්න පුළුවන් නායකයෙක් ආපු නැති නිසාය….
පෞද්ගලික අංශයේ සාර්ථකත්වයටත්…. ආන්ඩුවල අසාර්ථකත්වයටත් හේතුව මෙම කාරනය සිඳු නොවීම මිස.. වෙන කිසිඳු හේතුවක් නොවේ…
කොටින්ම ෆේල් ඒවුන්ට ඊළඟ වාරයේදි නොමිනේසොන් නොදී අළුත් එකෙක්ට අවස්ථාවක් දීමෙන් වැඩ කරන්නේ නැති එකාත් වැඩ කරන්න පටන් ගන්නේය…
මේ ආන්ඩුවේද ඉන්නා සම හරක් ඇමතිවරු 1994 ඉඳන් ඇමතිකම් වල ඉන්නා උන්ය.. උන් කලේ මක්කාද කියා ඇසුවොත් කියන්නට කිසිම දෙයක් ඇත්තේ නැතිය… ඒත් සිනියෝරොටි නිසා උගේ ඇමතිකම නාමල්ගේ ආන්ඩුව යටතේද තහවුරුය…
ජනතාව මළ විකාර කියන්නේ මේවාටය… ජෙප්පෝ අවුරුදු 72 ක් ගැන විවේචනයක් ගෙන එන්නේ මේ විසූක දස්සන නිසාය… මේවා දැන් ජනතාවට අරහංය…
සිස්ටම් චෙන්ජ් කියා…. මේ මළහෝන්තු සමඟ පුරුදු ලබ්බේ තොයිලේ දිගටම නටන්නේ නම්…
මේ ආන්ඩුවටත් අබ සරණමය…..!!!
ඒ වගත් මෙසේය……….