.

.

May 15, 2024

ජනපතිවරණයේ ජයග්‍රාහකයා කව්ද?


 

ජනපතිවරණයේ
ජයග්‍රාහකයා කව්ද?
➖➖➖➖➖➖➖⭕


මාතලන් තවමත් සිටින්නේ ජනාධිපතිවරණයක් නොපවැත්වේය යන මතයේය. රැල්ලේ පිහිණු සාමාන්‍ය ජනයා පවා දැන් කියන්නේ... රනිල් ලොක්කාට තව වසර 5 ක් බලය ලබා දිය යුතු බවය.

ඉදිරි ජනාධිපතිවරණයේදී.... නියත ජයග්‍රහණයක් ලබන බව සජිත් ජලනි බලවේගයේ මතයය. ඒ අනුව ඔවුන් ඉදිරියෙන්ම සිටින්නේය.

කෙසේ හෝ ජනපතිවරණය පැවැත්වුවහොත්... රනිල් ලොක්කා පරදින්න නම් ඉදිරිපත් වන්නේ නැතිය. ඔහු 2005 මහින්දට පරදින්නේ ඉතා සුළු ඡන්ද ප්‍රමාණයකින්‍ය.

ඒ කියන්නේ සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්... රනිල් එන්නේ නැතිය. එහිදි ඔහුගේ ආශීර්වාදය අනුර කුමාරට හිමි වනු ඇති මුත්, ජලනි මැතිනිය ජනාධිපති ආර්‍යාව වනු ඇති අතර. නැවතත් හේමා ප්‍රේමදාස හා ශිරන්ති රාජපක්ෂ පන්නයේ විගඩම් රැසක්.... ජනතාවට දැකගැනීමේ වාසනාව හිමිවනු ඇත්තේය.

එමෙන්ම සජිත්ගේ සහාය රනිල්ට ලැබුනහොත් අන් පක්ෂ සියල්ලේම සහාය රනිල්ට හිමි වනු ඇති අතර.... පොහොට්ටුවෙන් මොකෙක් හෝ ඉදිරිපත් කරණු ඇත්තේය. එහිදි පෝට්ටුවේ බුලට් සියල්ල රනිල් හා එකතු වනු ඇති අතර... එය පොහොට්ටුවේ අවසානය වනු ඇත්තේය, එජාපයට අත් වූ ඉරණමම එයටද උරුම වනු ඇත.

සජබ හැර පොහොට්ටුවේ හා අනෙකුත් පක්ෂ සියල්ලේම සහාය ඇතිව.... රනිල් සජිත් හා අනුර චන්දයට ඉදිරිපත් වුවහොත් සුළු ජාතිකයින්ගේ පක්ෂ වල සහාය ලබා ගන්නා සජිත් හෝ රනිල් ජයගනු ඇත්තේය.

කෙසේ හෝ කිසිඳු පක්ෂයකට තනිව තරඟ කොට ජයගැනීමේ ශක්තියක් නැති අතර.... වැඩිම පක්ෂ ප්‍රමාණයක සහාය ලබා ගන්නා අපේක්ෂකයා අනිවාර්‍යයෙන් ජය ගනු ඇත්තේය.

ඒ අනුව ජාතික ජන බලවේගය නමින් ජනතාව අනාට ගොන්දාගෙන බයිලා ගසමින් රට වනසන වැඩ වර්ජන කරමින් සංවර්ධනයට අකුල් හෙලමින් ගෝත්‍රික දේශපාලනයක යන ජනතා විමුක්ති පෙරමුණට.... කිසිඳු අයුරකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිමේ කිසිඳු අවස්ථාවක් ඇත්තේ නැති අතර... එය ලබා ගන්න උපරිම ප්‍රතිශතය 18% වනු ඇත්තේය.

ඒ වගත් මෙසේය....

May 9, 2024

ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම මන්ත්‍රිවරියකි...... (මේ රටට ආයේ එන්න කිව්වට , දහස් වරක් හිතලා වරෙල්ලා....)


ඩයනා ගමගේ

පාර්ලිමේන්තුවේ සිටිය යුතුම

මන්ත්‍රිවරියකි......

(මේ රටට ආයේ එන්න කිව්වට ,

දහස් වරක් හිතලා වරෙල්ලා....)

➖➖➖➖➖➖➖➖➖➖➖⭕


ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ සිටිය නොයුතු මන්ත්‍රිවරියක් බව උසාවියෙන් තීරණය කළා...  ඒ පවතින නීතිය අනුව..

ඒ ගැන විවාදයක් නෑ... මොකෝ මේ තීන්දුව ගීතා කුමාරසිංහටත් ලැබුනා. ඉතින් ඩයනටත් තියෙන්නේ...  ගීතා කළ දේ කරන්න විතරයි.


අපි බලන්න ඕන ඩයනට ඇයි මෙහෙම වුනේ කියලා.. ඩයනා අදත් සජිත්ට කඩේ ගියා නම්... එයාලත් එක්කම උන්නා නම්... අදත් එයා පාර්ලිමේන්තුවේ... හැබයි එයා ඉන්න ඕන විපක්ෂයේ නෙමෙයි ආන්ඩු පක්ෂයේ කියලා... එයා මේ කෙටි කාළයේ භාවිතයෙන්ම පෙන්නුවා.


හැබයි... එයා පාර්ලිමේන්තුවේ ඉන්න එක... පාර්ලිමේන්තුවේ ඉන්න බිජු හීනතාවයෙන් යුත් පිරිමින්ට ළොකු අවුලක් බව තීන්දුවට පසුදා කසිප්පුවා මෙන්ම කතානායකත් පෙන්නුවා. 


ඌ කිව්වේ... ඒක පාර්ලිමේන්තුවට මෙන්ම කතානායකටත් විශේෂ සහනයක් කියලා. කතානායකත් හිනා වෙලා ඒක අනුමත කලා. ඔව් බිජු හීනතාවයෙන් යුත් තොපි වගේ උන්ට ඒක විශාල සහනයක් වුනාට, සිස්ටම් චේන්ජ් ඉල්ලන මිනිස්සුන්ට ඒක විශාල පාඩුවක්.


පාර්ලිමේන්තුවේ එක පිරිමියෙක් කතා කළේ නෑ ඩයනා වෙනුවෙන්. උන්ගේ තියරිය අනුව පාර්ලිමේන්තුවේ ඉන්න ඕනත් උන්ගේ ගෑණූ වගේ... සාම්ප්‍රදායික ගෑණු. පාර්ලිමේන්තුවේ ලොබියෙදි උන් කියන හැම කුණුහබ්බෙටම  ඔළුව නමාගෙන ගිහින්... පස්සේ කතානායක ළඟ අඬන ගෑණූ. හැබයි ඉතින් කතානායකත් ඉන්නේ උන්ගේ බෝට්ටුවේ. නිතිය හදන තැන ඉන්න උන්ගේ තත්වේ ඒක නම්... ඉතින්.... උන් හදන නීතී ගැනත් හිතා ගත්ත හැකි නේ.


වම්බොට්ටා...  කවිරත්නට අපහාස කළ වෙලේ නහින්න හදපු නලීන් බන්ඩාර... අනිත් පැත්තට... ඩයනට පාර්ලිමේන්තුවේ ලොබියෙදි ගහපු එක සදාරනීකරණය කරන්නේ ඒ නිසා... 


මහ ළොකුවට කාන්තාවෝ පාර්ලිමේන්තු එන්න ඕන කිව්වට කතානායකගෙ ඉඳලා බිජු හීනතාවයෙන් යුත් හැම එකාටම ඕන සාම්ප්‍රදායික ගෑණූ.


එතනින් එහාට... ලංකාව ලෝකෙට ගෙනියන්න... කංසා වවලා ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් කියන... සංචාරකයින්ට නයිට් ලයිෆ් දාන්න ඕන කියන..., ගල් බෝතලේ අඩු කලාම මිනිස්සු කසිප්පු බොන්නේ නෑ කියන... විප්ලවීය මොඩර්න් ගෑණු... උන්ට අනුව පාර්ලිමේන්තුවේ සිටිය නොයුතු... කරදරකාර... වනචර... නොහොබිනා... නොහැදිච්ච ගෑණූ.


දැන් ඩයනා අදින ගේමත් මරු... 

හොරකම වංචාව අල්ලස ප්‍රතික්ෂේප කරන සජිත් ප්‍රේමදාසලා පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ පුරවැසිභාවයවත් නැති කෙනෙක්ගේ පක්ෂය සල්ලි වලට අරගෙන. එතනම වැරදි දෙකක්.. එතකොට ඩයනාට ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයක් දීම පට්ට අල්ලසක්. 

මේවට අධිකරණය දෙන තීන්දු මොනවද කියලා බලාන ඉන්න එකත්... පට්ට ආතල් එකක්.


ඒක කෙසේ වෙතත් ඩයනා හිරේ දාන්න තමා මේ බිජු හීනතාවයෙන් යුත් පුරුෂාධිපත්‍ය රජකරන ආයතන වල ඉන්න හැම එකාම දැන් වලි කන්නේ. 


ඒ අස්සේ මාතලන්ට තියෙන විශාල ප්‍රශ්ණයක් තමා... 


▪️විදේශ වල ඉන්න වෘත්තිකයින්ගේ සේවය රටට ලබා දෙන්න නැවත එන්න...

▪️ඔවුන්ගේ මුදල් රටේ ආයෝජනය කරන්න එන්න.

▪️ව්‍යාපර ලංකාවේ ආරම්බ කරන්න එන්න.

▪️හම්බ කරන එකෙන් වැඩිපුර ඩොලර් 500 ක් එවන්න.. 


කියලා ආරාධනා කරලා. ඒ කතා අහලා ලංකාවට එන උන්ට නීතියෙන් අත්වෙන ඉරණම මේක නම්...


එහෙම එන උන්ට අන්තීමට ඒ රටයි... උපන් රටයි... හරි හම්බ කර ගත්ත දේයි... ඔක්කෝම නැති කර ගන්න එක නම් වෙන්නේ.


එහෙම එන්න හිතාගෙන ඉන්න එකෙක් ඉන්නෝ නම්... මෙහේ එන්න කලින්.... දෙපාරක් නෙමේ දහස් වාරයක් හිතලා බලලා වරෙල්ලා..


මොකෝ.... මේක වැඩක් පුලුවන් එකාට, යමක් කාමක් පුලුවන් එකාට... ෆුක නැතිවෙන්නම අරින පිස්සෝ රැලක් හා ආයතන තියෙන පට්ට ගෝත්‍රික රටක් නිසා...


උන් එකෙක්ටවත් තේරෙන්නේ නෑ... උන් ඔක්කෝම ජීවත් වෙන්නේ උඹලා ෆුක ඉරාගෙන නොකා නොබී ඉතිරි කරගෙන එවන දෙයින් කියලා. මේ රටේ ප්‍රධාන ආදායම විදෙස් ඩයස්පෝරාව හා විදෙස් ශ්‍රමිකයින්‍ය කියලා.


මේ රට විස්තර මෙව්වා

අහගෙන හිතට ගනිල්ලා

දෙවරක් හිතලා බලලා

එන්නලා හිතලා ඔහෙලා...//


.

 

May 5, 2024

ලාල්ගේ කතාව පට්ට සීරියස් ගත යුතුය.


 

ලාල්ගේ කතාව

පට්ට සීරියස් ගත යුතුය.

➖➖➖➖➖➖➖➖⭕


ජාතික ජන බලවේගය යන බැටළු හමට මුවා වී දේශපාලනයේ යෙදෙන.... ජනතා විමුක්ති පෙරමුණ නම් තනි දේශපාලන බලවේගයට රටේ බලය ගියහොත්... එය ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම බව මාතලන් ලියන්නේ බොහෝ කලකට පෙර සිටය. ඔවුන්ද දේශපාලනය කළ යුතුය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ඔවුන්ට තවම හුරු නැතිය.


ඔවුන්, ඔවුන්ට වඩාත් හොඳින් ගැලපෙන 56 බයියන් සමඟ කීප විටක්ම එක්ව මැතිවරණ වලට ඉදිරිපත් වූයේ... එම පක්ෂයේ බලය තමන් වෙත ලබාගැන්මට මිස... වෙන කිසිවකට නොවේය. විමල්ගේ නැත්ත වෙනුවට ඇත්ත පොත මීට සාක්ෂි දරන්නේය.


මේ බව තේරුම් ගත් මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ හරහා ජවිපේ දෙකඩ කළේ ඔහුට මේ ගැන හොඳ වැටහීමක් තිබුන නිසාය. කෙසේ හෝ... චන්ද්‍රිකා ජවිපේ හා දීග කෑ සමයේ, මහින්ද හා ජවිපේ අතර කිසිම ඇයි හොදයියක් නොතිබූ බව කවුරුත් දන්නා රහසකිය. මහින්දට ජනාධිපති අපේක්ෂකත්වය ලැබුන පසු... ජවිපේ හා සංධානගතවීම සිඳුකළේ මංගල සමරවීර හා මෛත්‍රීපාල සිරිසේන උන්නැහේලාය.


එහෙත් මහින්ද බලයට පැමිණි පසු එය රාජපක්ෂ පවුලේ බූදලයක් වූ අතර, ජවිපේ මෙන්ම බන්ඩාරනායකවරුන්ද, මංගල සමරවීරලාද, සිරිසේනලාද, සිරිපාලලාද නිකන්ම නිකන් හාල් කෑලී බවට පත් වුනේය.


ලාල් කාන්ත කියන්නේ අර ගමේ ලස්සනම ලේලී අපෙ අම්මගෙ ලේලී කියන්නා වගේ.... ජවිපේ ඉන්නා අවංකම ජේවීපී කාරයා බව ඕනැම එකෙක් පිලිගන්නා කරුණකිය. ලාල් කන බොන වගේම අනෙක් වැඩවලටත් ලෝස් බෝස් නැති හිත හොඳ කොල්ලාය. ලාල් දෙබිඩ්ඩෙක් නොවේය. ලාල් කියන්නේ ඇත්තය. 88/89 ඒවා... එයාලා කළ බව සියල්ලන්ටම කලින් පිලිගත්තේ උන්නැහේය. ඒ ඔහු ළඟ බොරුව නැති නිසාය.


ලාල් සඕදරයා ජවිපේ දේශපාලන බල මණ්ඩලයේද ප්‍රභල සාමාජිකයෙකිය. එතකොට ලාල් සඕදරයාගේ මෙන්ම දේශපාලන බල මණ්ඩලයේ ඉන්න අනෙක් සාමාජිකයින්ගේ ප්‍රකාෂයන් අප සුළුකොට තැකිය යුතු නැති අතර, ඒවා අප බාර ගත යුත්තේ බරපතල ප්‍රකාෂ ලෙසය.


මැයි පළමු වෙනිදා ලාල් සඕදරයාගේ ප්‍රකාෂයන් පට්ට සීරියස් ප්‍රකාෂණයන් වෙන්නේ මෙනිසාමය.


එයා කියන්නේ මේ රටේ පරමාධිපත්‍ය බලය ඇත්තේ ජනතාවටෙයි කියා කීවාට... ඒක නිසි ලෙස ක්‍රියාත්මක නොවනා බවය. එනම් ජනතාවගේ පරමාධිපත්‍ය නියෝජනය කරන ආයතනයන් වන විධායකය, ව්‍යවස්ථාදායකය මෙන්ම අධිකරණය එය අපයෝජනය කරනා බවය.


ටිරාන් අලස්ගේ ප්‍රකාෂ වලට ලියුම් පිට ලියුම් ලියා ජිනීවා යනවා යැයි කියනා නීතීඥ සංගමයට මේවා පේන්නේ ඇහෙන්නේ නැත්තේ... උන්නැහේලාත් මේකේ කොටස් කාරයෝ හේතුවෙන්දැයි කියා අප දන්නේ නැතිය.


ඔහුට මෙන්ම... එසේ සිතනා සෑම එකෙකුටම එසේ සිතෙන්නේ... අප කැමති තීන්දූ තීරණ මෙන්ම... අප කැමති නීතී රීතී හා දඩුවම් එම ආයතන වලින් නොලැබෙන නිසාය. එහෙත් ලාල්ට මෙන්ම මේ මතයේ ඉන්නා හැම එකාම නොදන්නා දේ නම්, මේ ආයතන ලෝක සම්මත නීතී රීතී අනුවද ක්‍රියාත්මක විය යුතු බවය.


එහෙත් ලාල් කාන්ත කියන්නේ මේ සිස්ටම් එක හරියන්නේ නෑ කියලාය. ඒ අනුව 


▪️වරදකරුවන් මොකාද යන්න තීරණය කිරීම

▪️නඩු ඇසීම

▪️තීන්දූ හා දඬුවම් දීම


යන ලෝක සම්මත නීතී ක්‍රියාත්මක කරනායතන වන පොලීසීය... පාර්ලිමේන්තුව... උසාවීය... අධිකරණ.. හා බන්ධනාගාර තව දුරටත් අත්‍යාවශ්‍ය නොවනාතර.....


රටේ නීතිය වන්නේ 88/89 කළාක් මෙන්... නඩු ඇසීමකින් තොරව.. ගමේ ජනතාව විසින් ගන්නා තීන්දු තීරණ ප්‍රකාරව... වරදකරුවන්ගේ නිවෙස් වලට පැන ඔවුන් කුදලාගෙන ගොස්... බෙල්ල කපා වැටේ ගසා මිනීය දනිහෙන් පහළ ගෙන ගොස් වල දැමීම.... රටේ නීතිය වන බවය.


අපටත් මෙම උසාවිවල රැකියාවක් ලබාගෙන ජීවත් වීමේ අවස්ථාවක් නැති බව අප අවබෝධ කරගෙන ඇත්තේ, අපටද අත්වන්නේ ඒ ඉරණමම බව.... දැනටමත් ලාල් අයියාගේ හා චතුරංග අබේසිංහගේ අනුගාමිකයින් විසින් තීන්දු කර... කොමෙන්ට්ස් ලෙසින් අප වෙත දැනටමත් ප්‍රකාෂ කර ඇති බැවිනි. 


ඊට හේතුව වන්නේ අප ඔවුන්ගේ පක්ෂයේ මතයන්ට එරෙහි දේශපාලනයක නිරත වීමය. ඒ අනුව ලාල් සඕදරයා කියන්නැහේ.... බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන්නට බැරිය. කොහොමත් එයාලා ආවාම පාර්ලිමේන්තුව විසුරුවා හැර ඔවුන්ගේ පාලනයක් ගෙනයන බව කියනවා මිසක. නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන සඳගනක් ඇත්තේම නැතිය.


කොහිමත් ඒ සර්වජන චන්ද බලයේ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේද අවසානයය. ඔවුන් පට්ට සමාජවාදීන් බවත් ඔවුන් විසින් ගෙනයන්නේ සමාජවාදී පාලනයක් බවත් ටිල්වින් සිල්වා සඕදරයා සපත කොට අවසානය.


එබැවින් අනුර කුමාරයා බලයට පැමිණි විගස පාර්ලිමේන්තුව විසිරුවා හැර.... මුන්නැහේලා නටන්නට යන්නේ... 1977 ජේ ආර් බලයට පැමිණ පොලීසියට සතියක් නිවාඩූ දී සහ... 1983 කළ ජාතිවාදී සංහාරයන් වලින් ඉදිරියට ගොස්,


පොලීසියට පමණක් නොව... උසාවි හා අධිකරණ සම්පූර්ණයෙන්ම වසා දමා.... 1988/89 ජවිපේ අධිකරණ ක්‍රියාදාමය රජකරනා... පොල්පොට් පාලනයක් බව... ඒකාන්තයෙන්ම විශ්වාසය.


එවන් පාලනයකට ජනතාව හා අනෙකුත් දේශපාලන පක්ෂවල හාල්පාරුවෝද කැමති නම්, අපට කරන්නට දෙයක් ඇත්තේත් නැතිය.


ඒ වගත් මෙසේය.....

.

May 2, 2024

නලීන් ද සිල්වා නම් මහා ප්‍රාඥයා උතුම් වූ බෝධියකින් නිවන් යෑම



 

නලීන් ද සිල්වා නම් මහා ප්‍රාඥයා
උතුම් වූ බෝධියකින් නිවන් යෑම
➖➖➖➖➖➖➖➖➖➖➖⭕

නලීන් ද සිල්වගෙ මතවාදයක් හෝ දර්ශණවාදයක් කියලා සුවිශේෂී එකක් තිබුනේ නෑ.. එයා ප්‍රාමාණික උගතෙක් නිසා... එයාට විරුද්ධ ඇකඩිමික් පොරවල් පවා.... එයා එහෙම කෙනෙක් කියලා පෙන්වන්න උත්සාහ කළා. හේතුව ඔහු විස්ස විජ්ජාල ආචාර්‍යවරයෙක් වීම.
ඒ කියන්නේ ලංකාවේ විශ්ව විජ්ජාලවලින් බුද්ධිමතුන් බිහි නොවනා නිසා මුන්නැහේට හෝ ඒ තත්වය ආරුඩ කර දී සතුටු වෙන්න.

උන්නැහේ ඇවිල්ලා දේශීය නිදහස් අධ්‍යාපනයෙන් හා රෑ 10 වෙනකන් ඉර පායලා තියෙන රටෙන් ලබාගත් විශයානුබද්ද දැණීම් පද්දතිය පැත්තකින් තියලා.. නැෂනල් අඳින 56 බයියොන්‍ට එකතු වුනා. ඒ බයි සෙට්ටෙක ලීඩ් කලේ ගුණදාස අමරසේකරලා, හරිස්චන්ද්‍ර විජේතුංගලා,  සූරිය ගුණසේකරලා.. ඒත් ඔවුන් උපාධිකාරයෝ වුනත් කැම්පස් ගුරාලා නෙමෙයි. ඊට පස්සේ ගණුදෙණු කළේ ගෝඩ් නාථ සමඟ.

පසුකාළිනව මේ සියල්ලෝම. බයියන්ගේ රජ දහන වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි මුදුන් මල්කඩ වන සාටකේ එල්ලුනා.

හැබයි මහින්ද ඔය එකෙක්වත් ගනන් ගත්තේ නෑ. මේ සෙට්ටෙක නෙමේ, මල්වතු  අස්ගිරිත් මහින්දට එහෙයි හාමුදරුවනේ කිව්වා... මහින්ද ඔය හැම එකාගෙන්ම ගන්න ඕන දේ ගත්තා මිසක්... එයාලට ඕන දේවල් කරන්න ගියේ නෑ. එයා කළේ ශිරන්තිටයි දරුවන්‍ටයි ඕන දේවල් විතරයි. දළඳා වැන්දෙත් ලැම්බෝගිනි වට වන්දනා කරලා. රශියන් කෑලී නටවලා.

ඔය නලීන් ද සිල්වා කලාය කියන චින්තන විප්ලවයට වඩා විශාල දායකත්වයක් ඒ මතවාදය හා චින්තනය වෙනුවෙන් විජේවීර, විමල් වීරවංශ, පාඨලී, සෝම හාමුදුරුවෝ වගේම නානසාර සාධුලා කලා.

දැන් මහින්ද මහත්තයා තල්ලු ඉස්ටාට් එකෙන් යන අස්සේ... නලීන් ද සිල්වා නිවන් පුර වැඩියාම... සිහළ බෞද්ධ බලවේගය අවසන් කියලා ආතල් ගන්න බෞතීස්මවාදීන්ට මට නම් කියන්න තියෙන්නේ...

ඔයාලා මහා බලවේග කියලා උඩදාපූ අය නැති වුනා කියලා... ඒ බලවේගය එහෙම නැති කරන්න නම් ලේසී වෙන්නේ නෑ කියනෙක විතරයි. ඒක තියෙන්නේ ඇකඩමික් සුලුතරයේ අතරේ නෙමෙයි.. කැළණි නයා වඳින සාමාන්‍ය ජනතාව අතරේ. ඒ අස්සේ ඇකඩමික් ඒවුනුත් ඉන්නෙක වෙනම කතාවක්.

ඔය නලීන් ද සිල්වත්, රොහාන් පෙරේරා වගේම සමාජ මාධ්‍ය ඇතුලේ ඉතා කුඩා කල්ට් මේන්ටේන් කළ සිප්පි කෑලී විතරයි..  එයාලා මහා සමාජයට කරපු ලබ්බක් ඇත්තේ නෑ. ඒක... ප්‍රධාන මාධ්‍ය දිහා බැලුවාම ඉතා පැහැදිලියි.

අනික් ලස්සනම දේ තමා .... අනුන්ගේ දරුවෝ දේශීයකරණය කරන්න හදපු රෙද්ද අස්සේ මහත්තයා.... බටහිර රටක ජීවත්වෙන තම දරුවන් ළඟ නිවන් දැකීම. ඉදින් මොවුන්ගේ දෙබිඩි ජීවිතේ අවසානයේ හෝ හෙලිවෙනවා...

කරුමේ කියන්නේ නිවන් දකින්න තරම් උතුම් බෝධියක් ඇමරිකාවේ තියෙනවද කියනෙක.

අනික ඉතින් ශ්‍රී මහ බෝධිය ළඟ වුනත් නිවන් දකින්න බයයි නේ. මොකෝ ඔතන ඩ්‍රින්ක් එකක් දාන ඩබ්ලිව් ජයසිරි ලොක්කා  නිවන් යන්න ඔන්න මෙන්න තියෙද්දි... නලියා මචං මේ ෂොට් එකත් දාලා පලයන් කිව්වොත් නිවන් ගිහින් හමාරයි නේ .

ඇත්තටම මේවා පට්ටම ආතල් කේස් ඕයි...

මම මේ රටට... මගේ පණටත් වඩා ආදරේ මේ නිසාමයි.

නොවේ මෙවන් ආතල් රටක් ලොවේ...

නිවන් පැතු ඔබට..

නිවන් සුවයම ලැබේවා...!!!!


➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
.

නලීන් ද සිල්වා
➖➖➖➖⭕

රූපවාහිනී විවාදයන් තුල දත් මිටි කකා තම ප්‍රතිවාදියාට දරුණු ලෙස ප්‍රහාරය එල්ල කරන දෙදෙනෙක් උන්නා...

එක්කෙනෙක් නලීන් ද සිල්වා... අනිකා පාඨලී චම්පික රණවක... දෙන්නම පට්ට ජාතිවාදීන්... හැබයි ඔවුන්ගේ කතා බහ නීරස වුනේ නෑ... ඊටාමතරව නලීන් ඩි සිල්වා දේව මණ්ඩලය එක්කත් සබඳතා තිබුන කෙනෙක්....

හැබයි එයා බටහිර විද්‍යාවට පහර ගැහුවෙත්... ඒවාත් දේව සංකල්පම... විජ්ජාත්මක මත ලෙස ඉදිරිපත් කිරීම් කියලා....

උන්නැහේ ගැන ඒ කාළේ ජෝර්ජ් කාලීන්ට වගේ තිබුන යම් කිසි ගෛරවයක් තිබ්බා නම්.... මේ නාථ දේව මණ්ඩල වැඩෙන් අවුට් ගියා. උන්නැහේ ජෝක් එකක් වුනා..

ඒ බටහිර විජ්ජාව ඉස්මුදුනින් පිලිගන්න අය අතරේ... හැබයි ඔහුගේ ගණිතය පිළිබඳ තිබුන දැණීමට අභියෝග කරන්න කිසිවෙක් ඉදිරිපත් වුනෙත් නෑ..... කිසිවෙක් මේ වනතෙක් බිහිවෙලාත් නෑ.

එයාට කින්ඩි දාපූ අය... නාථ දෙයියන්ටත් කින්ඩිය දැම්මට... බිග් බැන්ග් තියරි, බ්ලැක් හොල් තියරි, ගැලක්සීස වගේම පරිනාමවාදයත් කිසි අවුලක් නැතිව හිස් මුදුනින් පිලිගන්නේ.....

දැන් ඔය ඇමරිකාවේ ලස් වේගාස් වල ඒරියා 51 වල පිටසක්වල ජිවීන් එක්ක ගණුදෙනු සිඳු වෙනවය... ටෙක්නොලජි ගොඩක් එන්නේ ඒ හරහාය කියලත් ඒ අයම කියනවා නේ...

ඉතින් ඒ වගේ... අනාගතේ දවසක... නාථ එක්ක කොමියුනිකේට් කරන්න පුලුවන් වුනොත්... ආයේ නලීන් ද සිල්වා ගැන... චන්න ජයසුමනලා වගේ අය ගැන නැවත කතාවෙයි.. එයාලත් විශ්වය එක්ක ගණුදෙණු තිබුන අය බව හෙලිවෙයි.

කෙසේ හෝ උන්නැහේ යන බවට ඉඟියකුත් ඊයේ දීලා තිබුනා... දැන් එයාගේ ගෝලයන්ට තියෙන්නේ
... හැකි ඉක්මනින් මේ දේව මණ්ඩලය සමඟ පවතින සබඳතා තුලින් ඔහු දරූ මතයන් නිවැරදි බවට සනාත කිරීම..

සුබ ගමන්
නලීන් ඩි සිල්වා....

.