.

.

Mar 23, 2026

Youtube කාරයෝ පිරිසක් පැලවත්තේ පක්ෂ සාමාජිකත්වය ලබා ගනී

 


Youtube කාරයෝ පිරිසක්

පැලවත්තේ පක්ෂ සාමාජිකත්වය ලබා ගනී

➖➖➖➖➖➖➖➖➖🔸🔶🔸➖➖➖


ඇයි සඕදරයා හදිසියේ එන්න කිව්වේ....


තමුසෙට මේක කරන්න බෑ ඕයි.... ඔයිට වඩා හොඳයි ලැට් වලක් කඩාගෙන කාපන්....


මල පැන්න ටිල්වින් සහෝදරයා දනහිස්ස සඔදරයාගේ මූණටම කිව්වේ.... දත් මිටි කන අතරේය... යක්ෂයා උන්නේ ටිල්වින් සඕදරයාගේ ඇස් අස්සේය....


මේ ගම්වල ඉඳලා ආපු පාපිස්සන්ගෙනුයි.... පොල්ලෙලි වලිනුයි.. පොල් ලෙලි ගහන උන්ගෙනුයි... මට බේරිල්ලක් නෑ ඕයි.... උන්ට ගමේ යන්න බෑ.... මොනා හරි කරන්න සඕදරයා ගගා..... 


තක්බීර් වූ දනහිස්ස සඕදරයා කිව්වේ.... 

ඇයිතින් නායක සඕදරයට කෝල් කරන්න කිව්වා නම් ඉවරයි නේ... 

බලන්නකෝ ඩොකාලා, වෙන්ඩ ටීචර්ලා, දැල්පන්නලා, විදුලි බල මංඩලේ අයියලා.... පැම්පස් අන්දලා සූප්පු කටේ ගහලා යැව්වේ... අද වෙනකන් උන්නද මලාද නෑ නේ....


මාත් කිව්වා ඕයි... ඇයි ඌට නොකියා මටම කියන්නේ කියලා.... උන් කියනවා.... ඌ නමට දිසා නායක වුනාට.... ඇත්ත නායකයා මම නේ කියලා.... ඉතින් මොකේද කියහන්කෝ රයිස් වලඳන්නේ...


සඕදරයට මල පැන්න එකත් සාදාරණයි... අපි නාගන්න ඒවා ඇර.... අර බ්‍රයිබරියයි.... පැන්ෂන් ගිය වළං හෝදන කොස්සයි නාගෙන ඉරාගෙන හලාගෙන හත්පොලේ ගාගන්න ඒවත් මටම නේ සෝදන්න වෙලා තියෙන්නේ.... මටත් දැන් මේ ඩෝබි වැඩේ එපා වෙලා තියෙන්නේ සඕදරයා....


ඔව් ඕයි..... විරප්පනුයි... ලැට්මාලියි... හිච්චි අබේ විතරක්යැ අර මහාචාර්‍ය කියන අනිල් ජයන්තයත් වැඩ සටහනකට යැව්වම රීලා නාගෙන නේ එන්නේ... අර කෝප් එකේ හිඟන්නා විරිත්ත විරිත්ත ඉන්න හැටි දැක්කම.... උගෙ දත් ටික බඩට යන්න දෙන්න හිතෙන්නේ... මම හිතන්නේ මුන් ඔක්කොම ඇවිදින පුස්තකාල නෙමේ... තැන් තැන්වල තිබ්බ කක්කුස්සි කටවල්ද කොහෙද........ ඒ ඇර අර රන්වලයා වගේ හොර සහතික ගත්ත උන්ද කොහෙද....


ඒක නම් ඇත්ත සඕදරයා.... උන්ට වඩා හොඳට අර කොටි චැනල්ලෙකේ ඔමායා නංගී හොඳට සෝදනවා සේදුම් කුඩු ඉතරක් නෙමේ සොෆ්ට්නර් හිටන් දාලා... බැරිද අර ගෝටා කින්ග්ස්ලි ගත්තා වගේ.... එයාව ගන්න රජයේ මාජ්ජ ප්‍රකාෂිකා කරලා.... දැන් බලන්න අර ට්‍රම්පච්චි වුනත් බෝනික්කෙක් වගේ පට්ට කෑල්ලක් නේ දාලා තියෙන්නේ එයාව සෝදන්න....


ටිල්වින් සඕදරයා සිටියේ දැඩි කලකිරීමකිනි.... අයිසේ මේවා එලියට යනේක හරි නෑ.... අර ලන්ඩන් ඉන්න මුං කැවුමට ඔක්කොම අභ්‍යන්තර තොරතුරු යනවා.... අපි නායක සඕදරයත් ගෙන්නගෙන මේකට විසඳුමක් සොයමු.....


ඒ අනුව රජයේ වියදම් කපා හැරීමේ තියරියට අනුගත වෙමින්.... 174 බස්සෙකක පුක්බෝඩ් එකේ එල්ලී පැමිණ.... පැලවත්ත ෆුඩ්සිටිය ලගින්  බැස ගත් නායක සඕදරයා.... පැලවත්ත මූලස්ථානයට පැමිණියේද මලේ අතේ අරගෙනය...


බලන්න අප්පා පාරේ බස් නෑ.... වීල් එකක්කත් නෑ... මුන්ට කෝටා එකත් වැඩියෙන් දීලා සේවය සපයන්නේ නෑ.... ගෙවල් වලට වෙලා ඉන්නවා.... මම බදාදා විතරනේ නිවාඩුවක් දුන්නේ....


තමුසෙ බස්සෙකේම ආපු එක හොඳයි... පව් අපේ අම්මලා.... තමුසෙගෙ අර බෙස්‍ට් ෆ්‍රෙන්ඩ් අඟුරු කාලා අපිට ගින්දර රෙන්නයි වෙලා තියෙන්නේ...

දනහිස්ස සඕදරයා පෙන්වමින්.... මූත් ඩොකා වුනාට.... මූටත් මේක සෝදන්න බෑ.... ඒ මදිවට මේ යකා කියනවා මැයි පලවෙනිදට... කට්ටියගෙ මැයි පලවෙන්නම දෙනවලු.... එහෙම කිව්වම ගව ගාල කුලප්පු වෙනේක අහන්නත් දෙයක්ද ඕයි.... මේක හරියන්නේ නෑ.... මක්කා හරි කරන්නම වෙනවා....


හරි හරි දැන් ඕකේ අවුල තියෙන්නේ අපේ අම්මලට හච්චිං යනේකයි අපිට අමතන එකයි නේ.... ඒක නවත්ත ගත්තා නම් හරි නේ....


ආන්න ඒක තමයි බ්‍රෝ පාපිස්සොයි පොල්ලෙලි ටිකයිත් කියන්නේ.....


ඉතින් ඕක අපි වෙන සෙට් එකකට ට්‍රාන්ස්වර් කරමු....


මොකක්ද..... සෝදන වැඩේද.... අර ෆේස්බුක් සෙට් එකද.... කතා කරන්න එපා ඒ මේස කොල්ලොයි මේසියොයි ගැන.... උන් දන්නේ හහා දාන්නයි හාඩ් දැමිල්ලයි විතරමයි... මහ ලොකුවට ඩිජිටල් ක්‍රියේටර් කිව්වට ඔක්කොම හරක්ගාමර්ලා....


නෑ නෑ..... වෙන නියම සෙට් එකක් ඉන්නවා....


ඒ කව්ද ඒ.....


යූ ටියුබ් කාරයෝ සෙට්ටෙකක්..... 


කව්ද අර සේපාලයයි ඉරාජුයි මිලින්දයයි එක්ක ඉන්න සෙට්ටෙකද......


ඒ මොන හාල්පාරුවෝ සෙට්ටෙකක්ද..... අර වළං හෝදන එකා ළඟ ඉන්නවා සුපිරි වළං සෝදන සෙට් එකක්ම..... අපි ඕකුන් ටික මෙතෙන්ට ගෙනත් පක්ෂ සාමාජිකත්වය දෙමූ.... 

උන් පුදුම මෝඩාභිමානයකින් ඉන්නේ ජෙප්පෝ කියලා කියන්න.... 

දැන් මේ දවස්වල සානිගෙ කේස්සෙකෙන් වළං සානියා නාපු එකයි.... කපිලගෙ කේස් එකෙන් රංගයා නාගත්ත එකයි සෝදන එක සෝදනවා ආයේ ලොවෙත් නැතිවෙන්න.....


ඉතින් ඕකුන් ටිකට සෝදන වැඩේ බාර දුන්නාම.... මිනිස්සුන්ට අපේ අම්මලා මතක් කිරිල්ල ඉබේම අමතක වෙලා.... මීට පස්සෙ පලු අරින්නේ ඕකුන්ගේ අම්මලගේ....


අම්මපා ඕයි..... තමුසෙගෙ මොළේ තමයි මොළේ කියූ ටිල්වින් සඕදරයා නායක සඕදරයා බදා වැළඳගත් අතර... දනහිස්ස සහෝදරයාට කිව්වේ දැන්ම ඔය වළං  සෝදන යූ ටියුබ් කාරයෝ ටිකට මෙහේට එන්නෙයි කියනවා කියලාය....


ඊයේ දිනයේ යූ ටියුබ් කාරයෝ විශාල පිරිසක් පැලවත්තේදී ටිල්වින් සිල්වා සඕදරයා අතින් ජවිපේ සාමාජිකයින් ලෙස පත්වීම් බාරගත් බව.... අද උදෑසනම ලන්ඩනයේ සිට මුං කැවුම් කුරුකුරු සූරිය විසින් ලොව පුරා ප්‍රචාරය කර හැරියේ ඒ අනුවය....


ඒ වගත් මෙසේය.......

27 comments:

  1. අම්මපා මම හෙන අප්සට් එකේ හිට්යෙ රටට මොන වින්නැහියක් වෙයිද කියලා. ඉදිරියෙදි රටට වෙන්න තියන විලැම්බෑසියෙන් රට බේර ගන්න නායක සඕදරරහා උපදෙස් ගන්න විද්දත් මණ්ඩලය ඊයේ දැක්කට පස්සෙ තමා යාන්තම් ඇඟට ලේ ජුන්ඩක් ඉනුවෙ..දැන් බය වෙන්න දෙයක්නෑ. පට්ට මීටර් සෙට් එක..ඔය කුණුහරුපයක් දෙකක් කිව්වට මේ වෙලාවෙ ගනන් ගන්න නාකයි...

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      ඔය ජනාධිපති හමු වූ යූටියුබර්ලා ගැන ලංකාවේ බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ජාල වල කට්ටිය කියලා තියෙනවා ඔය අනුර කුමාර දිසානායක පැලවත්ත පක්ෂ කාර්යාලෙදි යූටියුබර්ලා වගයක් එක්ක සාකච්ඡාවක් කළා කියලා ඒක ගැන මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය ප්‍රශ්න කරන එතික්ස් නම් ලංකාවට එච්චර අදාළ නැහැ කියලා මොකද ලංකාවෙ බලයෙ ඉන්න මාලිමාව කියන ජාතික ජන බලවේග පක්ෂය දිගින් දිගටම රාජ්‍ය දේපළ, සම්පත්, තනතුරු, බලතල අවභාවිතා කරන නිසා.

      ඔය යූටියුබර්ලා සෙට් එකේ වැඩි දෙනෙක් වගේ බිස්නස් එකක් විදියට යූටියුබ් කරන අය. ඔවුන්ට වෙළඳ වාසි ලැබෙන ඕනැ පැත්තකට ඔවුන් වැඩ කරයි. ඒකෙ වරදකුත් නැහැ. වානිජ යූටියුබ්කරණය පහසු බිස්නස් එකක් නෙමෙයි දැන් දැන්. තරගය ඉහළයි. ලංකාවෙ සිංහල කතා කරන ජනගහනය බොහෝ දුරට නියතියක්. අපි ඒකට ඇතුළු නොවෙන්නෙත් ඒ නිසා.

      පහුගිය ජවිපෙ රැල්ලෙදි ඔවුන් අතිශය බහුතර පිරිස එනම් බොහෝ දෙනෙකු හිටියෙ ජවිපෙට මාලිමාවට පක්ෂව තමයි.

      නමුත් ඔවුන් හරිම අවස්ථාවාදී අමන නරුමයන් පිරිසක් නිසා ඔවුන් මෙතනට ආවයි කිව්වට හෙට විපක්ෂයේ දේශපාලන නායකත්වය දරන නාමල් රාජපක්ෂගෙ කැම්පේන් එකේ හිටියත් පුදුම විය යුතුත් නැහැ. ජනාධිපතිවරයා ඔවුන්ට සල්ලි දීලා කෝටි ගණනක ටාගට් පෙන්නලා ආණ්ඩුවේ රෙදි අපුල්ලන ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන්න ඉන්ෆ්ලුවන්ස් එකක් දෙන්න උත්සාහ කරන්නට ඇති. ඒකෙ වරදකුත් නැහැ.

      කොහොම වුණත්, මෙහෙම වැදගත්කමක් ඒ හමුවෙ තියෙනවා. ඒ තමයි, ලංකාවෙ දේශපාලන ධ්‍රැවීකරණය තරමක් හෝ අඩු කරන්නට නම් ජනාධිපතිවරයා අඩු තරමෙ මේ තරමට හෝ පැලවත්තෙ හා රාජ්‍ය සේවයේ සීමාවෙන් එළියට එන්නට ඕනැ.

      ධ්‍රැවීකරණය කියන්නෙ සමාජය උත්තර ධ්‍රැවය, දක්ෂිණ ධ්‍රැවය වගේ එකිනෙකින් දුරස්ථ ධ්‍රැව දෙකකට හෝ වැඩි ගණනකට බෙදී වෙන් වීම. ලංකාවෙ සමාජය දැන් ප්‍රබුද්ධ, අදූෂිත, උගත්, තරුණ, ඇවිදින පුස්තකාල පැත්තටත්, හොර, දූෂිත, වංක, නූගත්, නාකි, තක්කඩි පැත්තටත් වශයෙන් දෙපැත්තට බෙදිලා. බලයේ ඉන්න අර ඇවිදින පුස්තකාල පැත්තෙ කට්ටිය අනෙක් පිරිසට සලකන්නෙ ස්පර්ශ නොකළ යුතු අය විදියට.

      ඩිට්වා සුළි කුණාටුවත්, ආර්ථික අර්බුදයත් එක්ක ආණ්ඩුව රනිල් උඩට ඇදගෙන ආපු ලිස්සන බෝට්ටුවෙ පහතට එන ගමන අඩාල වුණා. දැන් ලංකාව පසු කරමින් ඉන්නෙ අතිශය දුෂ්කර කාලයක්. සමහර විට අපි ඒ වකවානුව තුළට තවම පිවිසෙමින් ඉන්නවා වෙන්නත් පුළුවන්.

      ඉතින් මේ වෙලාවෙ ඇවිදින පුස්තකාල පැත්තට අයිති නැති අනෙක් පිරිස් පළ කරන ආකල්පය වෙන්නෙ ඇද්ද තොපිට, කොරයි දැන් තොපි, බලපියව්කො තොපිට වෙන දේ, දිට්ඨ ධම්ම වේදනීය කර්මය තමයි තොපිට ඔය පල දෙන්නෙ ආදී වශයෙන් කියමින් මේ විපතෙනුත් ආතල් ගන්න තත්වයක් තමයි දකින්නට ලැබෙන්නෙ.

      මේ අතර, තමන් ලංකාව සුරපුරක් කරනවාය කියලා සුරංගනා කතා කියමින් සිටි බොළඳ මාලිමා දේශපාලකයන්ටත්, ඔවුන් විශ්වාස කළ අන්තේවාසිකයන් හා අනුගාමිකයන්ටත් දැන් තදබල ලැජ්ජාවක් තමයි තියෙන බව පෙනෙන්නෙ.

      කොයි හැටි වෙතත්, මේ අපි ඉන්නෙ ලංකාව ආපු ගමනෙ හැටියට එන්නට ඉඩ තිබුණු තැන. සමාජයක් විදියට සමගි නොවී, බෙදිලා මේ රට ගොඩ ගන්නට බැහැ.

      ඔය කාරණේ තනි ධමනි, නාකි සොම්බි කජු සීයා බලයට පත් වූ දා සිටම කිව්වා, අපි එකතු වෙලා මේක ගොඩදාමු කියලා. ඒ කාලෙත් ජවිපෙ කිව්වෙ ඕක අපට මහ කජ්ජක්ද, අපට මාස හයක් දෙන්න අපි මේ රට ගොඩ දානවා කියලා. ඉතින් මේ රටේ ජනතාව මහ ගහෙන්ම ඔවුන්ට දුන්නා.

      දැන් ඒ මාලිමාවට ඡන්දය දුන්න ජනයා දුනුගමුවෙත් නැහැ. ලොවෙත් නෑ ලොවී ගහෙත් නෑ.

      ලංකාවෙ ජනතාව එහෙම තමයි. ඔවුන්ට ඕනැ මැජික්. අනුර කිව්වෙ තමන්ට මැජික් පුළුවන් කියලා. ඇත්තෙන්ම කාටවත් මැජික් කරන්න පුළුවන් කමක් නැහැ.

      ජනාධිපතිවරයා දැන්වත් මේ යථාර්ථය දැකලා, මේ සමාජයේ තියෙන ධ්‍රැවීකරණය අවම කරන්නට කටයුතු කරනවා නම්, රට නොහැදුනත් කමක් නැහැ, නැවත 2022 මැයි 9 වගේ දවස් උදා වෙන එකක් නැහැ. අපි ඒ දේශපාලන ප්‍රචණ්ඩත්වය අවසන් කරලා දශකයකටත් වැඩිය ඉදිරියට ඇවිත් ඉඳලා තමයි ආපහු ගියේ. ඒක තමයි ඇත්ත කතාව.

      Delete
  2. මේක මරු ඕයි සම්පූර්ණ ඇත්ත 😄😅😂😂

    ReplyDelete
  3. මාතා කාංචන විජේසේකර විදුලිබල ඇමති වෙද්දි තිබ්බ 700 MW roof top capacity එක ඔහු අවුරුදු එකහමාරක් ඇතුලත අවශ්‍ය Policy changes කරලා 2500 MW capacity එකට ගෙනාවා එහෙම කලේ නැතිනම අද වෙද්දී දවල්ටත් පැය 3 ක් විතර විදුලිය කපන්න වෙනවා.

    මේවාට Investment කලේ මිනිස්සුන් ගේ අතේ සල්ලි. CEB සල්ලි සතයක්වත් ගියෙත් නෑ. CEB staff එකෙක්වත් ඕන උනෙත් නෑ. මෙහෙම capacity එකක් පොලොව මත ( Ground mount solar ) සවිකලා නම් අක්කර 7500 ක් විතර විනාශ කරන්න වෙනවා තව අවුරුදු 25 ක් විතර වගාකරන්න තිබුණු ඉඩම් මේවාට දෙන්න වෙන්නේ. Ground mount solar කරනවනම් කරන්න ඕන මන්නාරම පැත්තේ Reneawable energy වලට Grid එක්ක ගහලා කිසිම වගාවක් කරන්න බැරි මුඩු ඉඩම් ප්‍රයෝජනයට අරගෙන. ඒකත් ඉදිරියට පෞද්ගලික ආයෝජන අරං දිරිමත් කරන්න පුළුවන් දෙයක්.

    මේ වගේ capacity එකක් CEB කලානම් අඩුමගානේ සේවකයෝ 500 ක්වත් ගන්න වෙනවා ඒවා බලන්න maintain කරන්න. මෙහෙම investment කරපු මිනිස්සුන්ට CEB සැලකුවේ කොහොමද . පුලුවන් තරම් ඒ මිනිස්සුන්ට එපා කරා. ලංකාවේ බොහොමයක් තැන්වල තත්ත්වය එහෙමයි. හොද මිනිස්සු ත් හිටියා ඒ අතර. මේ ආණ්ඩුව ආපූ ගමන් විදුලි මාෆියාව පච කොටා ඇතුලු මෝඩයොන්ගේ මාලිමා ආණ්ඩුව අන්දලා පච කුමාර සහ අඟුරු කුමාර පල්හොරු දෙන්නටයි ටිල් විං හොරාටයි කෝටි ගණනක මුදල් හොරාකන්ට ක්‍රමයක් සෙට් කරලා උන් මේක සම්පූර්ණයෙන් නැවැත්තුවා.

    එදා වගේම අදත් මම කියන්නේ රට 20% ක් දේශපාලකයෝ කනකොට 80% ක් කෑවේ රාජ්‍ය නිළධාරි ටික

    ඇත්තටම කරන්න තිබ්බේ Battery Energy storage ගෙනත් system එක stable කරගන්න එක. නමුත් කලේ මොකක් ද..?

    හරි විදිහට තව අවුරුදු 2 ක් ගියානම් අපි තව අවුරුදු 20 ක් යනකම් energy ගන්නේ unit එකක් රුපියල් 27/= ට . Battery bank Energy රුපියල් 45-50 අතර ගන්නවා තව අවුරුදු 10 ක් හෝ 15 ක්. ලෝක වෙළෙඳපොළ තෙල් මිල උච්චාවචනයන් අවුරුදු 20 ක් පුරාවට විදුලිබිලට බලපාන එක අවම කරන්න තිබූණා.

    නමුත් කිසිම දූරදර්ශි දැක්මක් නැති කළමනාකරණ උපදෙස් දීපූ කණ්ඩායමක් මේක සම්පුර්ණයෙන්ම අඩපන කලා.

    තෙල් හා අනිකුත් බලාගාර ඒජන්තයින් විසින් CEB එවකට සිටි කළමනාකරණය මේ සදහා මෙහෙයවූ බව ඔබ දන්නවා ද..?

    මෙහෙම ඇත්ත කතාකලා කියලා මට විනය ක්‍රියාමාර්ග ගත්ත දවසක මම ක්‍රියාකාරි දේශපාලනයට හරි ඇවිත් මේ ඇත්ත කතාකරනවා. ක්‍රියාත්මක කරන්න පුළුවන් දේකට සක්‍රිය ව දායක වෙනවා. මොකද වැරදි ප්‍රතිපත්ති හා උපදෙස් නිසා නැති වෙන්නෙ අපේ රට.

    " හරි දේ කතාකරන්න ඕන වෙලාවක නිහඩව සිටිම තරම් තවත් අපරාධයක් නැහැ කියලා මම අදත් හෙටත් විශ්වාස කරනවා"

    ඉදිරි වසර 03 දීවත් මේ පිළිබඳව අවධානය යොමුකොට කටයුතු කලහොත් තවත් වසර 05 කට මෙම ආණ්ඩුවට බලය ලබාගන්න පුළුවන් වේවී...

    තරහා ගන්න එපා කවුරුත් . කා අතිනුත් වැරැදි වෙනවා. අපි වැරදි ඉක්මනින් නිවැරදි කරන් ඉදිරියට යමු...

    ශ්‍රි ලංකාව නමැති සුන්දර පුංචි දිවයිනට ජයවේවා.....

    ( මම පෞද්ගලිකව දැන් ප්‍රශ්නයක් නැහැ මොකද EV CAR එකක් තියෙන නිසාත් ගෙදර SMART GRID BATTERY BANK තියෙන නිසාත් තෙල් නැති උනත් විදුලිය නැති උනත් මට ගැටලුවක් නෑ කියලා හිතෙන්න පුළුවන් . ඒත් බහුතරයක් මිනිස්සුන්ට එහෙම නැති වෙද්දී පෞද්ගලිකව තිබුණ කියලා සතුටු වෙන්න බෑ. අපි ගොඩ යන්න ඕන රටක් විදිහට )

    සලිල විතානගේ

    ReplyDelete
  4. ජීවිතේට එන කුණාටු නිශ්චල කරගන්න මාලිමාවේ නායකයෝ වගේ දුර්වල මෝඩ පුංචි මිනිස්සු ඔය වගේ මෝඩ වැඩ කර කර පිස්සු පිස්සු නටනවා, උන් හිතන්නේ උන් ඒ කුණාටුවට විරුද්ධව සටන් කරනවා කියලා.

    ඒත් ඒ සටනින් උන්ගේ තකතීරු වැඩ නිසාම අනිවාර්යයෙන්ම පරදිනවා.

    කුණාටු අර්බුද ගැටලු අභියෝග වගේ දේවල් අපිට ඕනෙ වෙලාවට නිශ්චල වෙන්නෙ නෑ.

    ඇත්තටම නිශ්චල වෙන්න ඕනෙ තමන්.

    කුණාටුව ඇවිල්ලා යනකල් අධිෂ්ඨාන ශීලීව බුද්ධිමත්ව හිතන්න ඕන බුද්ධිමත්ව තීරණ අරගෙන මනාව සූදානම්ව භය නැතුව තමන් නොසෙල්වී ඉන්න ඕනෙ. ඒකට ලොකුවට සමස්තය දකින්නට පුළුවන් ලොකු දැක්මක් තියෙන්න ඕනේ, පුංචියට හිතන තමන්ගේ මවු රට හුණ්ඩුවක් වගේ දකින පිස්සු ගොබ්බයෙකුට එහෙම කරන්න තරම් විශාල හදවතක් පිහිටන්නේ නෑ.

    ජීවිතේ කියන්නේ එච්චරයි.

    #SriLanka

    ReplyDelete
  5. මාතා ඕක මේ ආණ්ඩුව කරන තවත් එක් නිශ්ඵල වැඩ ගොඩක් අතරේ තව එකක් විතරයි, මීට වසරකට පමණ පෙර එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ටී. විධායකය අරගෙන නීතිය නමනවා වගේම, ලංකාවේත් ජේ ආර් ගේ කාලේ ඉඳලම දිගටම නීතිය නමනවා, දැන් අනුර කුමාර නීතිය නමනවා නැමිල්ලක් ආයේ කණේ වැලි ගෑවෙන තරමටම

    හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වූ නිසා අසරණ වූ සෑහෙන කට්ටියක් ලංකාවේත් ඉන්නවා කියල දන්නවද?

    'රීසර්ච්' කියලා නම දාගෙන හිටියට මේ ගොල්ලො විද්‍යාත්මක සමීක්ෂණයක් නොකරන, සමීක්ෂණ දැනුමක් ඇති පිරිසක් සේවය කරන, සමීක්ෂණ ආයතන නෙවෙයි.නිකන්ම නිකන් දේශපාලන කොන්ත්‍රාත් කරන N.G.O කරන පල් හොරු. මේ ආයතනයක උපරිම පහක් වැඩ කරනවා ඇති.

    පහුගිය කාලය පුරාවටම විවිධ N.G.O හදලා, ප්‍රොජෙක්ට් ප්‍රොපොසල් දාලා, සුද්දොත් අන්දලා (ඇත්තටම ඇන්දුනා වගේ හිටියා සුද්දොත්) ඩොලර් කඩාගෙන ජීවත් වෙච්ච පිරිසක් හිටියා.

    ඒ ගොල්ලොන්ගේ ව්‍යාපාරයම N.G.O.

    වෙරිටෙ රීසර්ච් කියන්නෙත් එහෙම පල් හොර තක්කඩි N.G.O එකක්. මෙතෙක් කාලයක් මේ කට්ටියට සල්ලි දුන්නේ US AID එකෙන්.හැබැයි ට්‍රම්ප් බලයට පත් වුණාට පස්සේ US AID හරහා සියලූම ආධාර කපා හැරියා.

    ඊටපස්සේ මේ ගොල්ලොන්ට සල්ලි දෙන ස්වාමියෙක් නැති වුණා. සල්ලි නැතුව අනාථ වෙලා බංකොළොත් වෙච්ච නිසාම මේ වෙනකොට රාජ්‍ය බලයත් එක්ක ඉතාමත්ම ධනවත් වෙලා ඉන්න
    පැලවත්තට මේ ගොල්ලොන්ව කුණු කොල්ලයට සල්ලි දීලා ගන්න පුලුවන් වුණේ ඒකයි.

    දැන් ඔවුන් ඉදිරියටත් පැලවත්තට විකිණේවි.

    අනුරගේ පීක් එක වෙලාවෙත් අනුරට ඡන්දෙ තිබුණේ 42% යි.

    දැන් අනුර රට ඉදිරියේ බොරුකාරයෙක් වෙලා, වැඩ බැරි බව එක්ස්පෝස් වෙලා, කන්ටේනර් සිය ගණනක් හොරෙන් පන්නලා අල ලුණු වලින් හාල් වලින් extension chords වලින් කෝටි ගණන් අතයට ගණුදෙනු වල ඉඳලා මෑතක දී සිදු වුණ දැවැන්ත ගල් අඟුරු වංචාවේ ඉඳන් හොරකම් අහුවෙලා නෝන්ඩි වෙලා ඉන්නේ.

    ආණ්ඩුවේ ජන මතය සීග්‍රයෙන් බිඳ වැටිලා. තවදුරටත් මැද පන්තිය ආණ්ඩුව එක්ක නැහැ. පහුගිය වසරේ පුංචි ඡන්දයේ දීත් ආණ්ඩුවේ ඡන්ද පදනම සෝදා ගියා.

    ආණ්ඩුව පළාත් සභා මැතිවරණය නොතියන්නෙත් ඒකයි. පළාත් සභා මැතිවරණය තිව්වොත් මේ බව ජනතාව ඉදිරියේ පැහැදිලිවම හෙළිවෙනවා.

    පසුගිය දවසක බුද්ධි අංශ රජයට විශේෂ වාර්තාවක් දුන්නා.ඒ අනුව රජයට ඇති ජනතා කැමැත්ත 16% ක් දක්වා පහත වැටිලා.

    මේ වාර්තාව විපක්ෂය විසින් සමාජගත කළා.එයින් ආණ්ඩුවට ගොඩක් රිදුනා.ඉන් ආණ්ඩුවට සිදු වූ පාඩුව ගොඩ දාන්න තමයි මේ වෙරිටෙ රීසර්ච් එකට කොන්ත්‍රාත්තුව දුන්නේ.

    හැබැයි මේ කට්ටිය වැඩේ නෑවේ අවම වශයෙන් ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත 50% සීමාවේවත් නවත්තන්නේ නැතුව 65% ක් කියලා අතේ පැලවෙන පට්ටපල් බොරුවක් කිව්වට පස්සේත් අඩුම වශයෙන් ජනාධිපති මාධ්‍ය අංශයට යථාර්තවාදී කියලා පේන නොම්මරයක් දමන්න හෝ ඉවසීමක් තිබුණේ නැහැ.

    ඔවුන් ඒ තරම් කඩා වැටිලා.
    ඔවුන් විශාල කැම්පේන් එකකින් මේ අංකය සහ ප්‍රවෘත්තිය සමාජගත කරන්න උත්සාහ කළා.

    හැබැයි 2026 දීත් මාලිමා ආණ්ඩුවට 65% ක ජනතා කැමැත්තක් තියෙනවා ය කියලා කොණ්ඩේ බැඳපු චීන්නුවත් විශ්වාස කරන්නේ නැහැ.

    ReplyDelete
  6. @ Ano 5.19 PM

    මචං, උඹ ඔය කියන කතාවේ තියෙන කරුණු ටික ඇත්ත බව පේනවා, මේක නිකම්ම දේශපාලන සෙල්ලමක් නෙවෙයි, මේක ලංකාවේ 'ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය' සහ 'දැනුම පද්ධතිය' (Knowledge Systems) සම්පූර්ණයෙන්ම ගණිකා වෘත්තියේ යෙදවීමක් විදියටයි මම දකින්නේ. ආර්ථික විද්‍යාව සහ දේශපාලන විශ්ලේෂණය පැත්තෙන් බැලුවම, වෙරිටෙ රීසර්ච් වගේ ආයතන කලින් හිටියේ බටහිර න්‍යාය පත්‍රයකට (Western Agenda) අනුව වැඩ කරන "Intellectual Mercenaries" හෙවත් බුද්ධිමය කුලී හේවායන් විදියට වුණත්, දැන් ඔවුන් ස්වාමියෙක් නැති අනාථභාවයට පත්වුණාම බලයේ ඉන්න පක්ෂයට තමන්ගේ ආත්මය විකුණා ගැනීම හරිම පිළිකුල් සහගතයි.

    ​විශේෂයෙන්ම මාකටින් පැත්තෙන් (Political Marketing) බැලුවම, ආණ්ඩුව සතුව 65%ක ජනප්‍රියත්වයක් තියෙනවා කියන එක Over-selling හෙවත් ඕනෑවට වඩා වැඩියෙන් විකුණන්න යාමක්, මොකද වරායට ආනයන කරන බඩු ගොඩබෑමේ පිරිවැය වැඩි වෙලා බඩු මිල අහස උසට ගිහින්, තෙල් මිල සූත්‍ර විනිවිදභාවයකින් තොරව ක්‍රියාත්මක වෙලා, මිනිස්සුන්ගේ ආවස්ථික පිරිවැය දරාගන්න බැරි මට්ටමට පත්වෙලා ඉන්න වෙලාවක මෙවැනි අඥාන ඉදිරිපත් කිරීම් සාමාන්‍ය ජනතාවගේ බුද්ධියට කරන නිග්‍රහයක්.

    උඹ කිව්වා වගේ ට්‍රම්ප්ගේ පැමිණීමත් එක්ක US AID ආධාර කැපීම නිසා මේ N.G.O කඩාවැටීමත්, ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් රජය ඔවුන්ව තමන්ගේ ඩෝබි වැඩේට පාවිච්චි කිරීමත් හරහා පේන්නේ රජය සැබෑ ජනමතයට බය වෙලා ඉන්න බවයි.

    බුද්ධි අංශ වාර්තා මගින් 16%ක් වැනි අඩු ජනප්‍රියත්වයක් පෙන්වද්දී, ඒක වහන්න මෙවැනි ව්‍යාජ දත්ත නිෂ්පාදනයක් (Data Fabrication) කිරීම හරහා සිද්ධ වෙන්නේ රටේ ප්‍රතිපත්ති සම්පාදනයට (Policy Making) අවශ්‍ය සැබෑ පදනම විනාශ වීමයි.

    ​පළාත් සභා මැතිවරණය කල් දැමීම සහ මේ වගේ Paid Surveys හරහා බොරු මතයක් හැදීම කියන්නේ ලංකාවේ දේශපාලනය තවමත් අර පරණ ජවිපෙ මඩ බලකා සහ දේශපාලන කොන්ත්‍රාත්කරුවන්ගේ අතේම හිරවෙලා තියෙන බවට හොඳම උදාහරණයක්.

    ඇත්තටම මචං, රටක් විදියට අපි වියට්නාමය වගේ ඉදිරියට යන්න හිතනවා නම්, මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ වගේ විද්‍යාත්මක ලේබලය අලවගත්ත දේශපාලන හොර තක්කඩියන්ව සමාජයෙන් කොන් කරන එකයි, මොකද දත්ත කියන්නේ තීරණ ගන්න තියෙන මෙවලමක් මිසක් පාලකයන්ගේ හිත සුව පිණිස අඹරන්න පුළුවන් මැටි පිඩක් නෙවෙයි.

    ReplyDelete
  7. මාතා, මේ පෝස්ට් එකේ උඹ ඔය කියන කාරණා ටිකෙන් අද ලංකාවේ තියෙන ඇත්තම තත්ත්වය හරිම අපූරුවට විග්‍රහ කරනවා.

    මට මේක පේන්නේ හුදෙක් දේශපාලන හමුවීමකට එහා ගිය ලොකු සමාජීය අර්බුදයක සංකේතයක් විදිහටයි.

    ඇත්තටම බලපන්, අනුර කුමාර දිසානායක ජනාධිපති ඔය කියන දෙකයි පණහේ වාණිජ යූටියුබ්කරුවන් හමුවීම ඇතුළේ තියෙන්නේ තමන් මවාගත්තු අර "ඇවිදින පුස්තකාල" ප්‍රතිරූපය සහ යථාර්ථය අතර තියෙන දැවැන්ත පරතරය වහගන්න දරන උත්සාහයක්.

    උඹ කිව්වා වගේම ලංකාව දැන් දරුණු ලෙස ධ්‍රැවීකරණය වෙලා - එක පැත්තක "අපි තමයි පිරිසිදු, උගත්, දේශප්‍රේමී" කියලා හිතන පිරිසකුත්, අනෙක් පැත්තේ "දූෂිත, නූගත්" කියලා මේ අයගේ ලේබල් වැදුණු පිරිසකුත් ඉන්නවා. හැබැයි රටක් විදිහට ඉදිරියට යන්න නම් මේ 'ධ්‍රැවීකරණය' (Social Polarization) අවම කරගන්නම වෙනවා. මොකද, සමාජයක් ඇතුළත එක කොටසක් අනෙක් කොටසට "ස්පර්ශ නොකළ යුතු අය" (Untouchables) විදිහට සලකන්න ගත්තම, ඒකෙන් ඇතිවෙන්නේ වෛරය සහ දේශපාලන ප්‍රචණ්ඩත්වය විතරයි.

    මේ දවස්වල මිනිස්සු අර "දිට්ඨධම්මවේදනීය කර්මය පල දෙනවා" කියලා ආණ්ඩුවේ අසාර්ථකත්වය දකිමින් සතුටු වෙන්නේ ඒ ධ්‍රැවීකරණයේම ප්‍රතිඵලයක් විදිහටයි.

    අනුර කුමාර බලයට එන්න කලින් සහ මුල් කාලේ කිව්වේ තමන්ට මැජික් පුළුවන් වගේ ක්ෂණිකව ගොඩ දාන්න පුළුවන් කියලා වුණාට, දැන් පේනවා ඔහුට කොහොමත්ම පරණ පාලකයන් තරමටම වත් මොකවත් කරගන්න බැරිබව සහ රටේ කිසිම පාලකයෙකුට මැජික් බැරි බව.

    රනිල් වික්‍රමසිංහ එදා ඉල්ලපු ඒ "සමගි සම්පන්න එකතුව" අද අනුරටත් කරන්න සිද්ධ වෙලා තියෙනවා හැබැයි ඒක කරන්න වෙන්නේ අර තමන්ම පතුරු ගහපු, තමන්ම ප්‍රතික්ෂේප කරපු සමාජ කොටස් එක්කමයි.

    ඔය යූටියුබර්ලා ලවා "රෙදි අපුල්ලන්න" හදන එකෙන් වෙන්නේ රජයේ තියෙන අසරණකම තවත් ප්‍රදර්ශනය වීම විතරයි. හැබැයි ජනාධිපතිවරයා පැලවත්තෙන් සහ රාජ්‍ය සේවයේ සීමිත රාමුවෙන් එළියට ඇවිත් මේ විවිධ මතධාරීන් මුණගැසීම යම් මට්ටමකට වැදගත් වෙන්නේ, 2022 මැයි 09 වැනිදා වගේ අඳුරු මතකයන් නැවත ඇති නොවන්නට නම් සමාජයේ තියෙන මේ දැවෙන ආතතිය (Social Tension) කොහොම හරි නිවා ගන්න ඕන නිසයි.

    මචං, මාතා මේකෙන් අපිට තේරෙන දේ තමයි, දේශපාලනඥයෝ මැජික් පෙන්නන්න හැදුවට රටක් ගොඩගන්න පුළුවන් වෙන්නේ විද්‍යාත්මක ආර්ථික කළමනාකරණයකින් සහ සමාජය බෙදන්නේ නැතිව එකතු කරගන්නා ප්‍රවේශයකින් විතරයි. එහෙම නැතුව "අපි විතරයි වැඩ්ඩෝ" කියන උද්දච්ච ගොබ්බ අමන මාලිමා බකපණ්ඩිත මුග්ධ මානයෙන් ලෝකය දකින්න ගියොත් වෙන්නේ, තව නොබෝ දිනකින්ම මේ යූටියුබර්ලාම ආපහු නාමල් රාජපක්ෂලාගේ පැත්තට හැරිලා ආණ්ඩුවටම පහර දෙන එකයි. මොකද, වාණිජ ලෝකයේ 'නියතිය' වෙන්නේ වෙළඳ වාසිය මිසක් ප්‍රතිපත්ති නෙවෙයිනේ මචං.

    ReplyDelete
  8. මේ වෙලාවේ මේ JVP ජෙප්පෝ විතරක් විපක්ෂයේ හිටියා නම්, දවසක්වත් රටට නිදහසේ ඉන්න දෙන්නේ නැහැ. උපවාස, උද්ඝෝෂණ, පාර අවහිර කිරීම, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා රටම සුසාන භූමියක් කරලා තියෙනවා. වාසනාවට අවුරුදු 76ක් තිස්සේ රටට සපයක් වගේ හිටපු JVP දැන්ම ආණ්ඩුවේ ඉන්න නිසා ඒ ජෙප්පෝටම තමන් කරපු දේවල් කරගන්න බැරි වෙලා ඉන්නවා. ඇත්තටම ජෙප්පෝ කියන්නේ රටටත් ගෙදරටත් සපයක් තමයි.

    ReplyDelete
  9. මාලිමාව වගේ අවස්ථාවාදී කණ්ඩායම් ජනතාවගේ පීඩනය සහ අසරණකම තමන්ගේ බලය ලබාගැනීමේ මෙවලමක් කරගෙන, දැන් ඒ බොරු වහගන්න යූටියුබ් ඩෝබිලා ලවා රෙදි අපුල්ලන්න දරන උත්සාහය හරිම පිළිකුල් සහගත වැඩක්.

    ඇත්තටම සැබෑ නායකත්වයක් කියන්නේ මැජික් පෙන්නන එකවත්, තෙල් මිල සූත්‍රය ඇතුළේ හොර ගණන් හදමින් ජනතාව රවට්ටන එකවත් නෙවෙයි

    ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වෙද්දී ඒ තිත්ත ඇත්ත ජනතාවට කියලා, ඒකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් තිරසාර ආර්ථිකයක් සහ Strategic මොළයක් සහිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන එකයි.

    ලංකාව IMF වගේ බදු-සහනාධාර උගුලක හිරවෙලා වඳ වෙලා යන්න කලින්, MCC වැනි මර උගුල්වලින් බේරිලා භූ-දේශපාලනිකව රට ස්වාධීනව තබාගත හැකි, වැඩ කරන මිනිහට තැන දෙන, කර්මාන්ත දියුණු කරන සැබෑ ප්‍රායෝගික නායකත්වයකට ඉඩ දිය යුතුමයි. ඒ නිසා මචං, තමන්ගේ වාසියට ඕනෑම පැත්තකට රෙදි අපුල්ලන ඔය කුලී මාධ්‍යකරුවන්ට සහ යූටියුබර්ලට වඩා, විෂය දැනුමක් තියෙන, රටේ ස්වෛරීභාවය පාවා නොදෙන සැබෑ දේශප්‍රේමීන් එකතු වෙලා මේ ප්‍රතිරූප(Personalities) පසුපස යන මෝඩ සංස්කෘතිය පරදා ප්‍රතිපත්ති (Policies) මත පදනම් වූ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම තමයි මේ වෙලාවේ තියෙන එකම විසඳුම.

    ReplyDelete
  10. අනේ බන් යකෝ ආණ්ඩුවේ උන් හිතාගෙන ඉන්නේ තාම උන් විපක්ෂේ කියලානේ, මේක ගොඩ ගන්න කරන්න තියෙනේ එක දෙයයි.. අනුරව ඉරට්ටේ දවස් වල ජනධිපති කරලා. ඔත්තේ දවස් අනුරව විපක්ෂ නායක කරමු.. 😅🤣😂

    ReplyDelete
  11. "ඉස්සර ජාතික ආපදා තත්වයකදී, කලින් හිටපු අය, ප්‍රොෆෙසර් මොල වලින් වැඩ ගත්තට දැන් ඉන්න මාලිමා උන්ට ඒවයින් පාඩමක් උනාද........?"

    "ඤැහ්..... අපේ රටේ ගෝතයොන්ට ඇහැට දැකපු, ප්‍රශ්න විසඳීමේ කලාවට වඩා, කණට අහපු දාර බේගල් වලින් තාවකාලික වින්ඳනයක් ගන්න නම් හරි කැමතියි............"

    "උන්ටම හරියන, කුණුහරුප යු ටියුබ් කාරයෝ සෙට් එක, ටොප් ලෙවල් එකේ තියන් ඉන්නවා ........."

    ReplyDelete
  12. කවුද බං ඔය අයිස් කුඩු ගහන මොංගල් බූරුවෝ ටික මාලිමා සේදුම් ඩෝබි බලගනයට එකතු කරන්න කියලා උපදෙස් දීපු එකා? ඌටත් පච කොටාට වගේම අම්බානක මොංගල් ඇති 😅🤣😂

    ReplyDelete
  13. මාතා ඉරානය මිසයිල ගහලා ඊශ්‍රායලයේ න්‍යෂ්ටික ආයතනයේ ප්‍රධානියා ඝාතනය කරලා කියන්නේ ඇත්ත ද? ඩිමානෝහිදී මිය ගිය, දෙපාර්තමේන්තු අණදෙන නිලධාරිනියක වූ පළමු කාන්තා ගුවන් ආරක්ෂක සටන්කාමිනිය වූ ලුතිනන් කර්නල් ලිරොන් ගැන කතාව ඇත්ත ද?

    ReplyDelete
  14. ලංකාවේ ප්‍රවාහයනයට සම්බන්ධ නියෝජ්‍ය ඇමතිගේ පගා අන්දරය ගැන කතාව ඇත්ත ද මාතලන්?

    ලංකාවේ සමාජ මාධ්‍ය ජාල වල හැමතැනම තිබෙන හැටියට
    ප්‍රවාහන නියෝජ්‍ය ඇමතියා මෙන්න මෙහෙම කතාවක් කියනවා

    එයාලා බස් 100ක් ඕඩර් කලාය.
    ඒ ඕඩර් එක විසාල නිසා නියෝජ්‍ය ඇමතිටත් නිකං මොනවා හරි දෙන්නය කියලා ඉල්ලුවාය.
    ඒකට සමාගන එකඟ උනාය.
    ඒ නිසා තවත් බස් හතරක් නිකං ඉල්ලුවය.
    බස් එකක වටිනාකම කෝටි 04ක්‍ ය කියලා.

    දැන් බලමු මේක.

    ඉතිහාසයේ ඉඳලම මේ වගේ ඕඩර් එකක් දුන්නම අදාල ඇමතිට කොමිෂන් එකක් ඒ සමාගමෙන් දෙනවා.
    ඒක නීතිවිරෝධී හෝ පගාවක් නෙමේ.
    ඒක සමාගමෙන් කරන එකක්.

    හැබැයි ඒක ආණ්ඩූව හෝ ඇමතිලා වගේ ඉල්ලලා ගන්න එකක් නෙමේ. කොහොමත් දෙන එකක්.

    උදාහරණ විදියට

    ◼️ '70-'77 කාලයේ අනිල් මුණසිංහ ඔය වගේ බස් රථ රාශියක් ඇණවුම් කරා. කොමිෂන් එකට මොකද්ද කරන්නෙ ඇහුවම එතුමා කිව්වා එම වටිනාකමට වාහන චැසි දෙන්න කියලා. 14ක් ලැබුණා . එතුමා වේරහැර කර්මාන්ත ශාලාවෙන් ඒවාට බොඩි ගහලා වී අලෙවි මණ්ඩලය , රාජ්‍ය ඉංජිනේරු සංස්ථව , රාජ්‍ය දැව සංස්ථාව ආදී ආයතන වල ට ඒවා ලබාදුන්නා.

    ◼️2007 දී ඩලස් අලහප්පෙරුම ප්‍රවාහන ඇමති වෙලා ඉද්දි ප්‍රංශයෙන් කෝච්චි ගෙනාවා. ඒකට ඇමතිට සන්තෝෂමක් දෙන්න කම්පැණිය කතා කලා. එතකොට ඩලස් කීවේ මට සන්තෝෂමක් එපා, ඒක බිලෙන් අඩු කරන්න කියලා. ඒත් කොම්පැණිය කීවා, ඒක බිලෙන් අඩු කරන්න බෑ. අපි සාමාන්‍යයෙන් අදාල ඇමතිවරයාට දෙන සන්තෝෂමක් කියලා.
    සන්තෝෂමේ වටිනාකම රුපියල් කෝටි පහක්. ඒ මුදල ඩලස් අරගෙන දුම්‍ රිය දෙපාර්තුමේන්තුවට දුන්නා.

    ◼️ඊලඟට 1998 දී ෆවුසි ප්‍රවාහන ඇමති වෙලා ඉන්න කොට ආපු බස් ඕඩර් එකෙන් එයාට ජිප් එකක් හම්බ උනා. එයා ජීප් එක එපා කියලා මොරටුව වේල්ස් කුමාර විදුහලට බස් එකක් දුන්නා. තාම තියෙන්නෙ ඒ බස් එක.

    🟥 අනික ඔය බස් එකක් ලක්ෂ 400ක් වටිනවද කියාලා හොයන්න ඕන.

    දන්න විදියට ඔය එක බස් එකක මිල ලක්ෂ 160ත් 250ත් අතර උපරිම ලක්ෂ 300ක් ඇති. ඒ කියන්නෙ ලක්ෂ 100 කට මොකක් හරි වෙන්න ඕන. බදුද දන්නෙ නෑ.😁😁😁😁

    ඇත්‍තටම ඔය කතාව පිළිගන්න පුළුවන් වෙන්නෙ බස් ගෙන්නන්න ඇරපු ණයවර ලිපිය (LC) Profoma Invoice එකේ ආනයනය කරනකොට එන custom invoice එක සහ ෂිපින් ලයින් එකේ ඩිලිවරි ඕඩර් එකේ ඔන්න ඔය ටික පෙන්නුවොත්.

    ඉස්සර ආණ්ඩූව වලින් නොකියා කරපු වැඩ මෙයලා පලවෙනි පාර කරා වගේ කියනවා.

    වෙනදා කොහොමත් දෙන එක මෙයලා ඉල්ලලා අරං තියනවා. වෙනස ඕකයි.

    හැබැයි බස් එන හොඳයි. ඉස්සරහට පොදු ප්‍රවාහනය නඟා සිටුවන්න ඕන. නමුත් මේකේ වෙන්න තියෙන වංචා දූෂණ ප්‍රශ්න ගැනත් හොයලා බලන්න ඕන. මතකනේ කන්ටේනර් කේස් එක ගල් අඟුරු කේස් එක එහෙම?

    ReplyDelete
  15. Japan වල Fake Marriage Case එකක් – වැදගත් අනතුරු ඇඟවීමක් 🇯🇵

    Chiba Prefecture එකෙන් අලුත්ම case එකක් වාර්තා වෙලා තියෙනවා.
    Sri Lankan man කෙනෙක් සහ Japanese woman කෙනෙක් fake marriage එකක් කරලා residency status ගන්න try කරලා අත්අඩංගුවට ගන්න ලැබිලා තියෙනවා.

    📌 මොකද වෙලා තියෙන්නේ?

    දෙන්නා 2025දී false marriage registration එකක් submit කරලා තියෙනවා

    Sri Lankan පුද්ගලයා 2017දී Japan එවිලා, 2021 ඉඳන් illegal overstaying කරලා

    දෙන්නා married couple වගේ together live කරලා නෑ

    Marriage එක purely visa එකක් ගන්න purpose එකකට use කරලා

    ⚠️ මේක වැදගත් වෙන්නේ ඇයි?
    Japan දැන්:

    Marriage visa checks

    Overstay cases

    Fake documents

    👉 මේවාට super strict monitoring කරනවා

    🚫 අන්තිමට වෙන දේවල්
    මෙවැනි දේවල් කරනවා නම්:

    Deport වෙන්න පුළුවන්

    Japan එන්න long-term ban එකක් වැටෙන්න පුළුවන්

    Criminal case එකක් දාගන්නත් වෙයි

    💡 අපිට message එක
    Japan වල ඉන්න හෝ එන්න හිතන හැමෝටම:

    👉 Shortcut වලින් යන්න එපා
    👉 Fake marriage / illegal ways avoid කරන්න
    👉 Legal way එකෙන් යන්න – ඒක තමයි safe

    🇱🇰🤝🇯🇵 අපි අපේ community එක represent කරන්නෙ honestly & responsibly වෙන්න ඕනේ.

    ReplyDelete
  16. අනුරලා විදුලි අර්බුධයක් ගැන කතා කරද්දී හිනා යනවා.

    මේ රට කවදාවත් විදුලි අර්බුධයක් හැදෙන්න තිබුණු රටක් නෙවෙයි. විදුලි අතිරික්තයක් තියෙන්න තිබුණු රටක්.

    ● අද සාම්පූර් බලාගාරය තිබුණා නම් රටට එක ඩීසල් ලීටරයක් පුච්චන්න උවමනා නැහැ. එහෙනම් 'හිඟ නැති' , 'මිල අඩු' ගල් අඟුරු වලින් ලාබෙට විදුලිය නිෂ්පාදනය කරන්න තිබුණා.

    නඩු දාලා සාම්පූර් බලාගාරය වහලා දැම්මේ අනුර ප්‍රමුඛ ජවිපෙ.

    ● අදානිගේ සූර්ය විදුලි බලාගාරය විදුලි ඒකකයක් ලබා දෙන්න හැදුවේ රුපියල් 25 ට. අදානි එලෙව්වේ අනුර ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව.

    අද ඩීසල් වලින් විදුලිය නිපදවලා අපි ඒකකයක් මිලට ගන්නේ රුපියල් සීයට.

    ● රාජපක්ෂ රජය නොරොච්චෝලේ හදද්දී අනුර ලා කොච්චර උද්ඝෝෂන කළාද ? මිනිස්සු ඇවිස්සුවද ? සිරසෙන් කොච්චර මඩ ගැහුවද ?

    හැබැයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලහත්කාරයෙන් වගේ නොරොච්චෝලේ හැදුවා.

    අද නොරොච්චෝලේ නැත්නම් අපි පැය 19 ක් අඳුරේ.

    ● මේ රටේ ගල් අඟුරු බලාගාර සහ පුනර්ජනනීය විදුලි බලාගාර නවත්තන්න ඩීසල් බලාගාර හිමියන්ගේ විශාල මාෆියාවක් තියෙනවා.

    ඔබ දකින ඔය නඩු, පරිසර දූෂණ ප්‍රශ්න, වොයිස් කට් සියල්ලටම ෆන්ඩ් කරන්නේ ඩීසල් බලාගාරහිමියො.

    වසන්ත සමරසිංහ කාලයක් ඩීසල් බලාගාරකාරයන්ගෙන් කප්පම් අරන් ගල් අඟුරු සහ පුනර්ජනනීය බලාගාර වහන්න නඩු පෝළිමක් දැම්මා.

    ආසන්නතම බාල ගල් අඟුරු ප්‍රශ්නය අමතක කළත්, මේ රටේ එක විනාඩියක් විදුලිය කප්පාදු කරන්න වුනත් ඒකට හේතුව අනුරලා බව මතක තියාගන්න.

    ReplyDelete
  17. ඔය යූටියුබ් ඩෝබිලා ගැන නම් කතා කරල වැඩක් නෑ, ඒ අස්සේ වියෙට්නාමෙ අපේ ගාමන්ට් ෆැක්ටරි ටිකටත් කෙලවල තියෙන්නෙ මේ වෙනකොට 😖😖😖😖

    මම අද ගියා කටුනායක ආයෝජන කලාපෙට ටිකක් කොන්ෆිඩෙන්ශල් වැඩකට.... ඔයාට කියන්න ඒකෙ ෆේසස් තුනේ තිබ්බ ෆැක්ටරීස් 80කටත් වැඩි ගානෙන් දැන් ඉතුරු වෙලා තියෙන්නෙ 40කටත් අඩුවෙන්.... ඒවත් තව ටික කාලෙකින් වියෙට්නාමෙට අරන් යාවි කියලා කියන්නෙ....😖😖😖😖 ඇත්තටම අපේ SMR ටික අපිට නැති කරපු එකට නම් වැහි නැති හෙන ගහන්න ඕන මුන්ට 😡😡😡😡

    සිරාවටම කොහොමද මහින්ද හරි ගෝට හරි හිටිය නම් SMR තුන ට හයක් හදනව එහෙනම් මේ වෙනකොට නොරෙච්චෝලෙ 😢😢😢😢 මේ ගස් ඩෝබින්ට ඒව තේරෙන්න මොළයක් නෑ..... 😡😡😡😡 උන් දන්නෙ රෙදි හෝදන්න විතරයි තමයි 😡😡😡😡

    ReplyDelete
  18. යුද්ධය පෙන්වා සුද්දය ඇරඹූ මාලිමා චෞර රෙජීමය 😅 මොලේ කළඳක් වත් නැති අමු ගවයන් වන මාලිමා මෝඩයෝ තවමත් මුන් සරණ යති!

    ReplyDelete
  19. අනිත් ආන්ඩුවලින් හොඳ දේවල් කරන කොට රටට ආදරේ මිනිස්සුන්ට කේන්ති යන්නෙ නෑ. මේ කියල තියෙන්නෙ ඔබේ සහ වර්තමාන මාලිමා ජනාදිපති ඇතුලු පිරිසගෙ විදිය. මට නම් හරිම ස්තුටුයි මගේ රට මොන ආන්ඩුවකින් හරි දියුනු වෙනකොට ... පෝට්සිටි එක හදනකොට කොච්චර බැන්නද. නෙලුම් කුලුනට කොච්චර බැන්නද අධි වේගී මාර්ගයට කොච්චර බැන්නද. හම්බන්තොට වරාය්ට කොච්චර බැන්නද. මත්තල ගුවන් තොටුපලට කොච්චර බැන්නද. යුද්ධෙ ඉවර කරපු එකට කොච්චර බැන්න්ද. ඒ විතරක්ද බැනල නතර උනේ නෑ. ට්‍රන්ස්ෆෝමර් ගිනි තිබ්බ. බස් ගිනි තිබ්බ මිනිස්සු මැරුව දේපල හානි. ඉතින් දැන් ඒ මුකුත් නෑ.. කවුරුත් උද්ගෝශන කරන්නෙ නෑ. ඔබටත් තෙරුවන් සරණයි❤❤❤

    ReplyDelete
  20. When Idi Amin came in to power in Uganda, he stated that Africa is for Africans only and throw away the Indians whom are basically Patels whom run most of the Business in Uganda at the time, and distributing their shops and assests businesses among Idi Amin's stupid henchmen which lead to bankrupt and disappear most of them within short period.

    However, those departed Indian Patel community settled in USA, UK, South Africa Europe etc instead of moving back to India in the early 70s and while those departed Patels settled in USA captured 80%+ of motels in USA, whom settled in the UK lead the UK coronerships. Most local shops prior to the Ugandan Asian arrival, opened at 9am and shut at 5pm and weren't open on Sundays and sometimes Mondays too. The asians had been shop keepers in Uganda, they opened their shops from 7am until 11.30pm, had a good range of things to buy, and were open 7 days week. All the family worked to make the shop successful. Londis and Bestway are two examples that became national chains from a single Ugandan Asian owned shop in the 70's. They also did pretty well in Finance, Brewing, Steel, Clothing, Pharmaceuticals, and Travel etc.

    ReplyDelete
  21. මම දැක්කා තැන් දෙක තුනක ගූ කන ඩෝබිලා දෙතුන් දෙනෙක් දැන් පෝලිම් අඩුයි කියලා මහා ලොරි ටෝක් එකක් දීලා තිබුනා. අපි විශ්ලේෂණය කරලා බලමු ඇයි පෝලිම් අඩු කියලා.


    අංක එක:
    විපක්ෂයේ වගකීම් සහගත හැසිරීම.

    තෙල් බව්සර් හැංගිලි නෑ, ගිනි තැබීම් නෑ, වර්ජන නෑ, උද්ගෝෂණ නෑ, පාර අවහිර කිරීම් නෑ, පොලිම් වල තමන්ගෙ පාක්ෂිකයන් තියලා බොරුවට පෝලිම් දික් කරලා පෙන්වන්නෑ. ⁣එහෙම තියන උන් ලවා තෙල් එකතු කරන් කුන්දාහට විකුණන්නෑ, සාධනීය විවේචන විතරයි. මේ වෙලාවෙ විපක්ෂයේ හැසිරීම ප්‍රශසතයි. අර කාලකන්නි රැල විපක්ෂේ හිටියනම් වෙන දේවල් කියන්න ඕනා නෑනෙ. හැමෝම ඒවා අත් දැක්කනෙ 2022.

    අංක දෙක.

    කන්චන නිසින් හඳුන්වා දුන් QR කේත ක්‍රමය.

    මේක කලින් තිබුන ඉන්ධන අර්බුධයට අති සාර්ථක විසදුමක් වුනා කියලා අපි හැමෝම අත් දැකීමෙන්ම දන්නවා. පෝලිම් වල බහිරවයො වලේ ලැගගෙනතෙල් එකතු කරපු ජෙිපි වහල්ලුන්ව දමනය කරලා මහජනතාවට සාධාරණව තියන තෙල් ටික බෙදලා දෙන්න මේකෙන්හම්බුනා විතරක් නෙමේ ටික කාලෙකින් ඒක ඉවත්කරලා මහජනතාවට හිතෙහැටියට තෙල් ගහ ගන්න දෙන්නත් පුළුවන් වුනා.

    උද්දච්ච මාලිමා පරයො මේක එදත් අදත් විවෙචනය කරලා අන්තිමට ඒකම දාන්න වුනා. ඒකෙදිත් හත්පොලේ ගාගෙන අනාගෙන, කලින් හිටපු උන්ට දොස් කිය කිය කොහොම හරි තටමලා තටමලා ඒක ක්‍රියාත්මක කළායින් තෙල් පෝලිම් අඩු කරගන්න පුළුවන් වුනා.

    අංක තුන

    ඔත්තෙ ඉරට්ටේ ක්‍රමය.

    මේකත් QR වගේම තමා. කයිතන් එදාමහා සෝපාසයෙන් මේවට කතා කළාට අන්තිමට ඒවම යොදවන්න වුනා. ඇත්තටම මේ ගොන් ආණ්ඩුව කලින් හඳුන්වලා දීපු දේවල් ක්‍රියාත්මක කළා මිසක් තමන්ගෙම කියලා මෙලෝ දෙයක් හඳුන්වලා දීලා තියනවද??

    අංක හතර

    කන්චන විසින් හඳුන්වා දුන් Sinopac, Shell වැනි පුද්ගලික අංශයේ පිරවුම්හල්.

    මේ ආයතන වලට තෙල් ආනයනය කිරීමේ පහසුකම සපයපු නිසා ආණ්ඩුවට තෙල් ගේන්න බැරි වුනත් අඩුම ඔව්න් ලේන ඒවයින හරි තාවකාලික කළමණාකරණය කර ගන්න ලැබීම අකණ්ඩ සැපයුම් පවත්වා ගැනීමට හේතුවක්.

    මෙතනදිත් ගූ ජෙප්පො මෙන්න තෙල් සංස්ථාව පාවලා දෙනො කියලා කෑ ගැහුවා විතරක් නෙමේ ආපු ගමන් කොමිස් කෙලින් ගිහින්ද කොහෙද Autralian සමාගම අකුලගෙන ගියා...

    අංක පහ

    ජනතාව අත්දැකීම්වලින් සවිමත්ව තිබීම.

    මෙවන් අර්බුධයක් අවස්ථාවෙ සමාජයක්හැටියට සාමූහිකව හැසිරිය යුතු ආකාරය, තමන් තම අවශ්‍යතාසීමා කරගැනීමේ අවශ්‍යතාවය වටහාගෙන සිටීම නිසා අනවශ්‍ය පරිධි තෙල් පුරව ගන්න උත්සහා නොකිරීම. උදාහරණය හැටියට මම QR code එක හදාගෙන තෙල් ටිකක් ගහ ගන්න ගියේ QR හඳුන්වා දීලා සතියකට පස්සෙ..

    අර්බුධය කළමණාකරණය කරගන්න ඇවිදින පුට්ටකාල තමන්ගෙ පැත්තෙන් කිසිම නව දායකත්වයක් දීලා නෑ කියලා දැන් පේනවා නේද..

    ReplyDelete
  22. මේ ලෝකේ හොඳ මිනිස්සු කියලා අපි අඳුනගන්න අයගෙන් අති බහුතරයක් තවම නරක් වෙන්න හරි චාන්ස් එකක් නොලැබිච්ච නිසා “හොඳ මිනිස්සු” වෙච්ච අය..

    නරක් වෙන්න චාන්ස් එකක් ලැබුණ ගණක් ගොඩක් හොඳ මිනිස්සුන්ගෙ ඇත්ත ස්වරූපය එළියට එනවා.. 😊

    ReplyDelete
  23. තෙල්වලට වඩා භයානක "ඩිජිටල්" තර්ජනය: ලෝකයේ හුස්ම හිර කළ හැකි මුහුදු යට කේබල් යුද්ධය

    ලෝකයම අවධානය යොමු කරගෙන සිටින්නේ මැදපෙරදිග යුද්ධය නිසා තෙල් මිල ඉහළ යයිද යන්න පිළිබඳවයි. නමුත් ඊට වඩා බරපතළ, මුළු මහත් ගෝලීය ආර්ථිකයම විනාඩි කිහිපයකින් අඩපණ කළ හැකි තර්ජනයක් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවී නැත. ඒ පර්සියානු ගල්ෆ් කලාපයේ මුහුදු පතුලේ ඇති ෆයිබර් ඔප්ටික් (Fiber-optic) අන්තර්ජාල කේබල් පද්ධතියයි.
    අපි හිතා සිටින්නේ අන්තර්ජාලය ක්‍රියා කරන්නේ චන්ද්‍රිකා මගින් කියා වුවත්, ඇත්ත වශයෙන්ම ලෝකයේ සමස්ත දත්ත හුවමාරුවෙන් 95% සිට 99% දක්වා ප්‍රමාණයක් ගලා යන්නේ මුහුදු පතුලේ ඇති අතිශය සිහින් වීදුරු තන්තු කේබල් හරහාය.

    ඉරානය හෝ හූති කැරලිකරුවන් විසින් මෙම කේබල් පද්ධතිය ඉලක්ක කළහොත් ඇති විය හැකි විනාශය සිතාගත නොහැකි තරම්ය.දැනටමත් ඉරානය මේ පිළිබඳව අනතුරු අඟවා ඇත.

    පර්සියානු ගල්ෆ් කලාපයේ මෙම කේබල් පද්ධතිය මත රටවල් රඳා පවතින ආකාරය:

    • කටාර්: ජාත්‍යන්තර අන්තර්ජාල සබඳතාවලින් 99% ක්
    • කුවේට් සහ බහරේන්: අන්තර්ජාල සබඳතාවලින් 95% ක්
    • එක්සත් අරාබි එමීර් රාජ්‍යය: 90% ක්
    • ඉන්දියාවේ සිට යුරෝපය බලා යන දත්ත: 70% ක්
    • යුරෝපය සහ ආසියාව අතර සමස්ත දත්ත හුවමාරුව: 30% ක්

    ඉරානය හෝ වෙනත් පාර්ශවයක් විසින් මෙම කේබල් පද්ධතියට හානි කළහොත් ඇතිවන බලපෑම අතිශය විනාශකාරී ය.

    එක් කේබලයක් හෝ කපා දැමුවහොත් සිදුවිය හැකි දේ:
    1. යුරෝපය සහ ආසියාව අතර ජාත්‍යන්තර බැංකු ගනුදෙනු සම්පූර්ණයෙන්ම අඩපණ වීම.
    2. ක්‍රිප්ටෝ වෙළඳාම සහ මූල්‍ය වෙළඳපොළවල් අක්‍රිය වීම.
    3. ඇමසන් (AWS), ගූගල් සහ මයික්‍රොසොෆ්ට් වැනි ක්ලවුඩ් සේවාවන් බිඳ වැටීම.
    4. දිනකට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 10ක පමණ ගෝලීය මූල්‍ය ගනුදෙනු නතර වීම.

    මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ මේ සඳහා විකල්ප පද්ධතියක් (Backup) ලෝකය සතු නොවීමයි. ලොව පුරා ඇති චන්ද්‍රිකා පද්ධති සියල්ල එකතු කළද මෙම කේබල් හරහා ගෙන යන දත්ත ප්‍රමාණයෙන් 1% ක් වත් හැසිරවීමට ඒවාට හැකියාවක් නැත.

    එසේම මෙම කේබල් අලුත්වැඩියා කිරීමද අතිශය දුෂ්කරය. මුළු ලෝකයටම මෙවැනි අලුත්වැඩියා කටයුතු සඳහා ඇත්තේ විශේෂිත නැව් 60ක් පමණි. එක් කේබලයක් යථා තත්ත්වයට පත් කිරීමට සති 2 සිට 4 දක්වා කාලයක් ගත වේ.
    අද වන විට ලෝකයේ ඩිජිටල් ආර්ථිකය රඳා පවතින්නේ කිසිදු ආරක්ෂාවක් නොමැති, මුහුදු පතුලේ ඇති මෙම වීදුරු තන්තු මතය. මෙය හුදෙක් කලාපීය ප්‍රශ්නයක් නොව, මුළු මහත් ලෝකයටම බලපාන දැවැන්ත තර්ජනයකි

    ReplyDelete
  24. ඩෝබියොන්ට තව වුනේ නැහැ.
    ඩෝබි වැඩ කරනවට පැලවත්තෙන් පාටියක් දීල එහෙනම්.

    ඔය හයිවේ එක හැදුවේ මහින්ද රාජපක්ෂ මහත්තයට මාලු ඇඹුල් තියල් ගේන්න කියල මෝඩ හරකෙක් ඉස්සර කීවා මතකයි.

    ReplyDelete
  25. අනුර තනිකරම පල් මෝඩයෙක්.බුද්ධිමත් නායකයෙකුගේ ලක්ෂණ එකක්වත් නෑ.නායකයෙක් කියන්න බෑ.කටින් පමණක් වැඩ කරන හැටි කියනවා.විපක්ෂය ට දමලා ගහන්නෙ කටින්.වැඩ එකක්වත් කරන්න තරම් දර්ශනය ක් නෑ.අනෙක් නායකයන්ට ගරහා ගරහා ඔවුන් කල දේවල්ම කරන්න උත්සාහ කරනව.නමුත් දර්ශනය ක් නැති, දුර නොපෙනෙන නායකයෙකුට රටක් ගොඩ දාන්න බෑ.කට ඇරියොත් දාර ටොන් පචයක් කියන්නේ? දිත්වා කුණාටුව ගැන කලින් ජාත්‍යන්තර මාධ්‍ය පවා අනතුරු අඟවලා තියෙද්දී පවා මෝඩකම් කර කර ඒ සුලිකුනාටුවට ලැහැස්ති නොවී විපක්ෂයේ හරීන්ලාගේ නාමල්ගේ රැලියට හරක් වගේ තණකොල එල්ල එල්ල හිටියා ජීවිත විශාල ගණනක් අහිමි වුණා. තවත් ඒ අසරණ මිනිස්සුන්ට භම්බ වුණු දෙයක් නෑ.පාර්ලිමේන්තුවට දුවගෙන ඇවිල්ලා හෝදලා ගියා.ගල් අගුරු වංචාව ලංකාවේ සිද්ධ වුණු මහා පරිමාණ වංචාවක්. ලැට්මාලිව දාලා සුද්ද කරන්න හදනවා. ඒත් ඒක සුද්ධ වෙන්නේ නෑ හත්පොලේම ගාගෙන හානවා දැන්.අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මුවාවෙන් සමලිංගික ප්මෝට් කරන්න බැලුවා.හාමුදුරුවරු බේද භින්න කලා.පන්සල් පල්ලිය අතර වෛරයව පතුරන්න පාස්කු ප්‍රහාරය දැන් යොමු කරගෙන දගලනවා.වෙළද ඇමතියා තනිකරම බොරුවක් කරන්නේ.තෙල් මිල ගෑස් මිල වැඩිකලා.ඩොලරය වැඩි වේගෙන යනවා.රටේ මිනිස්සුන්ට තවත් තේරෙන්නේ නෑ.මුන් කරන්නේ මහා විශාල බොරුවක්.

    ReplyDelete
  26. කියවල බැලුවම සේරම
    මඤ්ඤං වෙනවා චිත්තෙම
    එකතු කරං මේ ඔක්කොම
    නරකද පක්ෂයක් හැදුම?

    එහෙම කළොත් සහතිකෙන්ම
    ඉල්ලිය හැකි එන සැරේම
    බලයට අවොතින් එහෙම
    ඔහෙලට හැකි රට හැදීම!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න