.

.

Apr 29, 2024

පාතාලයට පෙම් බඳින සංගම්


 

පාතාලයට පෙම් බඳින සංගම්

➖➖➖➖➖➖➖➖➖☠️💀☠️


පාතාලේ මැඩලීමට "යුක්තිය" මෙහෙයුම පටන් ගත්දා සිට... නීතීඥ සංගමේ මෙන්ම ත්‍රස්තවාදී ප්‍රේමීන්ගේද අර්ෂශ් රෝගය උත්සන්න වුනේය. ඒ ඇයි කියා ගෝනෑම ඔනෙකුට තේරෙනවාය. ඩුබායි සිට අල්ලාගෙන ආ ඉන්ටර්නැෂනල් මාෆියා කාරයා වෙනුවෙන් උසාවියේ පෙනී සිටින්නේ නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරයාය. ඉතින් උන්ගේ පුපේ කිරි පනුවෝ නටනා එක අහන්නට දෙයක් නෙමේය.


ලංකාවේ පාතාලේ අති බහුතරය ඉන්නේ ඇප පිට එලියේය. එය 95% ක් තරම් යැයි සමීක්ෂණවලින් හෙලි වී අවසානය. එහෙම උන් එලියේ ඉන්නට ඇප අරගෙන දෙන්නේ.... මුන්නැහේලාය. ගාන කඩාගන්නේ මිලියන් ගනන් වලින්‍ය. ඉතින් උන් නිවන් ඇරියොත්... මුන්ගේ බඩේ බත් නැතිය. උනුත් කොරිඩෝ ලෝයර්ස්ලා ගානට වැටෙනවාය.


පාතලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකුටත් ගේම දුන්න බව මුන්ට අමතකය. විනිසුරුවන්ට පොලිස් ස්කොඩ් බයික් දෙන්න වුනේ එදා සිටය. පොට්ට නවුෆර් ඒ කාළේ උන්න අගවිනිසුරුගේ පාටි වලට අත දිග හැර වියදම් කළ බව ලිව්වේ වික්ටර් අයිවන් උන්නැහේය. ඒවාට දියවන්නාවේ වාහන ඇතුලේ පෙම් කෙලිය අගවිනිසුරුට උත්තර නැති වුනේය.


ඉදින් එහෙම තැනකින් පොට්ට නව්ෆර්ට එගේන්ස්ට් තීන්දුවක් ආවාම... තීන්දුව දුන් එකාට ගේම දෙනේක සාධාරණයි කියා පොට්ට නවුෆර්ට හිතෙන්නට ඇතිය. 


පාතාලය හා ලෝයර්ලා අතර ප්‍රේමය ගැන කීර්තී රත්නායක.. චමුදිතගේ වැඩසටහන් තුල නම් ගම් සමඟ හෙලිදරව් කර අවසානය. ඇප පිට එලියට ගත් කංජිපානී ඉම්‍ රාන්.... එලියට ආවේ කින්ඩියට හිනාවෙමින්‍ ය. ඌ එහෙම හිනා වුනේ ලංකාවේ නීතියටය. ඊට පහුවදාම ඌ ආයෙත් රටෙන් පැන්නේය. ඒ අපේ ලෝයර්ලාගේ කෙලිය.


ටිරාන් අලස් මිනිස්සුන්ට වෙඩි තියන්නෙයි කියා කීවේ නැතිය. උන්නැහේ කිව්වේ අපරාධ කර පැන යන උන්ට සාධාරණයි කියා නිවැරදිවම තීරණය කලොත් පමණක්... අතේ ඇති ආයුධය පාවිච්චි කරන්නෙයි කියලාය. ඒ එහෙම ගේම් දීලා මාරුවෙන උන් ලුහුබැඳ ගොස් ෂොට් එක දෙන පොලිස් බයික් ඉස්කොඩ් එකක් පටන් ගත් දිනයේය. 


ඒක පටන් ගත්තේ අපරාධකරුවන්ට ෂොට් එක දෙන්නට මිස... උන් පසුපස්සේ එලවා අල්ලාගෙන බයික් එකේ දාගෙන ගොස්... නීතීඥ සංගමයට බාරදී හොඳ ලෝයර් කෙනෙක් අල්ලා දෙන්නට නෙමේය. එහෙම කරන උන්ද පොලීසියේ අදටත් සිටින බව ලෝකයම දැක්කේ...  අරක්කටා සීයයිඩීයෙන් පනින්නට හැදූ ඔපරේෂන් එකේදීය.


ඇත්තටම උන්ට ජනතාවගේ බදු මුදල් වලින්.... බයික්, වෙපන්, යුනිෆෝම් හා පඩි නඩි දීමනා දීලා තියෙන්නේ පාතලය මඩින්නට මිසක්... කලින් කියපු දේවලට හෝ පාතාලයේ ගේම් වලට කුලියට දී ගානක් කපාගන්න නෙමේය. 


අපේ නීතීඥ සංගමය ක්‍රියාකරන්නේ රටේ නීතීය අනුව නොව.... උන්ගේ නිතියට අනුව බව අරගල කාළයේදී ලෝකයටම පෙන්නුවේය. නුවන් බෝපගේ කියන එකා කිව්වේ... මින් පස්සේ රටේ නීතිය කියන්නේ උගේ නීතියය කියලාය. 


නලීන් හේවගේ කියන්නා වගේ... ඒ.. උන් පුරුදු වැඩේය. උන්ගේ ත්‍රස්තවාදී සමයේ ස්ත්‍රී දූෂකයින්, කසිප්පු කාරයින් නිවන් ඇරියේ  නුවන් බෝපගේලා කියනා නීතිය අනුව කැන්ගරු උසාවියේ නඩු අහලාය.  තව ටිකෙන් උන් අරගලය හරහා  නීත්‍යානූකූලව පත් වූ රටේ ජනාධිපති නිවන් අරින්නේත් උන්ගේ නීතියට අනුවය.


ගංගොඩවිල උසාවියේ විනිසුරුවන්ට බලපෑම් කොට උසාවියේ අත්පොලසන් දි විසිල් ගසා ආරම්බ කළ නීතීඥ සංගමයේ චන්ඩි පාට්... ඔවුන් දැන් එල්ල කරන්නේ රටේ නීතියටය. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ... මානව හිමිකම් රැකීම නොව... පාතාලය රැකීමටය. ඒ උන්ගේ බඩේ බත් වැටෙන්නේ පාතාලේ රැකුනොත් නිසාය. 


ටිරාන් අලස් මෙන්ම, රනිල් වික්‍රමසිංහද මුන්ව පයිසෙකට මායිම් නොකරනා බවට, අපට ඉරහඳ මෙන් විශ්වාසය.


ඒ වගත් මෙසේය....


.

31 comments:

  1. මේක වුණොත් නම් හොඳටම හොඳයි


    ////ටිරාන් අලස් මෙන්ම, රනිල් වික්‍රමසිංහද මුන්ව පයිසෙකට මායිම් නොකරනා බවට, අපට ඉරහඳ මෙන් විශ්වාසය.///

    ඒත්,රනිල්ට බලයට පත් කරන්න සිදු කල අරගලය මෙහෙයවූයේ යුඑස් ඒඩ් ආදී එක්සත් ජනපද ආයතන වලින් නැටවෙන රූකඩ සංගමයක් වූ ඔය කලුකබා කල්ලිය හරහා විශේෂයෙන්ම සාර්ලිය ලොක්කා හරහා, රනිල්ව බලයට ගේන්න විදේශ මුදල් අරගෙන ගේම දීපු දමිතා සන්නා ඇතුලු විශාල පිරිසකට ප්‍රශ්න ඇතිවී තිබෙන තත්ත්වය තුල කලුකබා කට්ටිය ඊළඟට ඉන්න බව තමයි පේන්න තියෙන්නේ නේද?

    ReplyDelete
  2. අරගලේ මෙහෙයුවේ පාතාලයන්, කුඩ්ඩන්, අන්තවාදීන්, පොහොර, කෘෂි රසායනික කාරයන් බවත්, කලු කබා කාරයන් ඉදිරියෙන්ම රැගුවේ ඒ නිසා බවත් ඔය අරගලේට ගිය ගොං වාහෙලාට දැන්වත් තේරෙයිද දන්නෑ..

    ReplyDelete
  3. මත්ද්‍රව්‍ය පාතාලය හෝ මිනීමරු ඝාතන කොන්ත්‍රාත්කරුවන්ගේ පාතාලය හෝ කුමන පාතාලයක් වුවද හුදෙකලාව පවතින්නේ නැහැ මාතලන් ඔවුන්ගේ පැවැත්මට මුල්‍ය ශක්තිය ආයුධ ශක්තිය හා සමව දේශපාලන ශක්තිය නීතියෙන් බේරීමට ඉතාම දැඩිලෙස නීතිවේදී සේවාවද එකසේ අත්‍යවශ්‍යයි. එහෙම නීතිවේදී සහාය සහ දේශපාලන ශක්තිය පවතින තාක් ඔවුන්ගේ බලය සම්පුර්ණයෙන්ම බිඳ දැමීමට කිසිවෙකුට නොහැකි බව පසුගිය කාලයේ කොළඹ හා ඒ අවටින් නැවත නැවතත් ඉස්මතු වූ පාතාල ක්‍රියාකාරකම්වලින් ඉතා මැනවින් පැහැදිලි වෙනවා.

    ඊට වඩා මම හිතනනේ මේ වෙලාවේ ලංකාවට ඕනේ බස්වල ලොකේශන් එක මගීන්ට දැනගන්න පුළුවන් ඇප් එකක්.දවසකට මිනිස් පැය ලක්ශ ගානක් අපතේ යනවා රට වටේම බස් එන වෙලාව වෙනකන් පාරෙ හිටගෙන ඉදලා.

    වැඩේ කරන්න පුළුවන් සම්පූර්ණ ප්ලෑන් එකක් මගේ ලග තියෙනව.දැනට ස්කූල් සර්විස් යන වෑන්වලට හදපු ඇප් එකක් තියෙනව.ඒක ඩිවලොප් කරලා ගන්න පුළුවන්.. මාතලන් කැමති නම් කතාකරන්න මගේ අයිඩියා එක දෙන්නම් ප්ලෑන් එකත් එක්කම...

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක්, මට ඇප් එකක් හදන්න ඕන

      1.තමන්ගෙ area එකෙ qualified fashion designersla ඇතුලත් කරපු එයාලගේ portfolio included app එකක්..
      2.dress pattern එකක් measurements එක්ක enter කලාම pattern boards deliver කරන service එකක්..
      3. Fabric and accessories bank එකක්..අපි fabric එකක් හොයද්දි shop එකකට නොයා gsm,colour code,softness ,shrinkage වගේ basic points ටික select කලාම ඒ fabric එක ගන්න පුලුවන් shops පෙන්වන app එකක්..

      මෝඩයි වගේද මන්දා..ඒ වුනාට අපිට තියෙන ප්‍රශ්න මේව😌

      Delete
    2. Plenty of ideas , train locations, prescription software where dr recommends medicine pharmacy can verify via QR code , bus locations, all discounts codes app, free service app, business workshops, main one is download land plans buy and sell. Check car history , accident registration validity, service rating app . Find mechanic based on location. Find near by shop based on item or pic search. Car auctions , property auctions . Rate broker service and black list fake ones. School van app based on seat capacity available. Home based food app, share you car app, rent equipments app

      Delete
    3. වෙන රට වල තිබ්බ එවා
      Offerup-නිකන් ගෙවල් වල ගොඩ ගැහිල තියෙන බඩු free or sale exchange
      Rideshare- නිකමට ඈත පලාතක ඉදල කොළඹ යනවා නම් ඒ පාරෙන් යන තව අය දාන් ය්න එක
      Skillshare-පොඩි පොඩි වැඩ කරගන්න ඒ ඒ professionals ලගෙ pool එක
      Cheg- tutor , assignment help
      Turo- ගෙදර නිකන් තියෙන වාහන කෙටි ගමන් වලට කුලිය්ට දෙන එක
      Marketplace - handmade items පොලක් Etc

      Delete
  4. පොලීසිය පාතාලය මර්දනය කිරීමට තුවක්කු භාවිතා කරනවට ලංකාවේ බහුතර නීතිඥවරු අකමැතියි. එම පාතාල සාමාජික සාමාජිකාවන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කලොත් එක ඇප ඉල්ලීමට ඉදිරිපත්ව සිටින නීතිඥයින් අවම වශයෙන් එක දවසකට ලක්ෂ තිහක් වත් අඩුම ඉල්ලනවා. ටිකක් ලොකු පාතාලයේ ලොක්කෙකු වෙනුවෙන් පෙනී සිටින අය එක නඩුවක් විභාග කිරීමට ඉදිරිපත්ව කෝටි ගණනක ගාස්තුවක් ලබා ගැනීමට හැකියාව පවතින බවයි මගේ මිතුරු ලෝයර්වරුන් පවසන්නේ, නඩු කීපයක් ලැබුණොත් ඒක රන් ආකරයක් වගේ වෙන්න පුළුවන්, නීති සංගම් සභාපතිත්වය දරන අය පවා ඕවාට ඉදිරිපත්ව සිටින්නේ ඇයි කියල පේනවා නේද?

    ඒ වගේම අනිත් පැත්තෙන් කට්ටිය ටිරාන්ගෙ පැත්ත ගත්තට ඇත්තටම ව්‍යවස්ථාවක් නීතියක් තියෙන රටක ඇමතිවරයෙක් එහෙම පොලීසියට නීතියට උඩින් ඝාතන කරන්නට උඩගෙඩි දෙන ප්‍රකාශ කරන වැරදී.

    ඒ ඔහුගෙ නොදැනීම හෝ බහුතරයක් ලාංකිකයන් වගේ ම ඔහුත් ඒකාධිපති වැඩවලට කැමති ඇති.
    රජ්ජුරුවන්ගෙ ඒකාධිපති ක්‍රමේට හුරු වෙලා හිටිය අපේ උන්දැලට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක්ද කියල තාම තේරෙන්නෙ නෑ.

    හැබැයි යන්න දගලන්නෙ ඒකාධිපතියො ඉන්න පාරෙ වෙඩි තියල අපරාධකාරයො මරන රටව්ලට නෙමේ.

    ටිරාන්ට එහෙම කරන්න කියන අය පවා යන්න කැමති මිනිස්සුන්ට සර් කියල කතා කරන පොලිසි ඉන්න සිහින මනෝරාජ්ය රටවලට. ඒකයි ඇත්ත කතාව.

    ReplyDelete
    Replies
    1. ඔය සර් කියන රටවල මොනවා හරි වුනාම නෙලන නෙලිල්ල එහෙම දැකලා නැද්ද? එක සැරයක් කළුජාතිකයෙකුගෙ බෙල්ල පාගගෙන හිටියා මැරෙනකම්ම...

      Delete
    2. අනුර, හදුන් සහෝලා මෙහෙට හරි ඔස්ට්‍රේලියාවේ, කොරියාවෙ හරි ගිහිල්ලා ආයේ ලංකාවට ගියාම කියවන්නෙත් ඔය ටයිප් කතා😁

      ඔය ජාතියේ කතා කියන ගොඩක් උන් ගාව ඇත්තටම ලංකාවෙ ඉද්දී තිබ්බේ උන් මේ දැන් කියන ඒවාට හාත්පසින් වෙනස් දේවල්.. ඉතින් උන්ට තමන්ගේ මුග්ධ කම දරාගන්න අමාරුයි පිට රටවලට ගියහම.. ඉතින් උන්ගේ ජිවිතේ හිස් කම, කුඩුකේඩුකම, නෝන්ජල් කම, හීනමානය නිසා උන්ට පිට රටවලදී මෙහෙම දේවල් හිතෙනවා.. හැබැයි ආපහු නිවාඩුවකට ලංකාවට ආවම අවුරුදු ගානක් ඒ වගේ රටක හිටියත් පරණ සුපුරුදු අමු ගන් කබර රටගොන් ගොඩේ බයියා එහෙමම උන් ගාව ඉන්නවා..

      ඔය ඇවිල්ලා ව්‍යංගාර්ථෙන් නයි ඇරීමක්!😎

      1. පිටරට සුදු උන් compliment දෙන්නේ පුරුද්දට. ඒ උන්ගෙ හැටි. නැතුව සිරා scene එකකින් නෙමේ. ඒත් පාරෙදි දැක්කොත්, සපත්තු ලේස් ගැටගැහුවම විස්තර අහන්න උන්ට පිස්සු නෑ. එක්කෝ මූට මහ පාරෙ කලන්තෙ හැදිලා උන් බයවෙලා. 😅

      2. TV Channel ගැන කතාවෙන් තේරෙනවා මුගේ western politics, media ගැන අවබෝදය. දැන් ලන්කාවෙ හරි කොහෙහරි charter දෙයක් media වල තියනවනම්, ඒවා මුලින්ම ගේන්නේ උන්.

      මේ වගේ උන් ලන්කාවෙන් යන එකමයි හොද.

      ** මට වෙන රටවල් වල මිනිස්සුන්ගේ තියන වෙනස තමා, උන් හැම එකාම (America, Africa ඉදන් europe වෙනකන්ම) තමන්ගෙ රටට පට්ට ආදරෙයි. ඇතුලින් හරියට නිකන් racist level එකට යනකන් ඒක තියනවා. උන් unconditionally උන්ගේ රටවල් වෙනුවෙන් කතාකරනවා. අපේ http හැම තැනම අන්ඣේ ලන්කාව මෙහෙමයි , එහෙමයි කිය කිය හැමිනිලා බාල්දු කරනවා. උනුත් චොර වෙනවා රටත් චොර කරගෙනම. Specially අපේ උන් සුද්දන්ට පුප දෙන, please කරන විදිය දැක්කම අප්පිරියයි. සාප.. 🤮

      මොලේ තියන එකෙක්ට තේරෙනවා උන්ට අපි මොනා කලත් Indian වගේ උන් කියලා.

      Delete
  5. අයිසේ මාතලන්,

    මෙන්න මේක මට තියෙන බරපතල ප්‍රශ්නයක්. අනුරාධපුර යුගයේ තිබූ නිර්මාණශීලිත්වය අද සිංහල බෞද්ධයන්ගේ නෑ. පෙර කරපු දේත් අපිට විස්තර කරල දෙන්නෙ පිටින් ආපු කවුරු හරි. ලංකාවේ පුරාණ යකඩ තාක්ෂණය ගැන පැරණි සිංහල ඉදිකිරීම් ගැන සීගිරිය ගැන ගොඩක් පර්යේෂණ කරල විස්තර අනාවරණය කරගෙන තියෙන්නේ විදේශ පුරාවිද්‍යාඥයෝ, ලංකාවේ උන් ඒක සිංහලට පරිවර්තනය කරලා කයිය ගහනවා අර අනුර කුමාර දිසානායක එහෙන් මෙහෙන් ඇහින්දාස් කෑලි දාර බොරු පිඹින කයිය ගහන එක වගේ

    මේකට මෑත උදාහරණය දාගබ් වල අකුණු සන්නායක ගැනත් කිව්වේ පිට අය, ඒ වගේම අපි මේ ප්‍රශ්නේ සූද්දට හරි, කාලිංග මාගට හරි දාලා ඉන්නවා මිසක් අපිට ඉතිහාසේ වුනු මේ වෙනස්වීම් ලක්ෂය හඳුනාගෙන හෝ හඳුනාගැනීමේ උත්සහයක් අදටත් නෑ. ඒ නිසා පරවාදියෝ කියන දේවල් අහගෙන ඉන්න තමයි වෙලා තියෙන්නේ. රටපුරාම මේ තරම් නටබුන් තිබිලත්, අද ජාතිය ඒ පැරණි සිංහලයට ලැජ්ජාවක්.
    උදාහරණයක් විදිහට කිසිම අයුරක හැකියාවක් නෙපෙන්වූ දුර්වල ජනාධිපති ගෝටාභය දිහා දුටුවම, මේ වගේ කෙනෙක් ඒ සා යුද්ධයක් උපක්‍රමශිලිව මෙහෙයවපු එක කොහොමවත් වෙන්න බෑ වගේ අදහසක් අපට එනවා නේද. එවකට හමුදාපති හිටපු ෆන්සේකා කියන දෙකයි පණහේ කලවැදි මලහෝන්තුව සහ සවේන්දර ජෝකර් හත්වලාම වගේ පාහරයෝ යුද්ද කරන්න නෙවෙයි හොඳ කුඹුරුවල පඹයින්ට හිටවලා තියන්න

    ඒ නිසා ලංකාවේ උතුරේ යුද්දේ ඇත්තටම උපක්‍රම ශිලිව මෙහෙයවුයේ කව්ද කියන එක අදටත් ප්‍රශ්නයක්. ඒක බටහිරුන්ම කරපු දෙයක්‌ කියල පරවාදියෝ ඉදිරියේදී කියන්න පුළුවන්. භාරතය සහ එක්සත් ජනපදය ඔවුන්ට අකීකරු එල්ටීටීඊය ඊට සාපේක්ෂව උන්ට කීකරු රාජපක්ෂ රෙජීමය යටතේ විනාශ කිරීමට පියවර ගත්තා වෙන්නත් ඉඩ තියෙන බවත් ඇත්ත වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. Yes. Had to agree with you 100%

      Delete
  6. Is this news is the base for this post Mathalon?

    Quoted

    //මහජන ආරක්‍ෂක ඇමති ධුරයෙන් ටිරාන් අලස් මහතා ඉල්ලා අස් නොවන්නේ නම් ඔහු ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවට නීතිඥ සංගමය විසින් සම්මත කර තිබේ.

    ඇමැතිවරයා එම ධුරයෙන් ඉවත් නොකරන්නේ නම් දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව නීතිඥ සංගමය යෝජනාවක් සම්මතකර ගෙන ඇත.

    මේ යෝජනාව සම්මත කරගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මිනීමරු පාතාල සමාජිකයින් තුරන් කර දැමුවාට පවක් නැතැයි පසුගිය සතියේ ටිරාන් අලස් මහතා විසින් පැවසීමත් සමගයි.

    මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මේ වන විට විදේශගතව සිටින අතර ඉහත යෝජනාව සම්බන්ධයෙන් කල විමසීමකදී ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ ඇතැම් නීතිඥයින් අතර පසුගිය මාස කිහිපය පුරා බරපතල මත ගැටුමක් නිර්මාණය වෙමින් පැවති බවය.

    බොහෝ ප්‍රසිද්ධ නීතීඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණනින් මුදල් ලබාගන්නා බවට හෙළිවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයාල පසුගිය වසරේ දෙසැම්බර් 18 දා මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනකට එක්වෙමින් සිදු කරනු ලැබූ ප්‍රකාශය ඊට මුලික හේතුව වී ඇතැයි ද එම නිලධාරියා කියා සිටියේය.

    යුක්තිය මෙහෙයුමට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් හෙළිදරව් කරමින් හෙට සිට විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භකරන බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටයේය.

    ටිරාන් අලස් අමාත්‍යවරයාට මොන මරණ තර්ජනය ආවත් පාතාලය හා කුඩු තුරන් කිරීමට ටිරාන් අලස් අමාත්‍යවරයා කැපවන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

    – Lankadeepa

    //

    End

    Seems to be terrible news in the perspective of the General public 😕

    ReplyDelete
  7. උපාධියක් තියාගෙන රස්සාවක් කරන්න හයියක් නැති උපාධි හීනමාන අසනීපයෙන් පෙළෙන නලින් හේවගේ උන්නැහේගේ කුස්සියේ ඉටිරෙදි ටික අයින් කරලා කුස්සිය හදාගන්න ආධාර මුදලක් පරිත්‍යාග කිරීමට කැමති අපේ හිතවතුන්ට පුළුවන් මේ වෙලාවෙ මාත් එක්ක එකතු වෙන්න.සැමට සමානව සළකන රටක් හදන්න ජීවිත කාලෙම මහන්සි වෙලා කැපවෙන මෙතුමාගේ පක්ෂය එකෙකුට බ්‍රෑන්ඩඩ් අන්දවා බිස්නස් ක්ලාස් එකෙන් යවන ගමන් අනෙක් එකාට කුස්සියේ ඉටිරෙදි ගහං ඉන්න දීමෙන් අපට පේන්නේ ඔවුන්ගේ පක්ෂය බලයට ආවත් කාටත් සමානව නොසළකන බවයි .

    කෙසේ වුවත් මේ කුස්සිය හදලා දෙන්න ඕන කරන සම්පූර්ණ මුදලෙන් හරි අඩක් මා විසින් පරිත්‍යාග කරන බැවින් ඉතිරි ප්‍රමාණය සඳහා අපේ මිත්‍රයින්ට අනුග්‍රහය දක්වන්න පුළුවන්.

    බුකියේ පුපවල් පොළොවේ ගහගන්න මාලිමා ළමා සමාජයේ ජාජබ වහල් මීහරකුන්ට පුළුවන් මෙතුමාගේ කුස්සිය හදාදෙන අපේ වැඩේට අවශ්‍ය සම්බන්ධීකරණය කරලා උදව් කරන්න.

    එතුමාට වැදිලා තියෙන අවුරුදු හැත්තෑ හයක ශාපය මැතිවරණයට කලින් අවසන් කරමු එක්වෙමු.

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ පාර්ලිමේන්තවෙ ඔක්කොම පක්‍ෂ වල අය හරිම එකමුතුයි ඔහොම පක්ශ වලට බෙදුන පොඩි මිනිස්සු තමයි ගහ ගන්නෙ.

      Delete
  8. වරක් මම die hard චිත්‍රපට මාලාවේ චිත්‍රපටයක් බලමින් සිටියෙමි. අවසානයට ලගාවන විටම අම්මා ද පැමින වාඩිවිය..ඉංග්‍රීසි චිත්‍රපට බලන විට වැඩිහිටි අයෙක් ගේ පැමිනීම සැබැවින්ම කරදරයකි..සුද්දන් කොයි වෙලේ මොනවා කරයිද කිව නොහැක ...වැඩිහිටියන්ට මේවා මහ ඇසැබි දේය..

    මගේ මව එතරම් ඉංග්‍රීසි බස ගැන අවබෝධයක් නොමැති අයෙකි ..bruce wills , die hard චිත්‍රපට පුරාවට මදි නොකියන්න ඇසැබි වදන් කියයි..අම්මාට නොතේරෙන බැවින් මම අපහසුතාවයකින් තොරව සිටියෙමි. චිත්‍රපටය අවසානයේ ඔහු විසින් ගුවන් යානයක් පුපුරුවා හරී. මට මතක හැටියට එය කතා මාලාවේ දෙවැන්න යි. සතුරා මරාදැමූ පසු ඔහු සුපුරුදු ලෙසින්
    Yippeee ki yay mother f####
    යනුවෙන් පැවසීය ..

    අම්මා මා දෙස බැලුවාය.
    තේරුනාද මන්දා.....මට සිතුනි...
    අම්මා හඩ අවදි කලාය...
    ඒ රටවල මිනිස්සුත් අපේ වගේ තමයි ඉතින්..දුකක් කරදරයක් උනාම අම්මාව තමයි මුලින්ම මතක්කරගන්නෙ.....
    😂😂😂😂😂😂😂😂😂😂😂

    ReplyDelete
  9. බලකායක් හැදිය යුතුමයි තවටත් මෙවන්
    හොයන්නට අපේ දෙස්පාළුවන් කෙරුම්
    නොදත් නිසා දැනගන්නට සිටිමි රිසින්
    එක ඇමතියෙක් නිදහස්- නීතියෙ පිහිටෙන්?

    ReplyDelete
  10. ඉතිං ඇත්තනෙ කතාව.. අපරාධකරුවන් තුරන් කරපුවහම කොහොමද මිලියන ගණන් හම්බකොරන්නේ... නඩු ඉවරනොකර උන්ට ඇප අරන්දීලා නඩුව දිගටම ඇද ඇද පට්ට ගේමක් ගහන්න තියෙන ක්‍රමයටනෙ ටිරාන් කෙලින්න හදන්නෙ!!!!!
    -----------

    "අපරාධකරුවන් තුරන් කිරීම පාපයක් නොවන බවට මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් පසුගියදා කළ ප්‍රකාශය

    හෙළාදකිමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥ සභාව යෝජනාවක් සම්මත කර තිබේ."

    ReplyDelete
  11. අපි නම් හොරකම් කිරීම ජීවිකාව කරගත්ත අය. මාලිමාවේ කට්ටිය සිගිති සිහින දකිනවා කියලා කියන හේතුව දන්නවද? සිගිති අය ලෝකය පොත්වල තියන පිළිවෙලට යනවා කියලයි හිතන්නෙ. ඒ කියන්නෙ “නීතිගරුක රටක්” තිබිය යුතුයි කියලා පාසැල් දරුවන්ට ඉගැන්නුවාට පාසැල් ගේට්ටුවෙන් එළියට ආවාම තියෙන්නෙ කැලෑවක්. ඒ කැලෑවෙ සත්තු අවස්ථාවෙන් ප්‍රයොජන අරගෙන තම පුරුදු දේවල නියැලෙනවා. ඇමති හා ප්‍රභූන් කිට්ටුවෙන් ඇසුරු කරන අපි දන්නවා ඒක වැරදියි කියලා. ඒත් ලංකාවෙ නිදහසෙන් පස්සෙ කිසිම නායකයෙක් අවංක වෙලා නෑ. ඒකට හේතුව පිට පාරෙන් වැඩ කරගන්න කැමති ජනතාව වැඩි හරියක් සිටීමයි. තමන් අධ්‍යාපන සුදුසුකම් හරියට ලබාගෙන රැකියාව හොදට කරලා තෘප්තියක් ලබනවා කියන අභිප්‍රායට වඩා කොහොම හරි ලොකු පුටුව තම ඥාතියාට අරන් දීලා ඒකට ලොකු පඩියකුත් හදන්න එක තමා රටේ සංස්කෘතිය. ඇමතිගොල්ලො බෙදන තරමට ජනතාව හා පිරිවර වැඩිවෙනවා. ඇමති තම ඥාති හිතවතුන්ට බෙදුවෙ නැත්තන් ඡන්දෙට වැඩ කරන්න සෙනග නැතිවෙනවා. එහෙම බෙදලා හිතවතුන් වැඩිකරගන්න සල්ලි හොයන්න දේශපාලකයන් හොර වැඩවලට යොමුවෙනවා. ඒ නිසා තමසගයන්ට රජයේ ඉඩමක් හරි අල්ලගන්න දෙනවා. ඒවගේ ඒවාට ඔට්ටු වෙන්න එන්නෙ රස්තියාදුකාර මෝඩ වුවත් කපටි චන්ඩි තමයි. ඒ චන්ඩියි , විශ්ව විද්‍යාලට කුණු හරුප නවක වද දීලා තෘප්තියක් ලබන එවුනුයි බිය යුතුයි කියලා පාසැල් දරුවන්ට ඉගැන්නුවාට පාසැල් ගේට්ටුවෙන් එළියට ආවාම තියෙන්නෙ කැලෑවක්. ඒ කැලෑවෙ සත්තු අවස්ථාවෙන් ප්‍රයොජන අරගෙන තම පුරුදු දේවල නියැලෙනවා. ඇමති හා ප්‍රභූන් කිට්ටුවෙන් ඇසුරු කරන අපි දන්නවා ඒක වැරදියි කියලා. ඒත් ලංකාවෙ නිදහසෙන් පස්සෙ කිසිම නායකයෙක් අවංක වෙලා නෑ. ඒකට හේතුව පිට පාරෙන් වැඩ කරගන්න කැමති ජනතාව වැඩි හරියක් සිටීමයි. තමන් අධ්‍යාපන සුදුසුකම් හරියට ලබාගෙන රැකියාව හොදට කරලා තෘප්තියක් ලබනවා කියන අභිප්‍රායට වඩා කොහොම හරි ලොකු පුටුව තම ඥාතියාට අරන් දීලා ඒකට ලොකු පඩියකුත් හදන්න එක තමා රටේ සංස්කෘතිය. ඇමතිගොල්ලො බෙදන තරමට ජනතාව හා පිරිවර වැඩිවෙනවා. ඇමති තම ඥාති හිතවතුන්ට බෙදුවෙ නැත්තන් ඡන්දෙට වැඩ කරන්න සෙනග නැතිවෙනවා. එහෙම බෙදලා හිතවතුන් වැඩිකරගන්න සල්ලි හොයන්න දේශපාලකයන් හොර වැඩවලට යොමුවෙනවා. ඒ නිසා තමසගයන්ට රජයේ ඉඩමක් හරි අල්ලගන්න දෙනවා. ඒවගේ ඒවාට ඔට්ටු වෙන්න එන්නෙ රස්තියාදුකාර මෝඩ වුවත් කපටි චන්ඩි තමයි. ඒ චන්ඩියි , විශ්ව විද්‍යාලට කුණු හරුප නවක වද දීලා තෘප්තියක් ලබන එවුනුයි අතර ඇත්තෙ පොඩි වෙනසයි. දෙගොල්ලම ශ්‍රී ලංකාවේ දරුවන් ශීලාචාර පුරවැසියන් වියයුතුයි කියන සංකල්පය ඇත්තක් කරවීම වලක්වනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ බාලක බාලිකාවන්ට ජේ‍යෂඪ පුරවැසියන් බෞද්ධ ශිෂ්ඪාරය පොතේ ඇති ආකාරයට රටක් ඉතිරි කර නැහැ. ඒ වෙනුවට විශ්ව විද්‍යාලයට ගොඩ බැස්සත් අසැබි වානරයන්ගෙන් බේරීමට ඇත. ඉතිරි ජන සමාජයද නීති ගරුක සමාජයකට එතරම් කැමැත්තක් ඇති බවක් හෝ කැපවීමක් පෙන්නුම් නොකරයි. එබැවින් දේශපාලක අනුගාමිකයන් හොරකම්කිරීම ඕන රටක වෙනවා කියලා ඉඩ දීමයි කල යුත්තේ. ඉතිරි කැලෑ ටිකත් ලගදි ඉවර කිරීමට දිව්රුම් දේවි. ඒ හින්ද නීති ගරුක සමාජය ගැන සිහින නොදකින්න.

    ReplyDelete
  12. පාතාල කරදරය පාලනය කරනවාට අකමැති පාතාල අපරාධ ව්‍යාපාර වලින් ජීවිකාව සරි කරගන්නා නැත්නං අපරාධකරුවන්ගෙන් ඔවුන්ව නීතියෙන් ආරක්ෂා කර දීමට ගාස්තුව ලෙස ලැබෙන මුදල් වලින් බත සරිකර ගන්නා උදවිය බව පැහැදිලියි, පහුගිය පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය නිසා ,2019, 2020 සහ 2021 වසරර හතරක් පුරාවටම එකදිගට පැවති සමාජ ආර්ථික සෞඛ්‍ය අර්බුදය වසරකට ඩොලර් බිලියන පහ බැගින් වසර හතරක කාලය තුල සංචාරක ව්‍යාපාරය අඩාල වී අහිමි වු ඩොලර් බිලියන 15-20 අතර විශාල මුදල් සම්භාරය සහ යහපාලන රජය සමයේ ගත් ඩොලර් බිලියන 12.5 අයි එස් බී ඇතුළු ණය නැවත ගෙවීමට සිදුව තිබුණ පසුබිමක එම හේතු වල ඵලයක් ලෙස 2022 වසරේදී රටේ ඇතිවුණු ආර්ථික අර්බුදය මේ ආකාරයට හෝ කලමනාකරනය නොකලා නම් අද ලක්ෂ ගනන් සහභාගි වෙන මැයි රැලි නැත.

    හොරෙන් බත් මුට්ටි උස්සන් දුවන කාලයක් තමයි අද වන විට රටේ පවතින්නේ.

    අරගලයෙන් පසුව එදා අනුර හා සජිත් ට පහසුවෙන්ම තමාට රට පාලනය කරන්න ජනතාවට සේවය කරන්න ලැබුනු අවස්තාව මග හැරියේ ඔවුන් නියම ජනතා නායකයින් නොවන බොරු කයිවාරුවට පමණක්ම හැකියාව
    ඇති කපටියන් පමණක්ම නිසා බවත් බහුතර ජනතාවට අවබෝධය ඇති නිසාම අද කවුරු මොන කයිවාරු ගැහුවත් අසීරු මොහොතේ රටට නායකත්වය දුන්නේ කවුද කියල දන්නව බහුතරය.

    ReplyDelete
  13. පතාලයෝ නෑ
    කියන්නේ නඩු අඩු වෙනවා, ඉතිං ඉවර කරල පුලුවන්යෑ,,,,,,

    ReplyDelete
  14. අපරාධ සහ නීතිය
    අපරාධයට උල්පන්දම් දෙන
    උත්තරවාදියෝ

    පාතාලේ එකෙක් ගෙ නීති විරෝධී ගිණි අවියකින් මියගිය එකෙක් තමන්ට නොසිටිනා කල එය තවත් සමාජයේවූ ත්‍රාසජනක එක් සිද්ධියක් පමණකි

    එහෙත් අපරාධ කරුවෙක් අතින් තමගේ කෙනෙක් මියගිය විට දැනෙන වේදනාව සදාකාලිකය

    එවිට අපරාධකරුවන් සමග පවතින වෛරයද එබඳුය

    රටේ අපරාධ සහ අපරාධකරුවන්ගෙන් පලය ලබන්නෝ දෙදෙනෙකි එකෙක් දේශපාලකයෝය මෙහෙයවන්නෝය
    ඊළඟට එහි පලය ලබන්නේ පාතාලයේ එකා නීතියේ රැහැණට කොටුවූ පසුව ඔහුට නීති කටයුතු වෙනුවෙන් පෙනී සිටින උත්තරවාදියා පමණි

    ඒ සඳහාපෙනී සිටීමෙන් ඔහුගේ සේවා ගාස්තුව සමහර විට ඉලක්කම් හයද ඉක්මවනු ඇත.

    කවර තරාතිරමේ අපරාධ කාරයෙකුට හෝ නීතියේ රැකවරණය සහ උත්තරවාදියෙකුගේ සහාය ලබා ගැනීමේ අයිතිවාසිකම් පවතින්නේය.ඒ ගැන විවාදයක් නොමැත.
    එය මූලික මිනිස් අයිතිවාසිකමක් වන්නේය

    සාධාරණ සැකයකින් තොරව ඔප්පු වෙන තාක් කිසිදු අයෙකු වරදකට වැරදි කාරයෝ නොවෙතැයි සලකා කටයුතු කිරීම නීතියේ මූලික සිද්ධාන්තයකි

    සමහර ජනතා සංවේදී බව වැඩියෙන් අවධානයට ලක්වූ අපරාධයන් වලදී එකී අපරාධ කරුවන්ට නීති සහාය නොලද තැන් තිබේ.

    එයින් ඔහුවු නීතිය ඉදිරියේ පාතාලයා පූස්පැ⁣ටවෙකු කිරීමට සමහර අවස්ථා වලදී
    අසාර්ථක උත්සාහයක යෙදේ

    ඔවුන් පෙනී සිටීම වෙනුවෙන් සේවා ගාස්තු ලෙස ලබා ගන්නේ පාතාලයන් ගේ අනීතික ලෙස ඉපැයූ මුදල් මිස ධාර්මික රක්ෂාවකින් උපයා සපයා ගත් ඒවාද නොවේ

    මහජන සාමය පවත්වා ගැනීමට වෙහෙසෙන එකෙකුට හිසරදයක් වන සමාජ ව්‍යසනයක් වන පාතාලයෝ සහ අපරාධ සමහරක් කළු කෝට් කාරයන්ට නිධානයක් වනු ඇත

    ඒවායෙන් ලබා ගන්නා අසීමිත මුදල් ආදායම් බදු හෝ වෙනත් බද්දක් හෝ නොගෙවා ඔවුන් සුරසැප විඳිනු පිණිසම යොදවා ගනු ලැබේ

    නයා අහිගුණ්ඨිකයකුගේ ජීවිකාව වූ කල්හි නයා නොමරා බිත්තර දිදී රැක බලා ගනිති

    පාතාලයන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන සමහරක් දේශපාලකයෝ සහ සමහරක් නීතීඥයන් ද අහිගුණ්ඨිකයත් නයාට දක්වන ආදරය වැනිය.

    වෘත්තීමය තත්වය කීර්තිය සහ යුක්ති යුක්තතාවය සමබර ලෙස පවත්වා ගන්නා නීතිවේදීන් බොහෝ දෙනෙකු යුක්තියේ නාමයෙන් තම ධූරය දරන්නාහුය

    ඔවුහු මෙම දොස් වලින් නිදොස් කොට
    නිදහස් කරනු ලැබේ.

    ReplyDelete
    Replies
    1. පසුගිය කාල වකවානුව තුල රජය සහ ජනතාව අතරත් ජනතාව සහ නීතිය අතරත් ජනතාව සහ නීතිය ක්‍රියාත්මක කරන නිළාරීන් අතරත් විවිධ ගැටුම් සහ අරගල නිර්මාණය වී තිබිණ

      පවතින අර්බුධය හමුවේ ව්‍යවස්ථාපිත නීතිය ඉක්මවා ගොස් අරගල කරන උද්ඝෝෂණය කරන පුද්ගලයන්ට එරෙහිව පවතින නීතිය හරහා කටයුතු කිරීමේදී නීතීඥ ප්‍රජාවගේ හැසිරීම කෙබඳුද යන්න වටහා ගන්නට අසීරු නොවීය

      නීතියට එරෙහිවන සියළුම දෙනා
      වරදකට වරදකරු වන්නේය.

      වරදකට වරදකරු වන ඔවුනට නියමිත දඬුවම කෙසේ හෝ ලබා දිය යුතුය.ඒ රටේ නීතිය පවත්වාගෙන යාම සහ නීතිය මගින් ආරක්ෂිතව ඇති සෙසු අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණෙනි

      2004 වසරේ නොවැම්බර් 19 වන දින නිවසේදී, අඹේපිටිය මහතා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් නිළදාරී උපාලි බණ්ඩාර යන අය, මිනීමරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලට ගොදුරු වීම නිසා ජීවිතක්ෂයට පත්විය.

      මේ සමය වන විට අඹේපිටිය මහතා මහාධිකරණයේ වූ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු වූ අතර, ඔහු අභියාචනාධීකරණය වෙත දක්වා උසස් කිරීමට අපේක්ෂිතව සිටි බව සඳහන්ය.

      ඝාතනයට ලක්වීමට පෙර දින, එනම් ඔහුගේ 58 වන ජන්ම දිනය යෙදී තිබීම වෙනුවෙන් අඹේපිටිය මහතා එදින කැලණිය රජ මහා විහාරය වන්දනා කල බව පැවසෙයි.

      එවක අගවිනිසුරුවරයා විසින් අඹේපිටිය මහතා "අධිකරණ ක්ෂේත්‍රය තුල සිටි එඩිතර නිලදාරියෙකු බවත්, ඔහුගේ මරණය අධිකරණයට වූ විශාල පාඩුවක්"
      යනුවෙනුත් ප්‍රකාශයක් සිදුකරන ලදී.

      අඹේපිටිය මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෝ පස් දෙනෙකු චූදිතයන් වූ අතර, ඊට ඝාතනයේ මහ මොළකරු වශයෙන් සැලකූ මොහමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් වෙත ඝාතනය සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවද; සුජිත් රෝහණ රූපසිංහ, සුමින්ද නිශාන්ත, උදාර පෙරේරා සහ ලසන්ත කුමාර යන අනෙකුත් පිරිස වෙත ඝාතනය ක්‍රියාවට නැංවීම යන චෝදනාවද එල්ල වන ලදී.

      අධි ආරක්ෂාව මධ්‍යයේ පැවති මාස 3 ක නඩු විභාගයකින් අනතුරුව 2005 ජූලි 4 වන දින, මහාධිකරණය විසින් ඒකමතිකව චූදිතයන් පස් දෙනා අඹේපිටිය මහතා සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීම සම්බන්ධව වරදකරුවන් බවට පත් කරමින් මරණ දණ්ඩනය නියම කරන ලදී.

      මේ සිද්ධිය දැන් කාට කාටත් අමතකව ගොස් තිබේ. මේ සිද්ධියෙන් පසුව විනිසුරු වරුන්ට ආරක්ෂාව උදෙසා වෙනමම ආරක්ෂක කොට්ඨාසයක් ආරම්භ කෙරිනි.

      Delete
    2. පාතාලයන් කුඩුු ජාවාරමුන් දේශපාලන බලතල සහ බලය ද තම අතට රැගෙන කටයුතු කලේ මීට පෙර සිට වුවත් තත්වය බරපතල ලෙස සමාජයේ වර්ධනය වෙමින් පැවැතිනි

      සංවිධානාත්මක අපරාධ කල්ලි කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම මිනී මැරිම් කල්ලි කල්ලි අතර ගැටුම් එකිනෙකා මරා ගැනීම් මරා දැමීම් බහුලව තිබිණ

      නීතිය ඉදිරියට ගෙන එනු ලැබුවද සමාජයේ කිසිවෙකු සිදුවූ අපරාධය ගැන සාක්ෂි දීමට ඉදිරිපත් නොවීය.එය නීතිය ඉදිරියේ පවතින චෝදනා අපරාධකරවන්ට එරෙහිව ඔප්පු කිරීම බලවත් අපහසුතාවයක් විය.

      අපරාධ කරුවන් උදෙසා පෙනී සිටින නීතීඥ සහාය ගැනද මෙහිදී සඳහන් කරන්නට සිදුවේ.එහි තිත්ත ඇත්ත ඉතාම තිත්තය.

      සංවිධානාත්මක අපරාධ කරුවන් වෙනුවෙන් ඉදිරිපත්වන උත්තරවාදීන්ගේ ගාස්තුවද පෙනී සිටීමද ඉහල තලයේ තිබිණි. අධිකරණයේ නමක් දිනා සිටින ප්‍රබල.නීතිවේදීන් ඔවුන්ගේ නඩු සදහා පෙනී සිටියහ

      එය වරදක් නොවෙන අතර ඕනෑම අයෙකුට අපරාධකරුවෙකුට වුව නීතියේ පිලිසරණ සහ නීතීඥයෙකුගේ සහාය ලබා ගැනීම මූලික අයිතිවාසිකමක් වන්නේය.

      ඒ ගැන තර්කයක් නොමැති නමුත් එහි යටින් දිවෙන කතාව ඉතාමත් ගුජුප්සාජනකය

      ඒ සඳහා නඩුකරයකදී බොහෝ විට ප්‍රබල පර්යේෂණ හෝ් විද්‍යත්මක සාක්ෂි නොමැති වීම සාක්ෂිකරුවන් ඉදිරිපත් නොවීම මත සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට නොහැකි වීම යන කාරණා මත අපරාධකරුවන් නීතියෙන් නිදහස් වී නැවත සමාජගත වීම නීතිය ක්‍රියාත්මක.කල පොලීසියට මහත් ගැටළුවක්ව පැවතිනි.

      Delete
    3. ප්‍රබල සංවිධාන්තමක අපරාධකරුවෙකුට එරෙහිව පැවැති නඩුවේ සාක්ෂි කාරියකට මහ දවල් පැමිණ අපරාධකරු විසින්ම පැමිණ වාද්දුවේදී වෙඩිතබා මරා දැම්මේය.

      එය එකකින් දෙකකින් තුනකින් අවසන් නොවු කතාවක් විය.නීතියද ජනතාවද බොහෝ සේ අසරණව බලාසිටියහ. පොලිස් නිළධාරීන් ද මේ නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවිය

      මහජනතාව බියෙන් ත්‍රස්තව නීතියේ පිළිසරණ පැතුවද ව්‍යාපාරිකයන් සල්ලි ඇතිවුන් පොහොසතුන් ඉතා අකමැත්තෙන් වුවද රහසිගතවම මෙම සංවිධානාත්මක අපරාධ කරුවන්ගේ කප්පම්කරුවන්ගේ බහට අවනත විය.

      ලක්ෂ ගණනින් කප්පම් ගෙවීය. ජීවිතයට ඇති බිය සහ ජීවිතය බේරාගැනීම සඳහා
      සමහරු රටින් පිටව ගියහ.

      බස්නාහිර පළාත සහ දකුණු පලාත තුල මෙම තත්වය බරපතල ලෙස වර්ධනය විය. මේ ගැන එවකට මෙම අපරාධ කරුවන් විසින් සිදුකල මනුෂ්‍ය ඝාතන කප්පම් ගැනීම් ස්ත්‍රී දුෂණ කොල්ල කෑම් පහර දීම් තුවාල කිරීම් සංඛ්‍යාව අති විශාලය.

      මෙයින් පීඩාවට ලත් වින්දිතයන් වෙනුවෙන් කිසිදු කෙනෙකු අකුරක් හෝ ලිවීමට හෝ ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට හෝ අකමැති වූහ.

      අපි හොඳ නම් අපිට මුකුත් වෙන්නෙ නෑ යන.මතයේ සිටිමින් දොර ජනෙල් වසා ශබ්දයක් ඇසූ කල තිර රෙදි මෑත්කොට බැලීමකින් පමණකින් සෑහී ගෙට වැද නිදා ගත් අය බොහොමයකි.

      ඒ තමන්ටද ජීවිත අවදානම මරණ බය ගෙයි දොරකඩට පැමිණ තිබූ හෙයිනි.

      අධිකරණයේ විනිශ්චයාසනාරූඨ විනිසුරුට පවා මරණ බිය ගෙන දුන් විට නීතිය ඉදිරියේ ප්‍රතාපත්ව නැගී සිටි අපරාධකරුවන් සඳහා කලයුතු හොඳම උපක්‍රමය නීතිය ක්‍රියාත්මක කරන නිළධාරීන්ට සිදුකරන්නට සිදුවිය.

      පෙනි පෙනී අපරාධ කල දරුණු අපරාධකරුව විත්තිකූඩුවේ නංවා ඔහුට විරුද්ධව පර්යේෂන ලිඛිත වාචික සහ තාක්ෂණික විද්‍යාත්මක සාක්ෂි නියම ලෙස සාධාරණ සැකයකින් තොරව අධිකරණය ඉදිරියේ පෙල.ගැස්වීමෙන් නොවන බව හොඳින් ඒත්තු ගැන්වී තිබිණ.

      ඒ නිසා සරුවත් බොම්බෙ මොටයි කඩල බූන්දි විකුණු අය නොවන සමාජයට පිළිලයක් වූද සමාජයට අපරාධකාරයෙක් මංකොල්ල කාරයෙක් ස්ත්‍රී දූෂකයෙක් හොරෙක් දූෂිතයෙක් පාතාල නායකයෙක් ලෙස විවිධ නම් තබාගෙන සමාජයේ සෙල්ලං පෙන්වූ සං බබාලාට බොහෝ දෙනෙකුට නඩු නොඅසාම මරණ දන්ඩනය දීමට අතීතයේ දී සිදුවූ බව නොරහසකි

      එය එසේ නොවන්නට මුුළුමහත් සමාජයම නීතියේ ආධිපත්‍යයද නීතියේ සාධාරණ බව අපේක්ෂා කරන යුක්ති යුක්ත අසරණ ජනතාවට සිදුවන්නේ මහත් අසාධාරණයකි

      එයට සමාජයෙන් නිහඬවම අත්පොලසන් නැගිනි එය තිත්ත ඇත්ත කතාවක තවත් පැතිකඩකි.

      නීතියේ කුමක් සඳහන් වුවද විනිසුරුවන් මරණ නීතියට අභියෝග කරන සමාජයේ අහිංසක මිනිසුන්ට හිරිහැර වන දුරාචාරය භීතිය පතුරවන කුමන අන්දමේ තරාතිරමක එකෙකුට එරෙහිව අවි එසෙවිය හැකි එවුන් අවි ඔසොවා ඔවුන් නිහඬ කල යුතුය.

      ඒ සඳහා ලිඛිත නීතියේ පනවා ඇති ක්‍රියාදාමය අනුගමනය කිරීම මදකට පසෙක තැබිය යුතුය. විසෙන් විස නැසිය යුතුය.

      අපරාධකරුවෙකු තමන් ඉදිරියේ තමන්ගේ අත්පා ගැට ගසා බිරිඳව දුෂණය කරනූ දකීන මිනිසෙකු දැහැමින් උපයා ගත් මුදල් ජීවිතය රැකගැනීමට කප්පම් වශයෙන් දුන් මිනිසෙකු තමන්ගේ වටිනා රන්භාන්ඩ ප්‍රසිද්ධියේ පැමිණ අඩන්තේට්ටම් කල බලහත්කාරයෙන් ගත් සිදුවීමකට මුහුණ දුන් ගැහැණියකට පාසැල් ගොස් පැමිණෙමින් සිටි දියණියව දූෂනය කර මරාදැමූ සිද්ධියක අම්මෙකුට තාත්තෙකුට තමන්ගේ එකම පුතා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව ජීවිතයද තමන්ගේ දේපලද නැති නාස්ති කරගත් අත්දැකීම ඇති දෙමව්පියෙකුටද තමන්ගේ දියණියගේ පුතාගේ ජීවිතය මේ අපරාධ නිසා දවස ගානේ උසාවි වල බන්ධනාගාර වල රස්තියාදුවන අම්මලා තාත්තලා බිරින්දෑවරුන් ගේ සැබෑ මානසික තත්වය අත්දකින කිසිම එකියක් හෝ එකෙකු අපරාධකරුවන් වෙඩිතබා මරා දැමීම ගැන සෝක ගීත නිසඳැස් වැල්වටාරම් හෝ අයිතිවාසිකම් ගැන කතා නොකරනුු ඇත.

      එසේ කතා කරන එකියක් හෝ එකෙකු ඉන්නවා නම් ඔවුන් මෙතෙක් අපරාධකරුවන් ගේ අපරාධ නිසා හෝ ක්‍රියාකාරකම් නිසා වින්දිතයන් බවට පත්ව ඇති වුන්ගේ හිත පතුල අතගා මුහුණට එබී බැලිය යුතුය.

      එවිට උන්ගේ ඇස්වලින් ගලා ගිය කඳුළු සහ හදවතේ වේදනාවෙන් ඇහෙන කෙඳිරිය දැකිය හැකිය ඇසිය හැකිය.

      Delete
    4. උදහරණ ලෙස මාකඳුරේ මධුෂ් වෙඩි පහරකින් මරණයට පත්වුණ විට එම මරණයට කිසිවෙකු හෝ යමක් ලියන්නේ නම් මාකඳුරේ මධුෂ් සිදුකල අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රතිපලයන් මත වින්දිතයන් වූවන් ගැන සහ ඔවුුන්ගේ දුක් අඳෝනාවන් ගැන පළමුව සොයා බැලිය යුතුය.

      එයින් වින්දිතයන් වුවන් ගේ අතට එක එක ගලක් බැගින් අතට දුන්නොත් මධුෂ් කෙරෙහි අනුකම්පාවෙන් ලියන එවුන් ගේ හිස්වලට ගල් ගසනු ඇත.

      නීතියේ කුමක් සඳහන් වුවද කාර්ය පටිපාට්යේ කවරක් සඳහන් වුවද මානුෂීය රීතියේ කවර පරිච්ඡේදයක් උල්ලංඝනය වුවද සනාථ වූ අපරාධකරුවන් ද උන්ට සහාය වන දේශපාලන බලවන්තයන්ද වෙඩිතබා මරා දැමිය යුතුය.

      මෙය අපරාධකරුවන් උදෙසා මිස නිවැරදි කරුවන් උදෙසා සාමන්‍යකරනය නොවිය යුතුය.

      එසේ වීමට නම් සමාජයේ නීතිය ද අණ පනත්ද දඬුවමද අධිකරණ පටිපාටියද වහාම වෙනස් කල යුතුය වෙනස් විය යුතුය.

      එවිට අපරාධයවූ සැනින් නඩුව අසා තුන්මසක් ඇතුලත දඬුවම ලබා දිය හැකිය.හැබැයි දණ්ඩනය එසැනින්ම ක්‍රියාත්මකද කල යුතුයි
      එවිට මේ ක්‍රමය අවැසි නොවනු ඇත.

      එල්ලුම් ගස සහ ලනුවද අළුගෝසුවන්ද ස්ථාපිතව තිබේ.එය නිසිපරිදි ක්‍රියාත්මක කිරීම කලයුතු යැයි කතිකාවතක් ඇරඹිනි.
      සමහරු පක්ෂවද විපක්ෂවද කරුණු කීහ
      දැන් එල්ලුම් ගස සහ ලණුව නීතියට ලණුවක් දී තිබේ අළුගෝසුවන්ද කාඩ් සෙල්ලම් කරමින් සිටිති

      අපරාධයක වින්දිතයා වන තෙක් තම තමන්ගේ නැණ පමණට කාට කාටත් කරුණු ලිවිය හැකිය.

      පසුගිය මාස කිහිපය තුල පාතාලයේ ගිණි අවිය හරහා පුද්ගලයන් සියයකට ආසන්න
      ගණනකගේ ජීවිතය විසඳිනි. සැකකරුවන් අත් අඩංගුවට ගත්තේ එයින් කිහිපයකි

      පාතාලයේ සහ අපරාධ කණ්ඩායම් වල ගොදුරක් බවට පත්වූ පොලිස් නිළධාරියෙකුද ඒ අතර සිටී. ඊට වගකිය යුත්තාද විශේෂ කාර්ය බලකායේ ඉලක්කයට හසුවීම දෛවෝපගතය .

      ගැහැණියක් හෝ පිරිමියෙකු හෝ දේශපාලන මතයක් දරන්නෙකු ට වඩා නීතිය සහ යුක්තිය අපේක්ෂා කරන්නෙකුට සමාජයේ සිටින අපරාධකරුවන් නයාට අඳුකොල වැන්න

      විසකුරු සර්පයා දැක නෑරු මෝඩයා

      Delete
  15. ටිරාන් අලසුත් ලංකාවේ බයියන්ට අතල් දුන්න ඩිප්ලෝමටි ගවයා (මිනිස්සු ඉස්සරහ බෙල්ල කපනවා වගේ පෙන්නලා ලංකාවේ කොඩියට ඇගිල්ල දික් කරපු හමුදා ගවයා වගේ කිසිම වෙනසක් නෑ ...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ලලිත්, ඒ කිව්ව ආමි එකේ දෙකයි පණහේ බෙලි කැපිලි ගෝතයා මුලින්ම රාජපක්ෂ හොරමුලට ගොට්ට අල්ලලා තනතුරු ගත්තා ඊට පස්සේ යහපාලනේ දේසපාලුවන්ටයි කලවැදි වෙල්විදානේ බූරුවාටයි හොදට අල්ලලා defence attache ඩිප්ලෝමැටික් තනතුරකට පැනලා ඊට පස්සේ ආයේ නන්දසේන බූරුවට කඩේ ගිහින් ඒකා කුජීත වෙනකොට අරගලයටත් සෙට් වෙලා ඉඳලා ඊටත් පස්සේ කාලයක් අර තිලිණි පියමාලි කියන පට්ට හෙරගේ බිස්නස් වලට සම්බන්ධ වෙලා හිටියා, ඊට පස්සේ ඔන්න දැන් මූ ලැජ්ජ නැතුව මාලිමාවට සම්බන්ධ වෙලා ජාතික ජන බලවේගයේ රණවීර් සංගමේ පොරක් වෙලා රඟනවා 😂🤣

      සාමාන්‍යෙන් ඕනෑම රටක් උපායමාර්ගිකව වැදගත් තානාපති කාර්යාල වලට Defence Attache කෙනෙක් විදියට අත්දැකීම් සහිත ගැලපෙන හමුදා නිළදාරියෙක් පත් කිරීම සිරිතක්. ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නේ දෙරට අතර තානාපති ගණුදෙනු වලට බලපාන ආකාරයේ ‘ආරක්ෂක විද්‍යාවට නැත්නම් තම මවු රටේ ජාතික ආරක්ෂාවට "අදාළ" ක්‍රියාවන් වලදී තානාපතිට සහය වීම. ඔහොම කෙටියෙන් කියුවට මේක සෑහෙන වරප්‍රසාද සහිත ලොකු වගකීමක්. පවුලත් එක්කම අදාල රටේ තානාපති වරප්‍රසාද සහිතව වසර දෙකක් පමණ සේවය කරන්න ලැබීමම ඉතින් ඔය වගේ ගොබ්බ ආමි ඔපිසරයෙකුට "කොච්චර" දෙයක්ද? ඉතින් ගොඩක් දෙනෙක් ගේ හිත යට තියෙන හීනයක් තමයි ඉහලට යනකොට "Defence Attache" පාරක් ගහන එක.. හික්ස්.. ඒකත් ඉතිං වරදක් නෑනේ.., ඉතින් දේශපාලුවන්ට, ඩිෆෙන්ස් සෙකට්‍රිට, තමන්ගේ හමුදා ලොක්කන්ට ගොට්ට අල්ලලා ඇපොයින්ට්මන්ට් එකක් ගන්ට බැරුවයැ?

      යුදබිමේ කළ කැපවීම් ඔවුන්ගෙන් සමහරු නිසි ගෞරව ලැබිය යුතු වීරයින් වුවත් පසුව දේශපාලනයට පැමිණ වෑල්විදානේ නන්දේ වගේ පිස්සු කෙළීම, නිල බලය අයුතු ලෙස යොදා වනචර ලෙස හැසිරීම, තමාට ඇති මහජන ප්‍රසාදය අවභාවිත කිරීම, ඔය කීව එකා වගේ තමාගේ ඩියුටිය නොවටහාගෙන වෙනත් බහුබූත සිදුකිරීම මහජන විවේචනයට ලක්විය යුතුයි. ඉස්සර රාජපක්ෂ හොරරැලට වුණෙත් මේකමයි

      මේ පෝස්ටුව ගැන කියුවොත් පාතාල සීන් එකේ විතරක් නෙවෙයි ලංකාවේ රටට කෙලවන හැම ගේම් එකකම මොල කාරයෝ දේශපාලකයෝ නෙවෙයි,
      මහජන මුදලින් නිදහස් අධ්‍යාපනය ලබල
      ලංකාවේ විශ්ව විද්‍යාලවල ඉගෙන ගෙන
      ඒ ඉගෙන ගන්න කාලේ රට හදන්න මහ පාරේ සටන් කරල
      උපාධිය අරගෙන
      රාජ්‍ය සේවයට ආපු ඊනියා
      'උගත් බුද්ධිමත්' නිලධාරීන්...
      ප.ලි.
      තමන්ගෙ සේවා කාලය තුල දේශපාලකයන්ට හොරා කන්න ඉඩකඩ හදල දීල, තමන්ගෙ සාක්කුවටත් ගානක් දාගත්ත උන් කීප දෙනෙක්ම විශ්‍රාම ගිහිල්ල මේ දවස්වල දේශපාලන වේදිකාවට නැගල... උන් දේසපාලුවෝ එක්ක සෙට් වෙලා දීපු ගේම් වලට
      දොශපාලකයෝ විතරක් අල්ලලා හොරා කාපු ගනන් මිනුම් අපිට කියනව. විශේෂයෙන්ම මේ දවස්වල මාලිමාවේ වේදිකාවේ ඉන්නේ ඔය වගේ පට්ට හොරු සෙට් එකක් ඔඩිට් එකේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ විවිධ දෙපාර්තමේන්තුවල හිටපු සහ පක්ෂ භේදයෙන් තොරව ඒ ඒ කාලවල පැවති ආණ්ඩුවල දේශපාලුවන් එක්ක හරි හරියට ගසාකාපු උන්

      Delete
  16. පාතාල කාරයෝ වෙඩි තියද්දි පාරේ ගිය අහිංසක දරුවෝ මැරෙද්දි ඔය කියන කළු කෝට් කාරයෝ හිටියේ උන්ගේ අම්මලාගේ.. අහවල් එක අස්සෙද…
    ඕකුන්ට විරුද්දව මහජන විරෝධතාවයක් කරන්න ඕන 😡😡

    ReplyDelete
  17. ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම දාර්ශනික පඬිරුවන වූ විශ්වවේදය (cosmology) පිළිබඳව ලෝකප්‍රකට විද්වතකු වූ ද මහා ගණිතඥ මහාචාර්ය නලීන් කුමාර් ද සිල්වා ගුරුදේවයාණන් අභාවප්‍රාප්ත වී තිබේ.

    එතුමන් ඇමරිකා එක්සත් ජනපදයේ සිටින තම පුතුගේ සුව දුක් බැලීමට ගොස් සිටියදී මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇත.ඒ වන විට ඒ මහතා 79 වන වියේ පසුවිය.

    ගණිත මහාචාර්යවරයකු වු ඔහු කැලණි විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද ඉසුලුවේය. නලින් ද සිල්වා මහතා කලක් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

    ජාතික චින්තනය,නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය,භෞතික විද්‍යාව දේශපාලන මතවාද සම්බන්ධයෙන් නලින් ද සිල්වා ප්‍රසිද්ධියක් උසුලනු ලැබීය.

    1944 ඔක්තෝම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ පානදුර, කෝවිල ගොඩැල්ලහිදී උපත ලැබූ ආචාර්ය නලින් කුමාර් ද සිල්වා සිය ප්‍රාථමික අධාපනය වෑකඩ(පානදුර) බෞද්ධාලෝක මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලවලින් ලබා ගත් අතර ද්විතියික අධාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.

    ඔහු 1962 දී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් සමග සමත් විය. 1970 දී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු විසින් සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් අනාවැකි පළ කළේය.

    නලින් ද සිල්වා මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙක් වූ අතර මාක්ස්වාදියෙක් සහ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් එම දෙකෙහිම නීති හදාරමින් මත ගෙන හැර පෑවේය.

    ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩිලෙස ප්‍රශ්න කිරීමට පෙළඹිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සංස්ථාපිත බටහිර දැනුමෙහි පදනම සහ ලොවපුරා එහි ආධිපත්‍යය විවේචනය කරමින් 1986 දී මගේ ලෝකය ග්‍රන්ථය රචනා කළේය.

    මහාචාර්ය නලින් කුමාර් ද සිල්වා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුරු සංගම් සභාවේ (FUTA) මෙන්ම ශ්‍රී ලංකාවේ කැළණිය විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාල ගුරු සංගමයේ සභාපති ලෙසද කටයුතු කළේය. ඔහු විසින් පුවත්පත් ලිපි විසි දෙදහස් පන්සියයකට වඩා පළ කොට ඇති අතර සමාජ මාධ්‍යවල පෝස්ට් දහසය දහසකට අධික ගණනක් ද පළකොට ඇත.

    නිදහස් නිවහල් චින්තනයක් වෙනුවෙන් ඇප කැප වූ ඒ වෙනුවෙන්ම දිවියම කැප කළ එතුමන්ට…. ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා! මතු බුදු වන නාථ දෙවි පිහිටෙන් එතුමන් ප්‍රාර්ථනීය බෝධියකින් සංසාර දුකින් අත්මිදේවා !!

    ReplyDelete
  18. දියුණු රටවල වාහනයක් ගන්න බදු ගහන්නෙ බොහොම අඩුවෙන්. හැබැයි එයාල රටේ දියුණුවට රක්ෂණ,සහ ලියාපදිංචි බදු වගේම ගාල් කිරීමේ ගාස්තුව රජයට ලැබෙන විදියට ක්‍රමානු කුලාව අය කරනවා. ඒ නිසා වහනයක් ඉතා අඩු මිලට එම රටවල ගන්න පුළුවන්.

    ReplyDelete
  19. පාතාලයෙක් හරි එල්ටීte කාරයෙක් හරි මැ#&@රුවාම මානවහිමිකම් ගැන බුකියේ කවි ගී ලියපු දාර්ශනිකයෝ ටික "ඔව් අපි 😎@&රුවා තමා ස්ත්‍රී දූ$ෂකයින්වයි කසි&$ප්පු කායින්වයි"කියපු නලින් හේවගේගේ උගත්කම ගැන කවි ගී ලියනවා😂

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න