අපේ සවුක්ක ඇමති තුමා විශ්‍රාම ගියාම විරිඳු කියලා කීයක් හරි හොයාගන්නලු ඉන්නේ.. ඒ කියන්නේ තාම හම්බ කරලා මදි ඇති. හරි පවු.. මාර දුකයි. කොහොමත් ලොක්කා විශ්‍රාම යවන්න ඉස්සෙල්ලා විශ්‍රාම ගියා නම් බම්බුව කෙසේ වෙතත් නම්බුව වත් බේර ගන්න ඇහැක් වෙයි.
එතුමා විශ්‍රාම ගියාම කියන්න පුළුවන් විරිඳු ටිකක් මාත් ලිව්වා..
පළමුව වැඳ ගෙන අවසර, සම්මා සම්බුදු රදුන්ට..
දෙවනුව මං වැන්දා ඕ...න්, දෙකට නැමිලා සද්ධර්මෙට..
අපේ එවුන් එකතු වෙලා.., ඇට මිරිකපු සඝ සරණෙට..
වැද අවසර අරගෙන මම, ගයමි විරිඳු බයිලාවට
ගයමි විරිඳු බයිලාවට //
අපේ අම්මට සැකට්‍රි වැඩ, කෙරුවයි තුන් තිස් පැයකට..
එපින් බලෙන් ඉහලට ආවෙමි අල්ලා, සැටලයිටෙට..
මනාපයෙන් මං එව්වයි, දියවන්නා වෙල මැද්දට..
කියනවා මම විරිඳු සුරල්, පනින්නෙපා තොපි මැද්දට.
පනින්නෙපා තොපි මැද්දට//
පුලතිසිපුරයෙන් ඇවිදින්, මනාපයෙන් මැති සබේට.
කරාපු මගුලක් නම් නෑ, බැරි විය අගමැති වෙන්නට.
දිඹුලාගල කුඩු කරාපු, කරුණට අත දාන් කරට.
විරිඳු නෙමෙයි ගැහුවා බයිලා.., එහේ උන්න තෙක් කාලෙට.
එහේ උන්න තෙක් කාලෙට..//
මහවැලියේ ඇමති වෙලා, මම කරාපු දෙයක් නැතේ.
මලයා නම් වැලි ඇද්දා, අහු උන තැන හතර අතේ.
මොරගහකන්දට මක්කා..., උනාද බන් මතක නැතේ.
වලියක් දාගෙන මගේ නම, කෑවා රත්තරන් පුතේ.
කෑවා රත්තරන් පුතේ //
කවුරුද හිතුවේ ලොක්කා, දිනයි කියා මහ ඡන්දෙන්.
එහෙව් බවක් දන්නව නම්, අදිනවාද කකුල් දෙකෙන්.
බැහැලා වැඩ කරනවානේ, මහින්දලට ෆුල් බොක්කෙන්.
සැටලයිට්ලා නිසානේ මට, කෙල උනේ ඉන් පසු කොක්කෙන්.
කෙල උනේ ඉන් පසු කොක්කෙන් //
ඩෙංගුවෝ එලවන්න බැලුවා, බෙර ගහලා මහ දවල්ට.
බයිලා එක්ක විරිඳු කිව්වා, අළුතෙන් එන දොස්තරලට.
කෙලෙවන්නට හැදුවත් බං.., සවුක්කියේ මාෆියාට.
මාෆියා ඉතරක්ම නෙමෙයි, ඩෙංගුත් විද්දානේ පුකට.
ඩෙංගුත් විද්දානේ පුකට..//
පක්ෂේ මහ ලේඛම් කම්, නමට තිබිනි මහ ලොකුවට.
අර ලිය ගහ මන්දිරයෙන්, ලිස්ට් එක එවනවා හවසට.
ඉතින් කෙහ්ද තෝරන්නේ.., උගතුන් වියතුන් සටනට.
සෙක්සි කෑලි දැම්මා බං.., ලේඛම් කම් බේර ගන්ට.
ලේඛම් කම් බේර ගන්ට..//
තර්ජන ගර්ජන ආවත්, මට කෙතරම් මහ ගෙදරින්.
ඇරියේ නෑ මම ගේමත්, කොහොමෙයි බැහැලා ගෙදරින්.
පරම්පරාවම ගොඩ ගියේ, දියවන්නා දෙයි පිහිටෙන්.
පැන්සොන් එක මදි හින්දයි, විරිඳු කියන්නේ සතුටින්.
විරිඳු කියන්නේ සතුටින්..//
ඉස්පිටිතාලෙන් බැලුවට, බේත් ගන්නේ ෆාමසියෙන්.
රිපෝට් බිපෝට් ඔක්කොම අරගෙන, හනික වරෙල්ලා එලියෙන්.
ඒ ආවම ඔක්කෝම උන්, වර්ජන කරලා සොමියෙන්.
"බම්බු ගහන්නද" මම බන්, මේ නොදන්න කෙන් ගෙඩියෙන්.
මේ නොදන්න කෙන් ගෙඩියෙන්..//
ලේඛම් කම් මං කොරාපු, බල්ලෙකුටත් වැඩක් නැතේ.
කොමිසන් පත් කොරලා නඩු, ඇහුවා නම් මතක ඇතේ.
මර්වියාට ගේම දෙන්න, හැදුවා නම් තමයි පුතේ.
මර්වියා කැළණියේ රඟතේ, මම නම් දැන් ඇත කමතේ.
මම නම් දැන් ඇත කමතේ..//
-x-
ඉස්සරහට වෙන දේවල් බලලා, සමහර විට, තව විරිඳු සුරල් දෙක තුනක් ලියා ගන්න බැරිවෙන එකක් නෑ.. ඔහේලත් පුළුවන්නම්, විරිඳුවක් දෙකක් ලියලා දෙන්න.. පව්නේ.. මේ රටෙන් ඩෙංගු තුරන් කරලා... ඉසිපිරිතාලෙන් ඔක්කෝම බෙහෙත් ටික දුන්න එකම මදෑ.... එහෙම උදව්වක් කොරන්න..
අනේ මේක තාලෙට රබානකුත් ගගහා කියලා රෙකෝඩ් කරලා හඬ පටිය දාන්න බැරිද. මම දැන් මේසෙට ගගහා මේක කියෝනකොට අපේ උන්දැ ඇවිත් අහනවා පිස්සුද කියලා. මම කිව්වා පිස්සු නැත්තේ කාටද කියලා.
ReplyDeleteඇමතිතුමාම කිව්වා නම් තමා වටින්නේ...
Deleteවිචාරක නම් නියම පොරක්නේ.....මාතාගේ විරුදුවලට හපන් ඒ කතාව.
Deleteමාතලන් ,කොහොමද බන් ඩොලර් මිලියන 20 වියදම් කරලා නුවරඑළියේ අරලිය හෝටලය ගත්තේ .වැලි ඇදල ම වෙන්න බෑ .
ReplyDeleteඒ අයියා බං.... එයා හාල් මෝල් කාරයා.. සම හරක් නම් කියන්නේ.. හාල් මාෆියාවේ එකෙක් කියලා...
Deleteපට්ටම තමයි ඈ....
ReplyDeleteකව්ද.....? ඇමති තුමාද....?
Deleteමාළු මාළු බලන්න ගොස් මඩකලපුවේ තානායමේ
ReplyDeleteමගේ කොල්ලා එක්ක කවුද කෙල ගත්තේ ඒ කාලේ
බලේ දමා දුන්නයි මම දුවන්න ඒ.ඇස්.පී.ගේ කොලුවට
දැන් නම් බෑ ඒ වැඩ මට ලොක්කට පින් සිද්ද වෙන්ට
ලොක්කට පින් සිද්ද වෙන්ට //
නිසඳැස් නෙමෙයි බන් ලියන්න කිව්වේ එලිසමය තියෙන විරිඳු ටිකක්..
Deleteකොහොම හරි නියම උත්සාහය... සහ නියම කතාව..
ඇමති තුමා ප්‍රසිද්දියේ කියාගන්න බැරුව හිත ඇතුලේ තෙරපාගෙන ඉන්න කවිය කොහොමහරි මාතලන් ට මීටර් වෙලා තියෙනවා. ඔය වගේ කී දෙනෙක් නම් කියනවා ඇද්ද?
ReplyDeleteවචන ටික නම් මල් හතයි...
සම හරක්ට ඒ දේවල් තෙරුම් ගන්න අමාරුයි.. (සැඟවුන කතන්දර.)
Deleteඉඳා මහත්තයෝ මගෙනුත් සුපියල් දෙකක්
ReplyDeleteනමක් නැති එකෙක් ඇවිදින් දුන්නයි සුපියල්ම දෙකක්
Deleteඑපින් බලෙන් දෙවියෝ රැක දේවා ඌ ඕන පුකක්
උඹ කැමති සුදුපාට ඩොල්ෆින් එකක ද නැත්තං පොඩි ලයිට් ඒස් වගේ එකක යන්නද ???
ReplyDeleteඔය ආල් කෑලි වලට මොකුත් කිව්වට වෑන් වල යන්න වෙන්නෙ නැහැ පත්තරේ...
Deleteඅර කට්ටිය ගැන කිව්වොත්/ලිව්වොත් තමා යන්න වෙන්නෙ.
මාතලනුත් ලොක්ක ගැන ගුණ වයන්නෙ ඒකනේ..
ඒකනම් ඇත්ත කෙන්ජි@Japan , සොරි කෙන්ජි@Malasiya. මාතලන්ගෙ මේ පෝස්ටුව සමහරවිට දිනමිනෙත් වැටෙයි.
Deleteමාතලන් උඹට තේරෙනවනෙ මේ හැම හෙනේකටම හේතුව මහ එකාගෙ චින්තනය කියල. පුලුවන්නම් රජ පවුල ගැන ලියපන් එක විරිදුවක්.
අකමැතිනම් මේ කොමෙන්ටුව දමන්නත් එපා.
කෙන්ජි මාමෙ
Deleteඑහෙනං මෙහෙම නෙමෙයි කුනුහබ්බෙන් බනිමු !!
ඕකගෙ $%*"@$-~^`?;:"!@- !!!!
වෑන් වලට වඩා මම ආස බෙන්ස්, බී ඇම්, ප්‍රාඩෝ වගේ ඒවල ගාඩ් එකත් දාගෙන යන්න..
Deleteදැන් එන උන් නිසා බයිලා ගහපු ඇමතිලාට විරිදු කිවුවත් මදි වෙයි ..
ReplyDeleteකොම වුනත් විරිදුව එල
උන්ගෙයි මුන්ගෙයි කිසි වෙනසක් මට නම් පේන්නේ නෑ..
Deleteපාන්දර තාලෙටම කියල බැලුවා..
ReplyDeleteඅපූරුයි..!!
ඊයේ රෑ නිදි මැරුවේ නැත්ද පාන්දරින්ම නැගිට්ටේ? නෝනට පැණි අනනලාද?
Deleteපානදරම ලේ පිරිසිඳු වෙන එක කෝකටත් හොඳා.. පාරෙත් මල අතේ අරන් යන එකානේ..
Delete//ඩෙංගුත් විද්දානෙ පුකට//
ReplyDeleteපට්ට පට පට ආ මාතලන් අයියෙ. උන්දැට ඒ පල දුන්නෙ බෝ පැලයක් වගේ ඉදන් ඩෙංගු තුරන් කරන්න ගිය මැරවින් ආතාට කෙළින්න ගිය පව
මර්වියා මෙයාට වැඩිය වැඩක් කරනවා ඇත්තටම..
Deleteඒක නම් මාත් පිලිගන්නවා මාතලන් අයියෙ.
Deleteපට්ට! කියන්න දෙයක් නෑ මචෝ.
ReplyDeleteනමුත් ඔය මෛත්‍රියට නං කියන්න ඇහැක් විරිදුවක් නෑ. මම දැක්ක මේ ලඟදිත් විරිදු කියන්න ගිහිං අනාගන්නව. මූ විරිදු කියන්න ආවොත් හිඟන්නො ගහල එලවයි.
මම නම් හිතන්නේ පොලිටික්ස් වලට කෙසේ වෙතත්, විරිඳු වලට ගැලපෙන නියම තෙල් බේත් කට හඬක් නම් තියෙනවා නියමෙටම.
Deleteඅරලිය?
ReplyDeleteසුදු අරලිය..
Deleteපැන්ෂෝන් යනකම් නොයිද දැන්මම ඔය රාජකාරියට ගියානම් මක් වෙනවාද...?
ReplyDeleteපැන්ෂන් නොගියත් ගියා වගේ තමයි..
Deleteමයිත්තිරි අය්ය මේක දැක්කොත් මාතලං අය්යව ගන්නව පෙධාන විරිදු උපදේශක විදියට බුදු සුවර් ඈ...
ReplyDeleteඅපිට විරිදු බෑනෙ ආයිබං ඉල්ලීම කාරුණිකව පෙතිස්සේප කොරනව ඈ
හපොයි මුන් ගාව රස්සාවට යනවට වඩා හොඳා.. මමම විරිඳු කියලා කීයක් හරි හොයා ගන්න එක..
Deleteදැනුයි මේක දැක්කේ.. තාම පරණ පෝස්ට් එක ගැන හිත හිත හිටියේ.... බෙර පද ටිකකුත් අතර මැදින් වචනයෙන් ලියන්න තිබ්බේ....
ReplyDeleteකරේ තියන් ආපු කෑල්ල ගඟ ලගින් තියලා මම බොහෝ දුරක් ගියා මචෝ..
Deleteඇමතිතුමා දැක්කොත් හෙම අනිවා විරිදු කියනව මාතලන් ලොක්කො..බම්බුව කෙසේ වෙතත් දැන් මුන්ගෙ නම්බුවනම් නැති වෙලා ඉවරයි..
ReplyDeleteදේශපාලුවන්ට කොහෙද බන් නම්බුවක්.. බම්බුවම තමයි..
Deleteමයිත්තිරිය මං කොරන්නේ සකල ලෝක සත්වයාට
ReplyDeleteඒත් ඉතිං ලොක්කා කිව්වොත් කරනව තවත් අයට
සමුර්දියේ නියාමකයා තියලා ගහට දාලාගැට
එකනේ මං හුරේ දැම්මේ දුටුගැමුණුගෙ රඟපෑමට
ඩෙන්ග ඩෙන්ග පරි රඹට කැකිරි
අම්මප මට නෑනේ කෙරුවේ ඉන්වයිටින් පාටි එකට
මලපනිනව කරපු දේට හෙන ගහනව සාරුවාට
හෙන ගහන්නේ නෑ යකුනේ හාරසීය කඩපු එකට
එහෙම වෙන්නේ මේච්චර කල මට පාටිය නොකීවාට
ඩෙන්ග ඩෙන්ග පරි රඹට කැකිරි
චන්ද්‍ර පුෂ්ප මල්ලි බබෝ මම නෑ උඹේ ආරෝවට
උඹට ගෙදර යන්න වෙන්නේ ජිනීවා අවසාන රෑට
ජනතාවගේ අයි කිව් එක මං මනින්නේ චන්දෙ දාට
නොමිනේෂන් මම දුන්නට චන්දෙ දුන්නේ ඇයි නිලියට
ඩෙන්ග ඩෙන්ග පරි රඹට කැකිරි
ලේකම් කම උන් කරනව මම කණ අත්සන ගහනව
ඔක්කොම මට හිනාවෙනව මම සිගරට් පෙට්ටි කනව
අගමැති කම ගන්න කියලා මාත් සූට් මහන් යනවා
බැරිම වුනොත් සරම කඩලා මූණ වහන් ගෙදර යනව
උඹත් එක්ක බෑ බං.. එකක් ලියලා දෙන්නෙයි කිව්වම, සැට් එකක්ම ලියලා තියෙන්නේ. මගේ ජොබ් එකට කෙලින්නෙයි..
Deleteමගේ ඒවා මක්කද බං... මල් මසුරන් විරිඳු ටික..
මාතෙගෙ සුපිරි විරිදුවලට දෙවෙනි නැ ඉවන්ගෙ ටික.
Deleteපට්ටෙන් පට්ටයි ඈ මේ ටිකත්.
Deleteනරකද මාතලන් අයියත් බොග ලිවිල්ල පැත්තකින් තියල විරිදුවක් කියාගෙන හිටියනම් එහෙම :D
ReplyDeleteහොඳ යෝජනාවක්..
Deleteඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි....ලොක්කා දෙන්නේ මට ටින්කිරි
ReplyDeleteඅනේ මචෝ මගේ පින්සිරි.... බේරගනින් සේනව සිරි
බේරගනින් සේනව සිරි//
මහත උකුල් ලංසි කකුල්..රෝස දෙතොල් රතු කම්මුල්.....
ඡන්දෙන් හෙම පැරදුනොතින්... කන්නවෙන්නේ නාකි කකුල්
කන්නවෙන්නේ නාකි කකුල්//