ඉන්දියානූ ව්‍යාප්තවාදයේ සිට
ඉන්දියානූ ස්වයං වින්දනය දක්වා...
➖➖➖➖➖➖➖➖➖➖➖⭕▪️
වර්ෂ 2024 ක් වූ ෆෙබෘවරි මස 4 වනදා... එනම් අපේ නිදහස් දිනයදා වනතෙක් ජෙප්පෝ යනු උග්‍ර ඉන්දියානූ විරෝධීන්ම විය... ජවිපේ පන්ති පහෙන් එකක් වූයේ "ඉන්දියානූ ව්‍යාප්තවාදය" යන සබ්ජෙක්ට් එකය.
ඉදින් ඔවුන් ජේ ආර් හා රජීව් අත්සන් කළ සාම ගිවිසුමට විරුද්ධව "ජේ ආර් මරමු" කියා අපේ හන්දියේ ටොනික් කඩේ ලෑල්ලේ රතු අකුරෙන් ළොකුවට ලිව්වේය. ඉන්දියානූ සාම සාධක හමුදාව ඔවුන් හැඳින් වූයේ වානර හමුදාව කියලාය.. ඒ කරලා කොළඹ කොටුවෙන් පටන් ගෙන මුළු රටම ගිනි තිබ්බේය. බොම්බේ ළූණූ ළොකු ළූණූ විය... මයිසූර් පරිප්පු රතු පරිප්පු විය....
දේශමාමක ස්වේච්ඡා කොම්රඩ්වරුන් හා කොම්රඩ්වරියන් 60,000 කට... නිවන් පුර රුවන් දොරටු විවෘත කර දුන්නේය. අවසානයේ සජිත් ප්‍රේමදාස මහතාගේ පියානෝ විසින්... රෝහණ විජේවීර නම් චේ ගුවේරා නායකයා බොරැල්ල කනත්තෙන් ස්වර්ගස්ත කළ අතර... ඔවුන් පාවා දුන්නෝ දිවි රැකගෙන පක්ෂය මෙතෙක් දුර ගෙන ආවෝය.
අප මේවා ලියන්නේ දැන් ඉන්නා ජේවීපී හුලිජ්ජා කොල්ලන්නට හා කෙල්ලන්ට මෙන්ම, 70 දශකයෙන් පසු උපන් හාල්පාරුවන්ගේ දැනගැන්ම පිණිසය.
අපරාදේ කියන්නේ... ඉන්පසු විප්ලව කරන්නට ගියහොත් වන්නේ බාබෙකිව් දමාගැන්ම බව අවබෝධ කරගත් ජෙප්පෝ... ප්රජාතන්ත්රවාදය වැළඳ ගත්තේය. එහෙත් ඒ බලය ලබා ගන්නා තෙක් කළ රඟපෑමක් පමණක් බව... මැයි 9 වනදා ඔවුන් ලෝකයටම පෙන්වා දුන්නේය.
ඇමරිකානූ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහායෙන්... රනිල් වික්‍රමසිංහ විසින් ජූලී චන්ග් නෝනාගේ මානුෂික මෙහෙයුම නතර නොකරන්නට... ජෙප්පෝ හා ජූලී චන්ග් රෙඩි වී උන්නේ... රනිල්ගේ නිවසට පසු, ප්රජාතන්ත්රවාදයේ මහ දෙවොල වන... දියවන්නාවේ ගවගාලද ගිනිතබා පොලොවට ෆ්ලැට් කරන්නටය. ඒ ජේවීපි දේශපාලනයයි. එහි ප්රජාතන්ත්රවාදය සංවර්ධනය හෝ දියුණුව නැති අතර.. ඇත්තේ අධිකාරිවාදය හා විනාශය පමනි.
රනිල් විසින් මේ සියල්ල බෙල්ලෙන් අල්ලා පොලොවේ ගසා දැමීම... ජූලී චන්ග් මෙන්ම අරගලය පිටුපස උන් සියළු බලවේගයන් හොල්මන් කරනා තීරණයක් විය. රාජ්‍යතාන්ත්‍රික සබඳතා කියන්නේ මෙවන් ගේම් වලට මිස.. වෙනත් රාජ්‍යයක ආධාරයෙන් චාරිකාවක යෙදී... සාකච්ඡා කර... අතට අතදී පැමිණීම නොවේ.. රාජ්‍යතාන්ත්‍රික බව කියන්නේ ඒවාට නම්... මෛත්‍රිපාල සිරිසේනට එංගලන්තේ මහරැජිණ ඉතරක් නොව පුටීන් මෙන්ම බරක් ඔබාමාද අතට අත දී... පිටට තට්ටුත් දමා තිබෙනවාය.
වාමාංශිකයින්ගේ මේ මිලේච්ඡත්වය... ජේවීපීයේ වරදක් නොවේ... එය ලොවපුරාම පැවති හා තවමත් පවතින වාමවාදයේ, ෆැසිස්ට්වාදයේ, මාක්ස්වාදයේ, ට්‍රොට්ස්කිවාදයේ, බොල්ෂෙවික්වාදයේ නියමුවන් වූ... ලෙනින්ලා, කැස්ත්‍රෝලා, මාවෝලා, පොල්පොට්ලා, චේ ගුවේරාලා මෙන්ම කිම් ඉල් සුන්ලාගේ... සුන්නද්දූලී මිලේච්ඡ හා මිනීමරු දේශපාලනයයි... එහි අන් මතවලට... විපක්ෂවලට හෝ ප්රජාතන්ත්රවාදයට ඉඩ නොමැති අතර... ඇත්තේ භීෂණයම පමණි.
මේ අව් අස්සේ ඉන්දියානූ ජනමාධ්‍ය විසින් වාමාංශික මාක්ස්වාදී පක්ෂයක් ලෙස හඳුන්වන ජවිපෙට ඉන්දියානූ රජයේ ආරාධනාවකින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ... වෙන්ට ජනපති අතිගරු කොම්රඩ් අනුර කුමාර දිසානායක ශ්රීමතානන්ට හා පක්ෂයේ කිහිප දෙනෙකුට ආරාධනා ලැබෙනුයේ... එතුමා හා ජවිපේ නිලධාරීන් දෙසැම්බර් මාසයේ රහසේම සිඳුකළ චීන සංචාරයෙන් පසු වීම සුවිශේෂී කරුණක්ම වන්නේය.
මෙය... ඉන්දීය ප්‍රධාන පෙලේ මාධ්‍ය තුල මෙන්ම ජනප්‍රිය රැල්ලේ ගසාගෙන යන නියත ජයග්‍රහණයකින් ගිණිකන වැටී සිටිනා... ජවිපේ මෙන්ම ජාජබ ක්‍රියාකාරකයින්ගේ... කවි, කෙටිකතා, නිසදැස් හා හෑලී රචනා සියල්ලෙන් කියා සිටියේ... මීළඟ ජනාධිපති වීමට සිටිනා අනුර කුමාරයන්ට බිය වී... ඔහු ෂේප් කර ගැන්මට ඉන්දියාව විසින් කරනා ලද ආරාධනාවක් වශයෙනි.
එමෙන්ම ටිල්වින් සිල්වා මෑතකදි මේ රට තුල කළ ප්රකාෂයට සමාන අදහසක් එරට ජනමාධ්‍යයන් වෙත ලබා දුන්.... යටත් විජිත මැතිතුමා කියා සිටියේ... ඔවුන් තව දුරටත් වාමාංශික දේශපාලන වහලුන් නොව ලොව සියළු රාජ්‍යයන් හා නොබැඳි පිලිවෙතක් අනුගමනය කරමින් එම රාජ්‍යයන්ගේ සහායෙන් රට ආර්ථික වශයෙන් ගොඩ ගන්නා බවයි. කොටින්ම පිනට කෑමේ වර්ල්ඩ් චෑම්ස්ලා වන ජෙප්පෝ ඉන්දියාවේදී කියා සිටින්නේ...
කන්න දෙනවා නම්, අපිට බොන්ඩ දෙනවා නම්...
මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ.... කියලාය...
ඇත්ත වශයෙන්ම අනුර කුමාර දිසානායක සඕදරයාගේ ඇඳුම හා බොඩි ලැන්ග්වේජ් එකද කියා පෑවේ එයාගේ ගෝලයන්ගේ මානසිකත්වයමය. ඇත්තටම ඉන්දියාව ජෙප්පන්ට තියා ඇමරිකාවේ රූකඩයක් වූ යැංකි ඩිකී හෙවත්... ජේ ආර් ජයවර්ධනට තබා.... ඔවුන්ගේම නිශ්පාදනයක් වූ... ප්රභාකරන්ටද බිය වූයේ නැත. වාතයක් වූ ප්‍රභාට ගේම දෙන්න ෆුල් සප් එක එන්නේ ඉන්දියාවෙන්මය.
අනුර කුමාරලා මෙහි පැමිණි විගසම... කෙලින්ම මෝදී මැතිතුමා මුණගැසීමට යන්නේ... දෙමල සංධානයේ නව නායක ශ්රීධරන්ය. ඒ ශ්‍රීධරන් ජනාධිපති වෙයි කියලා බයට නොවේය. ඒ ඔවුන් ලංකාවේ තවත් ප්‍රබලම දේශපාලන සාධකයක් වන නිසාවෙනි. ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ ෂේප් එකේ තබා ගැන්ම ඔවුන්ගේ ඒකායන අරමුණය.
ලංකාවේ අගය ලාංකිය දේශපාලන ගල් ඉබ්බන්ට තවමත් නොතේරුනද... ඉන්දියාව තේරුම් ගෙන අහවරය. ඉන්දියාව මේ මෑතක් වන තෙක්ම.... ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වීමට එරෙහිව කටයුතු කළද, චීනා හම්බන්තොට අයිති කර ගැන්මෙන් පසු... ලංකාව ඔවුන්ගේ ආයෝජනයන්ට කෙතරම් වැදගත් තැනක්ද යන්න තේරුම් ගෙන අවසානය. විශේෂයෙන් වරායන් හා නාවුක ක්ෂේත්රයේ ඇති කැපෑසිටිය ඔවුන් හොඳින්ම අවබෝධ කරගෙන ඇත... එපමණක් නොව ගුවන් තොටුපල හා ගුවන් ගමන් ක්ෂේත්රය මෙන්ම පුණර්ජනනීය බලශක්ති හා සංචාරක ක්ෂේශ්ත්රයන්හී ආයෝජන විශාල වශයෙන් සිඳුකිරීමට ආයෝජකයෝ පෙලගැසී සිටිති... එබැවින් කුමන පාලනයක් යටතේ වුවද.... ඔවුන්ගේ ආයෝජනයන්ට කිසිඳු අවහිරයක් නොවනා බවට සහතිකයන් ලබා ගැන්ම ඔවුන්ගේ අභිලාෂයයි.
මින් මතු ජවිපෙටද ඊට අනුකූලව කටයුතු කිරීම හැර වෙනත් විකල්පයක් ඇත්තේ නැතිය. චීනා ලංකාවේ ආයෝජනයන්ට යලිඳු එන්නේ නැති බව මාතලන් මීට පෙර කීප අවස්ථාවකම ලියා ඇති අතර අද එය සනාථ වී අවසානය.. එකම පිහිට ඉන්දියාව පමණමය. ඉදින් මින් මනතට ජෙප්පන්ට ඉන්දියාවට හෝ ඉන්දියානූ ව්‍යාපෘතීන් කිසිවකට හෝ විරුද්ධව කටක් හොල්ලන්නට වන්නේ නැතිය. ඇත්තටම මෙය ජේවීපි චන්ඩි නොන්ඩි කිරීමකි.
කෙසේ හෝ මේ සියල්ල සිඳුවන්නේ රනිල් වික්‍රමසිංහ, මෝදී, චන්ද්‍රිකා හා රෝ සංවිධානයේ මැදිහත්වීමෙන් බව නොදන්නා.... මතුපිට දේශපාලනය මත පමණක් හැදෑරීමෙන් ස්වයං මෝහණයට පත්ව ස්වයං වින්දනයේ යෙදෙන්නන් දැක්කාම... අපට ඔවුන් ගැන අප සිත් තුල ඇති වන්නේ... සානුකම්පිත අනුකම්පාවක් පමණමය.
වත්මන් ජාත්‍යන්තර දේශපාලනයේ... ඉන්දියාවට මෙන්ම, ඉන්දීය රාජ්‍ය නායක මෝදිටද ඇත්තේ... කිසිවකුටත් දෙවන නොවන තත්වයකි. ඒ බව යූක්‍රේන යුද්ධයේදී මෙන්ම හමාස් යුද්ධයේදීද ඉතා පැහැදිලිව දක්නට ලැබින.
කිසිවකුටත් බිය නැති එවන් රාජ්‍යයක්.... ජවිපේ නායකයාට හා පාලනයකට බිය වී ඇතැයි සිතන්නෝ... අමු ගං කබර ළිං මැඩියෝම මිස... දේශපාලනය යන විෂයයෙහි මළ පොත අකුරක් හෝ නොදන්නා අඳබාලයෝම බව සඳහන් කරමින් මේ පල් හෑල්ල මෙතකින් නවතා දමනවාය.
ඒ වගත් මෙසේය......