හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Dec 30, 2016
Dec 27, 2016
නිදහසින් පසු ඇදගෙන නානා රටක් - Fall Apart Since Independence
අම්මට සිරි ලංකාවේ ඉන්නා බටහිර විරෝධි ජාතිකත්වය කර තබාගෙන යන පිරිසද, මාස්වාදය කියන්නේ තියා, කල් මාක්ස් හා ලේනින් වෙන් වෙන්ව හඳුනන්නේ නැති උග්‍ර වාමාංශිකයෝද, චේ හා බොබ් මාලේ හඳුනන්නේ නැති විප්ලවවාදියෝද, අම්මට සිරි ලංකාව කියුබාවක් කිරීමට වෙහෙසෙන කොම්රඩ් කැස්ත්‍රෝ සහෝදරයාගේ මල්ලිලාද, නොදැනුවත්තම කියනා, පොදු ප්රකාශණයක් තියෙනවාය.
Dec 22, 2016
කෝච්චි කෑලී හෙවත් යාඩ් එකේ ආදරය (23+) - The Love Train (13+)
බුකියේ (facebook) අතිශයින් ජනප්‍රිය - සයිබර් වරිගේ උන්ඩියාගේ නිර්මාණයකි
"ඕයි....තෝ නිදිද උට්ටො.....?....."
"ම්හ්....මොකක්....?"
"නැගිටපං පරයො බල්ලෙක් වගේ බුදියන් නැතුව....."
Dec 19, 2016
වෙබ් වලට අත නොතබනු....!!!! මැඩම් ජයන්ති සිරිසේන කියයි.... - Freedom of Expression in Siri Lanka
රටේ තියෙන ප්‍රශ්ණයි, පක්ෂෙ තියෙන ප්‍රශ්ණයි, ආන්ඩුවේ ප්‍රශ්ණයි, එක එකාගේ ප්‍රශ්ණයි, අරවයි මේවයි ඔක්කෝම අමතක වෙන්නේ ගෙදර එනකොට ජයන්ති මැඩම් බෙලෙක් කෝප්පේ ගෙනත් දෙන කහට එක බීලා, හකුරු කෑල්ලය කෑවාමය. ඒ රහ ඉතින් බකින්හැන් පලස් එකෙත් ඇත්තේ නැතිය. ඉතින් ලොක්කා ගෙදර යන්න රෙඩි බව දැන ගත්තාම, චීප් සිකිරුටි උන්නැහේ කොරන්නේ, මඩම්ට කෝල් එකක් ගන්න එකය. එහෙම කලින් කිව්වාම, ජයන්ති මැඩම් බෙලෙක් කෝප්පෙත් තියාගෙන දොරකඩම ඉන්නවාය.
Dec 15, 2016
Dec 11, 2016
මාගම්පුරේ බර බරේ සහ කැප්ටන් හැඩොක් - Captain Haddock at Hambantota
හම්බන්තොට වරාය ගැන මක්කත් ලියන්නේ නැත්තේ ඇයි කියා කීප දෙනෙක්ම විමසනවාය. මාතලන් නම් හම්බන්තොට තියා මොන ලෝකයේවත් වරායක් හදනවාට විරුද්ධ වන්නේ නැතිය. මොකෝ වරායක් කියන්නේ සල්ලි උල්පතක් නිසාය. එහෙත් වරායක් හදනවා කියා පවුලක් හැදෙනවා නම් එතන ප්‍රශ්ණයක් තියෙනවාය. මහින්ද මහත්තයාගේ කාළේ තිබුන හැම ප්‍රොජෙක්ට් එකක්ම හොඳ ඉන්වෙස්ට්මන්ට් උනාට ඒවා හැදුවායින් පස්සේ කොරන්නේ කුමක්ද කියා ප්ලෑනක් තිබුනේ නැතිය.
Dec 7, 2016
බස් ගස් හා හූ ඉස් ද බොස් - Too many cooks spoil the soup
මේ රටට කොන්දක් ඇති නායකයකුගේ ඇබෑර්තුවක් ඇත. පොදු අපේක්ෂයා ලෙස ගෙනා කෙනා, එහෙම කෙනෙක් නොවනා බව බොහෝ පැහැදිලිය. නායකයකු කියන්නේ එක එකා ගහන පදවලට නටනා එකෙකු නොව, තමන්ගේ පදයට අනෙක් උන් නටවන්න පුළුවන් කෙනෙකුටය. "හරි හෝ වැරදි, බොස් ඉස් ඕල්වේස් රයිට්" කියන්නේ ඒ නිසාය. මේ බොස් නම් ඕල්වේස් බ්රේක් ඩවුන්ය. එක්ස්කියුස් එක ලෙස කියන්නේ ඒකට හේතුව ප්රජාතන්ත්රවාදය කියලාය.
Dec 6, 2016
ආන්ඩුව ඉන්නේ අමු හෙළුවෙන්ය - Naked Government
කැස්ත්‍රෝගෙන් නිරුවත වසා ගන්නා පක්ෂ නායකයන් දෙදෙනෙක් - අවන්ත ආටිගල |
ගොඩක් උන් කියන්නේ, පොලිස්පති රෙදි ගලව ගත්තා කියලාය. ඝෝඨා උන්නැහෙත් ටැලිවිසොන් එකෙන් එහෙම කිව්වේය. එයා කිව්වේ, එයාලාගේ කාලේ උන්නේ ප්‍රොෆෙසනල් පොරවල් කියලය. අපරාදේ කියන්නේ, කුඩු කාරයන්ගෙන් ගෙවල් හදාගත්, මහින්දගෙන් කාමරයේදි බඩ පිරෙන්නට කා, එයිට පස්සේ බ්‍රසීලය බලා ගිය එකා මොකෙක් උනෙත්, ඉලංගකෝන් ලොක්කා නම් පොලිස්පති කමේ ගෞරවය නියමාකාරයෙන් රැක්ක පොලිස්පති කෙනෙක්ය කියලාය. සමහර විට උන්නැහේට එහෙම ඉන්න ලැබුනේ, බලෙන් පොලිස්පතිකොම කරාපු අනුර සේනානායක උන්නැහේ නිසාමය. ස්වාමියා එලියේ ඉඳිද්දි, බල්ලා ඇතුලේ ඉන්නේ කළ හොඳ පස්සෙන් එනවාය කියන කතන්දරේ නිසා වෙන්නත් පුළුවන්ය.
Dec 4, 2016
"තැලෙයි... පරෙස්සමින්" (23+) + Pinch-point & The Serpents Daughter
"Pinchpoint "කියන්නේ, 2007 තරම් ඈත කාලාක ඉඳන් බ්ලොග් ලියන එකෙක්. ඒයා උසද කොටද, සුදුද කළුද, මහතද කෙට්ටුද තියා කාන්තවක්ද පුරුෂයෙක්ද කියලවත් මාතලන් නම් දන්නේ නෑ. හැබයි, පැහැදිලිව දන්න එක දෙයක් නම් තියෙනවා. ඒ තමයි ඔහුට/ඇයට භාෂාවන් දෙක ගැනම මනා පරිචයක් තියෙනවය කියන එක. ඒ කියන්නේ ඉන්ගිරිස් හා හින්ගල.
Nov 30, 2016
Nov 21, 2016
කොස්තා අයියා, පොඩ්ඩෙ අයියා සහ තොරණ හංදිය - Tribute to Wimal Kumara De Costa
විමල් කුමාරද කොස්තා අයියත් යන්න ගියා, අපි එයාට කිව්වේ කොස්තා අයියා කියලා, කොස්තා අයියා කළාකාරයෝ වැහි වැහලා ඉන්න කැළණියේමයි. ගොඩක් කළාකාරයෝ ඉන්නේ වරාගොඩ පාරේ. ඒත් කොස්තා අයියා උන්නේ තොරණ හංදියේ. තොරණ හංදිය කියලා කිව්වට අපි පොඩි කාළේ නම් ඔතන තොරණක් තිබුනේ නෑ. ඒත් අතීතයේ නම්, වනවාසල ඉඳලා රජවාසලට යන මාර්ගයේ, රජවාසල පිහිටි පැත්තේ තොරණ තිබුනෙ මෙතන කියලා කට කතාවක් තියෙනවා.
Nov 19, 2016
අධිකරණ ඇමති සිහිණෙන් ඇවිදීම - Sleepwalking Towards Justice
ලංකාවේ අධිකරණ ඇමතිවරයා අත ගහන හැම වැඩේම අඤ්ඤකොරොස් වෙලා, හත් පොලේ ගාගෙන, අකුල ගන්නා බව අප කවුරුත් දන්නවාය. එයා මහා ප්‍රාඥ්ඥයෙක්ද මොකෙකද කියලා කියන්නෙත් එයාමය. අපි නම් ලෝයර්ලාට කියන්නේ ගල් ආඳෝ කියලාය. සමහර උන් නම් කියන්නේ ඩීල් කාරයෝ කියලාය. ලංකාවේ අධිකරණ ක්‍රමය ගැන දන්නා ඕනම එකෙක් ඒ කියනා කාරනය ඇත්තයි කියලාත් දන්නවාය. මොකෑ කියනවා නම්, ඒ වාගේ ඩීල් කාරයෙක් බලවපු නඩුවකින්, දුමින්ද සිල්වාට මරණ දඬුවම හිමි වීම, මිනිසුන් හොල්මන්ද බේරේ කොරනා තීන්දුවක් වීම නිසාය.
වරෙං මචං යමං නිවං - Lets Go Nivan
සාධූ.. සාධූ.. සාධූ...
මෙතේ බුදු දැක
නිවන් දැක්මට
සසර සැරිසරා
ඵල නැත
පින් කෙත
හෙළ රන් දෙරණේ
නැවත ඉපදීමකට
ඉඩ නැත
පෙරැ බවයන්හි කළ
පිනම ඵලදී ඇත
කලියුගේ බුදු රදුන්
පහල වී ඇත
පින් බිමක් මත
ඉඳින් නම්
කිම පමා පින්වත
ඒ බුදුන් වැද
නිවා ගත සිත
උතුම් වූ
නිවනින්ම සැනසෙමු
සාධු නද දී
දොහොත් නලලත
සාධූ.. සාධූ.. සාධූ...
-x-
- මාතලන් -
Nov 12, 2016
Nov 10, 2016
Nov 9, 2016
තුරුම්පු ජයග්‍රහණය කිරීම - Naughty America Won
From - Facebook |
Nov 7, 2016
රනිල් ඉල්ලා අස්විය යුතුය ! - Ranil Go Home !
ඇයි අප්ෂට්ද... පොඩ්ඩක් වත් අප්ෂෙට් යන්න එපා.. රනිල් ලොක්කා ගෙදර යන්න ඕන.. ගෙදර යෑම කෙසේ වෙතත්, අඩුගානේ අගමැති කමෙන්වත් ඉල්ලා අස් වෙන්න ඕන. ඒ පාරිශුද්ද ගම්මන්පිල සහ රජගෙදර හිටපු රිලවා කියන නිසාවත්, වාසුලා ඩීව්ලා කියන නිසාවත් නෙමෙයි. එතන හොරකමක් වෙලාය කියලා අන්තීමට පුක් නෝට් ගහපු අලි පාටියේ උන් ටිකත් පිලිගත්තා නෙව.
Nov 4, 2016
අමරදේව, රසිකත්වය හා සින්ඩ්‍රොමය - Amaradeva, Fans and Syndrome
පට්ට රහ චරිත තුනක්.. - අමරදේව, අජන්තා සහ ජෝතී |
මාතලන් අමරදේවගේ නොම්මර එකේ රසිකයෙකි. ඔහුගේ කට හඬට සමකල කට හඬක් මා කිසි දිනෙක් අසා නැත. සුනිල් පෙරේරා හා අමරදේවගේ ගීත අනුකරණය කරනා එකම එක වීඩියෝවක, අමරදේවයන්ට බොහෝ සෙයින් සමාන හඬක් අසා ඇත. අමරදේවයන් සමඟ ජම්මාන්තර වෛරයක් ඇතිකර ගත් කේමදාසයන් ගෙනා W D ආරියසිංහයන්ගේ කට හඬෙහිත් ඒ ගැඹුරු බව හා සංවේදීතාවය ඇත්තේ නැත. අමරදේවලා සිටිය හැක්කේ එකෙකු පමණි. ඔහු අද නික්ම ගොසින්ය.
Oct 30, 2016
රණවිරු සරණං ගඡ්චාමී..... - The Buddhist Soldier
ගමනේ..... යා......
වම් දක්.., වම් දක්.., වම්....
වම් දක්.., වම් දක්.., වම්....
දක්කං... දක්කං....
හා යමන් පුතා....
ජහ්ක් පිට මහ්ක් මහ්ක්..
ජැක් පීටර් මැක්..
ජහ්ක් පිට මහ්ක් මහ්ක්..
ජැක් පීටර් මැක්..
හොරුත් රකින්නයි තොපි අරගත්තේ
කුමටද කුසලට කම්මැලි වන්නේ
හොරු රැකුනෝතිනි අපිත් රැකෙන්නේ
Oct 28, 2016
Oct 27, 2016
සිරිපාදේ, එටිසලාට් හා කන්ඩළම - Adam's Peak, Etisalat & Kandalama
මේ සිරීපාදය නොව මැලේසියාවේ ජෙන්ටින්ග් හයිලන්ඩ්ස්ය |
යහපාලන ගොබ්බ ආන්ඩුව ඉකොනොමි එකෙන් නාගත්තේ, ඒවන විට කෙරෙමින් තිබූ සංවර්ධණ වැඩ කටයුතු සියල්ලම නවතා දැමීමේ මරි මෝඩ තීරණය නිසාය. හේතුව වෙන කිසිවක්ම නොවේ. හොරා කෑමේ නොනිත් ආසව පමණමය. එයින් කෙලවූ කෙලවීම කෙසේද යත් ඔළුව උස්සාගැනීම සිහිණයක්ම බවට පත්ව ඇත්තේය. දැන් හොරා කන්න තියා, එදා වේලවත් කා ගන්න බැරි නිසා වැට් එක හැම එකාටම ගසා සුළු ව්‍යාපාරිකයින්ද ජන්මාන්තර වෛරක්කාරයින් කර ගැනිමේ මගඟු කාර්යයට අත ගසා ඇත.
Oct 25, 2016
තොපි ආවෙ හොරා කන්නද, රට හදන්නද..? - Our Rulers are World Best Looters..
රනිල් කපටියෙක් බව බොහෝ දෙනෙක් කියනවාය. පොඩි පොඩි කපටි කම් කලත්, ජනතාව නම් කියන්නේ ඉල්ලාගෙන කන්න ඒ වගේ කෙනෙක් නෑ කියලාය. එජාපයේ සෙල්ලම් දාගෙන බලය අල්ලාගෙන උන්නද, රටේ බලය එහෙම අල්ලාගෙන ඉන්න බෑ කියලා ඊයේ පාර්ලිමේන්තුවේදි ඔප්පු උනාය. මෙතුවක් කල් "මිස්ට් ක්ලීන්" ලෙස සිටි පුදගලයා, ඊයේ පාර්ලිමේන්තුවේදි ලංකාවේ නොම්මර එකේ "හොරා" විය. පට්ට ජෝක් එක කියන්නේ, නොම්මර එකේ හොර කල්ලියකින්ම එසේ අහන්නට වීමයි. එහෙම කිව්වත් අවුලක් නැත්තේ, සිංගප්පූරුවේ සිට ආ රනිල්ගේ මිත්‍රයා කර තිබෙනා හොරකමත් එක්ක බලුවාම අරුන් නිකන්ම නිකන් කුකුල් හොරු සයිස් එකට වටෙන නිසාය.
Oct 24, 2016
Oct 23, 2016
Oct 19, 2016
දිල්රුක්ෂි නෝනේ, රාජිත දොඩන්නේ ඇත්තෙයි....? - Who lets the dogs out...?
අපේ ගීත සාහිත්තෙත් අමුතු අමුතු කේස් තියෙනවාය. අම්මට සිරි ලංකාව ගැන කියන ගීත වලට කියන්නේ ජාතිකාභිමානි ගී කියලාය. ඒ ගී වල තියෙන අකුරු හෙවත් ගේය පද රචනාවද මක්කද එකේ තියෙන්නේ අම්මට සිරි ලංකාවේ සිරි විභූතිය ගැනය. ඉන්දියන් සාගරේ අමුතු ඇටේට ජාතික ගීයක් ඕනෑ උන වෙලාවේ මෙහෙම සින්දු සෑට් එකක් ලියවිලා තියෙනවාය. අදටත් ටිපක් එහෙම යන වෙලාවටත්, දෙකක් දාගෙන ආතල් එකක් ගන්නා වෙලාවටත්, කියන්නේ ඒ ගීතය.
Oct 17, 2016
Oct 13, 2016
යහපාලනේ අවසන් කටයුතු පසුව දැණුම් දෙනු ලැබේ.. - Yapalana Funeral will be notified later
ජනාධිපති මෛත්‍රිපාල බොක්කේ තියෙන දේ වැමෑරුවායින් පස්සේ, ඔක්කෝම කලබල වෙලාය. අප නම් මුල සිටම කිව්වේ, මෛත්‍රිපාල කරන්නේ අමු බොරුවක්ය කියලාය. මෙතක් ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වූයේ ඒ වෙනුවෙන් කැප කිරීම් කල පුදගලයන්ය. ඔවුන්ට ගෝලබාලයන් මෙන්ම අනුගාමිකයින් පිරිසක්ද උන්නේය. එහෙත්, වත්මන් ජනාධිපතිවරයා එසේ පත්වූ පුද්ගලයකු නොවේ. ඔහුට ලැබුනේ පිනා චෑන්ස් එකක්ය. ස්වීප් ටිකට් විකුණ විකුණා උන් එකෙකුට, ස්වීප් එකක් ඇදුනා වගේ කේස් එකක්ය. මහින්ද රාජපක්ෂගේ සිරි ලංකා නිදහස් පක්ෂය තුලවත්, චන්ද්‍රිකාගේ සිරි ලංකා නිදහස් පක්ෂය තුලවත්, කෙදිනකවත් ඔහු පක්ෂයේ නායකයා වන්නට සිටි පුද්ගලයකු නොවේ.
Oct 11, 2016
කුණු වලින් නා ගන්නා පාලකයෝ - Poor Waste Management
Watch the Vedio by Derana TV
අම්මට සිරි ලංකාවේ තරම් ආත්මාර්තකාමි ජනතාවක් මේ විශ්වයේ කිසිම රටක ඉන්නවාදෝ කියා සිතෙන්නේ අප එදිනෙදා දකිනා දේ නිසාය. එය අපේ රටේදි පමණක් නොව පිටරටකදි මීටත් වඩා හොඳින් බලා ගන්නට පුළුවන. එසේ වීමට ප්‍රධානම හේතුව නම්, කිසිම හැදියාවක් නොමැති කමයි. නිදහස් අජ්ජාපනයක් කියා දෙයක් හඳුන්වා දී හැම එකාටම අජ්ජාපනයක් දුන්නද එයින් කිසිම සංවර්ධණයක් රටට ලැබුනේ නැති අතර, එයින් ඵලප්රයෝජන ලබා ගන්නේ වෙනත් රටවල උන්ය. මෙහේ ඉන්නා පිරිසගේ මාන්නය ඉහටත් උඩින් තිබෙනාතර, මහාචාර්යවරයාගේ සිට ගමේ රස්තියාදු ගහන එකා දක්වා, කිසිම හැදියාවක් උගන්වා නැති, කිසිම හැදියාවක් නැති, පිරිසක් මුළු රටේම සිටින්නේය.
Oct 9, 2016
පිස්සු පීකුදු විප්ලවේ, හෙලිකොප්පර් හා නයිට් ක්ලබ් කුඩු කිරීම - Funny Revolution with mobs
ජනවාරි අට වෙනස සම හරක් හඳුවන්නේ විප්ලවයක් ලෙසය. ඒ වගේ මළ මඟුලකට විප්ලවයක් කියනවා නම්, ඉතිහාසයේ සිඳු වූ අනෙකුත් විප්ලවයන්ට වෙන නමක් දාගන්නම වෙනවාය. මේ සිඳුවෙමින් පවතින්නේ අඩු වැඩි වශයෙන් කලින් තිබූ පාලනයේම දිගුවක් පමණක්මය. කරුමය කියන්නේ, එහි පැවති ජනතා විරෝධි දූෂණ අක්‍රමිකතා මෙන්ම, නාස්තිකාර වියදම් හා ගැහිලි පමණක් නොව නොම්මර එකේ ගොන් ආතල්ද ඒ ආකාරයෙන්ම තව දුරටත් සිඳුවීමය.
Oct 6, 2016
සිකැරට් වලින් ජීවත් වන ආන්ඩු - Governments depend on tobacco tax revenue
සුද්දා ගියයින් පස්සේ අපේ හාල්පාරුවන් මේ රටට කොරලා තියෙන සංවර්ධනේ දෝරේ ගලමින් තියෙනවාය. දිස්තිරික්ක 20 ක ජනතාවට නාන්න තියා බොන්නවත් වතුර ඇත්තේ නැතිය. ආපදා කළමණාකරනේට හැමදාම දාන්නේ ගොන් වස්සෙක්ය. මිනිස්සු පිස්සෝ වගේ වතුර හොයමින් දුවද්දි, ඌ ටයි කෝට් දාගෙන පාර්ලිමේන්තුවේ කියන්නේ කිසි අවුලක් නැතෙයිය ලක්ෂ 181 ක් දීලා තියෙනවා කියලාය. බොන්න වතුර නැති උනත්, මේක ලෝකේ තියෙන උතුම්ම රටය. අම්මගේ රෙද්දේ සංවර්ධනය කියන්නේ මේවාටය.
Oct 2, 2016
සිහළුනි නැගිටිව් ඕනා. දෙමළුනි නැගිටිව් වානා - Reconciliation over racism
Viga with Mahinda and Sirisena |
මේ ආන්ඩුව කරන තරමක් කොරන්නේ හත් පොලේ ගාගන්න කේස්මය. වඳුරන්ට දැලිපිහි දෙනවා වාගේ ගෝත්‍රිකයන්ට ප්රජාතන්ත්රවාදේ දෙන්න ඕනා නෑ කියා මාතලන් කියන්නේ බොහෝ කලෙක පටන්ය. ඒ කියන්නේ, ජනතා විරෝධි හොර මැරකම් දූෂණ අක්‍රමිකතා කොරන්නෙයි කියා කියනා එක නෙමේය. ඔය මාද්දිය නිදහස, අදහස් ප්‍රකාෂ කිරීමේ නිදහස වගේ දේවල් ඕනාවට වඩා ඕනෑම නැතෙයි කියනා එකය. එහෙම එපා කියා කියුවේ ඇයි කියා අද ඔප්පු වී අහවරය.
Sep 30, 2016
සාහිත්ත මාසේ මේ පොත් කියෙව්වාද...? - Book Fair 2016
Pic Credit - http://weheartit.com/entry/26696171 |
මේ පාර පුක් ප්‍රදර්ශනේට යන්න උනෙත් නැත. එහෙත් අවශ්‍ය පොත් කීපයක හාමිනා ගෙනත් තිබුනාය. මාතලන් හිතාගෙන උන්නේ මොහාන්ගේ රැජිණ. සර්පයාගේ මහිලාවංශය හා සන්නාගේ ලලනායනය නැගලා යයි කියලාය. එහෙත් ඒවා ගැන කතාවක්වත් නැතිව නැගලාම ගියේ මෙජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ රණමග ඔස්සේ නන්දිකඩාල් පොතය.
Sep 29, 2016
නැකත් නැතිව, "නැකත් පති" වෙලා යයිද...? - Without any Mission and Vision
Sep 4, 2016
Aug 31, 2016
හැක් කිරිලි, හුක් කිරිලි හා ෆක් කිරිලි - Hacking, Hooking and Fucking
ලාමක ටිං ටිං ලා හා බබ හුකුං පොරවල් මේ පොස්ටුව කියවීමෙන් වලකින්න.
ප්‍රබුද්ධයින්ට හා සුප්රබුද්ධයින්ට අහිතකර විය හැක.
මේ දවස්වල දේශපාලනේ ලියන්නේ නැත්තේ මොකෝ කියලා, එකම කන් කරච්චලයක්ය. රට හදන්න කලින් ලියන කියන තැන හදාගන්න වෙලා තියෙනවාය. පැරා කියනවා වාගේ ("ගූ ගොඩවල්වලට පයින් ගසා නො ගෙන දේශපාලන මාධ්‍යකරණය කර ගන්න බැහැ. ගූ බෙටිවලට නෙමෙයි ගූ කඳුවලටත් ගහන්න වෙනවා.") බ්ලොග් ලෝකේ ඉන්නා බලු ගූ ගොඩවල්ද විසි කරලා දාන්න ඕනාය. නැත්නම් මේකේ වසන්නට බැරිය.
Aug 29, 2016
Wi-Fi යනු කෛරාටික ඡන්ද පොරොන්දුවකි - Wi-Fi - A Broken Promise
- චානුක වත්තේගමයන්ගේ ලිපියකි -
Free Wi-Fi යනු කෛරාටික ඡන්ද පොරොන්දුවකි. එය පොරොන්දු වූ ආකාරයෙන්ම කරන්ට නොහැකි බව මුල් අවස්ථාවේම හැමදෙනාම දැන සිටියහ. එසේම කවදාවත් ඒ වෙනුවෙන් සතයක්වත් වෙන් නොකෙරිණි. ආණ්ඩුවට අවශ්‍ය වූයේ බජට් එකක් නැතිව ප්‍රොජෙක්ට් එකක් කරන්ටය.
හැම ආණ්ඩුවක්ම මෝඩය. යහපාලන ආණ්ඩුව සුවිශේෂයෙන් මෝඩය.
Aug 26, 2016
බ්ලොග් ලොව පොන්නයා හෙවත් කතන්දර කාරයා - Anonymous Unmasked
අතිශයින්ම වැඩිහිටියන්ට පමණමයි
අමු තිත්ත කුණුහබ්බ ඇති බැවින් කරුණාකර පොඩි අය මෙය කියවන්න එපා.
කොමෙන්ට්ස් මොඩරේට් කර ඇත.
මේක දැක්කාම තමන්ට උගන්නපු එකාට සලකන්නේ මෙහෙමද කියා කෙනෙකුට හිතෙන පුළුවන්ය. හොඳ ගුරුවරු මෙන්ම නසරානී ගුරුවරුද එදා මෙන්ම අදත් ඉන්නේය. රසික කියන්නේ එහෙම එකෙක්ය. බ්ලොග් ලියන්න ආපු කාලයෙම කීප දෙනෙක්ම මට මේ නරුමයා ගැන කීවේය. ඒවා සියල්ලම ඇත්තයි කියා ටික කලකින්ම මටද තේරුම් ගියේය. මෙතැන් සිට මාතලන් මේ ලිපිය ලියන්නේ මාතලන් ඔරිජිනල් එකෙන්ය. ඒ නිසා මෙතැන් පටන් අමු තිත්ත කුණුහබ්බද මීට ඇතුලත් වනවා ඇතිය.
Aug 25, 2016
ජනපති ඇත්තටම ජරාව කෑවාද හෙවත් පැණි වරකා ගහටත් හෙණ පාත් වීම - Bribery allegations against Maithripala Sirisena
මේ දවස්වල බ්ලොග් ළෝකයේ ගිනි ගොඩවල් දෙකක් පත්තු වෙනවාය. දෙකටම පැස්ටෝල් දානා අය බොහෝය. එක ගිනි ගොඩක් ඇවිලුවේ ඉයන් ලින්තොට මහතාය. අනෙක ඇවිලුවේ සුරන් මහත්තයාය. ඉයන් ලින්තොටගේ "සිත්ගත් ගී 16" ට පැස්ටල් දැම්ම උන් බොහෝය. ඒ වාගෙම සුරන් මහතා රට යන්න ගිහින් ඇවිලුන හඳහන් බැලිල්ලේ ගින්නට, පැස්ටෝල් වැක්කෙරුවේ, රසිකලොජි ලියනා රසික මහත්තයාය. මේවා ගැන පෝස්ටුවක් දාන්නෙයි කියා ඉල්ලීම ආවත්, ඒවා ලිවිල්ලක පැත්තක තබා, දැන් ලියන්න වෙලා තියෙන්නේ එකෙක්ගෙන්වත් බේරිලා ඉන්නා බැරි කේස් එකක් ගැනය.
Aug 21, 2016
මහින්ද ෆැන්ටසිය පුපුරා යාම තුල මෛත්‍රිය ප්‍රශ්ණ කිරීම - Maithri's Democracy questioned by Mahinda Fantacy
මහ මැතිවරණයකින් පසු පිහිටවූ හවුල් ආන්ඩුවට වසරක් පිරීම වෙනුවෙන් මාතර පැවති රැලියේදී ජනාධිපති තුමා පැවත්වූ කතාව මහත් ආන්දෝලනයකට ලක් වෙලා තියෙනවාය. පසුගිය දින කීපයේ මාතලන් මේ පිළිබඳව දරන මතය, මධු සාදයන්හීද, බුකියේද, ඊ මේල් වලද දරුණු ලෙසම විවිවේචනයට ලක් උනේය. එයිටාමතරව ඒ පිළිබඳව මක්කා හෝ ලියන්නෙයි කියා ලැබුනු ඊ තැපෑල කීපයක්ද උනේය.
Aug 19, 2016
ආලය අන්ධද..? - Is Love Blind...?
එසේය ස්වාමිනී...!
යෙදෙන කල සක්මනෙහි,
අතින් අත වෙලාගන,
මුසපත්ව ස්නේහයෙන්.
දේහයම කිති කැවෙයි,
ඇඟිලි තුඩු පහරකින්.
නිලංකාරය දෑස,
පෙලෙයි හිත උමතුවෙන්,
මහද ශෘංගාරයෙන්.
හිරුත් නැති, සඳුද නැති,
කණමැදිරි එළිය වැනි,
තාරකාවන් දිලේ,
අඳුරූ වූ අහස් ගැබ,
නේක වූ වර්ණයෙන්.
කෙසේ නම් දකින්නෙද,
අවට ඇති පරිසරය,
කනමැදිරි එළියකින්,
නිලංකර දෑසකින්..?
කනවැලද අල්ලාන,
ඇවිද යමි ප්‍රේමයෙන්.
නෙතු පියෙයි රාගයෙන්...!!!
-x-
යෙදෙන කල සක්මනෙහි,
අතින් අත වෙලාගන,
මුසපත්ව ස්නේහයෙන්.
දේහයම කිති කැවෙයි,
ඇඟිලි තුඩු පහරකින්.
නිලංකාරය දෑස,
පෙලෙයි හිත උමතුවෙන්,
මහද ශෘංගාරයෙන්.
හිරුත් නැති, සඳුද නැති,
කණමැදිරි එළිය වැනි,
තාරකාවන් දිලේ,
අඳුරූ වූ අහස් ගැබ,
නේක වූ වර්ණයෙන්.
කෙසේ නම් දකින්නෙද,
අවට ඇති පරිසරය,
කනමැදිරි එළියකින්,
නිලංකර දෑසකින්..?
කනවැලද අල්ලාන,
ඇවිද යමි ප්‍රේමයෙන්.
නෙතු පියෙයි රාගයෙන්...!!!
-x-
- මාතලන් -
Aug 17, 2016
ශ්‍රීලනිපයේ එකාබද්ධ පිලේ පිරිසක් විසි වීමේ සුල මුල - President appoints 41 new SLFP organisers
Pic from - Facebook |
ඇක්සයිස් කොරන්න කලින් ඇක්සයිස් කිට් එකත් ගහගෙන දවසේ පත්තර ටික කියවන්න ගත්ත ගමන් බොහොම කලබල උන ජනාධිපතු තුමා, පොඩ්ඩක් හඬ උස් කරලා කිව්වේ, "නෝනා මේ ඇහුනයි..?" කියාය.සිංහල පන්තිය කරන සන්නස්ගල දුන්න බෙලෙක් කෝප්පෙට කහට එකක් හදමින් උන්න නෝනා ඇහුවේ, "මොකෝ මහත්තයෝ කෑ ගහන්නේ..., පුටුව උඩ නින්ද ගිහින් මහින්ද මහත්තයාවත් හීනෙන් දැක්කාද...?" කියලාය.
Aug 15, 2016
නීතියට ඇඟිලි නොගසනු...!!! - Please obey the law !
ආන්ඩුව පත් කිරීමට ක්‍රියාකාරිව සහභාගී වූවන් මෙන්ම, එහෙන් මෙහෙන් සප් එකෙක් දී ටොයියන් බවට පත් වූ පිරිසද ආන්ඩුව විවේචනය කිරීම, වහල් බයියන්ගේ අමන්දානන්දයට හේතු වී ඇති බව පෙනෙන්නේය. මහින්ද මහත්තයාගේ අන්තේවාසිකයින් සිතන්නේ නැවත් ඡන්දයකට ගියහොත් අ(හ)වුල් ආන්ඩුව කෙරේ කලකිරි ඇති ටොයියන්ගේ බහුතරයක්ද නැවත් මහින්ද මහත්තයාට ඡන්දය දෙනු ඇත කියාය. එහෙත් සත්‍යය එය නොවේ. අවුල් ආන්ඩුවට ඡන්දය ප්‍රකාෂ කළ පිරිස ආන්ඩුවේ පිස්සු කෙලීම් හමුවේ කලකිරී ඇති මුත්, ඒ එකෙක්වත් නැවත මහින්ද මහත්තයාට බලය දී මේ රට ලේ විලක් කිරීමට කිසිසේත්ම තම ඡන්දය භාවිතා කරන්නේ නැති බව, මහින්ද මහත්තයා ඉල්ලගෙන කෑවා සේම ඉස්තිරය.
Subscribe to:
Posts (Atom)