ගෙදර වාහේ බියර් එකක් තොල ගාමීන් සාලයට වී, ක්‍රිකට් තරඟය බලන අතරේ බිරිඳ රාත්‍රී ආහාරය පිළියෙල කරමින් සිටීයාය.
"මේ ඇහුනද... අනේ අර බාත් රූම් එකේ ටැප් එකක් ලීක්.... පොඩ්ඩක් බලන්නකෝ.... අපරාදේ වතුර අහක යනවා."
"තමුසේ හිතුවද මම පයිප්ප බාස් කියලා....කාට හරි කියල කර ගන්නවා.."
ටික වෙලාවකට පසූ. "මේ අනේ ඇහුනද.... ඔය සාලේ බල්බ් එක හෙලවෙනවා.... වෙලාවක ගහලා යයි... පොඩ්ඩක් බලන්නකෝ"
"තමුසෙ හිතුවද මම ඉලෙක්ට්‍රික් බාස් කියලා...කාට හරි කියල කර ගන්නවා.."
තවත් සුළු වෙලාවක් ගතවිය. "මේ..... අනේ ඔය දොර ගාව පඩි පෙලේ.....ලෑලී කෑල්ලක් ගැලවිලා.... කවුරු හරි පටලැවිලා වැටෙනවා වෙලාවක..."
"තමුසේ හිතුවද මම වඩ්ඩෙක් කියලා.. කාට හරි කියල කර ගන්නවා.."
ගෙදර හිටියොත් මැච් බලන්න වෙන්නේ නැති බව වටහාගත් පොර, නිවි සැනසිල්ලේ මැච් එක බලන්න බාර් එකට ගියේය. මැච් එකද පරාදවී, ටිකක් ඩෝප් වී සිටී පොර සිතුවේ, අපරාදේ මේ මැච් එකක් නිසා නෝනේ තරහ උනාද මන්දා. අර පොඩි වැඩ ටික මම කර ඇරියනේ යයි සිතමින් ගෙදර ආ විට දුටුවේ, පඩිපෙල රෙපයාර් කර ඇති බවකි. දොර ඇරගෙන සාලයට පැමිණෙන විට දුටුවේ ගැස්සෙන ලයිට් එකද යතා තත්වයට පැමිණ ඇති බවයි. මුහුණ සෝදා ගැනීමට බාත් රූම් එකට ගිය විට ටැප් එකද රෙපයාර් කර ඇති බව දැක. බිරිඳ වෙත ගියේය.
"කොහොමද අනේ ඔයා මේ ඔක්කොම හදා ගත්තේ..?"
"ඔයා ගියයින් පස්සේ, පඩිපෙළ උඩ වාඩී වෙලා අඬ අඬ ඉන්න කොට හොඳ හැන්ඩි තරුණ කොල්ලෙක් මම අඬනවා දැකලා ඇවිත් ඇහුවා... "ඇයි ඇන්ටි අඩන්නේ... මට කරන්න පුළුවන් උදව්වක් තියෙනවනම් කියන්න" කියලා. මේ ඔක්කොම වැඩ ටික කරලා දුන්නා. ඊට පස්සේ මම ඇහුවම 'කොහොමද මම මේකට ඔයාට ගෙවන්නේ" කියලා එයා කිව්වා එහෙනම් එයාට රස කෙක් එකක් හදලා දෙන්න නැත්නම් එයත් එක්ක නිදාගන්න එන්න කියලා.."
"ඉතින්.... ඉතින්... ඔයා මොන ජාතියේ කෙක් එකක්ද ඌට හදලා දුන්නේ...? "
"තමුසෙ හිතුවද මම බක්කරේ කියලා..... කේක් හදන්න....??? "
ආදර්ශය - බිරිඳ ගේ ඉල්ලීම් වලට නිතරම යහපත් ප්‍රතිචාර දක්වන්න...
ස්තූතියි....!!!
හික්ස්.....ඒකනම් ඇත්ත....
ReplyDeleteමාතලන්,
ReplyDeleteමම මේ කථාව ඔබ විනෝදය සඳහා ලියන ලද්දැකැයි නොසිතමි. මේ යටින් මහා කථාවක් කියවෙන නිසා. ඇත්තෙන්ම තමන්ගේ බිරින්දෑ තමන්ට කොතරම් දේ, කොතරම් පහසුකම් ලබා දෙනවද සැමියන් මොනවද ඒ වෙනුවට දෙන්නේ. මම දකිනවා අද රටේ ඇති වී තිබෙන පවුල් ආරවුල් විශාල ප්‍රමානයකට බලපාන්නේ මේ දේ.
ඔබ දන්නවා ඇති සංස්කෘත ශ්ලෝකයක් තිබෙනවා මෙහෙම,( මතකයේ අඩුවක් නිසා තේරුම පමණක් ලියන්නම්.)
හිස් අතින් බලන්න නොයායුතු කීප දෙනෙක් සිටිනවා.
1. රජතුමා
2. දෙමව්පියන්
3. ගුරුවරු
4. බිරිඳෑ
මේ හැම මුණ ගැසීමට යත්දි අත පිරෙන්න යම ගෙනියන්න ඕනෙ. එතකඔටයි තමන්ගේ කාරිය හරියට කෙරෙන්නේ. අනිත් අයට තෑගි ගෙනියලා බිරිදට.................හරි සතුටු වෙයි.
මේ ලිපියෙන් අපිටත් ආදර්ශෙට ගත හැකි දේ බොහෝයි.
ReplyDeleteඅැත්ත කතාව! මම දැකල තියන සමහරු හදන්නෙ නොසැලකියයුතු වෙලාවක් ජොබ්එක කරල ගෙදර අැවිත් බුදියං ඉඳල ගෙදර අයට ගොරවල තමං පොර වෙන්න!
ReplyDeleteපොර වෙන්නනං ඉන්ත තැනක තියන දේකට සපෝට් එක දෙනව මිසක්ක ගෙදර ඉන්න අයට ගෑස් පෙන්නන එක ජරා මිනිස්සුංගෙ පුරුද්දක්!
හිකිස් උදේ පාන්දරම මරු කතාව...
ReplyDeleteඔය කතාවෙම වෙන වර්ෂන් එකක් අහලා තියෙනව මම එකේදී එහා ගෙදර මිනිහා ඉල්ලන්නේ " කිස් එකක් හරි බර්ගර් එකක් හරි "..
ඉතින් මොනවද දුන්නේ කියලා ඇහුවම උත්තරේ විදියට ලැබෙන්නේ
" ඈ බෝල මිනිහෝ බර්ගර් දෙන්න මම මැක්-ඩොනල්ඩ් එකක්ද කියලයි "..
:D
ReplyDelete@වෙද ගෙදර මහ වෙදනා
අදකාලෙ නං ලිස්ට් එක ගොඩක් දිගයි.
එල කිරිස් කතාව උදේ පාන්දරම... ඇතුලෙ හැංගුන එක ගැන නම් මම මොකුත් කියන්නෙ නෑ... තාම තනිකඩය...
ReplyDeleteහෆොයි දෙයියනේ . . කලින් අහලා තියෙන එකක් වුනත් මෙහෙම කියවද්දී දැනෙන ආතල් එක . .
ReplyDeleteඑම බිරින්දෑගෙන් ගත හැකි පාඩම් බොහෝයැ...:D
ReplyDeleteහික් හික්.... මරු ඇ.... ඉස්සර ඉස්කෝලේ කොල්ලෙක් හිටියා ලංකාවේ ප්‍රසිද්ධ බේකරි සමුහයක අනාගත් අයිති කාරය.... නම නොකිය ඉමු... උගේ කාඩ් එකත බක්කරේ... නැත්නම් බක්කා..
ReplyDeleteජය..
හොඳ වැඩේ අරූට. ඉල්ලං කාලා තියෙන්නෙ.
ReplyDeletehenryblogwalker the Dude
අප්ප්ට සිරි , මම නම් ඇහුවේ අදමයි ... ආතල්
ReplyDeleteහොඳ වෙලාවට මගෙ ගෙදර ඔය වගේ සිල්ලර වැඩ ඔක්කොම කරන්නෙ මම
ReplyDeleteඒ කියන්නේ මාතලන් පයිප්ප බාස් කෙනෙකි. වඩ්ඩෙකි. ඉලෙක්ට්‍රික් බාස් කෙනෙකි කියලද?
ReplyDeleteබැරි වෙලාවත් කේක් හම්බුනානම් කොහොමද?
ප.ලි. ඇන්ටිකෝස් කාරයෙක්ද?
ReplyDeleteපිරිමි හොඳට හිතටගන්න ගෙවල් හදනකොට පඩිනම් දාන්න ඒපා ...
ReplyDeleteපොඩ්ඩ බැරිවෙනකොට පඩිය උඩ වාඩි වෙයි ...
හපෝ දැන්ම හැම වැඩක්ම ඉගන ගන්න ඔනෙ නැත්නම් මේක බලලා ගැනු අපිට කරන්න බැරි වැඩේ පිට දාලා කරන්න පුලුවන් එකෙක් අල්ල ගන්න පුලුවන් .. හික්ස් නැද්ද ම්ං අහන්නෙ
ReplyDeleteඅර කොලුවට සුවිප් එකක් ඇදුනා වගේ තියෙන්න ඇති...
ReplyDeleteමට මැවිලා පේනවා මාතලන් ක්‍රිකට් මැච් බලන හැටි ඔන්න දැන්.
ReplyDeleteහොඳ වැඩේ බොට.... මේ බ්ලොග් ලිය ලියා ඉන්න වෙලාවේ නරක් වෙලා තියෙයි හාමිනේට උදව්වක් හෙම කලා නම්?
දැන් ඉතින් බොට තමයි පඩිය උඩට වෙලා අඬන්න වෙන්නෙ... (මොනව කොරල දෙන්නකියලද..හික්.)
ReplyDeleteX-Porter
Il mondo di una povera pazza සමග 100% ක්ම එකඟ වෙමි...හික්z
ReplyDeleteහ්ම්....ඒ කියන්නේ මේ වයිපරේට කේක් පුච්චන්න බෑ වගේ..හික්ස්..වහාම කේක් පන්තියකට යැව්වොත් හොඳයි.
ReplyDeleteමරු ඇ....
ReplyDeleteහාමිනේට රොටි පුච්චන්න ඇහැක් වෙන්ටැ නොව!
ReplyDeleteකථාව අහුවේ නම් අදමය.. මාරම පට්ටය... මෙහෙමත් ගැනු...
ReplyDelete@ නිසූපා
ReplyDeleteමොකක්ද ඇත්ත....
@ වෙද මහත්තයා
ReplyDeleteඔය රාජ් කියනවා වගේ අද ලිස්ට් එක නම් ඔයිට වඩා ලොකුයි. මේ කතාවේ පුරුෂාධිපත්‍යට පොඩි පහරක් තියෙනවා..
@ ගිම්හානී
ReplyDeleteදැන් ඔහේ මොන වගේ දෙයක්ද ආදර්සෙට ගන්නේ. දෙවනි කොමෙන්ට් එකනම් මරු. මේ කතාවේ පිරිමින්ට ගන්න තියෙන හොඳම පාඩම..
@ තනි අලියා
ReplyDeleteසහතික ඇත්ත...
@ චම්මා
ReplyDeleteවර්ෂන් නම් ගොඩක් තියෙනවා. ඒ උනාට අපිට ගැලපෙන්න ලියන්ට එපෑය...
@ රාජ්
ReplyDeleteඅම්මපා ඇත්ත ;D
@ සාතන්
ReplyDeleteතනිකඩයා කාළේ තමයි ඇතුලේ හැංගෙන සෙල්ලම කරන්න ඕන...
@ දුකා
ReplyDeleteමට මේව ලියන කොටත්, උඹගේ ෆොටෝ එක දකින කොටත් මට මතක් වෙන්නේ උඹගේ කටේ ටන් කතාව. නියමෙටම ලියලා තිබුනා. මැරෙනකම් අමතක වෙන්නේ නෑ ඒකනම්..
@ පොඩි කුමාරීහාමී
ReplyDeleteකොයි වගේ ආදර්ශයක්ද...
:D
@ ගයාන් රූපසිංහ
ReplyDeleteබක්කා කියල කියපන්. ඒක් අහරි ගති...
@ ඩියුඩ්
ReplyDeleteහෙහ්... හෙහ්.. ඇත්ත ඇත්ත...
@ බුවා
ReplyDeleteපුදුමයි.. :)
@ ඕනයා
ReplyDeleteනැත්නම් පෙනවනේ වෙන දේවල්..
@ තිසර
ReplyDeleteඅනිවා ඒ කාළේ. හොඳ ඇන්ටිකෝස් කාරයෝ තමා...
@ ලොකු ජෝන්
ReplyDeleteඅන්න හොඳ කොල්ලෙක්...
@ ප්‍රසන්න 86 කේ
ReplyDeleteමොනවද බන් කතාකරන්නේ. ආයි අහලා...
@ ඉල් මොන්දෝ
ReplyDeleteඑච්චරම අවුලක් නෑ මොකෝ ගෘහ මූලීක එයා නේ...
@ එක්ස්පෝටර්
ReplyDeleteතවමත් අඬ අඬ ඉන්නේ...
@ ඔබා
ReplyDeleteඉල් මොන්දෝගේ උත්තරේම තමයි
@ රූ
ReplyDeleteඒකත් පිළියමක් තමයි.. ඒත් ඊලඟ එකා පීට්සා ඉල්ලුවොත්...
@ KC
ReplyDeleteටැන්කූ...
@ ඉන්දික උපශාන්ත
ReplyDeleteතැටිය රත් උන වෙලාවට වෙන උන් නම් පුච්චනවලු...
@ දේවා ගේ අඩවිය
ReplyDeleteඇයි බන් මිනිස්සූ...
මල කෙලියයි .. ගුඩ් නයිට් කියලා තමා කියන්න තියෙන්නේ
ReplyDelete@ හිස් අහස
ReplyDeleteබය නැතුව නිදා ගනින්...
maru kathawak....
ReplyDeleteමාතලන් මාමගෙ කතාව නම් සෝක්,
ReplyDeleteඒත් මේ ගෑනි හොඳ ගෑනියෙක් නෙවේ.
හැබැයි මෙහෙම ගෑණුත් ඉන්නව ඉතිං.
@ ඉන්දික දිසානායක
ReplyDeleteස්තූතියි..
@ ගෝර්දෝනියා සෙයිලනිකා
ReplyDeleteඑතකොට මිනිහා..
හොඳයිනේ..
හපොයි... ඔය සිල්ලර වැඩ ඉක්මනටම ඉගෙන ගන්න වෙයි වගේ
ReplyDelete@ පිස්සා පළාමල්ල
ReplyDeleteපිටරට උන් ලංකාවේ අපිට කියන්නේ දේ නෝ එව්.රිතින්ග් බට් දේ නෝ නතින්ග්..
මිනිහා හොඳත් නෑ...
ReplyDeleteගෑනි හොඳත් නෑ....
අර කිව්වත් වගේ දෙන්නම අහකට
ReplyDelete@ ගෝර්දෝනියා
ReplyDeleteපව් මිනිහා අහින්සකයි මේ කතාවේ..
@ බුද්ධී
එහෙමම කියන්න එපා..
ok copiyak funpic walin gatta.
ReplyDelete