පච පිරි සුභ නව වසරක් වේවා
➖➖➖➖🔸🙏🙏🙏🔸🙏➖
මේ පචාණ්ඩුවේ පච කෙලීම දැන් උන්ට පයිතියන් වෙලාය... පචයක් කෙළියේ නැති නම් උන්ගේ දවස සම්පූර්ණ වෙන්නේ නැතිය.... තඹුත්තේගම මරිසි කොටාගේත්, කුරුඳු වත්තේ හරිනි මැඩම්ගේත්, අවුරුදු සුභ පැතුම් වල තිබෙන්නේත් අම්බ අම්බපචය.
ඒකෙ තඹුත්තේගම මරිසි කොටා කියන්නේ..... එයාලා ජයග්‍රහණ රැසක් හිමි කරගත් බවය.... ඒක ඇත්ත ය.... එයාලාට නම් ජයග්‍රහණ රැසක් හිමි වී ඇති බව හොඳින් පෙනෙන්නේය..... දැන් කප්පම් වසන්ත යන්න එන්නේ හොරු පාවිච්චි කළා කියා ගෝල්පේස් එකේ පෙන්වූ වාහනවලය..... මාස හයක් යන්නටත් පෙර කට්ටියගේම කඳ බඩ මෝරලාය.... දැන් දයාෂාන්ත දුන්න ෂර්ට් අඳින්නට බැරිය....
අනුර කුමාර දූෂණා වංචා ගැන කතා කරාට කන්ටේනර් තුන්සියයක් සද්ද නැතුවම වරායෙන් පිට වුණේය.... සෝලා පැනල් ඕෆ් කරන්න කියලා ඩීසල් වලින් කරන්ට් එක ගන්නවාය.... ඒවා සෝලා පැනල් වලින් ගන්නා කරන්ට් එකට වඩා බොහෝ මිල අධිකය.... ඉතින් ගානයි යන්නේ කාට කාටද කියා ඔහේලාම හිතාගන්නා එක හොඳය.....
අගමැතිනිය කියන්නේ... එයාලා බාරගත්තේ බංකොලොත් රටක් කියාය.... ඊට පස්සේ ඒක සංවර්ධනය කරපු බව එයා කියන්නේය.... අපි නම් දන්න විදිහට තාම තිබෙන්නේ කජු කාපු සීයා ඉතුරු කරලා ගිය ඩොලර් බිලියන 6 යි දශම ගණන පමණය.... මාස හයක් ගිහිල්ලත් ඒක වැඩි කරගන්නට තාම මෙයාලට බැරිවෙලා තිබෙනවාය....
කප්පරකට ණය වෙලාය.... ඒම ගණන රුපියල් වලින් නම් බිලියන 6000ක් කියා ආර්ථික විද්‍යාඥයෝ කියනවාය.... ඩොලර් වලින් නම් බිලියන විස්සක් විතරය.... මේවායෙන් කල සංවර්ධනය මොකක්ද කියා අපි නම් දැක්කේ නැතිය... ඔහෙලා දැක්කනම් ඒක කමෙන්ට් වල දානවා නම් බොහොම වටිනවාය....
ටින් ටින් අයියා කියන්නේ ඇමරිකාවෙන් ජංගි ගන්නේ නැති උනාට කිසි අවුලක් නැතෙයි කියාය. පොර කියන්නේ අපිට නැති වෙන්නේ බිලියන එකයි දශම දෙකක් පමණයි කියලාය. ඒ ගානත් වැරදිය.....
මේ ගැන වැඩි විස්තර බලන්න ඕන නම්..... කැමති කෙනෙක් මගේ වීඩියෝ එක බලා ගත්තාට කිසි අවුලක් ඇත්තේ නැතිය.....
වීඩියෝ එක මේක උඩ එබුවාම බලන්න පුළුවන්ය
අද මුළු රට
එක මිටකට
සුභ නැකතට
රට අනුරට
කිව්වාට
නැකත් වෙලාවේ තඹුත්තේගම තනි සිග්නල් කනුව ළඟ මරිසි කොටා හොයාගන්නවත් උන්නේ නැතිය....
කුරුඳුවත්තේ මැඩම් නම් කෝවිලක ඉන්නවා දැක්කේය....
ඔහේලා සියල්ලෝටම පච වලින් පිරි සුභ නව වසරක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්නේය... !!!!
ඒ වගත් මෙසේය.....
.
අලුත් අවුරුද්දේ පච ලපයාට හෙන හත පාර්ථනා කරමු
ReplyDeleteබොරු නොකියන මාලිමාවෙක් දැක්කොත් අටපටමට කියන්න ඕනේ ඕන්.
ReplyDeleteමාතා කෙබර කුමාරගෙ ආණ්ඩුව යටතේ අලුත් අවුරුද්දේ තඩි කෙබරයක් ඇදලා පොස්ට් එකක් දාලා වැඩ අල්ලන්නේ නැද්ද?
ReplyDeleteමට තියෙන අවුල වොක්ස්වැගන් කොම්පැනියක් දානවා කියලා රනිල් කියපු පච, වේයන්ගොඩට විදුලි දුම්රියක් දානවා කියලා රනිල් කියපු කතාව, අර්ජුන් මහේන්ද්‍රන් මගුල් ගෙදරක ගියා කියලා පැනලා යන්න ඉඩ දුන්නු කතාව වගේ දේවල් ටොම් පච නෙවෙයිද කියලා
ReplyDelete