මුලින්ම කියන්න තියෙන්නේ, රටක නීතියක් තියෙනවා නම් අපි ඒක පිලිගත යුතුයි. ඊට අවනත විය යුතුයි.
දැන දැන ඊට එරෙහිව කටයුතු කරනවා නම්, නීතියට අදාල දඬුවම් විදින්න රෙඩි වෙලා ඒ රිස්ක් එක ගන්න ඕන.
මම දන්න තරමින් ගනිකා වෘත්තියේ යෙදිලා අහුවුනොත් උසාවියෙන් ගහන දඩය රුපියල් සීයයි.. ඒ වගේම ගනිකා නිවාස හෙවත් බ්රොතල්ස් ගැනත් තියෙන්නේ මහා ලොකු දඩ නෙමෙයි...
ඊට අමතරව සමාජ රෝග තියෙනවද බලලා වාර්ථා කිරීමට රෝහල් ගත කරලා, යහමගට ගන්න පරිවාස බාරයට යවනවා.
ලංකාවේ කිසිම දෙයක කාර්යක්ෂමතාවටක් නැතෙයි කිව්වට, මේ ක්‍රියාවලිය නම් ඉතා සීඝ්රගාමීව සිඳුවෙනවා...
යහමග කෙසේ වෙතත් දවස් දෙක තුනකින් ආයෙත් මහමග, නැත්නම් චිරප්රසිද්ධ තැන්වල.
අනික කවදාවත් ගනිකාව උසාවී දැම්මට, සේවා දායකයා උසාවී ගෙනියන්නේ නෑ.
මොකද ගනිකා වෘත්තිය කියන්නේ ලෝකයේ පළමු රැකියාව වගේම ලෝකය පවතින තුරා පවතින රැකියාවක්. මෙතනදි ගොඩක් අය හිතන්නේ කාන්තාව පමණක් මේ රැකියාවේ නිරත වෙනවා කියලා. අද ලෝකයේ එහෙම නෑ.
අද කාන්තාව වගේම පුරුෂයින් මෙන්ම වෙනත් ලිංගික අනන්‍යතාවයන් සහිත සියල්ලන්ම. ගනිකා වෘත්තියේ යෙදෙනවා.
ඊට අමතරව වයස 13 ට වැඩි දරුවන් මෙන්ම වැඩිවියට පත් නොවූ දරුවන් පවා ලෝකයේ බොහෝ රටවල මේ සේවයේ යෙදෙනවා. වියට්නාමය, කාම්බෝජය වගේම තායිලන්තයත් ඒ සඳහා ප්‍රසිද්ධයි.
මෙහේ මෙ බාල දරුවන් සේවනයට හේතු වෙන්න ඇත්තෙත්, කලින් ඔය වැඩේට ඔය රටවලට ගිය අයට දැන් ඒ රටවලට යන්න බැරි වීම.
බාල වයසේ දරුවන් හා ලිංගිකව එක්වීම ලෝකයේ සභ්‍යත්ව පිලිගැනීම් අනුව සැලකෙන්නේ අපචාරයක් ලෙස. එමෙන්ම එය මානසික රෝගී තත්වයක් ලෙසත් සැලකෙනවා. (Phedopile )
කාළයක් ලංකාව බාල වයස්කාර පිරිමි දරුවන් හා ලිංගිකව එක්විය හැකි පාරාදීසයක් ලෙසත් ප්‍රසිද්ධ වෙලා තිබුනා. හික්කඩුව, බේරුවල, අළුත්ගම, මීගමුව කියන පෙදෙස්වල සිද්ද වූ මේ දේවල් අපේ ඇස් දෙකින් දැකලා තියෙනවා.
වාසනාවකට අද ඒක ඇත්තෙම නැති තත්වටකට පත්වෙලා තියෙනවා.
ලංකාවේ නෙමේ බොහෝ රටවල ගනිකා වෘත්තිය නීතියෙන් තහනම් වුනාට වැඩේ අප්‍රසිද්දියේ යනවා. හැම ආන්ඩුවක්ම ඊට එරෙහිව තදබල නීතී රීතී ගේන්න යන්නේ නෑ වගේම පොලීසියත් නීතිය තදින් ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ලොව පිලිගත් සාමාජීය තත්වයන් උඩ. කොළඹ නඟරයේ ඕනෑම මට්ටමක ගනිකාවක් සොයා ගැන්ම ඉතා සුළු දෙයක්. ඒ ක්‍රම පාරිභෝගිකයන් දන්නවා.
මේවා නැවැත්තුවොත් වෙන්නේ මහා සමාජ ව්‍යසනයක්. ආන්ඩුව ස්පා (Spa) විවෘත කරන්න තීරණය කරන්නෙත් ඒ හේතුවෙන්. එහෙම නැත්නම් වෙන්නේ ලිංගික අසහනයෙන් පිරි සමාජයක් හා ස්ත්‍රී දූෂණ ළමා අපචාර පිරි විනාශකාරී සමාජයක් බිහි වීම.
යුද්ධය පැවති සමයේ නිවාඩූ යන සොල්දාදුවන්ට උපත් පාලන කොපු ලබා දෙන්නෙත්, අනුරාජපුරය අනුලා දේවිලාගෙන් පිරී යන්නේත්, මේ මිනිස් අවශ්‍යතාවයන් මත.
මිනිස් සිත කියන්නේ ආශාවන්ගෙන් පිරුණු තැනක්. එක එක පුද්ගලයගෙ ආශාවන් විවිධයි විශමයි. ඒ සිත විවාහය කියන ශිෂ්ඨාචාර බැම්මෙන් හිර කරලා පෙට්ටියක දාලා. ඒක තමයි නිවන කියලා නීතියෙන් ආගමෙන් සංස්කෘති තුලින් හිරකරලා තියෙන්නේ. (හිත හීලෑ නෑ.. හරිම මුරන්ඩුයි.. තැන තැන ඇවිදිනවා.. හිතෙන හිතෙන තැන නවතිනවා..)
එහෙත් නියම නිදහස හොයන, විඳින රටවල්, අද ලිංගික නිදහසටත් ඉඩ දීලා තියෙන්නේ. ලිංගිකත්වය අද හොඳ වෙළදාමක්.
නීත්‍යානූකූල සඟරා, පත්තර, ටී වී චැනල් වගේම වෙබ් අඩවී විතරක් නෙමෙයි ඔන් ලයින් බිස්නස් පවා උපරිම ලාබ ලබමින් පවත්වාගෙන යනවා.
(ලංකාවේ ගොබ්බයො නම් මේවා තහනම් කරන්න තම දත කන්නේ. කොටින්ම උන් ලිංගිකත්වය පාසලේ උගන්වනවටත් විරුද්ධයි, සමහර විට දහම් පාසලේ ප්‍රායෝගික අජ්ජාපනය ලබා දෙන නිසාද දන්නේ නෑ.)
ඔය අන්තර්ජාලයේ තියෙන පෝන් චැනල් ((Porn) ඔව් ඔව් අනේ එකසිය ගානට ඇඹරෙන්න ඕන නෑ.. අර Sex කියලා හොයලා ලෝක වාර්තාවකුත් තිබ්බේ.. කෝමද අසහනේ.. ආන් ඒවා.)) වල පෙන්වන්නේ පෝන් විතරක් නෙමේ.
ඒවයෙන් ඒ ඒ රටවල් හා සමාජය ගැනත්, මිනිසුන් සිතන පතන ආකාරයත්, ඒ ඒ රටවල සංස්කෘතීන් ගැනත්, විශාල දැණුම් සම්බාරයක් ලබා ගන්න පුලුවන්. මෙවන් එක් වැඩ සටහනක් තමා චෙක් ස්ට්‍රීට් (Czech Street) වැඩ සටහන. ඒ හැර ප්ලේබෝයි චැනල් වගේ චැනල්වලත්, යූ බටෙත් (youtube) තියෙනවා.
දැන් ලංකාවේ අපචාරයට පත් වුනේ මේ දැරිවි විතරද?
ඊයේ පෙරේදා රූපවාහිනි නිව්ස් එකක පෙන්නුවා, ළමා නිවාසෙක පාලිකාවක් විසින් තමන් බාරයේ ඉන්න පිරිමි දරුවන් දෙන්නෙක් බේකරියකට දෙනවා. බේකරියේ මුදලාලියි. එතන පාලිකාවයි මේ දරුවෝ දෙන්නම අපචාරයට ලක්කරනවා. එකෙක් පැනලා ගිහින් අනෙක් දරුවගෙ පියාට කියලා ඒ දරුවත් බේරා ගන්නවා. කෝ කවුද ඒවා ගැන කතා කලේ?
අඩු ගානේ ළමා ආරක්ෂක අධිකාරියේ උන්වත් මේ ගැන දැණුම්වත්ද? ඔය ළමා නිවාස වල කොයිතරම් අපචාර සිඳු වෙනවද? අර අනුරාධපුර ළමා නිවාසෙක උන අපචාරවලට එකෙක්වත් හිරේ ගියාද? මැති ඇමතිවරු ඔක්කොම රිංගලා වැඩේ වහලා දැම්මා.
එතකොට පූජනීය ස්ථානවල තත්වය. පන්සලේ සෙල්ලම. ඒ අහිංසක දරුවෝ, දරුවෝ නෙමෙයිද? ඒ දරුවන්ට චීවරයක් ලෝගුවක් පෙරෙව්වාම, දරුවෝ කෙලින්ම වැඩිහිටි වෙනවද? ලිංගික අවයව ඔරොත්තු දෙන තත්වයට පත් වෙනවද?
අද 15 හැවිරිදි දැරියක් ගාවට ගිය භික්ෂුවක් වළඳන්න හැම එකාම වලි කනවා. එහෙනම් දහම් පාසල් තියෙන පන්සල්වල පොඩි කෙල්ලෝ එක්ක සෙල්මුවා කැටයම් දාන ඔක්කොම හාන්දුරුවරුන්ට වැඩ වාසය කරන්න වෙන්නේ වැලිකඩ. පතිවත යාන්තම් බේරලා එවන්නේ අපේ රැඩිකල් උන් පවා හනීමුන් යනකොට එස් අයි බෑග්ගෙකේ සුදු රෙද්දක් දාගෙන යන නිසා. නැත්නම් ඒකත් සඝසතු කොරන්න වෙන්නේ.
අනෙක විශේෂයෙන් නැගෙනහිර පලාතේ ජාතී බේදයකින් තොරව සිඳුවන බාල වයස්කාර විවාහ, පිලිසිඳගැනිම්, බාලවයස්කාර අම්මාවරුන්, මොකාද ඔවුන් ගැන කතා කරන්නේ?
තවත් එක දෙයක් විශේෂයෙන් සඳහන් කළ යුතුයි..
ඒ මේ සේවාදායකයන් පිළිබඳව, ඔවුන් ඇය බාලවයස්කාර දැරියක් බව දැන දැනම ඇය හා සේවනයේ යෙදුනා නම් ඒක වැරද්දක්.
ඒත් දෙකක් දාගත්තයින් පස්සෙ යං මචං බඩුවක් ගහන්න කිව්වම, එතන ඉන්න හොඳම එකක් අරගෙන වැඩේ කරගෙන එනවා මිසක්, ඇයගේ නම, ගම, වයස, ආගම, කුළය, වත්කම්, බැරකම්, හොයන්නෙ මොකෝ පෙලවහට ගන්නෙයි කියලයි. අනික ඇහුවත් කියන්නේ අමු කෙප්ප. සමහර උන් කෙලින්ම කියන්නේ ආපූ වැඩේ කරගෙන යනවා ඕයි/මහත්තයා/අයියේ/සෑර් යන්න කියලා.
ඔය අමරසිරි පීරිස්ගේ ළඳුනේ ගීය අහලා මාර සංවේදි උනාට, මූණට හම්බ උනොත් කෙළ ගගලා යන්නේ. මේ මෑතකදි කවි ලියන එකෙක් මා එක්ක කිව්වා ළඳුනේට ඇඬුවට, හැම ඩේසිටම අඩන්න ඕන නෑ කියලා හිටන්. ඒ අරයා දළඳා වඳින නිසාවෙන් වෙන්ටෑ.
අනික් උනුත් ඕක ඇහුවට, අහලා වැලපුනාට, අර පට්ට කවි ලියන ටිම්රාන් කියනවා වගේ, ඊට පස්සෙ ඇහැට කනට පේන ඕන එකක් සතා කියන රටක් මේක.
ඔය දැරිවිය ගැන ඇඬුවට, ඔය දැරිවිටත් මොන තරම් දේ කිව්වද ගෑණුත්. එතකොට අර මහින්ද මහත්තයා සම්බන්ධිකාරක ලේඛම් කමක් දුන්න කාන්තාව සතා කරලා, අපයෝජනේ යොදන්නේ, කාන්තා අයිතිවාසිකම් ගැන පාරම්බාන මහා සිවිල් පොරවල්, ජනමාජ්ජවේදියෝ, ඒ විතරක් නෙමේ නීතීවේදියෝ වගේම කැත ගෑණුත් ගොඩාක් උන්නා (මූණේ ලස්සන හදවතෙත් ඇත්නම්)
ඒ අස්සෙ වෙබ් ඔක්කොම තහනම් කරන්නෙයි කියලා උසාවියෙනුත් කියලා. කරන්න තියෙන්නේ ඕවා තහනම් කරනෙක නෙමෙයි. ඒවා ලීගලයිස් හෙවත් නීතීගත කරනෙක. එමෙන්ම නීතියට එරෙහිව කටයුතු කළ උන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම.
ඕවා වහලා දාලා තහනම් කිරිල්ල අපේ ගැමි වහරෙන්ම කියනවා නම් පුච මහලා බඩ යන්න දෙනවා වගේ වැඩක්. අනික මේ දැරිවිය නැවත නැවත අපචාරයේ යෙදීමක් හැම එකාම කරන්නේ.
බලාගෙන ඉඳලා ඉඳලා බැරිම තැන තමා මේ ටික ලිව්වේ.. මේකත් දැරිය අපචාරකිරීමක් ලෙස ගන්න නොගන්න එක කියවන එකාගේ බුද්ධි මට්ටම අනුව ගන්න තීරණයක්..
ඒ වගත් මෙසේය....