.

.

Aug 23, 2026

නන්දා මාලනී ජේවීපීද?

 


නන්දා මාලනී ජේවීපීද?

➖➖➖➖➖➖⭕➖


නන්දා මාලනී එයාගේ ළමා කාලය ගැන කීප තැනකම කියලා තිබුණ නිසාවෙන්ම... මුළු රටම ඇය සමාජයේ පීඩිත පන්තිය තුලින් පැමිණි චරිතයක් බව දන්නවාය..... ඒ හේතුවෙන්ම ඇය සමාජයේ විහිළු තහළු වලට ලක්වූ බව කීවේත් ඇයමය...


මොළය වර්ධනය වන කාලයේ ලැබෙන මේ පීඩනය අදාළ පන්තිය විසින් දරුවන්ගෙ මොළයට දාන්නේ ඉහළ සමාජය හා වෛරී හැඟීමක් ඇතිවන ආකාරයට. අදටත් කරුමයක් වී ඇති වාමාංශික දේශපාලනය ඊට හේතුවය. නැතිනම් ඉන් පෙර සමාජය එය උපේක්ෂාවෙන් දරාගත්තේ ලබා උපන් හැටි ලෙසය... MBBS එක තිබුණත් පෞද්ගලික වයිජ්ජ විජ්ජල වලට විරුද්ධ වන්නේ මේ අයය.


ඒ වගේම නිර්ධන පන්තියෙන් මධ්‍ය පන්තියට පැනගත්ත පිරිසත්.... තමන්ගේ දරුවන්ට උගන්වන්නේ තමන් පැමිණි පන්තියේ පිරිස හා ආශ්‍රය කිරීමෙන් වළකින ලෙසය....


නන්දා මාලනීගේ දරුවෝ වගේම.... අනුන්ගෙ ජොක්කු කලිසම් බෙල්ට් ඔරලෝසූ වගේම හාල් පොල් කරෝල කෙහෙල් කැන් ටිකටත් කෙලීමෙන් නොසෑහී... මළ ගෙදරනුත් ගානක් කඩාගෙන ආ.... ඉස්සර නිර්ප්‍රභූ වුනාට දැන් ප්‍රභූදේවලා වෙලා ඉන්න අයගේ දරුවන්ගේ තත්වයත් ඒකමය..... 


නන්දා මාලනිය හා ජේවීපිය පෑහෙන්නේ මෙතනදීය.... ඒ හැර නන්දා කවදාවත් විශ්‍රාමික නලාකරුවන්ගේ සංගමය සමඟ හෝ එකතුව ජේවීපී ඉස්ටේජ් නැග්ගේ නැතිය....


කවිරුන් කෙසේ කීවත්.... මා නම් සිතන්නේ නන්දා මාලනිය කියන්නේ දැඩි පෞර්ෂයකින් හෙබි කාන්තාවක් බවය.... බොහෝ අය ඇය දේශපාලන අතකොළුවක් මෙන්ම සුනිල් ආරියරත්නගේ පුරුෂාධිපත්‍යට යට වූ ගොඳුරක් සේ පෙන්වීමට උත්සාහ කළද.... ඇය දුටු කීප අවස්ථාවකම ඇය හොඳින් නිරීක්ෂණය කර ඇති කෙනෙකුන් ලෙස... මාතලන් නම් ඇයව දකින්නේ ඒ සියල්ලන් අභිභවා ගිය දැවැන්ත චරිතයක් ලෙසය...


ජවිපේ කලේ මේ දැවැන්ත චරිතය තමන්ගේ දේශපාලනය වෙනුවෙන් හයිජැක් කිරීමය... පෙරටුගාමින්ගේ ගෝල්පේස් අරගලයද ජෙප්පෝ හයිජැක් කලේ එසේමය....එය ජෙප්පන්ගේ දක්ෂතාවය වුවත්... නන්දා මාලනියගේ මරණය තුලින් 22 යටගැසීමට කළ උත්සාහය වැළකී ගොස් නැට්ට පුකේ ගසාගෙන ශෝක දින තුනක් ප්‍රකාෂයට පත්කරමින් පීචංම වී ගියේ... අර මා කලින් සඳහන් කළ නන්දා මාලනියගේ හා ඇයගේ දරුවන් තුළ පැවති හා පවතින අභිමානය නිසාමය.....


මගේ මතය නම් නන්දා මාලනිය හොඳ මාර්කටියර් කෙනෙක්‍ය කියනා එකය... ඇය යුගයේ අවශ්‍යතාවයන් අනුව තම නිර්මාණයන් හා ආදායම් මාර්ගය තෝරා ගත්තේය... උපතින්ම වාමාංශිකව උන් ඇය 70 දශකයේ ගැයුවේ එකල පැවති දේශපාලනයට හිතැති ගීතයන්‍ය.... 


70 දශකයේද අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදක් වී තිබුණත්.... සිරිමාගේ ආණ්ඩුවට එරෙහිව එවන් පුතුන්ගේ කිරි අම්මා වීමේ සිතක් ඇයට පහළ නොවූයේ තමන්ගේ දේශපාලන දැක්ම අනුව හා තම ජීවනෝපාය නිසාමය.


එහෙත් 87 සීන්ග් ලංකා ආයතනය නිකුත් කල කැසට්ටුවක් තුලින් ඒ පණිවුඩය ගෙන එන්නේ.... ඇය එජාප විරෝධී වීම නිසා හා ශ්‍රීලනිපයද උන්නේ ඉන්දු ලංකා ගිවිසුමට මෙන්ම පලාත් සභාවලට විරුද්ධව නිසාය.... 


ජේවීපිය 88/89 රට ගිනි තියන්නේ සිරිමාවෝ පිටකොටුව බෝ ගහ ඉදිරියේ විරෝධතාවය ආරම්භ කළ දිනයේ සිටය... ඒ පිටුපස නන්දා මාලනියගේ නොව සිරිමාවොන්ගේ හා වාමාංශික ගොබ්බයින්ගේ  ආශිර්වාදයද තිබූ බව රහසක් නොවේය. 


එහෙත් ඒ ත්‍රස්තවාදීන් අවසානයේදී සිරි ලංකා කාරයාගේ ඉතරක් නොව.... උන්ට ආශීර්වාද කල වාමාංශිකයින්ටද නිවන් පුර රුවන් දොරටු හැරදුන්නේය. නන්දලා සුනිල්ලා රට පැන්නේත් මේ හේතුව නිසා බව දන්නෝ දැනගෙන උන්නත්... ඒ අය ඒක දැම්මේ.... රාජ්‍ය මර්ධනය නම් ලේසී පාසූ කැටගරියටය. 


ඉන්පසු නැවතත් මෙරටට පැමිණි නන්දා සුනිල් ලවා ලියවා ගත්තේ.... සීත හිමේ කඳු පාමුල හින්දි සින්දුවක් කිය කිය ලුණුයි බතුයි කාලා ආතල් එකේ ඉමු අනේ කියලාය.... නෝනා නානෝනම් නාගන්නෙයි කියලාය... කලක් නිහඬව උන් නන්දා නැවත කරළියට එන්නේ අරගලය තුලින්ය.... 


මෙය සාමාන්‍යයෙන් කලාකරුවන් කරනා උපක්‍රමයක්‍ය.... නන්දා මාලනිලා මෙන්ම ස්වර්ණා මල්ලවාරච්චිද එදා කලේ උමාරියාගේ කුක්කු එළියේ දැමීමේ මැතඩ් එකය... ජනප්‍රියතාවයෙන් ගිලිහී ජෙනරේෂන් ගැප් එකට ගොඳුරු වන විට කෙසේ හෝ නැවත සමාජයේ කතාබහට ලක්වීම ඇත්තටම රෝගී තත්වයක්මය...

ඔය චරිත තුනම කිසිසේත් එසේ කළ යුතු අය නොවනා බවත්, ඔවුන් තිදෙනාම දැවැන්ත පෞරුෂයන් බවත් ඔවුනට අවබෝධයක් නොතිබීම අවාසනාවක්මය.


ඒ කුමනාකාරයේ ගී ගැයූවත් එවක පරම්පරාව නන්දා මාලනියගේ කටහඬට මෙන්ම ඒ දැවැන්ත පෞර්ෂයට බොහෝ සේ ආදරය කලාය.... එය ආදරයක් පමණක් නොව.... වන්දනාවක් බවට පත්ව...... නමස්කාර කරනා පූජනිය වස්තුවක් බවට පත්වන්නනේ ඒ කුඩා ශරීරය තුළ තිබූ අති දැවැන්ත කරිස්මාව නිසාමය...


නන්දාට මිනිස්සු දණගසා වැන්දාට සුනිල් ආරියරත්නට හෝ ජෙප්පන්ට දණගසා වඳින්නය පුදන්නට යන්නේ නැති බවත් ලියා තබනවාට අමතරව කිව යුතුව ඇත්තේ.... එක එකාගෙන් බැබලෙන්න යන්නේ නැතිව නන්දා මාලනී වැනී ආලෝක කදම්බයක් වීමට උත්සාහ කල යුතු බවය...


එවිට එක එකාගේ මළ ගෙවල් වල වඳුරු කුණුහබ්බ දේශන පවත්වා පීචං වෙන්නට සිඳු වන්නේම නැතිය....


මේ සනාතන සත්‍යයයන් තේරුම් ගැනීමට නම්.....  සමාජයේ පවතින සියලුම ආකාරයේ ස්ථරයන් ගැන අවබෝධයක් ලබා ගත හැකි පරිසරයන්ගෙන් තුලින් අත්දැකීම් ලබා ගැන්ම අත්‍යාවශ්‍යම කාරණයක් වනාතර ඒ පිළිබඳ අධ්‍යනයක් හා අවබෝධයක් ලබා ගැන්මේ බුද්ධියකුත් තිබිය යුතුමය.


ඒ වගත් මෙසේය..............


.

Aug 17, 2026

22 අමතක කිරීම සඳහා ආන්ඩුව ගෙනයන ප්‍රොපගැන්ඩා


 22 අමතක කිරීම සඳහා

ආන්ඩුව ගෙනයන ප්‍රොපගැන්ඩා

➖➖➖➖➖➖➖➖➖💀💀💀


විසිදෙක සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව ගෙන එන සියලුම තර්ක අමු පච බව, මේ වන විට ඔප්පු වී අවසානය... එහෙත්, එය කෙසේ හෝ සම්මත කරගැනීම ආණ්ඩුවේ එකම කාර්යභාරය වී අවසානය. ඒ සඳහා කළ යුතු, කැතම, නින්දිතම, තුච්චම දේ කිරීමට වුව ආණ්ඩුව පැකිලෙන්නේ නැති බවත් දැන් ඉතා පැහැදිලිය. එම පනත් කෙටුම්පත අද විල මැද ගව ගාලට ගෙන දිනයය.


මුන්ගේ පඩත්තල වැඩ වලට හොඳම උදාහරණය, නීතිඥ සංගමය සමග සාකච්ඡාවක් තිබු දිනයේ, රජීව් අමරසූරියගේ වාහනයට පැන උද්ඝෝෂණය කළ, පැලවත්තේ ඩෝබි නානාය. රජීව් අමරසූරියගේ ක්ලාස් එකට සමාන කල හැකි කිසිවෙකුත් ආන්ඩුවේ නැති නිසා, ඒ එව්වේ උන්ගේ ඉන්නා හොඳම එකා බව අප තෙරුම් ගත යුත්තේය.


සමාජ මාධ්‍යවල සිටින පැලවත්තේ ලැට් වල කඩාගෙන අශූචි බුදින ඩෝබිලා දැන් රජීව්ට හා සතුරාට ගහන්නේ කුඩුවෙන්නටය. 


උන්ට වඩා හොඳ වෙන්නැයි කියනා උන්ගේ රොබොටික් හොරිකඩයන්ගේ සදාචාරය මෙන්ම පහත් ගතියද සමාජමාධ්‍ය තුල සැරිසරනා කෙනෙකුට දැන් සාමාන්‍ය තත්වයක් බවට පත් වී අවසානය. 


ගමේ ඉන්නා කුහකම පවුල ජෙප්පන් වන අතර.... රටේ ඉන්නා කුහකම හැත්ත ජෙප්පන්ම බව දැන් ඉතා පැහැදිලිය.


ඊට අමතරව, මෙය රටේ ප්‍රධාන මාතෘකාවෙන් බැහැරකොට, ජහමනයාගෙ මනස තුලින් ඉවත් කිරීම සඳහා නොයෙක් ආකාරයේ ප්‍රොපගැන්ඩා පැලවත්තෙන් එන අතරේ....


සාමාන්‍ය ජහමනයා පමණක් නොව විපක්ෂයේ පොලිටික්කෝ පවා ඊට ගොදුරු වී, වැඩේ අල කරගන්නා බවත්.... පිටත සිට මධ්‍යස්ථව බලන කෙනෙකුට පැහැදිලිව පෙනෙනවාය.


ඒ සඳහා ආණ්ඩුව විසින් විවිධාකාරයේ ප්‍රොපගැන්ඩා නිර්මාණය කර දෙන අතර, ඊටාමතරව සමාජය තුලින් මතුවන ඉතා සුළු කරුණු පවා, මහා පරිමාණ සාකච්ඡාවන් බවට පත්කොට, 22 අමතක කර දැමීම ආණ්ඩුවේ හා ජේවීපී මඩ බලකායේ වැඩපිළිවෙල බවට පත් වී අවසානය.


ජහමනයාගේ හිතසුව පිණිස එවන් දේවල් කිහිපයක් පහතින් සඳහන් කරනවාය..... ඊට අමතරව මට මිස් වූ දේ ඇත්නම්, ඒවා මොනවාද යන්න සඳහන් කරන්නේ නම් ඉතා වැදගත්ය.


🔸සිරගෙවල් වල කැරලි නිර්මාණය කිරීම. 


🔸දවසේ වෙඩිල්ල නැවතත් කරලියට ගෙනන ඒම


🔸Verite Research ඊනියා ජනමත සමීක්ෂණය


🔸ශිරාන් බාසික් හා කංජිපානි විගඩම

(ඩුබායිවලදී බොහෝ කලකට පෙර අත්අඩංගුවටට පත් වූ පාතාල නායකයෙක්, තමන්ට වාසි අවස්ථාවක පිටුවහල් කරගැන්මට තරම් ආන්ඩුව දක්ෂය.....මේ ජෝගියේ... කෙටි කාලීන ටාර්ගට්ස්  මෙන්ම දීර්ඝකාළීන ටාගට්ස් ද ඇති බව කරුණාවෙන් සලකන්න.)


🔸මන්දා නාලනී ශාන්තුවරයට එසවීම


🔸උමාරියාගේ තනේ


🔸මනමාලිගේ මේකප් එක


🔸විදුහල්පතිනියගේ ලිංගික අල්ලස් සිද්ධිය.


🔸 අලුත්ම එක.... ඩොලර් බිලියනයක් රටින් පැන්නූ බැංකු කළමණාකරුවන් හතර දෙනෙක් අත් අඩංගුවට පත්වීම.

(මරිමෝඩ ජනතාව පමණක් නොව මාධ්‍ය ආයතන හා ජඩමාජ්ජවේදීන්ද හිතුවේ තවත් ඩොලර් බිලියනයකට කෙලවෙලා කියලාය.... ඒත් මේ අර කලින් ඩොලර් මිලියන 800 ක් රටින් පැන්නූ කේස් එකෙම කෑල්ලක් බවත්.... House Of Fashion හිමිකරු අත් අඩංගුවට පත්වන්නේත් එහිම එක කොටසක් ලෙසත් දන්නේ ඉතාම අතලොස්සක් බවත් කිව යුත්තේ දැඩි ශෝකයකුන්මය.)

අපිත් මේවායින් ආතල් ගත්තද..... අපේ ප්‍රධාන මාතෘකාව යොමු වන්නේ විසිදෙක කෙරෙහිම පමණය.


වෙරිටේ රිසර්ච්ලා ගැන වෙනම සටහනක් ගෙන එන්නට බලාපොරොත්තු වෙනවාය.


ස්වස්ථි සිද්ධම් !!!


#මාතලන්

මා දුටු ඔස්ට්‍රේලියාව


 මා දුටු ඔස්ට්‍රේලියාව

➖➖➖➖➖➖❤️➖


ශ්‍රී ලංකාවේ දුරබැහැර ගම්මානයක, අඩක් කැඩීගිය මැටි බිත්ති සහිත පුංචි පැලක ඉපදුණු මට, අහසින් යන අහස්යානයක් දෙස බලා සිටීම හැර වෙනත් ලෝකයක් ගැන ලොකු හීන තිබුණේ නැතිය. මගේ පාසල් බෑගයේ පැත්තක් ඉරී තිබුණි; පාවහන් යුවළ හිල් වී තිබුණි. බැනියම් හා යට ඇඳුම් වැලේ වනනුයේ බොහෝ ලැජ්ජාවෙනි.


නමුත්, විදේශගතව සිටින මගේ ඥාති මාමා කෙනෙකුගේ උපකාරයෙන් මට හදිසියේම ඔස්ට්‍රේලියාවේ සතියක සංචාරයක් සඳහා එක්වීමට අවස්ථාව ලැබුණි. 


අහස්යානයට ගොඩවී පැය ගණනාවකට පසු මා පා තැබුවේ මගේ පුංචි මොළයට අදහගන්නටත් බැරි තරම් ආශ්චර්යමත්, අමුතුම ලෝකයකටය. එය මට බිග් කුච්චන් එකක්ම වුනේය.


මා මුලින්ම පය තැබුවේ සිඩ්නි නගරයටය. ගුවන් තොටුපළෙන් එළියට බසිනවාත් සමඟම මා දුටුවේ වීදුරුවලින් සෑදූ අහස උසට විහිදුණු දැවැන්ත ගොඩනැගිලිය. ඒ කිසිදු තැනක අපේ ගමේ මෙන් පාර පුරා විසිවුණු ප්ලාස්ටික් කොළ, දූවිලි හෝ කුණු රොඩක් දැකගන්නට ලැබුණේ නැතිය. 


පාර පිරිසිඳු කිරීම සඳහා වෙනම සේවකයින් උන් අතර, අපේ ගමේ මාලිමා මාමා මෙන්, සතියක් ගානේ මාන කපන කානු ශුද්ධ පවිත්‍ර කරන  ජනතා නියෝජිතයෝ එහි නැති බව අපට දැනගන්නට ලැබුනේය.


මාර්ග ඉතා පළල්ය, පිරිසිදුය. තදබදය තිබුණත් වාහන සියල්ලම ඉතා පිළිවෙළකට, නීතිගරුකව ගමන් කළේය. පාර පනින තැනදී පදිකයන්ට ප්‍රමුඛතාව දෙමින් වාහන නතර කරන අයුරු දැක මම පුදුම වූයෙමි. මගේ ගමේදී පාර පැනීමට පවා අප බියෙන් ගැහෙන්නෙමු. අපේ ගමේ ටැපික් සාජන් මාමා මෙන් පඳුරු අස්සේ සිට පාරට පනින පොලිස් හාවෝ එහේ දැක්කේ නැතිය. නමුත් දම් රැජින වාගේ බස් නැති එක කණගාටුවක් විය.


දිනක් මාමා මාව කැඳවාගෙන ගියේ "සිඩ්නි ඔපෙරා හවුස්" (Opera House) සහ "හාබර් බ්‍රිජ්" (Harbour Bridge) නැරඹීමටයි. මුහුද මැද රදවා ඇති සුදු පැහැති විශාල නැවක රදවා ඇති රුවල් වැනි ඒ ගොඩනැගිල්ල දෙස මම පැයක් විතර මුළුමනින්ම ගල්වී බලා සිටියෙමි.


මගේ මාමා කියූ පරිදි එම රටේ කොමියුනිස්ට් පක්ෂයක ලේකම් ධූරය දැරූ කෙනෙකු එහි වහලය මතට නැග පැනලා මැරී තිබුනේය.


සන්ද්‍යාවේ ඒ අහස යටින් විදුලි බුබුළු දැල්වෙද්දී මුහුදු දිය මත ඇඳුණු ආලෝකය මට ගෙන දුන්නේ පාසලෙන් අප රැගෙන ගිය පෝර්ට් සිටි චාරිකාවය. අපේ මාමා නම් කිව්වේ, මෙව්වා මේ මැදමුලන පැත්තේ එකෙක් ඇවිත් කළ පිස්සු වැඩ කියලාය.


තවත් දිනක අපි වනජීවී උද්‍යානයකට ගියෙමු. එහිදී මට ඔස්ට්‍රේලියාවටම ආවේණික ක kangaroo (කැන්ගරූ) සහ Koala (කොආලා) සතුන් දැකබලා ගැනීමට ලැබුණි. තමන්ගේ බඩේ ඇති මල්ලේ පැටවා තබාගෙන පැන පැන යන කැන්ගරූවන් දැක මට සිහි වූයේ පවුල් පිටින් එහෙ මෙහෙ පනිනා අපේ රටේ පොලිටිකල් මාමලාය.


නමුත් මගේ සිත වඩාත්ම සංවේදී වූයේ එහෙ පාසලක් සහ එහෙ ළමයින් ජීවත් වන ආකාරය දුටු විටයි. එහි ළමයින්ට අවශ්‍ය තරම් පොත්පත්, පරිගණක සහ සෙල්ලම් කිරීමට විශාල ක්‍රීඩාංගණ තිබුණි. කිසිම දරුවෙකුගේ ඇඳුම් ඉරී තිබුණේ නැත. හැමෝම තමන්ට හිමි නිදහස සහ පහසුකම් විඳිමින් සතුටින් සිටියහ. 


මට එකපාරටම මතක් වූයේ මගේ ගමේ පාසලේ පියස්සෙන් වතුර වටෙන පන්ති කාමරයයි, පොත් ගන්න සල්ලි නැතුව අඬන මගේ යාළුවන්වයි.

පොත් ටික හා පාසල් උපකරණ වැට් නැතිව ගන්න බලා සිටිනා මාගේ දුප්පත් දෙමාපියන්‍ය.


ඔස්ට්‍රේලියාව කියන්නේ තාක්ෂණයෙන්, පිරිසිදුකමෙන් සහ ස්වාභාවික සෞන්දර්යයෙන් පිරුණු අතිවිශිෂ්ට රටකි. එහෙ මිනිසුන් ඉතා සුහදශීලීය; පාරේදී හමු වූ විට පවා එකිනෙකාට සිනාසී සුබ පතති. ඒ අය අප මෙන් කුහක නැත. බොරු කියන්නේ නැත. හොරා කන්නේ නැත.


මගේ සංචාරයේදි ඔවුන්ගේ උක් වගාවක් නැරඹීමට ගිය අතර, අපිටත් උක් කන්නේ නැතිව උක් වවා රට ස්වයංපෝෂිත කළ නොහැක්කේ මන්දයි සිහිවිය. රට කොතරම් සංවර්ධිතද යත්, සීනී සඳහාම පමණක් වෙන්වූ වෙළඳ සල් රටපුරාම තිබුනේය. ඒවා දුඹුරු සීනී, සුදු සීනී, සීනී මුරුක්කු හා සීනී කරිඤ්ඤා ලෙස දියර වශයෙන්ද තිබුනේය.


සතියක මනරම් සංචාරයකින් පසු නැවත මගේ පුංචි පැලට පැමිණි මට, මගේ රටේ ඇති දුප්පත්කම ගැන ලොකු කණගාටුවක් ඇති විය. 


නමුත් ඔස්ට්‍රේලියාව මට දුන්නේ හිස් සිහිනයක් පමණක් නොවේ; ලොකු අභියෝගයකි.


"මමත් හොඳට ඉගෙනගෙන, කවදාහරි මගේ රටත් අන්න ඒ වගේ ලස්සන, දියුණු රටක් කරන්න උත්සාහ කරනවා" යන දැඩි අභිලාෂය මා තුළ පැළපදියම් කිරීමට ඒ පුදුමාකාර ඔස්ට්‍රේලියානු සංචාරයට හැකි විය.


එපමණක් නොව එරටට ගොස් අපේ රට වෙනුවෙන් තම ලේ දහදිය හා කඳුළු වක්කරමින්, සම්මාදම් එකතු කරමින් කවී ගී කෙටිකතා නිසඳැස් ස්ත්‍රෝත නාට්‍ය චිත්‍රපට මෙන්ම රේඩියෝ චැනල් හා පොඩ් කාස්ට් මෙහෙයවන මාමලා හා නැන්දලාද බෝට්ටු මගින් මෙරටට ගෙන ඒමට කටයුතු කරනා බවටත් දැඩි තීරණයකට එළඹ අවසානය.


අපේ රටේ මී හරකුන්ට පවා පොහොසක් රටක් හා ලස්සන ජීවිතයක් ලබා දීම මාගේ අනාගත බලාපොරොත්තුව වන්නේය.


ලංකාවට අත නොතබනු !!!!


#මාතලන්

Aug 15, 2026

අපායේ ව්‍යවස්ථාවටත් සංශෝධනයක්

 


අපායේ ව්‍යවස්ථාවටත් සංශෝධනයක්

➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖➖


▪️මෙය අනාගතයේදී අපායේ සිදුවන දෙයක් බව කරුණාවෙන් සැලකිය යුතුමය...


අම්මට සිරි ලංකාව නම් ධර්මද්වීපයේ බලයට එන හැම එකාම රට හැදිල්ල ජනතාව සුඛිත මුදිත කිරීම පැත්තක තිබියදි කරන්නේම ව්‍යවස්ථාවට හෝ ගාලා පැලැස්තර හෝ අන්ඩ දමන බවටත්.... 


අන්ඩ දමා චොර වී තිබෙන ඒ බඩකඩුත්තුව විසි කර දමා.... බ්‍රෑන්ඩ් නිව් එකක් ගේන බවට පොරොන්දු දෙන හැම එකාමත් කරන්නේ ආයෙත් අන්ඩ දමන බවටත්.....


ඒ මදිවාට අහලා ඉවර කර දමා තිබූ නඩු ආයෙත් අසනා බවටත් දැනගැනීමට ලැබීමෙන් පසු... යම රජතුමා අපායේ නීතිපති දෙපාර්තමේන්තුවට දැන්වූයේ.... අම්මට සිරි ලංකාවෙන් පැමිණි උන්ගේ නඩු..... නැවත වරක් කැඳවීම සඳහා වහාම පියවර ගන්නා ලෙසය...


ඒ වෙනුවෙන් සන්තෝසමක් වශයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නාවුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු දෙකකින් වැඩි කරගන්නා ලෙසටත් අණ කරන ලදී...


මෙය එතරම් හොඳ ක්‍රියාවක් නොවන බවත්... පොඩ්ඩක් දිවිය ලෝකෙනුත් ඇහුවොත් හොඳයි නේදැයි කියූ නීතිපති දෙපාර්තමේන්තුවේ උන්ට යම රජු කියා සිටියේ... එක එකාගෙන් අහන්නේ නැතිව විවෘත මානසිකත්වයේ පිහිටා තොපි මං කියන දේ කරනවද.... එහෙම නැත්නම් කටු ඉඹුලේ යනවාද කියලාය....


කටු ඉඹුල කෙසේ වෙතත්..... තම තමන්ගේ බල නහරවලට ඩැමේජ් එකක් හෝ කටු ඉඹුලේ නැගීම නොව.... එල්ලි මැරීමට සිදුවන බවටත් දැනගත් නීතිපති දෙපාර්තමේන්තුවේ යමයෝ.... වහ වහාම පරණ නඩු නැවතත් කැඳවන්නට තීරණය කළේය....


ඒ අනුව.... ජනමත විචාරණය නම් මලහත්තිලව් බඩකඩුත්තුවක් එල් කරපු ජේ.ආර් ජයවර්ධනට මෙන්ම.... ඊට අන්ඩ දැමූ..... මහින්ද රාජපක්ෂට හා අනුර කුමාර දිසානායකට රෙහිව නැවතත් නඩු පවරන ලදී.....


තිදෙනාම ත්‍රිපුද්ගල ආසනයක හිඳුවා නඩු බැලවීම ඉස්ටාට් කල යම රජතුමා කීවේ... ඒකාධිපති ව්‍යවස්ථාවක් රටට ගෙනවිත්.... එය යම ලෝකයේ ව්‍යවස්ථාවටත් වඩා බලවත් ව්‍යවස්ථාවක් බවට පත් කිරීමත්.... එතරම් බලවත් ව්‍යවස්ථාවටත් පැලැස්තර හා අන්ඩ දමා.... පිටින් බලන්නෙකුට මෙය සාල වනයක් සේ පෙනීමට කටයුතු කිරීම හේතුවෙන්.... 


තිදෙනාටම නැවත වරක් දඬුවම් පැමිණවීමට පාර්ලිමේන්තුවේ බහුතරය විසින් තීරණය කර ඇති බවය....


යමරජ්ජුරුවන්ට නිදහසට කරුණු හෝ නීති තර්ක හෝ ජනමතය හෝ අදාල නොවන බැවින්.... දෙදෙනාම කට මෙන්ම පුපද වසාගෙන සිටියේය...


හොඳයි...., දැන් මුලින්ම තුන්දෙනාම මාගේ පළතුරු උයනට ගොස් තමන් කැමති පළතුරකින් කැමති ගෙඩි ප්‍රමාණයක් නෙළාගෙන විත් මා ඉදිරියේ ඒවා කෑමට සිඳුවනවා..... හැබැයි දඬුවම දෙන්නේ එක එක්කෙනා වෙනම අරගෙනයි....


අනේ බලන්න කොච්චර හොඳ රජෙක්ද කියලා.... අපි බලන්න ඕනේ විප්ලවයක් හරි කරලා මේ රජාට වැඩිය හොඳ රජෙක් වෙන්න කියලා.... එකිනෙකාට කතා කරගත් තිදෙනාම යම රජ්ජුරුවන්ගේ පලතුරු වත්තට දිව්වේ පලතුරු ගෙඩි නෙලන්නටය.....


ඉස්සෙල්ලාම ඇතුලට ගත් ජේ මාර්ගය අතේ තිබුණේ වෙරළු ගෙඩි කිහිපයක්ය....


හරි දැන් තමුන්නාන්සෙට වෙනවා අනුභව කරන්න හැබැයි මුඛයෙන් නෙමෙයි අධෝ මුඛයෙන්...


පස්වාන් දහසකට කෙළවෙන්න රජතුමනි ඒ මොන නීතියක්ද ඒ.....


එහේ වගේ තමයි මෙහෙත්... අම්මට සිරි ලංකාවෙන් එන උන්ට අපි පුපෙන් යන්න දෙන්නේ... ඒක වෙනස් කලෙත් ජනවරමට අනුව පාර්ලිමේන්තුවේ බහුතරයෙන්....  


ඊළඟට ගත්තේ මහින්ද රාජපක්ෂ උන්නැහේය.... එයැයිගේ අතේ තිබුණේ ගඩුගුඩා වල්ලකි....


හොඳයි දැන් ඔහේට වෙනවා ඔය ටිකත් ලෙලි පිටින්ම කන්න හැබැයි කන්න වෙන්නේ මුඛයෙන් නෙමෙයි අධෝ මුඛය....


කෑම පැත්තකින් තැබූ මහින්ද මහත්තයා කළේ.... ශිරානී බන්ඩාරනායක නිල නිවාසෙන් ගිය දවසේ සිනාසුනාක් මෙන්.... කොක්කඩලා මුළු අපායටම ඇසෙන ලෙස සිනාසෙනේකය....


ආ..... තමුසේ හිනා වුණාට වැඩක් නෑ... දැන් පටන් ගන්නවා කන්න....


ඒකත් ගණන් නොගත් මහින්ද මහත්තයා කරේ දිගටම හිනාවෙන එකය......


කින්ග් යමගේ නියෝග යටතේ පළවෙනි එක අධෝ මුඛයෙන් කෑමට පටන්ගත් මහින්ද මහත්තයා ඒත් හිනාවෙන නිසාම..... යම රජතුමා ඇසූයේ තමුසේ තාමත් හිනා වෙන්නේ කියාය...


හිනා යන්නැද්ද ඕයි... 


ආන් අර අවධානම් ගන්න බය නැති අවදානේ අවශ්‍ය තඹුත්තේගම එකා ඉන්නවා දූරියන් ගෙඩි දෙකක්ම අත් දෙකේ තියාගෙන.....


#මාතලන්