ඩොලරය සීඝ්‍රයෙන් පහළ යාම පාලනයට
මහ බැංකුව මැදිහත් වූයේ ඇයි?
➖➖➖➖➖➖➖➖➖➖⭕➖
(මාතලන්ගෙන් අති සරළ ඉකොනමික්ස්)
.
දැන් නන්දලාල් වීරසිංහ කියනවා ඩොලර් එක තවත් පහළට යන්න දෙන්නේ නැතිව නවත්තනවලු..
ඇත්තටම මහ බැංකුව මේක නැවැත්තුවේ නැත්නම්, ඩොලර් එක අර ඝෝඨා කියන ටයිල් බාස් එනකොට තිබුන ගානටම යන්න ඉඩ තියෙනවා..
මේ රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුව වුනේ ආනයන අපනයන වෙළඳාම මත දුවපු රටක,එක අංශයක්, එනම් ආනයන.. ඒ කියන්නේ පිටරටින් බඩු ගෙන එක, එකපාරටම නවත්තලා දාපු එක.
එහෙන නැවැත්තුවේ.... ටයිල් බාස් එකපාරටම යනවා 1970 -77 සංවෘත ආර්ථික ක්‍රමයට. ඒ කියන්නේ කාර් එක පවා මෙහේ හදනවා, ඇපල් මෙහේ හදනවා, හැම් බේකන් චීස් බටර් මෙහේ හදනවා.. හැබයි මේ පන් ගොකයට ඒ සඳහා කිසි වැඩපිලිවෙලක් තිබ්බේ නෑ.
පාදෙනියයි, පීබීයයි, රතනයයි, දිලිතයයි, ගොඩහෑවයි දුන්න ළණුව අඹරගෙනම කෑවා. ඌ දන්න ඉකොනමියක් තියෙයිය. ඕකට හරියට වෙඩි තියන්නවත් පුලුවන්ද මන්දා.
මූ කෘෂිකර්මාන්තයෙන් රට ගොඩගන්න යන්නේ කාබනික පෝර දාලා. ඒවා හොඳ වැඩ. ඒ කියලා රසායනික පෝරයි කෘමිනාශකයි ගේනෙකත් එක පාරම නවත්තනවා. හැබයි වවන්න පෝරත් නෑ මැස්සන්ට ගහන්න බේතුත් නෑ. මූ රෙණ ගොම දාන්නත් බෑ.
එතකොට සමහර මිනිස්සු ස්වයං රැකියාවක් ලෙස කරලා හොඳට කාලා බීලා ජීවත් වෙච්චී..., වාහනයක් ගෙනත් විකුණන, දීපව්‍යාප්ත බිස්නස් එකක් වෙච්චි, කාර් සේල් එක සම්පූර්ණයෙන්ම නවත්තලා දානවා. මුන් දන්නේ නෑ ඒකත් එක්කයි සමස්ත බිස්නස් ජාලයම සම්බන්ධ වෙලා තිබ්බේ කියලා.
මූ මේවා පී බී කියන ආර්ථික ඝාතකයා එක්ක එකතුවෙලා කරන්නේ, ඒ මදිවට, උන් තීරණය කරණවා මින් පස්සේ ණය ගන්නේ නෑ කියලා.
මේ මූසලයෝ දෙන්නා දන්නේ නෑ, අද මුලු ලෝකයම දුවන්නේ රෝලෙන් කියලා. හැබයි උන්ට ඒ තීරණය ගන්න ඊට හේතුවකුත් තිබුනා. ඊට කලින් උන්න ආන්ඩුවේ ගොබ්බයෝ ණය අරගෙන මෙලෝ මඟුලක් නොකර, කරපු එකම දේ කන බොන එක විතරක් නිසා.
ඒක නිකං අර වඳුරෝ ගෙවල් හදන්නේ නෑ වගේ කේස් එකක්. උන් වැස්ස නැති කාළෙට කකා බිබි හැමිනිලා ආතල් අරන්, වැස්ස කාලෙට හාල්පාරුවෝ වගේ තෙමි තෙමී ඉන්නවා. දැක්කාම දුකේ බෑ.
එතන අමු ගොබ්බ තීරණ එකක් නෙමේ දෙකක්ම ගන්නවා. ඒ ආනයන වෙළදාම තහනම හා ණය නොගැනීමේ තීරණය. ඒකෙන් රටේ බිස්නස් ජාලය සම්පූර්ණයෙන්ම වැටෙනවා. ණය ගෙවන්න නෙමේ, ඉන්ධන, ගෑස්, බෙහෙත් ගේන්නවත් සල්ලි නැති වෙනවා.
හේතුව ණයක් එන්නෙත් නෑ. වාහනවලට හා රටින් ගේන බඩුවලට ගහපු කන පැලෙන බදු ආදායම එන්නෙත් නෑ. භාන්ඩාගාරේ හිස් වෙනවා. ආන්ඩුවේ හිඟන්නන්ට පඩි ගෙවන්නවත් සල්ලි නෑ. ඒ පාර සල්ලි අලුතෙන් අච්චු ගහනවා. ඒකෙන් රුපියලේ වටිනාකමක් නැතුව ගිහින් රුපියල බාල්දු වෙනවා.
ඒ කියන්නේ රුපියල හරියට ඔය ඩෙනිම් වගේ වෙනවා. ඉස්සර ඩෙනිමක් හොයා ගන්න තිබ්බේ නැතත්, දැන් බාල ඒවා හරි හිඟන්නොත් ගහනවා. ඉස්සර සුදු කෑල්ලක් දකින්න කොළඹ හෝ නුවර යන්න වුනාට, දැන් සිරිපුරත් සුදු කෑලී ඉන්නවා වගේ.
ඒ කරලා විදෙස් සංචිත රැස්කරන්න පෞද්ගලික බැංකුවල තියෙන ඩොලර් ටික ඔක්කොම මහ බැංකුවට ගන්නවා.
එතකොට මොකද වෙන්නේ. මිනිස්සුන්ට ගෙන්නන්න පුලුවන් බඩුවක් හරි රටින් ගෙන්නගන්න ප්‍රයිවට් බැන්කුවලත් ඩොලර් නෑ. "එල් සී" ඕපන් කරන්න බෑ. ඒ කියන්නේ ණයවර ලිපි. අජ්ජාපනේ සඳහා පිටරට ගිහින් ඉන්න දරුවෙකුට සල්ලි ටිකක් යවා ගන්න විදියක් නෑ.
ඔන්න දැන් මහ බැංකුවේ ගොබ්සන්ස්ලට තේරෙනවා මෙහෙම හිරකරගෙන උන්නොත් මැරෙන්නයි වෙන්නේ කියලා. පෞද්ගලික බැංකුවලට එන ඩොලර් ප්‍රමාණය බලෙන් ගත්තු කොටස කෙමෙන් කෙමෙන් අඩු කරනවා.
දැන් බිස්නස් කාරයන්ට බිස්නස් කරන්න බඩු ගෙන්න ගන්න ණයවර ලිපි ඕපන් කර ගන්න ඩොලර් තියෙනවා. දරුවන්ට රට යවන්න ඩොලර් තියෙනවා. පොඩි බිස්නස් එකක් කරන එකෙකුට රට අරගෙන යන්න ඩොලර් තියෙනවා. කොටින්ම ක්‍රෙඩ්ට් කාඩ් එකේ වියදම් කරන්න පුලුවන් ප්‍රමාණයත් වැඩි වෙලා.
එතකොට දැන් ඒ ඩොලර් එක්ක ගණුදෙණු වෙන්නේ මිනිස්සු ගාව තිබුන මුදල්. ඒවා මිනිස්සු හරිහම්බ කරගත්ත මුදල් මිසක් අච්චු ගගපුවා නෙමෙයි. එතකොට දැන් නියම මුදල් සංසරණයක් සිද්ද වෙනවා. ආර්ථිකය සුපුරුදු පැවති තත්වයට කෙමෙන් කෙමෙන් එනවා.
දැන් මහබැංකුවේ ගොබ්සන්ලා මෙහෙම සල්ලි අච්චු ගහ ගහා ගත්ත ඩොලර් ගැනීමේ ප්‍රතිශතය 25% දක්වා අඩු කරලා තියෙනවා . ඒ කියන්නේ 75% නියම ගණුදෙණු වලට යොමු වෙනවා.
හරි නම් මහබැංකුව කරන්න ඕන බිස්නස් වලට කෙලින්නේ නැතිව පැත්තකට වෙලා ඉන්න එක.
මේ රට හිඟන රටක් නෙමෙයි. මිනිස්සු ජපනගෙ වාහනේ මෙහේ පාරට දැම්මේ 200% - 300% බදු ගෙවලා. ත්‍රී විලර් එක මෝටර් සයිකලේ ගත්තෙත්, භාන්ඩාගාරයට පත බදු ගෙවලා. ඇපල් ඉඳලා, හැම් බේකන් චීස් බටර් උඩින් පුඩින්, කිරි පිටි, හාල්මැස්සගෙ ඉඳලා කෑවේ බිව්වේ හෙන ගහන බදු ගෙවලා.
මෙහේ ගල් බෝතලයක් බොන ගානෙන් වෙන රටක හොඳ ජොනි වෝකර් විස්කි එකක් ගහන්න පුලුවන්. ඒ තරම් සහගහන බදු ගහලත් තොපි මේ රට බංකොලොත් කරේ, පාඩු ලබන රාජ්‍ය ආයතනයි, ඒවයෙ කම්බා හොරුයි, අරක්ගත් මාෆියාවලුයි මේන්ටේන් කරන්න ගිහිල්ලා.
දැන්වත් මිනිස්සුන්ට බිස්නස් කරන්න දීලා, පැත්තකට වෙලා හිටහල්ලා. උන් උඹලටත් කන්න දෙයි.
ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ......!!!
.