ඔබට මතක නැති මට අමතක නැති
තඹුත්තේ ගමයාගේ
ඩිජිටල් සමිට්
➖➖➖➖⭕➖
නොදන්නා මළහත්තිලව් කතා කරන්නට ගොස් නා ගැනීමේ පිකාසෝලා බවට ජෙප්පෝ පත් වී බොහෝ කල් වෙනවාය....
උන් ත්රීකුණාමලෙන්, මිනිරන් ගැෆයිට් කිරීමෙන්, සල්ෆියුරික් අම්ලයෙන් රට ගොඩගන්නවා කියා.... හත්පොලේම ගාගෙන නාගෙන අවසානය. උන්ගේ බයිලා දෙවනි වන්නේ... සියල්ල දෙන බවට පොරොන්දු දෙන සක්කරයාගේ පුතා වයිමා හෙවත් පුතානෝට විතරමය.
අන්තර්ජාලේ හොග් ගාලා ගියොත් ඔක්කොම විනාසයි කියූ... ඉලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් යැයි කියූ ගං කබර හාල්පාරුවෝ... ඊයේ පෙරේදා තාජ් සමුද්‍රා හෝටලයේදී තොරතුරු තාක්ෂණවේදී වෘත්තිකයින්ගේ සමුළුවක් පවත්වා.. ඊට පැමිණි වෘතීයවේදියෙක්ගෙන්ම එම සමුළුව පට්ට ෆේල් විකාරයක් බවට අසාගෙන.... හත් පොලේ ගා ගැනිම මේ දිනවල ගෑස් ටැංකියටත් වඩා ජනප්‍රිය මාත්තුරුකාවක් වී අවසානය.
මුලින්ම කිව යුත්තේ.... මේවාට එන බෙල්ලේ පාලුවට ඔළුවක් ඇතු අමු වදකහ ගොබ්වයන්.... මේවාට පැමිණීමට කලින් තම තමන්ගේ ඔළුව හා යටි පතුල් අතගා... කුර හා අං මතු වී ඇද්දැයි සොයා බලන ලෙසටය. උපතින් ලද පර්සනල් ඉෂුස් මේ කබරයන්ගේ මීටිමකට ගියාම අහෝසි වනවාට වඩා වෙන්නේ විනාශ වීම බව දැන් හෝ වටහා ගත යුතු වන්නේය....
අනුර කුමාර නම් හද්ද ළිං මැඩි ගං කබර තඹුත්තේ ගමරාල පාර්ලිමේන්තුව ඩිජිටල්කරණයට පමණක් නොව... රාජ්‍ය අංශයේ.... ආදායම් බදු දෙපාර්තමේන්තුව... රේගුව වැනි ආයතන ඩිජිටල්කරණයට විරුද්ධව කතාකලා පමණක් නොව... තම වෘත්තීය සමිති ඊට විරුද්ධව මෙහෙයවු සතා බව අනෙක් ඩොන්කියන්ට අමතක වූවාට අපට නම් අමතක වන්නේ නැතිය.
එපමණක් නොව.... එම සමුළුවේ කතා බහට ලක් වූ ඩිජිටල් හැඳුනුම්පතට විරුද්ධ වූයේ... අපේ කුරවැසියන්ගේ ජීව දත්ත සියල්ලම ඉන්දියාව හොරා ගන්නවා යැයි කියාය. එය ඉන්දියාව නොමැතිව කලත්.... වර්ල්ඩ් වයිඩ් වෙබ් යන්නෙහි තේරුම නොදත් මෙවැනි ගං කබරුන්ට බියේ ඒවා අකුලා ගන්නා පාලකයෝද අමු ගවයන්මය.
මේ සමුළුවලට ආර්ථිකය ගැන පෙනී ඉන්න එකා ගේන්න බැරි නිසා.... ගෙනාවේ ජොස්තර නලින්ද ජයතිස්සය.... මෙලෝ අලබෝලයක් නොදන්නා ඒ යකාට කියන්න ඕනා ටික අර බුවා කිව්වේය.... මුන් සමාජයේ පිලිගැන්මක් ඇති වෛද්‍ය වෘත්තියටත් නිගාවකි.
ටැක්ස් ගැන කතා කොරන්න ගියේ.... මෙවැනි සංවාද වලදි හත්පොලේ නොව සර්වාංගයේම ගාගෙන නාගෙන හඬාගෙන පච වී යන චතුරංග අබේසිංහ මහා බුද්ධිමතානෝය. බුවාත් බ්ලා බ්ලා බ්ලැක් ෂීප් කියන්නට ගොස් වෘත්තියවේදියාගෙන් කන පැලෙන්නම අසා ගත්තේය.
මුන් නම් හද්ද ගං කබරු නිසා මේවා ගැන හිත හදාගත්තත්... ලංකාවේ ඔක්කොම පාසල් දරුවන්ට ටැබ් දෙන්න යන කොට විරුද්ධ වුනේ.... රෙන්න යන කොටත් ටැබ් එක අරගෙන යන දැන් දිලිත් එක්ක ඉස්මාර්ට් රටක් හදන්නට යන මංගොනාපිල වියතානෝ බවත් ලියා...
අෂීක්ලන්තේ ඩිජිටල්කරණ පල්හෑල්ල මෙතනින් නවතා දමනවාය.
ඒ වගත් මෙසේය......
.