රට ගොඩගත නොහැකි තරමටම වැටී අවසානය. දැන් වලේ වැටුන රාජපක්ෂලා වල කටින්ම ගොඩ ආ යුතුය. ඒ ගැන පසුව ලියමි.
විපක්ෂය මේ මොහොතේ රට පුරා ගෙනයන ප්‍රජාතන්ත්‍රවාදි උද්ඝෝෂණ අනිවාර්‍යයෙන්ම ඉදිරියටත් ගෙන යා යුතුය.
මන්ද රාජපක්ෂලා විපක්ෂයේ උන්නේ නම්, රටේ ඇතිවන විරෝධතා ගැන, දේශපාලනය ගැන අබ මල් රේණුවක මොළයක් තිබෙනා එකෙකුට ඉතා පැහැදිලිය.
මහින්දලා සිඳුකළ පාද යාත්‍රා, උද්ඝෝෂණ, බයිසිකල් පැදීම් එක්ක ගත්තාම මේ විරෝධතා නිකං මොන්ටිසෝරී ෆැන්සි ඩ්‍රෙස් පැරේඩ් වාගේය.
නමුත් එම විරෝධතා සාමාන්‍ය ජනතාවට හිරිහැරයක් නොවන පරිදි, එදිනෙදා ජන ජීවීතයට හානියක් නොවන පරිදි, බිලි පූජාවලින් පිරි, දේපල විනාශ කරනා ප්‍රචන්ඩත්වයෙන් තොරව පවත්වාගෙන යාම සියළුම පක්ෂවල වගකීමය.
මන්ද, රටේ තිබෙනා ප්‍රශ්ණ මදිවාට, සාමාන්‍ය ජනතාවට තවත් පරිප්පුවක් කන්නට බැරි නිසාය.
අප එසේ කියන්නේ වත්මන් විපක්ෂයේ කිසිවකු හෝ ළඟ මේ අර්බුධයෙන් ගොඩ ඒමේ ක්‍රියාදාමයක්, දර්ශනයක් හෝ වැඩපිලිවලක් තියා අඩුම තරමේ යෝජනාවක් හෝ පැමිණ නැති නිසාය.
විපක්ෂයේ නොව මේ රටේ ආර්ථික විජ්ජග්නයන් ළඟද, මහ බැංකුවේ උන් ළඟද කිසිඳු පිලියමක් නැත.
ඒ තබා ජනාධිපතිතුමා පත්කළ ව්‍යවසාකයින්ගේ කමිටුවද ගෙන ආවේ මාර ලොල් සගගත යල් පැන ගිය ජනප්‍රිය යෝජනාය.
එකෙක් කිව්වේ....., මේ රටේ අර ස්පාඤ්ඤයේ වාගේ, ෆොරිනර්ස්ලාට රෙසිඩන්ස් වීසා දී බිලියනයක් ගේනවා කියලාය.
දවසකට පැය 10 ක් ලයිට් කපන, පැස්ටෝල් ගහන්න පෝලීමේ කට්ට කන, ගෑස් නැතිව දර ලිපේ උයාගෙන කන මේ බඩකඩුත්තුවේ, රෙසිඩන්ස් වීසා ඉල්ලන එකා, එක්කෝ අර්ෂශ් රෝගියෙක් විය යුතුය. එහෙම නැත්නම් යෝජනාව ගෙනා එකා වගේම පිස්සෙක් විය යුතුය. පෙර පිනකට සල්ලි කාරයෙක් උනාට ඔක්කොම දන්නවා කියා රඹ ටෝක් ඉෂු කිරීමත් රෝගයක්මය.
මාතලන් කලිනුත් කීවා වාගේ මේ මොහොතේ කළ යුත්තේ, විදෙස් රාජ්‍යයන්, ආයතන හා විශේෂඥයින්ගේ සහාය ලබා ගැනීමයි. එසේ නොමැතිව මේ වලෙන් ගොඩ ඒමට නොහැකි බව, ආන්ඩුව මෙන්ම විපක්ෂයද අවබෝධ කොටගෙන සිටීම රටේත් ජනතාවගේත් වාසනාවය.
මොරි මාඩ කහකඩයෝ හා විමල්, උදය, ගෙවිඳු වැනි අමු ජාතිවාදී, ජාතිකවාදී, ආගම්වාදි මළ මූසලයින් හැර, අන් සියල්ලෝම ඉන්දියාවේ විදේශ ඇමතිගේ දේශීය සංචාරය ගැන වචනයකින් හෝ විරුද්ධ නොවීම ඊට හොඳම උදාහරණයකි.
එහෙත් මේ සොලියුසොන් එකටත් විරෝධතා ඒම කිසිසේත් වැලැක්විය නොහැකිය. මන්ද මෙරට ඉන්නේ පිටරට ගියත් ළිං මැඩි මානසිකත්වයෙන් පිරි, මේ ලක සියල්ලෙන් සපිරි ලෝකෙන් උතුම් රට යැයි සිතා සිටිනා ගව ගාලක්ම වන හෙයිනි.
උන් දන්නා බැඳුම්කරකරයක්වත්, ස්වෛරී බැදුම්කරයක්වත්, ජාතික ආදායමක්කත්, දල දේශීය නිශ්පානයක්කත් මෙලෝ ආර්ථිකයක්කත් නැත. උන් දන්නේ කෙප්ප කෙලින දේශපාලුවෝ දෙන ළණු අඹරා ගිලින්නටම පමණි.
මෙයින් ගොඩ ඒම ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවේ. එමනිසා මේ මොහොතේ රාජපක්ෂලා එලවා ආතල් එකක් ලබා ගත හැකි වුවත්, එය මොහොතක සුවදෙන ආතල්ලෙකක්ම පමණි.
ඊ ළඟට අම්මමෝ නැතිව කුණු බැණුම් අහන්න වෙන්නේ, ගත්ත උන්ට හා උන්ගේ අම්මාවරුන්ටය. මොකෝ බයියෝ ගේම ඉල්ලන්නේ මීට හපන් විදියටය.
ඒ නිසා විපක්ෂයට මොළයක් බුද්ධියක් කියා දෙයක් ඇත්නම්, මේ මොහොතේ කළ යුත්තේ පකිස්තානයේ වාගේ විශ්වාස භංග ගෙන ඒමවත්, ආන්ඩු පෙරලීමවත් නොව, මේ පරිප්පුව තොපිම කාපිය කියා කින්ඩි දම දමා ඉන්න එකය.
ඒ විපක්ෂයටය.
මේ ආන්ඩුවටය.
වලක වැටීම මොළයට ලාභයකි කියා චීනයේ මා ඕ සේතන් මාමා කියලා තියෙනවාය. ඒ නිසා වැටුන වලෙන් ගොඩ ඒම රාජපක්ෂලාට ඇති චැලේන්ජ් එකය.
මහින්ද හරියටම යුද්ධය කරන්න පටන් ගත්තේ ලොක්කා බිත්තියටම හිර කරායින් පස්සේය. හැබයි වැඩේ නැවැත්තුවේ ප්‍රභාත් ඉවත් කරලාය.
ඝෝඨාද විපක්ෂයේ උන් හා සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රයේම උන් ලෙඩේ අදිද්දීත් හමුදාවේද සප් එක ඇතිව කොරෝනා උවදුරෙන් රට මුදා ගත්තේය. එය ලොව පුරා ඇගයීමටද ලක්වී අවසානය.
දැන් ඇත්තේ ආර්ථික යුද්ධය ජය ගැන්මය. ඒ සඳහා යා යුතු මඟ දැන් හරි පැහැදිලිය. රට ගොඩ ගත හැක්කේ ස්වදේශීය ආර්ථිකයකින් නොව, විදෙස් රාජ්‍යයන්, ආයතන හා ආයෝජකයින්ගෙන්ම පමණි. අන් සියල්ලන්ටම කඩා බැසිල් රාජපක්ෂ එය මනාව අවබෝධ කොටගෙන ඇති බව පැහැදිලිව පෙනෙන්නේය.
මෑත ඉතිහාසයේ දියුණු වූ රටවල් ලෙස ගත හැකි කොරියාව ඩුබායි සිංගප්පූරුව මැලේසියාව තබා ලෝක බලවතෙකු වූ අසල්වැසි ඉන්දියාවත් දියුණු වූයේ විදෙස් විශේෂඥයින්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේය.
ඕනෑම නම් අම්මාගේ ආසාවට, කාබනික මේනියාව හා ස්වදේශීය ආර්ථිකයකත් විනෝදාංශයක් ලෙසින් කලාට මාතලන්ගේ අහිතක් ඇත්තේ නැතිය.
ඒ වගත් මෙසේය..