.

.

May 25, 2025

මාලනියේ මාලිනියේ මාලිනියේ මා.... රාජිණියේ....

 


මාලනියේ මාලිනියේ

මාලිනියේ මා.... රාජිණියේ....

➖➖➖➖➖➖➖▪️❤️▪️➖


මාලනී ෆොන්සේකා කැලණියේය. කැලණියේ වරාගොඩ පාරේය. වරාගොඩ පාරේ ගහලගොඩවත්තේය. නුවර පාරේ තොරණ හන්දියෙන් හැරී.... වරාගොඩ පාරේ යනකොට හම්බවෙන පළමුවැනි ලොකුම වංගුවෙන් දකුණට හැරී ගිය විට ගහලගොඩවත්ත පාරය. ඒ පාර ඩෙඩ්ඩෙන්ඩ් එකකි.... කෙළවර නුවරට යන කෝච්චි පාරය. 


මාලනී ගුරුකුල ඉස්කෝලෙට යන්න ඇත්තේ ගහලගොඩවත්තට ගුරුකුල ළඟම ඉස්කෝලේ වෙච්චි නිසා වෙන්න ඇතිය... නැතිනම් පසු කාලයක ඇය විසින් සිය දෙමාපියන්ට සාදා දෙන ලද නිවසේ සිට... කැලණිය ධර්මාලෝක විද්‍යාලයට බොහෝ ළඟය. එම නිවස පිහිටා තිබෙන්නේ වරාගොඩ පාරට මුහුණලාය.


කොහොමත් ගුරුකුල ඉස්කෝලේ කලාවට ප්‍රසිද්ධ ඉස්කෝලයක්ය... එය මිශ්‍ර පාසලකි... මාලනී ෆොන්සේකා සිනමාවට ගෙන එන්නේ ජෝ අබේවික්‍රමය... ඒ පුංචි බබා චිත්තරපටියෙන්ය... මාලනී ජනප්‍රිය වූයේ ඇයගේ සුන්දරත්වය නිසාමය... එතරම් සුන්දර නිළියක් අද වන තෙක් ලාංකීය සිනමාවෙන් බිහිවුණේේ නැතිය...


ලාංකීය සිනමාව එක එක කැටගරීස් වලට බෙදා තිබුණද... ඒ සියල්ලම අයත් වෙන්නේ වාණිජ සිනමාවටය... මොකෝ ඔය එක ෆිල්ම් එකක්වත් නොමිලේ පෙන්නන්නේ නැති නිසාය... 


අද නම් ෆිල්ම් එකක් බලන්න යනවා නම් යන්න වෙන්නේ ඉඩකඩම් විකුණලාය... ඒ හේතුවෙන් සාමාන්‍ය ජනතාව සිංහල චිත්‍රපටි වලින් හැලිලා බොහෝ කල්ය... මාතලන් උනත් සල්ලි දීලා ෂෝ එකක් බලපු කාලයක් මතක නැතිය...


එහෙත් සිරිමාවෝ රට විනාශ කරපු යුගයේ මිනිසුන්ට සැනසීමකට තිබුණේ සිංහල සිනමාව විතරය... පෝලිමේ සිට මරාගෙන ගත් පාන් ගෙඩිය ගෙඩියද, හාල් පොතට දුන් මිල්චාඩ් හාලේ බත් සහ බොම්බිලි කරවලද කා... භූමිතෙල් ගඳ ගහන රෙදිත් ඇඳගෙන මිනිස්සු ෆිල්ම් බලන්නට ආවේ පොර කකාය... සිංහල සිනමාව නැගලාම ගියේ ඒ කාලයේය... 


එය එසේ වන්නටනළු නිලියන්ටත් වඩා ප්‍රධානම හේතුව වූයේ... එච් ආර් ජෝතිපාල නම් මහා ගායකයාය..... ෆිල්ම් එකට කලින් සින්දු පොත ජනප්‍රිය වුණේ ඒ නිසාය... මිනිස්සු චිත්‍රපටි බලන්නට ගියේ... ජෝතිපාලකයේ සින්දු ගුවන්විදුලියෙත් තහනම් කරලා තිබුණ නිසාය... සම්පූර්ණ සිංදුව අහන්න නම් නම් සෝ එක බලන්නම වුණේය.... ඊට හේතුව වූයේ අද ඉන්නා ජාතියේම පට්ට කුහක වාමාංශික මළ පෙරේතයින් පිරිසක් ගුවන් විදුලිය අරක් ගෙන සිටිය නිසාය... අමරදේව හා නන්දා මාලනී කියන්නේ එවන් පට්ට කුහකයින්ගෙන් දෙදෙනෙක්‍ය.. 


ජෝතිපාල කවුද කියා ලංකාවේ එවුන් තේරුම් ගත්තේ.. ජෝති මියගියායින් පස්සේය.. මාලනී ෆොන්සේකා ජෝතිපාලත් එක්කත් රඟපෑවේය....


ඇත්තටම ජෝතිපාල හා විජය කුමාරතුංග මිය ගියායින් පස්සේ... ලාංකීය සිනමාවද මිය ගියේය.. එහෙනම් මේ තියෙන්නේ සිනමාව නොවේද කියා අම්බරුවෙක් මගෙන් අසන්නට ඇහැකිය... උන්ට කියන්න තියෙන්නේ..... ඒ කාලයේ තිබුණු සිනමාව දැකපු නැති උන්ට... මේ චිත්තරපටිත් මාර ෂෝ වෙන්න ඇති කියලා....


ඉන් පසුවත්....ගාමිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම සහ මාලනී ෆොන්සේකා.... ජීවතුන් අතර සිටියද..... සිනමාව මිය ගියේ අර දෙදෙනාත් එක්කය... 


ඒ ඇරෙන්නට සිනමාව මියයන්නට තවත් හේතූන් තිබුණේය.... ඉන් ප්‍රධාන දෙකක් වන්නේ.... 88/89 ජවිපෙ භිෂණය හා රූපවාහිනියේ ආගමනයය..... ජවිපේ ත්‍රස්තවාදින්ගේ ඇඳිරි නීතිය නිසා 6:30 හා 9:30 ෂෝ.... නැත්තටම නැතිවෙලාලා ගියේය.... රූපවාහිනිය ජනතාව අතරට ගියේත් සිංහල සිනමාවේ පින් අත්වන්නටය..... 


ඒ කාලේ ගෙවල්වල තිබුන black and white ටෙලිවිෂන් එකේ පෙන්නපු සිංහල සෝ බලන්න අහල පහල උන් ආවේ ජෝති ගේ සින්දු අහන්නත් විජය කුමාරතුංග, ගාමීනී සහ මාලනීගේ රංගනයන් බලන්නත්ය... ටෙලිවිෂන් එකයි සිංහල සිනමාවයි නිසා අපේ ගෙදර තිබුණු පුටු සියල්ලම කැඩී ගියේය.... 


මාලනී පොන්සේකා රඟපෑ බඹරු ඇවිත්, බැද්දේගම, නිධානය, ආකාස කුසුම් වගේ චිත්තර උලුප්පා පෙන්වමින් මාලනී ෆොන්සේකාත් ප්‍රබුද්ධ නිළියක් කරගන්න පුප ඉරාගෙන ට්‍රයි කොලාට.... මාලනී ජනප්‍රිය වුණේ ඒ මළදානවල් නිසා නොවේය... ගාමිණී මාලනී හා විජය ජනප්‍රිය වූයේ..

ජෝති.... ඇංජලින්, ලතා හා සුජාතා එක්ක ගැයූ අදටත් ඉතා ජනප්‍රිය සින්දු වලට ඉදිරිපත් කළ රංගනයන් නිසාමය... එව්වා තිබුණු චිත්තර පටි නිසාය....


ඔය කියපු අය.... දැන් ඉන්න උන් වගේ නැටුම් කණ්ඩායම් සමග නටන්නට ගියේ නැතිය... ඇත්තටම එයාලා තනියෙන් වුව නටන්න ගියෙත් නැතිය... නටන්න ගියපු සනත්, ජීවන්, සෂී, රන්ජන් නැටුවේ බිලී කොක්කට ගහන්න ගියපු දෙකට කැඩුණු ගැඩබිල්ලෝ වගේය... විජය කුමාරණතුංගත් ඒ වගේ ඩාන්ස් දාන්නට ගිහිල්ලා ඇදගෙන නෑවේය...


විජේගේ අර ෆේමස් සයිඩ් වෝක් එක පඩිපෙලක් බැහැගෙන එනකොට ඒ කාලේ උන් කෙල්ලන්ගේ රෝස පෙති අතරින්.... මල් මී වෑහුනේය.... විජයට එහෙම attraction එකක් තිබුණාට... මාලනී කිසිදා සෘංගාරාත්මක නිළියක් නොවීය... කොල්ලන්ගේ ක්‍රෂ් එකක් උනේද නැතිය... මාලනියට පෙම් කලේ අයගේ සුන්දරත්වයටය... ඇත්තටම එය රාගයෙන් තොර සඳ එළිය සේ සුරම්‍ය, පාරිශුද්ධ අවංක එකක් උනේය... 


ඇත්තටම මාලනී පුප ඉරාගෙන නටන්නට ගියේත් නැතිය.... සංගීතය අනුව රඟපෑමේ හෙවත් අංග චලනයේ හා මුහුණේ අභිනයන්ගෙන් ප්‍රදර්ශනය කිරීමේ..... අපූරු කුසලතාවයක් මාලනියට තිබුණේය... ඒකට කියන්නේ ඇඟේ ඩෑන්ස් කියලාය... ඒ වගේ ටැලන්ට් එකක් හින්දි සිනමාවේ තිබුණේ මදුරි ඩික්සිත්ටය.... මාලනී වඩාත් ජනප්‍රිය වුණේ එම චරිතයන් නිසාය... 


එහෙත් ඇගේ රංගන හැකියාවන් නිසාම ඇය සම්භාව්‍යයයි නමින් හඳුන්වන චිත්‍රපටිවලටත් ගත්තේය... ඒවාත් නැගලා ගියේ ඇයගේ රංගනයට වඩා... ඇයගේ ජනප්‍රියත්වය නිසයි... ඇයගේ උපතින්ම ලද සුන්දරත්වය හා සුරතල් කටහඬ... කර්කශ ජීවීත හා සම්බන්ධ චිත්‍රපටිවලට ගැළපුණේම නැතිය....


කෙසේ වෙතත් පිචෑර් පිස්සෙක් වූ අපේ තාත්තා මුලු පවුලත් සමඟම ඒ කාලේ පෙන්නපු හැම ෂෝ එකක්ම බලන්නට ගියේය.... සමහර දිනවල house full නිසා හැරිලා ආවේය... තුෂාරා, සංගීතා, ලස්සන කෙල්ල මෙන්ම ජනක සහ මංජු යන චිත්‍රපටි එසේ හැරී ආ ඒවා බව මට අදටත් මතකය.... ඒ සිනමා ශාලාවන් දැන් ඇත්තෙත් නැතිය... ඒ නළු නිළියොත් නැතිය.... දුෂ්ටයෝත් නැතිය... ජෝ කරලාත් නැතිය... අධ්‍යක්ෂකවරුත් නැතිය... වෙනින් කවුරුත් නොව ලෙනින් මොරායස්ලාද නැතිය... 


ඒ වෙනුවට දැන් ඉන්නේ ජෝකර්ලා පිරිසක්ය... උන් ජෝකර් කමට හැර තවත් දේකටද බොහෝ ප්‍රසිද්ධය.. ඒ උන්ගේ කුහකත්වයට... ඒ කාලකන්නි අමනයෝ ජැක්සන්ගේ මැෂින් එක ගලවන්න කිව්වේය... ගෙදර ගෙනිහිල්ලා බලාගන්න කීවේය... මාලිනී ෆොන්සේකාගේ රෝගයක් සඳහා මුදල් දුන්නා කියා ඇය හැන්සාඩ් ගතකොට කිචකර දැම්මේය.... එකෙක් කට ඇරියේ නැතිය... එසේ වූයේ ඥාතීත්වය ඇති දුවෙක්... ඒ පක්ෂයේ යාව ජීව සාමාජිකාවක් වී සිටිද්දීය... එහෙත් තම නැන්දනයට වූ අපහාසය වෙනුවෙන් ඇය කටක් හෙල්ලුවේ නැතිය... දැන් බොරුවට ලෝකයට පේන්නට මිනිය ළඟ හඬා වැටෙනවාය... උන්ට ඒ රංඟනයන් නම් හොඳට පුළුවන්ය. 


ඊයේ පෙරේදා මා හා කතා කළ ඇයගේ මිතුරු මිතුරියන් කීප දෙනෙක්ම කීවේ... මට මේක ගෙවන්න පුළුවන්නම් මං ගෙවලා දමනවා කියා මාලනිය නිතරම කීවා කියාය... 


ජනතා විමුක්ති පෙරමුණේ තිරිසන් දේශපාලකයෙක් හැන්සාඩ් ගත වෙන කතාවක් කරමින්... ඒ කල නිග්‍රහය ගැන මාලනී කලකිරීමෙන් සිටියේය....


අද උන් සහ උන්ට උඩගෙඩි දුන් සහ දෙමින් සිටිනා කුහක තිරිසනුන් මාලනීට රාජ්ජ ගෞරවය පුදන්නට යන්නේ.... ඇඳුම් ඇදගෙන වෙන්නට බැරිය.... උන් මිනිස් වෙසින් උපන් තිරිසන්නුන්ය... උන්ට කඩේ යන කලාකරුවෝද එසේමය... උන් සියල්ලෝම අමු කුහකයෝය... 


මාලලිට කිංඩිය දානා මේ උන් සියල්ලොම අද විවිධ තානාන්තර දරමින් ජීවත් වෙන්නේ මහජනතාවගේ මුදලෙන්ය... ඒ ගැන උන්ට කිසි ලැජ්ජාවක් මෙන්ම අවුලක්ද ඇත්තේ නැතිය....


මල්ලි පොන්සේකා මුළු පවුලම ගොඩ ගත්තද... පවුලේ උන් මාලනීවා බලා ගත්තේ නැතිය... එහෙත් ජොලියෙන් ජීවත් වූ මාලනියට... ඉතා සොඳුරු මිතුරු මිතුරියන් පිරිසක් උන්නේය..... ඔවුන් මාලනී මිය යන තෙක්ම ආදරයෙන් රැක බලා ගත්තේය... 


ඔවුන් සියල්ලෝම මාලනිය මෙන්ම සොඳුරු මිනිසුන්ය... ඇය මිය ගියායින් පසු පවුලේ එවුන් රැස්වී අඬා වැළපෙන්නේ බොරුවටය... සමහරවිට ඔවුන් එසේ මග ඇර සිටියේ... ආර්ථික අතින් ඔවුන් එතරම් ශක්තිමත් නැති නිසා වෙන්නටත් පුළුවන්ය.... හැබැයි මාලනී ෆොන්සේකා හැකි පමණින් මේ සියල්ලෝම ගොඩ ගත්තේය... එහෙත් උන්ගෙන් සමහරෙක් මළ ගෙදරටවත් නැත්තේය...


වාසනාවකට මාලනීට දරුවන් උන්නේ නැතිය... එසේ සිටියා නම් ආණ්ඩුවේ පඩත්තලයින් දැන් පෙන්වන ෂෝ එක පෙන්නන්නට වෙන්නේ නැතිය.... එහෙත් මේ පඩත්තලයින්ට කියන්නන්ට ඕනා දේ... කිසිදු පැකිලීමකින් තොරව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ නිල්මිනී තෙන්නකෝන්ටත්... අර්ජුන කමලනාත්ටත් අපේ ගෞරවය හිමි වෙනවාය.... 


කොඳුනාරටියක් ඇති දෙදෙනෙක් හෝ ලාංකීය සිනමාවේ සිටිනාා එක ලොකු දෙයක්ය....


මාලිනී ෆොන්සේකා ඉතා බැතිමත් බෞද්ධ උපාසිකාවක් විය.... ඇය ලොවට පෙනෙන්නට පඩ ෂෝ පෙන්නුවේ නැති වුණාට.... බොහෝ පින්කම් කෙරුවේය... රෝගී දරුවන්ට බොහෝ සේ උදව් උපකාර කළේය....  ඒ කිසිත් නැතත්.... මුළු පවුලක්ම උසස් ජීවන තත්ත්වයක් හිමි පිරිසක් බවට පත් කිරීමේ පින ඇයට හොඳටම ඇතිය....


ඉදින් අප පිළි නොගත්තද....

ඇය පිළිගත්තා වූ නිර්වාණය....

ඇයට අත් වේවායි පතමි !


#මාතලන් 

.

47 comments:

  1. සිනමා අග රැජින වෙමින්
    යුගයක රස මැවූ සොඳින්
    මාලිනියට ආදරයෙන්
    පතමි නිවන් අත් වෙන මෙන්!

    ReplyDelete
    Replies
    1. කුහක ජේවීපීකාරයා ඔන්න ඇවිත්.

      Delete
    2. ඇත්තෙන්ම, මාලිනී ෆොන්සේකා මැතිණිය සිහිපත් කරමින් කවි පෙළක් මෙන්න:

      කාලය ගෙවී ගියත් ඔබෙ රුව මැකී නොයා,
      සිනමා ලොවට ඇගෙ සලකුණ සදා රැඳී ගියා.
      රඟමඬලේ රැජිනිය ඔබෙ නම අමරණීයයි,
      හදවත් තුළ ඔබෙ මතකය සදා ජීවමානයි.


      "නිධානය"ේ මැනිකේ ඔබෙ රංගන විලාසෙනා,
      "සිරිමල් එතනා"ේ ඔබෙ සුන්දර හඬ ඇසුණා.
      "බඹරු ඇවිත්" ගීතයෙ ඔබෙ නෙත් කඳුළින් පිරුණා,
      "වැලිකතර"ේ ඔබෙ ශක්තිය අප හදවතට දැනුණා.


      රට වෙනුවෙන් ඔබෙ කැපවීම අමිලයි,
      දේශපාලන ලොවෙත් ඔබෙ හඬ නොසැලෙයි.
      කලා ලොවෙ ඔබෙ නාමය සදා බැබළෙයි,
      අප සැම හදවතෙ ඔබෙ මතකය සදා රැඳෙයි.


      හීනයෙ ඔබෙ රුව දුටු ඒ මොහොත සැනසුමකි,
      ඔබෙ සුහද වදන් අප හදවතට සවියකි.
      ඔබෙ වියෝව අප හදවතට දුකකි,
      එහෙත් ඔබෙ මතකය සදා අප හදවතෙ රැකී.

      Delete
    3. මල් පවා ගැස්සිලා ලං වී බලාවී...
      අප සොයා අද රැයේ තරු රංචු ගැසේවී.... 😌❤️😌❤️😌❤️😌❤️

      Delete
  2. ඇත්තටම මං නොදන්න නිසා අහන්නේ. අමරදේව සහ නන්දා මාලිනී ඇත්තටම කුහකයින්ද?

    ReplyDelete
  3. හෙළ සිනමාවේ යුගයක් නිශ්චිතවම නිර්මාණය කරපු මාලිනී පොන්සේකා මැතිනියට නිවන් සුව පතමි, කෙසේ වෙතත් ඇයගේ අවමංගල්‍ය උත්සවයට කතා පැවැත්වීමට වර්තමාන NPP ආණ්ඩුවට සම්බන්ධ න්‍යායාචාර්යවරු ඇවිත් ස්නානය කර උත්සවය වප් මගුලක් බවට පත්කරගෙන සීසෑ බව කිව යුතුය.පිස්සුව -සාපේක්ෂ සහ "නිරපේක්ෂ ඇසින්

    "සාපේක්ෂ පිස්සුව" (Relative Madness) සහ "නිරපේක්ෂ පිස්සුව" (Absolute Madness) යන සංකල්ප මානසික සෞඛ්‍යය පිළිබඳ අපගේ අවබෝධය හැඩගස්වන සංස්කෘතික, ඓතිහාසික සහ සමාජීය බලපෑම් ගවේෂණය කරයි.

    සාපේක්ෂ පිස්සුව (Relative Madness)

    සාපේක්ෂ පිස්සුව යනු "පිස්සු" ලෙස සැලකෙන දේ ස්ථිර, විශ්වීය සත්‍යයක් නොවන බවට ඇති අදහසයි. ඒ වෙනුවට, එය යම් විශේෂිත සන්දර්භයක්, සංස්කෘතියක්, ඓතිහාසික කාල පරිච්ඡේදයක් හෝ සමාජ සම්මතයන් මත රඳා පවතී.
    සමාජීය නිර්මාණය: "පිස්සුව" බොහෝ දුරට සමාජීය නිර්මාණයක් ලෙස දැකිය හැකිය. සමාජයන් "සාමාන්‍ය" ලෙස අර්ථ දක්වන දේට වඩා වෙනස් වන හැසිරීම්, සිතුවිලි හෝ හැඟීම් "පිස්සු" ලෙස ලේබල් කළ හැකිය.
    සංස්කෘතික හා ඓතිහාසික විචල්‍යතාව: එක් සංස්කෘතියක හෝ යුගයක මානසික රෝග ලක්ෂණයක් ලෙස සැලකෙන දෙයක් තවත් සංස්කෘතියක අධ්‍යාත්මික අත්දැකීමක්, කලාත්මක ප්‍රකාශනයක් හෝ සාමාන්‍ය දෙයක් විය හැකිය. උදාහරණයක් ලෙස, අතීතයේ ආගමික දර්ශන දුටු අය අනාගතවක්තෘවරුන් ලෙස ගෞරවයට පාත්‍ර වූ අතර, වර්තමානයේ ඔවුන් මායාවන් ලෙස සැලකිය හැකිය.
    බල ගතිකත්වය: යමෙකු "පිස්සු" ලෙස නම් කිරීමේ හැකියාව බොහෝ විට බලය ඇති පුද්ගලයන් (වෛද්‍යවරුන්, නීතිවේදීන්, පාලකයන්) අතේ පවතී. මෙම ලේබලයෙන් පවතින සමාජ පිළිවෙලට අභියෝග කරන පුද්ගලයන් පාලනය කිරීමට හෝ බැහැර කිරීමට භාවිතා කළ හැකිය.
    අත්දැකීමේ ආත්මීයත්වය: පුද්ගලයෙකුගේ අභ්‍යන්තර අත්දැකීම් ඔවුන්ට අර්ථවත් විය හැකි අතර, වෙනත් යථාර්ථයක් තුළ ක්‍රියාත්මක වන අන් අයට එය අතාර්කික හෝ තේරුමක් නැති බවක් පෙනෙන්නට පුළුවන.

    නිරපේක්ෂ පිස්සුව (Absolute Madness)

    නිරපේක්ෂ පිස්සුව යෝජනා කරන්නේ සංස්කෘතික හෝ සමාජීය විචල්‍යයන් ඉක්මවා යන පිස්සුවේ මූලික, විශ්වීය හෝ වෛෂයික අර්ථ දැක්වීමක් තිබිය හැකි බවයි. මෙය හේතුවේ මූලික බිඳවැටීමක්, යථාර්ථයෙන් සම්පූර්ණ විසන්ධි වීමක් හෝ සන්දර්භය කුමක් වුවත්, ස්වභාවයෙන්ම අක්‍රිය වූ තත්වයක් පෙන්නුම් කරයි.
    විශ්වීය අක්‍රියතාව: මෙම දෘෂ්ටිකෝණයට අනුව, ඇතැම් සංජානන හෝ චර්යාත්මක දුර්වලතා පුද්ගලයාගේ සංස්කෘතික පසුබිම කුමක් වුවත්, ස්වභාවයෙන්ම අසාමාන්‍ය සහ හානිකර වේ.
    ජීව විද්‍යාත්මක/ස්නායු විද්‍යාත්මක පදනම: බොහෝ විට, මෙම අදහස මානසික රෝග පිළිබඳ ජෛව වෛද්‍ය අවබෝධය සමඟ සමපාත වේ. එයින් ඇඟවෙන්නේ පිස්සුව මොළයේ අසාමාන්‍යතා, ජානමය නැඹුරුතා හෝ විශ්වීය වශයෙන් පවතින ස්නායු රසායනික අසමතුලිතතාවයන්ගෙන් හටගන්නා බවයි.
    මූලික මානව හැකියාවන් අහිමි වීම: සමහරු තර්ක කරන්නේ නිරපේක්ෂ පිස්සුවට තර්කානුකූලව සිතීමේ හැකියාව, ස්වයං දැනුවත්භාවය හෝ බාහිර ලෝකය සමඟ අර්ථවත් ලෙස අන්තර් ක්‍රියා කිරීමේ හැකියාව වැනි මූලික මානව හැකියාවන් අහිමි වීමක් ඇතුළත් වන බවයි.
    ආචාර ධර්මමය ඇඟවුම්: නිරපේක්ෂ පිස්සුවක් තිබේ නම්, එය නිරෝගී මානව තත්වයකින් මූලික අපගමනයක් බැවින්, එයට මැදිහත් වීමට සහ ප්‍රතිකාර කිරීමට විශ්වීය ආචාර ධර්මමය අවශ්‍යතාවයක් ඇති විය හැකිය.
    අන්තර් ක්‍රියා සහ සියුම් බව
    මෙම සංකල්ප දෙක එකිනෙකට වෙනස් නොවන අතර බොහෝ විට සංකීර්ණ ආකාරවලින් අන්තර් ක්‍රියා කරයි. නූතන මානසික සෞඛ්‍යය පිළිබඳ අවබෝධය අනුව, මානසික අක්‍රමිකතා විශ්වීය වශයෙන් හඳුනාගත හැකි පැතිකඩයන් තිබිය හැකි අතර, ඒවායේ ප්‍රකාශනය, අර්ථකථනය සහ ප්‍රතිචාරය සංස්කෘතික, සමාජීය සහ ඓතිහාසික සාධක මගින් තදින්ම බලපායි.

    ReplyDelete
  4. මචන් මාතලන්, රාජපක්ෂ ජඩ පවුලට ඔය පට්ටපල් හොරැ කියන කතාව තවමත් උඹලා දිගින් දිගටම බලෙන් මාකට් කරන්න හැදුවට ඒක දැන් ඉස්සර වගේ මාකට් වෙන්නෙ නෑ බං
    පැහැදිලිව මම දන්න මාකටින් බාසාවෙන් කියනවා නම් අලෙවි වෙන්නෙ නෑ......

    මොකද ,
    ඔය උඹලා දශක ගානක් තිස්සේ වේදිකාවල ගිරිය කඩාගෙන උගුර ලේ රහ කරගෙන විලාප තියපු ඒ පට්ට පල් හොරැ අල්ලන්න තමයි ජනතාව උඹලට අසීමිත බලයක් දුන්නේ .....

    එහෙම බලයක් ගත්ත උඹලා හරියට අල්ලපු එකම එක හොරෙක් කියපං . බොරු රිමාන්ඩ් නාඩගම් නෙවෙයි උඹලා ආවට පස්සේ මේ 2025 උඹලා දාපු නඩුවකින් උඹලට එකම එක හොරෙක්වත් අල්ලන්න පුළුවන් වුණාද?

    සතියෙන්⁣ දෙකෙන් අල්ලනවා කියලා උඹලා ඉස්සර කිව්වේ....
    දැන් ආණ්ඩුව බලයට ඇවිත් මාස හතකුත් ඉවරයි ,
    උඹලගේ මහ එවුන් දැන් කියනවා හොරැ කියලා කිව්වේ බොරැවට ,
    දැන දැනම පූර්ණ අවභෝධයෙන් බොරැ කිව්වේ කියලා......

    උඹලගේ නායක සහෝදරයාම කියනවා යකෝ මහින්ද රාජපක්ෂ උන්නැහේ ගත්ත ණය සියල්ල ගෙවලා ඉවරයි ,
    යහ පාලන රජය ගත්ත අසීමිත ණය සඳහා ගෙවිය යුතු ණය බරට ගෝඨාභය බෙල්ල තිව්වා කියලා.....

    ඒත් උඹලගේ නායක සහෝදරයාට මතක නෑ....
    ඔය අසීමිතව ණය ගත්ත යහ පාලන ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂයක් හැටියට ජවිපෙ කටයුතු කලා කියලා......

    ඒ නිසා ගැලරියේ උඹලා චූන් කරන්න හොරැ , හොරැ කියලා කිව්වට ,
    හොරැ නෑ බං......

    නැත්නම් උඹලගේ නායකයො හොරැ එක්ක දේශපාලන වශයෙන් නිදිවදිනවා .....
    ඒනිසා හොරැ අල්ලන්නෙ නෑ......

    උඹලා උඹලගේ මෝඩකම නිසාම උන්ගෙ දඩ බල්ලො වෙලා උඩු බුරනවා.....

    නටපු තොවිලෙකුත් නෑ බෙරේ පළුවකුත් නෑ....

    උඹලට ,
    උඹලා ගැනම දවසක දුක හිතෙයි බං . අවංකවම මට දුකයි උඹලා ගැන...!

    ReplyDelete
  5. ඇත්තටම මාලිනී සිය රංග ප්‍රතිභාව හරහා වැඩිපුරම විනෝදාස්වාදය ලබාදුන්නේ පොදුජනතාවට වුණාට අවසන් කාලයේ ඇයට පිහිටට ආවේ ඒ පොදුජනතාවගේ ආණ්ඩුව හෝ පොදුජනතාවගේ පක්‍ෂ කියාගන්නා ඒවා නෙවෙයි, ඇයගේ නිර්මාණ ඒ හැටි බලපු නැති බටහිර සිනමාව රසවිඳි ප්‍රභූ පැලැන්තිය අවසන් කාලයේ ඇයට සලකද්දී ඇයට අපහාස කළේ ඒ පොදුජනතාවගේ කියාගන්නා ජාතික ජන බලවේග ආණ්ඩුව නේද?

    මාලනී ෆොන්සේකා අප හැර ගිහිල්ල ඇගේ අවසන් කටයුතුත් කරලා අවමංගල්‍ය උත්සවය ඉවර වෙලා දැන් දවසක් විතර වෙනවා. පහුගිය දවස්වල බුකියේ වගේම වෙබ් වලත් පෝස්ට් ගණනාවක් දැක්ක. ටීවී එකෙත් දැක්ක. රාජ්‍ය ගෞරව කරනවත් දැක්ක. ලංකික සිනමාව ඇතුලේ කරලා තියන කුමන හෝ දෙයක් වෙනුවෙන් එයාට ඒ තැන දෙන්න ඕන බව ඇත්ත.

    මෙතනදී අපිකොහොමද මාලනී ෆොන්සේකාට සම්බන්ද වෙන්නේ සහ අපි මොනවද ඇය ගැන ලියන්නේ කියන තැනදී මට නම් පෞද්ගලිකව ඇය ගැන ලියන්න තරම් ආත්මමූලික කෑල්ලක් (subjective element) නැති නිසා මම තරමක් කලපනා කළා. මේ ආත්මමූලික කෑල්ලක් කියන්නේ ෆොටෝ එකක් බිත්තියේ ගහගෙන හරි පොතක් අස්සේ දාගෙන හරි යම් 'විනෝදයක්' මම ලැබුවද නැද්ද කියන එක. එහෙම දෙයක් මම කරලා නැහැ කියන්නේ මම ඇගෙන් අශ්ශීල විනෝදයක් ලබල නැහැ කියන එක. නමුත් පැරණි සිනමා ලෝලීන් ගොඩක් මේ මාලනී සහිත කැමරා කෝණයේ 'අශ්ලීල විනෝදය' ලැබුවා. ඇයගේ ශරීරය සහ බැල්ම අපේ කලාපයේ ෆැන්ටසි එකක් වෙන්න ඇති. බටහිර කලාපයට සොෆියා ලොරේන්, බ්‍රිජිට් බාඩෝ, මැරිලින් මොන්රෝ, එලිබෙත් ටේලර්, රීටා හේවත් වගේ.

    ලංකාවේ වගේම භාරතය සහ මේ කලාපයේම එවකට තිබුණ සමාජය ගත්තාම චිත්‍රපටය තමයි මේ අශ්ලීල විනෝදය අපිට ලබාදුන් එකම විපරීත කලාව.

    මේකෙදී මාලනී ෆොන්සේකා යනු මගේ ෆැන්ටසිය නොවුණට රටේ සුවිශේෂයක්. ඒ නිසා එයාට තරමක් සුවිශේෂ අනුග්‍රහයක් දැක්වූවාට කමක් නැහැ.

    මේ මාතාගෙ පොස්ටුව දැක්කම මට ලියන්න හිතුන කොටස තමයි මේ මනුස්සය ජීවත් වෙලා ඉන්නකොට යම් සුවිශේෂ අනුග්‍රහයක් උදව්වක් කරලා තියෙන්නේ රටේ දැඩි විවේචනයට ලක්ව සිටින සාම්ප්‍රදායික කියන දේශපාලනඥයෝ නේද කියන එක. අප හිතවතා අසෝක හඳගමත් ලියල තිබ්බ රනිල් එයා වෙනුවෙන් ජනාධිපති අරමුදලින් උදව්කළා කියල. ඒ වගේම ඊටත් පෙර මහින්ද රාජපක්‍ෂ ඇයට ජාතික ලැයිස්තුව හරහා මන්ත්‍රී ධූරයක් පවා දුන්න. පිළිගැනීමක් දුන්න. එයාගේ ජනප්‍රිය බැවින් කොටසක් මහින්දත් ගන්න ඇති. කෙසේ හෝ ඇය ජීවත් වෙලා ඉන්න වෙලාවේ ඇය වෙනුවෙන් දැනෙන යමක් කලේ අර ප්‍රභූ සෙට් එක. මාලිනී ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය ලැබුණට පස්සේ තමයි බැංකු ණය අරගෙන ගෙවල් දොරවල් හදාගෙන ජීවිතේ අන්තිම කාලයට පදනම් දාගෙන තියෙන්නේ එතකම් ඇය අන්ත අසරණ තත්ත්වයට පත්ව තිබිලා ඒ ගර්හිත ප්‍රභූ පැලැන්තිය තමයි ඇයට පිහිට වෙලා තියෙන්නේ

    මාලනීගේ තරුණ ශරීරය ෆැන්ටසි එකක් වෙච්ච කාලේ සාමාන්‍ය පංතියේ මිනිස්සු කැමරාව හරහා ඇගෙන් විනෝදයක් ලබල අන්තිමට ඇයට NPP එකේ ජඩ මාධ්‍ය ප්‍රකාශක ජාලය සමග එකතුවෙලා ඇයට දැඩිලෙස පරිභව කරමින් අපහාස උපහාස කළා. නමුත් නරකයි කියලා හංවඩු ගහල තියෙන ප්‍රභූ කියන මිනිස්සු ඇය ෆැන්ටසි එකක් නොවන කාලයේ ඇයට සැබැවින්ම අවශ්‍ය විදියට උදව් පදව් කළා. ඒක තමයි මටනම් යථාව (the Real) කියල හිතෙන්නේ.

    ReplyDelete
  6. අඩෝ මාතා, බූරු පුතාණෝ ඉංග්‍රීසියෙන් කරන කතා ගහන කයි වල සිංහල වර්ෂන් එක දැක්ක ද බං අර මහාචාර්ය සෞම්‍ය ලියනගේ කියන ජාතික ජන බලවේගයේ ප්‍රධාන පෙළේ දේශපාලන සහායකයකු වූ ඒ පුද්ගලයා අර කළේ?

    මහාචාර්‍ය සෞම්‍ය ලියනගේ කියන්නේ සම්මානලාභී ජ්‍යෙෂ්ඨ සහ ප්‍රවීණ නලුවෙක් වෙච්ච හොරණ පළාතේ හේමසිරි ලියනගේ මහත්මයාගෙ පුතා. මතක විදියට university of visual and performing arts එකේ dean වෙලාත් හිටියා. ඔහුත් ප්‍රවීණ නලුවෙක්. සිනමාවෙදී අබා චිත්‍රපටයේ හබරා වගේම විදූ, ඉර හද යට, හීන හොයන සමනල්ලු, මචං වගේ චිත්‍රපට ගනනාවක රගපාපු හොඳ දක්ෂ නලුවෙක්. ඒ සේරම දැනගෙන ඔහුගේ කතාව දැකපු නිසා නිකං වගේ දාන comment එකක් මේක

    මහාචාර්ය කෙනෙක් නොවන නමුත් තාක්ෂණික ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් සහ කලාව ගැන සීමිත දැනුමක් තියෙන එකෙක් විදියට මගේ ඒ සීමිත දැනුමේ හැටියට Commiunication විෂයක් විදිහට හෝ ප්‍රායෝගික හාවිතය තුල හදාරන්නෙ නැතුව මහාවාර්්‍ය උනාම ඹහොම වෙනවා.. අපි මෙයාව අදුන ගන්නෙ අපි පොඩිකාලේ අනූ ගණන්වල මැද සිටහල ටෙලිනාට්‍යයක සුරුට්ටුවා නැත්නම් හරියටම කිව්වොත් “හූට්ටුවා” කියන ඉතාම ග්‍රාමීය නුගත් අපත සහ විසුළු සහගත චරිතෙකින් හැබැයි ඒකෙ මෙතුමා කියන වචන වගේම මෙතුමගෙ බැල්මෙත් Commiunication තිබ්‍බා. ඒකත් ස්ක්‍රිප්ට්‍ එකක්, ඒ වගෙම අවාසනවාවට මේ‍කත් ස්ක්‍රිප්ට්‍ එකක්🤔🤔

    ReplyDelete
    Replies
    1. @ Ano 11.42 PM

      ඔයාගේ කතාවත් ඇත්ත ඊටත් වැඩිය සෞම්‍යගේ කතාවේ ඇති ගැටලුව එය ගැඹුරු ප්‍රබුද්ධ කතාවක් වීම නොව ව්‍යාජ ගැඹුරු බවක් පෙන්වන හිස් වචන ගොඩක නොගැලපෙන අච්චාරුවක් වීමයි. බොරුවට මම පොර කියල පෙන්නන්න බර නොගැලපෙන වචන දාල කතාවක් කියලා ගොන් ආතල් එකක් ජනතාවට ජෝක් සපයලා කිච වුණා

      Delete
  7. මාලිනියගේ අවමංගල්‍ය උත්සවයට ඇවිල්ල ලකුණු පුවරුව දෙස පමණක් බැලූ නලු නිලි සහ දේසපාලු ජෝකර්ලා දහස් ගණනක අතරේ මරණයකදි ලකුණු දාගන්න දැඟලුවෙ නැති, මාලිනිය වෙනුවෙන් ජීවත්ව ඉද්දි යුතුකම ඉටුකල මිනිහෙක්.
    කථා පවත්වන්න, අඬන්න, මලිනියගේ දේහය ලඟ සිට photo එකක් ගෙන facebook දමා තමන්ගේ ප්‍රතිරූපය උස්ස ගන්න, කොටින්ම කිවූවොත් මාලිනීගේ දේහය විකුණන් කන්න දහසක් සිටියත්,
    මාලිනීට අවශ්‍යම අවස්ථාවේ, රෝගාතුරු වෙලා ඉද්දි උපස්ථාන කරන්න, වෙලාවට බෙහෙත් ටික දෙන්න, රෝහලට ගෙනියන්න ලඟ හිටියෙ චන්දික නානායක්කාර විතරයි.
    මාලිනී අවසන් හුස්ම හෙලන්න පය කීපයකට පෙර කල ඉල්ලීම වූයේ චන්දිකට ඇවිත් ඇයව තුරුළු කරගන්න කීමයි.
    ජීවත්ව සිටියදී නොසලකණ, නොබලන උන්ගෙන් මැරුණට පස්සෙ මොකටද ගුණ කතන.
    පසුගිය දින කීපයේ අපි නලු නිලියන් සියල්ල දුටුවත් අපි හුස්ම තිබුන මාලිනීව ආදරෙන් රැකබලා ගත්ත නමුත් හුස්ම නැති මාලිනී ලඟ අපි චන්දිකව දැක්කෙ නෑ.
    ස්තූතී Chandika Nanayakkara.
    මොකද ඒ කැප කිරීම මානව වර්ගයාටම හොඳ ආදර්ශයක්..! මේ උපහාරය චන්දික නානායක්කාර අපේ මිතුරාට!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇනෝ

      නිළි රැජින පලමුවර අසනීප වූ කාලයේ ලකී ඩයස් ඇයව බලන්නවත් ගිහින් නෑ ඒක සම්පුර්ණම ඇත්තක් ! ඇයගේ ජීවිතයේ අන්තිම කාලයේදි තමා ඔහු ඇය ගැන බොහෝ සොයා බලා කටයුතු කරල තියෙන්නෙ , නමුත් ඔහු කෙලවරේ අන්තිම හරියෙදි එක්කාසූ උනාට එක්තරා සම්පුර්ණ පිරිමි හදවතක් නිළි රැජිනව ආදරෙන් බලාගෙන තියෙනවා ඔහුගේ ඒ බැදීමට මිත්‍රත්වයේ නම තියමු අපි❤️🙏 බොහෝ පිරිමින්ට තමන්ට ආදරේ කරපු ගැහැනිය නැතිවෙන්න යනකොට තමා ඇයව රැකගන්න වුවමනාවක් ඇතිවෙන්නෙ! ලගට ගිහින් මුහුණ දෙන්න බැරිකමත් , තමන්ට තමන් කෙරෙහි ඇතිවෙන ගිල්ටියත් ඒ වගේම ආදරේ පෙන්වන්න තියෙන උද්දච්චකමත් නිසා " බලා දුර හිද රැකගන්න බැලීමක් තමා මෙදා පාර ලකී ඩයස්ට උනේ! සමහර පිරිමි ප්‍රේමය ලෝකෙට පෙන්වන්නෙ නැහැ උන් හිතන්නෙ ඒක උන්ට මදිකමක් කියලා! ඒ වගේම තමන්ගෙ ප්‍රේමිය තමන්ට වඩා ඉහළට යනවා දැකීමත් සමහර පිරිමින්ට මදිකමක්! ඕන් ඕකයි පිරිමින්ගෙ ප්‍රශ්නෙ!😌

      Delete
    2. ආදරය ද
      සෙනෙහස ද
      කරුණාව ද
      රැකවරණය ද ..
      දිවිහිමියෙන් පුදකොට...
      මාලනියගේ අවසන් හුස්ම පොද තෙක්...
      අත්නොහැර
      තම දිවියේ හොදම කාලය කැප කළ...
      ඇයගේ නිහඩ වීරයා ඔබයි....
      ඔබට පිං චන්දික අයියේ.. ඔබට දිගාසිරි වේවා..!

      Delete
  8. Replies
    1. ඔව් වැලිගම් පිටි

      Delete
  9. මාලිනියට නිවන් සුව පතන අතරේම කණගාටුදායක කාරණය තමයි දැන් නවක නිලියෝ නෑ කියන කාරණය...දැන් ගොඩක් ඉන්නෙ කොපිචැට් නිලියෝ🤌 ඒ නිසා කලාව කොහොමත් විනාශයි...ලංකාවේ නිලියක් වෙන්න ලේසිම ක්‍රමය තමා රියලටි ප්‍රෝග්‍රෑම් එකකින් දිනන එක...එයාලගේ ඇගේ රගපෑම කියන එක නෑ...මොකද එයාලා රගපෑම හදාරලා නෙමෙයි සිනමාවට එන්නෙ..එහෙම ගොඩක් අය හොද, ටීවී චැනල් වල අවුරුදු උත්සව වලටයි , නත්තල් උත්සව වලටයි...එතනින් එහා දෙයක් ඔවුන්ට බෑ..එහෙම අය නිසා දක්ෂ නවකයන්ටත් නිකරුණේ අපහාස විදින්න වෙනවා...ඕක තමයි ඇත්ත...ගොඩක් අය සිංහල සිනමාවේ අතීතය ගැන කිසිම දෙයක් දන්නෙ නෑ...ඒ නිසා මේතන මේ කුමාර තිරිමාදුර මහත්තයා කියන කතාවේ වැරැද්දක් මට නම් පේන්නෙ නෑ...

    මම දැන් අවස්ථා කිහිපයක දැක්කා මේ කැලුම් ආර්‍යන් කියන නවක රංගන ශිල්පියා ලංකාවේ ඉන්න ගොඩක් සිනමා රංගන ශිල්පීන්ට සහ අධ්‍යක්ෂකවරුන්ට චෝදනා කරනවා...ඔහු රංගනයෙන් දායක වුනේ ඊතලය, විලන් , ගොරී වගේ සිනමා නිර්මාණ කිහිපයක විතරයි😵‍💫
    සිනමා ක්ශේත්‍රයේදී ඔබ achieve කරගත්ත දේවල් මොනවදා ?..මගේ පෞද්ගලික මතය තමා කුමාර තිරිමාදුර වගේ සිනමාවේ අත්දැකීම් තියෙන රංගන ශිල්පියෙක් සිනමා කේශේත්‍රයෙන් ලබා ගත්‍ත achieves මොනවද කියලා ඔහුට වැඩිය දන්නවා ඇති ඔහුගෙ හොදම මිතුරෙක් වන සරත් කොතලාවල මහත්මයා 👍

    මම සිනමා රසිකයෙක් විදිහට කැලුම් ආර්‍යන් කියන මේ නවක රංගන ශිල්පියා තමන්ගේ සමාජ මාධ්‍ය භාවිතා කරන ආකරය ගැන නම් සෑහීමකට පත් වෙන්නෙ නෑ...මේ පලමු අවස්ථාවත් නෙමෙයි...ඔයාලට හිතෙන්නෙ නැද්ද රංගන ශිල්පියෙක් විදිහට මීට වැඩිය සමාජ මාධ්‍ය භාවිතා කරනකොට සැලකිලිමත් වෙන්න ඕනේ කියලා..කැලුම් ආර්‍යන් වීඩීයො වල කියනවා එයාව කපනවා කියලා..නවකයෝ කපනවා..තැනක් දෙන්නෙ නෑ කියලා..නමුත් මෙහෙම දේවල් වලින් ඒක තවත් වැඩි වෙනවා කියලා හිතෙන්නෙ නැද්ද..මොකද මේ දේවල් තවත් රංගන ශිල්පීන් දකිනවා...තව අධ්‍යක්ෂකවරුන් පවා දකිනවා...ඊට පස්සේ මෙයාලා මේ වගේ නවකයෝ ගැන වැරදි වැටහීම් ඇතිකරගන්නවා...එහෙම වැරදි වැටහීම් ඇති කරගන්න එක අඩුවෙනවා නේද මොවුන් හරියට සමාජ ජාල භාවිතා කලා නම්🙂 මම දැකලා නෑ කිසිම නවක රංගන ශිල්පියෙක් සමාජ ජාලා වල මෙහෙම හැසිරෙනවා..

    මගේ පෞද්ගලික මතය තමා රංගන ශිල්පියෙක්..නවක /පරණ ඕනෑම රංගන ශිල්පියෙක් සමාජ ජාල භාවිතා කරනවා නම් සැලකිලිමත්වෙන්න ඕනෙ...මොකද පොඩි දෙයක් වුනත් ඇති මිනිස්සුන්ගෙ හිතේ ඔවුන් ගැන රිණාත්මක හැගීමක් ඇතිකරවන්න...

    මේක මගේ හුදෙක් පෞද්ගලික මතය පමණයි...

    ReplyDelete
  10. ඇත්තටම අනුර කුමාරගෙ කතා ලියන්නෙත් සෞම්‍ය ලියනගේ කියන ජනප්‍රිය මතය ඇත්ත කියලා දැන් තේරෙනවා, අර ලෝකප්‍රකට බොලිවුඩයේ සිනමා සිත්තමක් වුණ ත්‍රී ඉඩියට්ස් එකේ චතුර් රාමලිංගම් සහ සෞම්‍ය කියන්නේ 2 Idiots ලා දෙන්නෙක් ඇත්තටම

    ඇත්තටම 3 Idiots හින්දි චිත්‍රපටය නොබලපු කෙනෙක් නැති තරම් නිසා හැමෝම දන්නවා ඇති ඒ චිත්‍රපටයේ එන "Silencer" නැත්නම් "චතූර් රාමලිංගම්" කියන්නේ තමන් හෙන උගත්, දක්ෂ, වැඩ්ඩෙක් කියලා හිතන් ඉන්න සෑහෙන මහන්සිවෙලා පොත්වල තියරි කටපාඩම් කරපු දකුණු ඉන්දීය දමිළ සම්භවයක් සහිත අප්‍රිකානු ඉන්දීය චරිතයක්.

    චිත්‍රපටයේ එක් තැනකදි " චතූර් " ට Imperial College of Engineering (ICE) එකේ ගුරු දින සැමරුමේ දී කතාවක් කරන්න ලැබෙනවා. " චතූර් " කියන්නේ ගැඹුරින් අධ්‍යයනය නොකර කටපාඩම් කරන්න විතරක් කටයුතු කරන ගිරවා දාන්න විතරක් දක්ෂ කෙනෙක් නිසා මිනිහා කරන්නේ ඒ සැමරුම් කතාවත් අර්ථය තේරුම් නොගෙන වචනටික කටපාඩම් කරන එක. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන "රන්චෝර්" ( අමීර් ඛාන් ) කරන්නේ චතූර් කටපාඩම් කරන පිටපත ෂේප් එකේ අයින් කරලා ඒකේ තියෙන චමත්කාර්, ධාන්, අස්ත් වගේ වචන වෙනුවට බලාත්කාර් (Rape) , ස්තන් (Breast), ගන්ධ් (Smell) වගේ වචන දාපු පිටපතක් දාන එක. ඊට පස්සේ මොකද වුණේ කියලා හැමෝම දන්නවා. ඔහු කතාව අවසන් කරන්නේ මේ වගේ "රන්චෝර්" දාපු සංස්කෘත වගේ හැඟෙන බොරු ශ්ලෝකයකින්.

    උත්තමම් ධද්ධතාථ පාදම්
    මධ්‍ය පාදම් චුචුක් චුක්
    කණිෂ්ඨම් තුර්ථුරීය පාදම්
    සූර්සුරීය ප්‍රාන් කඨ්කම්...

    ඒ වගේම මේ සිංහල සිනමාවේ නිළි රැජින ගේ අවමංගල්‍යෝත්සවය වෙලාවේ කරපු ගුණකථනයක් අහපු මට හිතුනේ ඒක අල කරන්න කතාව කරපු අර මනුස්සයට 3 idiots එකේ " චතූර් "ට කරපු වැඩේ මිනිහටත් කරල ද කියලා. පස්සෙ හිතුණා එහෙම වෙන්න බෑ මොකද මිනිහා කතා කරේ කොලයක් බලන් නිසා.

    මට ඒක අහද්දි ඇල්බට් අයින්ස්ටයින් කියපු දෙයක් මතක් වුණා.

    "If you can't explain it simply, you don't understand it well enough."

    මාලිනි ෆොන්සේකා රංගවේදිනියනි,

    ඔබ සමුගන්නා අවසන් දිනයේ දී ඔබට විඳින්නට සිදුවූ ඒ "සෞම්‍ය අපහාසය" උපේක්ෂාවෙන් විඳ දරාගෙන, ඔබ ගේ රසිකයන් වන අපිට සමාව දෙන්න !

    ReplyDelete
    Replies
    1. @ Annonymous

      ඒක ඇත්ත. කතාවක අවස්ථාවෝචිත බව කියලා එකක් තියෙනවා.
      මාලිනීගෙ ප්‍රේක්ෂකාගාරය පුළුල්. ඔය කතාවම තමන්ටත් කියවගන්න පුළුවන් ආකාරයට කළා නම් වටිනවා.
      මාලිනීගෙ පරාසය නිධානය ආකාස කුසුම්, සිරිමැදුර වුණාට සුසී වාසනා තුෂාරාට ඒක හරිගියෙ නෑ.
      ඇය රැජිනක් වුණෙ ප්‍රේක්ෂකාගාරය හඳුනාගත් නිසා.

      Delete
  11. අවමංගල්‍ය අධ්‍යක්ෂවරුනි..!
    නිළි රැජිණියගේ කොපුල් මත කිසිවක් නොතවරන්න..
    ප්‍රේමයේ කැටි ගැසුණු කඳුළැලි
    ඒ කොපුල් මත තවමත් ඇති..! 🙏

    ReplyDelete
  12. ආවේ විජය - මාලිනී යුගයයි. විජය - මාලිනී පෙම්වතුන් ලෙස රඟපෑ චිත්‍රපට බෙහෙවින් ආකර්ෂණය දිනාගත්තේය. තුෂාරා, සංගීතා, මේ දෑස කුමටද වගේ සිනමා පට ගණනාවක මාලිනී සමග ප්‍රධාන චරිතය රඟපෑ විජය කුමාරතුංග බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටියා. නළුවෙන් රටේ නායකයා වුනා නම් සෙලෙන්ස්කි මෛත්‍රීපාල සහ අනුර කුමාර කෙබර කොටා වගේම ගොං ආතල් දිදී ඉන්න තිබ්බා. චන්ද්‍රිකා කියලත් වෙනසක් තිබ්බේ නැහැ.

    නමුත් ඌ පට්ට හැන්ඩියා. පට්ට පර්සනැලිටි එක. ඔහු වටා සෙනඟ එකතු වුනා ඌ කී දේ හොඳ නිසා නෙවෙයි ඌ ලස්සන නිසා, උගේ කටහඬ පට්ට නිසා. ඒක රෝහණ විජේවීර කියන කැත, මෝඩ, මූසල වාචාල ත්‍රස්තවාදියාට දරාගන්න අමාරු වුනා. ප්‍රේමදාස තමයි ltte එකේ රැල්ල බිඳින්න විජයව උතුරට යැවුවෙ. ඒකෙන් විජේවිර ලට පහර වැදුණා. එකල ජවිපෙට තිබුණ බාධාව විජය. පෙුමදාසට බාධාව තිබුණෙ සිරිමාවොගෙන්.
    සිරමාවො ට රැල්ල හැදෙන එක නවතන්න විජය,ඔසි, චන්ද්‍රිකාල පාවිච්චි කලේ. දැං හරියටම මාලිමාව මෙහෙයවන ඇමරිකාව භාරතය ඇතුලු විදේශ බලවේග විපක්ෂයට යන ඡන්ද රනිල්ටයි, දිලිත්ටයි බෙදල යවනව වගෙ.

    ReplyDelete
  13. අපෙන් සදහටම සමුගත් නිලිරැජිණ මාලිනියට සුබ ගමන් !!!

    පසලොස් වසරකට පෙර ඇයව පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුව හරහා පත්කර ඇයගේ අවසන් සමය ස්ථාවර කර ගැනීමට උපරිම සහයෝගය ලබා දුන්,
    මහින්ද රාජපක්ෂ මහතාට දැන් වයස වසර අසූවකට ආසන්නයි.
    දණහිසේ සැත්කම් කිහිපයකට මුහුණ දී ඇත.
    ඇවිදින්නෙ වාරු ඇතිවය.වෙනදා මෙන් ඔහු
    ජවසම්පන්න නැත. මැතිවරණ වේදිකාවක
    පඩි ටික සරම අතින් උස්සන් නැගීමට නොව
    දිවීමට නොහැක. වෙනදා පාක්ෂිකයන් ගේ
    චියර් එකට දුන් මහින්දට ආවේණික අත්
    දෙක උස්සා කරන ආචාරය කිරීමට මහින්දට
    දේශපාලන වේදිකාවක් හමු නොවනු ඇත.

    සෑම මනුස්සයකුටම උරුම වයසට යාම,
    රෝගී වීම, මරණය මහින්ද රාජපක්ෂටද
    එකසේ උරුමය. ඔහුත් මතු දිනක මරණයට පත් වනු
    ඇත.

    නමුත් ! මේ රටේ ළග උපන් අතීතයක් නොදත්,
    බොරු වල වල් වල වැටුණු අලුත් පරපුර නෙත්
    යොමා සිටින්නෙ මහින්ද ගේ මරණය දෙසය.
    ඔවුන් පුදුමාකාර සතුටකින් එය පිළි ගැනීමට
    බලා සිටිති.

    වැරැද්ද ඔවුන්ගේ නොව ඔවුන් හැදුණු නවීණ
    පරිසරයේම.ඔවුන් කිසි දෙනෙකු අප ජීවත්
    වුණ අතීතයේ ජීවත්ව නැත.අප මුහුණ දුන්
    කටුකත්වයට මුහුණ දී නැත.ඔය ළපටීන්
    ඒ තත්ත්වයට තම දරුවන් සමග කවදා හරි
    මුහුණ දිය යුතුමය.එවිට ඔවුන් නිවන් සුව
    පතන, සතුටු වන නාකි මයිනාගේ මරණයේ
    වුණ සතුට කාළකණ්ණි හා අධම සතුටක්
    බව වැටහෙනු නිසැකය.

    අපිට තියෙන්නෙ ඒ දිනය දෙස බලා සිටීමය.

    මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමනි
    ඔබ තුමාට නිදුක් නිරෝගිය සුවය ලැබේවා !
    තෙරුවන් සරණයි ! 🙏🙏❤❤

    ReplyDelete
    Replies
    1. වැරැද්ද ඇත්තේ පොඩි වුන්ගේ නොව ගල් පැලෙන කෙබර අතාරිමින් ඔවුන්ගේ ඔලු හේදු මේ කාලකණ්නි ආණ්ඩුවේය. මුන් මාලනියට සැලකුවේ මෙහෙමනම් මහින්දට කෙසේ සළකනු ඇත්ද? මහින්ද යනු ඩයස්පෝරාවේ පරම හතුරාය. ඩයස්පෝරා ආණඩුවක් යත්තේ මහින්දගේ මරණය සිදු වුවහොත් එක අත්කින් එය දෛවෝපගතය.. එසේ නොවේවායි අපි පතමු !

      Delete
    2. දේශපාලන බඹරුන්ගේ පැණි බිව්වොත් අන්තිමට වෙන්නේ මොකක්ද?

      "පියුමෙහි පැණි බොති වන බඹරු.. මල මත නොරැඳෙති කළු දෙබරු.." මේ සිංදුව ඇත්තටම අපේ රටේ දේශපාලනයට හොඳටම ගැළපෙනවා නේද? එක පාරක් බලය ලැබුණාම සමහරු මල උඩ ඉන්නේ නැහැ.

      මේ දවස්වල ජාතික ජන බලවේගයේ මහ උන් විශේෂයෙන්ම කෙබර කොටා පන්සල් ගානේ යනවා දකින්න ඇති. මතකනේ කලින් මේ අයම වෙන පක්ෂ වල පන්සල් යන දේශපාලකයින්ට "තක්කඩියාගේ අවසාන නවාතැන ආගමයි" කියලා ගැහුවේ. ඒ කාලේ ආගමික කටයුතු විහිළුවට ලක් කළා. අද ඒ අයම ඒ දේ කරද්දි කොහොමද ඒක හොඳ වෙන්නේ? "ඌරගෙ මාලු ඌරගෙ පිටේම තමයි කපන්නේ" කියන කතාව මේකට හොඳටම ගැළපෙනවා.
      අනුර කුමාර එදා මහින්ද රාජපක්ෂ කරපු ජනප්‍රිය දේවල් කොපි කරලා මහින්දට ඇඳලා දේශපාලන වාසි ගන්න හදනවා. ඒ කාලේ ඒ අය කරපු හැමදේම බොරු සෝබන වගේම සද්භාවයෙන් කරපු දේවල් පවා කොපි කරමින් අද අනුරලා හාමුදුරුවෝ අල්ලගෙන බොරුවට රඟපානවා.
      "මං ජනාධිපති උනොත් පන්සල් යද්දී ෆොටෝ වීඩියෝ ගහලා ජන මාධ්‍යයේ පල කරන්නෑ" කියලා කලින් කිව්ව කෙනා අද කරන්නේ මොකක්ද? ඒක හරියට "කිඳා බහියි ආච්චිගෙ වස්තරේ" වගේ වැඩක්.
      ඇත්තටම විපක්ෂය මේ කාලය තුළ ලොකු දෙයක් කළේ නැහැ. ආණ්ඩුවේ අඩුපාඩුකම් සහ උද්ධච්චකම නිසා පළාත්පාලන මැතිවරණයේ ලක්ෂ 23ක් විතර ඡන්ද අඩු වුණා. ඒ අය දුන්න බොරු පොරොන්දු නිසා තමයි මේ තත්වයට ආවේ. මට නම් අනුර කුමාර පාලනයේ ලී ක්වාන් යූගේ වගේ නායකත්වයක් පේන්නේ නැහැ. ඔහු ගැලරියට කතා කරන බොරු සෝබන ගැලරිටෝක් කථිකයෙක් විතරයි.
      අන්තිමට කියන්න තියෙන්නේ, දේශපාලනයේ බලය කියන්නේ මලක තියෙන පැණි වගේ. බඹරු ඇවිත් පැණි බීලා යනවා. කළු දෙබරු මල දිහා බලන්නෙවත් නැහැ. ඒ නිසා අපි බුද්ධිමත්ව හිතලා තීරණ ගන්න ඕනේ.

      Delete
  14. මාතා ලෝකු මයිනා මහින්ද ඔය මාලිනී ෆොන්සේකාට ගෙයක් දුන්නා .. සමනලී සතුටක් නැත.
    මෙමත්‍රිපාල ඇයට බෙහෙත් ගන්න ලක්ෂ 55ක් දුන්නා.. සමනලී සතුටක් නැත.. අන්තිම GO HOME GOTA එලව්වා.......සමනලිලට අරගලය කරපු සල්ලි මිලියන ගණන් ලැබිලා... ඒත් ඒවා මාලිනී සනිප කරන්න සත පහක්වත් දුන්නේ නැත.🥲 සමනලී අරගලයෙන් ලද මිලියන ගණන් මසා විසාල සල්ලි කන්දරාවකින් ටිකක්,,ලැබුණු ගමන් ඉන් ටිකක් මාලිනී නැන්දනිය සනිප කරන්න වියදම් කලා නම් ඇය තවත් වසර කීපයකට හෝ ජීවත්ව සිටිනු ඇත.
    අහෝ සමනලී...කැතයි හොඳේ...!

    ReplyDelete
  15. මාතා, ජෙප්පෝ මාලිනී ගැන අපහාස උපහාස විවේචන එල්ල කරන්නේ ඒ චෝදනා හැමදේම මාලිනී ඉස්සර මහින්දට කඩේ ගිය නිසානේ, ඒ වෙනුවට මාලිනී ජෙප්පොන්ට කඩේ ගියානම් හත් දවසේ දානේ වෙනකන් ජෙප්පෝ එහේ, ඩෝබිලා එහෙම නම් හරහා දාගෙන බිම පෙරලීගෙන මාලිනීගේ ගුණ වයන්නේ, නැති ගුණ හදලා කියයි 😂😂😂

    ReplyDelete
  16. මේක මාර කෙලියක් නිළියක් වූවා කියලා අපේ බදු මූදලින් කරේ තියන්න යන්න ඕනද. මාලනී හොදට හම්බූකරා.. හැම පැත්තෙන්ම.. එක එක් රජයන් වලින් ඉඩමකි දූන්නා ගෙවල් දූන්නා...ගල්කිස්ස කලා පූරෙනූත් දූන්නා..
    ලබපූ ආදායම් හරියට පාලනය කරානම්..හිගන රටේ අරමූදල් වලින් හිගංගන්න ඕනෑ නෑ..

    ReplyDelete
  17. මාතා

    මහින්දානන්ද අලුත්ගමගේ කාරයට අවුරුදු විස්සකට හිර දඬුවම් නියම වෙලා නේද? ඇත්තටම අධිකරණය ස්වාධීනයි. ඒත් අභියාචනාධිකරණයට ගිහිල්ල මේකා නිදහස් වෙයිද කියන සැකය තාම මිනිස්සුන්ට තියෙනවා.

    නඩුව පවරන්නෙ 2019 ජූනි 27.

    නඩුව ගැන නීතිපති උපදෙස් ගන්නෙ 2022 ජූනි මාසේ.

    තමන්ව නිදහස් කරන්න කියලා මහින්දාන්නද ඉල්ලපු ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරන්මනෙ 2024 ජූලි 11.

    නඩුව නැවත ආරම්භ කරන්නෙ 2024 අගෝස්තු 23.

    විත්තියේ සාක්ෂි විභාහය ආරම්භ වෙන්නෙ 2024 දෙසැම්බර් 02.

    නඩුවෙ ඊලඟ සාක්ෂි විමසීම 2025 අප්‍රේල් 23.

    නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම 2025 මැයි 29.

    දැන් ඉතිං මූට හිරේ අවු. 20කට තපින්න පුළුවං.

    නැත්නම් අභියාචනාධිකරණයට යන්න පුළුවං.

    ReplyDelete
  18. 😜 දැන් දවස් 4ක් unlimited .........
    හච් සිම් තිබිලත් තවම ඩේටා ගත්තේ නැති අයට කියන්නේ.

    🌺Play store එකෙන් Cliq App එක අරන් register වෙනකොට ඔයාට free data (දවස් 4 ක් unlimited data pack එකක්) ගන්න පුලුවන්.

    ⭕ඒකට කරන්න තියෙන්නේ,👇

    1️⃣මුලින්ම ඔයා Cliq app එක ගන්න.

    2️⃣ඊට පස්සේ number එක දීලා App එකට register වෙන්න.

    3️⃣ඊට පස්සේ App එක open කරාම,
    වම් පැත්තේ උඩ තියෙන ඉරි තුන click කරාම එන list එකේ උඩින්ම තියෙනවා යහළුවන්ට ආරාධනා කරන්න(invite frends) කියලා.ඒක click කරන්න.

    4️⃣ඊට පස්සේ එන display එකේ යටින්ම තියෙනවා "ඔබට හිමි අන්තර්ජාල වරප්‍රසාද ලබා ගන්න"(redeem invitation code) කියලා.ඒක click කරන්න.

    5️⃣එතනට මෙන්න මේ code එක ගහන්න.
    හච් cliq ඇප් එක අරගෙන 3U8ayA
    මේක දෙන්න දවස් හතරක් ඩේටා අන්ලිමිටඩ් 😘 (සැ:යු: සිම්පල්,කැපිටල් අකුරු හරියටම ගහන්න ඕනි.)

    6️⃣ඊට පස්සේ ඔයාට එනවා internet pack එක active කර ගන්න කියලා.දැන් ඒක active කර ගන්න.

    Code එක copy කරන් paste කරන්න

    ReplyDelete
  19. https://divaina.lk/සිනා-රැල්ලක්-සම්මානයක්-ක/

    ReplyDelete
  20. අපේ සිනමාවේ ‘නිළි රැජින’ මාලිනී ෆොන්සේකා ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ පනහක් අවභාවිතා කළේ යැයි ඇතැමුන් චෝදනා කරනවා. එක් අතකින් රැජිනකට අන්දා ගරු බුහුමනට ලක් කෙරෙන මේ ගැහැණියම, අනික් අතින් හෙරක සේ ගෙන අවමන් කෙරෙනවා. මේ අවභාවිතාව ගැන තරමක් හෝ දන්නා මම ඒ දන්නා දේවල් මෙසේ ලියා තැබීම, දශක පහකට වඩා අපේ සිත් සතන් පිනවූ, හෙට අවසන් ගමන් යන ඇයට හිතේ කහටක් නැතුව සමුදෙන්නට හේතු වේවි.

    තම ජීවිතයේ අවසාන භාගයේ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ඇයව ඉන්දියාවේ ආරෝග්‍යශාලාවකින් ශල්‍ය කර්මයක් කරවා ගැනීම සඳහා කැඳවාගෙන ගියේ ඇයට ඉතා සමීප හිතවතුන්. එම ශල්‍යකර්මය සඳහා ගෙවිය යුතු මුදල රුපියල් ලක්ෂ 150 කට අධිකයි. මෙයට ජනාධිපති අරමුදලින් කිසියම් සහයෝගයක් ගත හැකිදැයි සමන් අතාවුදහෙට්ටි හිතවතා ගෙන් විමසා ඇත්තේ රවීන්ද්‍ර රන්දෙනිය යි. සමන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සම්බන්ධීකරණය කර ජනාධිපති අරමුදලින් රුපියල් ලක්‍ෂ පනස් පහක (55) මුදලක් මාලනී වෙනුවෙන් ඉන්දියානු ආරෝග්‍යශාලාවට ගෙවීමට කටයුතු කළා.

    ජනාධිපති අරමුදලෙන් පුද්ගලයකුට ලබා ගත හැකි උපරිම මුදල රුපියල් ලක්ෂ 10 යි. විශේෂ තත්ත්වයන් යටතේ රුපියල් ලක්ෂ 30ක් දක්වා අනුමත කළ හැකියි. සිංහල සිනමාවේ නිළි රැජින වෙනුවෙන් රුපියල් ලක්ෂ 55 ක් වෙන් කිරීම පාප කර්මයක්ද? අසල්වැසි ඉන්දියාවේ ලතා මංගේශ්කර්, රවී ශංකර්, සත්‍යජිත් රායි වැන්නවුන් තම ජීවිතයේ අවසාන කාලයේ රජය විසින් රැකබලා ගත් අයුරු මතකය.

    මාලිනී ලා නිලි වෘත්තියේ යෙදුණු සමයේ, අපේ සිනමාවේ ඊනියා ස්වර්ණමය යුගයේ, නළු නිළියන් හම්බ කළේ ජනප්‍රසාදය මිස සල්ලි නෙවේ. ඔවුන් තම ජීවිතවල අවසන් භාගයේ දී ගෙවූ දුක්ඛිත ජීවිත ද ගැන අප අසා ඇත. මා දන්නා තරමින්, තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස සිටින සමයේ ලංකා බැංකුවෙන් ණයක් අනුමත කරගෙන ජීවිතයේ අවසන් භාගයේදී තමාගේම නිවසක පදිංචි වෙන තෙක්, මාලිනී ද සිටියේ කුලී නිවසකය.

    මාලිනී ගේ අවසන් උපන්දින සැමරුම පසුගියදා සිනේස්ටාර් මූලිකත්වයෙන් නවලෝක auditorium හිදීත් ඊට සමගාමීව ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ආකාස කුසුම් නැවත ප්‍රදර්ශනය සඳහා නිදහස් කිරීමෙනුත් පැවැත්වුණා. තම අතීත මතකයන් සමඟ මාලිනී සිනා වෙවී අඬනවා අපි දැක්කා. ඇය එදා සතුටු උනා. ඇගෙන් සතුටු වූ අප ඇයට සතුටින් සමු දෙමු.

    From Ashoka Handagama's fb wall

    ReplyDelete
  21. මාලිනියගේ අවසන් කාලයේ අහස් මල් වන් සිනමා තාරකා ගැන නිර්මාණය වුණ ආකාස කුසුම් චිත්‍රපටයේ තියෙනව මෙහෙම දෙයක්.

    සුන්දර කලාවම ජීවිතය කරගත්තත් කලාවෙන් ජීවත්වෙන අයට කියලත් අදුරක් නැතිවීම කියන එකේ වෙනසක් නෑ.එළිය වගේම අදුර කලාවටත් පොදුයි. කලාව ආධාරකයක් කරගෙන ඉහළට නගිද්දී සමහරවිට ඒ වෙනුවෙන් කරන්නට වෙන කැපකිරීම් විශාලයි.තමන්ගේ ආදරය ප්‍රේමය විතරක් නෙවේ පවුල දරුවන් පවා ඊට අයිති වෙන්නට පුළුවන්.කාලයක් ගියත් ඒ පිටුපස තියෙන්නේ කාටත් නොකී කදුළු කතාවක් වෙන්නට පුළුවන්. හැබැයි හද ගැඹුරේ ඒ නොකී කතාව ගල්ව සගවා තියෙන්න පුළුවන්.

    වියපත් සන්ධ්‍යාරාණි සැදෑ සළුවක් දවටාගෙන තමන්ගේ රූපයේ හැඩ බලනවා.තරුණ කල නිළි සමය මතක මෙනෙහි කරනවා. නිවසේ ශාලිකා නවතාගෙන තමන්ගේ නිළි සමයේ එක භූමිකාවක් ශාලිකාගෙන් දකිනවා.ඒත් විවාහයෙන්ද අවතැන් වූ ප්‍රේමයෙන්ද අසාර්ථක වු නිළියක ලෙස ඇගේ පෙම්කතාව සාර්ථක කරගන්නට ශාලිකා සමත්වන්නේත් නෑ. ඒත් සන්ධ්‍යාරාණි එයින් මතක පසුපස දුවන එක නවත්තන්නෙත් නෑ. "උඹල මගේ හතුරෝ" කියා සහෝදරියන්ට විටෙක බැනවදින ඇය නැවත විටෙක ඔවුන් හා සමීපව අතීතයේ සැරිසරනවා.

    තනිව වසන සන්ධ්‍යාරාණිගෙන් වෙන්ව හිදින දියණිය ප්‍රියා අන්තිමට මෙහෙම ලියනවා.

    "අම්මි ඔයා කොණ්ඩේ වැව්ව නිසා මම කොණ්ඩය කොටට කැපුවා.ඔයා නිතරම නිල් ඇන්ද නිසා නිල් මගේ අකැමැතිම පාට වුණා. ඔයා නිතරම හිනාවෙන නිසා මම හිනා නොවී ඉන්න පුරුදු වුණා.ඔයා දකින්න මම අකැමැති වුණා.හැබැයි ඔයා මාව හොයං ආවම මම පැරදුනා.මට ඔයාට තවදුරටත් වෛර කරන්න බැරිවුණා.දැන් මම නිදහස්."

    ඇත්තටම කුසුම් ආකාසයේ පිපෙන්නේ නෑ.ඒත් ආකාසයේ ජනිත වෙන අන්‍යයන්ට පේන ⁣කුසුම් තියෙනවා.හැබැයි තමන්ගේ කැඩුන හෝ පාවුන නටුව පිටුපස ඛේදනීය කතාවක් තියෙනවා.ඒ හැම කුසුමකම පෙතිවල පිටතට නොපෙනුන වෙනස්ම කතාවක් තියෙනවා. ඒ කතාව තිරයකින් ලස්සනට නොපෙනෙන දැරිවියකගේ දුවකගේ මවකගේ සිට වියපත් ස්ත්‍රියක් දක්වා මතුපිට නිළියකගෙන් එහාට ඇදෙන දෙයක් වෙනවා. ආදරය යළි යළිත් අයදින කතාවක් වෙනවා.ඒක සරලව නිළි රූපකායකින් චිත්‍රපටයේ මෙහෙම කියනවා.

    මතක ද? "ආකාස කුසුම් යහනාවේ මට දැනෙනවා ආදරේ මට හැගෙනවා ආදරේ....!!!"

    ReplyDelete
  22. රෂිනි සුරයාරච්චිට පුකේ අරින්න ඕනී

    ReplyDelete
  23. මාතලන්,

    මාලිනිය ගැන කතා කරනකොට ඇගේ පරපුර කළ දෑ ඉදිරියට ගෙන යන නූතන පරපුර ගැනත් කතා කරන්න ඕනේ, නිළියෝ ගැන පස්සෙ කතා කරමු දැනට අපි,ඊයේ තිබ්බ මිස් වර්ල්ඩ් තරගය ගැන කතා කළොත් ඇත්තටම මම හිතන්නේ මෙච්චර කාලෙකට, විශේෂයෙන්ම මෑත කාලීනව මිස් වර්ල්ඩ් අවසාන තරගෙකට යන්න සුදුසුකම් ලබපු ලංකාවේ එකම කෙල්ල අනුදි..

    ඒකම ජයග්‍රහණයක්.

    මට මතකයි ඉතා රූමත් උදාරි වර්ණකුලසූරිය කියන නිළියත් වරක් මිසිස් වර්ල්ඩ් ගියා.

    ඇය ඒ වෙනුවෙන්ම මාස ගණනක් අංගම්පොර සටන් කලාව පවා ප්‍රගුණ කළා.

    ඉතා මහන්සි වුණා.

    ඒත් ඇයට අඩු තරමින් අවසන් පූර්ව වටයට හෝ තේරෙන්න බැරිවුණා.

    ඉතින් පැහැදිලියි ලස්සන තිබූ පමණින් මෙවැනි තරග ජයගන්න බැහැ.

    අනුදිට ලස්සන පමණක් නෙමෙයි හොඳ දැනුමක්, බුද්ධියක්, ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබුණ නිසයි අවසාන මහා තරගය දක්වා එන්න පුළුවන් වුණේ.

    ඉතින් මේ ආපු දුරත් හොඳටම ඇති කියන එකයි මගේ අදහස. අනෙක අනුදිට විරුද්ධව තිබුණු ලොකුම පොයින්ට් එක තමයි ඇය උග්‍ර බෞද්ධ අන්තවාදිනියක් වීම සහ විශේෂයෙන්ම අනුදි මීට වසර කිහිපයකට පෙර ඉස්ලාම් විරෝධී සමාජ මාධ්‍ය භාවිත කිරීම

    කොටින්ම ඇය තම මවු රට ලංකාව තුල සිංහල බෞද්ධ ජාතිවාදය සහ බෞද්ධ අන්තවාදය වැපිරවීම සහ 2019 දී පමණ ඉතා කෙටි කලක් ඇය ඉස්ලාමීය විරෝධී අදහස් දැරීම විශේෂයෙන්ම තවුහීද් ජමාත් වැනි ආගමික සංවිධාන අන්තවාදීන් බවට හංවඩු ගැසීම ඉතාම වැරදියි

    මෙම තරගාවලියට ඉදිරිපත්ව සිටින්නට පෙර ඇය ඒ ගර්හිත අදහස් තිබුණූ තමන්ගේ පැරණි සමාජ මාධ්‍ය ගිණුම් සියල්ල වහලා දැම්මට, මීට වර්ෂයකට පෙර ඇතැම් ලාංකිකයන් ඇගේ ගිණුමේ screenshot ගහගෙන ඒ විස්තර ඩවුන්ලෝඩ් කරගත් නිසාම ඒවා ලෝකෙ පුරා සමාජ මාධ්‍ය ජාලා තුළ ප්‍රචාරය වුණා.. ඇයගේ මේ ලේ වැකුණු අන්තවාදී අතීතය අවසානයේ ඇයටම පාරාවළල්ලක් වුණා, මේක ලංකාවේ හැමෝටම හොඳ පාඩමක්

    මීට පෙර දිනෙක ලාංකික මුස්ලිම් තරුණයකුත් අනදිගේ සමාජ මාධ්‍ය ගිණුමකට තම ආගමික විස්වාසයන්ට අපහාස කරන්න එපා කියලා යම් වේදනාත්මක කොමෙන්ට් එකක් එක් කළාම ඇය ඔහුට තර්ජනය කළා කියලා ඇය පොලිසියේ ඇන්ට්‍රියක් දාලා ඔහුව අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ සම්බන්ධයෙන් අනුදි සමාජ මාධ්‍යවල පළ කරපු අශික්ෂිත දේවල් ලෝකෙ පුරාම ගියා. අවසාන සම්මුඛ පරීක්ෂණවලට ඒවා භාජනය වෙනවා. ඒ නිසා හැමෝටම මේක හොඳ පාඩමක් ජාතිවාදයට ආගමික අන්තවාදයට ඔබේ සමාජ මාධ්‍ය ජාල වල ඉඩකඩ ලබාදෙන්න එපා, එය කවදාක හෝ ඔබට ඉතාම නරක ප්‍රතිඵල වලට හේතු වන බව තේරුම්ගත යුතුයි !

    ReplyDelete

  24. අයිසේ මාතලන්

    කෙහෙළිය රඹුක්වැල්ල නිදහස් වෙන්න හදනවා වගේ නේද?

    කෙහෙළියගේ කාලයේ කොමිස් ගහන්න බාල බෙහෙත් ඉන්දියාවෙන් ගෙනැත් නම්

    ඒ බෙහෙත භාවිතයට නුසුදුසු නම්

    ඒ ඖෂධ ආන්ඩු මාරු වුනාම තත්වයෙන් ඉහළට එන්නේ නෑ. ‼️

    ඒ කියන්නේ සෞඛ්‍ය ඇමති ලෙස කෙහෙළිය ඉන්දියාවෙන් ගත්තා කියන ඖෂධ බාල බෙහෙත් කියලා රටේ මහා කළබලයක් හැදුවනමි

    සෞඛ්‍ය ඇමති ලෙස නලින්ද ජයතිස්ස පත්වුනහම එකපාරටම ඒ බෙහෙත් ජනතාවට භාවිතයට සුදුසු ඉස්තරම් ඹෟෂධ විදිහට මහා හාස්කමකින් තත්වය ඉහළ යන්න බෑ ‼️

    ඒ හංදා රටේ තියෙන්නේ එක ජවිපයයි නම් එක ඖෂධ නියාමන අධිකාරියයි නමි ඒ දෙකට මේ ඖෂධ ආන්ඩු දෙකක් තුළ දෙවිදිහකට පේන්න විදිහක්ම නෑ 😄😄

    අනුර ඉන්දියාවට ගියවිට දෙරටේ සෞඛ්‍ය පද්ධති දෙක ඒකාබද්ධ කරන්න අවබෝධතා ගිවිසුමක් අත්සන් කලා එයට අනුව ඉන්දියාවෙි නිෂ්පාදන ඹෟෂධ ලංකාවෙි " රජයේ රෝහල් පද්ධතියට " ඇනවුමි කරන්න වෙනවා

    ඒ ඇනවුම් වලට සපයන ඹෟෂධ වලට ලංකාවට එකග වෙන්න වෙනවා.

    ඒ හංදා පහුගිය රජයට ගහන්න සමාජ ගත කරන ලද බාළ ඖෂධ කියන ඉන්දියන් නිෂ්පාදන බ්‍රෑන්ඩ් දැං රටේ සෞඛ්‍ය පද්ධතියට එකතු කරන්න ඕන. 😄😄

    ආන්න ඒ නිසයි සෞඛ්‍ය ඇමති කෙහෙළියගේ බාල බෙහෙත් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස යටතේ ප්‍රමිතිය සහිත ඖෂධ වෙන්නේ 😄😄😄

    සරළව බළය ලැබෙන්නම ඕන ඉන්දියාවේ බලහත්කාරය තේරුම් ගන්න.‼️

    ඒක ඇමති කෙහෙලිය නලින්ද ජයතිස්ස ආන්ඩුව රනිල්ගේ ආන්ඩුව අනුරගේ කියලා වෙනසක් නෑ.

    ඉන්දියාව හදන බෙහෙත් අපට කැමති වුනත් නැතත් උං පටවනවා විපක්ෂයේ ඉද්දී ඒවා බාල බෙහෙත් වෙන කවුරු හරි බලයට ආවොත් ඒවා ප්‍රමිතිගත නායම බඩු කායලා පිළි අරං කටයි පු..... යි වහගෙන ලංකාවේ ,ජනතාවට බෙදන්න වෙනවා.

    ආ............... ඔය ඉන්දියන් ඖෂධ කොම්පැණි දෙනවා කියන කොමිස් එක ආන්ඩු මාරු කලා කියලා වෙනස් වෙන්නෙත් නෑ 😄😄 ඉස්සර ඒක කෙහෙළියට දැං පැලවත්තේ පක්ෂයේ රහසිගත එකවුන්ට් එකකට හරි මුදල් භාරව ඉන්න වෙනත් පොරකට හරි දෙන්නත් පුළුවන් 😄😄

    ඉන්දියන් බාල බෙහෙත් නාටකය වගේම

    ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට ගැනීම තුළින් ජනතාවට අගතියක් කරා කායන චෝදනාවෙන් කෙහෙළිය නිදොස් කර නිදහස්වෙයි වගේ 😄😄

    ඊළඟට චීනයෙන් ආනයනය කරන්න නියමිත පෝර නැවත ආපහු ලංකාවට ආනයනය කරන්න වෙයි තව ටික දවසකින් ඕන්න චීනය ලංකාවට ඒක ගන්න කියලා බලපෑම් එල්ල කරන්න හදන්නේ

    ReplyDelete
  25. උත්පාද තිථි භංග ක්ෂණයක් පාසා රූපය වෙනස් වේ, ක්ෂණයක් යනු කොපමණ කාලයක්ද ?, මමය, මාගේය කියා අල්ලාගෙන සිටියාට, එසේ පවතින මමෙක් නැත, ඇත්තේ හේතුඵල ධර්ම අනුව ඒ මොහෙතේ සකස් වන නාම රූප පරම්පරාවක් පමණි. දැනුමක් ලෙස නොව පරිපූර්ණ ලෙස මෙය අවබෝධ වූ කල්හි සදා කාලික නිවීම උදා වේ.

    ඒ අනුව මාලිනී නමැති නිළියගේ තරුණ කල රූපය සහ වයසක රූපය දෙස බලන්න. ඒ රූපයන් දෙක සමාන ද? අසමාන ද? අසමාන වේ. එයට හේතුව කුමක් ද? රූපය යනුවෙන් දකින දෙය නිරන්තරයෙන් වෙනස් වේ. ඇය තරුණ අවධියේ තිබුණු සෛල කිසිවක් ඒ ආකාරයෙන් ම නැත. බාහිර ව පෙනෙන සම සම්පූර්ණයෙන් ම වෙනස් ය. කෙස් වෙනස් ය. මාංශ පේශි සහ අස්ථි වෙනස් වීමෙන් මුහුණේ හැඩය පවා වෙනස් වී තිබේ. තරුණ කල මෙන් අතපය වාරු නැත. අභ්‍යන්තර ඉන්ද්‍රියන් වෙනස් ය. රුධිරය වෙනස් ය. හෘදය වස්තුව වෙනස් ය. ස්නායු සෛල පවා ඒවායේ සංයෝග ඇසුරෙන් වෙනස් වී තිබේ. පෙර පැවති සෛල බිඳී එම සංයෝග නැවත සකස් වේ. ආහාරයට ගන්නා සංයෝග ද අලුතෙන් එකතු වේ. මේ ආකාරයට කය නිරන්තරයෙන් හැදෙමින් බිඳෙමින් හැදෙමින් බිඳෙමින් තිබේ.

    තරුණ මාලනී සහ වයසක මාලනී යනු ඉඳුරා වෙනස් රූප දෙකකි. සැබැවින් ම මෙහි තරුණ මාලනී නමැති රූපය නිරුද්ධ වී බොහෝ කල් ය. බොහෝ දෙනා මතක් කරන එම අතීත රූප මරණයට පත් වූයේ ඒ රූප ඔවුන් දුටු මොහොතේම ය.

    නමුත් එසේ කායික ව වෙනස් වුවත් මාලනී යනුවෙන් නොවෙනස් ව කෙනෙකු ඉන්නවා නේ ද? කියා ඔබ අසනු ඇත. බොහෝ අය ආත්මය ලෙස හඳුන්වන්නේ එයයි. ඇතැම් පුහුදුන් බෞද්ධයන් විඤ්ඤාණය කියා සිතන්නේ එයයි. සරලව එයට ‘සිත’ කියා කියමු. නමුත් එවැන්නක් සැබැවින් ම තිබේ ද?

    තරුණ මාලනීගේ සිත වයසක මාලනීගේ සිත ම ද? නැත. උදාහරණයක් ලෙස තරුණ මාලනී කැඩපතකින් දකින රූපය තමන් යැයි සිතයි. වයසක මාලනී කැඩපතකින් දකින රූපය තමන් යැයි සිතයි. එම රූපයන් ඉඳුරා වෙනස් ය. ඒ අනුව ඒ සිත් ද ඉඳුරා වෙනස් ය. තමන් යැයි සිතා ඇත්තේ ම වෙනස් රූප දෙකකි. එපමණක් නොව ඒවා වෙන් වෙන් ව අවස්ථා දෙකක දී හට ගත් සිත් දෙකකි. එක ම සිතක් නොවේ.

    සිත් යනු ඒ ඒ මොහොතේ දකින ඇහෙන දැනෙන දේ අනුව හැදී නැති වෙන දෙයකි. එය ඉතාම වේගයෙන් සිදු වේ. එබැවින් එක ම සිතක් ලෙස දැනේ. මෙම ලිපිය කියවීම ආරම්භ කළ මොහොතේ සිත දැන් නැත. සිත් යනු ස්නායු පද්ධතිය ආශ්‍රයෙන් වන රසායනික ක්‍රියාවලියකි. ඇතැම් පුහුදුන් බෞද්ධයන් එය පාරභෞතික ගූඪවාදයකින් විශ්වාස කරයි. එය ඔවුන්ගේ අනවබෝධය යි. සැබැවින් ම තිබෙන්නේ රූපයක එක් ක්ෂණයක අවස්ථාව ගැටීමෙන් ස්නායු ඔස්සේ දිව ගොස් සිඳෙන භෞතික ක්‍රියාවලියක් පමණී.

    එය තේරුම් ගැනීමට පැරණි චිත්‍රපටි උදාහරණයට ගත හැකි ය. ඒවායේ රාමු වේගය (Frame Rate) අඩු ය. රාමුවෙන් රාමුවට මාරු වන විට කාලයක් ගත වේ. එවිට පෙනෙන්නේ එක් එක් අවස්ථාවේ ගත් රූප ය. නමුත් තාක්ෂණය දියුණු වීමත් සමග රාමු වේගය වැඩි විය. එවිට එක් එක් අවස්ථාවේ රූප ලෙස පෙනෙන්නේ නැත. එම රූප එකිනෙකට ඇමිණී එකම රූපයක් චලනය වන්නාක් සේ පෙනේ. නමුත් අද වුවත් ඩිජිටල් වීඩියෝවක් edit කිරීමේ දී එය එක් එක් රූපයට බෙදිය හැකි ය. සිත් යනු එම එක් එක් අවස්ථාවේ රූප වැනි ය. ඒවා අධික වේගයෙන් හැදෙන නිසා එකම සිතක් මෙන් දැනේ. නමුත් මාලනීගේ තරුණ කල රූපය ඇතැමුන්ට මතක තිබෙන්නේ කෙසේ ද?

    මතකය යනු ද ඇති වෙමින් නැතිවෙමින් තිබෙන සිත් ම ය. බාහිර රූපයක් දැකීමෙන් හට ගත් සිතක් ම තවත් සිතක් ඇති කරයි. එක ස්නායුවකින් තවත් ස්නායුවකට වශයෙන් රසායනික ක්‍රියාවලියකින් තවත් රසායනික ක්‍රියාවලියක් වේ. එය ඒ ආකාරයට ම පවතින දෙයක් නොවේ. කාලයක් යන විට මතකය දුර්වල වී නැති වන්නේ ඒ නිසා ය. ස්නායු බොහෝ තිබෙන මොළයට හානි වූ අයට මතකය නැති වන්නේ ඒ නිසා ය. එකම සිතක් ලෙස මතකය අභෞතිකව පවතිනවා නම් එය නොවෙනස් ව තිබිය යුතු ය.

    ඒ අනුව මාලනී කියා නිත්‍ය රූපයක් නැත. මාලනී කියා නිත්‍ය ආත්මයක් ද නැත. ඇත්තේ නිරන්තරයෙන් සිදු වෙමින් යන භෞතික ක්‍රියාවලියකි. එය කායික මරණයෙන් අවසන් වෙනවා ද? නැත. මරණය යනු එම ක්‍රියාවලියේ ම එක් අවස්ථාවක් පමණී. එක් රූපයක් බිඳී තවත් රූපයක් හට ගන්නා සේ ම, එක් සිතකින් තවත් සිතක් හට ගන්නා සේ ම නැවත රූප ඉපදේ. නැවත සිත් උත්පාද වේ. මෙම ක්‍රියාවලිය නවත්වා ගැනීමට එක ම එක ක්‍රමයක් තිබේ. එනම් තවත් රූපයක් හෝ තවත් සිතක් හෝ ඇති වීමට ඇති හැකියාව නැති කිරීමයි.

    ReplyDelete
  26. සමනලී ෆොන්සේකා පොස්ට් එකක් දාලා තමනුත් බේරිලා ආණ්ඩුවත් බේරා ගන්න උත්සාහ කරනවා. සම'හරක් ඒක ''සියල්ලටම උත්තර'' කියා හෙඩිමක් දාල share කරනවා. 🤣😅සියල්ලටම කිව්වට සියල්ලට තියා කිසිම එකකට ඒකේ උත්තර එහි නැහැ. ඇත්තටම ඒක සමනලීම පිදුරු පඹයෙක් හදලා සමනලීම තලන පාටක් පේන්නේ. රට්ටු ප්‍රශ්න කළේ මාලනී ෆොන්සේකා ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 55 ක් ගත්ත එක නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ විවේචනය කරලා මැරුණට පස්සේ රාජ්‍ය ගෞරව දක්වන්නේ රෙදි ඇඳගෙන ද කියලා. සමනලීගෙම දේශපාලන පක්ෂයේ නායකයෝ පාර්ලිමේන්තුවේ මාලිනීගේ මුලකුරු සමග නම කියලා මේ සරත් ෆොන්සේකා නෙමේ කියලත් සවුත්තුව දැම්මා. ඒ ගැන වචනයක්වත් නොකියන්න පරිස්සම් වෙලා තියෙනවා. ඇත්තටම ඒ ගැන සමනලීගේ මතය කුමක් ද ? ලක්ෂ 55 ක් ගත්ත එක හරිද ? නැත්නම් ජවිපෙ මතය හරිද?

    කොහොම හරි මාලිනීට ලැබුනේ රාජ්‍ය ගෞරවය නොව රාජ්‍ය අනුග්‍රහය කියන එක සේදුම් බලකායට තහවුරු කරපු එක ලොකු දෙයක්. මේක හෝදන්න හදලා තිබුණේ // "ජාතික සෝක දිනයක්'' කියන්නේ රජයේ ආදායමට බලපෑමක් මම හිතන්නෙ නැහැ නැන්දා වුනත් මේ වෙලාවෙ එහෙම දේකට එකඟ වෙයි කියලා.// යනුවෙන්. ඉතිං එහෙම නොකරත් රාජ්‍ය ගෞරවය දක්වන්න තිබුණා. හරියට පණ්ඩිත් අමරදේවයන්ට කළා වගේ. එදිනත් රජය නිවාඩු දවසක් කළේ නැහැ. අනික දින, සති, මාස ගණන් වැඩ වර්ජන, උද්ඝෝෂණ,පෙළපාලි, ලෙඩ නිවාඩු, හර්තාල් කැදවලා ආර්ථිකයට කෙලවපු පක්ෂයක් දවසක අදායම ගැන හිතනවා කිව්වම ඊට වඩා විහිළුවක් තියෙන්න විදිහක් නෑ සමනලී. 🙂

    ReplyDelete
  27. ලස්සන පින්තූරයක් මේ පෝස්ට් එකට දැම්මාට මාතාට අපේ මෙව්වා එක, ඇත්තටම මාලිනියගේ මේ සුන්දර හිනාව නැතුව කවදාවත් මම ඇයව දැකලා නෑ. මට ඇයව සදහටම මතක මේ කාරුනික වසග කරන හිනාව එක්ක.

    ඇයගේ මුලු ජීවිතේම එකම හිනාවකින් දැක්ක, කවදාවත් නපුරුකමක් නොදැක්ක, කණට පිහාටුවක් ඇතිල්ලෙනව වගේ උණුසුමක් එක්ක සතුටක් එක්ක කතා කරපු, පංච කල්‍යාණය කියන්නෙ මේකයි කියලා උදාහරණ සපයපු, අවුරුදු 78 දිත් හදක් වගේ ලස්සන කාන්තාවක් හිටියනම් මේ ඉන්නෙ ඇයම විතරයි.

    මාලිනිය දැයෙන් සමුගෙන ගිය බව දැකපු මොහොතෙ හැදුන ඔලුවෙ කැක්කුම දවසම තිබ්බ. ඇයට කල අවසන් උපහාරය දැකපු මොහොත වගේම ඇයගෙ චිතකය දැවෙන මොහොතෙත් මම phone එක දිහා බලාගෙන ඇඩුව. මම ඇයගෙ චිත්‍රපට රසිකයෙක් නෙවේ. මම මනුස්සයෙක් විදිහට ඇයගෙ රසිකයෙක්. මම දැකපු මිහිපිට දිව්‍යාංගනාව තමා මේ සුන්දර මාලිනිය.

    ඉක්මනින් නැවත එන්න. ආදර මාලනී මැඩම්. ලංකාවෙ මිනිස්සුන්ට ජීවිතේ ලස්සන ගැන පාඩම් කියා දෙන්න. බලාඉන්නවා අපිත් ගිහින් ආපහු ආපු දවසක හමුවෙන්න. ❤️

    ReplyDelete
  28. මාතලන්

    ඇත්තටම මාලිනී ගාමිණී සමග විශිෂ්ට ලෙස රංගනයක යෙදුන නිධානය වගේම මාලිනිය රඟපෑවේ නැති නමුත් අතිසාර්ථක වැලිකතරේ හදවත පාරන කතාව ගැන ඔයාගේ අදහස මොකක්ද?

    යාපනයේ අඳුරු රාත්‍රියක, වෙරළබඩ අවන්හලක දුම් සෙවනැලි අතර ඒ.එස්.පී. වික්‍රම රන්දෙණිය මිතුරෙකු හා ගැඹුරු කතාවක නියැලී සිටියේය. ඔහුගේ ළඟම, කුලුඳුල් දරු පැටියා කුස තුළ හොවාගත් ගීතා රන්දෙණිය නිහඬව වාඩි වී උන්නාය. හදිසියේම ගීතාගේ නෙත් බියෙන් තැති ගත්තේය. ඒ අවන්හලේ අඳුරු කෙළවරක, පෙර දින සවස වික්‍රම ඇයට දරුණු ලෙස බැණ වැදුණු මිනිසා සිටිනු දුටු බැවිනි.
    උතුරු මුහුදු තීරයේ හොර ජාවාරමේ රජු වූ ගෝරිං මුදලාලි, සෙමෙන් කවුන්ටරය දෙසට පැමිණියේය.
    "විස්කි දෙකක් දානවකෝ," ඔහු පැවසීය.

    සිගරැට්ටුවක් දල්වාගත් ගෝරිංගේ දෑස් ක්ෂණයකින් ගීතා මත රැඳුණි. පෙර දින සවස දුටු ඒ රූමත් කාන්තාව! ඔහුගේ දෑස් පුදුමයෙන් හා මද සිනහවකින් පිරී ගියේය. වෛරයේ සෙවනැල්ලක්වත් එහි නොවීය.
    "අබේරත්න මහත්තයා සැර බීම බොනවා නේද? වේලු, ගෑණු අරක්කු එකක් දාපන්," ගෝරිං අසල සිටි තැනැත්තාට කීවේය.

    "මුදලාලි මොකද මේවට ගෑණු අරක්කු කියන්නේ?" අබේරත්න විමසීය.
    "බියර් වලට මං කියන්නේ ගෑණු අරක්කු. මං බොන්නේ සැර බීම," ගෝරිං සිනාසෙමින් පැවසීය.
    කවුන්ටරය වෙතට ගිය වික්‍රම බියර් බෝතලයක් ඇණවුම් කළේය. ඒ මොහොතේ ඔවුන් දෙදෙනාගේ දෑස් එකිනෙක ගැටුණි. ඒ දෑස් අතරින් කාලයාගේ වැලි තලාවෙන් වැසී ගිය අතීත මිත්‍රත්වයක මතක සෙවනැලි පෙනෙන්නට විය. දුම් දමන සිගරැට්ටුවෙන් නැඟෙන දුම් රොටු අතරින් ඒ අතීතයේ දර්ශන මැවී පෙනෙන්නා සේය.

    "ගමුද සර් පොඩි ඩ්‍රින්ක් එකක්?" ගෝරිං ග්‍රාම්‍ය මිත්‍රශීලී හඬකින් ඇසුවේය.

    "නෑ එපා, බොහොම ස්තූතියි," වික්‍රම උඩඟු නාගරික ස්වරයකින් ප්‍රතික්ෂේප කළේය.

    "එහෙනම් සර් බියර් එකක්?"
    යළිත් ප්‍රතික්ෂේපයකි.

    පිරිමි සහජ ලාලිත්‍යයකින් සිගරැට්ටුවක් උරමින් සිටි ගෝරිං උත්සාහය අත්හැරීමට සූදානම් නොවීය.

    "මං සරමක් ඇඳන් ඉන්න හින්දද, මං සංග්‍රහයක් කළොත් සර් පිළිගන්නේ නැත්තේ?"

    එහෙත් වික්‍රමගේ උඩඟුකම අහස උසට නැඟී තිබිණි.

    "නෑ මං කලිසමක් අඳින නිසා."

    ගෝරිංගේ මුහුණේ ශාන්ත බව නොවෙනස්ව පැවතුණි. පසුබිමෙන් ඇසෙන හින්දි ගීතයක නිවේදකයාගේ හඬ මැදින් ගෝරිංගේ මෘදු හඬ නැඟෙන්නට විය.

    "මං පොඩි කාලේ හිටියේ කන්ද උඩ රටක මහත්තයෙක්ගේ වත්තක. ඒ මහත්තයාගේ පුතා මාසෙකට සැරයක් එනවා. එයා ආපුවාම මං එයාගේ පස්සෙන්මයි. මං මුලින්ම බියර් බිව්වෙත් එයාගෙන් තමයි."
    ගෝරිංගේ කටහඬ අවන්හලේ නිහඬතාව බිඳිමින් පැතිර ගියේය.
    "වත්තේ බංගලාවේ ලොකු ඉස්තෝප්පුවේ පරණ පුටුවේ දිගාවෙලා බියර් බොනකොට මං කට දිහා බලාගෙන ඉන්නවා. එතකොට එයා කියනවා 'ඉඳා උඹටත්' කියලා මටත් ටිකක් වක්කරලා දෙනවා."
    ගෝරිං, අතීත වලව්වක තමාගේ අසරණ හා පීඩිත බව හෙළි කළේය.
    තමාව පහත් කොට සැලකූ ඒ දාමරිකයා සමඟ මිත්‍ර වීමට වික්‍රම උත්සාහ කළද, එදා රාත්‍රියේ ගීතා ඒ ගැන විමසූ විට වික්‍රමට සිදු වූයේ අතීතය වසා දමා තම බිරින්දෑ සනසන්නටය.

    නමුත් අතීතය සදාකල් වළලා දැමිය හැකිද?

    ReplyDelete
    Replies
    1. කාලය මෙසේ කුතුහලය දනවන සුළු පරිදි කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී හදිසියේම එක් දිනක් වික්‍රම රන්දෙණිය, ගෝරිංගේ හොර බඩු ප්‍රවාහනය කරන තෙප්පම් කිහිපයක් අල්ලා ගත්තේය. ඉන් පසු ගෝරිං, වැට් සික්ස්ටි නයින් විස්කි බෝතලයක්ද රැගෙන වික්‍රමගේ නිවසට පැමිණියේ සාදයක් මෙන්ම තොවිලයක්ද නටන්නට මෙනි.

      "මහත්තයෝ ආයුධ මුකුත් නෑ. වඩින්න එළියට," ගෝරිං පෙර පරිදිම සන්සුන් හඬින් කීවේය. ඔහුගේ කටහඬ කාව්‍යමය විය.

      "අද සර්ට ලොකු දවසක්. සපුමල් කුමාරයා යාපා පටුනට ගිනි තිබ්බා. ඒ කියන්නේ වික්‍රම රන්දෙණිය ඒ.එස්.පී. හාමුදුරුවෝ නොහොත් රන්දෙණිය රටේ මහත්තයාගේ එකම පුත්‍ර රත්නය වූ වික්‍රම රන්දෙණිය පොඩි හාමුදුරුවෝ, ගෝරිං මුදලාලි නොහොත් දික්පිටිගල මුදියන්සේලාගේ සුදු බණ්ඩාගේ හොර තෙප්පම් අටකට වැඩක් දුන්නා. බොහොම ලොකු වැඩක්."

      ගෝරිං කාව්‍යාත්මක අණ කිරීමකින් ඒ ජයග්‍රහණය සමරන්නට විස්කි වීදුරුවකින් සව්දිය පිරීමට සැරසුණි. නමුත් වික්‍රමගේ දෑස් ඒ කාෂ්ටක වැලි කතරට ඉහළින් බබළන හිරු මෙන් දිලිසෙන්නට පටන් ගත්තේය.

      "බැහැපන් යකෝ එළියට!"

      මේ පිරිමින් දෙදෙනාගේ රුදුරු අරගලය මැද ගැබ්බර කාන්තාව භීතියෙන් ගල් ගැසී බලා සිටියාය. ගෝරිංගේ දෑස් ඈ දෙසට යොමු විය.

      "මිසී නිදි මරන්න ඕන නෑ. ගිහින් නිදා ගන්න. ඔය තත්ත්වේ ඉන්නකොට නිදි මැරීම හොඳ නෑ."

      වික්‍රමගේ ඉවසීමේ සීමාවන් මුහුදු රළ පහරින් සේ මැකී යන්නට විය.

      "මොන තත්ත්වෙද යකෝ?"

      මෙතෙක් වේලා කාව්‍යාත්මක ස්වරයකින් කතා කරමින් සිටි ගෝරිංගේ හඬ නිවස දෙදරා මුහුදු රළ පරයා ඇසෙන්නට විය.

      "මීට අවුරුදු දහයකට උඩ මගේ නංගි හිටපු තත්ත්වය. මගේ නංගි බඩින් ඉන්නකොටත් මේ වගේ මූණ පුරවලා දාලා තිබුණා මතක නැද්ද..... (යලි සෞම්‍ය ලෙස) හාමුදුරුවනේ?"

      සියලු රහස් ටිකෙන් ටික එළිවෙන්නට පටන් ගත්තේය.

      එදා රාත්‍රියේ නිදි යහනේදී වික්‍රමගේත්, ගීතාගේත් උසස් පැළැන්තියේ ජීවිත ග්‍රාම්‍ය පසුගාමීත්වයට ඇදී ගියේය.

      "තමුසෙගෙ ඔය මහ නාකියා හිටියනං මං කියනවා ඌට පුත්‍ර කුමාරයාගේ තරම," ගීතා කෝපයෙන් පැවසුවාය.

      "තමුසෙත් අහගන්න එපා තමුසෙගෙ පවුලේ වරුණාව," වික්‍රම අවසානයේ සුපුරුදු හිංසනය බිරිඳ මතට මුදා හැරියේය.

      අති බහුතර සාමාන්‍ය පොදු ජනයා විසූ ප්‍රදේශවල ඉඩම් අයිතිය අත්පත් කරගෙන සිටි වලව් ප්‍රභූ රදළ පැළැන්තිය සියලු ආකාරයේ පීඩාවන් ග්‍රාමීය ජනයා මතට හෙළීය. ශ්‍රමය සූරාකෑමෙන් පමණක් සෑහීමට පත් නොවූ මේ රදළ පැළැන්තිය ගැහැනුන් ලිංගිකව සූරාකෑමටද සියවස් ගණනාවක් තිස්සේ යෙදී සිටියේය. එක් පැත්තකින් ශ්‍රම සූරාකෑමද, ලිංගික සූරාකෑමද තව පැත්තකින් ප්‍රභූ රදළ පැළැන්තියට එරෙහි වීමට තරම් ශක්තියක් නොමැති නිවටකමෙන්ද සියවස් ගණනාවක් තිස්සේ මේ පීඩිතයෝ පීඩා වින්දෝය.
      එවන් රදළ වලව් පැළැන්තියකින් ඉතා පහසුවෙන් ඉහළට නැඟි වික්‍රම රන්දෙණිය අන් පීඩකයන්ගෙන් වෙනස් වන්නෙක්ද?

      වික්‍රමට සිදුවන්නේද මනුෂ්‍යත්වයේත් ප්‍රභූ රදළ උද්දච්ච පීඩක භූමිකාවෙත් නිරන්තරයෙන් දෝලනය වීමටයි.

      අවසානයේ ඔහු තෝරා ගන්නේ පීඩකයාගේ හිංසාවයි.
      දන්නා කලක සිටම වලව්කාරයන්ගේ අතවැස්සන් වී, කාණු පල්ලට වැටෙමින් උන් සුදු බණ්ඩා ගෝරිං නැමැති පාතාල නායකයෙකු බවට පත් වී ඒ සියලු පෙර පීඩාවන්ගේ පළිය ගැනීමට සැරසෙයි.

      ප්‍රභූ රදළ පැළැන්තිය විසින් සිදු කළ ඉඩම් අහිමි කිරීම, ශ්‍රම සූරාකෑම, ලිංගික හිංසනය මේ සියලු පීඩාවන්ට එරෙහිව ඔහු තෝරා ගන්නේ ඔහුව පෙළූ එක් පුද්ගලයෙකුට එරෙහිව සටන් කිරීමයි.

      මේ පිරිමින්ගේ සටන් මැද ඒවායේ ගොදුරු බවට පන්ති භේදයකින් තොරව ගැහැනුන් පත් වී ජීවිතයේ සතුට අහිමි කර ගනියි. නාගරික, උගත් ගීතාට තම නීත්‍යානුකූල සැමියා ප්‍රතික්ෂේප කළ හැකි වුවද, ග්‍රාමීය නූගත් සුදු බණ්ඩාගේ නැඟණියට මරණය පවා ප්‍රතික්ෂේප කළ නොහැක.


      "යන්නේ කොහෙද දන්නේ නෑ, හැබැයි පාර දන්නවා," අවසානයේ ගෝරිං පවසයි. ඒ පාර වැටී ඇත්තේ බිහිසුණු ඛේදවාචකයක් වෙතටය......
      මෙය විශිෂ්ටතම චිත්‍රපටයකි. එහි සාර්ථකත්වයට ගාමිණී සහ ජෝ අතර තිබූ නොමනාපයද බලපෑවේය. නිහාල් සිංහයන් පෞද්ගලිකවම මෙහිදී ගිනි අවි පරීක්ෂා කළේය. අන්තිමේදී ගෝරිං මිය ගොස් රන්දෙණියගේ දෙපා මුලටම පෙරළී වැටෙයි. එයින් අදහස් වන්නේ සාම්ප්‍රදායික උඩඟු ප්‍රභූ පැළැන්තිය තවමත් සාමාන්‍ය ජනතාව පාගා දමන බව නොවේ ද?

      Delete
    2. @ Ano

      ලස්සනට ලියල තියෙනවා, අතීතය යලි මතක් කලාට බොහොම ස්තුතියි
      මේ ෆිල්ම් එක මහරගම අනුෂා හෝල් එකට ආපු පළමු දවසේම අපි ඉස්කෝලේ කට් කරලා යාළුවෝ 10 දෙනෙක් විතර 10.30 show එක බැලුවා අද වගේම මතකයි.එදා මුළු ලංකාවෙන්ම සවුන්ඩ්ස් වලින් හොදම ෆිල්ම් හෝල් එක අනුෂා එක කියලා අහලා තිබුණට වැලිකතරෙ ඩිං ඩිං ගාන (බැක් ග්‍රවුන්ඩ් එකෙන් ආපු) ශබ්දය පපුවටම කාවැද්දුනහම තමයි ඒක ඇත්ත බවට හොදටම තේරුනේ.ගාමිණී ගේ ජෝ ගෙ විශිෂ්ඨ රගපෑම් හමුවේ අපි ඇත්ත ටම වැලිකතරෙ අතරමං උනා කියලයි මට හිතෙන්නේ.මේ වගේ අති දක්ෂ නළුවන් ගේ රංගනයන් දකින්න අපි මොනතරම් වාසනාවන්ත උනාද කියනවනම් තවත් දින 3ක් ම ආයෙත් අනුෂා එකේ වැලිකතර බැලුවා මතකයි.

      Delete
  29. https://m.youtube.com/watch?v=wYto6gDIBBI&t=11s&pp=ygUQd2VsaWthdGhhcmEgZmlsbQ%3D%3D

    ReplyDelete
  30. Gayani Madam ta kiyala katata chu karagena bonna aasayi

    ReplyDelete
  31. අතීතේ ඈත දිනයක
    නිවසින් පලා ආ මිනිසෙකු
    තනිවම ඇවිද යනවීදියක
    වැටී තිබුනා කෝපි ඇට

    කිසිත් නැති කබා සාක්කුව
    පිරුනාය කෝපි ඇටවලින්
    හතිලමින් දුවන ඔහු දැක
    සිනාසුනි මිනිසුන් මහහඩින්

    හදිසියේ පාපැකිල විසිවී
    වැටුනේය මිනිසා මහමග
    කෝපි ඇට විසිරී හැමතැනම
    රිදුනේය මිනිසාට හොඳටම

    දින,සති,මාස වසරින්
    ගෙවී අවුරුදු ගණන් බොහෝ
    කෝපි ගස් යායක් අයිනෙන්
    වීදියක් ඇත එහි නම " පැරොල්"

    අතීතේ දිනක දිවගිය මිනිසෙක්
    විසිකල කෝපි ඇට මල්ලක්
    විදාහල අතුඇතිව ගස් වී
    සදාදෙයි රස සහ සුවඳක්

    අදත් තනිවම කෝපි බොන
    හුදෙකලා මිනිසුන් සහ ගැහැණුන්
    අසල හිනැහෙන නොපෙනෙන
    සුවඳ මිනිසෙක් වේය

    අප දන්නා සුවඳක්
    අපි ඇවිදනා වීදියක
    දැනෙයි නම් නවතින්න හනික
    ඒ අවට කොතැන හෝ
    ඔබ සොයන ජීවිතය තිබිය හැක
    යලිත් ඒ මොහොත නොයෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඉතා සුන්දර නිර්මාණයක්...බොහොම ස්තුතියි ! 🙏

      Delete
    2. මේ ආණ්ඩුව කියලත් වෙනසක් නෑ. කහල්ල, පල්ලෙකැලේ අලිමංකඩ අල්ලලා, වැව් පිටියෙ පවා කටුකම්බි ගහගෙන කැලේ ඉඩම් මංකොල්ලකන ගම්මුන්ට නඩු දාල, නීතිය තදින්ම ක්‍රියාත්මක කරපු අඩවි නිලධාරියෙක් ඉන්නවා චතුර ගුණරත්න කියල. කසිප්පු විකුණන උංගෙයි, ගංජා හේන්කාරයින්ගෙයි සල්ලි වලට අල්ලගත්ත ප්‍රාදේශීය දේශපාලකයෙක් ඉන්නවා. වර්තමාන NPP ආණ්ඩුවේ ඇමති නාමල් කරුණාරත්නගෙ ලේකම් කෙනෙක්. වැවට වතුර බොන්න එන අලින්ට කරන්ට් වද්දලා මරන්නෙ උන්. දැන් වන අඩවි නිලධාරියාව උතුරට මාර කරල, නාමල් කරුණාරත්න කරපු බලපෑම් මත. වර්තමාන ආණ්ඩුවේ වනජීවී ඇමති හෙන ලොන්තයෙක්. උගෙ අමාත්‍යංශෙ තීරණ ගන්නෙ කෘෂිකර්මාන්තෙ බාර මී ගවයො දෙන්න.

      Delete
  32. Saumyage chu bonna aasayi

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න