.

.

Oct 12, 2025

විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ....


 

37 comments:

  1. හොඳ වීඩියෝ එකක් මාතලන්

    තව දෙයක් කියන්න ඕන ඇත්තටම වර්තමාන npp ජාජබ දූෂිත අසික්කිත පාදඩ ආණ්ඩුවෙන් ගේම ඉල්ලන විමල් හමුවේ පොලිස්පතිට කට අරින්න වුණ එක ගැන

    සංවිධානාත්මක අපරාධකරුවෙක් වන පුවක් දණ්ඩාවේ සනා සහ ජනාධිපති අනුර කුමාර අතර පවතින සමීප සබඳතාවයක් සම්බන්ධව ජාතික නිදහස් පෙරමුණේ නායක,හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් තංගල්ල අපරාධ විමර්ශන කොට්‌ඨාසය වෙත ලබා දුන් ප්‍රකාශය විකෘති කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බවත් විමල් වීරවංශ ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

    ■ අපේ සටහන ÷

    පොලිස්පතිවරයා එහෙමවත් කියපු එක හොඳයි.

    ඇත්තටම ඕවා කියන්න ඉඩ තියාගන්න ඕනි වැඩ නෙවෙයි
    ඕවා නොවෙන්න ඕනි වැඩ.
    පොලිසියට දෙන කට උත්තරයක් පිටතට දෙන්නේ මොන නීතියක් යටතේද?
    පොලීසියට දෙන කට උත්තරය මාධ්‍යයට යනවා නම්,
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්න කට උත්තර ගැන දේශපාලන වේදිකාවේ කියනවා නම් තවදුරටත් කොහොමද ඔය ආයතන විශ්වාස කරන්නේ.
    පහුගිය දහ වෙනිදා ගල්කිස්ස උසාවියේ උන සිද්ධිය සමස්ථ පොලිස් සේවයටම ලැජ්ජාවක්.
    පොලීසිය මෙච්චර නිවටද කියලා හිතෙනවා.
    දේශපාලනඥයෙකුගේ නම කිව්ව පමණින් නීතිය අනිත් පැත්ත හැරුණා.
    තමන්ගේම දෙපාර්තමේන්තුවේ නිලධාරියා වෙනුවෙන් පෙනී ඉන්න එක පොලිස්කාරයෙක් නෑ.
    ඒකට ධෛර්යය තියෙන එක පොලිස් නිලධාරියෙක් එතන හිටියේ නෑ.
    හැබැයි හන්දි ගානේ අහිංසක මිනිස්සුන්ට පාට් එක දාන්න පොලිසියේ මහත්තුරු ඕනිතරම් ඉන්නවා.
    අන්තිමට ඒ පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙරට ආවේ මේ රටේ ජනතාවයි.
    එහෙව් පොලීසියකින් විමල් වීරවංශට නෙවෙයි මේ රටේ මොන පුරවැසියෙකුටවත් සාධාරණ ඉෂ්ඨ වෙයි කියලා පිලිගන්න පුළුවන්ද?

    ReplyDelete
  2. අනුර ජනාධිපති ත් ඒ වගේ තමයි.නුසුදුසු කෙනෙක් ට රටේ නායක කම ලැබිලා.ඉතින් ඕනෑවට වඩා කෘතඤ්ඤ වෙලා අර කාටදෝ අත් දෙකම වනනවා .එයාටම හරියන මෙයා 😁🤮

    ReplyDelete
  3. විජිතයෙ ආදරයේ වගේද බන් වසන්තයේ අග?

    "වසන්තයේ අග... හමුවෙමු සොඳුරිය... චාමර සම්පත් නොමැති දිහාවක...!

    - කෝටි 27 කප්පං වසන්ත (ජිනීවා ලෝක වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳව වූ සමුළුවේ සිට)

    ReplyDelete
  4. මාතා සුවිසැරිය ගිලන්රථ සේවාවේ නම ලපසැරිය කියලා වෙනස් කරලා රතු පාට කරන්න ආණ්ඩුව තීරණය කරලා කියලා හර්ෂ ද සිල්වා උපුටා දක්වන සජබ පේජ් වල තියෙනවා මම යෝජනා කරන්නේ මේකේ ප්‍රායෝගික තත්ත්වය ගැන කල්පනා කරලා ජවිපෙ පක්ෂයේ පක්ෂපාතීත්වයට උපහාරය පුද කරන්නත් එක්ක ඕකට තේමා පාඨය "මව්බිම නැත්නම් මරණය" කියලා දාලා හදිසි අංකය 8889 කියලා දැම්මනම් සම්පූර්ණයි නැද්ද?

    ReplyDelete
  5. අඩේ බං කොහොමද අපට මේ මොල ටික මගහැරුනේ මෙච්චර කාලෙකට 😅😂🤣

    ReplyDelete
  6. ලංකාවේ සමාජ මාධ්‍ය වල හැමතැනම තිබෙන විදියට දකුණේ අයිස් පිටුපස සිටින මන්ත්‍රී බෑණා කවුද?

    ■ හම්බන්තොට ප්‍රදේශයෙන් සොයා ගනු ලබන අයිස් මත්ද්‍රව්‍ය තොග පිටිපස සිටින්නේ හම්බන්තොට ප්‍රදේශයේ මන්ත්‍රීවරයකුගේ බෑණා කෙනෙක් - හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන.

    ■ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් වීරසිංහ හෙවත් “පුවක් දණ්ඩාවේ සනා” ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රබල හිතවතෙක්.සෑම අතින්ම ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දක්වන,මුදල් අතින් වියදම් කරන පුද්ගලයෙක්.ජවිපෙ නායකයා එම ප්‍රදේශයේ රැස්වීම්වලට පැමිණි විට දිවා ආහාරය හෝ රාත්‍රී ආහාරය සම්පාදනය කර අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දෙන්නේ ඔහුයි - ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ.

    ඒ අනුව ජවිපෙ හම්බන්තොට දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා මෙම ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනි.

    මේ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් අය අතර නිහාල් ගලප්පත්ති මහතාගේ බෑණා ඉන්නවාද?

    එහෙමත් නැත්තං වෙනත් මාලිමා මන්ත්‍රීවරයෙක්ගේ ඥාතීන් ඉන්නවාද?
    එකවරම ජවිපෙන් විපක්ෂයට එල්ල කරමින් තිබුණ අයිස් මත්ද්‍රව්‍ය ගෙන ඒමේ චෝදනාව නතර වුනේ ඇයි?

    ජවිපෙ නායකයා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකු වන සනත් වීරසිංහගෙ ගෙදරට ආහාර ගැනීමට යෑම සම්බන්ධීකරණය කළේ කවුද?

    සනත් වීරසිංහ දිස්ත්‍රික් නායකයා විදිහට නිහාල් ගලප්පත්ති විසින් නඩත්තු කළ සම්බන්ධයක්ද?
    නැත්තං පක්ෂ මුලස්ථානය විසින් නඩත්තු කළ සම්බන්ධයක්ද?

    මේ ගැන විස්තර සහිතව ලියන්න පුළුවන්ද මාතලන්?

    ReplyDelete
  7. වසන්ත සමරේ වගේ සම-හරක් ට තමන්ට නොගැලපෙන උසස් තනතුරු, අයුතු ලෙස උපයාගත් කෝටි සංඛ්‍යාත මුදල්, රජයේ මුදලින් නොමිලේ සුඛෝපභෝගි යාන වාහන ගමන් , සුඛෝපභෝගි නිවාස, සුඛෝපභෝගී කාර්‍යාල, සුඛෝපභෝගි ආහාර , සුඛෝපභෝගී විදේශ චාරිකා යනාදි තම ශරීරය පිනවන සියළු බෝහෝ දේ නොමිලේම ලැබෙන විට තමන්ට ඒවා ලැබෙන්නේ මක්නිසාද යන්න අමතක වෙනවා . එවිට හිත පාලනය කර ගත නොහැකිව ප්‍රතිපත්තිද අමතක වෙනවා. එවැන්නන් ඒ සියල්ල හමුවේ මනස දැඩිව පාලනය කර ගත යුතුයි . නිරන්තරයෙන් තම අරමුණ සිහි කල යුතුයි. මහජන බදු මුදල් කෝටි ගණනක් වැය කරන්නේ රටට සේවය කිරීමට මිස පෞද්ගලික සුඛ විහරණය පිණිස නොවේ

    ReplyDelete
  8. ගයනි මැඩම්ගේ චූ බොන්න ආසයි

    ReplyDelete
  9. වටගලගේ සහ ප්‍රියන්තගේ මිතුරු වන්නියලැත්තන්ට සිත්තම් දැමු මුග්ධ කාකි ගැටයා සිතන්නට ඇත්තේ දැන් ප්‍රභූ තන්ත්‍රය අවසන් වී ඇති කියායි.

    ලොකු ටෝක් දීගෙන ආ කළු ලෝගුවාට හයිරන් දැම්මේ තමා තවමත් ගෝල්ෆේස් අරගල භූමියේ සිටිනවා යන ආතල් එකෙන් විය හැකි මය. නොඑසේ නම් තමන්ගේ පන්තියේ එකෙකු දැන් රටේ ජනාධිපති වී ඇත යන චූන් එකෙන් විය හැකි ය.

    නමුත් අන්තිමට වුණේ එතැන ම කාකි ඇඳුම් ගලවා සරම් කොටයක් අන්දවා බන්ධනාගාර ගත කිරීම ය.

    ප්‍රභූ තන්ත්‍රය අවසන් නැත. එය කිසිදා අවසන් වන්නේ ද නැත. මානව ඉතිහාසය පුරාවට ම පැවැති දෙය දෙදාහෙන් පසු උපන් සිඟිත්තන්ට වෙනස් කළ හැකි යැයි සිතීම මුග්ධ උඩඟුකමකි.

    ප්‍රභූ යනු පන්තියක් නොවේ. එය මනෝභාවයකි. නිර්ධන පන්තියේ අසහාය නායකයා මෙදිනම හාමු ටයිප් ෂෝටක් ගහගෙන කළු මේස් උඩට කළු සපත්තු දාගෙන ආරක්ෂක සේනා පිරිවරා රේල් පාරේ අයිතිකාරයා මෙන් ඇවිද යන විට සුදු ඒජන්තයා දුටු වත්තේ මෙහෙකරුවන් මෙන් සියලු වැඩ තබා පසෙකට වී බලා සිටින ඉරුණු කමිස සහ නග්න පා සහිත නූගත් ගැමියා ‘අනේ අපේ එකෙකු ප්‍රභූ වී ඇතැයි’ සිතා කෝල සිනා පායි. කළු-සුද්දා පිටට තට්ටුවක් දමා පිටව යයි. ප්‍රභූ තන්ත්‍රය යනු එයයි.

    ඩොලර් අරගලයේ සාහසිකව හැසිරුණු ගැටයන් ටිකක් අත්අඩංගුවට ගත් විට වහා එහි පැමිණි කළු ලෝගු උත්ත සහ උත්තමාවියන් එදා ඔවුන් බේරා ගත්තේ පොලිසිය තුළ අත්පුඩිත් ගසමිනි.

    ඩොලර් අරගලයේ ප්‍රභූන්ගේ කාමාසාව ඉටු වූ පසු ඒ කොල්ලන් කුණු මාළු කෑලි මෙන් අමතක වී ගියේ ය. දුක් විඳින ජනතාව වෙනුවෙන් රෝස මල් අතින් ගෙන පුද පුදා අරගල කළ ප්‍රභූන් අද නීතියේ භූමිය තුළ ම නිර්ධන සහෝදරයෙකුට ලෝකයක් ඉදිරියේ බැන තර්ජනය කර ඇඳුම් ගලවා රස්සාවත් අහිමි කළේ ය.

    ඔප්පු වන තුරු නිර්දෝෂී ‘පුරවැසියා’ වෙනුවෙන් පෙනී සිටීමට ප්‍රභූන් දාහක් සිටියදී එකෙකු හෝ ඉදිරියට නොආවේ ය. අර කොළුවා බලාගෙන ඉන්න ඇති සිස්ටම් චේන්ජ් කරපු අයියා කෙනෙක් හරි අක්කි කෙනෙක් හරි තමන් වෙනුවෙන් කථා කරාවි ය කියා.

    රජයේ ඉස්පිරිතාලවල බෙහෙත් නැත. ගොවියන්ට අස්වැන්න විකුණා ගන්න බැරි ය. අධ්‍යාපනය සමලිංගික ය. ශාසනය සුන්නත් ය. රට එක තැන ය. එහෙත් ප්‍රභූන් යහතින් වැජඹෙති.

    අලුත් ම විදුලි කාර් ගෙන එහෙ මෙහෙ යති. මැති ඇමතිලා සහ පිරිවර ලෝක සවාරි ගසති. ජනපතියෝ කොපි කළ බන දෙසති. ලෝකයට ආතල් දෙති. තව තවත් රට ණය කර කර බදු ගස ගස ප්‍රභූන් නටති. ජොලි කරති. ආතල්ලන්තයේ බුකි විරුවෝ කටමැත දොඩවති. අදින් පස්සේ VIP වෙන්නේ ඇම්බියුලන්ස් විතරයි කියලත් කිව්වා…

    ප්‍රභූ තන්ත්‍රය වඩාත් ශක්තිමත් වී තිබේ. ප්‍රභූන්ගේ අල්ලේ නැටවෙන වෙන්ට ප්‍රභූ ආණ්ඩුවක් යනු ප්‍රභූ තන්ත්‍රයේ උපරිමය යි. එබැවින් ඔබ ඇඟිල්ලේ තරමට වඩා ඉදිමෙන්න යන්න එපා. ප්‍රභූන්ට අභියෝග කරන්න යන්න එපා. ඔබගේ පිටට තට්ටුවක් දමා සිනා සුණු පළියට ඔබ හිතන්න එපා ඔබ ඔවුන් හා සමානයන් ය කියා. එහෙම හිතුව ම තමයි ඔය වගේ අකරතැබ්බ වෙන්නේ. කමක් නැහැ, සරල ජනපති ගෝඨාභයව ගෙදර යැව්වානේ කියලා හිත හදා ගෙන ඔය චණ්ඩ ප්‍රභූන් කියන දෙයක් කරගෙන දැන් ඉඳපල්ලා බන්.

    ReplyDelete
  10. @ Ano 11.31

    ඔතනදි කවුරු හරිද වැරදිද හරියටම කියන්න දන්නේ නැහැ. ඒත් අරගලය ඇතුලේ නීතිඥවරු ඇතුළු සියල්ලන්ට කැලෑ නීතිය රජ කරන්න ඉඩ දීලා ඒවට අප්පුඩි ගහලා තැපෑලෙන් කතිරෙත් ගහලා අමු පිස්සො ටිකක් රටේ පාලනයට පත් කරගෙන ඒගොල්ලන්ගේ හෙංචයියෙක් වෙච්ච 'කොස්තාපල් පුඤ්ඤසෝම' ටයිප් එකේ පොලිස්පති කෙනෙක් පත් කර ගන්න ඉඩ දුන්න නම් මේ රටේ මෝඩ මිනිස්සුන්ට අපිට කියන්න තියෙන්නේ මේවට වග කියන්න ඕනත් උඹලම තමයි 🥲.
    #පුකරුදය

    ReplyDelete
    Replies
    1. @ Ano 2.06 AM

      ඔතන තියෙන ලොකුම ප්‍රශ්නය වඩා සෝචනීය කරුන වන්නේ ජෙප්පන් කරන්නේ අගක් මුලක් නැති ගොබ්බ තර්කය. ඔවුන් තීන්දු තීරනගන්නේ ඒ අගක්මුලක් නැති ගොබ්බ තර්ක මත සිටය. යුද්ධය ඉවර උනේ ෆොන්සේක නිසායැයි ගොබ්බ ජෙප්පන් සමහරක් කියති. සිවිල් යුද්ධ කාලයක් යද්දි ඉවර වෙනවා. යුද්දෙ ඉවර වෙද්දි මහින්ද ජනාදිපති උනා එච්චරයයි ලොකු ජෙප්පා මග යමින් තවත් ගොබ්බ ජෙප්පන් පිරිසක් කියති. රනවිරුවන් නැතැයි ඉන්නේ සොල්දාදුවන් පමනයි යන්න ගොබ්බ ජෙප්පන් කියති. ලඟ පිකප් ගොබ්බ ජෙප්පන් කිසිදු තර්කයකට ඉතිහාසය ,සංඛ්‍යා ලේකන මූලාශ්‍ර යොදා නොගනී. ඔවුන් බහුතරයට ජාතික ආර්ක්ශාව වැනි ඉතා සංවේදී වැදගත් මාර්තුකා අරංහය.ඔවුන්ගේ බොහෝ උගුතුන් කියා ගන්නා පිරිස්ද ගොබ්බ තර්ක මතම රැඳී සිටී.ඒ උගතුන්ට (ඔවුන් උපාදි ධාරීන් වුවත්)තමා හදාරපු විශයෙහි සෛද්ධාන්තික පැත්ත පිලිබඳ කිසිදු අවබෝධයක් නැත. ඔවුන් විභාග පාස්කොට ඇත්තේ පරන විභාග ප්‍රශ්න පත්තර කිරීමෙන් හා ව්ශය කටපාඩම් කිරීමෙන් විනා. විශය හැදැරීමෙන් නොවන බව පෙනී යයි. ඉතින් ඔවුන්ට ජාතික ආරක්ශාව වැනි ඉතා සංවේදී විශයන් තේරෙන හර්ධශාක්කියක් ඔවුන්ට නැත. බුද්ධි මත් කලිඳු වැනි නිවේදකයන් ඉදිරියේ ඔවුන්ගේ ගොබ්බ තර්ක හා බොරු බිඳ වැට්න විට ඔවුන් නිරුත්තරව සුලුදිය පහව ඇඹරෙන්නේ එබැවිනි. ජෙප්පෝංගේ හුඟක් උගත්තු රාජ්‍ය සේවයෙන් යැපෙන උන් වෙයි. ඔවුන්ට පෞද්ගලික අංශයේ ඉහලට යාමට නොහැක ඒ වැඩබැරි ටාසන්ලට පෞද්ගලික අංස වල ඉඩක් නැති බැවිනි. වඩා සෝචනීය කරුනවන්නේ ජාතික ආරක්ශාවේ ඇති වැදගත්කම ජාතික දියුනුවේ ඇති වැදගත් කම තේරෙන්නේ ජාතිකවාදී දේශ පාලනය තෝරාගැනීමට හැකි පෞර්ශය සහිත බුද්ධ්මතුන්ටය. එහෙත් මේ ගොබ්බ ජෙපි කුලකය තුල එවැනි බුද්ධිමතුන් නැත. තවද අනිත් කාරනය වන්නේ යමක් කමක් තේරුම් ගත හැකි ඒ අංසවල උගතුන් බුද්ධිමතුන් . මෝඩහා ගොබ්බ් ජෙපිකුලකයට නයාට අඳු කොල සේ වීමය. ඒනිසා අද වෙනකොට ඒ බුද්ධ්මතුන් නිශේධය කොට ගොබ්බ පුහු පොතේගුරන් ඒ අංසවල ඉදිරියට ගෙන එමින් තිබේ.හමුදාවල් පොලීසි නීතිය රාජ්‍ය ආයතන ආධිසියලන්ගෙම ඉතා දරුනුලෙස අද එය සිදවෙමින් පවතී. මෙයට උදාහරන අප ගොබ්බ ජෙප්පන් පෙරමුන ගෙන පිහිට වූ රනිල් මෛත්‍රී යහපාලන හවුලේ දී අපි අත් වින්දා. එදා මුස්ලිම් ත්‍රස්ථවාදය හිසඔසවන දත්ත කිසිවක් ඔවුන් ගනන් ගත්තේ නෑ. චීන බෙල්ට් ඇන්ඩ් රෝඩ් වියාපෘතියට විරුද්දව එරෙහිව අන්තර් ජාතික දේශපාලන වියපෘති ගනනාවක් ක්‍රියාත්මක බව යහපාලන ගොබ්බ උගතුන්ට කියෝගන්න බරි උනා. ඔවුන් බුද්ධිඅංශ තොරතුරුවලට ක්‍රියාත්මක වෙන්න තරම් බුද්ධියක් ඔවුන්ට තිබුනේ නෑ.මතකන ආර්ක්ශක ලේකම් බඩුමුට්ටු ගැන කිව්වා.

      Delete
  11. මදැයි කුඩුකුමාරව ජනාධිපති කරල රටට වෙච්ච දේ. මතක ඇති කාලෙ ඉඳල කරන කරන හැම සංවර්ධන වැඩේටම උදැල්ල දැම්මෙ මේ මූසල කලු කොට මල පිල්ලිය. මූ රටේ ජනාධිපති වුණා කියන්නෙ රටටම කණකොකා හැඬලුවා වගේ. යුදධයක් නැති රටේ, ගෝලීය වසංගත නැති කාල දැන් බස් පෙරළිලා මිනිස්සු මැරෙනව. දවසේ වෙඩිල්ල සාමාන්‍යකරණය වෙලා. නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා 7 දෙනෙක් අපවත් වුණා. මේ හැමදේම අනුර කුමාර කියන කාලකණ්නියගෙ මූසලකමට වෙන දේවල්

    ReplyDelete
  12. රටක් පවතින්නේ එහි ජනතාවක් ජිවත්වන්නේ නම් පමණි,රජයක් කලයූතු වන්නේ එහි ජනතාවට ජිවත් වීම සදහා ගුණාත්මක භාවයෙන් උසස් පහසූකම් ලබාදීමට කටයුතු කිරීම මිස ඒවා ගැනීමට නොහැකි වෙනසේ බදු පැටවීම නොවේ.එසේ කරන්නේ දූෂිත පාලනයක් ඇති රජයන් වේ.

    ReplyDelete
  13. මාතා

    මීට වඩා සංකීර්ණ සමාජ දේශපාලන විග්‍රහයක් කරන්න අවශ්‍ය සිදුවීම් ගොඩක් මෙතන වෙලා තියෙනවා, මගේ මේ සටහන උඩින් පල්ලෙන් කියවන්න එපා.

    දැන් මේ පොලිස්-නීතීඥ ගැටුමේදී මහජනතාව වැඩි වශයෙන් හිට ගත්තේ පොලිසිය පැත්තේ..

    මහජනතාවගේ හඬ ආණ්ඩුවේ හඬ බවට පත්විය..

    මහජනතාවගෙන් බහුතරයද (ලක්ෂ 68)මාලිමාවට ඡන්දය දුන් "සිස්ටම් චේන්ජ්- නිර්ප්‍රභූ" දෘෂ්ටිවාදය හිසින් ගත් පුරවැසියන්

    පහුගිය මැතිවරණ වලදී ජයගත්තේ
    "සිස්ටම් චේන්ජ්-නිර්ප්‍රභූ" දෘෂ්ටිවාදයයි..

    ඒ නිසා ආණ්ඩුවත් ආණ්ඩුව පත්කරගත් මහජනතාවත් යනු දෙකක් නොවේ..

    ⛔ ආණ්ඩුව පත් කිරීමට සහය නොවූ එකී ඊනියා දෘෂ්ටිවාදය නොසලකන අප වැනි මහජනතාවද වෙනම සි⁣ටී.. ⛔

    වඩා රසවත් කරුණ වන්නේ බහුතර නීතීඥ කුලකයද එකී "සිස්ටම් චේන්ජ් -නිර්ප්‍රභූ" මතවාදය
    වෙනුවෙන් පෙනී සිටි මහජනතාවගේම කොටසක් වීමයි..

    අරගල කල සිස්ටම් චේන්ජ් -නිර්ප්‍රභූ විරුවන්ට උසාවියේදී අත්පොලසන් දී නීතීඥ ප්‍රජාව එය ඔප්පු කලා..

    අද වෙත්දී මහජනතාව විසින් පොලිසිය උත්කර්ෂයට නගා තියෙනවා..විහිලුවට කරුණ වන්නේ පොලිසියේ කුණුහරුප-ගුටිබැටවලින් කාලාන්තරයක් තිස්සේ සප්පායම් වන මහජනතාව විසින් පොලිසිය කරේ තියාගෙන යාමයි..

    (මහජනතාව යන වචනය ලියා ඇති තැන්වල මහජනතාව=ආණ්ඩුව සමීකරණය නිරූපනය වන බව සලකන්න)

    නිර්ප්‍රභූ මහජන ආණ්ඩුව විසින් ප්‍රභූ නීතීඥ පන්තිය පාගා දමා ඇත..

    එය එම දෘෂ්ටිවාදයේ විජයග්‍රණයකි.

    මේ ගැටුම වනාහී එකම දෘෂ්ටිවාදී කඳවුරක දෙපිරිසක් අතර ගැටුමක් බව අමතක නොකල යුතුය...

    අද වෙත්දී සිස්ටම් චේන්ජ්-නිර්ප්‍රභූ දෘෂ්ටිවාදය දේශපාලනිකව බලවත් වී ඇති පසුබිමක අධිකරණ ක්ෂේත්‍රයේ නීතීඥවරු,සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරු වැනි වැදගත් වෘතිකයන් ක්‍රම ක්‍රමයෙන් අසරණ වුනු හුදෙකලා වුනු තත්වයක් දිගින් දිගටම පෙනෙන්නට තිබෙනවා..

    කාර්වල අලවා ඇති වෘතීන්ට අදාල ස්ටිකර් ගැලවීමේ සිද්ධිය පවා මේවා සමඟ කොතනින් හෝ සම්බන්ධයි..

    නිර්ප්‍රභූ-සිස්ටම් චේන්ජ් දෘෂ්ටිවාදයේ දේශපාලන අධිකාරියේ "නිව් ප්‍රභූවරු" සිය ආරක්ෂකයන් පිරිවරාගෙන රේල් පාරවල් දිගේ ජොගින් යන ආකාරය,සුරූපිනියන් සමඟ රට සවාරි යන ආකාරය,කෝටි ප්‍රකෝටි ගනන් වලින් වත්කම් ප්‍රකාශ කරන ආකාරය සිය බල පරාක්‍රමය සමාජය තුල පතුරවන ආකාරය සමාජයෙන් හුදෙකලා වෙන අසරණ වෙන නීතිඥවරු/වෛද්‍යවරු බලා සිටිනවා ඇති..

    සමහර විට ඔවුන්ට කොහේ හෝ වැරදී ඇති බව ඔවුන්ට තේරෙන්නට පටන් ගෙන ඇති..

    ප්‍රභූ ලේබලය ඇලවී තැලෙන පොඩිවෙන හුදෙකලා වෙන අසරණ වෙන නීතීඥවරු/වෛද්‍ය වරු වැනි ඉහළ තරාතිරම්වල වෘතිකයන්
    මේ සමාජ ග්‍රහණයෙන් මිදෙන්නට මගක් ඔවුන් විසින්ම සෙවිය යුතුයි.. මේ ගැන විස්තර සහිතව සමාජ මාධ්‍ය ජාල වල සාකච්ඡාවට භාජනය විය යුතුයී.

    ReplyDelete
  14. මාතලන්ගේ කතාව බලනකොට මට මතක් වෙන්නේ ජයන්ත චන්ද්‍රසිරි

    ඇත්තටම එදත් අදත් හෙටත් මගේ ප්‍රියතම ටෙලිනාට්‍ය දඬුබස්නාමානය සහ අකාල සන්ධ්‍යා මාතලන්

    මේ දෙකෙන් අකාල සන්ධ්‍යා එකට "තවත් එක්" කියනවට වඩා "එකම එක" කියනවට මමනම් කැමතියි. මේක ආපහු ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාටවත් මේ රහටම කරන්න බෑ. සහස්‍රයටම එකක් විතරක් කරන්න පුළුවන් නිර්මාණ මේවා. මේ වැඩේට චන්ද්‍රසිරි මහත්මයා කරලා තියෙන home work එක අද ලපයි සිපයි සීනිබෝල සමනල් කතා ලියන උන්ටනම් හීන. ඉතිහාසය, භාෂාව, ඇඳුම් පැලඳුම්, සටන් ක්‍රම, බෞද්ධ දර්ශනය වගේ මහ විශාල වපසරියක ලොකුම ලොකු research work එකක් මේක. හැම දෙබස් ඛණ්ඩයකම වචන ටිකේ තියෙන්නෙ ලොකු පණිවිඩයක්. අද කාලෙ වගේ පාන් ගෙඩියක් ගේන්ඩ කොයි කඩේටද යන්නෙ වගේ කිසිම ඵලක් නැති වචන කෑලි නෙවෙයි. කොච්චර ලොකු කතාවක් වුණත් කොටස් 16කින් ඔක්කොම ඉවරයි. අවසානෙ බුදු දහමේ ඉගැන්වීම් මතක් කරලා දෙන පොඩි කොටසක් චන්ද්‍රසිරි මහත්මයාගෙ ඒ කාලෙ හැම කතාවකම වගේ මේකෙත් තිබ්බා. මාතලන්ටත් ඒ වගේ ටච් එකක් එකතු කරන්න පුළුවන්ද ඔය වීඩියෝ වලට

    ReplyDelete
  15. Saumyage huththe pethi pan kellak gahala thiyala kanna asayi huthu juice ekka. Mm. Saumyage Huthu cream ekka. Kohomada rasa.

    ReplyDelete
  16. එදා අරගල භූමියේ ජනතාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක, අරගල භූමියේ තරුණයන් උසාවි ගෙන ගිය විට ඔවුන් වෙනුවෙනුන් නොමිලේ පෙනී සිටීමට මූලිකත්වය ගත් නීතිඥ ගුණරත්න වන්නිනායක, මැරකම් කොට නීතිය ඉදිරියට පැමිණි උන්ට අත්පොලසන් දුන් නීතිඥ ගුණරත්න වනිනායක මේ ගුණරත්න වන්නිනායකගේ කතාව නොව ගුණරත්‍න වන්නිනායකලාගේ කතාවයි. ඔහු හො ඔහුවැනි අය ඒ සියල්ල කලේ වඩා හොඳ රටක් නිර්මාණය කිරීමටද?

    "ගනින් කෝල් එක්ක ප්‍රියන්තට ඌමගේ ජූනියර් බැච් එකේ, ගනින් කෝල් එකක් ආනන්ද විජේපාලට, මම තෝව ඉන්ටඩික් කලේ නැත්නම් මම මේ රස්සාව ආයේ කරන්නෑ"

    මේ ඔවුන් එදා දායක වී නිර්මාණය කල අලුත් ශ්‍රී ලංකාවයි, ප්‍රියන්ත කියන්නෙ ඒ අලුත් ශ්‍රී ලංකාවේ පොලිස්පති ආනන්ද විජේපාල කියන්නේ ඒ අලුත් ශ්‍රී ලංකාවේ පොලිසිය භාර ඇමති විතරක් නෙවෙයි වත්මන් ජනාධිපතිගේ අනාදිමත් කාලයක් පුද්ගලික ලේකම්.

    බුදුරජාණන් වහන්සේ විසින් දේශන කොට වදාරන ලද සත්තුභත්ත ජාතකය පාදකොට ගෙන නිර්මාණය වූ ‘මඟ සිටියොත් තා නසී - ගෙදර ගියොත් අඹු නසී’ ප්‍රස්ථා පිරුල ජනපති ඇතුළු ආණ්ඩුවට සිහිපත් වී ඇතැයි සිතමි.

    මහින්ද යුද්ධය අවසන් කොට රටට සාමය උදාකිරීමට දේශපාලන නායක්ත්වය දුන් නායකයා, ඔහු පිලිබඳ අද බහුතරයක් රටේ ජනතාව සිහිපත් කරන්නේ ප්‍රභාකරන්ටත් වඩා රටට හානියක් කල මිනිසෙකු ලෙසින් ඒ තැනට ජනමනස ගේනන තරම් ඔවුන් ප්‍රභල උනා විතරක් නෙවෙයි ජනතා ආශිර්වාදයෙන් ඔවුන්ගේ අනුගාමිකයෙකු( යුද්ධය අවසන් වන මොහොතේ අයවැය පරාද කොට ප්‍රභාකරන් හුස්ම දීමට කැපවූ අයෙක්) රටේ ජනාධිපති පුටුවේ වාඩිකලා, ඒ තමයි කිසිදෙයක් හරි හැටි නොදැන නොසොයා රැල්ලට දුවන ලංකාවේ මිනිස්සුන්ගේ හැටි ඉතින් නීතිඥ ගුණරත්න වන්නිනායක දුක් නොවන්න. එදා ගෝඨාභයට නොකල වරදකට බයිනේත්තුව දික්කල/ දික් කිරීමට දායක වූ සැමට තම තම ජීවිතවල යම් දිනක එවැනිම ඉරණමකට ගොදුරුවීම වලක්වනු නොහැකියි.

    ✍️මහේෂ් චතුරංග

    ReplyDelete
  17. මේ මාසේ හදිස්සි වැඩකට පොලෝසි වාර්තාවක් ගන්න ගිහින්, දවස් තුනකට පස්සේ එන්න කිවුවා, ඒ කරලා දවස් තුනකට පස්සේ ගියාම පොලෝසියේ එකා අපේ ගෙදර ඇවිත් නෑ, පස්සේ ඒ එන එකාගෙන් ඇහුවම. ඌට එන්න බයික් එකේ තෙල් නෑලූ. පස්සේ මට දුක හිතිලා ඌට තෙල් ලීටර් තුනකුයි සිගරට් දෙකකුයි ගෙනල්ලා දුන්නා උදේට කාලා ඒකත් බීලා අපේ දිහා එන්න කියලා. ඒ ආගන්තුක සත්කාර වලට පොරගේ හිත මෙලෙක් වෙලා. කඩියා වගේ එහෙට්ට මෙහෙට්ට දුවලා ඒවෙලාවෙම වැඩේ කරලා දුන්නා. පවු ඒ මනුස්සයා මේ ආන්ඩුවට හෙන ගහන්න ඕන තෙල් නැති බයික් පොලීසියේ අසරණ මිනිස්සුන්ට දුන්නට, අපි වෙනුවෙන් සේවය කරන්න. 😒😒

    ReplyDelete
  18. අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මැතිතුමාට මහාධිකරණයෙන් ඇප ලැබේ..
    🙏🙏♥️♥️🇱🇰🇱🇰
    එතුමා තෙමසක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියේය...
    සිය නාවික හමුදා ජීවිතය පුරාවට බිහිසුණු එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව මහ මුහුදේ දිවි පරදුවට තබමින් මහ සටන් ගණනාවකට නායකත්වයද දුන් විරෝධාර සෙනෙවියකි....

    එතුමා පිළිබඳ සිදුවීමක් මේ මොහොතේ මගේ මතකයට එයි..

    දැනට වසර කිහිපයකට පෙර රියර් අද්මිරාල් සරත් වීරසේකර මැතිතුමන් සමඟ අනුරාධපුරයේ ගිය මොහොතක ,
    නාවික හමුදා නිකේතනයක ගිමන් හැරීමට ගිය මොහොතකදී ,
    එහි සිටි එවකට නාවික හමුදාපතිව සිටි අද්මිරාල් උළුගේතැන්න මැතිතුමා ,
    වීරසේකර මහතා සහ අපට හමු විය..

    ඔහු සිය ජ්‍යෙෂ්ඨයාට ආචාර කළවිට සරත් වීරසේකර මහතා ,

    " නිශාන්ත ඔයාගේ අර අයිඩෙන්ටි එක ළඟ නැද්ද.
    මේගොල්ලන්ට පෙන්නන්නකෝ ඒක" පැවසුවේය..

    සිය පසුම්බිය අතට ගත් අද්මිරාල් උළුගේතැන්න අව පැහැගැන්වුණු හැදුනුම්පතක් වීරසේකර මහතා අතට දුන් අතර එය ඔහු අප අතට දී

    " මේ අයිඩෙන්ටිටි එකේ ලොකු කතාවක් තියෙනවා කිව්වේය..

    1990 ගණන් වල මුල් පුනරීන් කඳවුරක් වට කරලා කොටි පහර දුන්නා..
    ගුවනින් ගොඩබිමින් ආධාර දෙන්න බැරි වෙලාවක්..
    අපි මුහුදෙන් ගිහිල්ලා මරාගෙන මැරෙන මෙහෙයුමක් කරලා කඳවුරේ හිටපු සිබිළු බේරගත්තේ.. රවින්ද්‍ර විජය ගුණරත්න ඇතුළු පිරිසක් මාත් එක්ක ගියා..

    ඒ වෙලාවේ ඒ කිට්ටුව තියුණු උප කඳවුරක නාවික සෙබලුන් පිරිසක් එක්ක නිශාන්ත ඇතුළු පිරිස කොටුවෙලා හිටියා..

    ඔවුන් කොහොම හරි කොටි ප්‍රහාර මැද්දේ සටන් කරමින් ඇවිත් අපිට එකතු වුණා..
    ඔහුගේ කණ්ඩායමේ සෑහෙන පිරිසක් ඒ ගමනෙදි සිය ජීවිතය මව්බිම වෙන් පූජා කරලා තිබුණා.
    නිශාන්තගේ හැඳුනුම්පතත් අතරමගදී සටන අතුර තුරේදී අස්ථානගත වෙලා තිබුණා..

    යුද්දෙ ඉවර වෙලා. ඊට බොහෝ කාලෙකට පස්සේ බිම්බෝම්බ අයින් කරනකොට පොළොව යට වැටිලද තිබුණු හැදුනුම්පත නැවත හමු වෙලා..
    ඒක තමයි මේ.."

    මේ මිනිසුන් එසේ මේ රට වෙනුවෙන් සිය ජීවිතය දෙවැනි කොට සටන් වැදි මිනිසුන්ය..

    ReplyDelete
  19. මාතා සෑහෙන කාලෙකින් මේක බැලුවේ මම අන්තිමට මාතලන් හම්බ වුණේ පන්නිපිටිය කන්ද කපපු හන්දිය මතකද ඉස්සර තිබුණු විදියට?

    පස්සේ 2013 විතර කාලේ හයිලෙවල් පාර පලල් කරනකොට ඔතන ලෙවල් කරල හදන්න් මාර ගේමක් දුන්න ... ඔතන එහාපැත්තෙ තමයි පාරමී කුලතුංග මහත්තයට බෝ.ම්බෙ තිබ්බේ....

    මම caltex එකේ වැඩ කරන කාලෙ ඔතන තමයි office එක ... බෝම්බෙ පිපිරෙනකොටත් අපි ඔය ළග... මිනිස්සුන්ට දැං ඒව මතක නෑ...යුද්දෙ ඉවර කරල රටේ සංවර්ධන වේගයෙන් ඉස්සරහට ගියා...ඔය කන්ද කපල ලෙවල් කරනකොට අපිත් හිතුවෙ කරන්න බැරි වැඩක් කියල... හැබැයි දැං එතන එහෙම එකක් තිබ්බද කියල හිතාගන්නවත් බෑ... ප්‍රභාකරන් කිවුව හරි අපේ රටේ මිනිස්සුන්ට දෙයක් මතක සති දෙකයි

    ReplyDelete
  20. මාතා වටවල තේ ප්‍රවර්ධන දැන්වීම ඉවත් කර ගෙන නේද?

    මේ විකාර සහගත මෝඩ ඇඩ් එක ඉවත් කර ගැනීම ගැන සතුටුයි..
    තවමත් මේ රටේ බත් කන මිනිස්සු කොටසක් ඉන්න බව ඔවුන් දැනගන්න ඇති..

    මේ වීඩියෝවේ කතාව එලියට විත් පැය විසි හතරක් තුළ සමාජ මාධ්‍ය තුළින්ම පමණක් එල්ල වූ විරෝධය සුළුපටු උනේ නැහැ..

    කෙතරම් ශක්තියක් ඔවුන් සතුව ඇතැයි ඔවුන් සිතා හිටියත්,
    ඔවුන්ට සහායට මහා බලසම්පන්නයන් රට තුළ සිටිනවා යයි ඔවුන් සිතා හිටියත්,

    සමාජ මාධ්‍ය තුළින් මතු විරෝධයම ඔවුන් සසල කිරීමට සමත් වන්නට ඇති..

    සමහරවිට එක දිනයක් තුළ ඔවුන්ගේ භාණ්ඩ විකිණීමේ ප්‍රමාණය ඇඟට දැනෙන ප්‍රමාණයට අඩු වෙන්න ඇති..

    අපට තියෙන එකම කණගාටුව ,
    රටට අහිතකර කටයුතු වලදී,
    සාමාන්‍ය පොදු ජනතාව තුලින් නැගෙන විරෝධය, තේරුම් ගැනීමට,
    රටට යහපතක් වන ආකාරයට මෙහෙයවීමට ශක්තියක් ඇති, පොදු හැඟීමක් ඇති දේශපාලනඥයන් නැති එකයි..

    ඔවුන් ඔවුන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයන් පසුපස යනවා..

    අද සැබවින්ම විපක්ෂයේ කාර්යභාරය මේ රටේ කරන්නේ සමාජ මාධ්‍යදැයි විටෙක සිතෙනවා..

    මේ රට බුදුන් වහන්සේ තෙවරක් වැඩම කළ රටක්..

    සොලී චෝල යුරෝපීය බලපෑම් මැද්දේ,
    ශත වර්ෂ ගණන් ඔවුනට යටත්ව සිටියත්,
    බුදු දහමින් පෝෂිත වූ සංස්කෘතිය තුළින්,
    මව්බිමට බැඳුණු මිනිසුන් කොටසක් සිටින රටක්...

    රටට විනාශයක් වන්නට යන මොහොතේදී අවසාන තත්පරේදී හෝ එය වැළකී ගිය අවස්ථා අපි ඉතිහාසය දකින්නට පුළුවන්..
    ඒ පෙර කියූ බැඳීම හදවත් වල ඇති මිනිසුන් පෙරට එන නිසා..

    ඒ බුදු දහම හා බැඳුණු සංස්කෘතියෙන් අප ඉවත් කරන්නට යන්නේ,
    මිනිසුන් තුළ රටට ඇතියේ බැඳීම නැතිකරදැමීමටයි...

    රටට වින කටින්නට බලා සිටින බොහෝ බලවේගවලට ඇති බාධාව ඒ බැදීමයි...

    රටට ආදරය කරන මිනිසුන් පිරිසක් විසින් පැය 24 තුළ පරාජයට පත් කරනු ලැබුවේ තවත් එවැනි කුමන්ත්‍රණයක කොටසක් යැයි කියන්නට පුළුවන්....

    ReplyDelete
  21. අනුර තමයි රටට ආදරේ නායකයා
    තිස් අවුරුද්දක යුද්දේ ඉවර කලා
    උගන්ඩාවේ සල්ලි ගෙනාවා
    බැලුම්කර හොරා ලංකාවට ගෙනවා
    පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ඇල්ලුවා
    කාන්චනගේ එක උන්ට් එකට යන සල්ලි නවතා තෙල් සහන දුන්නා,,,
    තේ වලට නොබෙල් තෑග්ග ලැබුනා...
    ලක්ස 12 vitz කාර් ගෙනාවා...
    දැන් කිසිම බික්කුච්චන් එකක් නෑ

    ReplyDelete
  22. මේ කතාව ඇත්ත ද?

    //

    සත්‍යවාදී, බොරු නොකියන, උසස් යැයි කියාගන්නා හිස් මිනිසුන්ගේ පහත් වැඩ

    පාඨලී චම්පික රණවක මහතාට ජවිපෙ ''ලංකා'' පුවත්පත සහ ජවිපෙ හිටපු විදුලිබල වෘත්තීය සේවක සංගමයේ රන්ජන් ජයලාල් විසින් සිදුකළ ද්වේශසහගත අසත්‍ය, අපහාසාත්මක ප්‍රකාශ 02 කට විරුද්ධව ගොණු කරනු ලැබූ නඩු 02 ක තීන්දු මේ වනවිට ලැබී ඇත. 2004 වසරේ හා 2011 වසරේ වූ මෙම සිදුවීම් වලට අදාලව 2010 වසරේ හා 2025 වසරේ තීන්දු ලැබී ඇත. ඒ අනුව ලැබිය යුතු වන්දි මුදල මිලියන 21 ක්

    දිනය 2011 අගෝස්තු මස 30
    කොළඹ දිසා අධිකරණයේදී

    පාඨලී චම්පික රණවක මහතා පළමු වරට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස 2010.04.29 - 2013.01.30 කාලය තුල කටයුතු කළ අතර, 2011 අගෝස්තු මස 30 වන දින විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් මහතා විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයාට අපහාස වන අයුරින් කළ චෝදනාවකට විරුද්ධව මෙලෙස අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනුකර තිබු අතර, ඉහත කී රන්ජන් ජයලාල් වන පළමු විත්තිකරු විසින් අමාත්‍යවරයාට එරෙහිව කළ බොරු චෝදනා මෙසේය.

    බොරු අංක 01. ඇමතිවරයා පසුගිය දා කතරගමට ගියා, ඇමතිවරයාට නිදා ගැනීමට සුව පහසු ඇඳක් රු.80,000 කට මිල දී ගෙන එය කොළඹ සිට කතරගමට යැවුවා. ඇඳ ටත් ප්‍රවාහන ගාස්තු වලටත් විශාල මුදලක් වැය වුනා. මේ තරම් බණට දහමට ලැදී, රටට ලැදි ඇමතිට පැදුරක් දාලා බිම නිදාගන්න තිබුනා.

    බොරු අංක 02. විදුලිබල මණ්ඩල සේවක වැටුප් ගෙවීම සම්බන්ධව ජනාධිපතිවරයා විසින් දී ඇති නියෝග පවා ඇමතිවරයා පිළිගන්නේ නෑ.

    බොරු අංක 03. ඇමතිවරයාගේ අධ්‍යක්ෂ මණ්ඩලය තුල සිටින්නේ ජාතික හෙළ උරුමයේ සාමාජිකයන්, ඔවුන් ආණ්ඩුවට එරෙහිව කටයුතු කරනවා.

    බොරු අංක 04. සේවකයන් විසින් උපයා දුන් මිලියන 900 ක් මණ්ඩලයේ තිබෙනවා. ඒ මුදලින් වැටුප් ගෙවීමට පුළුවන්.

    මෙම ප්‍රකාශ සිදු කිරීම හා 'ලක්බිම' පුවත්පතේ වාර්තා කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව පැමිණිල්ල ගොනු කර තිබේ. //

    ReplyDelete
    Replies
    1. //මාධ්‍ය හමුවේදී මෙම කරුණු ප්‍රකාශ කළ රන්ජන් ජයලාල් මහතා, අදාළ කරුණු වාර්ථා කළ පුවත්පත් සමාගම, සමාගමේ ප්‍රධාන කර්තෘ, මෙම ප්‍රකාශය වාර්ථා කළ වර්තාකාරිය නම්කර තිබිණ.

      2011.08.30 දින ලක්බිම පුවත්පතේ ඉහත සඳහන් කළ ප්‍රකාශ සටහන් කර තිබු බව 2,3,4 විත්තිකරුවන් අධිකරණය හමුවේ පිළිගෙන තිබේ.

      පැමිණිල්ලට අදාලව, පැමිණිලිකරු විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයේ වෘත්තිකයෙක් ලෙස, විශාල පොත් ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර ඇති තැනැත්තෙකු ලෙස, ප්‍රසිද්ධ පුවත්පත් කර්තෘ කෙනෙක් ලෙස, දුෂණයෙන් තොර රටක් වෙනුවෙන් ජාතික දේශපාලන කඳවුර තුල තර්ක විතර්ක ඉදිරිපත් කරන කථිකයෙකු ලෙස, රට, ජාතිය වෙනුවෙන් ඉතා කැපවීමෙන් කටයුතු කරන, විදුලිබල ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට අඛණ්ඩව සේවය කරන කීර්තිමත් පුද්ගලයකු ද යන වග,

      පළමු විත්තිකරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ, 2,3,4 යන විත්තිකරුවන්ගේ අනුදැනුම මත ලක්බිම පුවත්පතේ පළ කළ පුවත අසත්‍ය, මහජනතාව නොමග යවන සුළු ද්වේශ සහගත, පැමිණිලිකරුගේ කිර්තිය හානි කිරීමේ අරමුණින් දුෂ්ට චේතනාවෙන් කළ අපහාසාත්මක පුවතක්ද යන බව විභාග කෙරිණ.

      පැමිණිලිකරු ලෙස පාඨලී චම්පික රණවක මහතා තම අධ්‍යාපනය, සමාජ සහ දේශපාලන පසුබිම පිළිබඳව සාක්ෂි ලබා දී ඇති අතර, මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධරයෙක් ලෙසත්, කැබිනට් අමාත්‍යවරයකු ලෙස සේවය කරන බවත්, 2001 වර්ෂයේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ බවත්, අදාළ සිදුවීම වන සමයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස මණ්ඩලයේ කාර්යක්ෂමතාව ඉහල නංවා, ලාබ ලබන ආයතනයක් බවට පරිවර්තනය කිරීමට සම්බන්ධයෙනුත්, මහා භාණ්ඩාගාරය අනුමත කළ, අධ්‍යක්ෂ මණ්ඩලය ක්‍රියාත්මක කළ ක්‍රියාවලිය අනුව නියමිත පරිදි වැටුප් ගෙවා ඇති බවත්, අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම සුදුසුකම් මත නියමිත ක්‍රමවේදය අනුව සිදුකර ඇති බවත් අධිකරණය වෙත දන්වා ඇත.

      අමාත්‍යවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දූෂණ හෝ අකාර්යක්ෂමතා චෝදනාවක් නොපවතින අවස්ථාවක වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය අසාධාරණ ලෙස පරිපාලනයට මැදිහත්වීම ද සනාථ විය.

      මේ සම්බන්ධ පළමු විත්තිකරු 2013 මැයි මස 17 දින අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත්, කරනු ලැබූ චෝදනා වලට අදාලව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට විත්තිකරුට හැකි වී නොමැත. පැමිණිලිකරුගේ ක්‍රියා කලාපය විවේචනය කළත්, එසේ භාවිත කිරීමට ඇඳක් මිල දී ගත බව සනාථ කර නොමැති අතර, අමාත්‍යවරයාට ''බිම නිදාගැනීමට'' යෝජනා කිරීම සමාජය ඉදිරියේ පහත් ආකාරයට සැලකීමක් ලෙස අධිකරණය විසින් පිළිගෙන ඇති අතර සඳහන් වන අතර, දේශපාලන කණ්ඩායම් 02 ක පුද්ගලයින් වීම නිසා ද්වේශසහගත ප්‍රකාශයක් කළ බව සනාථ කර තිබේ.

      රටේ ආර්ථිකයට ඉතා සංවේදී අමාත්යංශයක, මණ්ඩලයක පරිපාලනය සම්බන්ධයෙන් මහජනතාවට විවේචනය කිරීමේ හැකියාවක් පවතින අතර එය අධිකරණය විසින්ද පිළිගනී. මෙහිදී සලකා බැලෙන්නේ මහජන මුදල් අනිසි ලෙස පුද්ගලික සුඛ විහරණය පිණිස භාවිත කර මුල්‍ය අවභාවිතාවක් සිදු කර ඇතිද යන්නයි. උක්ත සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුට එවැනි චෝදනාවක් සනාථ කිරීමට හැකි වී නොමැත.

      ඒ අනුව පැමිණිලිකරු ලෙස පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාට සිදු වූ චරිත ඝාතනයට/ මානසික වේදනාවට ( injury of feelings ) හානිපුර්නයක් ලෙස රුපියල් මිලියනයක වන්දි මුදලක් 1,2,3 විත්තිකරුවන් එක් ව සහ/ හෝ වෙන් වෙන් ව අය කර ගැනීමටත්, අදාළ නඩු ගාස්තු අය කරගැනීමටත් පැමිණිලිකරුට නීතියෙන් හිමිකම් ඇති බවට අධිකරණය තීන්දු කර තිබේ.

      දෙවන නඩුව - තීන්දු කළ වන්දි මුදල රු. මිලියන 20
      ගල්කිස්ස දිසා අධිකරණයේදී

      මීට අමතරව 2004 අගෝස්තු 31 වන දින ගල්කිස්ස දිසා අධිකරණය මගින් කළ නඩු විභාගයෙන් අනතුරුව ''ලංකා'' පුවත්පත මගින් කළ අසත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් පැමිණිලිකරු වන පාඨලී චම්පික රණවක මහතාගේ කිර්ති නාමයට හානි වීම වෙනුවෙන් රු. මිලියන 20 ක මුදලක්, 2004 ජනවාරි 20 වන දින සිට ගෙවීමට ද, ඒ සඳහා 18% බැගින් එකතු වන පොළිය ද, නඩු ගාස්තු ද ගෙවන ලෙසට නියෝග කෙරිණ. (ලංකා පුවත්පත් සමාගමට සහ එවකට ප්‍රධාන කර්තෘ වික්‍රමසිංහ මුදියන්සේලාගේ තිස්ස නිහාල් වික්‍රමසිංහ යන අයට විරුද්ධව මෙම නඩුව ගොනුකර තිබිණ.)

      මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් 2012 වසරේදී අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර එය සිදු කර ඇත්තේ ඇත්තේ නීතිඥ සුනිල් වටගල මහතා විසිනි.

      //

      Delete
  23. දේශ⁣පාලනයට කොල කෑලි විතරක්ම මදි. ගෝඨා ළඟ හිටියෙත් කොල කෑලි තිබුන වියත්තු තමයි . දැන් ඉන්න මාලිමා පාපිසි, වගේම විපක්ෂ සුන් බුන් ලගත් කොල කෑලි නම් තියෙනවා තියෙනවා. ඇත්තටම වගේම බොරුවටත් තියෙනවා ඒත් ඒවයින් නෙමෙයි ඒවා අයිති අයට ඇත්තටම හරවත් ප්‍රයෝජනවත් වැඩක් කරන්න හැකියාව තියෙනවද කියල හොයල බලන්න ඕන සේරටම කලින්

    ReplyDelete
  24. රත්නපුර සීවලි විද්‍යාලයේ ආදේශිෂ්‍ය පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ තුන්වැනි පන්තියේ උපාධිධාරී ගම්මුදාව සේවයේ කඩයක් කෙරූ පියාගේ දූ දරු එහි ලොතරැයි විකුණූ කාන්තාවගේ දූ දරුවෝ ඇඹරකා එක්සත් ජනපදයේ වැසිකලි සෝදක ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාලස්කායක එකොණෝ මට්ටා බ්ලොග් අඩවියේ හිමිකරු විදුලොත් එන්නකෝන්ගේ ගෑනිගේ මිනිහා සමලිංගික චක්‍ර වර්ති කුඩුහබ්භ අමුතිත්ත කෝණු ලෝභ මසුරු හ සිටානෝ නමැති පොන්නයා අවුරුදු පනස් පහක් ආයු වරදා මකබෑවිය. ඌට දැන් හෙන හද ප්‍රාර්ථනා කරමු. එකොනෝගේ බිරින්දෑට තරුණ ගැටව්ගේ පහස ලැබේවා ඉදිරියේදී

    ReplyDelete
  25. මාතා, අපි පුංචිම කාලේ ඇඟ හිරි වැටිලා යන මියුසික් එක්ක ගිය දඬුබස්නාමානය ටෙලිනාට්‍ය මතකද?👌❤️‍🩹

    ඇත්තටම ශ්‍රියාන්ත මෙන්ඩිස් කියන්නේ නළුවෙක් ම නෙමෙයි.වචනේ පරිසමාප්තියෙන්ම ඔහු කලාගාරයක්..! මම මෙතෙක් මේ බ්ලොග් එකට දාපු විවිධ නාට්‍ය සිනමාව කලාව ගැන කමෙන්ට් කිහිපයකම පොදු කුලකයක් ලෙස මා දකින්නේ ප්‍රවීණ රංගවේදී ශ්‍රියාන්ත මෙන්ඩිස්.. මම මෙහෙදී කතා කල හැම නාට්‍යකම ඔහු චරිතයකින් පෙනී සිටියා..

    දඬුබස්නාමානය / බෝගල සවුන්දිරිස් / රන්බැඳි මිනිස්සු / අකාල සන්ධ්‍යා / උතුරු සුළඟ සිනමා පටය ඇතුළු තවත් නාට්‍ය ගණනාවක්ම සජීවීකරණය කල ඔහු විශිෂ්ට රංගදරයෙක්..

    කණගාටුවට කරුණක් නම් වර්තමානයේ ඔහුගේ සුවිශේෂී හුරු පුරුදු අසාහය රංගන හැකියාවට සුදුසු වූ නිර්මාණයක් දැකිය නොහැකි වීමයි..!

    ශ්‍රියාන්ත මෙන්ඩිස් හට උපතින් ලැබූ මනා පෞරුෂය වගේම ඔහු විසින් ගොඩ නගා ගත් ඒ අපූරු දක්ෂතාවය ⁣සමග ඔහු ටෙලිනාට්‍ය වෙනස්ම මානයකට රැගෙන ගියා කිව්වොත් මම නිවරදියි.ඒ වගේම ඒ පසුගිය අවදීන් තුල ඔහුට හමු වූ දක්ෂ නිර්මාණාත්මක හැකියාවන් වලින් පිරුණ අධ්‍යක්ෂකවරුන් ඔහුට වාසනාවක් උනා කියලා මට හිතෙනවා..අවාසනානවකට ශ්‍රියාන්තගෙන් හරි වැඩක් ගත්ත හෝ ගන්න අධ්‍යක්ෂකවරයෙක් වර්තමානයේ දක්නට නැති වීම අපරාධයක් කියලා මට හිතෙනවා..ඉතින් අවසරය පාඨක ප්‍රෙක්ෂක ඔබ සැමට..පහළ තීරුවේ ඔබගේ අදහසත් ලියාගෙන යමු..

    කලාගාරයක් බඳු වූ ජැකා නිස්කාරනයේ යන්න ගියා..ශ්‍රියා අපිට තවමත් ඉතුරු වෙල⁣ෙ ඉන්න සම්පතක්..ප්‍රේක්ෂයා මෝහනය කල හැකි වෙද දුරෙක්..ඉතින් ඔහුට තමත් ඒ අසාහය රංගනයෙන් යමක් කල හැකි නොවේද?

    මේ ගැන සමාජ සංවාදයක් ගොඩ නගන්න ඕනේ.

    ReplyDelete
  26. වර්තමාන ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි ප්‍රසිද්ධියේම අධිකරණයට අපහාස කරයි.වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනු.

    නරාහේන්පිට ප්‍රදේශයේ අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකරන ලෙස තමන් පොලීසියට දැනුම් දුන් බව ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වීමකදී ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර පවන ආකාරයේ වීඩියෝවක් අන්තර්ජාලය තුල සංස්කරණය වෙමින් තිබේ.මේ
    සම්බන්ධයෙන් තමන් පොලිසියට උපදෙස් දුන් බව පැවසූ ඇය ඒ සම්බන්ධයෙන් එකඟතාවයකටද පැමිණි බව පැවසුවාය.

    ■ මාධ්‍ය සටහන.

    ඇත්තටම මාතා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවකදී ප්‍රසිද්ධියේ අධිකරණය තීන්දුව ක්‍රියාත්මක කරන්න එපා කියන්න ලක්මාලිට ඇති බලය මොකද්ද?
    එයා ඉන්නේ නීතියට උඩින්ද?
    රටේ පාලකයන් මේ විදිහට අධිකරණයට අපහාස කරනවා නම් හෙට දවසේ දෙන අධිකරණ තීන්දුවලට මොකද වෙන්නේ.
    නීතිය බල්ලට ගියා කියන්නේ මේකට නෙවෙයිද?

    ආණ්ඩුව කරන්න ඕනි අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීමට ඉඩදී ඊට විකල්ප ක්‍රියා මාර්ගයක් ගැනීම නෙවෙයිද?

    ඒක කරන්නත් ඕනි අධිකරණ ක්‍රියාවලියක් හරහාමයි.
    මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ පැලවත්තේ කැලෑ නීතිය නෙවෙයිද?
    ඒ නිසා වහාම ලක්මාලිට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි.
    අධිකරණයට අපහාස කිරීම යටතේ ලක්මාලි අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න.
    මේ සම්බන්ධව අනුර සහ මාලිමා ආණ්ඩුව ගන්න පියවර මොකද්ද?
    මෙහෙම ගියොත් නං වැඩිකල් යන්න ඉස්සෙල්ලා ලක්මාලිලා නඩු අහලා තීන්දු දීලා නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා.

    ලාල් කාන්ත කිව්වා වගේ යුක්තිය පසිඳවීමේ බලයත් මාලීමාවට පැවරෙනවා.

    නීතිඥ සංගමය මේ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ග මොකද්ද?
    පොලිස්පතිවරයා මේ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද?
    මෙහෙම ගියොත් රටට දෙයියන්ගෙම පිහිටයි.

    ReplyDelete
  27. මම ආසයි රෂිනිට පුකේ අරින්න

    ReplyDelete
  28. අජිත් අපකීර්ති පැලවත්තේ ටිල්ලින් ලක්බිමේ පද්මිණීට අරිද්දි ලාම්පු අල්ලන් හිටියේඅල්ලන් හිටියේ

    ReplyDelete
    Replies
    1. @ Ajith

      බොලා රෙදි නැතුව කඩේ යන මුන්ට Go Home කියල කිව්වට ඉංග්‍රීසියක් තේරෙන්නේ නෑනේ ඉතින් "අනුර ගෙදර පල" කියලා තමයි කැම්පේන් එක කරන්න වෙන්නේ

      Delete
  29. පහුගිය කාලේ ගෝඨා නීතිය හමුවට ගිහිල්ල අවශ්‍ය දේ නොකරපු හින්දා රටේම තරුණ තරුණියෝ රට පුරාම ස්වේච්ඡාවෙන් ලස්සන කරලා තමන් බලාපොරොත්තු වන වෙනස කරයි කියලා හරසරින් පිලිගත්ත මනුස්සයාට ගෙදර යන්න එක හේතුවක් උනා... අන්තිමට ඒ තරුණ තරුණියෝම ජීවිතේට ප්‍රයෝජනවත් රස්සාවක් නොකරපු හොර උපාධි සහතික තියෙන කප්පං අරං ඩොලර් වලට කොන්ත්‍රාත් අරං බේගල් කෙලීම ජීවිතය කරගත් මීමින්නු ටිකකගෙ පච වලට රැවටෙන්න සිද්ධ උනා...

    ReplyDelete
  30. මාතා

    මේ නිව්ස් එක ඇත්ත ද?

    //පසුගිය ජූලි මාසයේදී චීනයේ සිට යේමනයට නැව්ගත කරන ලද නයිට්‍රික් අම්ලය සහිත කන්ටේනර් 4 ක් කොළඹ වරායට පැමිණියේය.

    මෙම බහාලුම් කොළඹ වරායට ආවේ ප්‍රතිනැව්ගත කිරීමට අදාලවය.

    මෙම නයිට්‍රික් අම්ලය සහිත කන්ටේනර් යේමනයේ හවුති සටන්කාමින්ට අයත් බවට ඇමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා ඇත.

    හවුති කැරලිකරුවන් මිසයිල සෑදීම සඳහා නයිට්‍රික් අම්ලය යොදාගන්නා බව ඇමරිකාව ප්‍රකාශ කරයි.

    එම භාණ්ඩ ප්‍රතිනැව් ගතකිරීම නවතා, විනාශ කරන ලෙසට ඇමෙරිකානු තානාපති කාර්යාලය දැනුම් දී ඇත.

    කැනඩා, සවුදි සහ ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලයද ඇමරිකන් ස්ථාවරය දරමින් මෙරටට බලපෑම් එල්ල කරමින් සිටියි

    නයිට්‍රික් අම්ලය වාණිජ කටයුතු වලටද යොදා ගන්නා ද්‍රව්‍යයකි.

    ව්‍යාපාරික රාමුව තුල නයිට්‍රික් අම්ලය ප්‍රවාහනය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ ඇති අතර ඒ අනුව ප්‍රවාහනය කළ හැක.

    කරුණු එසේ හෙයින් අදාල බහලුම් යේමනයට ප්‍රති නැව් ගත කරන්නේ නැතිනම් චීනයට ආපසු එවන ලෙස චීනය ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සිටී.

    ජාත්‍යන්තර නීතිය අනුව අදාල බහලුම් යලි චීනය වෙත යැවීමට නෛතික බාධා පවතියි.

    කෙසේ වුවද ඊශ්‍රායල් ඇමෙරිකා කඳවුර සමග යුධ වදින හවුති සටන්කාමීන්ට අයත් යයි සැලකෙන නයිට්‍රික් අම්ලය සහිත බහලුම් 4 ක් කොළඹ වරායේ හිරවීම භයානක තත්ත්වයකි.

    මීට පෙර මෙවැනිම තත්ත්වයක් ලෙබනනේ බීරූට් වරායේ ඇති විය.

    බීරූට් වරායේ හිර වූ කන්ටේනර් 6ක් නිසා ලෙබනනය සුන්බුන් ගොඩක් බවට පත්විය.//

    මේක ගැන විස්තර හොයල බලන්න

    ReplyDelete
  31. මාතා දන්නවද පුවක්දණ්ඩාවේ සනා සහ මාලිමා සම්බන්ධය ගැන තවත් ඔත්තුවක් - මේපාර ඩී.වී චානකගෙන්.

    පහුගිය දා අත්අඩංගුවට ගන්නා ලද පුවක්දණ්ඩාවේ සනා නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ජාතික ජන බලවේගයේ ප්‍රබල ආධාරකරුවෙක්.ජනාධිපතිවරයා ඔහුගේ නිවසෙන් ආහාර ගත්තේ යැයි විමල් වීරවංශ මහතා පවසන කාරණාය සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා නමුත් පුවක්දණ්ඩාවේ සනා ජාතික ජන බලවේග ප්‍රබල ආධාරකරුවෙක් බව එම ප‍්‍රදේශයේ මන්ත‍්‍රීවරයෙකු විදිහට තමන්ට සනාථ කළ හැකි සාක්ෂි තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසනවා.

    මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද පුවක්දණ්ඩාවේ සනා එදිනම රක්ෂිත බන්ධනාගාරගත කළ බවත්,මත්ද්‍රව්‍ය ‍චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද වෙනත් පුද්ගලයන් රැඳවුම් නියෝග ලබාගෙන දීර්ඝව ප්‍රශ්න කරමින් සිටින බව ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදයකදී ඩී.වී. චානක වැඩිදුරටත් සඳහන් කළා.

    ■ රටේ රාළගේ සටහන.

    විමල් වීරවංශ පුවක් දණ්ඩාවේ සනා සහ අනුර කුමාර අතර තියනවා කියපු සම්බන්ධය තහවුරු කරගන්න ප්‍රබල සාක්ෂියක් තමයි ඩීවී චානක මේ කියන කතාව.
    ඩීවී චානක කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙක්.
    එයා කියනවා පුවක් දණ්ඩාවේ සනා ප්‍රබල මාලිමා ආධාරකරුවෙක් කියන්න සාක්ෂි එයා ළඟ තියනවා කියලා.
    තකහනියේ කොළඹ ඉන්න විමල් තංගල්ලට කැදවලා පුවක්දණ්ඩාවේ සනා සහ අනුර අතර සම්බන්ධය ගැන ප්‍රශ්න කරපු තංගල්ල අපරාධ විමර්ශන කොට්‌ඨාසයට දැන් ඒ දිස්ත්‍රික්කයේම කෙනෙක්ගෙන් ඒක තහවුරු කරගන්න පුළුවන්.
    රටේ රාළ හිතනවා වහාම ඩීවී චානකත් තංගල්ල අපරාධ විමර්ශන කොට්‌ඨාසය කැඳවලා ප්‍රශ්න කරයි කියලා.
    මොකද ඩීවී චානක නගන චෝදනාව ඇතුලේ බරපතල සැකයක් මතුවෙන කාරණයක් තියනවා.
    ඒ සා විශාල මත්ද්‍රව්‍ය තොගයක් ගෙනාපු පුවක්දණ්ඩාවේ සනා රදවාගෙන ප්‍රශ්න නොකර එදාම ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරා කියලා ඔහු කියනවා.
    එම චෝදනාවලට පහුගිය දවස්වල අහුවුන අනිත් සියලු සැකකාරයෝ රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට යොමු කරලා තියනවා.
    එතකොට පුවක් දණ්ඩාවේ සනා එහෙම යොමු නොකලේ මාලිමාව ඒක්ක තියන සම්බන්ධය නිසාද කියන සැකය මෙතන තියනවා.
    දැන් වහාම තංගල්ල අපරාධ විමර්ශන කොට්‌ඨාසය ක්‍රියාත්මක වෙන්න ඕනි.

    මේක ගැන කතා කරන්න

    ReplyDelete
  32. ඇත්තටම මාතලන් ඔබ මේ රට ගැන ඉන්නේ සතුටින් ද? ඇතැම් විට ඔබ කියාවි ‘රට හොඳයි - මිනිස්සු තමයි නරක’ හෝ ‘සිස්ටම් එකයි ප්‍රශ්නය’ වැනි පිළිතුරු. නමුත් සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා සමස්තයක් හැටියට ගත් කල අති බහුතරයක් ලාංකිකයන් ඉන්නේ ලංකාව ගැන දැඩි කලකිරීමෙන් නේ ද? මේ රටේ ඉපදීම අවාසනාවක් කරුමයක් වගේ නේද බොහෝ දෙනා හිතන්නේ. ලංකාවේ ධනවත් ම පුඟුලෙකු වන ධම්මික පෙරේරා වුවත් වැඩිපුර කථා කරන්නේ ලංකාවේ වැරදි. ලංකාවේ හොඳක් ඇත්තේ ම නැති ද? මේ ආන්තික මනෝභාවයට අප පැමිණියේ කෙසේ ද?

    ලංකාවේ වඩාත් ම ජනප්‍රිය වූ චිත්‍රපටයක් තමයි ‘මචං’ (2008). මා සිතන්නේ එය නරඹා නැති අයෙක් නැති තරමට එය ප්‍රසිද්ධයි. ඒ චිත්‍රපටයේ සරල කථාව කුමක් ද? එයින් පෙන්වන්නේ ලංකාවේ තරුණයන් පිරිසක්. ඔවුන්ට අවශ්‍ය කෙසේ හෝ ලංකාවෙන් පිට රටකට පනින්න. ඒ සඳහා ඔවුන් සාමූහිකව වැරදි වැඩක් කරනවා. බොරු කියලා විදෙස් තරගයකට යනවා. ගිහිල්ලා පනිනවා. ඒ චිත්‍රපටයේ නළුවන්ගේ රඟපෑම් විශිෂ්ටයි. ඒ නිසා ම එය එකල තරුණ වැඩිහිටි බොහෝ දෙනා අතර ජනප්‍රිය වෙනවා. නමුත් එයින් ඇත්තට ම සමාජයට සිද්ධ වූ බලපෑම කුමක් ද?

    ඔය විදිහේ ඊනියා රැඩිකල් චිත්‍රපට එන්න කලින් 80-90 ගණන්වල තිබුණේ වෙනස් තේමාවක්. ඒවායේ බොහෝ විට තිබුණේ දුප්පත් තරුණයෙක් පෝසත් දුෂ්ටයෙකුට එරෙහිව සටන් කරලා තමාගේ ආදරවන්තිය දිනා ගන්නා හෝ ගම්වැසියන් බේරා ගන්නා හෝ වීර කථාවක්. එය බොහෝ විට අයුක්තියට අසාධාරණයට එරෙහිව සටන් කර ජය ගැනීමක්. කාලයක් යන කොට එවැනි චිත්‍රපට බොළඳ වාණිජ චිත්‍රපට ලෙස නිග්‍රහයට ලක් කරමින් ඊනියා රැඩිකල් නිර්මාණ රැල්ලක් ආවා. මචං චිත්‍රපටය එහෙම එකක්. නමුත් එහිදී වෙන්නේ ලාංකික තරුණයා සටන අත්හැරීමක්. සටන් බිමෙන් පැන යාමක්. ලංකාවේ මිනිස්සුන්ට තමන්ගේ රට එපා කරවීමට අනූවෙන් පසු මේ රටේ නිර්මාණකරුවන් විශාල වශයෙන් දායක වුණා.

    ඔබ කියාවි ඉතින් ඒක ඇත්තනේ! කියා. නමුත් ඒක හරියට self-fulfilling prophecy එකක් වගේ. අපි යමක් දෙස සර්ව අසුබවාදීව බලන තාක් කල් අපට එය වෙනස් කරන්න බැහැ. ලංකාව කියන්නේ මහා එපා කරපු, කිසිම හොඳක් නැති, අපායක් වගේ තමයි අද ලාංකිකයා කල්පනා කරන්නේ. ‘76 වසරක සාපය’ කියන දේශපාලන ස්ලෝගන් එක සාර්ථක වෙන්නේ ඒ නිසයි. නමුත් මෙම ආන්තික සමාජ වෛරය හදන්නේ ජවිපෙ පමණක් නොවෙයි. ඒ සඳහා පශ්චාත් නූතන ලාංකික කලාකරුවාත් විශාල කාර්යභාරයක් කළා. කූඹියෝ වැනි අතිශය පසුගාමී, පරපීඩක, අපරාධ-උත්කර්ශක ටෙලිනාට්‍ය ලංකාවේ ජනප්‍රිය වෙන්නේ ඒවායේ කිසිදු නිර්මාණශීලීත්වයක් නිසා නොවෙයි.

    මිලේනියල් පරපුරේ මා වැන්නෙකුට මේ පොදු සමාජ මානසික පරිවර්තනය විද්‍යමානයි. මා කුඩා කල රට ගැන පොදු සමාජයේ තිබුණේ ආදරයක්. එකල බිහි වූ ගීත, නවකථා ඇතුළු නිර්මාණ මේ රට ගැන ගෞරවයක් ජනිත කළා. රටේ ඉතිහාසය, ඉපැරණි නගර, රජවරුන් ගැන වගේ ම සිංහල අලුත් අවුරුද්ද, වෙසක් සහ පොසොන් උත්සව ආදී සංස්කෘතිකාංග සහිත ලංකාව එකල ලස්සන වස්තුවක්. නමුත් අද දරුවාට ලංකාව සාපයක්. ඔවුන්ගේ දෙමව්පියන් මේ රටේ වැරදි මිසක් කිසිම හොඳක් කියනවා ඔවුන්ට ඇහිලා නැහැ. ඒ නිසා තමයි ලංකාව ගැන වැරදිම පමණක් කියූ, කිසිදා කිසිදු හොඳක් නොකියූ අන්තිම අසුබවාදී, සෘණාත්මක, මුස්පේන්තු මිනිහෙක් මේ රටේ ජනාධිපති වෙන්නේ. අප දැන් ඉන්නේ අප විසින් ම නිර්මාණය කර ගත් අපායක. මේ නිරයේ පැසීම ම ලාංකිකයාට දැන් සැපයක්.

    ඔබට දැන් තේරෙනවද? ඔබට තේරෙනවද ඇයි ලංකාවෙන් කිසිම නව්‍යකරණයක් බිහි නොවන්නේ කියා? ගෝලීයව තබා කලාපයේවත් සාර්ථක වුණු එකදු ලාංකික ව්‍යාපාර සන්නාමයක්, නිෂ්පාදනයක්, ව්‍යවසායකයෙකු නැත්තේ ඇයි කියා? දිනෙන් දින ම සෑම සමාජ ක්ෂේත්‍රයකින් ම ලංකාව අසාර්ථක ම වන්නේ ඇයි කියා? ඔබ හිතන්නේ එයට හේතුව මේ රටේ පාලකයන් කියලයි. නැහැ. පොදු ලාංකික සමාජය විසින් ම තමයි මේ වළ කපා ගෙන තියෙන්නේ. වළක් නෙවෙයි, අගාධයක්.

    මේකෙන් ගොඩ එන්න බැහැ කියලයි මා සිතන්නේ. මොකද මේ තරමට මුළු මහත් සමාජය ම පරම්පරා දෙකක් පමණ පිට පිට තම රටට වෛර කරන්න හැදුවාට පසුව කොහොමද එය ආපසු හරවන්නේ? සටන අත් හළ මිනිස්සු ඉන්න රටක් කොහොමද දියුණු වෙන්නේ? මා කියන්නේ මෙය හරවන්නට උත්සාහ ගැනීම නිරර්ථක බවයි. ඒ සඳහා අවශ්‍ය සමාජ විභවය දැන් අපට නැහැ. නැව ගිලිලා ඉවරයි. මේ නිසා මේ රට හදන්න දඟලන එක නිශ්ඵල කාර්යයක්!

    ReplyDelete
  33. වෛද්‍ය ASP සචිත්‍ර වීරසේකර දේශපාලන දංගෙඩියට...?

    සචිත්‍ර අදීෂ වීරසේකර යනු කවුද..?

    සචිත්‍ර අදීෂ වීරසේකර කියන්නෙ ශ්‍රී ලංකා පොලිස් ස්වේච්ඡා සේවයෙ අවුරුදු 09 ක් සේවය කරන සහකාර පොලිස් අධිකාරිවරයෙක් (ASP). එමෙන්ම ඔහු වෛද්‍යවරයෙක්.

    සචිත්‍ර වීරසේකර කියන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව සම්බන්ධ පශ්චාත් උපාධි පාඨමාලාවක මුළු ලංකාවෙන්ම සුදුසුකම් ලැබූ 15 දෙනාගෙන් එක් කෙනෙක්...

    එහෙව් වැඩ්ඩෙක් වූ සචිත්‍ර වීරසේකරව වර්තමාන පොලිස්පතිවරයා විසින් 2026 වසරෙ ජනවාරියේදී සේවා දිගුවකට සහ පොලිස් අධිකාරි තනතුරට සුදුසුකම් ලබා තිබියදී සචිත්‍රගෙ නම පමණක් එතනින් ඉවත් කරලා. අනෙක් වෛද්‍යවරුන් පස්දෙනාගෙ නම් පමණක් පොලිස් කොමිසමට නිර්දේශ කරලා. සචිත්‍ර වීරසේකරව පොලිස් සේවයෙන් ඉවත් කරන්න සූදානම් වෙනවා.

    එහෙම කරේ සචිත්‍ර වීරසේකරට දූෂණ චෝදනා තියෙනවාද..? අපරාධ චෝදනා තියෙනවාද..? වෙනත් චෝදනා තියෙනවාද..?

    නෑ.. ඔහුට තියෙන එකම චෝදනාව ඔහු විපක්ෂ දේශපාලන ධාරාව නියෝජනය කරන දේශපාලඥයෙක් වූ රියල් අද්මිරාල් සරත් වීරසේකරගෙ පුතා වීම.

    සචිත්‍රට තියෙන චෝදනාව තමන්ගෙ තාත්තාගේ දේශපාලනයට සහය දැක්වීම. එවැනි චෝදනාවක් ගොනු කිරීම හරිම පහසුයි සහ ඒක ඩෝබිලාටආකර්ශණීය සටන් පාඨයක්.

    ඔහුට මෙම චෝදනාව කරන්නෙ මාලිමාව ජනාධිපතිවරණ වේදිකාවේ වාඩි වී සිටීමෙ ආනිශංසයෙන් වර්තමාන මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්න සහ CID අධ්‍යක්ෂක ශානි අබේසේකර පත් වී සිටින වකවානුවක දි වීම හාස්‍යයට කරුණකි. සචිත්‍රත් මාලිමාවෙ වේදිකාවෙ සිටියා නම් අද ඩබල් ප්‍රමෝශන්ය.

    රියල් අද්මිරාල් සරත් වීරසේකරට දූෂණ, වංචා, හොරකම්, මැරකම් චෝදනා තියෙනවාද..? ඒත් නෑ..

    සරත් වීරසේකර මේ රටට කරලා තියෙන එකම වරද රුදුරු LTTE ත්‍රස්තවාදි යුද්ධයෙන් රට බේරාගන්න තම දිවිහිමියෙන් කටයුතු කිරීමත් ඉන්පසුව පශ්චාත් යුධ අවධියේදි රටට යුධ අපරාධ චෝදනා එල්ල වෙද්දී ඊට විරුද්ධව රට වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙ ද්‍රවිඩ ඩයස්පෝරාවේ චෝදනා වලට එරෙහිව කාහල නාද කිරීම පමණයි.

    එතකොට සරත් වීරසේකරගෙ හතුරා කවුද...? සරත් වීරසේකරගෙන් පලිගන්න ඕන කාටද...?

    සරත් වීරසේකරගෙ හතුරා වන්නෙ අන් කවරෙක්වත් නොව ත්‍රස්තවාදීන් සහ ද්‍රවිඩ ඩයස්පෝරාවයි.

    අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට එරෙහිව එල්ල වන ප්‍රබල චෝදනාවක් වන්නෙ ඔවුන් දෙමළ ඩයස්පෝරාව සුරතලුන් සහ රූකඩ බවයි..

    එතකොට සචිත්‍ර වීරසේකර මේ හසුවන්නෙ ද්‍රවිඩ ඩයස්පෝරාවේ කතුරටද...?

    වර්තමාන පොලිස්පතිවරයා මයික් එකක් දුටු සැණින් නිතර මතුරන මන්තරයක් ඇත. ඒ පොලීසිය නිර්දේශපාලනිකරණය කරනවා යන්නයි. එය කටවචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කළ යුතුය.

    මේ වන විට අප ඔහුව නිතර දකින්නෙ ජනාධිපතිවරයාගෙ බොඩිගාර්ඩ් ලෙස ජනාධිපතිවරයා රට යන එන අවස්ථාවලදී එයාර්පෝට් එකේදිය.

    මේ රටේ ස්වාධින පොලිස් කොමිසම පිහිටු වූයේ පොලීසිය නිලධාරී අධිකාරිවාදියෙන් සහ දේශපාලන අධිකාරියෙන් නිදහස් කිරීමටය. එහෙත් මේ වන විටත් ස්වාධීන පොලිස් කොමිසමෙ බලතල කප්පාදු කරමින් නැවතත් ඒ බලතල පොලිස්පතිවරයා වෙත ලබා දීමෙ ක්‍රියාන්විතයක් දියත් වෙමින් ඇත.

    ඒ මෙතෙක් කල් ස්වාධීන පොලිස් කොමිසමෙ රාජකාරියක් වූ පොලිස් නිළධාරීන් මාරු කිරීමෙ බලතල පොලිස්පතිවරයා වෙත පවරා ගැනීමටය..

    පුවක්දණ්ඩාවෙ සනා ඇල්ලුව දවසෙම නාකොටික් බාර DIG ඕ. හේවාවිතාරණව එතනින් කෑගල්ලට ට්‍රාන්සර් කරනවා..

    ලංකාවෙ වැඩිම මත්කුඩු තොගය වූ කිලෝ 839 ක් අත්අඩංගුවට ගත්ත දවසෙම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ වැඩබලන අණදෙන නිලධාරියා ලෙස මාරු කර යවනවා..

    ඒ පසුගිය මාස තුනේ ඔහුගෙ සේවය කාර්යක්ෂම නෑ සහ ඔත්තුකරුවන්ට ලබා දුන් ත්‍යාග මුදල් සම්බන්ධ චෝදනාවක් කරමින්. ඔහු අකාර්යක්ෂමයි කියන ගමන්ම අනික් පැත්තෙන් කියනවා ඉතිහාසයේ වැඩිම මත්කුඩු ඇල්ලුවෙ ගිය මාස තුනේ කියලා.

    මිද්දෙණියෙදි අහු වෙන කුඩු හෙඩ් ලයින් නිවුස්, බ්‍රේකින් නිවුස් වෙනකොට නුවරඑලියෙ අයිෂ් ෆැක්ටරියෙ නිවුස් එක යට යනවා. ඒ ඇයි...?

    පුවක්දණ්ඩාවෙ සනා පිළිබඳව කළ ප්‍රකාශයක් නිසා විපක්ෂයෙ විමල් වීරවංශගෙන් කට උත්තර ගන්නවා. එහි කිසිදු ගැටළුවක් නෑ. ඒත් ඒ කට උත්තරය පොලිස් නිල ප්‍රකාශයක් ලෙස මාධ්‍යයට නිකුත් කරනවා. ( පොලීසියට දීපු කට උත්තරයක් නිල ප්‍රකාශයක් ලෙස මාධ්‍යට නිකුත් කරන්නෙ ඉතිහාසයේ පලවෙනි වතාවට..)

    කුඩු ඇල්ලීමෙ සිට අපරාධකරුවන් ඇල්ලීම යන සියල්ලම දේශපාලන සංදර්ශනයක් කරලා තියෙනවා...

    අපරාධකාරයො රටට ගේන්නෙ ක්‍රිකට් ලෝක ශූරයො පිලිගන්න වගේ. පාතාලෙ අපරාධකරුවන් පිලිගන්න පොලිස් ඇමති එයාර්පෝට් යනවා.

    ReplyDelete
    Replies
    1. දැන් යන්නෙ සෙව්වන්දි නාඩගම. සෙව්වන්දි නේපාලෙදි ඇල්ලුවා, සෙව්වන්දි රටට ගේනවා, සෙව්වන්දි CCID ගෙනියනවා, සෙව්වන්දිව මතුගම ගෙනියනවා. සෙව්වන්දිව මිද්දෙනිය ගෙනියනවා. දවසට එකක් ගානෙ නිවුස් ප්ලාන්ට් කරනවා. එක දිගට වාඩි වෙලා ඉඳලා සෙව්වන්දිගෙ පස්ස පැත්තෙ ගෙඩියක් ඇවිත්, අද සෙව්වන්දිට මෙනසස් කියලා බ්‍රේකින් නිවුස් එකක් උනත් ඉදිරියේදී එන්න පුළුවන්.

      පොලීසියෙ මාධ්‍ය ආවරණය ඒ තරම් පීචං වෙලා තියෙනවා..

      පොලීසිය ඉතිහාසයේ කවරදාකවත් නොවූ තරමටම ජරාජීර්ණ දේශපාලන ගොහොරුවක් වෙලා. වර්තමාන පොලිස්පතිවරයා දේශපාලන න්‍යායපත්‍රයට වැඩ කරන්න ගොස් දංගෙඩියට ගියපු පූජීත ජයසුන්දර සහ දේශබන්දු තෙන්නකෝන්ගෙන්වත් පාඩමක් ඉගෙන ගන්න පාටක් නෑ.

      රටේ අවාසනාවනම් සචිත්‍ර වීරසේකර වැනි රටට අවශ්‍ය නිලධාරීන් මේ ජඩ දේශපාලනයෙ ගොදුරක් බවට පත්වීමයි.

      ඔහූ සරත් වීරසේකරගෙ පුතා නොවුනා නම් ලබන ජනවාරියේදී උසස්වීමක් සහ සේවා දිගුවක්ද සමගින් තවදුරටත් මේ රටට සේවය කරන්නට සහ ඔහුගේ සේවය ලබන්නට මේ රට වාසනාවන්ත වනු ඇත. එහෙත් රටේ අවාසනාවකට ඔහු විපක්ෂ දේශපාලන මතවාදය නියෝජනය කරන රියල් අද්මිරාල් සරත් වීරසේකරගෙ පුතා වුණ නිසාම මේ දේශපාලන පළිගැනීම්වලට සහ වෙනත් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුව ඇත.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න