2015 මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට කෙල වූයේ විපක්ෂය විසින් ඇද ඇරිය පට්ට කෙප්ප නිසාය. ඔවුන්ට එල්ල කළ කිසිඳු චෝදනාවක් ඔප්පු කිරීමට කාළ කන්නි යහපාලන නඩයට හැකිවූයේ නැතිය. රනිල්ගේ ඉනර් සර්කල් එකේ උන් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ හරහා රාජපක්ෂලාට කෙලින්න ගිය කෙලි අවසානයේ කෙලවර වූයේ ඇවන්ගාඩ් සේනාධිති ඉදිරියේ පාපෝච්චාරණය කිරීමෙනි.
සුපිරි පිටපත් රචකයකු වූ ශානී අබේසේකරගේ පිටපත් අනුව රන්ජන් රාමණායක හරහා නඩු තීන්දු දෙන්න ගියපු වැඩ හෙලිවූයේ රන්ජන්ගේම හඬ පටවලිනි. මේ සියල්ල මෙහෙයවූ උන් අදත් නිදැල්ලේ එලියේ සිටිමින් ආන්ඩුවට අන්චි අදිමින් සිටී.
ශානි හා රන්ජන් වැනි හාල්පාරුවන් හෙලිදරව් වී නීත්‍යානූකූලව සිරගත වුවද, මේවායේ න්යායාචාර්යවරුන් අදටත් එලියේය. ආන්ඩුව උන් එලියේ තැබීමෙන් කෙලවර නොවි එවන් ගොබෙල්ස්ලාට තමන්ගේ වැඩ රාජකාරි පහසුවෙන් කරගෙන යාමට දිලිත් ජයවීරලා හරහා කාර්යාල පහසුකම් සපයමින් ඇදගෙනම නාමින් සිටී.
මංගල වැනි දෙබිඩ්ඩන් සමඟ ආන්ඩුව කටයුතු කළ යුත්තේ ඉතා පරෙස්සමිනි. ඔවුන් දේශපාලන ඩබල් ඒජන්ට්ලාය. ඔවුන් යූස් කරනා එකේදී කල්පනාකාරී උනේ නැත්නම්, කෙලවෙන්නේ යූස් කරනා එකාටමය. එය මේ වන විටත් සිඳු වී අවසානය. මංගලලා හා රනිල්ලා ජිනීවා හරහා ආන්ඩුවට ඇරලා අහවරය.
අරලිය ගහ මන්දිරයේ සිට රාජපක්ෂලාට එරෙහිව කුමන්ත්‍රණය කළ යහපාලනයේ ප්‍රභල චරිතයන් වූ අනුර කුමාර දිසානායක, රාජිත සේනාරත්න, පාඨලි, සුමන්තිරන් හා ෆොන්සේකා යන සියල්ලන්ම තවමත් එලියේ සිටිමින් පච සමාජ ගත කරමින් සිටී.
ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනා බවට රාවයක් ගියද, ඒ කටයුතු ඉදිරියට ගමන් කරනා බවක් නොපෙනීම මේ ගොබෙල්ස්ලාගේ ජයග්‍රහණයකි. චන්දයක් කිට්ටුව මොවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට සිතන්නේ නම්, එය ආන්ඩුව විසින් ගත් අමු ගොබ්බ තීරණයක් බව කිව යුතුව ඇත.
මන්ද, ඔවුන් විසින් ආන්ඩුවට එරෙහිව ගෙනයන පච ප්රචාරයෙන් මේ වන විට රටම වෙලාගෙන අවසන් නිසාය. මෙවර දෙන්නේ ලෙහෙසි පහසු ගේමක් නොවේ. කිඹුලා ඇල රාජිතලාගේ ගානියා බැරිස්ටර් හා මේසන් බාස් මාජ්ජවේදී නාට්ටි දෙකටම හැමිනිලා ගියද, නිශ්ක්‍රීය කරනා ලද බෝම්බයකින් මිනිසුන් මියගියා කියා පටිගත කරනා ලද දර්ශන පෙන්වා හත් පොලේ ගාගත් සිරස දුන් සිංහරාජ ගුලිය මුලු රටම ගිලලා ඉවරය.
ඒ අනුව රාජපක්ෂලා මේ වර ඇවිත් තියෙන්නේ කෑලෑ කැපීමටය. ඔවුන් සිංහරාජය වනසමින් සිටී. පට්ටම ආතල් එක කියන්නේ ඔවුන්ට උඩගෙඩි දෙමින් රාජපක්ෂ පවුලේම එකෙක් පොර ටෝක් දෙමින් සිංහරාජේ වැව් දෙකක් හදනවා කියා ගොන් ආතල් දුන්න එකය.
ආන්ඩුවට හිතවත් පිරිස පවා සිතන්නේ ආන්ඩුව මහා වන සංහාරයක් සිඳු කරමින් සිටිනා බවයි. එහෙත් මේ වන තෙක් එකෙක් හෝ එවන් වනාන්තරයක් තියෙන්නේ කොහේදෝ කියා අපට නම් කියලා නැතිය. අද වන විට වාර්ථා වන්නේ අදාල ඉඩමට අල්ලපු ඉඩම සමගි ජන බලවේගයේ සංවිධායකයකුගේ බවය. එම ඉඩම නාමික සිංහරාජයේ හෙක්ටයාර 11,000 ට තබා පරිවාර වනාන්තර සමඟ අදාලවන හෙක්ටයාට 36,000 ටවත් අයත් නොවනා බවය.
තත්වය එසේ තිබියදී අශෝක අබේසිංහ කියනා අඬනා බබා ගමේදී හීරෝ වෙන්න ගියේ අමු කෙප්පයක් කෙලලාය. ඒ පාස්කු ප්‍රහාරය කලේ ඝෝඨා බැසිල් හා සේනාධිපති හා එකතුවෙලාය කියලාය. වාසනාවට මේ කෙප්පයට එරෙහිව ආන්ඩුවේ පසුපෙල උන් වගේම හිමිවරු කීප දෙනෙක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිනිලි කළේය.
පචෝරිස්ට කෙලවූයේ CID ආපු දිනයේය. ඌ කිව්වේ ඒක නිකන් කියන්නම් වාලේ කිව්ව එකක් මිස තහවුරු කිරීමට කරුණු කිසිවක් ඇතිව කියපු එකක් නෙමේ කියලාය. අද ඌ හොයා ගන්නත් ඇත්තේ නැතිය. දැන් ඌ ලයිසන් ලද කෙප්ප කෙලිනා එකෙකි. ඌට එරෙහිව නීතීපති හරහා කරන දේ නොකිරීම ආන්ඩුව දුර්වල කමය. ඒ හේතුවෙන් දැන් ආන්ඩුව පරිසර ත්රස්තවාදීන් වී අවසානය.
වාසනාවකට අදත් එවන් පැමිනිලි කිරීම දෙකක් ගැන වාර්ථා විය.
එකක් මුරලිදරන් විසින් සරත් ෆොන්සේකාට එදිරිවය. අනෙක බුද්ධි අංශ ප්‍රධානී ව්සින් කසිප්පුවාට එරෙහිවය. මේවා අතරමගදි සෙටල් කර ගත යුතු නඩු නොවේ. ඉල්ලන වන්දි මුදල්ද අඩු කළ යුතු නැත. දේශපාලකයෝ කියා මොවුන්ට අනුකම්පා කිරීමෙන් කෙලවෙන්නේ රාජපක්ෂලාටමය. අනෙක හිතෙන හිතෙන ඕන එකෙක්ට අමු කෙප්ප කෙලීමේ අවස්ථාව හිමි වීමය.
ඒ නිසා මුරලිදරන්ට මෙන්ම, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේට අපේ ප්‍රණාමය හිමි විය යුතුමය.
ඒ වගත් මෙසේය…