ලංකාවේ වියවස්තාවෙනුත් බුද්ධාගමට තැනක් දී තිබෙන නිසාත්, ඒක නැතුව මෙළෝ දෙයක් කොරන්න බැරි නිසාත්, ගොන් ටොයියෝ පවා සිවුරට රටේ නීතියටත් වඩා බලයක් තියෙනවා කියා සිතන නිසාත්, අද ධර්මෙන්ම ටෝක්ස් එක පටන් ගන්න සිතුවේය.
මනොපුබ්බංගමා ධම්මා-මනොසෙට්ඨා මනොමයා
මනසා චේ පදුට්ඨේන-භාසති වා කරොති වා
තතෝ නං දුක්ඛමංවේති-චක්කං ව වහතො පදං
- ධම්ම පදය, යමක වග්ගය
කුශලාකුශල ධර්මයෝ සිත පෙරටුකොට ඇත්තෝය, සිත ප්‍රධානකොට ඇත්තෝය; සිතින්ම උපන්නාහුය. ඉදින් යමෙක් දුෂ්‍ය වූ සිතින් ක්‍රියා කෙරේ නම්, නපුරු වචන කියා නම් ඒ කරනකොට දුක ඔහු පසු පස්සේ ගමන් කරයි. ( කුමක් මෙන්ද ?) කරත්තය බැඳී ගොනාගේ පය අනුව යන රෝදය මෙනි....