පෙට්ටි කියන්නේ මම හිතන්නේ දෙමලෙන් ආපු වචනයක් වෙන්න ඕනාය. පෙට්ටි කියපු ගමන් අපේ කස්ටිය කලබල වෙනවාය. පෙට්ටිය පරෙස්සම කර ගන්නා තරමට බොහොම හොඳය. මොකෝ ඒවා කඩලා වීරයන් වෙන්න ඉන්න කට්ටියක් තවමත් ඉන්නවාය. කැඩුන පෙට්ටි හදන ගොඩ වෙද්දුත් ඉන්නවාය. ඒ වෙනම විජ්ජාවක්ය. පසුගිය කාලේ තවත් පෙට්ටි වගයක් ජනප්‍රිය වෙලා තිබුනේය. ඒ මිනී පෙට්ටිය. ඒවා පුඅරවන් යන ලොරි හැම තැනම දකින්නට ලැබුනේය. ඒ පෙට්ටි වලින් කෝටි පති වූවන්ද බොහෝය. ලොක්කටයි ජනරාළටයි පින්සිද්ද වෙන්න ඒ පෙට්ටි සෙල්ලම නැවතුනේය.
පෙට්ටි වර්ග බොහෝය. නම්බුව දමා තියෙන්නේ හමස් පෙට්ටියේය. රෙදි දාන්නේ ට්‍රන්ක පෙට්ටියේය. කෝච්ච්යෙත් පෙට්ටි තියෙනවාය. ගින්දර තියෙන්නේ ගිනි පෙට්ටියේය. බඩු පොඩි උනාට සෑහෙන බයානකය. වහා ගිනි ඇවිලෙන සුළුය. නමුත් දැන් එයිටත් වඩා බයානක පෙට්ටියක් තියෙන්නේය. ඒ එළවලු පෙට්ටිය. පළතුරු පෙට්ටි ගැන එතරම්ම අවුලක් නැත්තේය. මේක කරන්න පුළුවන් නම් අන්තිම හොඳ වැඩක්ය. නමුත් බලන්න ඕන කරන්න පුළුවන්ද කියාය. ඇමතියි. නිළධාරිනුයි හිතන්නේ සුපිරි කොරොමයටය. නමුත් අපේ රට අන්ත දුප්පත් රටක්ය. කාටත් නොතේරන දේත් ඒකමය.
මම හිතන හැටියට ලංකාවේ 70% ජීවත් වන්නේ ගොවි තැනෙන්ය. ගොවි කුලේ උසස් උනාට ගොවියෝ හිඟන්නෝය. 40% දවසකට ඩොලර් එකකටත් වඩා අඩුවෙන් ගන්න පිරිසක්ය. එතකොට මේ වැඩි පිරිස ගොවියෝය. ලංකාවේ මහ පරිමාණ ගොවිබිම් ඇත්තේ ස්වල්පයක්ය. ඒවායේ අයට මේකේ පුරස්නයක් නැත්තේය. නමුත් වැඩි පිරිස කුඩා පරිමානයේ අනුන්ගේ ඉඩම්වල හෝ රජයේ ඉඩම් වල බෝගයක් දෙකක් වවන සුළු ගොවියෝය. ඔවුන් අන්ත දුප්පත්ය. ජීවත් වෙන්නේ බොහෝ අමාරුවෙන්ය. දැණුමෙන්ද අඩුය. බැංකුවලට නිළධාරීන්ට බයය. ඒ නිසා ණයක් ගන්නේත් නැතිය. මඩ සෝදාගෙන ෆුල් සූට් ගැහුවත්, ගොවියා රජෙක් වෙන්නේ නැතිය. ඌ හැමදාමත් හිඟන්නාමය. අනිත් හැම එකම වගේ වගා කොරන් කොරොමෙත් නාගෙනම තිබෙන්නේය. මොලේ තියෙන් උන් නම් දුන්කොල වවලා හොඳට හම්බ කර ගන්නවාය. අනික් උන් වී වවලා වහ බොනවාය. දැන් එළෝළු ගොයියාටත්, ගොවියාගේ හිත මිතුරාගේම පිහිටය. (කෘෂි රසායන විකුණන්නේ එහෙමය.)
එහෙම පිරිස නිදිමරාගෙන, නොකා නොබී හදන එළවලුව, සමහර විට විකුණා ගන්නත් නොහැකිව විසිකරනවාය. මේවා නිදි මරාගෙන සත්තුන්ගෙන් ආරක්ෂා කොරගෙන හදන්නේ පුදුම දුකකින්ය. ඒ එළෝළු ටික පුරවගන්න, පෝර උරේ රුපියල් විස්සට ගන්නේත් ණය වෙලාය. එහෙම එකේ ප්ලාසිටික් පෙට්ටි ගන්න ඒ මිනිස්සු ළඟ මුදල් නැත්තේය. මේ නීතිය ගොවියාට නොදා අතරමැදියාට, එහෙම නැත්නම් ලොරි කාරයාට දැම්මා නම් අහවරය. උන් නිකන් ඉඳන් හම්බ කරණවාය. එහෙම නැත්නම් පෙට්ටිත් අරන් ගොස් ආන්ඩුවෙන් වැඩේ කොරානම් අහවරය. දැන් හැම මළදානෙටම ආන්ඩුව අත දාන එකේ ඒ වැඩෙත් මහ දෙයක් නොවෙයිය. එහෙම නැත්නම් නොමිලේම වගේ පෝර දෙන එකේ, පෙට්ටියක් දෙකක් නොමිලේ දුන්නානම් මනාපෙත් ලැබෙන්නේය.
මේ නීතිය හැම එළවළුවකටම පළතුරකටමත් දාලා නැතිය. පතෝල, කෙසෙල්, වට්ටක්කා, අන්නාසී, දිය ලබු වගේ සමහර ඒවා අත ඇරලාය. ඒ උනාට වට්ටක්කා ලොරි, පතෝල ලොරිත් පොලොස් කොට්ටෝරුවෝ නවත්වාගෙන තිබුනේය. ඒ උන්ගේ හැටිය. කීයක් හරි අරගෙන යවන්නත් බැරිය. මේ වැඩේ නිසා අඩුවට තිබුන එළෝළු, ගනන් යන එක නවත්තන්න බැරිය. ඒවා කොන්ට්‍රෝල් කොරන්න ඇමති එන්නේත් නැතිය. මෙයින් කෙළවෙන්නේ හිඟන ගොවියන්ට හා හිඟන පාරීභෝගිකයන්ටය. අවුරුද්දට ඩොලර් 2000 ගන්න එකාටත් මේවා කන්න බැරිය. ඩොලර් 10,000 ගන්න එකාලටනම් අවුලක් නැතිය. එළෝලූ වවන පැතිවල මැති ඇමතිවරුත් සද්දේ වහලාය. දැන් මේ ආන්ඩුව කෙලින්නේ පිස්සුමය. සමහර විට ලොක්කා අප්පිරය කොරන්න කොරන අභ්‍යන්තර කුමණ්ත්‍රන වෙන්නටත් හැකිය. මේ හිඟන්නෝ බේරාගන්නා එක ලොක්කාටම බාරය. ඒ වගත් මෙසේය.
මට නම් ඔය පෙට්ටි සෙල්ලමෙ වරදක් වරදක් නොපෙනෙ ඒත් ඔක ගොවියාගෙ පිටෙ පටොපු එකෙනම් ලොකු වරදක් පෙනෙ . ඔක දාන්න ඕනෙ අතර මැදියට . අනික ආයෝජනයක්නෙ ප්ලස්ටික් නරක් වෙන්නෙත් නෑනෙ ...
ReplyDeleteමා නම් ප්‍රතිපත්තියක් ලෙස පෙට්ටි වැඩේට එකඟය. නමුත් පරහක් තිබේ. කරන මළදානයක් කලයුතු පිළිවෙලක් තිබේ. අටපාස් වුන්ට බලයද ලැබුනු කල කළ නොකලයුත්ත සොයා ගැනීම අසීරු වීම පුදුමයකුත් නොවේ. මේ රටේ ජීවත්වන දුප්පත්ම ජනයා මඩ සෝදාගත් කළ රජකමට කෙසේ වෙතත් අනේ මට හිතෙන හැටියට ගෙදර පෝෂණයවත් කළ නොහැකි අසරනයෙකි. ඒ නිසා ආයිබොවන්ඩ, පෙට්ටි ගන්න ණයක් වත් දී පසුව මේ නීති ගෙනාව නම් වඩා හොදයි නේද?
ReplyDeleteඇත්තටම මේකෙන් ගොවියට වාසියක් නැද්ද අයියෙ... ඕක කෙරෙන සිස්ටම් එක නම් දන්නෙ නෑ... ගොවිය පෙට්ටි වල දාලම අතරමැදි මුදලාලිලට දෙන්න ඕනද?... එහෙමත් නැත්තන් ගොවියගෙන් ගන්න එළවලු පළතුරු ටික කොළඹ පටවන අය පෙට්ටි අරන් හරි විදිහට කොළඹ එවන්න ඕනද?....
ReplyDeleteපළවෙනි ක්‍රමේට නම් වෙන්නෙ උඹ කිව්ව වගේ ගොයියගෙ හිත මිතුරට තමා කතා කරන්න වෙන්නෙ
මේ ගැන ඇහුවෙත් අදයි ..
ReplyDeleteමගෙත් අදහස එළවළු ප්‍රවාහනයට ප්ලාස්ටික් හෝ කාඩ්බෝඩ් පෙට්ටි වැනි හොඳ අසුරණයක් අවශ්‍යයයි... මම අවුරුදු 4ක් උඩරට එළවළු ගොවියෝ සමග වැඩකරළා අත්දැකීමෙන් දන්නවා කොයිතරම ප්‍රමාණයක් නාස්ති වෙනවාද කියලා. කොටුවෙන් කපලා දාන එළවළු වලින 25% ලොරියට පටවන්කොටම විනාසයි. මැනිං මාර්කට් එකට එනකොට තව 25% ඉවරයි. ගොවියට අතට එන්නේ සොච්චමයි. හැබැයි මේවගේ දෙයක් ක්‍රියාත්මක කරනකොට ගහෙන් ගෙඩි එන්නාවගේ නීති දාලා දඩ ගහලා කරන්න බෑ. එකෙන් වෙන්නේ වැඩේ අසූචි වෙන එක විතරයි...
ReplyDeleteවෑඩේනම් හොඳයි තමයි සෑලෑස්මක් ඈතුව කලානම් . අසරණ ගොවියා පිට බර පටවන්නේ නෑතුව . මම හිතන්නේ මේ එක පෙට්ටියක් රුපියල් 1600 ක් වෙනවා . මේ සඳහා ගොවියාට සහනයක් සෑලසිය හෑකිනම් මේ සඳහා එකඟ විය හෑකියි ...
ReplyDeleteඒ කියන්නේ එලවලු දැන් පෙට්ටි වලට දාලා දෙන්ට ඕනිද?
ReplyDeleteඒ වැඩේ නම් හොදයි.ඇත්තටම එලවලු,පලතුරු වැඩිය නරක් වෙන්නෙ ඔය සීන් එක නිසා තමයි.ඒත් ඕක ගොවියට බරක් වේවි.ප්‍රවාහනය කරන කෙනාට ඕක කරන්න කිව්වානම් හරි තමා.
ReplyDeleteමට ඇහුණා සමහර ගොවියො කියනවා පෙට්ටි ගන්න සල්ලි නෑලූ ඒවගේම ගේන්න පුලූවන් එළවළු ප‍්‍රමාණයත් අඩුයිලු...
ReplyDeleteකලින් මැනිං මාකට් එකට එන්න විතරයි ප්‍රවාහන ගාස්තු....
ReplyDeleteදැන ගොයියට ගෙදර යන්නත් සල්ලි දෙන්න ඕනෙ පාරිබෝගික ජහමනයා....
හයියෝ සල්ලි........
පෝස්ටුව දැක්කේ දැන්ය. බොහෝ දෙනෙක් කියන පරිදි මේ ක්‍රමය හොදය. හාණි වෙන්නේ නැත. එහෙත් මෙහි අවාසි පැත්ත පෙනෙන්නේ ගොවියන් වන අපටය. රිදෙන්නේ ඒ නිසාය. ගොවිතැන ගැන ගොවිතැන් කරන මිණිසුන් ගැන නොදන්නා කෙනෙකුට මෙම ක්‍රමය හොදයයි තර්ක කලත් මෙයින් වලවළු මිල වැඩිවන බව ඉදුරාම කිවහැකිය. දුප්පත් ගොවියෙකුට 1600ක් ගෙවා පෙට්ටියක් මිලදීගැනීමට නොහැකිවා සේම වෙලෙන්දන්ට පෙට්ටි ගෙනයාමත් එන ගමනේදී හිස් පෙට්ටි ගෙන ඒමත් කල නොහැකිය. මැනිං මාකට් එකට උදේ 8ට විතර ගියහොත් එහි ඇති එලවළු ලොරි පෝලිම බලාගතහැකිය. මේ ක්‍රමයේදී ලොරි ප්‍රමාණය දෙගුණ කලයුතු අතර ඒ සදහා රටේ ඇති ලොරි හිමියන් ප්‍රමාණය දෙගුණ කලානම් හරිය:D
ReplyDelete"දැන් මේ ආන්ඩුව කෙලින්නේ පිස්සුමය. සමහර විට ලොක්කා අප්පිරය කොරන්න කොරන අභ්‍යන්තර කුමණ්ත්‍රන වෙන්නටත් හැකිය. මේ හිඟන්නෝ බේරාගන්නා එක ලොක්කාටම බාරය. ඒ වගත් මෙසේය."
ReplyDeleteලොක්ක විසින් ඇමැතිල පත් කරලද? නැත්නම් මාතලන් කියන්නෙ ඇමැතිල එක්කහු වෙලා ලොක්කව පත් කර ගත්ත කියලද?
ලොක්කත් කරන්නෙ හිඟන්නො මංකොල්ලකාල හරි තමන්ටයි පුතාලටයි අයියල මල්ලිලාටයි හැදෙන්න ක්‍රමයක් හදන එකනෙ. ඉතින් එයා පත් කරන ඇමැතිලගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
වැරැද්ද තියෙන්නේ මාතලන්ගේ ගැතිකමේය. ඒක නිසා මුල අතහැරැල ගහගැන කතා කරයි.
ප්ලාස්ටික් පෙට්ටි වලට ගොවිය ගෙව්වත්, ප්‍රවාහකය ගෙව්වත්, අන්තිමට ඒක පාරිභෝගිකයාට නේද එන්නෙ?
ReplyDelete@ ලොකු ජෝන්
ReplyDeleteමම කියන්නෙත් ඒකමයි...
@ වෙද මහත්තයා
ReplyDeleteජොනී කියන්නේ පෙට්ටි ණයට සහ සහන මුදලට දෙන්න සියළුම වැඩ කටයුතු සැලසුවා කියාය. මට පෙනෙන්නේ මේ ගේම අදින්නේ ගොවියාටත් වඩා අතරමැදියෝ වගේය. කොහොමත් ගොවියාට මේ බර පටනවාට මාතලන් විරුද්ධය. මන්ද ගොවියෝ ඔබ තුමා කියූ පරිදිම හිඟන්නෝය..
@ සාතන්
ReplyDeleteමෙතන ප්‍රශ්නේ තියෙන්නේ අතරමැදියා සතයක්වත් වැය කරන්න කැමති නෑ මේ වැඩේට. ඒකත් ගොයියටම තමයි දාන්න හදන්නේ..
@ සඳරූ
ReplyDeleteඋඹ ඉතින් ගුප්ත කටයුතු වල නේ මේ දවස්වල යෙදිලා ඉන්නේ..
@ කැන්ඩියන්
ReplyDeleteඅනිවා මගෙත් මතය මේ නාස්තිය වැලැක්විය යුතුමයි. කොහොමත් තක්කාලී එහෙම ලී පෙට්ටිවල දාලා දැනුත් එන්නේ.. මේක මේ ප්ලාස්ටික් පෙට්ටිම ගන්න කියන්නේ කවුරු හරි ගෙනාවද දන්නේ නෑ මේවා..
@ ගිම්හානී
ReplyDeleteසහන නෙමෙයි මේක කීයටවත් ගොවියට පටවන්න නරකයි. අතරමැදියටමයි දෙන්න ඕන. නිකන් ඉඳන් වැඩියෙන් හම්බ කරන්නේ ඒ අය... මේ වැඩෙන් එයාලට පාඩුයි. මොකෝ යනකොට හිස් කූඩවලටත් ඉඩ ප්‍රමාණයක් යනවනේ ඒකයි.. ඒකට පිලියම තමයි කාඩිබෝඩ් පෙට්ටි. නමුත් ඒ ගැන හිතන්නෙවත් නෑ..
@ පොකු
ReplyDeleteඔය තේරිලා තියෙන්නේ නියමෙටම..
@ නිසූපා
ReplyDeleteමම කියන්නෙත් ඒකමයි.. හැම තැනම අතරමැදියා තමයි වැඩි පුර හම්බ කරන්නේ..
@ නරකයා
ReplyDeleteගොවියට මේ බර උහුලන්න බෑ කීයටවත්. අනික තමන්ගෙ පෙට්ටිය කොහොමද ආයෙත් ලැබෙන්නේ. එතකොට පෙට්ටියකින් තව පෙට්ටියකට දාන කොට නාස්තියක් වෙන්නේ නැද්ද.. මේක ප්‍රවාහනයට අදාල කාරණයක්.. බලෙන් ගොවියා පිට පැටවීමක්..
@ අසේල
ReplyDeleteඒ නිසා තමයි මම කියන්නේ මේක ප්‍රවාහනය කරන උන්ට පවරන්න ඕන එකක්. ගොයියෝ මරන් කාලා හරියන්නේ නෑ. 1600 පෙට්ටියට ජොනියා වග කියනවද..
@ රාජ්
ReplyDeleteගොවියාට මේක පැවරීම. අපි වවමු රට නැගුමටත් විරුද්ධ වැඩක්ය. පෙට්ටිවලටත් තද කර කර එබුවොත් ආයෙත් වෙන්නේ පරණ සන්තෑසියමය. මේවා මීට වඩා සමාජය, ගොවියා, අතරමැදියා දැණුවත් කොට කළ යුතු කාරණාය..
@ ඇනෝ
ReplyDeleteකොයි එකා ආවත් කොරන්නේ ඕකමය. එහෙව් එකේ ඉන්න එකා අපට හැමදාම හොඳය. නියම පුරස්නයක් අහලා තියෙනවාය. ඒකට උත්තරය නම් ඇමතිවරු එකතුවී ලොක්කා පත්කර ගත්තා කියාය. ලොක්කාට විරුද්ද ඡන්ද වලින් ආපු උන් 63 දැන් ලොක්කාට කඹුරනවාය. උන් විපස්සේ හිටියානම් මේවා වෙන්නේ නැතිය. ඒ නිසා මේවා කුමණ්ත්‍රණත් විය හැකිමය..
@ ඔබා
ReplyDeleteකවදත් ඉතින් පාරීබෝගිකයාට ජේසූ පිහිටය..
පාලකයාට හැමදාම නත්තල්ය
අපටනම් ස්වර්ගයේවත් සැනසුමක් නැත්තේමය..
පෙට්ටි නැතුවත් බැරිය. අනිත් අතට පෙට්ටිය ගොටියට බරකි. අනිත් අතට ගොවියා එතරම් ලොකු දැනුමක් නැති කට්ටියක් වීමද අැණයකි!
ReplyDelete@ තනි අලියා
ReplyDeleteඇමතියා ඊටත් හපනෙකි...
කන්නාඩි දාන යුව රජ තුමාට කිවුවොත් මරු විසදීමක් දිය හැකිය. දැන් හැම කක්කා වැඩේටම යොදවන යුද්ද හමුදාවට පෙට්ටි ටිකක් දීල එළවුළු ප්‍රවාහනය කරන්න දැම්ම නම් වැඩේ මල් හතය. අතරමැදියන්ට වැලේ වැල් නැති වන්නෙමි. මොන ලොක්ක ආශ්‍රය කරත් හමුදාව නිසා බැස්ටිය දීමට ද නොහැක්කේය. එළවලු මිලද බසිනු ඇත.
ReplyDeleteමාතලන්... මට පේන හැටියට.... ආණ්ඩුවයි ...අතරමැදියායි...මුදලාලියි යන මේ තුන්ගොල්ල අර මොකක්ද එකක් තියාගෙන වෙන මොකක්ද එකකින් කෙළිනවා වගේ වැඩක් කරන්නේ. ඔය හැමෝමටම තියනවා hidden agenda එකක්. ඒකෙන් ගොවියායි පාරිභෝගිකයායි තමයි තැලෙන්නේ.
ReplyDeleteලංකාවේ තියනවා Institute of Post Harvest technology කියලා එකක්. එකෙන් මේ ගැන මිලියන ගානක රෙසේර්ච් කරන්න ඇති...ඒත් මට හිතාගන්න බෑ මේ වැඩේ හරියට research කරලා plan කරලා කළා නම් කොහොමද මේ තරමට අලවෙන්නේ කියලා...
@ ඇනෝ
ReplyDeleteමෙන්න මිනිස්සූ. එළෝළු විකුණන එකේ. ට්‍රාන්ස්පෝට් කරන එක කජ්ජක්ද.. මම හිතන්නේ ඔය යුද්ධ ටැංකි ඇතුලෙත් සෑහෙන ඉඩ තියෙනවා..
@ කැන්ඩියන්
ReplyDeleteමොන ඉන්ස්ටිටියුට්ද බං යුනවසිටිත් මඤ්ඤං රටේ....
කෙසේ නමුත් සාකච්ඡාව වැදගත්, නාස්තිය වලක්වන්න අවශ්‍යයි.
ReplyDeleteගොවියා දුප්පතා මං ඒ අයගේ පැත්තේ.
@ දයල් බතී
ReplyDeleteමෙතන ගේම තියෙන්නේ ජොනියයි අතරමැදියොයි අතරේ. සමාගමක් වැඩේට බහින්න ඉන්න කියලා ආරංචියකුත් ආවා..
අපේ පැති වල, කිසිම බලපෑමක්, නීතියක් නැතිවම දැන් කාලයක් ඉඳලා තේ දළු ප්‍රවාහනය කරන්නේ ප්ලාස්ටික් පෙට්ටි වල. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැත්තේ කරන්නේ තේ කම්හල් හිමියන් වීම, ඔවුන්ට පෙට්ටි මිල දී ගැනීම මහ දෙයක් නෙවෙයි. ඒ වගේම හිස් පෙට්ටි ප්‍රවාහනයට අමතර වියදමක් යන්නෙත් නැහැ.
ReplyDeleteදුප්පත් එළවළු ගොවීන් සම්බන්ධව තත්වය මීට පරස්පරයි කියන එක අමුතුවෙන් කියන්න ඕනි නැහැ.දේපල උගස් කරලා, ණය අරගෙන ගොවිතැන් කරන උන්ට තවත් වියදම් දරන්න අමාරුයි.ණයට හරි පෙට්ටි මිල දී ගත්තත්, එළවළු ටික විකුනලා කලින් වගේ බස් ආපහු යන්න බැහැ, හිස් පෙට්ටිත් අරන් යන්න වෙන නිසා..
අඩුම තරමේ සමුපකාර, ගොවි සමිති හරහා මේ දේ කෙරුනනම් මීට වඩා ඵලදායකයි. හැම දේටම පාවිච්චි කරන්න බැරි වුනත්, භාවිතා කර ඉවත දමන්න පුළුවන් ඇසුරුමුත් නැතිවා නොවෙයි.
පසු අස්වනු තාක්ෂණ ආයතනයෙන් කෙරෙන පර්යේෂණ, නිර්දේශ ඇත්තටම ප්‍රශස්තයි.ආදර්ශමත් ලෙස බොහෝ නවමු දේවල් ඔවුන් ප්‍රයෝගිකව කරලා තියෙනවා. නමුත් ප්‍රශ්නය එවැනි ආයතන වල සොයා ගැනීම්,නිර්දේශ ජනතාව වෙත හරි හැටි නොයාම වගේම බලධාරීන් හා ජනතාවා දෙගොල්ලන්ම ඒවා මායිම් නොකිරීම.
කරන මගුලක් අසරණයින්ගේ පැත්තෙන් හිතලා බලලා කරනවානම් උන්ව හරියට දැනුවත් කරනවානම් බොක්කෙන්ම සපෝට් එක දෙයි අඩුම තරමේ කීප දෙනෙක් හරි.
නෑ අපේ නඟාට විභාගේ නිසා ගෙදර ටීවී එක මිසිං .. ඒක නිසා නිවුසක් වත් ඇහෙන්නේ නෑ දැං .. මේ වට්ටි පෙට්ටි සීන් එකත් මම මුලින්ම දන්නේ මෙහේ ආවාට පසු
ReplyDeleteවැඩේ වන වෙලා වගේ. උද්ගෝෂණ නැගල යනවා. තව දවසකින් විතර ලොක්ක මැදි වෙලා ගොවියෝ එක්ක සාකච්චාවක් තියල ප්‍රශ්නය විනාඩි පහෙන් විසදයි. එට පස්සේ ගොවියොත් ලොක්කගේ ඔඩොක්කුවේ. හිල් හදවල ඊට පස්සේ එව්වා වහල ක්‍රෙඩිට් එක ගන්න එතුමා හරි හපනා. රටේ මෝඩ බහුතරයක් ඉන්නකම් ලොක්කට පල්ලම.
ReplyDeleteපොඩි පොලිටිකලටි කොමෙන්ටුවක් දන්නා හිතුන වැඩිය අදාල නැති උනත්. උතුරෙන් පෙට්ටි එන එක නැවැත්වීමේ ගවුරවය යන්න ඕනේ තව කෙනෙක් ඉන්නවා. තුවක්කු ලේකම් තුමා. ඕනේ නැති විදිහට රාජ්‍ය ආයතන වලට අත දාල ගොඩක් එවුව පච කරලා (හොද කරපුවත් තියෙනවා) දැන් ටිකක් නොන්ඩි වෙලා හිටියට එතුමාව අමතක කොරන්න හොද නැහැ.
ReplyDelete@ ඉඳුනිල්
ReplyDeleteමසුරං කියුං.....
@ සඳරූ
ReplyDeleteරූපවතී බලන්න ඕන නෑ.. ජාලේ බැලුවාම ඇති.. හැබැයි මට පේන්නේ උඹ ඒවා බලන්න්නෙත් නෑ වගේ..
@ ඇනෝලා දෙන්නට
ReplyDelete1. ලොක්කා රට කපටියා. ඒත් මෙතන වෙන ගේමකුත් යන ගතියක් පේනවා..
2. සහතික ඇත්ත..
මාතලන්ගේ අදහස "පෙට්ටිවල බර ගොවියාට නොදී අතරමැදියාට දැරීමට කටයුතු සැලසීමයි".
ReplyDeleteප්‍රශ්නයේ මුලට ආපසු ගියහොත් මෙම තීරණය ක්‍රියාත්මක කරන ලද්දේ පාරිභෝගිකයාට අඩුමිලට එලවළු ලබා දීමටය. අතරමැදියා සිරකිරීමෙන් ඒ අරමුණට ලගාවියහැකිද? එහි අවසාන ප්‍රථිඵලය මිල වැඩිවීම නොවේද?
මගේ ප්‍රශ්නය නම් ගොවියාටත් වෙලෙන්දාටත් පාරිභෝගිකයාටත් අනවශ්‍ය-අකමැති ක්‍රමවේදයක් ඔවුන් පිට බලෙන් පටවන්නේ ඇයිද යන්නය.
@ රාජ්
ReplyDeleteමෙහෙම දෙයක් තියෙනවා රාජ්. අවංකව බැලුවොත් මේක හොඳ අදහසක් නේ. ලංකාවේ අතරමැදියා කියන්නේ කිසිම දෙයක් නොකර හොඳට හම්බ කරන කට්ටියක්. දැන් ජොනී කියන විදියටත් මේකෙදි ගොවියට ගේම දෙන අදහසක් මිනිහගේ නෑ. යටි අරමුණ මොකක්ද කියන එක කියන්න මම දන්නේ නෑ. අනික මේක ප්ලාස්ටික්ම වෙන්නේ ඕනෙත් නෑ. ඊට වඩා ලාබයි කාඩ්බෝඩ් පෙට්ටි. පරිසරයටත් හොඳයි. පාරේ කුණු දාන එක හොඳ වැඩක් නෙමෙයිනේ. නමුත් දැම්මනේ. නැවත්තුවේ තද නීතී දාලනේ. ඒ නිසා මේකත් ක්‍රියාත්මක කරන්න ඕන. නමුත් ජොනී කියනවා වගේ නාස්තිය අඩු නිසා අඩුවට දෙන්නත් එයා වග බලා ගන්න ඕන.
මේකට උඹට ආයෙත් මොකුත් නොකිය ඉන්න බෑ මටනං. අතරමැදියෝ නැතුව කුමන හෝ ව්‍යාපාරයක පාවැත්මක් ඇත්ද? අතරමැදි වෙලෙන්දන් නැත්තං හම්බන්තොට ගොවියන්ගේ එලවළු කොළඹට ගෙනයන්නේ කවුද? ඒක එලව්‍ළු වලට විතරක් නෙවෙයි. ඕනෑම නිෂ්පාදනයක අතරමැදියො ඉන්නව. උනුත් මේ රටේ මිණිස්සු. උංගෙ බඩට ගහල වැඩක් තියනවද? අනෙක ඒ මිණිස්සුත් බදුගෙවල සල්ලි යටකරල තමයි ව්‍යාපාර කරන්නෙ. හොදට හම්බකරන අය වගේම එදාවේල ගැටගහගන්න මිණිස්සුත් මම පෞද්ගලිකව දන්නව.
ReplyDelete@ රාජ්
ReplyDeleteඇත්ත 100% එකඟයි.. උනුත් අමාරුවෙන් ජීවත් වෙන්නේ. නමුත් ගොවියන්ට වඩා උන්ගේ ජීවන මට්ටම උසස්. ඒ වගේම උන් ගොවියට වඩා සමාජය දන්නවා.
@කැන්ඩියන්:
ReplyDeleteඔය සම්බන්දයෙං IPHT එකේ කිසිම රිසර්ච් එකක් කෙරුනෙ නෑ මම දන්න විදියට.
කනින් කොනින් ඇහුනට පෙට්ටි කේස් එක ගැන හරියට නොදනිමි.
ReplyDelete