චිචිගේ රොකට්ටුව හා ඉන්දියන් බිත්තරේ
➖➖➖➖➖➖➖➖➖➖🚀🚀🚀🚀➖
ඉන්දියාවෙ චන්ද්‍රයාන් හඳේ දකුණට ගොඩ බෑවම. මෙහේ දකුණේ කොල්ලෙක් වෙච්චි, ච්චිගේ රොකට් එකේ ගානත් එක්ක ඒක කොම්පෙයාර් කරනවා නේ.
රාජපක්ෂලා යුද්ධයෙන් පස්සේ කරපු සුද්දේ එකසිය ගානට විවේචනය කරපු එකෙක් මාතලන්.. ඒ වගේම කරපු සමහර දේවල ධනාත්මක පැතිත් අගය කළා. ලංකාව මොඩනයිස් කරෙත් එයාලා.. ඩුප්ලිකේට් හරි.. බ්‍රැන්ඩඩ් ඒවට හුරු කළේ එයාලා..
කොහොම හරි මහින්ද විනාශ කරගත්තේ එයයි එයාගේ පවුලයි කරපු ඔය වගේ විකාර වැඩ නිසා.. ඒවා හොයන්න... 2015 අපි කඩේ ගිහින් පත්කර ගත්ත උන්... ආපු ගමන් කරේ අර යක්කු කරපු හොඳ වැඩත් නවත්තලා දාලා.... රාජපක්ෂලාට වැඩියෙන් හම්බ කර ගන්න... බොන්ඩ්ස් වලට ගේමක් දීපූ එක. එව්වා දැන් වැඩක් නෑ. අතීතයේ කතා පමණයි..
කොහොම හරි මට පෙන්නන්න ඕන.... ඉන්දියාව මේ ස්පේස් ප්‍රොජෙක්ට් එකට වියදම් කරපු කොස්ට් එක අඩු වුනේ කොහොමද කියන එක.
ඒ ගැන එලොන් මස්ක් පවා පුදුම වෙලා තිබුනා. ඒ වගේම සමහර හොලිවුඩ් ෆිල්ම් වලට ඊට වඩා වියදම් කරලා තිබුනා. ඒවා ගැන ඇමරිකාවෙත් කතා බහක් ඇති වෙලා. දැන් ඉතින් එලොන් මස්ක් පවා ඉන්දීයාවට එන්න ඉඩ තියෙනවා...
ඒකට හේතු ගනනාවක් තියෙනවා... ඉන්දියාවේ නිශ්පාදන වියදම අවම වීම.... ඉන්දියාවේ ජීවන වියදම අඩු වීම...හා... උගත් බුද්ධිමත් අයගේ ජීවිත සරළ වීම ඉන් විශේෂයි.. ඒක ඊයේ මුළු ලෝකයම දැක්කා..
ඉන්දියාවේ ස්පේස් ප්‍රෝග්‍රෑම් එකේ විශේෂඥයින්ට ලැබෙන්නේ නාසා එකේ අයට වඩා ගොඩාක් අඩු මුදලක්. ඒ කියලා ඒ මිනිස්සු ඒකට නහයෙන් අඬන්නේ නෑ. ඉන්දියාව ඇමරිකාව එක්ක කොම්පෙයාර් කරන්න යන්නේ නෑ... මොකෝ එයාලා ඉන්දියාවට මාර ආදරෙයි. ඊළඟ පරම්පරාව ගොඩ දාන එක තමයි ඔවුන්ගේ එකම පරමාර්තය. චීනයත් පරද්දලා ලොව බලවතා වීමයි ඔවුන්ගේ ටාගට් එක. හිඟන්නත් ඉන්නේ ඒ මෙන්ටලැටි එකේ.
චන්ද්‍රයාන් 2 ත් ෆේල් වුන වෙලේ මෝදී පෞද්ගලිකවම මේ පිරිස මුණගැසිලා ඔවුන් දිරිමත් කරනවා.... ඔවුන්ව සනසනවා...ඒ කරලා අවුරුදු 4 කට පස්සේ තමයි මේ ජය ලබන්නේ.
ඒක මෝදි කියන්නේ මුලු ලෝකයේම ජයග්‍රහණයක් කියලා. මේ මගින් ලබා දෙන දත්ත ඔවුන් ලෝබ නැතිව රටවල් 26 එක්ක බෙදා ගන්නවා. ඒ ලැබෙන මුදලුත් අනාගත ව්‍යාපෘතිවලටම යොමු කරනවා.
මේ සඳහා වියදම අඩු වෙන්න තවත් හේතුවක් තමා සියල්ල ඉන්දියාව තුලම නිශ්පාදනය කිරීම. ඒ සඳහා අවශ්‍ය නිශ්පාදන අමුද්‍රව්‍ය සියල්ලෙන් ඉන්දියාව පොහොසත්. අනික... සමහරු මුළු ජීවිතේම ඒ වෙනුවෙන් කැප කලත් ... ඒ වෙනුවෙන් අමතර දීමනා වරප්‍රසාද කිසිවක් ඉල්ලුවේ නෑ. සමහරු සති ගනන් මාස ගනන් ගෙදර ගිහින් නෑ... පෞද්ගලික ජීවිතයක් තිබිලා නෑ.. මෙහේ උන්, ඇමරිකාවේ උන් එහෙම නෑ. අපේ උන් නම් නිවාඩුමයි හොයන්නේ.
මෙහේ කරන්නේ ඕවට යන වියදමට අමතරව වංචා කරන මුදලත් ප්‍රොජෙක්ට් එකට එකතු වීම. මිස්ට 10% (ටෙන් පසන්ට්) කිව්වට... ගහපු ගැගිලි FCID එකට තියා, ලෝකල් ෂර්ලොක් හෝම්ස්, අනුර කුමාර දිසානායක මහත්තයටවත් හොයා ගන්න බැරි උනා. හැබයි එයාලත් එක පාරටම පාරම්පරික ධනපතීන් බවට පත් වුනා...
මේ වංචාවලට, හොරකම් වලට, දූෂණ වලට හොඳම උදාහරණය තමා බිත්තර.. නිශ්පාදන අමුද්‍රව්‍ය කිසිවක් මෙහේ නෑ... හදන්න ඕන කමකුත් නෑ... හදන්නෙත් නෑ.. ඊට ලාබයි ගේන එක...
ඉන්දියාවේ බිත්තර එහේ නිශ්පාදන වියදමත් එක්ක ... අපනයන බදුත් ගෙවලා... නැව් ගාස්තුත් ගෙවලා... රක්ෂණ මුදලුත් ගෙවලා... මෙහේ බදුත් ගෙවලා... රුපියල් 30 කට දෙන්නේ ලාබයකුත් තියාගෙන.
මෙහේ ඒ හා සම්බන්ධ ආයතන වල උනුයි බිත්තර මාෆියාවයි එකතු වෙලා රුපියල් 65 ට දීපුවා දැන් 40 යි. දැන් දෙන්නේ පාඩුවටද.. නෑ අර පාරිභෝගිකයා මරාගෙන කාපු මහා ලාබයෙන් කොටසක් අඩු වුන එක විතරයි වුනේ.
ඉතින් එහේ අඩුවෙන්නයි මෙහේ වැඩිවෙන්නයි හේතු අහන ගොබ්බයන්ට කියන්න තියෙන්නේ... මෙහේ ගොබ්බ දේශපාලුවෝ කියන දේම ඒ විදියටම වමාරන්නේ නැතිව... පොඩ්ඩක් ලෝකය ගැනත් හොයලා බලහල්ලා. ඒක දැන් හරි ලේසියි...
ලංකාව කියන්නේ ලෝකේ නෙමේ...
🛑 මේ පින්තූර ගොඩේ එක පින්තූරයක තියෙනවා ඉන්දියාව මේ වැඩේ පටන් ගත් වෙලේ ඉඳන් ගියපු ටෝටල් කොස්ට් එක.
.