.

.

May 12, 2026

වැදගත්කම හෙවත් මහත්මා දේශපාලනය

 


වැදගත්කම හෙවත් 

මහත්මා දේශපාලනය

➖➖➖➖➖➖➖⭕➖


ඊයේ මම දාපු පෝස්‍ට් එකක් නිසා සෑහෙම පිරිසක් අවුල් වෙලා... සමහර අය මට පෞද්ගලිකව කතාත් කලා... මේ අවුල් ගිය ඔක්කොම පොහොට්ටු බයියෝ.... හැබයි බයියෝ ඉන්නේ පොහොට්ටුවේ විතරක් නෙමෙයි.... මහින්ද මහත්තයා බයියෙක් කියපු අලි පාටියෙත් බයියෝ ඉතරක් නෙමේ... අමු ජාතිවාදියෝ, මූලධර්මවාදියෝ, ආගම්වාදියෝ වගේම ත්‍රස්ත අදහස් තියෙන ත්‍රස්තවාදියොත් ඉන්නවා....


නමුත් මේ සියල්ලන්ම කන්ට්‍රෝල් කරලා ප්‍රජාතන්ත්‍රවාදය හා පක්ෂයේ දැක්ම වෙනුවෙන්.. ඒ කියන්නේ vision and mission වෙනුවෙන් දක්කන එක තමයි ජනතා නියෝජිතයින්ගේ යුතුකම..... ඒකට තමයි මහත්මා දේශපාලනය කියන්නේ... වැදගත් දේශපාලනය කියන්නේ.... වැදගත්කම කියන්නේ.... උදාහරණයක් ඕන නම්.... ඩී බී විජේතුංග මහත්තයා අධ්‍යයනය කරන්න.... 


මේකට පෝට්ටු බයියෝ අවුල් යන්න ප්‍රධාන හේතුව තමයි... පෝට්ටු බයියෝ මෙන්ම සතුරා (විරුද්ධ පාක්ෂිකයින් හඳුන්වන අලුත්ම ක්‍රමය 😁💀😁) මම රාජපක්ෂවාදියෙක් හා පෝට්ටු බයියෙක්‍ය කියලා හිතාගෙන ඉන්න එක.... 


ඔව් මම රෙදි නැතිව ගෝටට කඩේ ගියා තමයි... හැබයි ඒ ගියේ 2015 මම කළ වැරැද්ද නිවැරදි කර ගැනීමට සහ ගෝටා කොළඹ හැදුවා වගේ රටම හදයි කියලා හිතාගෙන... 


ඒත් උන්නැහේ කළේ ත්‍රස්තවාදීන්ට ලේසියෙන්ම බලය ගන්න පාර හදලා.... එයාගෙම මිනිස්සු මරාදාලා... උන්ට පෝරියල් දීලා... හෙලුවෙන් යවලා.... බේරේ නාවලා.... උන්ගේ නිවාස දේපලත් ගිනි තියලා දාලා.... එයාලගෙ ජීවිත බේරගෙන රටින් පැනලා ගිය එක....


එහෙම කන්නත් හේතු තිබුනා.... කපුටෙක් මරලා තට්ටක් එල්ලුවාම හරි කියපු ගොබ්බ දේශපාලුවොයි අනුගාමිකයොයි හිතුවේ බලය සදාකාලිකයි කියලා..... දැන් ගොඩාක් උන්ට මැයි 9 අමතක වෙලා....


දැන් අපි ඊයේ සිද්ධිය ගමුකෝ... 


මේ දැන් ඊයේ මහින්ද මහත්තයට බ්‍රයිබරියට එන්න කියලා කරන්නේ මොකක්ද ?  ඒක මහත්මා දේශපාලනයක්ද ?..... නෑනේ.... රාජපක්ෂලාට විරුද්ධ පිරිස් පවා පිලිගන්නවා  මේ කරන්නේ තනිකර දේශපාලන පලිගැනීමක් බව.... 


මහින්ද හොරා කාලා තියේ නම්, ඒ චෙක් නම්බරුත් තියේනම්.... කෙලින්ම අධිචෝදනා දාලා... නඩු අහලා හිරේ දැම්මාම ඉවරනේ....


මේක රනිල් ලොක්කට එරෙහිව කොටුව උසාවියේ විභාග වෙන නඩුවෙදි නඩුකාර හාමුදුරුවොම වළං සානියටයි.... දිලීප පොඩි පුතුටයි උන්ගේ මූණටම කිව්වා... 


මොකක්ද රිසාල්ට් එක... නඩුකාර හාමුදුරුවෝ ප්‍රමෝෂන් එකකුත් දීලා ආයේ ජීවිතේට නඩු බලවන්න බැරි තැනකට දැම්මා... මේ ආන්ඩුවේ සැමට සමාන නීතිය එහෙමයි 😁


ඔය රනිල්ට ඇප ලබාදෙන්න ආව වෙලේ බස් පිටින් සෙනඟ ගෙන්නුවේ නෑ නේ... ආපු බස් තුනෙත් සෙනඟ ආවේ නෑ.... එතෙන්ට ආපු ඔක්කොම ආවේ ස්වේච්ඡාවෙන්.... අනික එතනට හැම පක්ෂෙම උන් ආවා.... (දැන් කියන්න නම් එපා ඊයේ ආවෙත් ස්වේච්ඡාවෙන්‍ය කියලා 😁😁😁) 


එතන අවිනීතිව හැසිරුනේ....අර හැමතැනටම රිංගලා වැඩේ අල කරන්න ආන්ඩුවෙන් දාලා ඉන්න කොන්ඩයයි උගේ සෙට් එකයි.... හැමෝම දැක්කා ඕවර් ඇක්ටින් දඟලානා දාන්න ගිය ගෑණියෙකුට සාගල බනිනවා.... මමත් ඕගනයිස් කරපු උන්ට කිව්වේ.... මෙතන ගවයෝ වගේ හැසිරෙන්න කෑගහන්න දෙන්න එපා.... ඒක උපරිමයෙන් රැක ගන්න කියලා.... ඒ අතරෙත් අපතයෙක් සිරසට කෙලිය ගල් පාරක් ලාල්ට වැදුනා....


ඉතින් එතනට හැමෝම ආවේ ඇයි....? උන් දන්නවා එජපයේ හා සජබයේ මහත්මා දේශපාලනයක් තියෙනවා කියලා.... 


ඒත් බයියන්ගේ එහෙම විනයක් නෑ කියලා ඊයේ උදේම කොළඹට එන උන්... උන්ගේ ගොන් පාට් බුකියේ වීඩියෝ දාලම පෙන්නුවා...  ඒ ගොන් පාට් තමා මම විවේචනය කළේ.... ඒවයෙන් අන්තිමට කෙලවෙන්නේ රාජපක්ෂලාටමයි.... රාජපක්ෂලගෙ පවුලම නෙමෙයි... ලිමිණිලා රේප් කරන්නත් අරගල අපතයෝ මඟ රැකපු බව දැන් බයියන්ට අමතකයි....


ගොඩක් උන් කියලා තිබ්බා.... එකෙක්ට තියෙන්නේ එක චන්දයයි ඒක වැදගත් චන්දයක්ද මොකක්ද කියන දේ අදාලම නෑ කියලා.....


හැබයි එහෙම කියන අය මේ දේත් දැනගන්න.....


ඒ ගොබ්බ චන්ද එකක් දෙකක් නිසා හාඩ්කෝ බයියෝ පවා අද ඊට වඩා විනයක් තිබුන.... හා පෙන්වපු... ආයෙත් කියනවා.... විනයක් තිබුන හා පෙන්වපු ජෙප්පෝ (දැන් උනුත් සත්තු... උන් කොහොමත් සත්තු... උන් ත්‍රස්තවාදී... ඒකයි අපි උන්ට බලය දෙන්න එපා කිව්වේ... හැබයි උන් බලය ගන්නකන් විනයගරුක දේශපාලනයක් කලා... මිනිස්සු ඒවට රැවටුනා) රාජපක්ෂලා 2.5% ටම බැස්සුවාය කියන බවත්.....


ඉතින් දැන් ඔහේලා තීරණයක් ගන්න.... එහෙම ගොන් ආතල් සමඟ ඉදිරියට යනවද.... නැත්නන් තියෙන දෙකත් රැකගන්නවද කියනෙක....


මහින්ද මහත්තයට මගෙත් ගෞවරයක් වගේම ආදරයකුත් තියෙනවා.... ඒ 30 වසරක යුද්ධය නිම කිරීමට නිර්භීත නායකත්වයක් දීම වෙනුවෙන් හා ඉන් පසු රටේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන්....


ඒ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය යහපාචනෙන් නවත්තපු එක අදටත් එතනමයි......


ඒත්... ඊයේ එතනට නොගියේ බයියො ගැන... බයියන්ට වඩා මම දන්න නිසා...


මහින්ද මහත්තයට මොළේ පෑදිලා තිබ්බා... එතන ගොන් ආතල් නොදී මාරු වෙලා යන්න....


ස්වස්ථි සිද්ධම් !!!!

.

May 11, 2026

මහින්දලා තාමත් කරන්නේ ගොන් වැඩය.

 


මහින්ද රාජපක්ෂගේ මෝඩකම්

➖➖➖➖➖➖➖➖➖⭕➖➖


මහින්ද මහත්තයගෙත් හොඳ වගේම නරකත් අඩුපාඩුත් තියෙනවා නේ....


දැන් ලොක්කට හෙට එන්නෙයි කියලා තියෙනවා බයිබරියට.... බයිබරියේ ඉන්නේ ජවිපෙ දේශපාලන බත් ගොට්ටෙක්... බුවා එතන හොරකම් හොයනවා කියලා කරන්නේ... නඩු නැතිව මිනිස්සු හිරේ දානෙකයි... මිනිස්සු මානසිකව වට්ටලා මරලා දාන එකයි....


එයා සිස්ටම් එක සුද්ද කරන්න ආවේ කිව්වට.... එයාගේ සෙට්ටෙක අම්මමෝ නැතිව හොරා කනවා... උන්ට නඩුත් නෑ.... පරීක්ෂනත් නෑ.... සාධාරණව නඩු අහලා.... ගොබ්බ චෝදනා අරගෙන එන උන්ට පලු යන්න බැනපු නඩුකාරයෝ... ආයේ නඩු බලවන්න බැරිවෙන්නම උසස්වීමකුත් එක්ක පැත්තකින් තියනවා.....


සලේ ගැන බොරු සාක්කි දෙන්න බෑ කියපු හමුදාවේ උසස්ම නිළධාරීන්ටත් බොරු චෝදනා එල්ලකරමින් වළං සානිත් එක්ක එකතුවෙලා ඒ අයත් ගෙදර යවන්න වැඩ සිද්ද වෙනවය කියලා ඩෝබින්ගේ පෝස්ට් බැලුවාම පේනවා....


අති හුකුම් කාදිනල් උන්නැහේටයි ලෝගූ මාෆියාවටයි ස්වර්ගයේ තරු පේන්නේ එදාටයි.....


දැන් මේ මහින්ද මහත්තයට එන්න කියන්නේ බයිබරියෙන්ම හදපු බොරුවක් එහෙම නැත්නම් ප්‍රොපගැන්ඩා එකක් ප්‍රශ්ණ කරන්න....


ඇත්තටම ගත්තොත් කපිලත් මෝඩයෙක්.... එයාර් බස් ගණුදෙනුව ඇත්තටම සිඳු නොවුන දෙයක්.... ඒක සිඳු නොවුනේ "බෝයින්ග්" සමාගම ඒකට ලෙඩේ ඇදපු නිසා...


කපිලට ලැබුන මුදල ඇත්තටම ක්‍රිස්මස් හැම්පර් එකක් වගේ එකක්... ඒක පොර අරගෙන තියෙනවා.... ඒක මහින්දලා දැනගන්නෙත් බෝයින්ග් කම්පැනිය ඇදපු ලෙඩෙන්.... එයාර්බස් සමාගම හැම්පර් යවපු සෙට් එකේ ලිස්ට් එක එලියට ආවම....


ගොසිප් ආරංචියක් විදියට ගෝටගෙ කැම්පේන් එකට කපිල ගානක් දීලත් තියෙනවා.... ඒ ගොසිප් එක තමා ආන්ඩුව දැන් ඇත්තක් කරන්න දඟලන්නේ.... කෙසේ හෝ කපිලට නඩු දාන්නෙත් ගෝටගෙ ආන්ඩුවෙන්.... නීතිපති දාපූ ඒ නඩුව උසාවියේ විභාග වෙනවා... ඒකට ඇප පිට තමා කපිලයි නෝනයි දෙන්නම එලියේ උන්නේ....


එහෙම නඩුවක් තියෙද්දිම තමා ආයේ ජේවීපී බ්‍රයිබරියෙන් කපිලව අල්ලලා හිරේ දාන්නේ.... එතනදි තමා ඔය මහ එකාගෙයි පොඩි එකාගෙයි නම් කියපන් නැත්නම් තොට වෙන්නෙත් කෙහෙළියගෙ එකා වගේ මැරෙන්න තමයිය කියලා මැරෙන්න තර්ජනය කරන්නේ...


කෙසේ හෝ මේ කිසිත් නොදැන මහින්ද මේකෙන් හොරා කෑවා කියලා එලියේ ප්‍රසිද්ධියේ කියන එරංග ගුණසේකර වගේ උන්ට.... ලෝයර්ස්ලා වෙච්චි.... මහින්දලා නාමල්ලා සාගර කාරියවසම්ලා මහින්දගේ මාධ්‍ය ප්‍රකාශකලා.... අරුන්ට එරෙහිව අපහාස නඩු නොදාන්නෙ.... ඇත්තටම ගානක් කඩා ගත්තද කියන සැකෙත් අපිට තියෙනවා....


මොකෝ මහින්දලා හොරු කියලා රෙජිස්ටර් වෙලා ලේබල් වෙලා ඉවරයි නේ....


ඉතින් ඒවයෙන් මිදෙන්න නම් මයික් පලලා වොයිස් කට් ආතල් දීලා වැඩක් නෑ ඔය එරංග ගුණසේකරලට දේවානන්ද සුරවීරලට එරෙහිව අපහාස නඩු දාලා ගානක් කඩාගෙන මුන්ගේ ආන්ඩුව තියෙද්දිම සතුරගෙ කට වහලා දාන්නයි තියෙන්නේ...


ස්වස්ථි සිද්ධම් !!!!!


.