මාතලන් නෙළුම් යායට නාවේ ඇයි කියා, බොහෝ අය එක එක ක්‍රමවලින් අහනවාය. සමහරුන් නාපු එක ගැන දුක් වන අතරේ, සමහරක් සතුටු වෙනවාය. මාතලන් හා "අටමා" බ්ලොග් උළෙලක සිටිය යුතුය කියා, මෙවර සම්මාණලාභී තරිඳු උඩුවරගෙදර ලියලා තිබුනේය. මාතලන් නම් කිව්වේ, බ්ලොග්, අටමාගෙවත්, උගේවත්, මගේවත් නොවන නිසා, ඕනා එකෙක් ඕනා බඩකඩිත්තුවක් කොර ගත්තාට, මගේ නම් අවුලක් ඇත්තේ නැත කියාය. අටමා සිතන්නේද එසේම විය යුතුය.
එසේම විය යුතුය කියා කීවේ, මාතලන් මේ ගැන තාම අටමාගෙන් ඒ ගැන නොවිමසු නිසාය. කිසිවක් කොරන්නට වෙලාවක් ඇත්තේ නැතිය. එහෙත් ප්‍රාණ සමානා බ්ලොග් කෙරුවාව නිසා ඇති කරගත් හිතවතුන් වෙනුවෙන්, මේ ගැන මක්කා හෝ ලියා තැබිය යුතුය කියා සිතුනේය. ඒ හේතුවෙන් මාතලන් අහනා ප්‍රශ්ණ වලට මාතලන්ම පිළිතුරු දෙනවාය..