ලෝකය තනි යායක් කියා කීමට කියන්නේය. ඇත්තටම අද ලෝකයම එකම ගම්මානයකි. ලංකාව දූපතක් වීම මෙන්ම ප්‍රධාන භාෂාවන් දෙකම ජාත්‍යන්තර භාෂා නොවීම අති බහුතරයකට මේ හැඟිම, මේ දැණීම, නැතිවීමට ප්‍රධාන හේතුවය. රට තොට ඇවිද ආ එකාත්, මේවා නොදන්නවා වගේ ඉන්නෙ ඒ ගෝත්‍රිකත්වයෙන් ගොඩ ඒමට බැරි නිසාමය. (උන් නොරට ගෙවන්නේත් හුරු පුරුදු වනචාරි ජීවීතය බව ඊයේ පෙරේදා ඔස්ට්‍රේලියාවෙන් ඔප්පු උනේය.
සාමාන්‍ය ජනතාවගේ තත්වය එසේ වුවද, දේශීය උගතුන්ගේ මෙන්ම, නොරට ජීවත්වන උන්ගේත් මානසිකත්වය තත්වයේද ඊට වඩා කිසිඳු වෙනසක් නැත්තේය. උන් කියන්නේ, ලෝකෙන් උතුම් රට මේ ලබු ගෙඩියෙයි කියලාය. මේකේ තියෙන සම්පත් ලෝකයේ කිසි රටක නැතෙයි කියාය. හොඳම උදාහරණය දොරමඩලාවට එන නොරට ජිවත් වෙන මහා ආචාරියලාය. මහා උගත්තුය. හැබැයි මෙහේ තෙල් වත් ගල් අඟුරුවත් ඇත්තේ නැතිය.ද් 1960 ගනන්වල සොයාගත් පේසාලේ තෙල් තාම උඩට ආවේ නැතිය.
ඇත්තම කතාව මුන්ට උපාධි කප්පරක් තිබ්බත් මේ එකෙක්වත් ලෝකයට අලුතෙන් කිසිවක් එකතු නොකල, වන පොත් කොට ගොඩ ගිය, ස්වාධීන බුද්ධියක් නැති, නිර්මාණශීලීත්වයක් නැති, අප්ඩේට් නැති රොබෝලා පිරිසක් වීමය.
සිතිජයෙන් එහා ලෝකයක් බැලීමට දහසක් බලාපොරොත්තු මැද ගෙනා ඇමරිකන් ඝෝඨා, අමු සිරි ලාංකික ගෝත්‍රිකයෙක් කර තිබෙන්නේ එම පිරිසය. දොරමඩලාව ඔහුගේ ප්‍රියතම වැඩ සටහනක් වනාතර, හසන්ත ඔහුගේ ප්‍රියතම නිවේදකයෙක් වන්නේය
1970 -77 ත් අතර තිබූ "සත් අවුරුදු සාපය" මාරම යුගයක් ලෙස මුන්නැහේගේ ඔලුවට කාවද්දා ඇති බව ඔහුගේ මෑතම කතාවලත් පැහැදිලිවම පෙනෙන්නේය. දේශීය ආර්ථිකයක් ගොඩ නැගීම ඔහුගේ එකම බලාපොරොත්තුව බව ඔහුගේ "කහ විප්ලවයෙන්" අපූරුවට පෙනෙන්නේය. කාබනික එකෙන් නාගත් ආකාරය ගැන අළුතෙන් අටුවා ටීකා ටිප්පනී ලියන්න ඕනෑම නැතිය.
මේවා නරක දේ නොවේ, එහෙත් කරුමය නම් කිසිම සැලැස්මක් නැතිව දේශීය වෙළඳපොළ පමණක්ම ඉලක්ක කරගෙන පවතින ක්‍රමය සම්පූර්ණයෙන්ම නවතා දමා විප්ලව කරන්නට යාමය. පාරිභෝගිකයන් කහ නැතිව පරිප්පූ කෑ අතර, පන් ගොයියෝ සියල්ලෝම කහ වවා ලොරියක් අරගෙන දියුණු වීමේ පරම පවිත්‍ර චේතනාවෙන්ම කහම විතරක් වැව්වේය.
දැන් ඒවා වවපු උන්, ඒවා විකුණාගන්න බැරිව ඝෝඨාගේ මව් ගුණ ගයමින් සිටිනවාය. නිශ්පාදනය වැඩි වූවා කියා, හිඟයක් පැවති කාළයේ පැවති පාරිභෝගිකයාට ඉසිලීමට නොහකිවූ මිළෙහිද කිසිඳු වෙනසක් නැත. මේවා බන්ධුල ඉගැන්වූ ආර්ථික තියරිද අමු කෙප්ප බව ඔප්පු කර අවසානය. මන්ද විපක්ෂයේ ප්‍රොපගැන්ඩාවලට මෙන්ම ක්‍රියාකාරකම්වලටද, මාෆියාවලටද, මහ බැංකුවේ උද්දච්ඡ් නිළධාරීන්ටද, භාන්ඩවල මිළට බලපෑම් කළ හැකි බව කිසිඳු ආර්ථික තියරියක පැහැදිලි කර ඇතැයි කියා මා නම් සිතන්නේ නැතිය.
නමුත් ලංකාවේ සිඳුවන්නේ එයය. සහල් හා සිමෙන්ති වලට වී ඇත්තේ එයය. ගෑස් පිපිරුවේ කෙසේද කියා දැන් ඕනා එකෙකුට තේරෙනවා ඇතිය. හාල් මිළ පාලනය කරන්නේ තනි පුද්ගලයෙකි. ඌට විධායකයද මාර බයය. බුවා විධායකටත් වඩා බලවත්ය. සිමෙන්ති ඇති තරම් ආනයනය කළද, සීනී වලට කලාක් මෙන් ඒවා සඟවා හිඟයක් මවා වැඩි මිළට විකුණයි. සිමෙන්ති නැතෙයි කියන්නේ අමු බොරුය. වැඩි මිළට ඕනා තරම් වෙළඳ පොලේ ඇත.
මේ සියල්ලට හේතු උනේ එතෙක් නිදහසේ ගලාගිය ආනයන අපනයන වෙළදපොලට රජය හොට දැමීමය. මාතලන් හැමදාම කියන්නා වාගේ ආර්ථිකය මයිනස් ගිය පට්ට අසාර්ථක චන්ද්‍රිකාගේ යුගයේත්, මන්ද බුද්ධිකයින් දෙදෙනෙක් පාලනය කළ යහපාලන සමයේදීවත් ඔවුන් කිසිදින නිදහසේ ගලා ගිය ආර්ථිකයට, බාධා, පාලන, නීතී රීතී දාන්න ගියේ නැතිය.
වාහන ආනයනය සීමා කිරීම මේ තීරණවලින් ගත් අමනම තීන්දුවය. මේ තීරණය ගැනීමට පෙර එය වෙළඳපොළට කරන බලපෑම ගැන හෝ ඉන් කෙතරම් පිරිසක් ජීවත් වන්නේද යන්න ගැන කිසිඳු අධ්‍යයනයක් සිඳු නොකොට ආර්ථිකයේ බෙල්ල කැපුවා වාගේ කළ අමනම තීන්දුවකි.
මේ බව තේරුම් ගත් පැරණි එක්සත් ජාතික පාක්ෂිකයකු වන අජිත් නෙවාඩ් කබ්රාල් මොකා හෝ දැමූ මේ ගොබ්බ තීන්දුව වෙනස් කිරීමට ඉල්ලා මාස තුනක් ගත් වූවද, ඊට එරෙහි පිරිසක් මුදල් අමාත්‍යංශයේ ඉන්නා බවට මේ වන විට වාර්ථා වේ. උන් මොකා උනත් ඒ කරන්නේ ඝෝඨා විනාශ කිරීමේ වැඩ පිලිවෙලක් බව ඉතාම පැහැදිලිය.
මෑතකදි බංගලාදේශයේ මාධ්‍ය විසින්ද, අපේ ආර්ථිකය භක්ෂණය කරන්නේ වෙනින් කවුරුවත් නොව, මහ බැංකුවේ අමන නිළධාරින් බව ලොකයට හෙලි කලද, ඒ පිළිබඳ කිසිඳු බුද්ධිමය දේශපාලන සංවාදයක් ඇති නොවීම කනගාටුවට කරුණය.
ආනයන අපනයන වෙළදාමට බාධා පනවමින්, දේශිය පරිභෝකිකයින් පමණක් ඉලක්ක කරගෙන ගෙනයන "සංවෘත ආර්ථික ක්‍රමයකින්" මේ රට ගොඩ ගන්නට සිතන්නේ නම්, අපට කියන්නට තියෙන්නෙ.... ඝෝඨා ස', ඔයා හරි පව් කියලාය. කිසිඳු විදෙස් ආයෝජකයකු ලංකාව පැත්ත පලාතේ එන්නේ නැත්තේත්, වෙනත් රටවල් අපේ රට හා ගණුදෙණු කිරීමට අකමැති වන්නේත් ඔබ කර තබාගෙන යන මේ ගෝත්‍රික චින්ත්නය බවත් ලියා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.