හඬා පල නැත
දරන මේ තැත
කැනහිලුන් කැල
නගනු රාවය
කෙසරු විලසින...
රැදෙන තෙක් කූඩූවේ
අපිම වෙමු සිංහයෝ
ගයති රණ ගී මුවින්
දරා සව්දිය අතින්
නෝන්ජල් කැනහිලුන්....
නොරුස්නා සුවදක්ය
බිය නිසා වෙව්ලමින්
මුව සිනා රඳවමින්
නොදැනීම පිටවේවී
අධෝවාතය සෙමින්....
දිනෙක එයි
සත් මුහුද කලඹමින්
මහ පොලොව දෙදරමින්
මහා හඬ නංවමින්
මුරගසං වරුසාව
හෙන ගෙඩිද විහිදමින්...
අගුල් දියවී යාවී
සෑම සිර කුටියකම..
සිංහයෝ අපි වම්හ
කෙසර නද නැගුවාවූ
නෝන්ජල් කැනහිලුන්...
එකෙක් වත් ඕනෑය
පිරිතකට, තොවිලයට...
නියෝජිතයෙක් ලෙසින....
කැනහිලුනි බියවන්න
නොමැත කාරන මෙතන
සියළු සත ළොව වෙසෙන
දනී..
කැනහිලා....කැනහිලාමයි
සිංහයා... සිංහයාමයි...
.o0o.
පොඩි උන් පිනවීම සඳහා සර්කස් පෙන්නන, හීලෑ කරන ලද..... දෙන දෙයක් කා, කියන විදියට නටන සිංහයන් ගැන නොවේ.......
well said...
ReplyDeleteJayanath
අර නන්දගෙ තුන් හෙලේ කැලෑතුල සිංහපැටව් සිංදුව මතක් උනා! මතක තියාගනිං අපිට වැරදුන තැන තමයි මුරුගසංවරුසාව එනකල් බලං ඉඳිල්ල. දියසේනයගෙ ඉඳල මෛත්‍රී බුදුන් දක්වා අපි බලං ඉඳී, කෙලවෙනව නොදැන!
ReplyDeleteනියම කතාව ඉන්දික
ReplyDeleteඅපි පුරුදු වෙලා ඉන්නේ කටට ඉබේ වටෙන කම්
මහන්සි වෙලා ලබා ගන්න කිසිම කැමැත්තක් නෑ.
කටට වැටුනොත් "හුරේ මම හරි ලකී" කියනවා
නොවැටුනොත් "මේ අල්පේච්ච බව හොඳයි" කියනවා . .
දිරි නොගෙන ලබාගත්
ReplyDeleteදිනුමක්
පවතීද මේ ලොව
එසේ නම් එය
කිසිම වටිනාකමක් නැති
කිසිම අගයක් නැති දෙයක්
නොවේ කියා කිව හැකිද?
හරියට අර
එකදාස් නමසිය
හතලිස් අටේ ලබාගත්
සිරි ලංකාවේ නිදහස මෙන් . . !!
ඉතිං නිකම් බලන් ඉමු අපි
ලැබෙන කම් දූෂණයෙන්,
භීෂනයෙන් තොර
සාමකාමී නිවහල් රටක්
බාලගිරි . .
අද නෙමේ හෙට . . .!
ඉන්දිකගේ කතාව ම තමයි මටත් හිතෙන්නෙ කියන්න තියන එකම කතාව කියලා!!!!
ReplyDeleteකැනහිලා සිංහයාට ගූ බයයි. උගේ ෆුල් ෆොස් එක දාල සිංහයා කූඩුවට දාල වටේ හොක්කි හොක්කි කියල නටනවා, සිංහයා එලියට එනකන්.
ReplyDelete@ ජයනාත්
ReplyDeleteතෑන්ක්ස්...
@ ඉන්දික උපශන්න්ත
ReplyDeleteනන්දා නැන්දා කියන ජාතියේ සිංහයෙක් නේ උඹත්. මම ආසයි නන්දා නැන්දා රෝහන මාමාට කියලා මියුසික් දාලා මේකත් ගයනවනම්. ඒත් දැන් එයාලගේ කන් ඇහෙන්නේ නෑ. පව්. යකෝ කවියන්ගේ මුරගසන් වරුසාව ඉක්මනටම එනවා. ඇත්ත එක වගේ නෙමේ. ඒ වරුසාව පටන් ගන්න හොඳ මෝසම් සුළඟක් විතරයි නැත්තේ. මෝසම් සුළඟ හිර කරලනේ..
@ දුකා
ReplyDeleteකොහොමත් ලංකා ඉතිහාසයේ වීරයෝ දෙන්නයි ඉන්නේ සිංහළ ජනතාවට. කෙනෙක් "දුටු" ගැමුණු, අනෙකත් ඒ පැත්තෙම, "චන්ඩි" මහින්ද. නමුත් මේ දෙන්නටම උදව් කල පිරිසකුත් ඉන්නවා. ඒ නොදියුණු යුගයේ එළාරගේ සොහොනටත් ගරු කරන්න තරම් දියුණු සමාජයක් සිටියා. ඒකට බුද්ධාගමත් ඉවහල් වෙන්න ඇති. රහතන් වහන්සේලත් උන් යුගයක්නේ. නමුත් අද.. කියන්නත් ලැජ්ජයි..
@ අරුණී ෂෆිරෝ
ReplyDeleteමුරුගසං වරුසාව කිව්වේ ජනතා බලයට..
@ ඇනෝ
ReplyDeleteසිංහයා එළියට ආපූ දවසට.. හෙහ් හෙහ්.. මේකම තමයි .. චරිත වෙනස්...
ඉන්දික සමඟ එකඟ වෙමි.
ReplyDelete@ පිස්සා පලාමල්ල
ReplyDeleteමේ රටේ සිඳුවීම් සිඳුවන්නේ වෙගයෙන්. අමතකවීම සේම..
මාතලන්,
ReplyDeleteදන්නවා නේද වීදුරු කටු කෑවම මිනිස්සුන්ට වෙන දේ. ආන්න ඒක තමයි දැන් අපිට වෙලා තියන්නේ.
@ වෙද මහත්තයා
ReplyDeleteදන්නවා, දන්නවා, අපොයි මොකෝ මම නොදන්නේ... ඔබ හරි....
සුදු කොඩි නඩුව ඉවරයි. ඒකේ ප්‍රතිපලය තමයි සුදු කොඩි කතාවට නීතිමය අර්තකතනයක් ලැබීම. ජාත්‍යන්තරව තියෙන ගැටළු වැඩි වෙන්න පුළුවන්. ඒත් ජෙනරල් තුමාට මේ වගේ පක්ෂග්‍රාහී පළිගන්නා තීන්දුවක් ලබාදුන් නායකයින් වෙනුවෙන් මේ රටේ සියළුම ජනතාවට හදවතට එකගව පෙනී හිටින්න පුළුවන්ද? ඒ නායකයන්ට එදාට මේ රටේ ජනතාවගේ සහාය ඉල්ලන්න පුළුවන්ද?
ReplyDeleteඑක හීනෙන් එළිවෙන්නෙ නෑ කට කහනවටයැ....
@ තිසර
ReplyDeleteකන අතගාන්න කශේරුකාවක් තිබුන එකෙක් හරි හිටපු එක ළොකු දෙයක්. මට මේ වෙලාවෙ මතක් වෙන්නේ ජේකොබ් සූමා ගැන ඇඳපු ළොකප්‍රසිද්ධ කාටුන් එක.. ඒකේ චරිත විතරයි වෙනස්...
එයිද මුරුගසං වරුසාව . . . .???
ReplyDeleteනැත්තං
වෙයිද අමතක පුරුදු පරිදිම. . . .???
//පොඩි උන් පිනවීම සඳහා සර්කස් පෙන්නන, හීලෑ කරන ලද..... දෙන දෙයක් කා, කියන විදියට නටන සිංහයන් ගැන නොවේ.......//
මේක තමයි මට නැගලම ගිය කෑල්ල
@ ඕනයා
ReplyDeleteඑනවා එනවා ළඟදීම එනවා. දැක්ක නේද ගිගුරුම් නද..
මුරුගසන් වර්ෂා අමුතුවෙන් වහින්න දෙයක් නෑ. අප්‍රෙ රටේ පාර්ලිමේන්තුවෙ උන්ගෙන් 95% විතරයි සමාන්‍ය උන්ගෙන් 80% විතරම මුරුගයො තමයි. අර අහින්සක දොස්තර මහතයට කරපුදේම පේන්නෙ නැද්ද? අහින්සකයො සහ සුදුස්සො දුක් විදිනවා, මුරුගයෝ ඔක්කොම උඩ පුටුවලටයි පිටරටවලටයි යනවා!
ReplyDelete@ අන්නෝව්න්
ReplyDeleteඉන්න බුද්ධිමතුන් ජනතාව ගොනාට අන්දමින්. පිට රටින් දෙන දේ කාලා. රජතුමාට ප්‍රසස්ති ගායනා කරනවා.
අනේ මන්දා ඇයි අපේ මිනිස්සුන්ට තාම සිංහයාගෙයි කැනහිලාගෙයි වෙනස අඳුනාගන්න බැරි...මෙච්චර කාලයක් සිංහයෝ වගේ පෙන්නගෙන හිටපු කැනහිලෝ ...කේ ඇරලත්.
ReplyDelete@ කැන්ඩියන්
ReplyDeleteඅපේ ජනතාව එහෙම කර ගැනීඅ වීර කමක් ලෙස සලකන ජාතියක්. අදත් අර බූරූවා ජනමූල නායකයෙක් ගැන කෑගැහැව්වේ ආන්ඩුවේ වයර්ලස් එකේ.
නියමයි මාතලන්....
ReplyDelete@ දිනේෂ්
ReplyDeleteටැන්කූ.....
මරු අයියේ ඈ... මෙව්වට ඉතිං ලොකු ලොකු කමෙන්ට් දාන්න අපි තාම චූටි වැඩියි නොවැ...
ReplyDelete@ මාළු පැටියා
ReplyDeleteපිස්සුද උඹලා තමයි මෙවල පෙරමුන ගන්න ඕන.නමුත් හැඟීම් වලින් නෙමෙයි. බුද්ධියෙන්. හැඟීම් වලින් විසඳන්න ගිහින් කට්ටියක් නැති උනා. උතුරේ සහ දකුණේ දෙසරයක්ම....
කියෙව්ව කොමෙන්ට් ටිකත් එක්කම, මොනව කියන්නද කියල හිතාගන්න බෑ, මාතලන්.
ReplyDelete@ ඔබා
ReplyDeleteඇත්තම කතාව ඒක තමයි....
කැනිහිල්ලු රැල එකතු වෙලා නියම සිංහයෙකුට කරන අපරාදෙ දැක්කහම කලකිරෙනව. සිංහයා එලියට ආව දවසට මේ දේම වෙනව කියන එකට මම ඔබත් එක්ක එකඟ නෑ. මොකද කැනහිලොයි, බල්ලො, පූසො, කොටි, වලස්සු හිටියට කොන්ද කෙලින් තියෙන සිංහයෙක් වෙන නෑ ..
ReplyDelete@ කක්කා
ReplyDeleteනමුත් සිංහයා අති දරුණුයි. කූඩූ කළ සිංහයා ඊටත් වඩා දරුණුයි. නිදැල්ලේ හැසිරෙන්න දැම්මොත් නම් විනාශයක්මයි.. නමුත් මේ සිරගත කිරීමට මම විරුද්දයි. අර ඉස්සර වගේ නාවික හමුදා මූලස්ථානයේ තිබ්බම ඉවරයි. එලියට දාන්න බයනම්.
මාතලන්. මම පෞද්ගලික කැමතියි මේ වගේ සිංහයෙක් ඇවිත් මේ රටේ ඉන්න හොරු, පාතාලයො, දූශකයො වගේ රටට වින කරන එවුන් විනාශ කරල දානවට. මේ වගෙ සිංහයෙක් එක අවුරුද්දක් මේ කැලේ රජ වුනා නම් ඇති.
ReplyDelete@ කැක්කා
ReplyDeleteසමාවෙයන්.. නම වැරදියට ලියුවට.. බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව ඒක තමයි..