මාතලන් පොඩි කාළේ ඉස්කෝළෙදි ගම කොහෙද ඇහුවාම කියන්න කැමති නැතිය. මොකෝ කෑළණිය කියා කිව්වාම පඩත්තල කොල්ලෝ මාතලන්ට කියන්නේ මැට්ටා කියලාය. ඒ කාළේ කැළණිය ප්‍රසිද්ධ වෙලා තිබුනේ මැටි වැඩවලටය. පස්සෙ කාළේ නම් ප්‍රසිද්ධ වූයේ ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාගේ ආසනය කියලාය. ඊට පස්සේ ගාල්ලේ කියලා කිව්වම කියන්නේ, වැඩ බැරි එකෙක් කියලාය. කොහොම හරි ගම කොහෙද ඇහුවාම කැළණියේ කියා කියන්න පුළුවන් කාලයකුත් ආවේය.
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Feb 29, 2016
Feb 26, 2016
රනිල් මහත්තයෝ, බලාගෙන ලොක්කා - Ranil, be careful ...!
එට්කාද මක්කාද කියා මොකක්ද ගිවිසුමක් හෙවත් කොල කෑල්ලක් අස්සන් කරනවාමයි කියා රනිල් ලොක්කා කියනවාය. තාම මේකේ සැකිල්ලවත් හදලා නැති උනත්, එජාපයේ නම් ඇට සැකිලිත් කුඩු වෙන්නම හතර අතේ කනවාය. ඒ ගැන කතා කතා කරන්නේ එජාපේ උන් විතරය. සමහර විට රනිල් ලොක්කා බලනවා ඇත්තේ මහින්ද අයියා දාපු පාට් දැම්මොත් වැඩේ හරි කියා වෙන්න ඇතිය. ඒත් මහින්ද මහත්තයා ඔහොම හත් පොලේ ගා ගත්තේ නැතිය. ඒවා කොරන්නේ සද්ද බද්ද නැතිවය. ඔහොම තග දාන්නේ නැතිය. අපේ හාන්දුරුවනේ කියා මහා නායක හාන්දුරුවන්ගේ පශ්චාත් පශ්චාත් භාගත් ග්‍රීස් නැතුවම ධාතු වලින් ස්නානය කොරලා දානවාය.
Feb 22, 2016
මරු ආ කළ මිතුරේ, බේරෙන්න බෑ සසරේ - Tribute to Anton Jones
මාතලන්ට මතක ළමා කාලයේ ආරම්බය ගෙවෙන්නේ බයියන් රජකල යුගයකය. එකල රට පාලනය කලේ බයියන් පමණක් නොව මෙළෝ රහක් නැති සමාජවාදි කාරයෝය. මහින්ද යුගයේ වගේම සට්ටැඹි කලාකාරයෝ පිරිසක් අම්මට සිරි ලංකාවේ තිබුනු එකම හුලං විදුලි සේවය උන්ගේ බූදලයක් කරගෙන සිටියේය. උන් ප්‍රචාරය කලේ ජාතිකාභිමානී ගීත පමණි. උන් කැමති දේ අපිට බලෙන් දුන් අතර, අපට කැමති දෙයක් කිරීමේ නිදහස සම්පූර්ණයෙන් අහුරා තිබිනි. කොටින්ම බත් කෑම පවා තහනම් කර තිබිනි.
Feb 15, 2016
ගොම්මන්පිල විමල්, රැක ගත යුතු පුදා මල් - Gammanpila, Wimal, members of Yahapalana
දැන් උඹ කියන්නේ මේ ගම්මන්පිලයයි විමල් මැතිතුමයි මල් තියලා වඳින්න ඕන අය කියලා. තොගේ මොළේ කචල්ද? උඹමනේ මුන්ගේ පතුරු අරින්නේ හිටං.
හරි හරි එහෙම උනා තමයි. ඒ උනාට දැන් ඔය සිරි ලංකා නිදහස් පක්ෂේ වැටිලා තියෙන ආගාදෙට බැහැලා. ඒ ගැන ගැඹුරින් හදාරලා බැලුවාම, මලින් ඉතරක් නෙමෙයි, තෙලින් මලින් පිදුවත් අවුලක් නෑ.
ඒ කියන්නේ දැන් උඹට මේ සිරි ලංකා නිදහස් පස්සේ ගැනත් මාර කැක්කුමක් ඇවිල්ලද?
Feb 14, 2016
දෙරණට මාධ්‍යකරණය කියා දීම - Tachnical defending better than legacy
යුද්ධයකදී උනත් උපක්‍රමශීලී පසුබැසීම් කියා දෙයක් තියෙන්නේය. හැබයි ඒකට යුද්ධය ගැනත් හොඳ අවබෝධයක් තිබිය යුත්තේය. යුද්ධෙ කියන්නේ මැරෙනකන්ම ඉදිරියට යෑම කියා හිතනවා නම් ඒකට කියන්නේ ගොන් කමය. එහෙම යන උන් වගයක් ජපානයේ උන්නා කියා අසා තියෙනවාය. උන් සතුරාගෙන් මැරෙන්න කලින්, තමන්ගේම පිහියෙන් බඩ කපාගෙන මැරෙනවාය. උන්ට කියන්නේ හරාකිරි ඉස්කොඩ් එක කියලාය.
Feb 9, 2016
කිෂානි ජයසිංහ, සිරිසඟබෝ සහ ඉතිහාසය නැවත කියවීම - Kishani, Sirisangabo & History Repeats
කිසියම් කෙනෙකු එක රැයින් ජනප්‍රිය වීම වාසනාවම මිස වෙන කිසිවක් නොවේ. භාෂී මධුභාෂී මෙන්ම කිෂානීද එවන් වාසනා ගුණ ඇත්තෝය. ඔපෙරා ගැන මෙන්ම සොප්‍රානෝලා ගැන ලියන්න හිතාගෙන උන්නද ඒවා ලියන එක අපරාධයක්ය කියා මාතලන්ටම වැටහුන නිසා ඒ ගැන ලිවීම අතහැර දැම්මත්, දන්නෝ බුදුන්ගේ ගීය බොදු බැති ගීයක් ලෙස නම් කිරීම ගැන නම් නොලියා සිටිය නොහැකිය.
Feb 7, 2016
Subscribe to:
Posts (Atom)