නත්තලත් එක්ක ඉතාම සම්බන්ධ දෙයක් තමයි, නත්තල් ගහ, ඕනෑම දුප්පත් ගෙදරක උනත්, පොඩි නත්තල් ගහක් හෝ තියෙනවාමයි. නත්තල් සීයා... එහෙම නැත්නම්, "සැන්ටා", රෑට ඇවිත්, නත්තල් තෑගී, තියලා යන්නේ නත්තල් ගහ පාමුල. එක එක රටේ තෑගී බෙදන ආකාරයේත්, බොහෝ වෙනස්කම් තියෙනවා. ඒ කෙසේ වෙතත්, වෙසක් එකට වෙසක් කූඩූ හදනවා වගේම, කැපවීමකින්, ආසාවකින්, ආදරයකින්, නත්තල් ගහක් ගෙනත්.. සරසන එක අනිවාර්ය අංගයක්. ඉස්සර නම් මේ තත්වය අඩු උනත්. දැන් නම් හැම ගෙදරම, පාර පුරා විකුණන්න තියෙන "පයිනස්" ගහක් ගෙනත්, නත්තල් ගහක් නිර්මාණය කරනවාමයි.
අනෙක් විශේෂම දෙය තමයි. අනෙකුත් ආගම්වල මෙන් නොව. ක්‍රිස්තියානී ආගමට සම්බන්ධ සෑම පුද්ගලයෙක්ම, සිඳුවීමක්ම හා දෙයක්ම පිළිබඳව ගොඩනැගුන විහිළුවලින් අඩුවක් නොමැති වීම. මේවා විහිළු බව දැනගෙන ඒ රසය විඳිනවා හැර, අනෙකුත් තලෙයිබාන් ආගම්වල මෙන් ගොන් පාට දැමීමක් කිසි දිනක සිඳු නොවීම. උතුම් වූ දෙවියන් වහන්සේ හා බැඳුනු ඩර්ටි සෙක්ස් ජෝක්ස් පවා ඒ කතා සංස්කෘතිය් තුල ගොඩ නැගි තිබෙනවා. මා බොහෝ කළකට පෙර ලියූ එවන් කතාවක් මෙතනින් බලන්න පුළුවන්. අද ලියන්නේ නත්තල් ගහ පිලිබඳ ලියැවුනු එවන් රසවත් ළිපියක්.....
කොල්ලන්ට වඩා, නත්තල් ගහ, හොඳ වන්නේ ඇයි...?
1. නත්තල් ගහ නිතරම කෙලින් වී තිබීම.
2. පොඩි එක උනත් උපරිම සතුට ගෙන දීම.
3. දින් 12 ක් දිවා රෑ නොබලා කෙලින් වී සිටීම
4. විදුලි ආලෝකය මධ්‍යයේ වුව, මනරම්ව දිස්වීම.
5. නත්තල් ගහ තමාගෙ ප්‍රමාණය ගැන ආඩම්බරයෙන් සිටීම.
6. ඉතා පියකරු බෝල තිබීම.
7. ඒ බෝලයක් කැඩුවත් පිස්සු නොවැටීම, කේන්ති නොයෑම.
8. කල් ඉකුත්වූ පසු, කිසි කරදරයක් නොමැතිව විසි කර දැමීමට හැකිවීම.
9. ජීවීත් කාළය පුරාම ලඟ තබාගෙන සිටිය යුතු නැති වීම.
10. ඊළඟ වසරේ අළුත් එකක් රැගෙන ආ හැකිවීම.
2. පොඩි එක උනත් උපරිම සතුට ගෙන දීම.
3. දින් 12 ක් දිවා රෑ නොබලා කෙලින් වී සිටීම
4. විදුලි ආලෝකය මධ්‍යයේ වුව, මනරම්ව දිස්වීම.
5. නත්තල් ගහ තමාගෙ ප්‍රමාණය ගැන ආඩම්බරයෙන් සිටීම.
6. ඉතා පියකරු බෝල තිබීම.
7. ඒ බෝලයක් කැඩුවත් පිස්සු නොවැටීම, කේන්ති නොයෑම.
8. කල් ඉකුත්වූ පසු, කිසි කරදරයක් නොමැතිව විසි කර දැමීමට හැකිවීම.
9. ජීවීත් කාළය පුරාම ලඟ තබාගෙන සිටිය යුතු නැති වීම.
10. ඊළඟ වසරේ අළුත් එකක් රැගෙන ආ හැකිවීම.
කෙල්ලන්ට වඩා නත්තල් ගහ හොඳවන්නේ ඇයි...?
9. ඕනෑම අරුමෝසමක් එල්ලා ගත්තාට උරන නොවීම.
8. පරණ නත්තල් ගසක් ගබඩාවේ තිබුනද අවුලක් නොවීම.
7. එහි ඇති බෝල සැපූවත් කෑ නොගැසීම උරන නොවීම් හා ගූටි කෑම්ට සිඳු නොවීම.
6. එහි සුවඳ ගෙදර ගෙන යාමටත් ප්‍රථම විඳීමට හැකිවීම.
5. පාවිච්චි කිරීමෙන් පසු පැත්තකින් තැබිය හැකි වීම.
4. ඔබ නත්තල් ගසේ ඕනෑම තැනක් බැලුවාට උරණ නොවීම.
3. අනෙක් නත්තල් ගස් හා ඉරිසියාවක් නොමැතිවීම.
2. දවසේම ක්‍රිකට් තරඟ නැරඹූවත් ඔබ හා උරණ නොවීම.
1. පාවිච්චි කිරීමෙන් පසු බැඳ දමා වීසී කල හැකි වීම.
පරිවර්ථන අයිතිය මාතලන් සතුයි...
දෙගොල්ලන්ටම ප්‍රයෝජනයක් තියෙන නිසා මරාගන්න දෙයක් නෑ...
ඔබ සැමට සුභ නත්තලක්ම වේවා....!!!
අපිටනම් ඉතින් හැමදාම නත්තල්.......
http://maathalan.blogspot.com/2010/04/blog-post_30.html
හෙහ්.. මට අල්ලන්නේ නෑ කතාව. මොකෝ දැම්ම නිවාඩු ගන්නස හදන්නේ.. ඇත්ත බං ඒ උනාට නත්තල් ගස් දැං අඩුයි නෙව. පයිනස් දඩු කෑලි විතරයි තියෙන්නේ...
ReplyDeleteහැම එකම කලවමේ නේ තියෙන්නේ.... එහෙම කියන්න එපා දැන් තමයි නියම අනත්තල් ගස් තියෙන්නෙ...
Deleteආ හොද නරක අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරලා වගේ
ReplyDeleteඅන්න වචනේ.....
Deleteමාතලන් මහත්තය දන්නවද කොල්ලොන්ගේ G spot එක තියන තැන. අන්තර් ජංජාලේ තිබ්බේ... පිස්සු හැදෙනවා. ලියන්නකෝ ඒ ගැනත් :) (ලිපියට අදාළ නැද්ද මන්දා...)
ReplyDeleteලිපියටනං අදාල නෑ ඒත් නැගලම යන ලිපියක් වෙයි
Deleteතැන නම් දන්නවා. දයල් බතීගේ කොමෙන්ට් එකක් විදියට පොඩි ඉඟියක් දැම්මා. මට හිතෙනව සැර වැඩිවෙයි කියලා. පස්සෙ බලමු හිතිනොතින්..
Deleteමාතෘකාව දැක්කම මාව නිකන් හොල්මන් උනා එකයි දුවගෙන ආවේ මොකක්ද බලන්ට හිකිස්..
ReplyDeleteඑල ඈ .. උබ ලියලා තියෙන විදියට කොල්ලන්ට වඩා නත්තල් ගහ වටින්නේ කෙල්ලන්ට වගෙයි මට පෙනෙන්නේ ...// දින් 12 ක් දිවා රෑ නොබලා කෙලින් වී සිටීම// මේකම කොයිතරම් වටිනවද බලපන්කො සෙල්ලම් නැහැ ...
//ඊළඟ වසරේ අළුත් එකක් රැගෙන ආ හැකිවීම.// මේකත් හොදා එතකොට විවිදත්වය කියන මෙව්වා එක තියෙනවනේ ..
කොහොම උනත් එලම ලිපියක් ..
එත් එක්කම මෙන්න මේකත් මම එකතු කරන්නම්කෝ නත්තල් ගහ ගැන...
නත්තල් ගසේ ආරම්භය පිළිබඳ එක් කතාවක් :- කි‍්‍ර.ව. 8 වන සියවසේදි පමණ බොනිෆස් නමැති ශාන්තුවරයෙක් එංගලන්තයේ සිට ජර්මනියට ගොස් එරට මිථ්‍යා දෘෂ්ඨික ආගම් ඇදහූවන්ට කිතුනු දහමේ වටිනාකම කියා දීම සඳහා සදාහරිත ගසක් වූ දේවදාර ගසක අතු කැබැල්ලක් පිරි නමා ඇත .මේ අනුව ජර්මනියේ දී උපන් නත්තල් ගස 17 වන සියවසේදී ජර්මානුවන් ගෙන් ඇමරිකාවටද ඉන් පසු 19 වන සියවසේදී එංගලන්තයටද හඳුන්වා දෙනු ලැබුණි. ඉන්පසු නත්තල් ගස, ඕස්ටේ‍්‍රලියාව ,ස්විට්සර්ලන්තය , පෝලන්තය හා ඕලන්දයේද ජනපි‍්‍රය විය. 20 වන සියවස වන විට ලොව පුරා කිතුනු රටවල ඉතා ජනපි‍්‍රය හා අත්‍යවශ්‍ය අංගයක් බවට නත්තල් ගස පත්විය. මේ නත්තල් ගසේ මුල් ආරම්භයයි ...
මාතලන් ඇතුළු සියලු දෙනාට සුභ නත්තලක් !!!
මොහොම ස්තූතීයි.. අන් අයත් දැණුවත් කලාට...
Deleteමාතලන් අයියටත් සුභ නත්තලක් වේවා බකස් ගාල හිනාගියා.....
ReplyDeleteඅර මක්කටෙයි ආයිබෝවන්ඩ...
Deleteඑහෙනම් අපිටත් නත්තල්! :)
ReplyDeleteසෑමදා.....
Deleteසල්ලි තියනව නං හැමදාම නත්තල් තමයි!
ReplyDeleteසල්ලි ඕනමත් නෑ... ආතල් එකේ ඉන්න.. ඕන.. ඒත් ම්හ ගොඩක් ඕන නෑ. ලද දෙයින් සතුටු උනාම හැමදා නත්තල්...
Deleteඇයි නත්තල් ගහ ටියුන් කරන්න ඕන නෑ, ගෙනාපු ගමන් කෙලින්. අනිත් එක නත්තල් ඉවර වෙන කොට දියර ගලන්නෙත් නෑනේ.
ReplyDeleteමහාචාර්‍යයතුමා මොකෝ නත්තල් ඉක්මන් වුනේ..බෝනස් වත් ලැබුණද?
ඇත්ත නේන්නම්... "බෝනස්"... ලැබිච්ච කාලයක් මතක නෑ.. අපරාදේ කියන්නේ කොතලාවල මහත්තයා ගාව ඉන්න කොට මාස 12 ගත්ත වෙලාවලුත් තිබුනා...
Deleteමාත් නත්තල් ගහට සම්භන්ධ ඔය වගේ කතාවක් කාලෙක කලින් ලිව්ව පොලු සහ ගෙඩි ගැන නව අර්ථකතනයක්.....18+ කියල.
ReplyDeleteනත්තල් ගහ උඹව ගොනාට අන්දන්නෙත් නෑ, ණය අරං පොල්ල තියෙන්නෙත් නෑ, නේද බං?
Deleteමේ සල්ලි ලැබීම හෝ නොලැබීම ගැන මට එලව එලව කියන එකම කෙනා සල්ලි ඉල්ලගත්තු ( පොල්ල තියපු ) අභීත විතරක් නෙමෙයිද?
Deleteසන්තෝස වෙයන් මචන්! ඔහොම වත් උඹ ගැන හොයන්න කෙනෙක් ඉන්න එක ගැන.
Deletethawa dina 09yi.... 15 raa party eka koheda?
Deleteඔය තියෙන්නෙ මම කොමෙන්ට් එකකුත් දාලා.. පාටිය ගැන මටත් කියපන්....
Deleteවයි පාටි කියල තමා කියන්න වෙන්නෙ.
Deleteකොල්ලන්ට නම් ලොකූ ප්‍රයෝජනයක් තියන බවක් පේන්න නෑ... කෙලින් තියන එකේ කෙල්ලන්ට නම් ප්‍රයෝජනයක් ගත්තහැකි... ඒත් කොල්ලො මොනා කරන්නද.... බාරියාවකට වඩා හොඳයි කිව නම් අවුලක් නැහැ... ඒත් කෙල්ලෙකුට වඩා හොඳයි කියන්න බෑ...
ReplyDeleteක්‍රිස්තියානි ආගම සම්බන්ධ විහිලු වැඩියි කියන එක නම් හරියට හරි... ඒවා ගැන වැඩි විරෝධයකුත් නැහැ.... කවුදෝ කෙනෙක් කිව්ව මතකයි... ක්‍රිස්තියානි සභාව (මොකක් හරි ඒ ආගමේ මූලස්ථානය ) there is no such thing as bad publicity කියන සංකල්පය තමයි අනුගමනය කරන්නේ කියලා.
සහතික ඇත්ත කතාව..
Deleteමේකට මට කියන්න තියෙන දේ කිව්වොත් මාතලන්ගේ පෝස්ට් එක කැත වෙනවා.. ඒක හින්දා මං මුකුත් නොකියා අර කොල්ලෝ ටික එක ගොඩේ සම්බල් කරලා දාපු එකට විරෝධය පළ කරලා යන්න යනවා.... හි හි
ReplyDeleteදැන් උඹට ඕනේ උන්ව අර පහල කෙල්ලෝ ටික වගේ පෝලිමට ඉස්සරහ බලාගෙන හිටවලා තියන්නද? අනේ අනේ...
Deleteඉතින් මං මක්කා කොරන්නෙයි. ඒ යක්කු නේ වහගෙන ඉන්නේ...
Deleteඇයි මාතලන් කොල්ලො ඕක පෙන්නන්න ඔච්චර ලැජ්ජ..? විහිළුවට නෙවෙයි.. ඇත්තටම ඇහුවේ... ෆිල්ම්ස් වලදි උනත් කෙල්ලන්ව හොදට පෙන්නලා, කොල්ලව එක්කෝ ගඟකට මුහුදකට හරි බස්සලා තමයි පෙන්නන්නේ... මට ඕක හිතුනේ ලෝඩ් බයිරන් ගැන හදපු ෆිල්ම් එකක් බලද්දි... ෆිල්ම්ස් වල මොකක් හරි දෙයක් තියෙනවද ඒ ගැන...
Deleteකොල්ලො නම් ඕක බලලා ආතල් එකක් ගනීවී. කෙල්ලන්ට එහෙම නෙමේ නේ. දැක්කම කලන්තේ දානවා. ඒකනේ ලයිට් වහල සෙල්ලම් කරන්නෙත්...
Deleteහි හි.. ඒ ඉස්සරනේ.. දැං උං ඕවට කලන්නේ දාන්නේ නෑ...
Deleteවිරුද්දත්වය පේන්නෙ නෑති හින්දද?
Deleteනත්තල් ගහ මොච්චර ප්‍රයෝජනවත් කියලා අදමයි හිතුනේ. අම්මපා මේ සැරේ නම් එකක් ගෙදර ගෙනියනවාමයි.
ReplyDeleteඇයි ගෙදර තියෙන එක වැඩක් නැති වෙන මට්ටමට ඇවිල්ලද?
Deleteපිස්සුද මෙයා, අපේ වෙද මහත්තයා හත් අවුරුද්දකට කෙලින් වෙලා නැති ඒවා කෙලින් කරන කෙනෙක්... එහෙව් එකේ එයාගෙ එක ගැන කවර කථාද?
Deleteගෙදර ගෙනිහින් අවුලක් වෙන එකක් නැතෙයි....
Deleteමාතලන් අයියටත් සුභ නත්තලක් වේවා! අනිත් කතාවට ලින්ක් එක දාපු එකත හොඳා. ඒක කලින් කියවලා තිබ්බේ නැහැ.
ReplyDeleteඕකෙන් තමයි මගේ බොග ගැන ගොඩක් අය දැනගත්තේ....
Deleteමාතලන් අයියටත් සුභම සුභ නත්තලක් වේවා.
ReplyDeleteසල්ලි තියෙනවා නම් අපටත් හැමදාම නත්තල් තමා :)
සල්ලි ඕනා... එත් මහ ගොඩක් නම් ඕන නෑ....
Deleteඅලේ...දැන් ඕවට අපි මොනාද කියන්න ඕනේ ? :P
ReplyDeleteමාතලන්ටද අලේ කිවුවෙ ??? ඇයි උන්දැගෙ අල බැහැලවත්ද ????
Deleteබලන්නකෝ ඔයා හිංගල වැරැද්දුවම වෙන දේ.. මට නේ ලැජ්ජාව....
Deleteහොකෑස්! :D
ReplyDeleteමාතලන්ගෙ මොලේ තම්යි මොලේ:D
සුභ නත්තලක් :)
මගේ මොළයක් නෙමෙයි බන්. අනුන්ගේ මොළයක්....
Deleteකතන්දරයි දයාල් බතීයි මාතලන් මේ බ්ලොග් 3නම රන් කරන්නේ එකම පොර කතන්දර කාරයාමයි මෙන්න තිත්ත ඇත්ත .හි හි .
ReplyDeleteඉතින් අපිට පාන්යැ හිරුවො.
Deleteමොකද මේ සිවිල් ඇදුමින්.
කිව්වත් වගේ අපට පාන් ද ?
Deleteමෙන්න මට ඇනෝ එන්න අතමක වෙලා
කතන්දර නම් මගේ ගුරු ජී. දයල් බතී නම්, හමුවෙලා කතාකරලා නෑ.. ඒත් මගේ අදහස් තියෙන කෙනෙක්. මම වෙන එකක් නම් ලියනවා. ඒක ඉතින් කවදාවත් කියන්නෙ නෑ...
Deleteඋඩ ඔය තියන කමෙන්ට් එක ගැන මට කිව්වේ චන්දනගේ සටහන් ලියන චන්දන අයියා..ඕක මම දාපු කමෙන්ට් එකක් නෙවෙයි.කවුරුහරි කොන්ද පන නැති මනුස්සයෙක් මගෙ නමින් දැම්ම කමෙන්ට් එකක්..මට මේ ටිකේ ලියන්න උනෙත් නැහැ කියවන්න උනෙත් නැහැ..මගෙ කිසි සම්බන්ධයක් නැහැ ඔය කමෙන්ටුවට සහෝ..
Deleteජය!
උඩ නමට ගියාම කෙලින්ම මගේ ප්‍රොෆයිල් එකට රී ඩිරෙක්ට් වෙන්නේ..
Deleteමෙතන මොකක්හරි තියනවා. මොලේ අමාරුකරයෙක්ගෙ වැඩක්,
ගණන් ගන්න එපා... විහිලුවක් විතරයි
Deleteනත්තල් ගස් කීවම මතක් උනේ.
ReplyDeleteයුද්දෙ කාලෙ උතුරෙ ඩියුටි හිටපු ආමි බුවෙකුට උගෙ මොන්ටිසෝරි යන පුත්‍රයා ලිවුමක් ලීවලු නත්තල් ගහක් ගේන්න කියල නිවාඩු එද්දි.
මූ නිවාඩුවට එනවලු ට්‍රැක්ටරේක බැදගෙන තඩි තල් ගහක්. හිමිනේට මේකට මල පැනල ආමි ගොයියට දිග හරහ තියල දෙසද්දි මූ බැරිමතැන පෙන්නුවාලු පොඩි එකා එවල තිබ්බ ලිවුම.
මොන්ටිසෝරි යන පොඩ්ඩා බැරි බැරි ගානෙ ලියල තිබුනෙ
"තාත්තෙ, නිවාඩුවට ගෙදර එද්දි නාතතල් ගහක් ගේන්න" කියල
ඉතිං ඌ නාත තල් ගහක් ගෙනත්
(පෝස්ට් එකට අදාල නැද්ද මන්දා)
මට මතකයි උඹද කොහෙද, මේ ගැන පෝස්ට් එකකුත් දාලා තිබුනා
Deleteඔවු. මම තුමාම තමයි. මට ඒක හොයාගන්න බැරි උනා
Deleteපට්ට කතාව..:D
ReplyDeleteහැමෝටම සුබ නත්තලක් වේවා!!
මේවගේ ඒවල තියෙන්නේ අමුතු රසයක්...
Deleteවටිනවා නේන්නම් බලාගෙන යනකොට :D :D
ReplyDeleteනත්තලට එකක් ගෙනිච්චනම් නරකද....?
Deleteමානසික ලෙඩුන්ට දෙන/දික් කරන මාස 3 නේ නිවාඩුව මාතලන්ටද ලැබී ඇති බැවින් දින 20 ට ප්‍රථම නත්තල් පණිවිඩය ඔබ හමුවේ දිගහැර ඇතිබව කරුණාවෙන් සලකන්න!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeleteනත්තල..... "මට මතක නෑ ඕයි...."
Deleteපුදුම සන්සන්දනයක්නේ මේක.හිතාගන්නත් බැරුව ගියා මුලින්ම මු මොකාටද එන්නේ කියලා.නිර්මාණාත්මකයි මාතලං පෝස්ටුව. ඔබට සුබ නත්තලක් වේවා.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
මගේ නිර්මානයක් නෙමෙයි බන්.. පරිවර්ථනයක්
Deleteතරහ වෙන්න එපා නලියා කොහෙද බං මේකේ නිර්මාණාත්මක ?
Deleteකෙල්ලන්ට වඩා නත්තල් ගස් හොදයි කොහොමත්, අපි ගහ ලගට ගියොත් මිසක් ගහ අපිව හොයාගෙන එන්නෙ නැහැනේ.
ReplyDeleteඇත්ත නේ....
Deleteලෝකයේ ප්‍රථම කෙටි පණිවුඩය Merry Christmas කියල යැව්වෙ දෙසැම්බර් 3 වැනිදා ... ඉතින් මාතලන් දවසකින් ඊට වඩා ඉක්මන් වෙලා නැහැනේ!!!
ReplyDeleteසුබ නත්තලක්!
එහෙනම් ඉතින් කිසිම අවුලක් නෑ නේ....
Deleteනත්තල ගහක් බැඳගත්තානං ගොඩනේ
ReplyDeleteඑහෙම නම් ඉතින් නත්තල් ගහක්ම වෙන්න ඕන නෑ. කටු නැති ඕන ගහක් ඔට්ටුයි නේ....
Delete.....//අපිටනම් ඉතින් හැමදාම නත්තල්.......//....
ReplyDeleteඅප්පද බොල. මාතලන් ගොයියෝ... උඹ කොහොමද කලිසම අඳින්නේ?
ලද දෙයින් සතුටු උනාම. හැමදාම නත්තල් තමයි....
Deleteඅනේ මොනවා කියන්නද මේවට....මම නම් ඉතින් බෝ ගහ වගේ මිනිහනේ........
ReplyDeleteබෝ ගහක් උනත් අවුලක් නෑ.... පූජනීයයි නේ....
Deleteහරීම හැඩ නත්තල් සීයලයි නත්තල් ආච්චිලයි.
ReplyDeleteනත්තල් ගහ මොකද ටීචර් කේතු ආකාර. ?
කාලා වරෙන්කෝ ඉතින්..... කතාව ඕනම නම් කියන්නම්.
DeleteMembers (444)
Deleteකෙල්ලන්ගෙ G spot එක ගැන අහලා තිබුනට කොල්ලන්ගෙ එකක් අහලා නෑ... අර ඇනෝවා කිව්ව විදියට ඒ ගැනත් ලියන්න එහෙනං...
ReplyDeleteසැර වැඩිවෙයිද බන්....?
Deleteබලන්නකෝ ඉතිං ඒකෙත් හැටි.... හික්ස්.....
ReplyDeleteමොකේ හැටිද....?
Deleteඅරකෙ
Deleteනත්තල් නම් මොනාද මාතලන් අයියේ මේ වෙන වැඩ දැක්කම..
ReplyDeleteඒක ඇත්ත... ඊට වඩා වඩිනවා... "එල්ලුම් ගහ"
Deleteදැන් මචං කොමෙන්ට් කරද්දී ගැළපෙන දෙයක් කියන්න ඕනෙද ?
ReplyDeleteමට නම් හිතුණේ නත්තල් ගස් ගැන කියන්න ඉක්මණ් වැඩි නැද්ද කියලා
එහෙම එකක් නෑ බන්... තව කුණුහබ්බයක් හරි කමක් නෑ.. කොමෙන්ට් එකක් දාන එක ළොකු දෙයක්නේ...
Deleteගියවර නත්තල් සීයාට පොඩ් සෑමා ලියපු ලිපියක් මතක ඇති නේද :ඩී
ReplyDeleteමට ඒක මතක් වුනේ...
යාන්තමට මතකයි... ලින්ක් එකක් දැම්මනම්.... හෙන ගහනවැයි.....
Deleteලින්ක් එකක් දැම්මනම් මූගෙයි කකාගෙයි මොකක්ද තියෙන වෙනස? හිට් පෙරේතයෙක් නොවීමගැන අපගේ ආචාරය.. (හැබයි මූ හිට් ඩබල් කරගන්න දුන්න ට්‍රයි එකක් වෙන්නත් බැරි නෑ... ලින්ක් එක නොදා තිබුනම කට්ටිය පන එපා කියල හොයනවනෙ )
Delete?හැබැයි එහෙම වෙන්නත් බැරි නෑ තමයි ..මූ මාකටිං පොර.
Deleteඑතකොට එක එහෙමලු උනා කියන්නේ නේද? සුභ නත්තලක් කියලා කීවාට ඒවා ඔට්ටු නැ තව ඒවාට කල් තියනවා හොදේ....
ReplyDeleteමට නම් මචෝ හැමදාම නත්තල් නේ...
Deleteනත්තල් ගැහෙ බෝල හපන්නේ කව්ද අෆ්ෆා :D ඒත් සෑහෙන්න කරුණු සහතික ඇත්ත :)
ReplyDeleteමාතලන් බොරු කියනවා හරිම අඩුයි
Deleteහැබෑට නත්තල් ගහක් කීයක් විතර වෙනවද .නෑ මන් මේ නිකන් ඇහුවේ
ReplyDeleteහෆෝයී.......... අරීට වඩා ගොඩාක් ලාබයි....
Deleteඑහෙනම් ගෙන්න ඕනේ එකක් මේ සැරේ නත්තලට .නත්තල ඉවර උනාම අපහු ගෙනිහින් දාන්න පුළුවන්නේ
Deleteමේකත් මෙතනින්ම එල්ලමු... කැමති කෙනෙකුට... දැනුම පොතට...
ReplyDeleteTo XMAS And Beyond